Monday, October 17, 2016

බෙන්ගමුවේ නාලක හිමියන්ට සවන් දෙමු



බෙන්ගමුවේ  නාලක හිමියන්  විසින්  අද දින දිවයින පත්‍රයේ සිංහලයන්ගේ මෙන්ම  අනෙකුත්  ජාතීන්ගේ අවධානයට ලක්වීම  පිණිස පල කල මෙම ලිපිය එකි පරමාර්ථයෙන්ම මෙම blog අඩවියේද  පල කරමි. ලිපිය පල කිරීම  ගැන බෙන්ගමුවේ  නාලක  හිමියන්  මෙන්ම දිවයින කතුතුමා උරණ  නොවනු  ඇතැයි  සිතමි .





සිංහලයිනි සමගි වව්

ජාතික සමගියට පදනම දමව්

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

මුලදී සියයට සියයක්‌ම සිංහලයන්ගේ රට ලෙස පැවති, පසුව විජාතික හා විදේශික ආක්‍රමණ හා බලපෑම් නිසා සිංහලයන්ට පමණක්‌ නොව, දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ආදී ජන වර්ගයන්ට ද අයත් රටක්‌ ලෙස හැඳින්වීමට උගතුන් හා දේශපාලකයින් ක්‍රියා කර ඇත. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් සිංහල රට -ශ්‍රී ලංකාව ලෙස නම් කෙරිණි. ඉංගී්‍රසින්, රටේ නම CEYLON යෑයි හැඳින්වූයේ සිංහල (inhalam>Seelan>Ceylan> Ceylon) යන අර්ථයෙනි. එහෙත් සුද්දන් ද නොකළ දෙයක්‌ කරමින් සිංහල දේශපාලකයින් සිංහල රට ශ්‍රී ලංකා යෑයි නම් කර ඇත. රට වැසි සියලු දෙනාගේම රට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වීමට සිංහලයාගේ විරෝධයක්‌ නැත. ශ්‍රී ලංකාව තුළ දෙමළ හෝ මුස්‌ලිම් සුළු ජන කොටසකට වෙනම පාලන බලයක්‌ ඇති කර ගැනීමට ඉඩ දිය නොහැක.



සිංහලයාගේ සමගිය ජාතික සමගියේ පදනමයි, යනුවෙන් වදාළේ අති පූජිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණන් වහන්සේය. සිංහලයින් සමගි කිරීමට උන්වහන්සේ ප්‍රබල උත්සාහයක්‌ ගත්හ. එහෙත් පක්‌ෂ දේශපාලනය නිසා බෙදී අසමගි වී සිටින සිංහලයන් ඒ මඩ ගොහොරුවෙන් මුදා ගැනීම අතිශයින්ම අසීරු කාර්යයක්‌ විය. ඉතිහාසය පුරා විදේශ ආක්‍රමණ 16 කට මුහුණ දී රටත්, ජාතියත් පර සතුරන්ගේ රැක ගත්තේ සිංහලයන් සමගි සම්පන්නව කටයුතු කිරීම නිසයි. සටන් කර රටවල් අල්ලා ගත් ඉංගී්‍රසි අධිරාජ්‍යවාදීන්ට සටනින් අල්ලා ගැනීමට නොහැකි වූයේ සිංහලයාගේ රටයි. ඒ සිංහලයන්ගේ සමගිය නිසයි. සිංහලයන්ගේ සමගිය බිඳීමට ඔවුහු විවිධ උපක්‍රම යෙදූහ. එවකට මෙරට සිටි දෙමළ හා මුස්‌ලිම් ජනයා සිංහලයන්ට එරෙහිව සංවිධානය කිරීම හා බලගැන්වීම එක්‌ උපක්‍රමයකි. ඉංගී්‍රසීන් ඒ දේ නොකරන්න, අද වන විට දෙමළ හා මුස්‌ලිම් අන්තවාදයක්‌ බිහි නොවන්නට ඉඩ තිබුණි. අනෙක්‌ උපක්‍රමය නම් ඔවුන් අපට ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුළ ක්‍රියාත්මක වන පක්‌ෂ ක්‍රමයයි. එම පක්‌ෂ ක්‍රමය පදනම් කරගෙන අද වන විට සිංහලයන් විවිධ කොටස්‌ වලට බෙදී වෙන් වී සිටිති.



වසර 2,500 ක්‌ පුරා තම උරුමය රැකගත් සිංහලයන් පක්‌ෂ වලට බෙදී අසමගි වී සිටින විට සුළු ජන කොටස්‌ තම බලය තහවුරු කර ගැනීම අරුමයක්‌ නොවේ. සිංහල දේශපාලන පක්‌ෂ තුළ අසිංහලයින්ට ද ඉඩක්‌ ඇත. තම පක්‌ෂවල ජාති බේදයක්‌ නොමැති බව පෙන්වීම එහි අරමුණයි. මුස්‌ලිම් හා දෙමළ දේශපාලන පක්‌ෂ රාශියක්‌ ඇතත් අවශ්‍ය වූ හැම විටම ඔවුහු සමගිව කටයුතු කරති. එහෙත් සිංහල දේශපාලකයන් එසේ නොවේ. තම ජාතියට වඩා ඉහලින් ඔවුන් සලකන්නේ පක්‌ෂය හා පක්‌ෂයට දේශපාලන බලයක්‌ ලබා ගැනීමයි. ලොව ඉතාම කුඩා ජාතියක්‌ ද වන මෙරටට පමණක්‌ උරුම හිමිකම් ඇති සිංහලයින් මෙසේ අසමගි වී සිටින විට ඔවුන්ගේ රටට විදේශ බලපෑම් ඇති වීමට පවතින ඉඩකඩ බොහෝය. විදේශ සහයෝගය ලබාගෙන රට තුළ වෙනම පාලන බලයක්‌ ඇති කර ගැනීමට දෙමළ හා මුස්‌ලිම් දේශපාලකයෝ ද උත්සාහ කරති.

මුලදී සියයට සියයක්‌ම සිංහලයන්ගේ රට ලෙස පැවති, පසුව විජාතික හා විදේශික ආක්‍රමණ හා බලපෑම් නිසා සිංහලයන්ට පමණක්‌ නොව, දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ආදී ජන වර්ගයන්ට ද අයත් රටක්‌ ලෙස හැඳින්වීමට උගතුන් හා දේශපාලකයින් ක්‍රියා කර ඇත. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් සිංහල රට -ශ්‍රී ලංකාව ලෙස නම් කෙරිණි. ඉංගී්‍රසින්, රටේ නම CEYLON යෑයි හැඳින්වූයේ සිංහල (inhalam>Seelan>Ceylan> Ceylon) යන අර්ථයෙනි. එහෙත් සුද්දන් ද නොකළ දෙයක්‌ කරමින් සිංහල දේශපාලකයින් සිංහල රට ශ්‍රී ලංකා යෑයි නම් කර ඇත. රට වැසි සියලු දෙනාගේම රට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වීමට සිංහලයාගේ විරෝධයක්‌ නැත. ශ්‍රී ලංකාව තුළ දෙමළ හෝ මුස්‌ලිම් සුළු ජන කොටසකට වෙනම පාලන බලයක්‌ ඇති කර ගැනීමට ඉඩ දිය නොහැක.

රට තුළ දෙමළ ඊලමක්‌ බිහිකරගැනීමේ අරමුණින් කාලයක්‌ තිස්‌සේම දෙමළ දේශපාලකයින් ක්‍රියා කර ඇත. ඒ සඳහා ඉලංකෙයි තමිල් අරසුකච්චි දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ, දෙමළ ජාතික සංධානය වැනි දේශපාලන පක්‌ෂ පිහිටුවාගෙන ක්‍රියාත්මක වී ඇති අතර ෙµඩරල් පාලනයක්‌ හෝ ඔවුන්ට අවශ්‍යය බව කියමින් ශ්‍රී ලංකා රජයට මෙන්ම විදේශ රටවලට ඉල්ලීම් හා බලපෑම් කරති. උතුරු හා නැගෙනහිර දෙමළ නිජ භූමිය ලෙස පවසන ඔවුහු එම පළාත් වලින් සිංහල ජනතාව පලවා හැරීමට ද ක්‍රියා කර ඇත. එවකට පැවති යූ. ඇන්. පී රජයේ වරදින් ඇති වූ 1983 ජූලි කලබල වලට පෙර යාපනයේ සිංහලයින් 24,000ක්‌ සිටියහ. ජූලි කලබලය දඩමීමා කරගත් දෙමළ දේශපාලකයෝ උතුරේ සිටි සිංහලයන් පලවා හැරීමට ක්‍රියා කළහ. 1987 ඉන්දුලංකා ගිවිසුමට අනුව මෙරටට ගෙන්වූ ඉන්දියන් හමුදාවේ ආක්‍රමණශීලී ක්‍රියා නිසාත්, එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් නිසාත් නැගෙනහිරින් ද සිංහලයින් බොහෝ දෙනෙක්‌ දකුණට සංක්‍රමණය වූහ. ප්‍රථම වරට පළාත් සභා ඡන්දය පැවති අවස්‌ථාවේදී උතුරු හා නැගෙනහිර දෙපළාත එක්‌ පළාතක්‌ ලෙස ගෙන ඡන්දය පැවැත්වීම ද එම දෙපළාත දෙමළ නිජභූමිය ලෙස නම් කරගැනීමට හේතුවක්‌ විය. එම පළාත් සභාවේ මහ ඇමති ධුරයට පත් වර්ධරාජා පෙරුමාල් එම දෙපළාත ඊලාම් රාජ්‍යයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ජනාධිපති බලතල අනුව පළාත් සභාව අහෝසි නොකළේ නම් මෙලහකටත් දෙමළ ඊළමක්‌ බිහි වන්නට ඉඩ තිබුණි.

දේශපාලන වශයෙන් ක්‍රියා කරමින් රට තුළ වෙනම දෙමළ රාජ්‍යයක්‌ බිහි කරගැනීමේ ප්‍රයත්නය කල් යන බව වටහා ගත් දෙමළ තරුණ කණ්‌ඩායම් සටන් කර එම රාජ්‍යය බිහි කර ගැනීමට අවි අතට ගැනීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් බිහිසුණු එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය බිහි විය. ඔවුන්ට විදේශ රටවල සහයෝගය ද ලැබුණි. වසර 30 කට ආසන්න කාලයක්‌ මුළු රට පුරා ජනතාව තුළ මරණ බය ඇති කරමින් ක්‍රියාත්මක වූ එම ත්‍රස්‌තවාදය පරාජය කළ හැකි වූයේ සිංහලයන් බහුතරයක්‌ සිටින ආරක්‌ෂක හමුදාව සමගි සම්පන්නව ක්‍රියා කිරීමෙනි. රටට ආදරය කරන දෙමළ හා මුස්‌ලිම් රණවිරුවන් ද එහිදී ලබා දුන් සහයෝගය අතිශයින්ම අගය කළ යුතුය. ඒකීය රටක්‌ වශයෙන් ශක්‌තිමත්ව පැවතීමට නම් එම සමගිය සියලු රටවැසියන් තුළ තිබිය යුතුය. ඒ සඳහා සිංහලයන්ගේ සමගිය අත්‍යවශ්‍ය වේ. ඊට ප්‍රධානතම බාධකය වී ඇත්තේ පක්‌ෂ දේශපාලනයයි. ජාතික හෙළ උරුමය වැනි පක්‌ෂ බිහි වී මෙරට උරුමය රැක දීමට පොරොන්දු වූ නමුත් ඔවුහු ද දැන් පක්‌ෂ දේශපාලන මඩගොහොරුවෙහි ගිලී උරුමය පසෙක තබා බලකාමී අරමුණක එල්බගෙන ක්‍රියා කරති.

-දෙමලු නැගිටිවු, (එලංග තමිල්) යෑයි හඬ නගන උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් කියන්නේ අන් කිසිවක්‌ නොව සිංහලයන්ට එරෙහිව නැගී සිටින ලෙසයි. ප්‍රභාකරන් කිව්වේත් එයයි. එම ක්‍රියාදාමය සිංහල බෞද්ධයන් කලබල විය යුතු දෙයක්‌ නොවන බව විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත. ඔහු මේ අර අඳින්නේ කරුණාවෙන් බෙල්ල කැපීමට බව, ඔළුව අතගා ටොකු ඇනීමට බව අප වටහා ගත යුතුය. දෙමළ ජාතිවාදය මතු කර ගැනීමට කුමන්ත්‍රරණකාරීව ක්‍රියාත්මක කළ යම් යම් සිදුවීම් පදනම් කරගෙන ඇති වූ විරෝධතා හැර සිංහලයන් දෙමළ ජනයාට එරෙහිව ක්‍රියාත්මක වී නැත. අදත් දකුණේ සිංහල ජනයා දෙමළ ජනයා සමග සුහදව ජීවත් වෙති. විග්නේෂ්වරන්ට පවා සිංහල නෑ කමක්‌ ද ඇත. උතුරේ සිටිනවාට වඩා වැඩි දෙමළ පිරිසක්‌ දකුණේ සිංහලයන් සමග සිටිති. උතුරේ සිංහලයන් එලවා දැමුවත් දකුණේ සිටින දෙමලුන් එලවා දැමීමට සිංහලයින් ක්‍රියාකර නැත. ඒ සමගම දකුණේ හින්දු කෝවිල් පවත්වාගෙන යාමට සිංහල බෞද්ධයන්ගේ කිසිදු විරෝධයක්‌ නොමැතිවා පමණක්‌ නොව ඒවාට සහයෝගය ද ලබා දෙති. එසේම දකුණේ සිටින දෙමළ ජනයා ද බෞද්ධ සිද්ධස්‌ථාන වලට යමින් එමින් සිංහල බෞද්ධයන් සමග සමගිව කටයුතු කරති. විග්නේෂ්වරන්ලා උත්සාහ දරන්නේ එම සිංහල දෙමළ සමගිය ද කඩා බිඳ දමා රට ද දෙකඩ කොට වෙනම දෙමළ රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීමටයි.

