Sunday, November 22, 2015

භාවනාව යනු නොකඩවා දෛනිකව වැඩිය යුතු අභ්‍යාසයකි.









සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ දිවා කාලයේදී 























































සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ රාත්‍රී කාලයේදී 


සැහෙන පමණ කාලයක පටන් තමන් විසින් නොකඩවා සිදුකල අලුයම භාවනා අභ්‍යාසය දැන් කලක පටන් නොකෙරෙන  බව සිරිදාසට සිහිපත් වුයේ සෝමාවතී සැ රජුන් වන්දනාවේදීය.

Saturday, November 21, 2015

බුදු රදුන් රාහුල පුතු ළමා කාලයේදීම මහණ කලේ මන්ද ?

වෛද්‍ය රුවන් ජයතුංග මහතා ( මා එතුමාගේ ලිපි ඉතාම කැමැත්තෙන් කියවන අයෙක්)  විසින් ලියු  පහත සඳහන්  

බුදු රදුන් රාහුල පුතු ළමා කාලයේදීම මහණ කලේ මන්ද ?


යන ලිපිය ශාක්‍යයන් ගන රාජ්‍යයක වැසියන් බව තෙරුම් නොගෙන ලියු ලිපියක් බවට පල කල මගේ අදහසට තවත් එකක් එකතු කරන විචාරක තුමා ගන රාජ්‍ය සංකල්පය  වඩාත් විස්තර කරන ලෙස මගෙන් ඉල්ලා තිබෙනවා. එයට මා කැමති වුනේ එමගින් අපේ රටේ අදටත් ඉතිරිවී තිබෙන සමහර ගන වටිනාකම් ඇතිවුයේ කෙසේද යන්න ගැන මගේ සිතේ ඇති අදහසද ඉදිරිපත් කිරීමට එයින් ඉඩක් ලැබෙන නිසාය. මා හිතන අන්දමට සිව් හෙළය එක් සේසත් කර සිංහල ජාතිය හැදු වෙලාවේ තමයි අපේ රටේ ගන රාජ්‍යයක් ඇති උනේ.පසුව ඒක රාජාණ්ඩුව  ඇතුලේ මියැදුනත්  ගන රාජ්‍යයේ සමහර ලක්ෂණ තවමත් අපේ සමාජය තුල තිබෙනවා. ඒ ගැන පසුව ලිව්වොත් හොඳයි   

මේ තියෙන්නෙ මහාචාර්ය ශ්‍රී රාහුල සංස්කෘත්‍යාන තුමා විසින් ලියු පොතේ සිංහල පරිවර්තනයේ scan පිටුවක්. සිංහලට පෙරලලා තියෙන්නෙ එවකට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිව සිටි ඩි.බි.තෙවරප්පෙරුම මහතාය. ශ්‍රී රාහුල සංස්කෘත්‍යාන තුමා සහ ඩි.බි.තෙවරප්පෙරුම මහතා ගැන ගොඩක් ලියන්න ඕනෑ උනත් මේ පොතේ පසු කවරයේ ඇති හැඳින්වීම දැනට ප්‍රමාණවත්  යයි මා සිතනවා.





ගන රාජ්‍ය නැතහොත් සමුහාණ්ඩු සංකල්පය පුරාණ පෙරදිග මෙන්ම බටහිර ලෝකයේද  තිබුණා. බටහිර සමුහාණ්ඩු වලට උදාහරණය තමයි පුරාණ රෝම සමුහාණ්ඩුව. ගනයේ සියලු සාමාජිකයන්ට පමණක් පාලන බලතල ඒකෙ හිමි වුණා. අන් අයට ඒ රාජ්‍ය තුල සිටිය හැකි උනත් ඒ අයට පාලන බලතල හිමිවුණේ නැහැ. රට වැසියා සහ පුරවැසියා අතර වෙනස දැක්වුණේ එතැනින්ය. මේ රටවැසියා  හා පුරවැසියා අතර අරගලය නිසා මේ සමුහාණ්ඩුව අවසානයේදී බිඳ වැටුනා. අපි spartakas ආදී චරිත දකින්නේ මේ අරගලය තුලින්ය.
පුරාණ ඉන්දියාව අද තියෙන ඉන්දියාවට වඩා වෙනස්ය එකල හින්දුකුෂ් කඳු වැටියෙන් මෙපිට සියලුම රාජ්‍යන් ඉන්දියාව වශයෙන් සැලකුවා. මෙහි බොහෝ රාජ්‍ය තිබුනා. ඒවා රාජාණ්ඩු සහ සමුහාණ්ඩු ලෙස බෙදන්න පුළුවන්. සමුහාණ්ඩු නැතහොත්  ගැන රාජ්‍ය ලෙස තිබුන ඒවාට උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන් වන්නේ ශාක්‍ය,කෝලිය,ලිච්චවි,වෛශාලි, ආදී ඒවාය.  භුමි ප්‍රමාණ ලෙස ගත්තොත් මේ ඔක්කොම කුඩා භුමි ප්‍රදේශයක් වටා ඇතිවුන රාජ්‍යයන් වේ.
ගන රජයක ප්‍රධාන ලක්ෂණය වන්නේ ගනයේ සියලුම දෙනාම පාලනයට ඍජුවම සම්බන්ධ වීමය. සෑම පවුලකම(පරම්පරාවකම) එක් සාමාජිකයෙක් ගණය තුල සාමාජිකත්වය ලබයි. ගනයේ තීරණ ගන්නා කුලකය තුල තම පවුල (පරම්පරාව) නියෝජනය කරන්නේ කවුද යන්න තීරණය කරන්නේ එම පවුලය. (පරම්පරාවය.) සාමාන්‍යයෙන් එතැන සිටින හොඳම දක්ෂයාට එම තැන ලැබේ. සිංහ සේනාපතිට ගණය තුල තම පරම්පරාව නියෝජනය කරන්නට ඉඩ ලැබෙන්නේ  එ අනුවය. එසේ ඉඩ ලැබෙන්නා අභිෂේක කිරීමක්ද සිදුවී ඇත.
ගණය තුල ගන සාමාජිකත්වයෙන් පත් කරගත් නායකයෙක් සිටි. ඔහු මියගිය හෝ ඉවත්වූ විට ගණය නැවත රැස්වී තම  නව නායකයා තෝරා ගනී. එය රාජාන්ඩුවක මෙන් පිය පිතු උරුමය අනුව  යන්නක් නොවේ. එහෙත් ගනයේ අවිච්චින්න පැවැත්ම සනාථ කරනු වස්  අනාගත නායකයා වියයුත්තේ කවුද කියා ගණය තුලම කලින්ම එකඟතාවයක් පවතී. ඔහු කිරීටය හිමි කුමාරයා ලෙස නම් වේ.
ගණය තුල  පාලකයෙක් හෝ පාලිතයෙක් නැත. තිරණ ගන්නේ සාකච්චාවෙන් සහ සම්මංත්‍රනයෙනි. එතැන පක්ෂ විපක්ෂ සියලුම  මත පැවසීමට ඉඩ ඇතත් අවසාන තීරණය ගන්නේ සියලු දෙනාගේම ඒකමතිකත්වය ලබාගෙනය. මෙම වැදගත්  සම්ප්‍රදාය පවුල (පරම්පරාව) තුලද ඇත. මේ නිසා සියලු ගන වැස්සෝ ක්‍ෂත්‍රිය නමින් හඳුන්වති. බොහෝ කරුණු අරභයා මේ පක්ෂ විපක්ෂ සාකච්ඡා අදද සිංහල සමාජය තුල  දක්නට ලැබේ. මේ ජාන ලක්ෂණය නොදන්නා බොහෝ අය  තුල සිංහලයන් ගැන කුකුසක් ඇතිවීම ස්වාභාවිකය.   

පාලන තීරණ නොගන්නා අවස්තාවලදී ගැන සාමාජිකයෝ  තම තමන්ගේ ජිවනෝපාය කටයුතු වල නිරත වෙති. සුද්ධෝධන රජු සිසාන්නට කුඹුරට බසින්නේ එබැවින්ය.  තම ගනයට එරෙහිව යුද්ධයක් ඇතිවූ විට සියලු ගන වැස්සෝම යුද්ධ භටයෝ වන්නේය. එහිදී තම දිවිය පරදුවට තබා ඔවුන් යුද වදින්නේ තමන්  යුද කරන්නේ වැටුපක් ලැබීමට නොවන නිසා බව දන්නා නිසාය. පුරාණ සිංහල වැස්සෝ ගොවිතැන් කරන අතරතුරේදීම රට වෙනුවෙන් යුද වැදීමේ  අවශ්‍යතාවයක් ඇතිවූවිට එය ඉටු කිරීමට සිය ගෙපැල තුලම යුද උපකරණ තබා ගත්තේ එබැවින්ය. මේ තත්වය පසුගිය යුද තත්වය තුලදී සිංහල ජාතිකයන් අතරද  දක්නට ලැබුණි. බොහෝ ඉහල රැකියා කල අය මෙන්ම භික්ෂුන් වහන්සේලාද ඒවා අත්හැර යුද පිණිස යුද පිටියට ගියහ.  සමහරු එහිදීම ජිවිතක්ෂයට පත්වුහ. 
සිදුහත් කුමාරයා  ශාක්‍ය ගන රාජ්‍යයේ උසස්තම මෙන්ම විශිෂ්ඨ නිෂ්පාදනය වන්නේය. සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත්වූ පසු රාහුල කුමාරයා මහන කලේ ඔහුට අනාගතයේදී ඇතිවිය හැකි මරණ භයකින් බේරා ගැනීමට යයි යමෙක් සිතන්නේ ඔහු තුල  බුදුන් වහන්සේ  ගැන ඇති දැනීමේ අඩුපාඩුවක් නිසා යයි මට සිතන්නේය.  තමන් වහන්සේට පෙර පිරිනිවන් පෑ රාහුල මහා රහතන් වහන්සේගේ ජිවිත කාලය දිගු කිරීමට බුදුන් වහන්සේ ප්‍රයත්න නොකළේ මන්ද යන්න වෛද්‍ය ජයසුමන මහතාගේ සිතට නොපැමිණියේ මන්ද යන්න මෙහිදී මට ඇතිවුන ගැටලුවයි. 
   
  

Thursday, November 5, 2015

මාලිගාව අසල පාර වසා තිබියදීම මහනුවර නගරයේ වාහන තදබදය මගහරවා රිය පැදවිය නොහැකිද? ...

මා මහනුවර නගරයට ආසන්නව ජිවත්ව සිටින නිසාත්,අඩු තරමේ සතියකට දින 3ක් වත් මහනුවර තැන්නේකුඹුර පැත්තෙන් මහනුවර නගරයට යාමට හෝ නගරය පියමන් කර ඉන් ඔබ්බට යාමට අවශ්‍ය විවිධාකාර කරුණු යෙදෙන නිසාත්, මහනුවර නගරයේ විවිධ ස්ථාන වල තිබෙන සම්ප්‍රදාය මෙන්ම නගරය තුල සහ නගරාසන්නයේ ඇති රථවාහන තදබදය සහ එයට හේතුවන විවිධ කරුණු ගැන සාමාන්‍ය අවබෝධයක් ලබා සිටින්නෙක්මි.

 එසේම වසර 35කට අධික කාලයක් මුළුල්ලේ පටන් මගේම මෝටර් රථ පදවන මා එම අවහිරතාවයන් අවම කර ගැනීමට විවිධ උපාය මාර්ග අනුගමනය කරන්නෙක්ද වෙමි. උදාහරන  ලෙසින්  මහනුවර නගරයට ඇතුල්වීමට මා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ධර්මරාජ විද්‍යාලය අසලින් ඇති කුඩා පාරය. මහාමායා විද්‍යාලය නිසා රථවාහන තදබදයක් ඇති බව පෙනුන විට මා මහමායා විද්‍යාලයට ඉහලින් දිවෙන පාර ඔස්සේ වේස් පාක් හරහා පහලට ගොස් ප්‍රධාන පාරට යමි. නගරයෙන් ඉවත්වීමට මා භාවිතා කරන්නේ පොලිසිය අසලින් ඇති මාවත දිගේ කෙරවලටම ගොස් ප්‍රධාන පාර මද දුරක් භාවිතා කර අරුප්පල පාර ඔස්සේ ලේවැල්ලට යාමය. එතැන් සිට තල්වත්තේ  සිට දිගන තෙක් ඇති වාහන තදබදය මගහරවා ගැනීමට මා මේ දිනවල  පුරුද්දක් ලෙස භාවිතා  කරන්නේ යක්ගහපිටිය පිලවල මාර්ගයයි. මේ විකල්ප පාරවල් කුඩා උවත් මෝටර් බයිසිකල් සහ ත්‍රී වීලර් ධාවකයන් ගැන විශ්ෂ අවධානයක් දක්වා ප්‍රවේසමෙන් රිය පැදවිය හැක.    එබැවින් මහනුවර නගරයේ රථවාහන තදබදය මග හැරීමට මාලිගාව අසල මාවත විවෘත කිරීම ගැන අදහස් පල කිරීමට සුදුස්සෙක් යයි සිතමි.

