Tuesday, June 28, 2016

දියවැඩියා රෝගයට ප්‍රතිකාරය බයිසිකල් පැදීමය. 2. කොටස


2010 වසරේදී පළමු වරට සායනයට සභාගිවූ  සිරිදාසට පසක් වුයේ  මදුමේහය රෝගය ඉතාමත් සීග්‍රයෙන් වැඩිහිටි ජනතාව අතර විශේෂයෙන් කාන්තාවන් අතර පැතිරෙන  බවය. ආරම්භක දිනයේදීම සායනයේදී හෙදිය කියා දුන්නේ  රෝගය නිට්ටාවටම සනීප කිරීමට තවමත් බෙහෙතක් සොයා ගෙන නැති බවත්, දැනට කල හැකි වන්නේ රෝගය පාලනය කිරීම බවත්, ඒ වෙනුවෙන් ඖෂධ වලට කල හැකි වන්නේ 30% කටයුත්තක් බවත්, දුම් පානයෙන් තොරවීම සහ මත්පැන් භාවිතයෙන් වැලකීම වැනි හොඳ  චර්යා තුලින් 20% රෝගය පාලනය කිරීම කල හැකි බවත්, ඉතිරි 50% ශාරීරික අභ්‍යාස තුලින් කල බවත්ය. එහෙත් සිරිදාස මෙන්ම අනෙකුත් රෝගීන්ද හෙදියගේ කතාව වචනයට පමණක් සිමා කළහ. සියලු රෝගීන් සිතුවේ බෙහෙත් වලින් රෝගය 100%කම සුව කල හැකි බවය. තමන් දුමින්  සහ මත්වතුර පානයෙන් වැලකී  ඇති නිසාත් ගෙදර වත්තේ සුද්ධ පවිත්‍ර කිරීමෙන් ශාරීරික අභ්‍යාස ලබන නිසාද අමුතුවෙන් විසඳීමට ගැටලුවක් නැතැයි සිරිදාස හිතුවා.

එබැවින් ඔහු  නොකඩවාම  බෙහෙත් පාවිච්චි  කළා. හැම දිනකම පාහේ සායනයටද ගියා. සෑම මසකදීම එක් දිනක් රාත්‍රියේ  පැය 10ක් නිරාහාරව සිට ලේ පරික්ෂාවට පෙවී සිට රසායනාගාරයට ගොස් මුදල් ගෙවා ලේවල සීනි බලා ගත්තා. සවසට නැවත රසායනාගාරයට ගොස් උත්තරය ඇතුලත් කොලය ගත්තා. මේ අල්ලපනල්ලේ සිරිදාසට පෙනුන කාරණයක් නම් මදුමේහය රෝගයට අදාල සායන පරීක්ෂණ රෝගියාට වියදමක් උනත් අන් බොහෝ දෙනෙකුට එය ආදායම් මාර්ගයක් වී ඇති බවය.

රුධිරගත සීනි ප්‍රමාණය පරික්ෂාව තමන්ටම කරගත නොහැකි මන්ද යන ගැටලුව සිරිදාසට ඇති උනේ මේ රසායනාගාර රුධිර පරික්ෂාව නිසා එදින උදේ වරුවම නිරාහාරව සිටින්නට සිදුවූ නිසයි. පරිගණකය ගැන මෙලෝ හසරක් නොදන්නා තමන්ට පරිගනකයක් හසුරුවීමට පුළුවන් නම් ඇඟිල්ලෙන් ලේ බිඳක් ගෙන මැන  බැලිය නොහැක්කේ මන්ද කියා සිරිදාසට හිතුනා.ඒ අනුව ඔහු 2013 වසරේදී ගෙදරදීම සීනි බලන උපකරණයක් මිලදී ගත්තා .මේකෙ මෙමරි තියෙනවාට අමතරව පරිගණකයට තොරතුරු ඇතුලත් කරන්න ගැජට් එකකුත් තියෙනවා. මේ තියෙන්නෙ 2013 සිට අද දක්වාම එසේ පරිගණකයට ඇතුල්වූ විස්තරයි .

ප්‍රස්තාරයෙන් පෙනෙනවානේ සිරිදාසගේ රුධිරගත සීනි මට්ටම හොඳ තත්වයක තියෙනවා කියලා. 