උතුරු පළාත් සභාව උතුරේ සිංහලයන්ට හා බෞද්ධ සිද්ධස්‌ථානවලට කරන හිරිහැර ගැන ඊනියා යහපාලන ආණ්‌ඩුව ද නිර්හව සිටී. රජය පිහිටුවීමට උපකාර කළ දෙමළ බෙදුම්වාදී දේශපාලකයින්ට ඉඩදී බලා සිටීම රජයේ පිළිවෙත වී ඇත. රටට මෙන්ම ලෝකයට ද වැදගත් වන සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය රැක දීමට රජයට උවමනාවක්‌ ඇති බව නොපෙනේ. රජයේ ප්‍රධානතම අභිලාෂය වී ඇත්තේ තම පාලනයට එරෙහිව එතැයි සිතෙන සියලු දෙනාම මර්දනය කර කුමන්ත්‍රණකාරීව ලබා ගත් බලයේ රැඳී සිටීම හා ඊ ළඟට ද බලයට පැමිණීමයි. ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා බෙදුම්වාදීන් සතුටු කිරීමට ද රජය මැලි වන්නේ නැති බව අපි දනිමු. රටට අහිතකරව පවතින බෙදුම්වාදීන්ගේ හා ඊනියා යහපාලන ආණ්‌ඩුවේ වැඩ පිළිවෙලට ඉදිරිපත් කළ හැකි සාර්ථකම විසඳුම වනුයේ පළමුව සිංහලයන් හැමදෙනාම තම උරුමය රැක ගැනීමට පක්‌ෂ කුල ආගම් බේදයෙන් තොරව සමගි සම්පන්න වීමයි. සිංහල සමගිය අනෙකුත් ජනතාව සමග සුහදව ක්‍රියා කිරීමට පදනමක්‌ වෙනවාමයි. එවැනි ක්‍රියාදාමයකින් හැර පවතින භයානක උවදුරුවලින් රටත් ජාතියත් රැක ගැනීමට වෙනත් ක්‍රමයක්‌ නොමැත.

Tuesday, August 30, 2016

ජනාධිපතිට එල්ලවී ඇති චෝදනාව සහ උදය ගම්මන්පිල මහතාගේ විවරණය


උදය ගම්මන්පිල  මහතා ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  සම්බන්ධවී ඇති වංචාව ගැන ඉදිරිපත් කරන අදහස අප කවුරුත්  සැලකිල්ලෙන් සාකච්චා කලයුතුයි  මා  සිතමි. එබැවින් උදය ගම්මන්පිල  මහතාගේ  විවරණය මේ  සමග ඉදිරිපත් කරමි.    




ugust 30, 2016 at 12:01 am | lanka C news

ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල තව තවත් හෙළිකරයි..
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
ජනපතිට එල්ල වූ ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල උදය හෙළිකරයි
මේ දිනවල ලංකාවේ ප්‍රමුඛතම සිදුවීමක් විය යුතු නමුත් අවාසනාවට එසේ සිදුවී නැති ඔස්ට්‍රේලියානු අල්ලස් සිද්ධිය ගැන මම මුලින්ම ඔබේ අවධානය යොමු කරනවා. මේ පිළිබද පසුගිය බුහස්පතින්දා මම පාර්ලිමේන්තුවේ කතා කලාම විදේශ ඇමති මංගල සමරවීර මහතා කියනවා පාර්ලිමේන්තු ඉස්තාවර නියෝග අනුව ජනාධිපතිවරයාගේ හැසිරීම ගැන කතාකරන්න බෑ. ඒ නිසා මගේ කතාව හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කලා. නමුත් මා ඒ අවස්ථාවේදීත් පෙන්වා දුන්නා මම මේ කතා කරන්නේ ජනපතිතුමන් ගැනවත් එතුමන්ට චෝදනා නැගීමක් ගැනවත් නෙමෙයි කියන එක. මම මේ කතා කරන්නේ ඔස්ට්‍රේලියානු මාධ්‍යවල හැසිරීම ගැන . ඒ වගේම මේ සිදුවීම සම්බන්දව ඒ වන විටත් ප්‍රතිචාර දක්වා නැති විදේශ අමාත්‍යන්ශයේ හැසිරීම ගැනයි මා මේ අදහස් දක්වන්නේ කියා මම පැහැදිළි කලා. ඒ වගේම රටේත් ජනපතිතුමන්ගේත් කීර්තිනාමය ආරක්ෂාකරගැනීම ගැනයි මේ කතාකරන්නේ කියල කිව්ව.
එතැනදී මූලාසනයේ හිටපු දෙමල ජාතික සංධානයේ අඩෙක්කලෛයිනාදන් මැතිතුමන් මගේ කතාව පිළිඅරගෙන මගේ කතාව කරගෙන යන්න ඉඩ දුන්නා. ඒ අවස්ථාවේදී මගේ කතාවේ අග හරියට යද්දී පිටතින් පණිවිඩයක් ඒ මහතාට ආවා. ඉන්පසු එතුමන් කියනවා ජනපතිතුමන් සම්බන්ධයෙන් මා කල ප්‍රකාශ හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කරන්න කියලා. මේ සිදුවීම් හරහා පේන්නේ මේ චෝදනා යටපත් කරන්න මේ ආණ්ඩුව මේ වන විට දැවැනිත උත්සහයක් දරන බවයි.
ජනපතිවරණ සමයේ දී ජනපති මහින්ද පරදවන්න මෙගා ඩීල් පිලිබඳ මෙගා බොරු කිව්වා. ආණ්ඩුව පත් වී මාස 20ක් සම්පූර්ණ වෙනවා. එක මෙගා ඩීල් එකක් පිලිබඳ නඩු දැමීම තබා විමර්ශනයක් වත් තබා තිබෙනවා ද? අධිවේගී මාර්ග වලින් 90%ක් තිබෙන්නේ කොමිස් කියලා පා ච රණවක ඇමතිතුමා කියන විට වත්මන් ආණ්ඩුව කොළඹ නුවර අධිවේගී මාර්ගය හදන්න කලින් ආණ්ඩුව කොන්ත්‍රාත්තුව ලබා දුන් සමාගමටම ඊට වඩා වැඩි මිලකට ලබා දෙනවා. කලින් වතාවේ කොමිස් මුදල් 90% නම් දැන් එය 95%ක් විය යුතුයි. ඒ වගේම මහ දූෂණ කියූ අධිවේගි මාර්ග, නොරොච්චලේ, මත්තල ගුවන් තොටුපල මාගම වරාය පිලිබඳ අඩුම ගණනේ විමර්ශනයක් වත් තිබෙනවා ද?
දැනට නඩු පවරා තිබෙන්නේ මොනවාට ද ? පලාත්පාලන ආයතන වලට කොඩි කණු බෙදීම, සිල් ඇත්තන්ට සිල් රෙදි බෙදීම වැනි හැම ආණ්ඩුවක්ම කළ දේවල් වලට. අද මෙගා ඩීල් පිලිබඳ කතා කරපු අයගේ කටේ පිට්ටු ද කියන ප්‍රශ්නය මතු වෙනවා. “කල කල දේ පල පල දේ“ යන සිංහල කියමන සිහිපත් කරමින් එදා බොරු කියූ අයට අද පව් පලදෙන්න පටන් අරන්.
දෛවයේ සරදමක් කියන්නේ මට විරුද්ධව බොරු චෝදනා නැගීමට යොදා ගත් ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන්මයි ජනපතිට එරෙහිව චෝදනා එන්නේ. මුළු රටම කම්පනයට ලක් කරමින් රටේ ජනාධිපතිවරයා අල්ලස් ඉල්ලූ බවට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපේ එෆ්සීඅයිඩී එකට ලැබෙන සුරංගනා කතා වගේ පැමිණිල්ලක් නොවේ මේක. වෙනත් පැමිණිල්ලක් පිලිබඳ විභාග කරන විටයි මේ සිද්ධිය පිලිබඳ සාක්ෂි මතු වෙන්නේ.
ස්මෙක් නමින් හඳුන්වන ස්නෝවි මවුන්ටන්ස් ඉංජිනියරින් කෝප් නමැති පර්ත් පදනම් කර ගත් ඉදි කිරීම් සමාගම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ ජැක් බොනිෆස් 2001 දී ඉවත් කරනවා. ඔහු ඊට එරෙහිව නඩු දානවා. 2007 දී ඒ නඩුවේ දී තමන් කොන්ත්‍රාත් දිනා ගැනීම සඳහා විදේශීය ආණ්ඩු වලට පගාව දුන් බව ජැක් හෙලි කරනවා. ඒ පාරේ ගිහින් ලෝක බැංකු අරමුදල් යොදා බංගලිදේශයේ කල ව්‍යාපෘතියක් තමන්ට ලබා ගන්න ස්මෙක් එම ආණ්ඩුවට පගාව දුන් බවට ලෝක බැංකුව සොයා ගන්නවා. 2013 සැප්තැම්බර් 12 දින මේ බව ඔස්ට්‍රේලියානු පොලීසියට දැනුම් දෙනවා. ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන විට තමයි ජනාධිපති සිරිසේන අල්ලසක් ඉල්ලූ බවට සඳහන් ඊමේල් අනාවරණය වන්නේ.
පරීක්ෂණය අනුව ස්මෙක් සමාගම වේල්ලක් ඉදි කිරීම ඩොලර් මිලියන 1.82ක් වටිනා කොන්ත්‍රාත්තුවක් දිනා ගන්නවා. ප්‍රසම්පාදන මණ්ඩලය මෙම සමාගම තෝරා ගත්තත් ටෙන්ඩරයේ දැවැන්ත වටිනාකම නිසා ඊට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. නමුත් සිරිසේන ඇමතිතුමා අත්සන් කරන්නේ නැතුව කල් මරනවා. ඊට පස්සේ සමාගමේ නියෝජිතයින්ට එන්න කියා පණිවිඩයක් යවනවා. ඒ අනුව ස්මෙක් සමාගමේ ලංකාවේ ඒජන්ත ඇමතිතුමා හමු වෙන්න යනවා. ඇමතිතුමාගේ හමුව පිලිබඳ ලංකාවේ ඒජන්ත ඔස්ට්‍රේලියාවට යැවූ විද්‍යුත් තැපෑලේ ඒ හමුව පිලිබඳ විස්තරයක් තිබෙනවා. “මම ඇමතිතුමා හමු වුණා. ඉදිරි මැතිවරණ සඳහා ආධාරයක් ඉල්ලුවා. ඒ පිලිබඳ විස්තර සම්බන්ධිකරණ ලේකම් සමග සාකච්ඡා කරන්න කිව්වා. ඇමති මණ්ඩල පත්‍රිකාවක් අත්සන් කරන්න කලින් මෙහෙම කරන්න වෙනවා කියා සම්බන්ධිකරණ ලේකම් කිව්වා. ටෙන්ඩරයේ වටිනාකමෙන් ප්‍රතිශතයක් යෝජනා කරන්නැයි ලේකම්වරයා මට කිව්වා“.
ජූනි 15 ඒජන්ත විසින් ඔස්ට්‍රේලියාවට තවත් විද්‍යුත් තැපෑලක් යවනවා. ඒකේ කියනවා කොන්ත්‍රාත් එකෙන් 1%ක් ඉල්ලුවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 25ක් කියලා. මේ මුදල ගෙවීම උඩයි ඇමතිතුමා ඇමති මණ්ඩල පත්‍රිකාවට අත්සන් තැබීම සිදු වන්නේ. ඒ නිසා මේකට ප්‍රමුඛතාවය දෙන්න කියා. ඒ අයම අපිව හොයා ගෙන ආව නිසා මේක මහඟු අවස්ථාවක්. අපිට ඉදිරියටත් මේ ඇමතිතුමා හරහා තවත් කොන්ත්‍රාත් ගන්න පුළුවන්.
ඔස්ට්‍රේලියාවේ පොලීසිය මේ පිලිබඳ පරීක්ෂණ කර ගෙන යනවා. ඔස්ට්‍රේලියාවේ පොලීසිය සොයන්නේ “දූෂණ විරෝධි වීරයා“ කියලා “ලංකාවේ කෙජ්රවාල්“ කියලා බටහිර විසින්ම ඔසවා තැබූ නායකයාට වුණු දෙයක්. ලංකාවේ ජනාධිපතිවරයෙකුට තබා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුටවත් විදේශීය පොලීසියක් විසින් අල්ලස් ගැනීම පිලිබඳ විමර්ශනයක් පැවැත්වී නෑ. මේ වගේ නින්දාවක් ලංකා ඉතිහාසයේ කවර කාලයක වත් සිදු වී නෑ.