මුල් යුගයේ එනම් 70 දශකයේදී මහනුවර කුමන හෝ ස්ථානයක මාර්ග වැසීමක්, හෝ එක පැත්තට වාහන ධාවනය කිරීමක් හෝ සිදුවුයේ නැත. අද මෙන් වාහන තදබදයක් නොතිබුණු මහනුවර වැව රවුමේ රියදුරන් පුහුණු කරන L බෝඩ් ගැසූ  ඉබි ගමනින් යන  වාහන පවා ධාවනය විය.  මහමළුව මැදින්ද පාරක් තිබුන අතර රජ ගෙය අසල නුවරඑලිය ප්‍රදේශයට  බස් ගමන් ආරම්භ කරන තැනද එය විය. එකල අද මෙන් ආසන 54රෙ දිග බස් නොවිය. එසේම කෙටි මගක් විදියට අස්ගිරිය පංසලේ   පොහොය ගෙය අසලින්ම තිබෙන පාරේ පවා මා පුරුද්දක් ලෙස කාරය පදවාගෙන ගියා මට මතකය. එකල අද මෙන් නොව වාහන පැදවීම සරල දෙයකි. ආශ්වාද ජනකය. ගමන  ඉක්මන්ය. ලෙහෙසිය. අද නගරය තුල වාහන පැදවීමේ ආශ්වාද ජනක තත්වයක් නැත. ඇත්තේ ලේ කෝප කිරීමක් පමණි.

නගරයට ඇතුල්වන වාහන සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙත්ම මෙම ඉක්මන් සහ ලෙහෙසි රිය පැදවීම සිමා කිරීමට පළමුව ආ බාධකය වුයේ වාහන ගමනාගමනය එක් පැත්තකට සිමා කෙරෙන නීති හඳුන්වා දීමය. මුලදී පැය ගණනකට පමණක් සීමාවූ එය පසුව පැය 24 පුරාම ක්‍රියාත්මක විය. මුල් කාලයේ උදේ 8 ට පෙර ක්වීන්ස් හෝටලය අසලින් තිබෙන පාරෙන් කෙලින්ම ඔරලෝසු කණුව අසලට තෙක් පාරේ  පහලට වාහන යාමට ඉඩ තිබිණ. 

මා දන්නා පරිදි මහනුවර මාර්ග තදබදයට පිළියම් යෙදුවේ ජනාධිපති ප්‍රේමදාස මහතා පමණි. එකල කුණ්ඩසාලේ පැවති ගම උදාව සැණකෙළියට සමාන්තරව එතුමා විකල්ප මාර්ග පද්ධතියක්ම මහනුවර නගරයට හඳුන්වා දුනි. එම මාර්ග වලට වැයවූ වියදම ඉතා විශාල යයිද, එය නිෂ්ඵල වියදමක් යයිද එකලද විවේචන තිබිණ. එහෙත් මාවත් තැනීමේදී එහි වර්තමාන වියදම කල යුත්තේ අනාගතයේදී ලැබෙන ප්‍රතිලාභද සලකා යන්න එකල එම විවේචකයෝ අමතක කළහ. එම විකල්ප මාර්ග පද්ධතිය ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් ගොඩ නැගුවේ නැත්නම් අද මහනුවර මාර්ග තදබදය මිට වඩා දහස් ගුණයකින් වැඩිවෙනු නිසැකය.

මහනුවර මාර්ග සංවර්ධනයට ඊළඟට උර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. කටුගස්තොට නව පාලම ඉදිකිරීමෙන්  එතුමා එයට මුල පිරු අතර, පේරාදෙණිය -මහනුවර  සමාන්තර මාර්ග දෙක වැඩි දියුණු කිරීමටද පටන් ගත්තේය.එහෙත් ඊට සමාන්තරව මහනුවර කටුගස්තොට පාර මන් තීරු 4ක් දක්වා පළල නොකිරීම නිසා මහනුවර සිට කටුගස්තොට තෙක් පුදුමාකාර තදබදයක් ඇත.මේ සැතපුම් 4ක කොටස යාමට බොහෝ විට බස් රථයක් විනාඩි 45කට වඩා ගනී. මාර්ගය පටුවිමට අමතරව බස්රථ පාර මැදම කොට කොටා ගමන් කිරීම මීට හේතුව වී ඇත. මේ නිසා අන් සියලු වාහන වලට  එමකොට කොටා යන  බස් රථ කටුගස්තොට පාලම පසු කරන තෙක් ඒ   පසුපසින් සෙමින් යාම හැර වෙන විකල්පයක් නැත. 

  මහනුවර නගරය ලෝක උරුමයට අයත් නගරයක් නිසා නගරය තුල තිබෙන    වසර 100ට වඩා පැරණි ගොඩනැගිලි ඒ අන්දමින්ම රක්ෂණය කලයුතුය. එ නිසා  නගරයේ බොහෝ වීථි පළල් කල නොහැක.

මහනුවර දේශීය මෙන්ම ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අවසාන සිංහල රාජධානිය ලෙසින් නොව දන්ත ධාතුන් වහන්සේ වැඩසිටීම නිසාය. මේ නිසා මහනුවර කෙරෙන ඕනෑම සංවර්ධනයක් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මාලිගා පරිශ්‍රයට හානියක් ගෙන නොදෙන්නක් විට යුතුය.


අද වන විට රටේ බොහෝ ප්‍රදේශවල උපන් ජනයා සිය ජිවතයේ අවසාන කාලය ගත කිරිමට පදිංචි වන ස්ථානය ලෙස මහනුවර ප්‍රදේශය තෝරාගෙන ඇත. මේ නිසා මහනුවර පදිංචියට සංක්‍රමණය වන ජනයාගේ ගණන දිනෙන්දින ඉහල යයි.එමෙන්ම දිනකට ලක්‍ෂ 4කත ආසන්න පිටස්තර ජනයා මහනුවර නගරයට පැමිණෙති. මේ හේතුන් සියල්ලම නිසා නගරය තුල මෙන්ම නගරාසන්නයේදී විශාල වාහන තදබදයක් ඇත. මින් එක් පිරිසක් පමණක් සිතා සිටින්නේ වාහන තදබදය ඇත්තේ වැව රවුමේ පමණක් බවය. මාලිගාව අසල මාර්ගය රථවාහන ගමනාගමනයට විවෘත කිරීමෙන් මේ ගැටලුව විසඳිය හැකි බව ඔවුන් සිතති. නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා මේ අදහස දරන්නන්ගේ මුලිකයාවී ඇත. නමුත් ඔහු  මේ පාර විවෘත කලයුත්තේ  දෙපැත්තටම වාහන ගමන් කිරීමට හැකිවන අන්දමින් යන්න ගැන නිහඬවී ඇත. මන්ද එසේ කල හොත් මහමලුවෙන් කොටසක් පාර පළල් කිරීමට  නොගෙන හෝ වැවෙන් කොටසක් ගොඩ නොකර එය කල නොහැකි බව ඔහු දන්නා නිසාය. කෙසේ හෝ ඒ විකල්ප දෙකින් එකක් කර  පාර විවුර්ත කල හැකි උවත් එසේ කිරීමෙන් මහනුවර වාහන තදබදය අඩු වෙනවා වෙනුවට වන්නේ මාලිගාව අසල සහ ක්වින්න්ස් හෝටලය අසල අලුතින් වාහන තදබදයක් ඇතිවීම පමණි.

නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා මේ ගැන ලියු ලිපියක දැක්වෙන්නේ නීතිඥ වැලි අමුණ මහතාට සවස් වරුවේදී  වැව රවුම පසු කිරීමට විශාල කාලයක් ගත කිරීමට සිදුවීම  නිසා විශාල අසාධාරනයක් සිදුවූ බවය. වැලිඅමුණ මහතාටද සිය ප්‍රමාදයට හේතු ලෙස පෙනී ඇත්තේ ඉහතකී පාර විවෘත නොවීම බව මේ අනුව නිගමනය කල හැක. නමුත් ඔහුට වැව රවුමේ ආරම්භයේදීම මගින් ගෙනයාමට බොහෝ වෙලාවක් නවත්වා ගෙන සිටින විශාල බස් රථ හෝ එම පාරේ අනෙක් වාහනයකට ඉදිරියට  යාමට නොහැකි වන අන්දමේ ඉබි ගමනින් යන බස්රථ  පෙනී ගොස් නැත.

මහනුවර මාලිගාව අසල පාර රථවාහන ධාවනය සඳහා විවුර්ත කිරීමට අස්ගිරි පාර්ශවයේ සම්පුර්ණ සංඝ කාරක සභාවම විරුද්ධය.  එම විරුද්ධත්වය නොසලකා ඊට පිටින් කටයුතු කිරීමට වර්තමාන ජනාධිපති වරයාද අසමත්වූ බව එම පාර රථවාහන ගමනාගමනයට  විවුර්ත කිරීමට ගත්  උත්සාහය අසාර්ථක වීම දන්නා  මෑත ඉතිහාසය දන්නෝ  දනිති. 
වැව රවුමේ නිරන්තරයෙන් තිබෙන වාහන තදබදය නැවැත්වීමට කල යුතු විකල්ප 2ක් ඇත.

1. දළදා මාලිගාව මහනුවරින් ඉවත් කිරීම 

කුරුනෑගල නගරාධිපති වරයා දැනටමත් මහනුවර නගරාධිපති වරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව පසුගිය දිනවල පුවත්පත් වල පලවී තිබුණි. එහිදී කුරුනෑගල නගරාධිපති වරයා කියා ඇත්තේ මාලිගාව ලබා දෙන්නේ නම් කුරුනෑගල නගරයේ මාර්ග වලින් 50% හෝ වාහන ගමනා ගමනයට තහනම් කිරීමට තමන් සුදානම් බවය.

2. කලකට පෙරදී මහනුවර උසාවිය මාලිගා පරිශ්‍රයෙන් ඉවත් කිරීම මුලාදර්ශය කර ගනිමින් වැව රවුමේ පිහිටුවා ඇති මහාමායා බාලිකා විද්‍යාලය හිල්වුඩ් බාලිකා විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය ඇතුළු සියලු විද්‍යාල නගරයෙන් පිටතට ගෙනයා යුතුය.


මේ එකක් වත් කිරීමට නොහැකි නම්  නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා අතුලු  පිරිසට මහනුවර නගරය තහනම් ප්‍රදේශයක් බවට පත් කල යුත්තේ දිගින් දිගටම එල්ල වන විරෝධය නොසලකා තම මතයම පමණක් නිවැරදි යයි සලකා ඔවුන් විසින් කරන මේ අකටයුත්ත වලක්විමට අන්  මගක් නැති නිසාය. කොකාගේ මගුල් ගෙදර පැමිණෙන සියලු දෙනාම කොකුන්මෙන් උල් හොට භාවිතා කර ආහාර පාන ගැනීමට සුදානම් විය යුතුය. නැත්නම් සාගින්නේ සිටිය යුතුය යන පැරණි උපදේශය නීතිඥ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතාද දන්නවා ඇති සිතමි. 

සමරසේකර  
           







Wednesday, October 28, 2015

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුධස්ස





"නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුධස්ස"

අප බුදුන් වැඳිමේදී භාවිතා කරන මෙම පදය දසදහස් වර මුමුණා ඇත්තෙමු. සමහරවිට නිහඬව, සමහරවිට හඬනගා කියා ඇත. එහෙත්  මෙම පදය සැදුනේ කෙසේද යන්න ගැන අප කිසිදා හෝ විමසා බලා ඇත්ද? 

2009 වසරේදී මට කොළඹ රැස්වීමකට සහභාගී වීමේදී වැදගත් පෙනුමක් ඇති මහලු මහතෙක් මා ළඟ අසුනේ සිටියේය. රැස්වීම ඇරඹීමට පෙර අප දෙදෙනා අතර සිදුවූ සුහද කතා බහ අතරතුරේදී  මගේ  ඇරයුමකින් තොරවම ඔහු ඉහත සඳහන් පදය ඇතිවූ  ආකාරය විස්තර කළේය. එය මට අලුත් අදහසක් නිසා එය සටහන් කර ගැනීමට මට උවමනා උවත් එවෙලේ මග දිනපොත හැර වෙන අන් කඩදාසියක්  මා සතුව නොතිබිණ. මා කලේ එය හනික දිනපොතේ ලියා ගැනීමය.  එය මෙසේය.

