Sunday, January 12, 2020

උදුවප් පෝදා මෙවරත් සිරීපාදේ කරුනා කලෙමි.



උදුවප් පෝ දින මෙවරත් සිරීපාදේ කරුනා කලෙමි.

මා පලමුවෙන්ම උදුවප් පෝ දින සිරීපාදේ වදින්නට ගියේ 2004 වසරේදීය. එම මතකය තවමත් මගේ සිතේ  ඇත. එදා මා එම වන්දනාවට පෙලඹවූ මිතුරු නවරත්න අද ජීවතුන් අතර නැතත් ඔහු සමග ගිය එම පලමු උදුවප් පෝ දින වන්දනාව තවමත් මගේ සිතේ රැදී ඇත. එම වන්දනාවේදී ඇතිවූ මිහිරි මතකයන් නිසා ඉන් පසු සිරිතක් හැටියට සෑම වසරකම වාගේ උදුවප් පෝ දින සිරීපාදේ කරුනා කලෙමු.එහෙත් සමහර වසර වල අපට සැලසුම් කල හැටියට මෙම වන්දනා ගමන යන්නට බැරිවිය. සමහර වසර වලදී සියල්ල සැලසුම් කලද අවසානයෙදී ඇතිවූ හේතූන් මත ගමන අවලංගු කිරීමට සිදු විය. එබැවින් 2004 සිට 2018 දක්වා 14 වතාවක් උදුවප් පෝ දින සිරීපාදේ කරුනා කලායයි මට කිව නොහැක.