මෙතරම් දැවැන්ත සිදුවීමකට ජනාධිපතිගේ ප්‍රතිචාරය කුමක්ද? මම මේ චෝදනා ප්‍රතික්ෂේප 
gammanpila
කරනවා. මේ පිලිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගන්න නීතිපතිට උපදෙස් දුන්නා. මොක්කද නීති පතිට කරන්න පුළුවන්. කිසිම දෙයක් නෑ. ලංකාවේ නීතිපතිට පුළුවන් අපේ රටේ දූෂණයක් නම් හොයල බලන්න. ලංකාවේ නීතිපතිට ඕස්ටේලියාවේ මාධ්‍යවලට එරෙහිව කටයුතු කරන්න බලයක් නෑ. මේ පිළබද ඔස්ට්‍රේලියාවේ සිදු වන්නේ එම සමාගම පගාව දුන්නා ද කියන පරීක්ෂණය විතරයි. ඒ සමාගම කියන්නේ “ඇමතිතුමා ඉල්ලුවත් අපි දුන්නේ නෑ කියා“. එම සමාගම දුන්නා කියා ඔප්පු නොවුණොත් ඒ ඔස්ට්‍රේලියානු පොලීසියේ පරීක්ෂණය ඉවරයි. නමුත් අපේ රටේ කීර්තිය රැක ගන්න නම් තවමත් ඉතුරු වෙලා තිබෙනවා නම් ජනාධිපතිගේ කීර්තිය රැක ගන්න නම් මේ පිලිබඳ ලංකා ඉතිහාසයේ සිදු වුණු දැවැන්තම විමර්ශනය සිදු විය යුතුයි. ඒ නිසා ලංකාවේ දැනට ජීවත් වී සිටින සියළුම හිටපු අගවිනිසුරුවරුන් සහ විගණකාධිපතිවරුන්ගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර තමන්ගේ නම කෙසේ වෙතත් රටේ නම රැක දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

Thursday, August 25, 2016

උදය ගම්මන්පිල මහතා හනුමා පාලම ගැන කතා කරයි

මට හිතෙන  අන්දමට  නම්  උදය  ගම්මන්පිල  මහතා ජාතික සම්පතකි. එතුමා ජාතික  වැදගත්  ඇති  කරුණු ගැන අවදියෙන් සිටනවා  පමණක් නොව ඒ ගැන     ජනතාවට නිරන්තරයෙන්ම      විවාදාත්මක  කරුණු ඉදිරිපත් කරයි.  හනුමා පාලනය ගැන ලංකා ඊ  නිව්ස්  web  අඩවියේ  පල කර ඇති මෙම ලිපිය මා මගේ blog අවකාශයේ පල කරන්නට සිතුවේ ඔබද එම  කරුණු  දැනගත යුතු  නිසාවෙන්ය. 

සමරසේකර 






 






















Saturday, August 13, 2016

කෝ කිලයි පන්සලේ අවනඩුව

මේ  අද මගේ  ඇස ගැටුන දුක්මුසු පුවතක්. මේක web  මිතුරන්  අතරේ  සකාච්චාවිම හොඳ යයි සිතුන නිසා එකි ලිපිය  මෙහි පල කරනවා. මෙ ලිපිය ලියා ඇත්තේ  අප කව්රුත් දන්නා දිනසේන රතුවිතාන මහතාය .



සංහිඳියාවේ ගැට්‌ටෙන් වැටුණු
කෝකිලායි පන්සලේ අවනඩුව
+++++++++++++++++++++++++++++++++++

මේ පන්සලට දානෙ වේලක්‌ ගෙනැත් දෙන්න කියලා මම ඉල්ලන්නේ නැහැ. සැතපෙන්න ඇඳක්‌, කොට්‌ටයක්‌, මෙට්‌ටයක්‌ ගෙනත්දීලා පින් ඉල්ලන්නත් එපා"
මෙහෙම කියන්නේ ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියෝ මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ වැඩ ඉඳගෙනයි. බමුණන්, ශ්‍රමණයන් හැමදේම ඉල්ලන්න පුරුදු පිරිසක්‌ කියලා පොත්පත්වල අනන්තවත් තියෙනවා. ඉල්ලන්නට සුරුවෝ නම් බමුණෝ වෙත් (දෙයක්‌ ඉල්ලීමට ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශූරයෝය.) කියලා පොත්පත්වල සඳහන් වෙනවා.
දුරකථනයෙන් කතා කළ වෙලාවේදී ගුණරතන හාමුදුරුවෝ මුළු රටෙන්ම ඉල්ලුවේ එකම දෙයක්‌ විතරයි. මේක නිසා, මේකේ ඇත්ත නැත්ත බලන්න, මගෙ අසනීප තත්ත්වය පැත්තක දාලා කෝකිලායි ගම්මානයට ගියා. වවුනියාවේ ඉඳලා මුලතිව්වලට දුර සැතපුම් පනහයි. එතැන ඉඳලා තවත් සැතපුම් විසිහතරක්‌ විතර ගියහම කෝකිලායි ගම්මානය හමු වෙනවා. මුලතිව්වලට යන්න නිතර නිතර බස්‌ තිබුණත් කෝකිලායිවලට යන්න එහෙම නැහැ. දවසකට බස්‌ දෙකක්‌ තුනක්‌ විතරයි.
කෝකිලායි පන්සලේ වැඩ ඉන්න ගුණරතන හාමුදුරුවෝ විශාල තර්ජනයකට මුහුණ පා සිටිනවා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු උන්වහන්සේට මේ පන්සලෙන් යන්න නියෝග දීලා. මම උන්වහන්සේට සවන් දුන්නා.
දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙක්‌ පන්සලට ඇවිත් අවස්‌ථා කීපයක්‌ම මේ පන්සලේ වැඩ කරන අයට තර්ජනය කරලා තිබුණා. පන්සල ඉදිකරන වැඩේ නතර කරලා හාමුදුරුවන්ට යන්න කියලයි තර්ජනය කරන්නේ. හේතුව විදිහට කියන්නේ මේ පන්සල හදලා තියෙන ඉඩමට අයිතිකාරයෝ ඉන්නවා කියලයි.
මේ මන්ත්‍රීවරයා ඇවිත් තර්ජනය කළාට පස්‌සේ එයා උතුරු පළාත් සභාවේදී යෝජනා කරලා තියනවා මේ පන්සල අයින් කරන්න කටයුතු කරන්න ඕනේ කියලා. එතැනින් පස්‌සේ මේ මෑතකදී උතුරු පළාත් ප්‍රධාන ඇමැතිවරයා මාධ්‍ය සාකච්ඡාවක්‌ තියලා කියලා තිබුණෙත් මේ පන්සල ඉවත් කරන්න ඕනේ කියන කාරණාවයි. මේ දේශපාලනඥයන්ගේ ප්‍රකාශ මූලික කරගෙන මේ දවස්‌වල දෙමළ මාධ්‍යවල හැමදාම වාගේ ප්‍රවෘත්ති පළකරනවා. ඒ හැම ප්‍රවෘතියකින්ම කියන්නේ කෝකිලායි පන්සල අයින් කරන්නට ඕනෙ කියලයි.
පන්සල ඉවත් කරන්න ඕනෙ කියලා කියන මේ හැම කෙනාම කියන්නේ මේ පන්සල අයිති ඉඩමට අයිතිකාරයෝ ඉන්නවා කියලයි. මම පන්සල හදනකොට එහෙම මනුස්‌සයෙක්‌ ආවා. එයාට බලපත්‍රයක්‌ තිබුණේ නැහැ. එයා මට විරුද්ධව ගිහින් මුලතිව් උසාවියේ නඩුවක්‌ දැම්මා. ටික දවසකින් ඒ නඩුව එයාම ඉල්ලලා අස්‌කර ගත්තා.
මම ගුණරතන හාමුදුරුවොත් එක්‌ක කතා කළේ පුංචි බෝධියක්‌ යට වාඩිවෙලයි. එතැන පුංචි සමාධි පිළිමයක්‌ තියෙනවා. හාමුදුරුවෝ මමත් එක්‌කම මුළු පන්සල් වත්ත වටේ ඇවිදින්න වුණා. පාර අයිනෙම ශ්‍රී සම්බෝධි විහාරය කියලා නාම පුවරුවක්‌ තියෙනවා. ඒ අසලම තවත් විශාල බෝධියක්‌ තියෙනවා. බෝධියට මඳක්‌ ඈතින් ගුණරතන හාමුදුරුවෝ බොහෝ දායකයන්ගේ ධන පරිත්‍යගයෙන් හදාගෙන යන චෛත්‍ය රාජයාණන්ගේ වැඩ තවමත් කාලක්‌වත් කෙරිලා නැහැ. බණමඩුව ශාලාව ඇරුණම මේ හාමුදුරුවෝ ඉන්න කුඩා ආවාසයක්‌a තියනවා. විහාරස්‌ථානයේ බෝඩ්එක තියෙන තැන, මම තියෙනවා කියලා කිව්ව බෝධිය අවුරුදු විස්‌සක්‌ විතර වයස බව පේනවා.
ගුණරතන හාමුදුරුවෝ ඇවිදින ගමන් කතාව පටන් ගත්තා.
"මම මුලින්ම මේ කෝකිලායි ගම්මානයට ආවේ කොකිලායි රජයේ පාසල නවීකරණය කරලා හදලා ඒක විවෘත කළ දවසෙයි. එතකොට යුද්ධය තිබුණ. මම ආවේ ඒ උත්සවයේ ආගමික වැඩසටහන් ඉටුකරලා දෙන්නයි.
මේ වෙලාවෙදි මට දැන ගන්න ලැබුණා කෝකිලායි ඉස්‌කෝලෙ ඉන්නේ විදුහල්පතිතුමා විතරයි කියලා. යුද්ධ කාලේ නිසා පාරවල් හැමදාම හමුදාව පරීක්‍ෂා කරලා, ඉස්‌කෝල ගොඩනැඟිලි පරීක්‍ෂා කරලා තමයි ඉස්‌කෝලෙ වැඩ පටන් ගන්න වුණේ. මේ හින්දා විදුහල්පතිතුමා හැමදාම එන්නේ පරක්‌කු වෙලා කියලා මට දැන ගන්න ලැබුණා. මේ වෙලාවෙදි මට කල්පනා වුණා කෝකිලායි සිංහල ඉස්‌කෝලේ ළමයින්ට ස්‌වෙච්ඡාවෙන් අධ්‍යාපනය ලබලා දෙන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට තමයි මම කෝකිලායි ගම්මානයට ආවේ.
මම කෝකිලායි ඉස්‌කෝලේ ගොඩනැඟිල්ලක නතර වෙලා ළමයින්ට ඉගැන්වූවා. මේ ඉස්‌කෝලේ ඒ දවස්‌වල ළමයි හතළිහක්‌ විතර හිටියා. මීගමුවේ මාරවිල වගේ පැත්තේ ළමයි තමයි මෙහෙ එදත් අදත් ඉගෙන ගන්නේ. හේතුව කෝකිලායි ධීවර ගම්මානයේ ඉන්න ළමයිනේ.
මෙහෙම ඉස්‌කෝලෙ වැඩ කරගෙන යන අතරතුරේ කෝකිලායි ගම්මානයේ ඉන්න සුළු පිරිසක්‌ සිංහල බෞද්ධ අයගෙ ආගමික අවශ්‍යතාවන් මම ඉටුකළා. බොහෝ අය කතෝලික වුණත් ඒ අයත් මගෙත් එක්‌ක බොහොම කුළුපගව කටයුතු කළා. මුලතිව් පළාතේ සේවය කරපු යුද හමුදාවේ, පොලිසියේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සියලු දෙනත් ආගමික කටයුතු සඳහා මට ආරාධනය කළා. මුලතිව් පළාතේ පන්සල් නෑ. ඊට කිට්‌ටුවත් නෑ. හාමුදුරුවරු හිඟයි. මේ නිසා ඒ අය සේරමත් එකතුවෙලා මට ආරාධනය කළා මෙහෙ පන්සලක්‌ හදාගෙන ආගමික වැඩ කටයුතු කරගෙන යමු කියලා. මමත් කැමැති වුණා.
මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරයාට මේ ගැන කිව්වම එතුමා තමයි මේ ඉඩම ලබා දුන්නේ. ඒ වෙනුවෙන් බලපත්‍රයකුත් නිකුත් කළා. පන්සලේ වැඩ පටන් ගන්න කොට තමයි මම අර කලින් කිව්ව මනුස්‌සයා ඇවිත් මේ ඉඩම එයාගේ කිව්වේ. බලපත්‍රය ඉල්ලුවම ගිහින් නඩු දැම්මා. ටික දවසකින් ඒ නඩුව එයාම ඉල්ලලා අස්‌ කරගත්තා. මම පන්සලේ කටයුතු දිගටම කරගෙන යනකොට තමයි දෙමළ ජාතික සන්ධානයෙන් මේ තර්ජනය එන්න පටන් ගත්තේ. මේක ලොකු ප්‍රශ්නයක්‌. අවදානමක්‌. ඒක තමයි මම ඉල්ලන්නේ රජයත් අනෙක්‌ බලධාරිනුත් මැදිහත්වෙලා මේ ඉඩමේ අයිතිය තහවුරු කරන්න කියලා. මම වෙන මොකවත් ඉල්ලන්නේ නෑ. මේක මගෙ පෞද්ගලික තැනක්‌ නෙමෙයි. ආගමික ස්‌ථානයක්‌. මෙහෙ ඉන්න නිලධාරීන් කටයුතු කරන්නේ හරිම පුදුම විදිහටයි. අර කියමනක්‌ තියෙනවනේ මහත්තයෝ... තෙමෙන ගෙදරක වහලෙන් තෙමෙන තැන් හොයන්න වැස්‌සක්‌ වහින්නම ඕනේ කියලා. ඒ වගේම තමයි මේ උතුරු පළාතේ නිලධාරීන්. මේ පළාත්වල වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න බලාගන්න තේරුම් යන්න මේ පළාතේ ජීවත් වෙන්නම ඕනේ.
ප්‍රාදේශීය ලේකම්වරයෙක්‌ කියන්නේ ඉතාම සුළු පටු නිලයක්‌ නෙමෙයි කියලා අපි දන්නවා. ඒ වගේ තනතුරක්‌ තියෙන කෙනෙක්‌ ආවට ගියාට ඉඩමකට බලපත්‍රයක්‌ දෙන්නෙත් නැහැ. ඒ වගේම ඉඩමට අයිතිවාසිකම් ඉල්ලලා නඩු දාපු මනුස්‌සයා නඩුව ඉල්ලා අස්‌කර ගන්නේ ඇයි? මේ හේතු කාරණා සලකලා බලලා කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයට ලබලා දුන්න ඉඩමේ අයිතිය නිරවුල් කරලා ගුණරතන හාමුදුරුවන්ට බාර දෙන්න මුලතිව් දිසාපති කාර්යාලයෙන් නම් මොනවත් සිද්ධ වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. මේකට දැන් මැදිහත් වෙන්න ඕනේ ඉඩම් ඇමැතිතුමා. ඉඩම් කොමසාරිස්‌ ජනරාල්වරයා වගේ උදවිය තමයි. කොළඹ නිලධාරීන් මේ ගැන හොයලා බලලා ස්‌ථිර යමක්‌ කරන තුරු කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ අනාගතය අවදානම් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ගුණරතන හාමුදුරුවන්ගේ ජීවිතයත් අවදානම් වෙනවා.
කොළඹ ඉන්න මහ ලොක්‌කෝ උතුරේ තියෙන මේ වගේ අසාධාරණ දේශපාලන ගැටලු විසඳන හැටි නම් අන්තිමයි. යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නෙදි සිංහල ළමයි ගුටි කෑවා. මොළේ තියන බලධාරීන් කියන අය කිව්වේ "යාපනේට ගිය සිංහල ළමයි ගිය වැඩේ කරන්නේ නැතුව මොන කෙහෙල්මලකටද වෙස්‌ නැටුම් නටන්න ගියේ කියලයි. කෝකිලායි ගුණරතන හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙත් ඔය බලධාරීන්ම කියයි "මේ හාමුදුරුවන්ට රටේ වෙන තැන්වල පන්සල් නැද්ද? මොන ඉලව්වකටද මුලතිව්වල පන්සල් හදන්න ගියේ කියලා"
ආණ්‌ඩු වගේම තවත් බොහෝ දෙනෙක්‌ මේ දවස්‌වල දඟලන්නේ ජාතීන් අතර එකමුතුකම, ජාතික සමගිය ඇතිකරලා, සහජීවනය සහ සංහිඳියාව ගොඩ නඟන්නයි. ඒa හැමෝම ඒක කරන්න හදන්නේ ජනමාධ්‍ය ඉස්‌සරහා බෙරිහන් දීලයි. ඒත් මේ කෝකිලායි පන්සලෙන් ඒක ප්‍රායෝගිකවම සිද්ධ වෙනවා. ගුණරත්න හාමුදුරුවෝ ඒක විස්‌තර කළා.
"මට ඕනේ වුණේ මේ ස්‌ථානය බෞද්ධ පන්සලකට වඩා එහාට ගිය තැනක්‌ කරන්නයි. අපිට සහයෝගය දක්‌වන පිරිසේ ආධාර උපකාර ඇතුව මම ඒ වැඩේ පටන් ගත්තා.
පුංචි බණ මඩුවේ ආරම්භ කළ පෙර පාසලට සිංහල බෞද්ධ ළමයි එනවා. සිංහල කතෝලික ළමයිනුත් එනවා. දෙමළ හින්දු වගේම දෙමළ කතෝලික ළමයිනුත් එනවා. මේ පුංචි අයට ජාති භේදයක්‌ නැහැ. ආගම් භේදයකුත් නැහැ. ඔක්‌කොම එකා වගේ ඉගෙන ගන්නවා.
වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌ පටන් ගත්තා. ඒකට එන ජාති දෙකේම තරුණ තරුණියොත් හැසිරෙන්නේ වැඩ කරන්නේ බොහොම සමගියෙනුයි. මේ පන්සලේම අපි විශේෂ ව්‍යාපෘතියක්‌ කරගෙන යනවා. ඒකේදි සිද්ධ වෙන්නේ රසායනික පොහොර භාවිතයෙන් තොරව කොහොමද සාර්ථක ගෙවත්තක්‌ හදා ගන්නේ කියලා. ඉතාම සාර්ථකව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා.
මේ හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නෙ එකිනෙකා අතරේ තියෙන අවිශ්වාසය, සැකය නැති කරන්නයි. එහෙම නොවුණොත් ඉතාම ඉක්‌මනින් මේ පළාතේ අවුරුදු තිහකටත් වඩා තිබුණු අර කාලකණ්‌ණි කාලයක්‌ එනවා. ඒත් කවදාවත්ම එහෙම වෙන්න දෙන්න බැහැ.
මේ පන්සලට විරෝධය එල්ල වෙන්නේ ඉඩමේ ආර්බුදයටම නෙමෙයි. අපි දෙමළ ජනතාවගේ ප්‍රශ්නත් විසඳනවා. දෙමළ ජාතික සන්ධානය මේ මිනිස්‌සුන්ට බෙහෙත් පෙත්තක්‌වත් ගෙනැල්ලා දෙන්නේ නෑ. ඔවුන්ගේ ප්‍රශ්න දිහා බලන්නේ නැහැ. මේ හන්දා ඒ දේශපාලනඥයන්ට ලොකු බයක්‌ තියෙනවා මුලතිව් දෙමළ ජනතාව ඉදිරියේදී ඒ අය කියන දේට ඇහුම්කන් නොදෙයි කියලා. මේ තත්ත්වය මත තමයි මේ හැම බලපෑමක්‌ම එල්ල වෙන්නේ කියලයි මට තේරුම් ගියේ.
ගුණරතන හාමුදුරුවන් කිව්ව කතාව ඇත්ත කියලා මට හිතුණෙ මම ඊට පහුවදා උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්ට දුරකථනයෙන් කතා කළ වෙලාවෙයි.
ඔහු කිව්වෙ තමන් හාමුදුරුවන්ට කිසිම තර්ජනයක්‌ කළේ නෑ කියලයි. මේ ඉඩම අනුන්ගේ නිසා හාමුදුරුවෝ හම්බවෙලා මේ ගැන කතා කරන්න අවස්‌ථා කීපයක්‌ම පන්සලට ගියත් හාමුදුරුවෝ හිටියේ නෑ කියලා කිව්වා.
මුලතිව් පළාතට මෙහෙම බෞද්ධ පන්සලක්‌ ඕනේ නෑ කියලත් ඔහු කිව්වා. අනුන්ගේ ඉඩම්වල පන්සල් හදන්නේ ඇයි කියලයි ඔහු මගෙන් ඇහුවේ. කෝකිලායි පළාතේ සිංහල බෞද්ධයන් නැති නිසා මේ පන්සල ඉවත් කරන්න ඕනේ කියලා ඒ මන්ත්‍රීවරයා කිසිම හිරිකිතයක්‌ බයක්‌ සැකක්‌ නැතුව කිව්වා. මේ අයගේ අරමුණ මොකක්‌ද කියලා ඉතාම පැහැදිලි නිසා මම එතැනින් එහාට කතා කරන්න ගියේ නෑ. ඒත් දුරකථන සංවාදය මම පටිගත කර ගත්තා.
මේ විදිහට බලනකොට මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයේ අනාගතය අඳුරුයි. ඒ හාමුදුරුවන්ගේ තරුණ කාලයම මහ කැලයකට පූජා කරලා තිබ්බත්, ඒ ජීවිතය හරිම අවදානමකට පත්වෙලා. ඒත් ගුණරතන හාමුදුරුවන්ට නම් ගාණක්‌ නැහැ. මමත් එක්‌ක හැමදේම කතා කළේ ඉතාම සංයමයෙන්. කිසිම වෛරයකින් තොරවයි.
ගුණරතන හාමුදුරුවෝ තමන්ගේ එකම ඉල්ලීම මේක විතරයි කියලා කිව්වට මේ පන්සලේ අඩුපාඩු ගොඩයි. හාමුදුරුවෝ දානේ වළඳලා ඉතුරු වුණු බත් ටික ගලක්‌ උඩට දාලා තිබුණා. ඒ දානේ කවුරුහරි ගෙනැත්දීලා තිබුණු පාර්සලයක්‌ තමයි. ඉතුරුවෙලා තිබුණු කෑම ටික පන්සල ළඟ හිටිය නාටු බල්ලෝ දෙන්නවත් කාලා තිබුණෙ නැහැ. ඒ දානෙ පිළිබඳ ශ්‍රද්ධාවටද? එහෙම නැත්නම් රස පිළිබඳව වූ ප්‍රශ්නයකටද කියලා හිතාගන්න මෙන් මම ඔබට ආරාධනය කරනවා.
මම එන්න හදනකොට හාමුදුරුවෝ තේ එකක්‌ බීලා යන්න ගොඩක්‌ පෙරැත්ත කළා. එහෙම කළේ ඉතාම ආදරෙන් භක්‌තියෙන් වුණත් මම හිතුවා ඒ සීනි තේකොළ ටිකත් මම උන්වහන්සේ වෙනුවෙන් ඉතුරු කරලා එන එක හොඳයි කියලා. එතැනදී මම හරි කියලා දැනුණා. එක්‌වරම ගිලන් රථයකින් කොහේදෝ ගමනක්‌ යන සිංහල වෛද්‍යවරයෙක්‌ ගිලන් රථයෙන් බැහැලා දුවගෙන ඇවිත් ලොකු පැණි කොමඩු ගෙඩියක්‌ හාමුදුරුවන්ගේ අතට දීලා වැඳලා ගියා. එතුමා කිව්වේ හාමුදුරුවනේ මේකෙන් "ජූස්‌" හදලා බොන්න කියලයි. මෙන්න මෙහෙම පරිසරයක්‌ තමයි කෝකිලායි පන්සලේ තියෙන්නේ.
මේ හින්දා ඔය රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කරලා මාස්‌පතා අවුරුදු පතා චාරිකා යන අයට එක දවසක්‌ හරි මෙතැනටත් ගොඩවෙලා මොනව හරි නොකළත් හාමුදුරුවෝ එක්‌ක වචනයක්‌ දෙකක්‌ කතා කරලා යන්න කියලා අපි ඉල්ලීමක්‌ කරනවා. එතකොට ගුණරතන හාමුදුරුවන්ට හිතෙයි මම තනිවෙලා නෑ කියලා.
රට කරවන උදවියට කරන්න පුළුවන් ලොකුම දේ පන්සල් ඉඩමේ අයිතිය තහවුරු කරලා දීලා උතුරේ දෙමළ දේශපාලන බලවේගවලින් එන තර්ජන ගර්ජන අවම කරලා දෙන එක කියලා යළි යළිත් මතක්‌ කරලා දෙනවා.
දිනසේන රතුගමගේ