සතාගිරෝ නමෝ යක්ඛෝ 
තස්ස අසුරින්ද දෝ 
භගවතෝච මහා රාජා
සක්කෝ අරහතෝ තථා
සම්මා සම්බුධස්ස බ්‍රහ්මතෝ 

නිධාන කතාව }
සාතාගිර යක්ෂයා  - අපායේ දොර වසු නිසා "න"                                          නමින් ද 
                               නිවනට දොර හැරිය නිසා "මෝ "
                               නමින්ද  බුදුන් වැන්දේය.

රාහු අසුරේන්ද්‍රයා  - තන්හාව නැති කල නිසා "ත"  
                          නමින්ද සත්‍ය හෙලිකල නිසා "අස්ස'
                              නමින්ද බුදුන් වැන්දේය.

සතර වරම් දෙවි 
රජවරු                - බුදුන් වහන්සේ රාග ද්වේශ මෝහ                              භෂ්ම කල නිසා එක් එක්  දෙව් රජු                           විසින් "භ" "ග" "ව" "තෝ " යනුවෙන්
                       කියමින්  බුදුන් වැන්දේය.

මහා බ්‍රහ්මයා    - සත්‍ය තම උත්සාහයෙන්ම අවබෝධ
                          කරගත් නිසා "සම්මා සම්බුද්ධස්ස"
                           කියමින්  බුදුන් වැන්දේය.

2009 වසරේ මා හදිසියේ ලියු මෙම සටහන මේ සතියේ හදිසියේ මගේ නෙත ගැටුනේ දුරකථන අංකයක් සෙවීමට පැරණි දිනපොත් අවුස්සා බැලීමේදීය.

මේ අගනා සටහන කියූ  මහතාගේ නම මා ලියා ගෙන නැත. ඔහු මෙය කොතැනින් උපුටා ගත්තේද යන්න හෝ මා ලියාගෙන නැත. එවැනි ප්‍රශ්නයක් එ් වෙලාවේ අසුවාද යන්න හෝ මට මතක නැත. එබැවින් මේ අදහස පැන නැගුනේ කුමන මුලාශ්‍රයකින්ද යන්න මා දන්නේ නැත. එහෙත් ඒ අදහස මා මීට පෙර නොඇසූ නිසා, නොදන්නා දෙයක් පළමු වරට දැන ගන්නා විට මා පුරුද්දක් ලෙසින් එ් ගැන සටහනක් තබා ගන්නා නිසා මේ සටහන මා අතින් ලියවිණ.

 මා මේ සටහන ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ මේ ගැන යමක් දන්නවා නම් එය මටද ගැන ගැනීමට සලස්වන්න යන ආයාචනය කරමින්ය. 

සමරසේකර   



     




Wednesday, July 22, 2015

මිලින්ද ප්‍රශ්නයෙන් හෙලිදරව්වන විශේෂ තොරතුරු

මිලින්ද ප්‍රශ්නය මැයින් රචිත බෞධ ග්‍රන්ථයක් තිබෙන බව අප කව්රුත් දන්නා කරුණකි. එයට  අන් බෞද්ධ පොත් පත් අතර සුවිශේෂ තැනක් හිමි වන්නේ බුදු දහම ගැන බටහිර මතය පලකරන පළමු පොත එය වීම නිසාය.සිංහලෙන් මිලින්ද රජු ලෙස නම් කලත් බටහිර ලෝකය දන්නා මියන්ඩර් නම් ග්‍රීක රජු සහ නාගසේන හිමියන් අතර පැවති ධර්ම සංවාදය මිලින්ද ප්‍රශ්නය තුලින් විස්තර කෙරේ.   එය විශාල පොතක් උවත්, තරමක අමාරු සිංහල භාෂා ශෛලීයකින් ලියා තිබුනත්, බුදු දහම ගැන ඇති බොහෝ ගැටළු වලට පිළිතුරු ලබා දීමට පොහොසත් එකකි. එය  අන්තර් ජාලය තුලින් බා ගෙන  කියවිය හැකිය. එහෙත්  එය ඒක දිගට කියවිය හැකි නව කතාවක් නොවේ. මා යෝජනා කරන්නේ එය ටිකෙන් ටික කියවිය යුතු පොතක් හැටියට ඔබේ පරිගණකය තුල ඇති පොත් ගොන්න තුල තබා ගැනීමටයි.

මිලින්ද ප්‍රශ්නය ගැන නොදන්නා අයගේ පහසුව තකා කෙටියෙන් විස්තර කලොත් අලෙක්සැන්ඩර්  නම ග්‍රීක රජුගේ පාලනය යටතේ පැවති සියල්කොට්  නගරයේ පාලකයාවූ  ග්‍රීක ජාතික මියැන්ඩර් රජු සහ නාගසේන මහා රැහැන් වහන්සේ අහර පැවති ධර්ම සාකච්චාව  මේ පොතේ දැක්වේ.වාදයට රුසියෙකුවූ මේ රජු සමග වාද කිරීමට නොහැකිව බොහෝ බෞද්ධ භික්ෂුන්  වහන්සේලා  පරාජයට පත්ව සිටි කාලයක නාගසේන මහා රහතුන් වහන්සේ එම අභියෝගය ජය ගත්හ. මේ වාදය පවාහි සමයේදීම පොත ලියවී නැති බවත් මුඛ පරම්පරාවෙන් කාලයක් පැවතියාට පසු එය ග්‍රන්ථා රුඪ  වී ඇති බවත් පොතේ ප්‍රස්ථාවනාවේ දැක්වේ. අද අපට දක්නට ලැබෙන  පාලි මිලින්ද ප්‍රශ්නය සිහලට පෙරලා සිංහල මිලින්ද ප්‍රශනය නුවර  යුගයේදී හිනටිකුඹුරේ සුමංගල මා හිමියන් විසින් සම්පාදනය කලත්,ඊට පෙර ලියවුනු සිංහල මිලින්ද ප්‍රශ්නය නම පොතක් හිබුන බවත් එය එකල අස්තානගතවී ඇති බවත් කියවේ.   සිංහල පොත පළමු වරට මුද්‍රණය කලේ 1875 වසරේදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ මුලිකතවයෙන්ය. පාලි මිලින්ද ප්‍රශ්නය රීස් ඩේවිස් මැති තුමා විසින් ඉංග්‍රීසියට පෙරලා ඇත.


Sunday, June 21, 2015

සමරසේකරගේ සිතුවිලි : ජිනපන්ජර සුත්‍රය

සමරසේකරගේ සිතුවිලි : ජිනපන්ජර සුත්‍රය

ජිනපන්ජර සුත්‍රය


තුන් සුත්‍රයට අමතරව මා දිනපතාම ඇසීමට කැමති තවත් සුත්‍ර දෙකක් වන්නේ ජින පන්ජරය සහ ජය පිරිතයි. එහෙත මා පාලි නොදන්නා බැවින් ජින පන්ජර සුත්‍රයෙන් දැක්වෙන නියම අදහස උකහා ගැනීමට අසමත්වී සිටියෙමි. 
මේ අතර අන්තර් ජාලයෙන් ජිනපන්ජරයේ සිංහල තේරුම දැක්වෙන මහා අනර්ඝ ලිපියක් මගේ ඇස ගැටින. එම ලිපිය සම්පාදනය කර තිබුණේ කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොලොන්නාව රජමහා විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී සියඹලාගොඩ ධම්මින්ද හිමියන් විසිනි.
 ජිනපන්ජරය අගය කරන සහුර්දයන්ගේ දන ගැනීම පිණිස  එම ලිපිය මෙය සමග ඉදිරිපත් කරමි. 






කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොළොන්නාව
රාජමහා විහාරවාසී
ගෞරව ශාස්ත්‍රවේදී
සියඹලාගොඩ ධම්මින්ද හිමි


මිනිසාට මෙන්ම සමස්ත විශ්වයටම එකසේ ආශිර්වාද ලබාදෙන ධර්ම ඇතුළත් ග්‍රන්ථයකි පිරුවානා පොත් වහන්සේ. පිරිත් පොතට ඇතුළත් සූත්‍ර දේශනාවන් අතරින් ද ජිනපඤ්ජරය සුවිශේෂී දේශනාවකි.

අටවිසි බුදුරජාණන් වහන්සේ අසූමහා ශ්‍රාවකයන් වහන්සේ පිරිත් පොතේ අඩංගු ඛන්ධ මෝර ආදී පිරිත් දේශනාවන්, සමස්ත ධර්මය ප්‍රාකාරයක් සේ පුද්ගල ශරීරයේ හිසේ සිට පාදාන්තය දක්වා පිහිටුවමින් සත්‍ය ක්‍රියා සිදුකර ආශිර්වාද කිරීම මෙහි ස්වභාවයයි. බාහිර බලවේගවල මෙන්ම වා පිත් ආදී කෝපවීමෙන් ඇතිවන සියලු ආබාධ දුරුවීම මෙහි අපේක්ෂිත ඉහළම ඵලයයි.