ඒ වුනත්  ගැටලුව උනේ බෙහෙත් වලින් අතුරැ ආබාධ ඇතිවෙන එක. අලුතින්ම ඇතිවුණු මල බද්ධය නිසා සිරිදාස දුක් වින්දා. බෙහෙත් නිසා ඇඟෙන්  හමන දාඩියේ  ඇමතුම ගඳක් තිබුනා.ඇඟිලි හිරි වැටීම ආදී ආබාධත් ඇතිවුනා. ඔක්කොටම වඩා අත්වුණු ගැටලුව තමයි දියවැඩියාව පාලනය කිරීමට දෙන metfomin පෙත්තෙන් ඇතිවෙන අතුරු ආබාධ ගැන සමාජය පුරා ඇති අහිතකර මතිමතාන්තර.
මේ  නිසා සාමාන්‍ය අයෙකු කරන්නාක් මෙන් සිරිදාස මඩුමේහය රෝගය ගැන විවිධ මුලාශ්‍ර තුලින් ඉගෙන ගන්නට පටන් ගත්තා. පුද්ගලයෙකු ගන්නා ආහාර තුලින් ශක්තිය ඉපදෙන බවත්, ශාරීරික ක්‍රියාකාරිත්වය තුලින් ශක්තිය වැය වන බවත්,වැය නොවූ ශක්තියක් ඇත්නම් එය  සීනි ලෙස ශරීරය තුල තැන්පත් වන බවත් ඔහු ඉගෙන ගත්තා. තවද, පුද්ගලයෙකුගේ ශරිරියේ පැවැත්මට සීනි අවශ්‍ය බවත්, එහි මට්ටම එ්කක 80 සිට 108 දක්වා තීබීම යහපත් බවත්,ඉන් ඉහල හෝ පහලට රුධිර ගත සීනි මට්ටම පැවතීම පාලනය නොවූ දියවැඩියාව  බවත් ඔහු දැන ගත්තා. ඖෂධ වලින් නොව ආහාරයෙන් සහ ඔළුවට දාඩිය නැගෙනතුරු කලයුතු  ශාරීරික අභ්‍යාස වලින් එක වර්ගයක දියවැඩියාව පාලනය කල හැකි යයි කියවූ ඔහු කම්මැලිකම නිසා තමන් මෙතෙක්ය කලක් කල යලට මහට කරන වත්ත සුද්ධ කිරීම වෙනුවට දිනපතා අලුයම බයිසිකල් පැදීම තෝරා ගත්තා. අලුයම බයිසිකල් පැදීම හොඳ වන්නේ වාහන ධාවනය අඩු නිසා වාතය පිරිසිදුවිමට  අමතරව වාහන වල විදුලිපහන් ආලෝකය නිසා පිටි පස්සෙන් එන වාහන කල් ඇතිවම හඳුනා ගන්නට හැකි නිසාය. . 
  
සිරිදාස 2016 ජනවාරි 22 දින ගත්තේ මේ  වගේ බයිසිකලයක්. 

එදා ඉඳලා සිරිදාස සෑම දිනකම පාහේ පයක පමණ කාලයක් තුලදී  කිලෝමීටර 12ක් දුරට බයිසිකල් පදිනවා. මෙ අභ්‍යාසයෙන් පසු  මුලින්ම metfomin පෙත්ත ගැනීම නැවැත්වුවා. මාර්තු මාසයේ පටන් අනෙක් පෙතිත් ගැනීම නැවැත්වුවා. එහෙත් රුධිරගත සීනි බැලීම සහ රැධිර පීඩනය මැන බැලීම නැවැත්වුයේ නැහැ. ඒ වගේම සෑම මසකදීම සායනයට යන ඒකත් නැවැත්වුයේ නැහැ.  ප්‍රතිඵලය මෙන්න මෙහෙමයි . ඖෂධ නොමටිවම රුධිරගත සීනි මට්ටම පාලනය වෙලා .










 මේ  ප්‍රතිකර්මය අත්දුටුවයි. සහතිකයි.


2 comments:

ගිමන් නිවන්නා said...

අගනා ලිපියක්! ජීවන රටාව වෙනස් කිරීම ( අහාර හා ක්‍රියාකාරකම්) මගින් වඩාත් සාර්ථකවව බෝනොවන රෝග පාලනයට හැකි බවට වටිනා උදාහරණයක්. නමුත් මෙලෙස පාලනය කිරීමට හැකිවන්නේ එක්තරා පිරිසකට පමණයි. නමුත් සෑම දෙනටම අවම ඖෂධ භාවිතයකින් රෝග පලනය කරන්න මෙය උදව් වෙනවා.
අනෙක් කරුණ බොහෝ දෙනා රෝගය පාලනය සඳහා කැපවෙන්න ගොඩක් කම්මැලියි. අඩුම ගානෙ තම ලෙඩේ ගැන අවබෝධයක් ලබා ගන්නවත්. ඒ අතින් මේ ක්‍රියාපිළිවෙළ හැමෝටම ආදර්ශයක්.

samarasekara sithuvili said...

ඔබගේ දිරි ගැන්වීම ගැන ස්තුතියි. මාද ඇතුළු බොහෝ දියවැඩියා රෝගීන් වෛද්‍ය උපදෙස් නිසි පරිදි අහන්නේ නැති අති පණ්ඩිතයෝ කියලයි මට නම් හිතෙන්නෙ. අඛණ්ඩවම සායනයට යන මා දකින්නේ අඩුවැඩි වශයෙන් රෝගයෙන් ක්‍රමයෙන් සුව වෙන රෝගීන් නොව රෝගය බරපතල වෙමින් කෙමින් කෙමෙන් මරණය කරා ලංවෙන අයය.අතිපඬිතයෙකු මට 2010 වසරේදී සායනයට ගිය මුල් දිනයේදීම අහාර රටාව වෙනස් කිරීම සහ ශාරීරික අභ්‍යාස ගැන කියා දුන්නත් ම්ම ශාරීරික අභ්‍යාස කෙරෙහි යොමු වුයේ 2016 ජනාවාරි මස දිය.