Friday, August 12, 2016

ඉන්දියාවේ පිළිකා දුම්රිය

මේ  ඉන්දියාවේ  පිළිකා දුම්රියේ  කතාව  හා සමාන කතාවක්  අපේ රටෙත්  වකුගඩු  සහ පිළිකා රෝගීන්  ගැන තියෙන නිසා ඒ  කතාව මගේ blog  එකේ  පල  කරන හිතුවා. මේ වටිනා  ලිපිය  මහත් වෙහෙසක්  දරා ලිය ඇත්තේ චමරි අබේසිංහ  මහත්මියයි  
සමරසේකර 


බතින්දාවේ Cancer Express


සවස් ඇඳිරියත් සමගම පන්ජාබයේ බතින්දා (Bathinda) දුම්රිය පොළ අවට දිස් වන්නේ දැඩි කලබලකාරී ස්වරූපයකි. බතින්දාවේ පිහිටි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 14 ක ජීවත් වන මිනිසුන් දිනපතා සවස් යාමයේ මේ දුම්රිය පොළට පැමිණෙන්නේ රාත්‍රී 9.30 ට පමණ පිටත්වන අංක 339 දරණ දුම්රිය බලාපොරොත්තුවෙනි. ඉහින් කනින් රෙදි කම්බිලි පොරවාගත් වයස් සීමාවකින් තොර ළමා ළපටින් ඇතුළු ගැහැනු, පිරිමි සියයකට ආසන්න පිරිසක් මෙලෙස මේ ජරාජීර්ණ කසිකබල් දුම්රිය පොළ කරා පැමිණෙන්නේ විනෝද චාරිකාවක හෝ වන්දනාවක යෑම සඳහා නොවේ. ඔවුන් බොහෝ දෙනෙකුගේ මුහුණුවලින් දිස්වන්නේ රෝගී විඩාබර දුක්මුසු ස්වරූපයකි. ඇතැමෙකු කෙඳිරි ගාමින් වකුටු වෙමින් දැඩි ශරීර අපහසුතාවන් උසුලාගෙන සිටින ආකාරය දකින කවරෙකු තුළ වුවද ඇති වන්නේ දැඩි කම්පාවකි.
ක්‍රිෂ්ණා එක්ස්ප්‍රස්, අජන්තා එක්ස්ප්‍රස්, දක්ෂින් එක්ස්ප්‍රස්, මහානාගරී එක්ස්ප්‍රස් ආදි නම් ගණනාවකින් හැඳින්වෙන ඉන්දියාවේ දුම්රිය අතර බතින්දාවට පැමිණෙන අංක 339 දරණ  දුම්රිය හැඳින්වෙන්නේ Cancer Express හෝ Cancer Train නමිනි. එරට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අංක 339 දුම්රියටද වෙනත් සැබෑ නමක් තබා ඇතිවා විය හැක. එහෙත් එම නම කුමක්දැයි මෙහි සිටින කීයෙන් කී දෙනෙකු දනීදැයි යන්න සැක සිතෙන තරමටම කැන්සර් එක්ස්ප්‍රස් මිනිසුන් අතර ප්‍රචලිත වී ඇත.
ඉහත කී දුම්රිය පොළට වී දැඩි දුක්ඛිත ස්වරූපයෙන් එකල මෙකල වෙමින් සෑම මගියෙකුම නෙත් දල්වා බලා සිටින්නේ කැන්සර් එක්ස්ප්‍රස් එනතුරුය. එම වේලාවට එහි පැමිණ සිටින මගීන් අතරින් බහුතරයක් පිළිකා රෝගයෙන් පෙළනේනෝ සහ ඔවුන්ගේ ඥාතීහු වෙති. දිනකට 75-100 ත් අතර පිළිකා රෝගීන් සංඛ්‍යාවක් බතින්දාවෙන් මෙම දුම්රියට ගොඩ වී කිලෝ මීටර 350 ක් දුරින් පිහිටි රාජස්ථානයේ බිකානර් (Bikaner) නගරය දක්වා යෑම නිසාම මෙම දුම්රියට කැන්සර් එක්ස්ප්‍රස් නාමය ලැබී ඇත. පුරා රැයක් මග ගෙවා ඔවුන් මේ යන්නේ බිකානර්හි ඇති රජය මගින් පාලනය කෙරෙන ප්‍රාදේශීය පිළිකා මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගැනීම සඳහායි. මේ ‘කැන්සර් එක්ස්ප්‍රස්’ පසුපස ලියවී ඇත්තේ බතින්දාවේ මිනිසුන් විසින්ම ඔවුන්ගේ ජීවිත තුළ ලියාගත් ඛේදජනක ඉරණමයි.
“සෑම රාත්‍රියකම සියයකට ආසන්න මිනිස්සු මේ දුම්රියට ගොඩ වෙන හැටි මම දකිනවා. ඔවුන් හරිම අසරණයි. එක පැත්තකින් රෝගය. අනික් අතින් දුප්පත් කම. මේ විදියට වද විඳිමින් හරි මේ ගමන යනවා හැර ඔවුන් වෙන මොනව කරන්නද? අපිට ආසන්නම රෝහල තියෙන්නෙත් කිලෝමීටර 150 ක් විතර දුරින්. ඒත් ඒකෙත් පිළිකාවලට ප්‍රතිකාර හොඳින් කෙරෙන්නෙ නෑ. මේ නගරයේ හැම වීදියකම පිළිකා රෝගීන් ඉන්නවා. මේක මුළු පළාතටම ශාපයක්. හරිම අවාසනාවන්ත තත්ත්වයක්” බතින්දා දුම්රියපොළේ තේ අලෙවිසලෙහි විකී කුමාර් පවසන්නේ එසේය.
රෝහලට යාමට දුම්රිය පොළේ රැඳී සිටි එක පවුලක් පැමිණ තිබුණේ කිලෝ මීටර 10 ක් එපිටින් පිහිටි ගමක සිටය. ඔවුන්ගේ රෝගියා 17 හැවිරිදි පිරිමි ළමයෙකි. ගලනාලයේ පිළිකාවකින් පීඩා විඳින එම තරුණ දරුවා පිළිබඳව ඔහුගේ  මව පැවසූවේ මෙවැන්නකි. “මගේ දරුවට මෙහෙම වුණේ ඇයි කියල අපිට තේරෙන්නෙ නෑ. පුතා කිසි දවසක දුම්කොළ, මධ්‍යසාර පාවිච්චි කරල නෑ. මගේ දරුව විතරක් නෙවෙයි. අපේ ගමේ මේ වයසේ දරුවො හුඟක් ඉන්නවා මේ විදියට ලෙඩ වෙලා”