වාතපිත්තාදිසඤ්ජාතා - බාහිරජ්ඣන්තු පද්දවා
අසේසා විලයං යන්තු - අනන්තගුණ තේජසා
වා පිත් සෙම් කිපීමෙන් ඇතිවන රෝගද බාහිර හේතූන් නිසා ඇතිවන උපද්‍රවයෝද ඉහත සඳහන් තෙරුවන්ගේ බලයෙන් ඉතිරි නැතිව වූපසමනය වෙත්වා.
තුන්ලොවට නායක වු තණ්හංකර ආදී වූ අටවිසි බුදුවරයන් වහන්සේලා සිරස මස්තකයෙහි තබා උන්වහන්සේලාගේ ආශිර්වාදය තමනට ලැබේවා යන්න ප්‍රාර්ථනා කරමින් සූත්‍රය ආරම්භ වේ. අන්‍යයන් උදෙසා දෙසන්නේ නම් ඔවුනගේ සිරස මත අටවිසි බුදුවරයන් ගේ ආනුභාවය පිහිටුවනු ලබයි. (තණ්හඞ්රො දයෝ බුද්ධා අට්ඨවීසති නායකා) ඉන් අනතුරුව පිළිවෙළින් අනෙක් සියලු ධර්ම තේජස ලැබූ වස්තූන් මෙසේ කේසාන්තයේ සිට පාදාන්තය තෙක් පිහිටුවමින් සෑම අතින්ම ඇතිවන උපද්‍රවයන්ගේ ආරක්‍ෂාව ප්‍රාර්ථනා කරයි.
බුදුරදුන්ගේ හිස් මුදුනෙහි ද ශ්‍රී සද්ධර්මය මාගේ ඇස්වලද සියලු ගුණයන්ට ආකාර වූ අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නය මාගේ ළය මඬලෙහි ද පිහිටියාහු වෙති. අනුරුද්ධ තෙරුන් හදවතේ ද සැරියුත් හිමියන් දකුණේ ද කොණ්ඩඤ්ඤ හිමියන් පිටුපස ද මුගලන් හිමියන් වම් පසෙහි ද පිහිටුවා ලමින් ඒ සත්‍ය බලය තුළ සියලු යහපත කායිකව නිරෝගීවීම අපේක්‍ෂා කරයි. මාගේ දකුණු කනෙහි ආනන්ද රාහුල දෙනම ද කාශ්‍යප මහානාම දෙනම වම් කනෙහි ද සූර්යයා මෙන් බබළන්නා වූ ඓශ්චර්ය සම්පන්ණ වූ සෝභිත තෙරුන් කේශාන්තයේ පිටිපස කොටසෙහි ද විසිතුරු ලෙස බණ කීමෙහි සමත් ගුණයන්ට ආකර වූ කුමාර කාශ්‍යප මහාර්ෂින් මාගේ මුහුණෙහි නිරන්තරයෙන් සිටී. පුණ්ණා අංගුලිමාල, උපාලි, නන්ද, සීවලී මහ තෙරවර මාගේ නළලෙහි තිලකයක් මෙන් සිටී. මාරයා පරදවා ජයගත් ජිනරාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ සිල් තෙදින් දිලෙන්නාවූ අසූ මහා ශ්‍රාවකයෝ සෙසු ශරීරාංගයන්හි වැඩ සිටිති.
සේසාසීතිමහාථෙරා - විජිතා ජින සාවකා
ජලන්තා සීලතේජේන - අංගමංගේසු පණ්ඩිතා
මෙසේ පළමුවන ගාථා පෙළ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ සිහිපත් කරමින් එම සත්‍ය ක්‍රියාවෙන් සියලු ශරීරාවයවන් ආරක්‍ෂා කිරීමට පැවරීමක් කරදෙනු ලබයි. උන්වහන්සේලාගේ ගුණස්කන්ධය සිහිපත් කිරීමද මෙහිලා වැදගත්ය. නැගෙනහිරින් රතන සූත්‍රය ද දකුණෙන් මෙත්ත සූත්‍රයද බටහිරින් ධජග්ග සූත්‍රය වමෙන් අංඟුලිමාල සූත්‍රයද ඛන්ධ පිරිත මෝර පිරිත ද අහසෙහි ආටානාටිය සූත්‍රය ද මා වටා බැඳි ප්‍රාකාර වළල්ලක් මෙන් ආරක්‍ෂාව සපයයි. මෙලෙස ආශිර්වාදාත්මක දේශනා තමා සතුරු අපල උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂා කරන වැටක් සේ පවතීවා යන්න සූත්‍රය මධ්‍යයේදී ආශිංසනය කර ප්‍රාර්ථනා කරයි.
ධර්මය නමැති ප්‍රාකාරයෙන් අලංකාර කරන ලද ජිනරාජයන් වහන්සේගේ බලයෙන් යුත් සම්බුද්ධ සීමාවේ කටයුතු සතරකින් යුතුව වසන්නාවූ මාගේ වා පිත් සෙම කිපීමෙන් ඇතිවන්නාවූ රෝගද බාහිර හේතූන් නිසා ඇතිවන උපද්‍රවයෝ ද ඉහත සඳහන් තෙරුවන්ගේ අනන්තවූ බලයෙන් ඉතිරි නැතිව වූපසමනය වෙත්වා දිය වී යත්වා මෙලෙස උතුම් ත්‍රිවිධ රත්නය හේතුවෙන් පෙනෙන නොපෙනෙන සියලු අයහපත් බලවේග තුළින් ඇතිවන අන්තරාවන් ඉතිරියක් නොමැතිව නැතිවී යන ලෙස ආශිර්වාද කෙරේ.
ජිනපඤ්ජරය මධ්‍යයෙහි තබාගෙන මේ මිහිතලයෙහි ජීවත්වන මා මේ ඉහත දක්වන ලද පුරුෂ ශ්‍රේෂ්ඨයන් විසින් ආරක්ෂා කරනු ලබත්වා මෙසේ හාත්පසින් කරන ලද ආරක්‍ෂාව ඇති ජිනරාජයන් වහන්සේ හෙවත් බුදුරදුන්ගේ ආනුභාවයෙන් සියලු උපද්‍රවයන් දුරුකරන ලදුව සතුරු උවදුරුවලින් දුරුවූ මම බුද්ධ ආනුභාවයෙන් ආරක්‍ෂා වෙමින් ධර්මානුධර්ම ප්‍රතිපදාවන් අනුව හැසිරෙමින් ජීවත්වෙමි.
ඉච්චේව මච්චන්නකතෝ සුරක්ඛෝ
ජිනානුභාවේන ජිතූ පපද්දවෝ
බුද්ධානුභාවේන හතාරි සංඝෝ
චරාහි සද්ධම්මානුභාවපාලිතෝ
මෙසේ බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන්සංඝානුභාවයෙන් හොඳින් රැකෙන බව දක්වන අතර එය වඩා සුරක්‍ෂිත වීම සඳහා තමා පොරොන්දුවක් ද වේ. එනම් ධර්මයේ උගන්වන ලද යහපත් ප්‍රතිපදාවන්ට අනුව ජීවත්වන බවයි. මින් පැහැදිලි වන්නේ ධර්මයට අනුව ජීවත් වන්නා ධර්මය විසින් ආරක්‍ෂා කරන බවයි. එය සූත්‍රය තුළින් තුන්වතාවක්ම එකදිගට දේශනා වේ. සද්ධර්මය නමැති ප්‍රාකාරයෙන් ආරක්ෂාව ලබමි ආර්යන් වහන්සේලා අටනම අට දිසාවෙහි ද නාථවරුන් අටදෙන ඊට අමතරව ද ආරක්ෂාව සලසන අතර බුදුරදුන් වහන්සේලා උඩු වියනක් මෙන් සිට රැකවරණ ලබාදේ. මාරසේනා බිඳිමින් බුද්ධත්වයට පත් ශාස්තෘන් වහන්සේ මාගේ සිරස මුදුනෙහි වැඩ සිටී. මුගලන් මහරහතන් වහන්සේ වම් පසෙහිද සැරියුත් මහරහතන් වහන්සේ දකුණු දිසාවෙහිද හදවතේ මැද සද්ධර්මය පවතී. සූර්යයා සහිත ලෝකයට පිහිටුවන්නාවූ මයුර යෝනියට පැමිණි බෝධිසත්ව තෙමේ චර්ණ යුග්මය වේ. ( මෙලෙස ආසිංශනය කරන ගමන් අවසාන වශයෙන් මෙසේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඉතිරියක් නැතිවම විනාශ වේවායැයි සඳහන්වේ. එනම් සියලු අවමංගල උවදුරු නරක පෙර නිමිති සියලු බිය අසනීප ලෙඩ රෝග ග්‍රහ අපල නින්දා අපවාද සියලු අතුරු අන්තරා නරක සිහින පෙනීම පරූපවාද ආදී ව්‍යසනයන් සියල්ල බුද්ධානුභාවයෙන් ඉතිරි නැතිව විනාශයට පත්වේවා.
සබ්බා ව මංගලමුපද්දව දුන්නිමිත්තං
සබ්බීති රෝග ගහ දෝස මසේසනින්දා
සබ්බන්තරාය භයදුස්සුපිනං අකන්තං
බුද්ධානුභාවපවරේන පයාතු නාසං
මෙලෙස සූත්‍රාන්තයේදී බුද්ධ, ධම්ම, සංඝ යනත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සියලු උපද්‍රව දුරුවේවා යනුවෙන් මෛත්‍රී සහගතව ප්‍රාර්ථනා කරනු ලැබේ. එය මිනිසා ප්‍රමුඛ සමස්ත සත්ව වර්ගයාටම පොදු වූ ආශිර්වාදයක් ලෙස දැක්වීම වඩාත් සාධාරණ වේ.

පහතින් දැක්වෙන්නේ ජිනපන්ජර සුත්‍ර දේශනාවයි.




Monday, May 11, 2015

සමරසේකරගේ සිතුවිලි : ප්‍රතිපලය දෙස පමණක් නොව එය එතනට ගෙන ආ හේතුව දෙසද බැලිය යුතුය.

සමරසේකරගේ සිතුවිලි : ප්‍රතිපලය දෙස පමණක් නොව එය එතනට ගෙන ආ හේතුව දෙසද බැලිය යුතුය.

ප්‍රතිපලය දෙස පමණක් නොව එය එතනට ගෙන ආ හේතුව දෙසද බැලිය යුතුය.


ප්‍රතිපලය දෙස පමණක් නොව එය එතනට ගෙන ආ හේතුව දෙසද බැලිය යුතුය. 





වෙසක් සමය තුලදීම  පසුගිය සතියේ බෞද්ධ ලෝකය සසල කල පුවතක් වුයේ විශ්ව විද්‍යාල ප්‍රතිසම්පාන කොමිෂන් සභාව ඉදිරියේ අලජ්ජි ලෙසත්, සහාසික ලෙසත් හැසුරුණු තරුණ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සහ එයට පිළිතුරක් ලෙස  පොලිසියෙන් එල්ලවූ  අමානුෂික ප්‍රහාරයයි.  මින් පසු පුරුදු පරිදිම මේ සංඝයා වහන්සේලාට පමණක් නොව පොදුවේ සියලුම සංඝයා වහන්සේලාට අපහාස කරන වෙබ් පිටු පළකිරීම මෙන්ම ඒවායේ පළවූ පාඨකයන්ගේ අපහාසාත්මක අදහස් දැක්වීම්  වලද  අඩුවක් නොවිය. මෙසේ පලකල කරුණු සියල්ලම එයට පාදකවූ හේතුව ගැන කිසිවක් නොසොයා, එහෙත් අවසාන  දෘශ්‍ය ප්‍රතිඵලය දෙස පමණක් බලා කරන ලද, එහෙත් බුදු සසුනට ගැරහීමේ පරමාර්ථය ඇතිවම සිදුකල  ඒවා යයි මට සිතේ. එහෙත් මෙම ලිපිය ලිවීමේ මගේ අදහස වන්නේ  මේ තරුණ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සාධාරණ එකක් යයි යන මතයක් ඉදිරිපත් කිරීම නොවේ. එය ඇත්තෙන්ම එයට සහභාගිවූ  තරුණ භික්ෂුන් වහන්සේලා  අලජ්ජි ලෙසත්, සහාසික ලෙසත් හැසුරුණු සමාවක් හෝ අනුකම්පාවක් දිය නොහැකි  පිළිකුල් සහගත හැසිරීමකි. 

එහෙත් මෙම කාරණය කාලය විසින් යටපත් කිරීමට ඉඩ දෙනවා වෙනුවට ගැඹුරින් සාකච්චා කල යුතු වන්නේ තරුණ භික්ෂුන් වහන්සේලාගේ මෙම අලජ්ජි ලෙස හා  සහාසික ලෙස හැසුරුණු සිද්ධිය සිදුවුයේ ලෝක බෞධයන්ගේ සිත් සතන් පහන් කරන  වෙසක් පොහොය සමය තුලදී නිසාමය.  සාමාන්‍යයෙන් පොහොය දිනකදී නිර් ආගමිකයන් යයි කියා ගන්නා අයවලුන් ( මෙම කණ්ඩායමට ඇතැම් වාමාංශික   දේශ පාලන මතිමතාන්තර ප්‍රචලිත කිරීමට උත්සාහ කරන්නෝද වෙති.)   කරන්නේ කරන්නේ බුදුදහමට සහ සංඝයා වහන්සේලාට අපසාහ කරන   වෙබ් පිටු පළකිරීම සහ ඒවාට උල්පන්දම් දෙන   පාඨකයන්ගේ අපහාසාත්මක අදහස් දැක්වීම්ය. අද වනවිට  එම ලිපි වලට ලැබෙන්නේ  ඇල්මැරුණ ප්‍රතිචාර බව දැනගත් මේ අයගේ  ඊළඟ වැයම වන්නේ සරසවි වල ඉගෙන ගන්නා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඇවිස්සිමට කටයුතු කිරීමය. 
මේ කාරණය පිටු පස්සේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් මෑතදී බිඳී ගිය කොටසක්වූ පෙරටුගාමින්ය. කවුරුන් හෝ බළල් අතක් ලෙස පාවිච්චි කර තම දේශපාලන අභිලාෂයන් මුදුන් පමුනුවා ගැනීමට යත්න දරන මේ කාලකන්නින් නිසා අද ගම්බදින් විශ්වවිද්‍යාල භුමියට පැමිණෙන වැඩි දෙනා අතරමංවී සිටිති.ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් මෑතදී බිඳී ගිය කොටසක්වූ පෙරටුගාමින් විසින් අන්තරේ නමින් බලියක් අටවාගෙන  සිදු කරන මේ විනාශය අවබෝධ කරගෙන ඇති නාගරික ශිෂ්‍ය ප්‍රජාව නම් මේ තත්වය මැනවින් තේරුම් ගෙන අන්තරේට නවකයන් බිල්ගන්නා මුලික යාන්ත්‍රණය වන නවක වදයට විරුද්ධව "අලයෝ" නමින් සන්විධානවී ඉන් ලැබෙන එකමුතුබව තුලින් ශක්තිය ගෙන තම අධ්‍යාපන අරමුණ ඉදිරියටම ගෙන යති. නාගරික ශිෂ්‍ය ප්‍රජාවට අන්තරේ උගුල් වලට අසු නොවනසේ කටයුතු කිරීමට උපදෙස් දෙන්නේ  විශ්ව වීද්යාලයේ දෙවෙනි සහ  තෙවෙනි  වසරවල් වල ඉගන ගන්නා නාගරික පාසල්වල ආදී  සිසුන් විසිනි.  නමුත් ගම්බදින් සරසවි පැමිණෙන සිසුන් වෙනුවෙන් එවැනි යාන්ත්‍රනයක්  නැත.   

අඩු තරමේ  ගම්බදින් පැමිණෙන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා රැකීමට එවැනි සංවිධානයක් නැති නිසා අන්තරේ නම්වූ මේ  කාලකන්නින්ට බුදු සසුනේ එක කොටසක් වන සග සසුන  තුල වැසිකිලියක් සැදීමට ඉඩ  ලැබී  ඇත. මේ තත්වය මැඩපැවැත් විමට ගතයුතු ක්‍රියා මාර්ග ගැන බෞද්ධයන් ඉක්මනින් සාකච්චා කල යුතු කාලය එළඹ ඇත.

සමරසේකර        
  



Thursday, May 7, 2015

සමරසේකරගේ සිතුවිලි : 304 ගේම් එකේ මරණ පරීක්ෂණය.

සමරසේකරගේ සිතුවිලි : 304 ගේම් එකේ මරණ පරීක්ෂණය.

304 ගේම් එකේ මරණ පරීක්ෂණය.