මේ ආකාරයට පිළිකා දුම්රියක් නිර්මාණය වීමට තරම් බතින්දාවට සිදුවී ඇති විපත කුමක්ද?

අතීතයේ මෙන්ම අදටත් සශ්‍රීක කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙස සැලකෙන බතින්දාව ඉන්දියාවේ විශාලතම ධාන්‍ය ආහාර නිෂ්පාදන ප්‍රදේශය ලෙසත් විශාලතම කපු වෙළඳපොළ සහිත ප්‍රදේශය ලෙසත් සැලකේ. කෘෂිකර්මාන්තයට අමතරව අද එම ප්‍රදේශය දැඩි කාර්මීකරණයට නතු වූ ප්‍රදේශයක් වී ඇත්තේ තාප විදුලි බලාගාරයක්, ගල් අඟ=රු විදුලි බලාගාර දෙකක්, පොහොර නිෂ්පාදනාගාරයක්, සිමෙන්ති කර්මාන්ත ශාලා කිහිපයක් සහ අතිවිශාල තෙල් පිරිපහදුවකින් සමන්විත වෙමිනි. මේ සියලූම කර්මාන්ත ශාලා පිළිකා කාරක කෘත්‍රිම රසායන ගණනාවක් පරිසරයට මුදා හැරෙන චක්‍රීය ක්‍රියාවලීන් සහිත වූ ඒවා බව අමුතුවෙන් කිව යුතු නැත. මේ හැරුණු විට අද එම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයද සම්පූර්ණයෙන්ම පාහේ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකෙරේ. ගොවීන් විසින් ඉවක් බවක් නොමැතිව කෘමිනාශක භාවිතයට හුරු වීම නිසා එම ප්‍රදේශවල ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමද කලක සිටම සිදුවන්නකි. 2007 වසරේදී වසංගත රෝග පිළිබඳව සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ බතින්දාවේ මතුපිට ජල ස්ථර ආසනික්, කැඩ්මියම්, ක්‍රෝමියම්, සෙලේනියම් සහ රසදිය ආදි විෂ රසායනයන්ගෙන් දූෂිත වී ඇති බවයි. එපමණක් නොව, අනාරක්ෂිත කෘමිනාශක භාවිතය නිසා මේ ගොවීන් බොහෝ දෙනෙකු විවිධ වූ සෞඛ්‍ය ගැටලූ රැසකට මුහුණ පා ඇති බවද අනාවරණය කරගෙන ඇත.
කලෙක සිට පරිසරය පිළිබඳව මිනිසුන් දැක්වූ නොසැලකිලිමත් කමේ ප්‍රතිවිපාක බතින්දා වැසියන් වර්තමානයේදී යහමින් අත්විඳිමින් සිටී. දුප්පත් පොහොසත් බේදයකින් තොරව පිළිකා රෝග, ස්වශන ආබාධ, විවිධ චර්ම රෝග, මළදරු උපත්, නොමේරූ දරු උපත්, ගබ්සා වීම් ආදියට මොවුහු ගොදුරු වෙමින් සිටිති. මෙම රෝගවලට ගොදුරු වීමෙන් පසු ධනවතුන් සහ දුප්පතුන් අතර ඇති එකම වෙනස, ධනවතුන් සඳහා සුපිරි පෞද්ගලික රෝහල් බතින්දාව අවට තිබීමත් දුප්පතුන්ට සැතපුම් ගණන් මග ගෙවා රාත්‍රී නිදිවරමින් දුම්රියක ගාල් වී ආණ්ඩුවේ පිළිකා මධ්‍යස්ථානවලට හෝ රෝහල්වලට යාමට සිදුවීමත් පමණි.

බතින්දාවේ පවතින මෙම තත්ත්වය ලෝකයේ කෘෂි රසායනයන්ට සහ කාර්මීකරණයට දැඩිව ගොදුරු වූ බොහෝ රටවල්වල අද වන විට දක්නට ලැඛෙන පොදු තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ උතුරු මැද කලාපයේ පැතිර ගොස් ඇති වකුගඩු ආබාධය මීට හොඳම උදාහරණයකි. කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන කෘමිනාශක හේතුවෙන් ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමත් එයින් පවුල්


 
පිටින් වකුගඩු ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරු වීමත් නිසා තව තවත් සෞඛ්‍ය හා සාමාජයීය ගැටලූ රාශියක් හට ගෙන තිබීම අද අප රට තුළ දක්නට ලැඛෙන ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. ආර්ථීකමය අතින් ලෝකයේ හිණිපෙත්තේ සිටින චීනය අද මුහුණ පා ඇති උග්‍ර පාරිසරික ගැටලූවද මීට හොඳ උදාහරණයකි. මිනිසා විසින් පරිසරයට එරෙහිව සිදුකළ කි්‍රයාකාරකම් වලට දෙස් දෙමින් අද එරට ප්‍රධාන නගර බොහොමයක් දහවල් කාලයේ පවා සිහින් මීදුමක් වැනි පටලයකින් වැසී පවතී. සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහා අවශ්‍ය පිරිසිදු වායු පොදක් සහිත හුස්මක් ගැනීම පවා අද චීන නාගරිකයන්ට සිහිනයකි. ඇතැම් අවස්ථාවල මුළු නගරයම අඩපණ කිරීමට තරම් එරට වායු දූෂණය බලවත් වී ඇත. පිළිකා, ස්වශන රෝග, චර්ම රෝග, මළ දරු උපත් බහුලව සිදුවන අතර මේ වන විට චීන නාගරිකයන්ට එළිමහනේ තබා ඔවුන්ගේ නිවෙස් තුළ වත් සිටිය නොහැකි තරමට පරිසර දූෂණය ඉහළ ගොස් පවතී.
ලෝකයේ පරිසර තත්ත්වයන් පිළිබඳව නිරතුරුව අවධානය යොමු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 දී නිකුත් කළ වාර්තාවකට අනුව එම වසරේ ලොව වැඩිම පරිසර දූෂණය සහිත ස්ථාන ලෙස පිළිවෙළින් ඉරානයේ අහ්වාෂ් (Ahvaz) චීනයේ ලින්ෆෙන් (Linfen) යුක්‍රේනයේ චර්නෝබිල් (Chernobyl)  නම් කර තිබුණි.
මේ සෑම නගරයක්ම මෙලෙස දූෂිත නගර ලෙස නම් වීමට පෙර ගහකොළ නිල්ල පිරුණු, පක්ෂීන් නිරන්තරව ගැවසුණු ප්‍රදේශ විය. ගංගා ඇළදොළෙහි නිල් දියෙහි මත්සයින් බහුල විය. එහෙත් ඉවක් බවක් නොමැතිව ගස්වැල් කපා දමමින් කර්මාන්ත පුර ඉදිකිරීමත්, කෘමිනාශක භාවිතයත් සමග ඒ ප්‍රදේශවල තත්ත්වය සහමුලින්ම වෙනස් විය. පරිසරය තුළ සිදුවන වෙනස මිනිසාට කලින් සතා සීපාවුන්ට දැනේ. ඒ නිසාම එම ප්‍රදේශවල සිටි පක්ෂීන් ඇතුළු සතුන් වහ වහා උන්ගේ වාසස්ථාන හැර දා පළා යෑම පළමුව සිදුවිය. එසේ පළා යෑමට නොහැකි වූ සතුන් විවිධ වූ ව්‍යසනයන් හේතුවෙන් විනාශ වී ගියහ.
මේ තත්ත්වයට අපූරු උදාහරණයක් අප ඉහත සඳහන් කළ පන්ජාබ් ප්‍රාන්තයේ බතින්දාවෙන් දැක්විය හැක. එම පරිසරයට සිදුවන ව්‍යසනය මිනිසුන්ට දැනෙන්නට පෙර සතුන්ට දැනී තිබුණි. ඉන්දියාවේ ජාතික පක්ෂියා ලෙස සැලකෙන මොණරා පන්ජාබ් ප්‍රාන්තයේ ගොවිබිම් තුළද ඉතාමත් සුලභව දක්නට ලැබුණු සතෙකි. එහෙත් ක්‍රම ක්‍රමයෙන් එම ගොවිබිම්වල සිටි මොණරුන් අඩුවීමට පටන් ගෙන තිබුණු අතර අද වන විට එම පළාත්වල මොණරුන් නැතිම තත්ත්වයකට පත්වී ඇත. දියකඩිතිවලට විෂ මුසුවීමත් සමග ඒවායේ විසූ මත්සයින් විනාශ වී යාමට පටන් ගැනුණු අතර එම මසුන් ආහාරයට ගැනීමට හුරු වී සිටි පක්ෂීන්ගේ පැමිණීමද ඒ නිසා නැවතී ඇත.
පරිසරය විනාශ කරමින් මිනිසා විසින් සිදුකරන නොනවතින අනර්ථකාරී ක්‍රියා නිසා අද පන්ජාබ වැසියන්ට පිළිකා දුම්රියක් ලැබී ඇත. දුම්රිය මගින් පිළිකා රෝගීන් නොගෙනිච්චද ලොව පුරා බොහෝ තැන්වල තත්ත්වයෙහිද මීට වැඩි වෙනසක් නොමැත. ලොව දස දෙසින්ම දිනෙන් දිනම පිළිකා රෝගයට ගොදුරු වූවන් සහ එයින් මරුමුවට පත්වූවන් පිළිබඳව අසන්නට ලැබේ. එය කෙතරම් ඛේදවාචකයක් වී ඇත්ද යත්, පිළිකා රෝගයට ගොදුරු වූ ඥාතියකු නොමැති නිවසක් සොයා ගැනීම ‘කිසිවෙකු නොමළ ගෙයකින් අබ සොයා යෑම’ මෙන් දුෂ්කර වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව ලෝකයේ බහුතරයක් මරණ සිදුවීමට ප්‍රධානතම හේතුව ලෙස දැක්වෙන්නේද පිළිකාවයි. ඊට අනුව ලෝක ජනගහනයෙන් 20,000 ක් දෙනා දෛනිකව පිළිකාව නිසා මරු වැළඳ ගනී. එය කෙතරම් දරුණු තත්ත්වයක්ද යත්, ඒඩ්ස්, ක්ෂයරෝගය හා මැලේරියාව යන රෝග තුන නිසා දිනකදී මිය යන රෝගීන්ගේ එකතුවට වඩා පිළිකාව නිසා මිය යන රෝගීන් සංඛ්‍යාව වැඩි බව පැවසේ. වර්තමානයේදී වසරකට අලූතින් පිළිකා රෝගයට ගොදුරු වන්නන් එක් කෝටි හතලිස් ලක්ෂයක් පිළිබඳව වාර්තා වන අතර 2025 වන විට එය එක් කෝටි අනූ ලක්ෂය දක්වාත් 2035 වන විට දෙකෝටි විසිහතර ලක්ෂයක් දක්වාත් වැඩි විය හැකි බව WHO  පෙන්වා දේ.
මේ ඛේදජනක ඉරණමට වැඩි වශයෙන් ගොදුරු වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බව දැක්වෙන අතර එහි සත්‍යතාවක් පවතින බව ලොව අඩු ආදායම් ලබන සහ වැඩි ආදායම් ලබන රටවල්වල ජනතාව පිළිකාවට ගොදුරු වීමේ ප්‍රවණතාව සොයා බැලීමේදී පෙනී යයි. වර්තමානයේ ඒ පිළිබඳව ඇති සංඛ්‍යාත්මක ප්‍රතිශතයන්හි දැක්වෙන්නේ, වැඩි ආදායම් ලබන රටවල 8% ක් දෙනාද අඩු ආදායම් ලබන රටවල 28% ක් දෙනාද පිළිකාවට ගොදුරු වන බවයි.
මානව ඉතිහාසය තුළ හඳුනාගත් දරුණුම රෝග පීඩා අතරින් එකක් ලෙස සැලකෙන පිළිකාව මිනිස් සිරුරේ හටගන්නේ ඇයිද යන්න තවමත් අවිනිශ්චිත කරුණක් වුවත් මිනිස් ක්‍රියාකාරම් මීට ඍජුවම බලපාන බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත. ඒ අනුව මෙය බොහෝ දුරට අප විසින්ම හාරා කපා ගත් වළෙකි. ඉන් ගොඩ ඒමද කළ යුත්තේ අප විසින්මය. ඒ වෙනුවෙන් අද ලොව පුරා විවිධ සංවිධාන රැසක් පෙරමුණ ගෙන සිටින අතර එහි මූලික පියවරක් ලෙස විෂ ද්‍රව්‍යවලින් තොර, කෘෂි රසායනවලින් තොර ආහාර පාන ලබාගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇත. මේ සඳහා බොහෝ දෙනෙකු දක්වන උනන්දුව කාබනික පොහොර යොදාගනිමින් නිෂ්පාදනය කරන ආහාර සඳහා අද වෙළඳපොළ තුළ ඇති ඉල්ලූම දෙස බැලීමෙන් පෙනී යයි. ඒ සමගම වායු දූෂණය වැළැක්වීම සඳහාද විවිධ රටවල් ඉතාමත් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙනී යයි. විශේෂයෙන්ම ගල් අඟුරුවලින් විදුලිය උත්පාදනය කෙරෙන බලාගාර සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කිරීමත්, ඉන්ධන බලය වෙනුවට විදුලියෙන් දුවන මෝටර් රථ ප්‍රචලිත කිරීම සඳහා විශේෂ පෙළඹවීම් සිදුකිරීමත් බොහෝ දියුණු රටවල් ආරම්භ කර ඇත.
කලකට පෙර ගත යුතුව තිබූ පියවරවල් කල් ගත වී හෝ ගැනීමට කටයුතු කිරීම සැනසිල්ලක් දනවන්නක් වුවත් දියුණු වෙමින් පවතින ඇතැම් රටවල් මෙම තත්ත්වයෙහි ඇති බරපතල බව තවමත් තේරුම් ගෙන නොමැති බවද පෙනී යයි. ඊට හොඳම උදාහරණයක් ලෙස නුදුරේදී ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට පිඹුරු පත් සකසන සාම්පූර් ගල් අඟ=රු බලාගාරය දැක්විය හැක.
රටට, රටේ ජනතාවට ආදරය කරන කිසිම පුද්ගලයෙකුට පරිසරයට හානියක් සිදුකළ නොහැක. පරිසරය රැකීමෙන් ගහකොළ, සතා සීපාව මෙන්ම අප සියල්ලන්ද රැකෙන බව සෑම විටෙකම සිහි තබා ගත යුත්තකි. ‘පරිසර දිනය’ එක් දිනකට පමණක් නොව සෑම දවසකටම වලංගු වන බව මිනිසා තේරුම් ගතහොත් පන්ජාබයේ සිට රාජස්ථානයට යන අංක 339 දරණ ‘කැන්සර් එක්ස්ප්‍රස්’ වෙනුවට එරට දුම්රිය දෙපාර්තමේන්තුව එම දුම්රියට තැබූ සැබෑ නම මිනිසුන්ට සිහියට එනු ඇත.