අපේ රටේ දේශපාලනය ගැන මතයක් පළකිරීම තරම් මා මගේ කාලය මිඩංගු කිරීමට අකමැති තවත් වෙනත් මාතෘකාවක් නැත. එහෙත් මගේ කැමැත්ත හෝ අකමැත්ත කෙසේ වෙතත් මේ රටේ පුරවැසියෙකු හැටියට 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා ශන්ශෝධනය ක්‍රියාත්මක වීමේදී එය  මට පෞද්ගලිකවද බලපාන කරුණක් වන  නිසා, 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා ශන්ශෝධනය  ආරම්භවීම සහ එය සම්මත කරගැනීමේ අවස්ථාව  ගැන මට සිතුනු දේ මා විසින් මිට කලින් ලිපි දෙකක්ම ලියා ඇත. එබැවින් එහි අවසානය සිදුවූ අන්දමද මට වැටහෙන පරිද්දෙන් ලියා දැක්වීමට සිතුවෙමි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවී අවසානය. එහෙත් එයට දායකවූ සියලුම දෙනා ඉන්නේ අසන්තෝශයෙනි. ඒ තම අභිමතාර්ථය එලෙසම ඉටු නොවූ නිසාය. නමුත් ඔවුන් කට හැර ඒ බව රටට කියන්නේ  නැත. ඒ වෙනුවට දියඹේදී පෙරලුන ඔරුවේ අනෙක් පැත්තට නැග පෙරලුන පිට හොඳයි කියා අපට කියා දෙමින් අපද එය පිළිගත යුතු යයි බල කරති. රටේ සාමාන්‍ය ජනයා 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිලි ගත්තේ ඇල්  මැරුණ ස්වභාවයෙනි. මහමගදී රුප පෙට්ටිය ඉදිරියට පැමිණි බොහෝ දෙනා කිව්වේ තමන් මේ 19 ගැන මොකුත්ම දන්නා නැති බවය. ඉන් පෙනෙන්නේ මේ අයගෙන් වැඩි දෙනා අදාළ කාරණය ගැන පුවත් පත් වල පලවූ දේවල් කියවා නැති බවය. නැත්නම් රුප පෙට්ටියේ පැවති සංවාද නැරඹීමට උනන්දුවක් දක්වා නැති බවය.  ඔවුන්ගේ සිත් සතන් පැහැර  ගැනීමට සමත් දෙයක් එහි නොමැති නිසා ඔවුන් ඒ ගැන උනන්දුවී නැති  බව සිතීම නිවැරදිය.

විධායක ජනාධිපති ධුරය නම් රාක්ෂයෙක් ඇතැයිද එය නැති කිරීම මේ කාලයේදී කලයුතු ලොකුම කාරිය කියලා ආරම්භක හොරනැව පිම්බේ මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවෝය. එසේ මුලික අඩිතාලම දැමු නායක හාමුදුරුවන්ට මේ විධායක ජනාධිපති ධුරය අවසන් කිරීම ගැන කාර්ය සැලැස්මක් ගැන කල්පනාවී තිබුණේ  නැතැයි මට සිතේ. ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සම්පාදනය සරල කරුනක්සේ සිතු  උන් වහන්සේ කල්පනා කරන්නට ඇත්තේ කුමන හෝ කාරණයක් උදෙසා ලබා ගන්නා ජන වරමින් සියල්ලම කල හැකි බවය. ඒ අනුව කටයුතු කල උන් වහන්සේ අද රටේ පවතින සියලුම ගැටළු වලට මුලික හේතුව වන විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට පෙළ ගැසෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ.උන්වහන්සේගේ සිතුවිල්ල හරි උවත්  එම කාරණය උදෙසා ජනවරම ඉල්ලු අවස්තාව වැරදිය. ජනවාරි මාසයේදී එළඹ තිබුණේ ව්‍යස්ථා සම්පාදනය කරන පාර්ලිමේන්තුව පත්කර ගැනීමේ චන්දයක් නොව විධායකය වෙනස් කරන මැතිවරණයකි. විධායක ජනාධිපතිවරයා කැමැත්තක් දැක්උවත් ඔහුට විවස්තාදායකයේ අනුමැතිය නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ අකුරක් හෝ වෙනස් කල නොහැකි බව   සෝභිත නායක හාමුදුරුවන්ගේ කල්පනාවට භාජන වුයේ නැත.

මේ පෙරහැරට සෝභිතනායක හාමුදුරුවන්ගේ සහායට අතුරලියේ රතන හාමුදුරුවන්ද එක්වුහ. හෙළ උරුමයේ නායක රතන හාමුදුරුවන් ජනතාවට පැවසුවේ විධායක ජනාධිපති ධුරයේ බලතල සිමා කිරීමට හිටපු ජනාධිපති වරයාගෙන් ඉල්ලු නමුත් එය ඉටු නොවුන බැවින් කෙසේ හෝ මෙවර ඔහු පැරදවිය යුතුය කියාය. එය හරියට සෝභිත නායක හාමුදුරුවන්ගේ හොරනැ නාදය අනුව යමින්  රතන හාමුදුරුවන් ගැසූ හේවිසි පදයක් යයි මට සිතේ. මේ හොරනැ  සහ හේවිසි පදය අනුගමනය කරමින් විවිධ පරමාර්ථ වලින් හිස් පුරවා ගත් විවධ  තරාතිරමේ නැට්ටුවෝ, බෙර කරුවෝ, පෙරහරට එක්  වුහ. ජනතාවට විවිධ පොරොන්දු දුන්හ.එහෙත් ව්‍යස්ථාව වෙනස් කරන ආකාරය ගැන ඉඟියක්වත් නොකළහ. අවසානයේදි අපේක්ෂිත ජන වරම ලැබිණ. දින 100 කාර්‍ය වැඩ සටහනක් රටට ඉදිරිපත් විය.

නිතිය අර්ථ නිරුපනය කරන දැනමුත්තෝ එකතු වුහ.විධායක ජනාධිපති බලතල නැති කරන කෙටුම් පත සකස් කළහ. එසේ සකස් කරන අවස්ථාවේදී ඔවුන්ට තේරුම් ගියේ jr  ලොක්කා ව්‍යවස්ථාදායකයේ 5/6 ක බහුතර බලයක් ලබා ගැනීමෙන් පසුව  සිය සහෝදරයන්ගේ සහාය ඇතිව ඇමරිකාවේ,ප්‍රංශයේ සහ රුසියාවේ ආදී රටවල විධායක ජනාධිපති වරුන්ගේ බලතල අධ්‍යයන කර වසර 1 1/2 වැඩි කාලයක් කැප කර තැනු ව්‍යවස්ථාව ලෙහෙසියෙන්  සංශෝධනය නොකළ හැකි පරිද්දෙන් උගුල් කීපයක්ම අටවා ඇති බවය. වර්තමාන ව්‍යස්තාදායකය තුල සුළුතරයක්වී සිටින වත්මන් අගමැතිගේ උපදෙස් අනුව කටයුතු කල, පොතෙන් පමණක් නීතිය උගත් නීති ලොක්කෝ පුරුදු විධියට පවතින නිතිය තුලින් රිංගා යාමට උත්සාහ කලද අධිකරණයේදී එය කල නොහැකිවිය. එම කෙටුම්පත අධිකරණයේදී පරාජය කලේ චන්ද්‍රිකාගේ සුනාමි සහන මණ්ඩල කෙටුම්පත අධිකරණයේදී පරාජය කල ප්‍රයෝගික නීති විශාරදයෙකු වන උදය ගම්මන්පිල මහතාය.පොතෙන් පමණක් නීතිය උගත් නීති ලොක්කෝ පැරදුනහ. 

උසාවියෙන් කරගත නොහැකිවූ දෙය ව්‍යස්ථාදායකය තුල අදාළ පනත සම්මත කිරීම තුලින් කරගැනීමට නොහැකිවූයේ  වර්තමානයේ සිටින සුළුතරයේ අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂය,  1978 දි පාර්ලිමේන්තුවේ සිටි බහුතරයේ අගමැති ලෙස රඟපාන්න ගිය නිසාය. ඉදිරිපත්වූ පනතට එරෙහිව පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ සංශෝධන 137ක්  එහි බහුතරයවූ විපක්ෂය විසින් ඉදිරිපත්  කල අතර, ඉන් 107ක්ම අනුමතවිය.  පාර්ලිමේන්තුව විසිරවීමේ කාලය ගැන ජනාධිපති බලය ඉවත් වුයේ අත්වැරැද්දක් නිසාය . එය කාරක සභාවේදී විවාදයට ගත් අංක 19 විශයාන්කයේදී අදාළ  සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතව සිටි  දිනේෂ් ගුනර්ධන ලොක්කාට සිදුවූ අත් වැරැද්දක් නිසාමය. විශයාංක  23 අමුමතිය සඳහා ඉදිරිපත් කරන වෙලාවේදී දිනේෂ් ලොක්කා විශයාංක 19 ගැන කතා කලත්, කතානායකතුමා පැවසුවේ දැන් 19 සමත්වී අවසන් නිසා එය නැවත ආපස්සට ගැනීමට නොහැකි බවය.   

මේ සියල්ලෙන්ම මට තේරුම් ගිය කාරණයක් වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ශන්ශෝධනය එය කෙටුම්පත් කල අයගේ පරමාර්ථ ඉටු නොකළ එකක් බවය. 
සමරසේකර  

Monday, May 4, 2015

සමරසේකරගේ සිතුවිලි : වෙසක් සුභ පැතුම්

සමරසේකරගේ සිතුවිලි : වෙසක් සුභ පැතුම්

වෙසක් සුභ පැතුම්

"පුන්න සසක් 
ඔන්න වෙසක් 
මෙන්න පතක් 
වෙන්න මතක් "

මා සෑම පෝය දිනකම කරන්නාක් මෙන්ම මෙවර වෙසක්  පෝ දිනයේදීද  සිල් ගැනීම අමතක නොකළ බැවින් මෙම blog පිටුවට පැමිණෙන සහ එය කියවන සහුර්දයන් වෙත වෙසක් සුභ පැතුම් ගෙන ඒමට ප්‍රමාද විය. එයට කමන්න.

අප මහා බෝසතානන්  වහන්සේ පුරා හය  අව්රුද්දක් දුෂ්කරක්‍රියා සිදුකල ගල්ලෙනේ අද දින තැන්පත් කර තිබෙන,බෝසතානන් වහන්සේගේ වැහැරුණු,විඩාවට පත්වුණු මෙම දුර්ලභ ප්‍රතිමාවේ   චායාරූපයක්  මගේ වෙසක් සුභ පැතුමට  එක්  කිරීමට කැමැත්තෙමි.

   

සමරසේකර 
  

Wednesday, April 22, 2015

සමරසේකරගේ සිතුවිලි : සමරසේකරගේ සිතුවිලි : 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් කාඩ් කුට්ටම අනමින් සෙල්ලම් කරන 305 game එකටත් බලපාන්නේ එකම නිතියද?

සමරසේකරගේ සිතුවිලි : සමරසේකරගේ සිතුවිලි : 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් කාඩ් කුට්ටම අනමින් සෙල්ලම් කරන 305 game එකටත් බලපාන්නේ එකම නිතියද?

304 ගේම් එක තවමත් ඉවර නැත.

19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ශන්ශෝධනය කරන්නට හදන විදිය හරියටම 304 ගේම් එක සෙල්ලම් කරන්න හදන ආකාරයට කරන්න හදනවා වාගෙයි කියලා මා මිට කලින් ලිව්වනෙ. එතැනදී මම 304 වෙනුවට 505 කියල වැරදියට ලිව්වත් මා ඉදිරිපත් කල  අදහස සනාථ කිරීමට භාවිතා කල කරුණු වල වෙන වැරැද්දක් තිබුණේ නැහැ.

පාර්ලිමේන්තුව තුල සිදුවන  විවාද විවාද  සජිවව බැලීමට tv එකේ 91 චැනලය තියෙන නිසාත්,ඒවා නිවාඩු පාඩුව බැලීමට තරම් රුපවාහිනි තාක්ෂනය අද අප රටේ දියුණුවී තිබිමත් නිසා මට ඊයේ හවස රුප පෙට්ටිය ළඟ ඉඳගෙන,  ඊයේ උදේ සිදුවුණු විවාද සංස්කරණයකින් තොරව සම්පුර්ණයෙන් බැලීමට හැකි උනා. මා එසේ උනන්දු උනේ එදින 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව ඉදිරිපත් කරන බවට තිබු ප්‍රචාරය නිසයි. නමුත් අල්ලස් කොමිෂන් සභාවේ නව අධක්ෂ ජනරාල් තුමියගේ ක්‍රියා කලාපය ගැන පෙරේදා ඇතිවූ අලකලංචිය ඊයේ පාර්ලිමේන්තුව ආරම්භයේදීම නිමා නොවුන  බැවින් මගේ අභිලාශය ඉටුවූයේ නැහැ. ඒත් එම අලකලන්චියත් සමනය කිරීමට ගත් ක්‍රියාමාර්ගය තවත් 304 ගේම් එකක් සෙල්ලම් කිරීම වාගේ දෙයක් ලෙස  මට හැඟුණ නිසා ඒ ගැනත් ටිකක් ලියන්න ඕනෑ.

 සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව හඳුන්වන්නේ නීති සම්පාදකයන් යන අර්ථයෙන් තමයි. මේ නීති සම්පාදකයන් නීතිඥයන්ම නොවුනාට ඒ අයට උසාවියකදී නඩුකාර හාමුදුරුවන්ට දක්වන ගරුත්වය වගේ ගරු සැලකිල්ලකුත් මෙන්ම පහසුකම්ද ලැබෙනවා.මම මින් අදහස් කරන්නේ සාමාන්‍ය විධියට අපි දන්නා වාහන බලපත්‍ර,වෛද්‍ය පහසුකම්, විශ්‍රාම වැටුප්   වැනි පහසුකම් ගැන නොවේ. පාර්ලිමේන්තුවේ ඕනෑම විෂයයක් ගැන හැදෑරීමට අවශ්‍ය අංග සම්පුර්ණ පුස්තකාලයක් තිබෙනවා.එමෙන්ම තමන්ට අවශ්‍ය වෙනත් ඕනෑම තොරතුරක් එසැනින් ලබා ගත හැකි සන්නිවේදනය ජාලයක් තිබෙනවා. ඒ ඒ ඇමතිවරයාට වෙන්වූ කාර්යාලයක් තිබෙනවා. නමුත්  සාමාන්‍ය පුද්ගලයෙකුට මේ පහසුකම් නොමිලයේ  ලැබීම සිහිනයක් විතරයි. එපමණක් නොව මැතිනියගේ කාලේ හදපු  ක්‍රමයක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වීමේ සුදුසුකම මතම නීති විද්‍යාලයට ඇතුලත්වී එහි අධ්‍යාපනය ලැබීමෙන් පසු නීතිඥ වරයෙක් ලෙස වෘතිය සුදුසුකම් ලැබීමටද පුළුවන්.

        අනෙක් කරුණ කිසිදු මන්ත්‍රී වරයෙකුට පාර්ලිමේන්තුව තුල හිටිහැටියේ දඩස් ගා නැගිටලා ප්‍රශ්න අහන බැහැ.ප්‍රකාශයක් කරන්න බැහැ. ඒවා කලින් කතා නායක වරයාට ඉදිරිපත් කරන්න ඕනෑ. කතානායක කාර්යාලය ඒවා අදාළ ඇමතිවරයාට යොමු කරන නිසා ඇමතිවරයාට සිද්ධිය අධ්‍යයන කර අංග සම්පුර්ණ නිවැරදි උත්තරයක් දෙන්නට හෝ උත්තර දීමට කාලක් ඉල්ලන්න පුළුවන්. 

අල්ලස් කොමසාරිස් ජනරාල් තුමිය හිටපු ජනාධිපතිවරයාට සිතාසි නිකුත් කිරීමේ ප්‍රශ්නය මේ විධියට දැනමුත්තෝ අධ්‍යනය කළා නම් දින දෙකක් කාලය නාස්ති කර ලබා ගත් උත්තරය   විනාඩි 5 කින් විසඳා මේ ගැටළුව විසඳා ගන්න ඉඩ තිබුනා. අගමැති,සභානායක,සහ අධිකරණ ඇමති කියන්නෙ ඒගොල්ලෝ කැමති උනත් නැති උනත් කළමනා කරුවන්. ඒ කියන්නෙ තීරණ  ගන්නන්. නමුත් නීතිඥයෝ  නෙමෙයි. නීතිඥයෝ කියන්නෙ තීරණ ගන්නන්ට තම තීරණය ගැනීමට ආධාරක සපයන්නෝ පමණයි. මේ නිසයි ගැටලුවකදී පැමිණිල්ලේ නීතිඥ වරයා කියන කරුණට හාත්පසින්ම වෙනස් කරුණක් විත්තියේ නීතිඥයා කියන්නෙ . මෙතැනදී ඒ දෙන්නාම තමන්ට වාසි කරුණු විතරක් කියන්නෙ හරියට 304 ගේම් එකක් සෙල්ලම් කරනවා වාගෙයි.

හොඳ තීරණ ගන්නෝ පළමුව, තමන් කැමති දේ හෝ තමන් දන්නා දේ තීරණ ලෙස ප්‍රකාශ කිරීමට පෙර තම රාජකාරිය වන තීරණ ගැනීම අඩංගුවන  කළමනාකරණ මුලධර්ම කුමක්දැයි හරියට දැනගත යුතුය. මා දන්නා පරිදි කලමනාකරණය යනු හරි දේ හරියට කිරීමයි. වැරදි දේ හරියට කිරීම හෝ හරි දේ වැරදියට කිරීම කළමනාකරණය නොවේ. මෙය අධිකරණ ඇමතිවරයා දැන සිටියේ නම් මුලින්ම සිතාසි අත්සන් කිරීමේ බලධාරියා වන අල්ලස් කොමිසමේ සභාපතිවරයාගේ අත්සන රහිතව ප්‍රශ්නගත සිතාසිය නිකුත්වී ඇතිබව මුලින්ම දැනගැනීමට ඉඩ තිබිණ   එමෙන්ම අල්ලස්  පනතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ වගන්තිත් අතර ගැටුමක් ඇත්නම් එය මගහරවා විමර්ශනය කරන ආකාරයත් ගැන සිතීමට ඉඩක් තිබින්න. ඒඅනුව සුදුසු උත්තරයක් ලබාදී ප්‍රශ්නය මුලින් උපුටා දැමීමට ඉඩ තිබිණ. ඇමතිවරයා කළමනාකරුවෙක් ලෙස මේ ගැටලුව දෙස බැලුවේ නම් අවසානයේදී ඔහු එළඹී විසඳුමට මුලින්ම පැමිණීමට ඔහුට බාධාවක් නොතිබිණ.

නමුත් ප්‍රශ්නය කළමනාකරුවන්ගේ ඇසින් නොව නීතිඥයන්ගේ ඇසින් බලා විසඳීමට යාම නිසා ඇතිවූ අලකලංචිය ඊයේ සජීවීව විවාදය බැලු සාමාන්‍ය ජනයාට හොඳින්ම වැටහින. අවසාන ප්‍රතිඵලය වුයේ කොමසාරිස් ජනරාල් තුමිය නෙරපන යෝජනාවක් සම්මත විමය. එකී ලිපිය අද මව්බිම පත්‍රයෙන් කියවූ මට තේරුනේ එම කොමසාරිස්ගේ වැටුප තීරණය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුව තිබෙන බැවින් සද්භාවයෙන් කටයුතු නොකළ ඇය නෙරපීමේ බලය පාර්ලිමේන්තුව සතු බවය. ඒ යෝජනාව අවසාන වන්නේ කෙසේද යන නම් මා නොදනිමි .

කෙසේ නමුත් මෙම කරුණින් වැදගත් සාධක දෙකක් මැනවින් පැහැදිලි විය.

1.  ස්වාධින කොමිෂන් සභා වල නිලධාරින් පිස්සු කෙලින විට ඔවුන් හික්මවා ගැනීමේ යාන්ත්‍රණයක් අවශ්‍යම බවය.අඩු තරමේ මේ ස්වාධින කොමිෂන් සභා පාර්ලිමේන්තුවේ ස්ථිර තේරීම් කාරක සභාවක පාලනයට හෝ යටත විය යුතුය. 

2. රටේ පාලනය ගැන තීරණ ගත යුත්තේ කළමනා කරුවන් මිස නීතිඥයන් නොවේ. කළමනාකරුවන්ගේ අදහස් නීතිමය රාමුව යටතේ ලිවිම පමණක් නීතිඥයන්ගේ රාජකාරිය විය  යුතුය.
  

සමරසේකර        

Sunday, April 19, 2015

සමරසේකරගේ සිතුවිලි : 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් කාඩ් කුට්ටම අනමින් සෙල්ලම් කරන 305 game එකටත් බලපාන්නේ එකම නිතියද?

සමරසේකරගේ සිතුවිලි : 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් කාඩ් කුට්ටම අනමින් සෙල්ලම් කරන 305 game එකටත් බලපාන්නේ එකම නිතියද?

19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් කාඩ් කුට්ටම අනමින් සෙල්ලම් කරන 305 game එකටත් බලපාන්නේ එකම නිතියද?

කාඩ් පැක් එකෙන් කරන බොහෝ ක්‍රීඩාවන් තිබුනත් ඒක සාමාන්‍ය ජනයා අතර ප්‍රසිද්ධවී ඇත්තේ බුරුවා කුට්ටම සහ බුරුවා ගහනවා වැනි පදයන් ගෙනි. ඇත්තෙන්ම  කොළ 52කින් සපිරි කාඩ් පැක්  එක පුදුම නිර්මානයක් මෙන්ම එය භාවිතා කරමින් කරන විවිධ ක්‍රීඩාවන්ගෙන්ද විවිධ ආශ්වාදයන් සාමාන්‍ය ජනතාවට ගෙන දෙයි. මළ ගෙදරකදී සවසට එකතුවන තරුණ පිරිස මිනිය තනි නොකර අවදියෙන් සිටීමට පාවිච්චි කරන එක් උත්තේජනයක් වන්නේ කාඩ් පත ආධාරයෙන් ඕමි අතක් බැලීමයි. සමහර තැන් වලදී මළගම හේතුවක් කර ගෙන බුරුවා ගහන අවස්ථාද නැත්තේ නොවේ. 

ඕමි අතක් බැලීමෙන් දිනීම 305 සෙල්ලම් කිරීමෙන් ලැබෙන දිනුමට වඩා  වෙනස් වන්නේ ඕමි අතක් බැලීමේදී තම පිලට එන ගොඩ වැඩි කිරීමෙන් දිනුම ලැබෙන අතර,ආරම්භයේදීම තුරුම්පුව හෙළිදරව් කෙරේ. සාමාන්‍යයෙන් 305 සෙල්ලමේදී තුරුම්පු හෙළිදරව්  කරන්නේ නැත. එසේ කරන්නේ තමන්ට හොඳින්ම ජයග්‍රහණය විශ්වාසවූ විටය. එමෙන්ම  තම පිලට එන ලකුණු වැඩි කර ගැනීමට   මෙන්ම අනෙක් පිලට වාසි වෙන අවස්තාවකදී එම පිලට අඩු ලකුණක් ලැබෙන පරිදි උපායශීලිව කටයුතු කිරීමක් සිදු කෙරෙන නිසා 305 සෙල්ලම් කිරීම ඕමි සෙල්ලම් කිරීමෙන් පැහැදිලිවම වෙනස් වෙයි. මේ සෙල්ලම් දෙකේදීම සෙල්ලම් කරන්නන්ගේ ඉහට උඩින් සිට දෙපැත්තේම කොළ බලා සිටින මධ්‍යස්ථ ප්‍රේක්ෂකයෝ මෙන්ම තම පිලේ ජයග්‍රහණය අපේක්ෂා කරමින් විවිධාකාර මට්ටමින් උපදෙස් දෙන ප්‍රේක්ෂකයෝද සිටිති.  
 අද අප රටේ සාකච්චා කරන 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ශන්ශෝධනයද මට නම් පෙනෙන්නේ හරියට 305 ක්‍රීඩාව සෙල්ලම් කිරීමක් ලෙසටය. ගේම සිදු කරන්නේ පාර්ලිමේන්තුව තුලය. මේ  රටේ ජිවත්වන සියලුම මහජනයා ප්‍රේක්ෂකයෝය. සාමාන්‍යයෙන් මල ගෙදරකදී එහි රැඳී සිටින සියලුම දෙනා කාඩ් සෙල්ලම ගැන උනන්දුවක් නොදක්වනවා මෙන්ම රටේ  සියලුම ජනතාව  අඩුවැඩි වශයෙන් මේ ව්‍යවස්ථා ශන්ශෝධනය ගැන උනන්දුවක් දක්වන්නේ නැත. හැබැයි ඕමි ගහනවා කියල පෙන්නලා බුරු පොලක් එතන පැවැත්වුවොත් ඒ බුරු පොලට පනින පොලිසිය එතන සිටින සියලුම දෙනා කුදලා ගෙන යන්නේ බුරු ගැහැව්වා හෝ නැතා තමන් එතන සිටීම හේතුකොට ගෙනය. ඒවාගේම තමන් උනන්දුවක් දැක්වුවත් නැතත් දැනට කිරීමට උත්සාහ කරන  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ශන්ශෝධනය කෙරුනොත් ඉන් සිදුවන බලපෑමට නම් මේ  රටේ ඉන්නා සියළුම දෙනා යටත්විය යුතුය.