සටහන – චමරි අබේසිංහ

Wednesday, August 10, 2016

සිගිරි ළඳුන්ගේ නිරුවත් උඩුකය ගැන සත්‍ය තත්වය

























සීගිරියේ ඇති බිතුසිතුවම් වල ඇති ළඳුන්ගේ රූප වල උඩුකය නිරුවත් කියල අපේ රටේ බොහොමයක් දෙනා හිතන එක  වැරදී බව  මා වාර කිහිපයකදීම පෙන්නා දුන්නේ එකී රුප  ඇඳි චිත්‍ර ශිල්පියා ඔවුන් දුහුල් සළුවක් හැඳ සිටින අන්දමින් චිත්‍රය ඇඳ ඇති  බව  බලන ලෙසය. මේ  කාරණය  මැනවින් විස්තර කර ඇති ලිපියක්  අද දිවයින පත්‍රයේ පල කර තිබෙනවා. එම ලිපිය බොහෝ දෙනා සැලකිල්ලෙන්  කියවිය යුතු යයි මා අදහස් කරන නිසා එම  ලිපිය මෙහි  පල කරනවා . මෙ ගැන දිවයින කතෘ තුමා සහ බොහෝ වෙහෙසක් දරා ලිපිය සම්පාදනය කල  කුසුම්සිරි කොඩිතුවක්කු  සහ කල්පනී සුබෝධා බණ්ඩාර ලේඛක තුමියන්   උරන නොවනු ඇතයි මා බලා පොරොත්තු වෙනවා .
 සීගිරි සිතුවම්වලින් හෙළිවන අතීත 
ලංකාවේ කාන්තා විලාසිතා

කුසුම්සිරි කොඩිතුවක්‌කු සහ කල්පනී සුබෝධා බණ්‌ඩාර
මධ්‍යම සංස්‌කෘතික අරමුදල, සීගිරිය කෞතුකාගාරය






ශ්‍රී ලංකාවේ සිතුවම් කලාව ගැන කතා කිරීමේදී නිතැතින් ම අපගේ මතකයට නැගෙනුයේ සීගිරි සිතුවම් ය. ශ්‍රී ලාංකේය සිතුවම් කලා ඉතිහාසයේ සම්භාව්‍ය යථාර්ථවාදී සම්ප්‍රදායක්‌ සනිටුහන් කරන සීගිරි සිතුවම් ක්‍රි.ව. 5 වන සියවස වන විට ශ්‍රී ලංකාවේ සිතුවම් කලාව ඉතා දියුණු මට්‌ටමක පැවති බවට පැහැදිළි නිදසුනකි. සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී වල, සීගිරි පර්වත බිත්තියෙහි රූප පන්සියයක්‌ තිබූ බව සඳහන් වෙතත් අද දක්‌නට ලැබෙනුයේ ලෙන් කුහරය තුළ ශේෂව ඇති ලළනා රූප 18ක්‌ පමණි. එහෙත්, හඳුනාගත හැකි සාධක අනුව සමස්‌ත බටහිර පර්වත බිත්තියෙහි සහ කැටපත් පවුරේ පිටත පෘෂ්ඨයෙහි ද සිතුවම් ඇඳ තිබූ බවට සාධක පවතී.

මෙම සිතුවම්වලින් නිරූපණය කෙරෙනුයේ, කවුරුන්ද යන්න පිළිබඳව ඉදිරිපත්ව ඇති මත බොහෝ ය. ඒ අතරින් සීගිරියට නුදුරු පිදුරංගල විහාර වන්දනාවට යන කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්‌ත්‍රීන් ය යන එච්.සී. පී. බෙල් මහතාගේ මතය ද, දිව්‍ය අප්සරාවන් ය යන ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතාගේ මතය ද, වැහි වලාකුළු හා විදුලිය සංකේතවත් කරන මේඝලතා හා විඡ්ජුකුමරි යන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය ද ප්‍රමුඛ වේ.

සීගිරි සිතුවම් අනුරාධපුර යුගයේ සිතුවම් කලාවේ මහිමය පෙරදැරි කොටගත් අග්‍රගන්‍ය උරුමයක්‌ වන්නාසේම, අනුරාධපුර යුගයේ කාන්තා විලාසිතා පිළිබඳව දෘශ්‍යමාන සාධක සපයන මූලාශ්‍රයක්‌ ලෙස ද හඳුනාගත හැකිය. අපගේ සාහිත්‍යමය මූලාශ්‍රයන්හි සඳහන් වන අතීත ශ්‍රී ලංකාවේ කාන්තා විලාසිතාවන්හි නිරූපණයන් මේ අනුසාරයෙන් වඩාත් ප්‍රත්‍යක්‍ෂ කොට 

ගත හැකි ය.






මෙම සිතුවම්වලින් 
නිරූපිත කාන්තා රූප සියල්ල ම උඩුකය නිරූපිත ඒවා වන අතර, මීට වසර කිහිපයකට පෙරාතුව කැටපත් පවුරේ පිටත පෘෂ්ඨයෙන් සම්පූර්ණ ශරීරය නිරූපිත කාන්තා රුවක්‌ද හඳුනාගත හැකිවිය. සීගිරි ශිලා උද්‍යානයේ දැරණියගල ගුහාව නමින් හැඳින්වෙන ලෙනෙහි ද මෙවැනි රූප කිහිපයක්‌ දැකිය හැකි ය. මෙම කාන්තා රූප කහ පැහැති හා දුඹුරු පැහැති වශයෙන් ශරීර පැහැ දෙකකින් හඳුනාගත හැකිය. කුරුටු ගීවල එම කහ පැහැති රූප රන්වනුන් ලෙසත්, දුඹුරු පැහැති රූප මහනෙල්මල්වනුන් ලෙසත් දක්‌වා තිබේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විඡ්ජුකුමාරි ලෙසත්, මේඝලතා ලෙසත් නම්කර ඇත්තේ පිළිවෙලින් එම රූප දෙවර්ගයයි. රන්වනුන් පැළඳ සිටින සැට්‌ට ඉතා දුහුල් ශරීරය විනිවිද පෙනෙන ඒවා වේ. දුඹුරුවන් ස්‌ත්‍රින් අතරින් ඇතමෙක්‌ තද පැහැති වර්ණයෙන් යුතු සැට්‌ටවලින් සැරසී සිටී. එම සැට්‌ටවල කර ගෙල දක්‌වාම පියවා පිට ප්‍රදේශයෙන් විවර කිරීමට හැකි වන අයුරින් නිමවා තිබේ. එක්‌ ස්‌ත්‍රියකගේ සැට්‌ටයේ පපු ප්‍රදේශයේ රේඛා මෝස්‌තරයක්‌ දැකිය හැකිය. එය කොළ පැහැති ඝන රේඛාවකින්, ඒ දෙපසින් වූ සැට්‌ටයේ වර්ණයෙන්ම යුතු (දුඹුරු පැහැති) රේඛා දෙකක්‌ හා ඊටත් පිටතින් වූ කහ පැහැති රේඛා දෙකකින් සමන්විතය.

මෙලෙස රේඛා මෝස්‌තර නොමැති තනි වර්ණයේ සැට්‌ටද දැකිය හැකිය. එම රූප අතරෙහි කුචබන්ධය (තනපටය) පැළඳි කහ පැහැති කාන්තා රුවක්‌ද දැකිය හැකිය. එම කුචබන්ධය පයෝධර දෙක මධ්‍යයෙන් උරහිස්‌ හා උකුල ඔස්‌සේ කතිර හැඩයට පැළඳි එකකි. එහි මධ්‍යයෙහි මැණික්‌ ගල් ඇල්ලූ අලංකාර සැරසිල්ලක්‌ද දැකිය හැකිය. සීගිරියෙන් හමු වූ මැටියෙන් කළ කාන්තා රූප කිහිපයකද මෙවැනි පළඳනා දක්‌නට ලැබේ. මෙම රූපවල යටිකය වැස්‌ම නෙරු පොටක්‌ සහිත ධෝතියකි. එම ධෝති තනි වර්ණයෙන් යුක්‌ත වන අතර එක්‌ කාන්තා රූවක්‌ තිරස්‌ වර්ණ තීරු සහිත ධෝතියකින් ද සැරසී සිටී. සීගිරි කුරුටු ගීවල සඳහන් වන පරිදි එම කාන්තාවන් පැළඳ සිටින රෙදි චීන සේද (සින පට) සේද රෙදි (පට වරල්ල) හා තුනී රෙදි (සිහින් පිළි), වේ.

මෙම කාන්තාවන් පැළඳ සිටින කුණ්‌ඩලාභරණ රෝදයක්‌ වැනි වටකුරු හැඩයේ ඒවා ය. එහි පිටපැත්තේ මධ්‍යයෙන් උන්නත දාරයකි. රූපවල මිනුම් ප්‍රමාණ හා සැසදීමේ දී මෙවැනි කුණ්‌ඩලාභරණයක්‌ සෙ.මී. 4 ක පමණ විශ්කම්භයකින් යුක්‌තය. සෑම කාන්තාවක්‌ම කර මාල කිහිපයක්‌ පැළැඳ සිටිනු දැකිය හැකිය. පහතින්ම ඇත්තේ පියයුරු මධ්‍යය දක්‌වා එල්ලෙන මුතු පොටවල් කිහිපයකින් (හතරක්‌) සැදි මාලයක්‌ හෝ පොටවල් කිහිපයක්‌ සහිත (රන් ?) මාලයකි. ඊට ඇතුළතින් ගල් ඇල්ලූ (රතු හෝ නිල්) රනින් කළ විශාල වටකුරු පෙන්ඩනයක්‌ සහිත තැල්ලකි. පෙන්ඩනය ද වට කිහිපයකින් යුතු වෘත්තාකාර හැඩයකින් යුක්‌ත වන අතර මධ්‍යයේ අල්ලා ඇති මාණික්‍ය වඩාත් පිටතට නෙරා සිටින ආකාරයට සකසා තිබේ. මීට අමතරව පෙති සහිත මලක ස්‌වාභාවයෙන් යුතු පෙන්ඩන විශේෂයක්‌ද දැකිය හැකි ය. එහි වට කිහිපයක්‌ සහිත අවුමට පිටතින් ඇති පෙති මෝස්‌තරය ද රනින්ම නිමවා තිබේ. මෙම පෙන්ඩනය සහිත මාලය මුතු පොටක ස්‌වභාවයෙන් හා මෝස්‌තර රහිත රිදී හෝ රන් පොටක ස්‌වභාවයෙන් යුක්‌තය.

මෙම තාලිය ට ඉහළින් කෙටි කර මාලයකි. එහි මධ්‍යයේ නිල් පැහැති මාණික්‍ය හා දෙපස ගල් සහිත මෝස්‌තරයකි. ඇතැම් කාන්තා රූපවල මෙම කර පළඳනා වලට අමතරව පබළු කිහිපයක්‌ ඇල්ලූ ගෙලටම තදකොට බඳින ලද නූල් පොටක්‌ වැනි යමකින් නිමවා ඇති තවත් පළඳනාවකි. කුරුටු ගී කිහිපයක මෙම කාන්තාවන් පැළඳ සිටින ගෙළ පළඳනා රන් දම්වැල් (හෙම්යති, රන්දම්, රන්මාල) හා මුතු වැල් ලෙස දක්‌වා තිබේ.

සෑම කාන්තාවක්‌ ම වළලු හා බාහු පලඳනා පැළඳ සිටී. මුතුවැල් පැළඳ සිටින කාන්තාවන් බාහුවල පැළඳ සිටින්නේ ද මුතු වැල්ය. එම මුතුවැල් පොටවල් හතරකට නිමවා තිබේ. සෑම කාන්තාවක්‌ම අත්වල වළලු පහකට වැඩි සංඛ්‍යාවක්‌ පැළඳ සිටින අතර එම වළලු පෙළෙහි මුල සහ අග වළලු මැණික්‌ ගල් අල්ලා මෝස්‌තර සහිතව නිර්මාණය කළ ඒවා වේ.

මෙම කාන්තාවන්ගේ වරලස පිටුපසට බැඳ මුදුන දක්‌වා නැවත එක්‌කොට බැඳ ඇති මුත් මුදුනින් උස්‌ව පෙනෙන ලෙස සකසා නොමැතිය. මෙලෙස වරළස හිස මැදට යොදා සැකසීමේ දී භාවිතා කළේ යෑයි සිතිය හැකි ලෝහමය කොණ්‌ඩා කටුවක්‌ සීගිරියේ කැණීම්වලින් හමු වී ඇති අතර එය දැනට සීගිරිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එක්‌ ස්‌ත්‍රියකගේ පමණක්‌ කියඹු දැකිය හැකිය. සෑම කාන්තාවක්‌ම නළල් පටක්‌ පැළඳ සිටින අතර ස්‌වාභාවික මල් වලින් සැකසූ හා ගල් ඇල්ලූ හිස්‌ පළඳනාවන්ගෙන් සැරසී සිටී. හිස පළඳනා සඳහා මල් මාලා යෙදූ අවස්‌ථාවන්හිදී එම මල්වැල් පිට මැද තෙක්‌ විහිද යන බවක්‌ද දැකිය හැකි ය.

මෙම රූපවල නිරූපිත කාන්තාවන්ගේ මුහුණු දිගැටි හැඩය ගන්නා අතර එම මුහුණු වල හැඩයට උචිත වන පරිදි නර්තන ශිල්පිනියන්ගේ පරිද්දෙන් ඇහි බැම සිහින් දිගැටි ආකාරයට සකසා තිබේ. ඒවා අඳුන් ආලේප කොට සකසා ඇති බව පෙනේ. අඳුන් ආලේප කිරීම සඳහා යොදාගත් තඹ කූරු කිහිපයක්‌ ද සීගිරිය කැණීම්වලින් හමු වී ඇති අතර ඒවා ද දැනට සීගිරිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

නළලේ තිලකය දක්‌නට ලැබීම මෙම කාන්තාවන්ගේ සුලභ ලක්‍ෂණයක්‌ වන අතර එය සියුම් සිරස්‌ රේඛාවක ස්‌වභාවයෙන්ද තිතක ස්‌වභාවයෙන්ද, පටු ඹ හැඩැති ස්‌වභාවයෙන්ද යුක්‌තය.

විලාසිතා හා රූපලාවන්‍ය පිළිබඳ කාන්තාවන් තුළ ඇති රුචිකත්වය දිගු ඉතිහාසයකට නෑකම් කියන අතර ප්‍රාග් ඓතිහාසික අවධියේ මධ්‍යශිලා යුගයට අයත් අවශේෂ අතරින් හමුවන ආලේපන සඳහා භාවිතයට ගත් ගුරුගල් හා පළඳනා ලෙස යොදා ගත් සිදුරු විදි බෙලිකටු ඒ සඳහා පැරණිතම නිදසුන් ය. විලාසිතා හා රූපලාවන්‍ය කලින් කලට වෙනස්‌වන බව පැහැදිලි කරුණකි. ක්‍රි.ව.5 වන සියවස්‌ තරම් අතීතයේ දී එම තත්වය කුමන අයුරින් පැවතියේද යන්න සනාථ කර ගැනීමෙහිලා සීගිරි සිතුවම්වලින් ලැබෙන පිටුවහල අතිමහත්ය. එම රූපවල ඇඳුම් විලාසිතා, ආභරණ විලාසිතා, ඒවා එකිනෙකට ගැළපෙන අයුරින් පැළඳ සිටීම හා රූපලාවන්‍ය පිළිබඳ ලක්‍ෂණය අපට විවර කර දෙනුයේ අතීත ශ්‍රී ලාංකේය සමාජයේ තවත් පැතිකඩකි. 

Friday, August 5, 2016

උදැසන බයිසිකල් පැදීම දියවැඩියාව පමණක් නොව කොලස්ට්‍රෝල්ද පාලනය කරයි








දිනපතා උදැසන පයක කාලයක්  බයිසිකල් පැදීමෙන් බෙහෙත්  පාවිච්චි  නොකරම දියවැඩියාව  පාලනය කල හැකි බවට  මා මීට පෙර පත්‍රිකා දෙකකින්ම  කරුණු  පල කර  තිබුනා.  ඒක  ගොද්ක්ඩ් දෙනා බලලා තිබුනත් කී  දෙනෙක්  බයිසිකල්  පැදීම  ඇරඹුවාද යන්න මා දන්නේ නැත. මීළඟ දියවැඩියා  සායනයට යන්නට පෙර මගේ කොලොස්ටරෝල්  මට්ටම බලන්න ඕනෑ නිසා මා එය ර්සයනාගාරයකින් කර ගත්තා. රසායනාගාරයට  යන්නට පෙර පැය 10කදී  මග මැසිමෙන් පෙන්නු රුධිරගත සීනි මට්ටම 104ක් උනත රසායනාගාරයේදී පැය 12ක් ගතවුණාට පස්සේ බලපුවාම ඒක 84 වෙලා තිබුනා. වැදගත් කාරණය සියලුම වර්ග වල කොලොස්ට්‍රලෝල්  මට්ටම අඩුවී තිබීමයි . මා මෙ ලිපියට එම රසායනාගාර වාර්තාව එක් කරනවා. 
   







මට ඔබට කියන්නට අවශ්‍ය වන්නේ උවමනාවක් ඇත්නම් දියවැඩියාව මෙන්ම කොලොස්ට්‍රරෝල්  පාලනයද  බෙහෙත් රහිතවම කරගත හැකි බව පමණි. කොලොස්ටරෝල්  අඩුවී තිබෙන බව මටම දැනෙන්නට පටන්ගෙන ඇත.

Tuesday, August 2, 2016

බිමත් කමේ අදිනව

බීමත්කම ගැන පලවන ලිපි  බොහොමයකි. බොහෝ ඒවායින් කියවෙන්නේ බිමත් කමෙන් ලැබෙන ආශ්වාදය ගැනය. ඉතා කෙටි ලිපි කිහිපයක් පමණක් බීමත්කම නිසා අප සමාජය වෙලා ගෙන ඇති ශෝකාකුල තත්වය පෙන්නුම් කෙරේ. පහත සඳහන් ලිපිය එවැන්නකි. එය පළවුයේ  ලංකාදීප පත්‍රයේය.එය උපුටා පළකිරීම ගැන එය ලියු රචක මහතා  සහ ලංකාදීප කතෘ තුමා උරණ නොවනු ඇතැයි සිතමි .   





"පදවිය රෝහලට පොලිස් කොස්තාපල්වරයෙක් පැමිණියේ පසුගිය සිකුරාදා උදේ වරුවේය.

උදව්වට පැමිණ තිබුණේ ඔහුගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් කෙනෙකි.

සර් මාව බිම වැටුණ. ඒ බිම වැටිච්ච වෙලාවේ මගේ ඔළුව බිම වැදිලා ඔළුව තුවාල වුණා.

රෝහලේ ඕ.පී.ඩී. එකේ ඒ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයා සමග කොස්තාපල්වරයා පවසා ඇතැයි කියන්නේ එහෙම කතාවකි.

වෛද්‍යවරයා ඔහු හොඳින් පරීක්‍ෂාකර බලා පවසා ඇත්තේ වාට්ටුවේ නතරකර තබාගෙන ප්‍රතිකාර කළ යුතු බවකි.

“මට එච්චර අමාරුවක් නැහැ. ඩොක්ටර්. මගෙ ඔළුවේ තියන තුවාලයට බේත් ටිකක් දාගෙන ගෙදර යන්නම්. වාට්ටුවේ නවතින්න ඕනෑ නැහැ.”

කොස්තාපල්වරයා එහෙම පවසා ඇත්තේ වෛද්‍යවරයාගේ කීමට අකැමැත්ත ප්‍රකාශ කරමින්ය.

වෛද්‍යවරයා කොපමණ කීවත් ඔහුව වාට්ටුවේ නතරකරගෙන ප්‍රථිකාර කිරීමට එකඟකර ගැනීමට නොහැකි වී ඇත.

අවසානයේ කොස්තාපල්වරයා යන්නට ගියේ ඕ.පී.ඩී. එකෙන් ප්‍රතිකාර ලබාගෙනය.

30-page1-S2-2


කොස්තාපල්වරයා පදිංචිව සිටියේ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පිහිටි බෙල්ලන්කඩවල බෝගහවැව ප්‍රදේශයේය. 

ඔහු රාජකාරි කළේ පදවිය පොලිසියේය. 

වැඩට ආවේ ගියේ යතුරු පැදියෙනි.

පදවිය ඉස්පිරිතාලයේ ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් අරගෙන ආ රන්බණ්ඩාගේ උපසේන දිසානායක රාලහාමිගේ රෝගී තත්ත්වය එදා සවස් වන විට හොඳටම වැඩිවී තිබිණි.

දිසානායක රාලහාමි ගෙදර ඇඳක් මත ඉතා අමාරුවෙන් වැතිර සිට ඇත. 

ඔහුගේ කටින් සෙමද පිටවී තිබිණි.

දිසානායක රාලහාමිගේ සුව දුක් බැලීමට ගෙදර ආ ඔහුගේ මිතුරෙක් මේ බව දැක තවත් යහළුවෙකුට කතා කර මේ බව දැනුම්දී තිබේ. 

ඒ යහළුවා ද පණිවිඩය ලැබුණු මොහොතේම නිවසට ආවේ තම මිතුරා වන දිසානායක රාලහාමි ගැන සොයා බැලීමටය.

මචං, රාලහාමිට හොඳටම අමාරු පාටයි පෙනෙන්න තියෙන්නේ. අපි ඉක්මනට මෙයාව ඉස්පිරිතාලෙට අරගෙන යමු.

දිසානායක රාලහාමිව ත්‍රීරෝද රථයක දමාගෙන පදවිය රෝහලට අරගෙන ගොස් තිබුණේ ඔහුගේ ඒ මිතුරන් දෙදෙනාය.

පදවිය රෝහලෙන් මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදී දිසානායක රාලහාමිව ගිලන් රථයකින් රැගෙන ගියේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතය.

අනුරාධපුර රෝහලට ඔහු රැගෙන එන විට රාත්‍රී 9.00 පමණ වී තිබී ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පරීක්‍ෂාකර බලන විටත් ඔහු ජීවිතයට සමුදී අවසන්ය.

දිසානායක රාලහාමි මියගොස් සිටි නිසා ඔහුගේ සිරුර කෙළින්ම ගෙන ගියේ මෘත ශරීරාගාරය වෙතය.

මේ මරණය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් කළ කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය මගින් ඉදිරිපත් කළේ කැබිති ගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් රංග සුජීව මහතා වෙතය.

අනුරාධපුර  වැඩ බලන මහේස්ත්‍රාත් අරවින්ද හබග්ගල මහතා දිසානායක රාලහාමිගේ සිරුර පරීක්‍ෂාකර බලා මූලික මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් පවත්වනු ලැබීය.

30-page1-S2-3


වැඩබලන මහේස්ත්‍රාත් අරවින්ද මහතා විසින් ලබාදුන් නියෝගයක් මත සිරුර කපා පරීක්‍ෂා කරනු ලැබුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. ඒ. කරුණාතිලක මහතා විසිනි.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වුණේ පසුගිය 23 වැනි සෙනසුරාදාය.

මොට ආයුධයකින් පහරදීම නිසා හිස් කබලට හානි සිදුවී ශරීර අභ්‍යන්තරයට ලේ වහනය වීමෙන් මෙම මරණය සිදුවි ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී කරුණාතිලක මහතා විසින් සිරුර කපා පරීක්‍ෂාකර බලා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබිණි.