මේ සෙල්ලමේ ආරම්භයේ සිටම එහි තුරුම්පු හංගා ඇත්තේ ව්‍යවස්ථා සම්පාදනය භාරව සිටින්නේ කුමන ඇමති වරයාටද යන්න ජනතාවගෙන් හැන්ඟීමෙනි.මට නම් සිතුනේ මේ ව්‍යවස්ථා ශන්ශෝධනය  සම්පාදනය කල  ලොක්කාට  ජනාධිපතිගේ ව්‍යවස්ථා සම්පාදක ලෙසින් උපදේශක පදවියක් ලැබූ නිසා මෙම 19 වන    ශන්ශෝධනය පිටු පසින් ඉන්නේ මෑත කාලයේදී 62 ලක්ෂයක ජන වරම ලැබූ ජනාධිපති බවය. නමුත්   එය එසේ නොව ව්‍යවස්ථා සම්පාදන විෂයය භාරව සිටින්නේ අගමැතිවරයා බව මේ ශන්ශෝධනය කෙටුම්පත් කල නිතිඥ ලොක්කාගෙන් ඊයේ අහම්බෙන්  එළිදරව් විය. (වර්තමාන  අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නොමැතිව එම අගමැති  තනතුර ලැබුන සැටි කව්රුත් දන්නා දෙයකි. එතුමාගේ මදක් ඈත අතීතය දෙස බැලුවොත් එකල සිටි ජනාධිපති තුමියටත් නොදන්වා 2002 වසරේ සාම ගිවිසුම ගහපු හැටි සහ ඒකෙන් රටට සිදුවූ අබග්ගය මෙන්ම ඊයේ පෙරේදා මහ බැංකුවට අධිපති කෙනෙක් පත් කරලා රටට රුපියල් බිලියන 40 ක පාඩුවක් සිදු කර මොකුත් නොදන්නා බබා වගේ ඉන්න හැටි රටම දනී.) 

පුරෝහිතයෝ සෙට් එක තම පිලේ වාසියට පාස් කල දෙවෙනි ඉහල කොලේ නම් මේ ශන්ශෝධනය හදිසි පනතක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමයි. මේ වෙලාවේ හෙළ උරුමය තුරුම්පු කොලයක් භාවිතා කර එම අතේ වාසිය තමන්ගේ අතට ගත් නිසා පුරෝහිතයන් විසින්  මුලින් තම වාසියට පාස් කල ලොකු කොලයෙන්  පලක් වුයේ නැත. මේ අනුව 19 ව්‍යවස්ථා ශන්ශෝධනය සාමාන්‍ය පනතක් ලෙසින් ගැසට් කර, එය පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන විමසීමට  අධිකරණයට ගිය අතර එය පක්ෂ විපක්ෂ පෙත්සම් 19ක් අනුව විභාගයට ගෙන අධිකරණයේ මතය ප්‍රකාශ විය. අධිකරණයේ මතය මහජනයාගේ දැනගැනීමට එලියට ආවේ පාර්ලිමේන්තුවේදීය. මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේ 2/3 කේ චන්දයෙන් සම්මත වීමෙන් පසු  ජනමත විචාරණයකට යා යුතුය යන අධිකරණයේ මතය දැක්වෙන වගන්ති ඉවත් කර, 2/3 කේ චන්දයෙන් සම්මත විය යුතු ඉතිරි වගන්ති පමණක් ව්‍යවස්ථා ශන්ශෝධනයට ඉදිරිපත් කරන බවය.

මෙතැනදී පුරෝහිතයෝ තුරුම්පුව මේක යයි නොපෙන්වා නමුත් තුරුම්පු කොලයක් ඇද්දේය.එසේ කලේ තමන්ට අවාසියට තියෙන තුරුම්පු එලියට ගැනීමට යයි මට සිතේ. එය 305 ගේම් එකකදී සාමාන්‍යයෙන් කරන දෙයකි. එනම් මුලින් කී ගැසට් පත්‍රයේ නොමැති,පිටු 12කින් යුත්ජනාධිපති වරයාගේ බලතල අගමැතිවරයාට පවරන කරුණු අඩංගු වාර්තාවක් අධිකරණයට යවා එහි පිටපත් පාර්ලිමේන්තුවේ ඒ ගැන උනන්දුවක් දක්වන මන්ත්‍රී වරුන්ට පමණක් උත්සාහයෙන් ලබා ගත හැකි විධියට එළි දැක්වීමයි. ඒ ගැන පාර්ලිමේන්තුවේදී මතුවූ ප්‍රශ්න කිරීම් වලදී අගමැතිවරයා උත්තර දුන්නේ පනතක් ඉදිරිපත් කිරීමේදී එවැනි අතිරේක මතුවීම ස්වභාවික බවත්,අධිකරණය විසින් එම කරුණුද සලකා ඇති බවත්ය. තවදුරටත් එදින අගමැතිවරයා කියා සිටියේ අධිකරණයේ සිටි නීතිඥ මහත්වරු කිසිවෙකු ඒ ගැන විරුද්ධ වුයේ නැති බවය. නීතිය සාමාන්‍ය දැනුමක් ඇති මා අගමැති වරයා පාර්ලිමේන්තුවට දැක්වුයේ සත්‍යයක් යයි සිතිමි. 
එහත් පසුව අදාළ කරුණ අධ්‍යයන කිරීමෙන් පසු මට තේරුම් ගියේ අධිකරණය පසුව ඔවුන්ට ඉදිරිපත් කල ලියවිල්ල ගැන නිහඬවී ඇති බවය. මන්ද ඒ ගැන මතය පල කිරීමට ඔවුන්ට පැවරුන බලයක් නැති නිසාය.මේ පිටු 12කින් සමන්විත ලියවිල්ල ගැසට් කල එකක් නොවන නිසා සාමාන්‍ය මහජනයා එහි ඇත්තේ මොනවාද කියා හරියටම දන්නේ නැත. කනින් කොනින් ඇසෙන්නේ අධිකරණය 2/3කේ චන්දයට අමතරව ජනමත විචාරණයට යා යුතු යයි කියා ඇති සියලුම කරුණු එනම් අගමැති වරයාට  සුවිශේෂ  බලයක් ලැබෙන කරුණු එහි ඇති බවය. එය 2/3 කේ චන්දයට සහ ජනමත විචාරණයට නොගොස් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ශන්ශෝධන ලෙසින් ඉදිරිපත් කර එය සාමාන්‍ය   වැඩි චන්දයෙන් පමණක් සම්මත කිරීම සැහේ යයි දැන මුත්තෝ තර්ක කරති. තවත් සමහරු පවසා ඇත්තේ කාරක සභා අවස්ථාවේදී ශන්ශෝධන කල හැක්කේ පනතේ මුලික හරයට බධාවක් නොවන කරුණු නිසා එය කල නොහැකි බවත්,කලයුත්තේ නව එකතුව ගැසට් කර එය ගැන අධිකරණයේ අභිමතය විමසිය යුතු බවය.

  මට තේරෙන අන්දමට පසුගියදා නියෝජ්‍ය කතානායක තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම තීරණයකට නොපැමිණ ප්‍රශ්නය අද දිනට කල් ගියේ ඒ නිසාය. අද දින  දැනගැනීමට ඇත්තේ මේ ගැටලුව හෙට දින එනම් 20 දා  සොයා බලන බවය. 

ඉතින් 305 ගේම් එක ඉවර නොවී තවම සෙල්ලම් කරන මටමේ තිබෙන නිසා මේකෙන් දිනන්නේ කවුද කියා දැන්මම අනාවැකි පල කරන්න බැරිය. 

සමරසේකර              



   

Thursday, April 16, 2015

සමරසේකරගේ සිතුවිලි : 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයත් හරියට එකක් කඩතොළු මකා ගන්නට ගොසින් සිදුවූ කාරියා..... වාගෙ එකක් වේවිද?

සමරසේකරගේ සිතුවිලි : 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයත් හරියට එකක් කඩතොළු මකා ගන්නට ගොසින් සිදුවූ කාරියා..... වාගෙ එකක් වේවිද?

19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයත් හරියට එකක් කඩතොළු මකා ගන්නට ගොසින් සිදුවූ කාරියා..... වාගෙ එකක් වේවිද?

19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයත්  හරියට එකක් කඩතොළු මකා ගන්නට ගොසින් සිදුවූ කාරියා..... වාගෙ එකක් වේවිද? 

සිංහල අලුත් අවුරුදු සමයේ ගතවුණු නොනගතය කාලයේ පොතක් පතක් බලන්න හෝ වෙනයම් කටයුත්තක් කරන්න ඉඩක් නැති වෙලාවේ පසුගිය සමයේ මහත් ආන්දෝලනයට පත්වූ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා සංශෝධන ප්‍රයත්නය ගැන මගේ සිතේ ඇතිවූ අදහස් ටික අද ලියන්න හිතුවා. මේ අදහස් වලට මුල බීජය සැපයුවේ http://drackey.blogspot.com/ ලියන draki සොයුරා බව ඉස්සරවෙලාම මතක් කරන්න ඕනෑ.
 පළමුවෙන්ම ලියන්න ඕනෑ කාරණය නම් මම නීතිඥක් හෝ වෙන්ඩ නීතිඥයෙක් හෝ හංසයාට චන්දය දුන් අයෙක්  නොවන නිසා ඉහතකී අන්ත දෙකෙන්ම  බැහැරවී  මේ රටේ ජිවත්වන සාමාන්‍ය පුද්ගලයෙක් මේ ව්‍යස්ථා සංශෝධනය ගැන සිතන ආකාරය ලිවිම මගේ අරමුන බවය. මම එහෙම ලියන්න හිතුවේ මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඇතිවන ප්‍රයෝගික ක්‍රියාකාරිත්වය නිසා  මතුවිය හැකි  බලපෑම් වලට   අපි සියලු දෙනාම ගොදුරු වන හෙයින් සාමාන්‍ය පුද්ගලයෙක් මේ ගැන හිතන්නේ  කෙසේද කියා දැක්වීමටය.

 පුද්ගලයෝ හැටියට අපි සියලු දෙනාම අඩුවැඩි වශයෙන් ගත්තොත් අන් අය යටතේ ඉන්නට  අකමැත්තක් දක්වන නිසා පදයක් හැටියට ගත්තොත් ජනාධිපතිගේ බලතල අඩු කිරීම යන්න හොඳට විකුනන්න පුලුවන් මාතෘකාවක් තමයි. ඒ උනත් මේ බලතල අඩුකිරීම ගැන ඇති පසුගිය අද්දැකීම් වල එනම් 17 වන ආණ්ඩුක්‍රම විව්‍යස්ථා සංශෝධනයෙන් පසුව මහජනතාවට ඇතිවූ බලපෑම ගැන නැවත වතාවක් හිතලා බලන්න කාලය ඇවිත්.

 ඒ කාලේ තමන් ස්වාධින නිසා කාටවත් අඩු තරමේ පාර්ලිමේන්තුවටවත් යටත් නැහැ කියල රාජ්‍ය සේවා කොමිසම නටපු පිස්සු කෙලිය කාට කාටත් මතක ඇතිනෙ. පොලිස් කොමිසමත් එහෙම පිස්සු කෙලියා. ඒවාගෙන් තැලුනේ සාමාන්‍ය මහජනතාව. මේ ආයතන තිබුනත් ඒවායේ පාලනය භාරව ඉන්නෙ නිලධාරීන්. නිලධාරින් පිස්සු කෙලියාම ඒකෙන් හිරිහැරයට පත් වෙන සාමාන්‍ය මිනිහාට තමන්ට සිදුවූ අසාධාරණය ගැන කියන්න තැනක් තියෙන්න ඕනෑ. කාට හරි මෙතනදී කියන්න පුලුවන් ඇයි ඒකට තමා  මුලික අයිතිවාසිකම් කඩවුනා කියලා යන්න උසාවිය කියලා තැනක් තියෙන්නෙ කියලා. ප්‍රායෝගිකව මුලික අයිතිවාසිකම් කඩවුනා කියල උසාවී යන්න පුලුවන් වන්නේ නිතිඥ මහත්වරුන්ට ගෙඩි රුපියල් ලක්ෂ ගණනින් ගෙවන්න පුළුවන් සල්ලිකාරයන්ට විතරයි කියල දන්නේ එහෙම උසාවියේ සරණ පැතු අයම විතරයි. එහෙම උසාවියට ගියත්  පෙත්සමේ තියෙන කරුණු කාරනා හොයා බලන්නෙ නැතුවම පෙත්සම ලියා ඉදිරිපත් කිරීමේ   අඩුපාඩුවක් පෙන්වා  පෙත්සම අහක දමන අවස්ථා කොපමණ තියෙනවාද? එතකොට අසාධාරණයට ලක්වූ පුද්ගලයාටසිදුවන්නේ මොකක්ද? සිදුවූ අසාධාරණය සමනය නොවී තිබියදීම නිතිඥ මතතුන්ට ලක්ෂ ගණනින් මුදල් ගෙවීමට නොවේද? ඒ නිසා උසාවියට යාම නම් හොඳ ප්‍රතිකර්මයක්  නෙමෙයි. 

draki නම් කියන්නේ ව්‍යස්ථා සභාව පත් නොකල ණිසා ඒ අර්බුදය ආපු බවයි.  ඒකට පිළියම හැටියට එකල භාවිතා වුන අන්දමට රාජ්‍ය සේවා කොමිසමේ බලතල කැබිනට් මණ්ඩලයට  ගැනීම වැරදියි යන්න තමයි එතුමාගේ මතය.  ඒක   හරියට ලෙඩා මලත් බඩ සුද්ද උනා යයි කියන උපහැරණය සිහියට එන්නක්. මට නම්  හිතුනේ පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව හෝ ඕම්බුස්මන් වරයා වැනි ක්‍රමයක් ස්ථාපනය කිරීම වඩාත් සුදුසු බවයි. ඒ අසාධාරණයට පත්වූ වින්දිතයාටම තමන් වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීමට  ඒවායේ ඉඩ තිබෙන නිසා සහ අඩු පිරිවැයකින්  එම ආයතන වලට  යාමට ඉඩක් තිබෙන  නිසයි.