දිසානායක රාලහාමි රෝහලට ගිය අවස්ථාවේ ඕ.පී.ඩී. එකේ සිටි වෛද්‍යවරයාට පවසා තිබුණේ බිම ඇද වැටීම නිසා තමාගේ හිසට තුවාල සිදුවූ බවය.
අධිකරණ වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව එවැන්නක් සිදුවී නොමැත.
Untitled-2
පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව දිසානායක රාලහාමිගේ මරණය සිදුවී ඇත්තේ ඔහු රෝහලේ වෛද්‍යවරයාට කී ආකාරයට නොවේ.

මෙය මිනීමැරුමක් නිසා එසේනම් දිසානායක රාලහාමි මරා දැමුවේ කවුද? කියන උභතෝකෝටික පොලිසිය හමුවේ තිබූ විසඳාගත යුතු ප්‍රශ්නයක් විය.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. එම්. ආර්. රත්නායක මහතා ප්‍රධාන කණ්ඩායමට දිසානායක රාලහාමිගේ අබිරහස් ඝාතකයා සොයා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දුන්නේ උතුරුමැද හා වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත, අනුරාධපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ සහ තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරී පරාක්‍රම ඒකනායක යන මහත්වරුන්ය.

දන්නා කියන කාලයක සිටම දිසානායක රාලහාමි අරක්කු බීමට ඇබ්බැහිවී සිටි අයෙකු බවත් පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.

නිතර අරක්කු බීගෙන වෙරිමරගාතේ ගෙදර එන දිසානායක රාලහාමි තමන්ගේ බිරිඳට විතරක් නොව සමහර අවස්ථාවල දරුවන්ට පවා පහරදීම් කර ඇතැයි එහිදී හෙළිවිය.

බිරිඳට හා දරුවන්ට පහරදීමෙන් නොනැවතුණු ඔහු වෙරි මරගාතේම ගෙදර තිබුණු බඩු මුට්ටු පවා පොළවේ ගසා කුඩු පට්ටම්කර දැමූ අවස්ථාද එමටය.

දිසානායක රාලහාමිගේ ගෙදරින් දවල් රෑ කියා වෙනසක් නැතිව නිතර ඇසෙන අඩ දබර අසල්වාසීන්ට එතරම් අරුමයක් නොවේ.

වෙරි හිඳුණු පසු ඔහු තරම් අහිංසකයෙක් මුළු ගමටම නැත.

මේ පොලිසිය දිසානායක රාලහාමි ගැන සොයාගත් තොරතුරුය.

දිසානායක රාලහාමි බිම ඇදගෙන වැටුණා යැයි කියමින් ප්‍රථිකාර ගන්න පදවිය ඉස්පිරිතාලයට ගිය දවසට කලින් දවසේ රාත්‍රියේද ඔහු අරක්කු බීගෙන ඇවිත් වෙරි මර ගාතේ බිරිඳට හොඳ හැටි පහරදී ගෙදර තිබුණු බඩු මුට්ටු පවා පොඩි පට්ටම්කර දමා ඇති බව පොලිස් නිලධාරීන්ට දැන ගැනීමට ලැබී ඇත.
පොඩි පුතාගේ යතුරු පැදියට ද දිසානායක රාලහාමි පහරදී අලාභහානි සිදුකර තිබිණි.

කැබිතිගොල්ලෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගිය දිසානායක රාලහාමිගේ බිරිඳ සැමියා තමාට හොඳ හැටි පහරදී ගෙදර තියෙන බඩු මුට්ටු පවා පොඩි පට්ටම් කර දැමූ බවට පැමිණිල්ලක් කළේය.

දිසානායක රාලහාමි මරා දැමීමට ගෙදර කාගේ හෝ සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි සැකකළ පොලිසිය ඒ සැකය ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කළේ ඝාතකයා ගැන කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමටය.

ගමේ දේවාලය ළඟ වැටී සිටි දිසානායක රාලහාමි ඔහුගේ ඥාති පුතෙකු විසින් වත්තම්කරගෙන ගෙදරට ගොස් ඇරලවා ඇති බවත් ඔහු වැටී සිටි ස්ථානයේ ඔහු පැදගෙන ආ යතුරු පැදිය ද තිබුණ බවත් පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඒ තොරතුරු ඔස්සේ තව දුරටත් පරීක්‍ෂණ මෙහෙවා ඇත.

දේවාලය ළඟ දිසානායක රාලහාමි වැටී සිටියදී ඔහුගේ හිසේ ලේ ගලන තුවාලයක් තිබූ බව පොලිසිය දැනගත්තේ ඔහුව වත්තන් කරගෙන ගෙදරට ගෙන ගිය තරුණයා සොයාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදීය.

දිසානායක රාලහාමි පදිංචිව සිටි නිවෙස සිට ඔහුවැටී සිටි තැනට මීටර් 500ක් පමණ දුරක් ඇත.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වා හෙළිකරගත් තොරතුරු මත අවසානයේ දිසානායක රාලහාමිගේ වැඩිමල් පුත්‍රයා අත්අඩංගුවට ගනු ලැබීය.

දිසානායක රාලහාමිට පුතුන් දෙදෙනෙක් සහ එක් දියණියක් සිටී.

වැඩිමල් පුතාගේ වයස අවුරුදු 20ක් වන අතර දෙවැනි පුතාගේ වයස අවුරුදු 18කි. දියණිය අවුරුදු 15ක තරම් වයසේ පසුවන්නීය.

වැඩිමහල් පුත්‍රයා වන ප්‍රභාත් බැකෝ යන්ත්‍ර රියැදුරෙකු ලෙස දඹුල්ල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර දෙවැනි පුතා සඳරුවන් පාසල් සිසුසැරිය බස් රථයක සහායකයෙක් වශයෙන් රැකියාවක් කරයි.

ඔහුගේ දියණිය තවමත් පාසල් යන දැරියක වූවාය.

සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරී පරාක්‍රම ඒකනායක මහතාගේ මග පෙන්වීම යටතේය. 

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙසේ පවසා ඇති බව දැන ගැනීමට ඇත.

“මම දඹුල්ලේ ඉන්නකොට අම්මා මගේ හෑන්ඞ්ෆෝන් එකට කතා කරලා කිව්වා. තාත්තා බීගෙන ඇවිත් මට හොඳටම ගහලා ගෙදර තිබුණ බඩු මුට්ටුත් පොඩි කරලා දැම්මා කියා. අපි දන්නා කියන කාලෙක ඉඳලා තාත්තා බීගෙන ඇවිත් අම්මාට හරියට කරදර හිරිහැර කරනවා. පහර දෙනවා. තාත්තාගේ මේ හැසිරීම නිසා මගේ හා මල්ලිගේ අධ්‍යාපන කටයුතු පවා කඩා කප්පල් වුණා.
අම්මා තාත්තාගෙන් නිතර සිද්ධවෙන කරදර හිරුහැර හැම දෙයක්ම ඉවසාගෙන විඳදරාගෙන අපිව හදාවඩා ගත්තා. තාත්තාත් එක්ක හොඳින් පවුල් කන්න අම්මා නොගත් උත්සාහයක් නැහැ. ඒත් වැඩක් වුණේ නැහැ’‘

අම්මා හඬ හඬා තාත්තා ගහපු විදිහ කියද්දී මගේ හිත වාවන්නේ නැතිව ගියා. මම ඒ කතාව අහපු  වෙලාවෙම අම්මා බලන්න ගෙදර එන්න තීරණය කළා. මම දඹුල්ලේ ඉඳලා බස් එකක නැගලා ගෙදර එන්න පිටත්වුණා. බස් එකේ එද්දී මට හොඳටම නින්ද ගොස් තිබූ නිසා බහින තැනත් පසුකරගෙන ගොස් තිබුණා. ඒ හින්දා මම බස් එකෙන් බැහැලා පයින්ම ගෙදර ආවා. මම ගෙදර එනකොට රෑ බෝවී තිබුණා. අම්මා නංගීත් එක්ක අල්ලපු ගෙදරට වී සිටියා.
මල්ලි ගේ ඉස්සරහට වෙලා හිටියා. මම ගේ ඇතුළට ගිහින් බලද්දී තාත්තා නිදාගෙන ඉන්නවා දැක්කා. අම්මයි නංගියි අල්ලපු ගෙදර නිදාගන්න ගියා. මමයි මල්ලි ඥාතියෙකුගේ ගෙදර නිදාගන්න ගියා. තාත්තා ගෙදර තිබුණ බඩු මුට්ටු හා මල්ලිගේ මෝටර් බයිසිකලයට පවා පහරදී අලාභ හානි සිදුකර තිබුණා. ඒත් තාත්තාට ඒ ගැන දොස් කියන්න ගියේ නැහැ.

ඥාතියාගේ නිවස ඉදිරිපිටට වෙලා පහුවදා උදේ ඉන්නකොට තාත්තා එයාගේ මෝටර් බයිසිකලයෙන් අපි ඉන්න තැනට ආවා. තාත්තා පැමිණි මෝටර් බයිසිකලයේ පසුපස අසුනේ විකට් කූරක් ගැට ගසාගෙන ඇවිත් තිබුණා. තාත්තා ඒ විකට් කූර අරගෙන මල්ලිට ගහන්න පටන්ගත්තා. තාත්තා මල්ලීව මරා දමාවි යැයි කියා මට හිතුණා. ඒ නිසා මම තාත්තා අතේ තිබුණ විකට් කූර උදුරලා අරගෙන පහරවල් දෙකක් ගැසුවා. එක පාරක් තාත්තාගේ පිට කොන්ද පැත්තට අනිත් පහර ඔළුවටත් වැදුණා. මරන්න හිතාගෙන මම තාත්තාට ගැහැව්වේ නැහැ. 

පොලිසිය පවසන ආකාරයට දිසානායක රාලහාමිගේ පුතුන් දෙදෙනා ඇතිවූ සිද්ධිය අකුරක් නෑර සිය මව සමග පවසා ඇත.

රාලහාමිගේ බිරිඳ පොලිසියට ගොස් සැමියා තමාට පහරදී ගෙදර තිබූ බඩු මුට්ටු වලට පවා පහරදී අලාභහානි සිදුකළ බවට පැමිණිල්ලක් කර ඇත්තේ ඉන්පසුවය.

පියා ඝාතනය කිරීමට යොදාගත් බවට සැලකෙන විකට් කූර ද පොලිසිය සොයාගත්තේ එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටය.
කාකි නිල ඇඳුමක් හැඳගෙන ධර්ම චක්‍රය සහිත පොලිස් ලාංඡනය උරහිසේ පැලඳගෙන නීතිය හා සාමය රැකීමට දිවිහිමියෙන් කැපවී සිටින මේ පොලිස් නිලධාරියාගේ ක්‍රියා කලාපය හා හැසිරීම කිසිසේත් පොලිස් නිලධාරියකුට උචිත වූවක් නොවන බව අමුතුවෙන් කිව යුතුව නැත.

“අපි දන්නා කියන කාලේ ඉඳලම තාත්තා අරක්කු බීගෙන ඇවිත් අම්මාට නිතර කරදර හිරුහැර කරනවා. තාත්තා නිසා අම්මා පුදුම  දුකක් වින්දේ. තාත්තා නිසා අයියාට හිරේ යන්න වුණා” යැයි කියා දිසානායක රාලහාමිගේ දෙවැනි පුතා සහ දියණිය කීවේ හැඬූ කඳුළින් යුතුවය.

කෙසේ වෙතත් පියා මරා ලොකු පුතා කරගත්තේ අනන්තරීය පාපකර්මයකි.

අත්අඩංගුවට ගත් සැකකාර ශිරන්ත ප්‍රභාත් දිසානායක නැමැත්තා කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පී.ජේ. ප්‍රභාකරන් මහතා හමුවට පසුගිය 25 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ තැබීමට නියෝග කළේය.

සැකකරු පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවශ්‍ය බව කියා සිටි නිසා. ඒ අවස්ථාවට සහභාගි කරවීම සඳහා නිවසට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද කර ඇත.

පුතා තමාට විකට් කූරකින් පහර දුන් බව එදා රෝහලට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා සමග නොකියා බොරුවක් ගොතා කියන්නට ඇත්තේ වෙන කිසිම දෙයක් නිසා නොව ඇත්ත කිව්වොත් පුතා අමාරුවේ වැටෙන බව පොලිස් නිලධාරියෙක් වශයෙන් ඔහු හොඳටම දන්නා නිසාය.

මේ සේරටම මුල වෙන කිසිම දෙයක් නොව බීමත් කමය. තාත්තාගේ බීමත්කම නිසා භද්‍ර යෞවනයේ පසුවූ තරුණ පුතෙකුගේ මුළු ජීවිතයම වැටුණේ අඳුරු අගාධයකටය.

පොලිස් නිලධාරියකු වශයෙන් පමණක් නොව දරුවන් තිදෙනක් සිටින ආදරණීය පියෙක් වශයෙන් පිතෘත්තවයේ වටිනාකම වගකීම හරිහැටි වටහාගෙන කටයුතු කළේ නම් මේ පොලිස් රාලහාමි අදටත් ජීවතුන් අතරය. ඔහුගේ පුතාට මෙවැනි අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පෑමට සිදුවන්නේ නැත.

කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හේරත්, පොලිස් සැරයන්වරුන් වන පද්මප්‍රිය දිසානායක (950) කොස්තාපල්වරුන් වන ශාන්ත (29862) උපුල් (46384) සහ නවරත්න (47987) යන මහත්වරුන්ද මෙම පරීක්‍ෂණවලට හවුල්වී ඇත."


මත්වතුර  පානය කරන්නන් මට පෙනෙන්නෙ මෙසේය .