අනෙක් කාරණය නම් දැනට තියෙන ව්‍යවස්ථාවෙන් පැහැදිලිව ලියලා තියෙනවා බුදුදහම පෝෂණය කිරීමට රජය බැඳී සිටිනවා යන්න. නව සංශෝධනයෙන් ඒක වක්‍ර ආකාරයෙන් යටපත් කරලා තිබුන බව පැහැදිලි වුනේ draki ගේ පැහැදිලි කිරීම් වලින් පසුවයි.මගේ පැනයට උත්තර හොයන්න එතුමා ගොඩක් වෙහෙසිලා තියෙනවා.ඒකට ගෞරව කරන ගමන් මගේ අදහස ලියන්නයි යන්නෙ. jr ගෙ ව්‍යවස්තාවේ  ඔය පදය නිකම්ම ලියවුනේ නැහැ.ඒකට ඓතිහාසික උරුමයක් තියෙනවා.1815දි අපේ රට භාරගත් ඉංග්‍රීසින් ලියු උඩරට ගිවිසුමේ තිබුන එක වගන්තියක් තමයි බුදු දහම පෝෂණය කර ආරක්ෂා කිරීම. ඉංග්‍රීසින් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලේ නැති එක වෙනමම ප්‍රශ්නයක්. ඒක ගිවිසුමේ තිබුනාට ක්‍රියාත්මක නොවන්නක් බව උඩරටියන්ට ඉක්මනින්ම තේරුම් ගිය නිසා තමයි  1818 දී  උඩරට විමුක්ති අරගලය ආරම්භ ආරම්භ වුනේ. ඒ උනත් වැදගත් කාරණය ඒ වගන්තිය වෙනස් නොකරම තිබීමයි. jr ලොක්කා බුදුදහම පෝෂණය කල ආකාරය ගැටඹේ පන්සලට කටුකම්බි ගැසීමෙන් සහ මහා මළුව පවරා මැනවින් පෙනෙනවානේ. 

පසුගිය රජයේ බුද්ධ සාසන අමාත්‍යාංශය භාරව සිටියේ දී .මු. ජයරත්න අගමැති වරයා  කොතරම් හොඳට බුද්ධාගම පෝෂණය කලාද යත් අදටත් බුද්ධ සාසන පෝෂණයට අදාළ වැදගත් පනත් කිහිපය පාර්ලිමේන්තුවෙන් සම්මත නොවී තිබෙනවා. අන්‍යාගම්කරණය වැළැක්වීමේ පනත ආගිය අතක් නැහැ.බෞධයන්ගේ යහපත වෙනුවෙන් පිහිටවූ හෙල උරුමයට මන්මුලාවැල්  පෑගිලා නන්නත්තාර වෙලා. ව්‍යවස්තාවේ බුදුදහම පෝෂණය කිරීමේ පදය තිබියදීම
ප්‍රායෝගික තත්වය ඔහොම නම් නව සංශෝධන වලින් පස්සේ මොනවා නොකෙරේවිද? බුද්ධාගම පෝෂණය කිරීමේ වගන්තිය හැලුනත් නව අග විනිසුරුවරයෙකු පත් කිරීමේදී නිතිඥ සංගමයේ උපදෙස් ලබා ගත යුතුය කියල වගන්තියක් ඇතුලත් කිරීමට නම් පුරෝහිතයෝ අමතක කරලා නැහැ. මා දන්නා විදිහට නම් නීතිඥ සංගමය රාජ්‍ය නොවන සංවිධානයක්. රාජ්‍ය නොවන සංවිධානයක රාජකාරියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුලත් කරලා තියෙන්නේ ලෝකෙ වෙන මොන රටේද කියා මා නම් දන්නේ නැහැ.
  
මේ වෙලාවේ මට  නම් මතක් වුනේ පැරණි ජනකවියක් වන 

එකක් කඩතොළු මකා ගන්නට ගොසින් සිදුවූ කාරියා 
සියක් කඩතොළු හදා ගත්තයි කම්මලේ   ආචාරියා 
 ජන කවියේ පද දෙකකුයි. ඉතුරු පද දෙක නම් මතක නැහැ.  

සමරසේකර         
  





අද අපේ රටේ දක්නට ඇති ගැටළු බොහොමයකට හේතුව අන් අය ගැන නොසලකා කටයුතු කිරීමයි


Monday, April 13, 2015

ලබන්නාවූ 2015 වසර සුහ නව වසරක් වේවා









ලබන්නාවූ 2015 වසර සුහ නව වසරක් වේවා .....



බක් මාසයේ 14 දිනෙන් ආරම්භ වන නව වසර සියලුම දෙනාට සාමය, සතුට සහ සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා යයි  ඉතා සිතින් පතමි.

සමරසේකර  



Sunday, March 22, 2015

අපේ යාපනය සංචාරය 3 කොටස



කොබ්බැකඩුව ස්මාරකය නැරඹීමෙන් පසු අපේ ඊළඟ වන්දනා/නැරඹුම් ස්ථානය  වුයේ දඹකොල පටුනයි. දඹකොල පටුන බෞධයන්වූ අපට වැදගත් වන්නේ ජයසිරි මහා බෝ රජුගේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා තෙරණිය දඹදිව සිට අපේ රටට වැඩමවුයේ මේ ඓතිහාසික තොටුපළෙන් වීමයි. මේ එතැන දක්නට තිබෙන නාම පුවරුවයි. 










උතුරු අර්ධදිපයේ තිබෙන සිංහල සලකුණු මකාදැමීමට දෙමල ත්‍රස්තවාදීන් විසින් සැලසුම් සහගතව සිදු කල විනාශ කිරීම් නිසා මේ ස්ථානයේ තිබු ඓතිහාසික ශාක්ෂි කිසිවක්  අද දින වන විට දක්නට ඉතුරුවෙලා නැහැ. අනුරාධ පුරයේ ස්ථාපිත කල ජයසිරි මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවෙන් පසු කාලයේදී   අශ්ට ඵල බෝධීන් වහන්සේලා හටගත්තා . මින් එක් නමක් මේ ස්ථානයේ  රෝපණය කර ඇතැයි සිංහල බෝධි වංශය ආදී වංශ කථා වල දැක්වුවත්, පසුගිය කාලයේදී එය සම්පුර්ණයෙන්ම විනාශ කරලා. මේ  සංඝ මිත්තා තෙරණියගේ ශ්‍රී ලංකා ආගමනය සිහි කිරීමට මෑත කාලයේ තනවා ඇති සිහිවටන පුවරුවක් 





අද මෙතැන දක්නට ඇති බෝධීන් වහන්සේ මෑතකදී අනුරාධපුරයේ ජයසිරිමහ බෝධීන් වහන්සේගෙන් ලැබූ නව අංකුරයක්. මේ බෝ ගසේ ඇති ළදරු ස්වභාවය මැනවින් පෙනෙනවා.    





මේ චෛත්‍යද මෑතකදී ඉදිකර ඇති එකක් 





මේ මැත කාලයේ නිර්මාණය කල සංඝ මිත්තා තෙරණියගේ ප්‍රතිමාවක් 






සංගමිත්තා තෙරණිය ජයසිරිමා බෝ ශාඛාව රැගෙන දඹකොල පටුනින්  අපේ රටට  එන දර්ශනය ප්‍රති නිර්මාණය කර ඇති ආදර්ශයක් 








බුදු මැදුරේ ඇතුලත දර්ශනයක් 



මේ දඹකොල පටුන පුරාවෘතය විස්තර කරන නාවික හමුදා සොහොයුරෙක්. ඉතිරිවූ පුරා විද්‍යා සාධක නැති උනත් මහාවංශය,සිංහල බෝධි වංශය සහ වෙනත් වංශ කථා ඇසුරින් සහ නාවික හමුදා අද්දැකීම් පාදක කර ගනිමින් ඔහු මනා විස්තරයක් අපට ඉදිරිපත් කළා. 












මේ විස්තරයෙන් සහ අදාළ සිතියම නැරඹීමෙන් මා තුල මෙතෙක් කලක් මහා වංශයේ තිබු ජය සිරිමා බෝ සමිඳුන් ලංකාවට ගෙන ඒමට අදාළ සමහර විස්තර අතිශයෝක්තියෙන් දක්වා ඇතැයි යන හැඟීම ඉවත් උනා. පෝක් සමුද්‍ර සන්ධියේ සිට දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් තොටුපලට ඇත්තේ දල වශයෙන් සැතපුම් 24ක් යන්න පාසලේදී 7 වසරේ උගත් මා ජයසිරිමා බෝ වහන්සේ ඉන්දියාවේ සිට ලංකාවේ දඹකොළ පටුනට ගෙන ඒමට සති දෙකකට වැඩි කාලයක් ගතවූ බවට මහාවන්ශය ලියු මහානාම හිමියන් ලිවීම අතිශයෝක්තියක් ලෙසටවු සිතුවිල්ල සිතේ කොනක බොහෝ කලක් තිබුනා. නමුත් මේ  නාවික හමුදා සෙබල සොයුරා මැනවින් පැහැදිලි කලේ ධර්මාශෝක රජුගේ අනුදැනුම ඇතිව සංඝමිත්තා තෙරණිය මාධ්‍ය දේශයේ සිට සතියක් පමණ ගොඩ බිමින් ගමන් කර, නෞකාවක නැගී ගංගා නම් ගඟ පහලට යමින්   වින්ධ්‍යා  වනය පසුකර  ආසන්න නැව් තොටවූ තාමලිත් තොටෙන්  සිය  මුහුදු  ගමන ආරම්භ කල  බවයි. එබැවින් එම සම්පුරන  මුහුදු චාරිකාවට සති දෙකක් ගතවීම පුදුමයක් නොවන බව මට අද තේරුම් ගියා.

වැදගත් කරුණ සංඝමිත්තා මෙහෙණිය වර්තමාන දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් තොටුපල  තෙක් ගොඩබිමින් ගමන් නොකළ බවයි. සිය ලංකා ගමනේදී අඩු තරමේ එතුමිය අද දකුණු ඉන්දියාව යයි සැලකෙන කොටසට වත් ගොඩබිමින් පැමිණ නැත. එසේ කිරීමට හේතුව ලෙස  සමහරවිට එකල එහි තිබු රාජ්‍ය 4ම අද මෙන්ම එදත් සිංහලයන්ට   සුහද ඒවා නොවුන ඒවා වීම විය හැක. 

මේ නාවික හමුදා සොයුරා පැහැදිලි කල තවත් කරුණක් නම් හමුදා මෙහෙයුම නිසා දෙමල ත්‍රස්තවාදී අරගලය නැති උනත් දෙමල ජනයා තමන් උදෙසා  වෙනම  රජයක් අවශ්‍යය යන මතවාදී අරගලය අතහැර නැති බවයි. එය  තවමත් වෙනස් වෙනස් මුහුණුවරින් යාපනය පුරා පැතිරෙමින් තිබෙන බවය. එබැවින් ඔවුන් අද දින පවා  පැරණි උතුරු අර්ධද්වීපයේ තිබුන සිංහල ලකුණ මැකීමට කල හැකි හැම දෙයක්ම කරති. ඒ සඳහා විවිධ උපාය මාර්ග අනුගමනය කරති.    



එදා තිබුන මුහුදු වෙරළ නම් අදටත් නොවෙනස්වම  තියෙනවා 







මේ එම මුහුදු වෙරළේ සතුටින් සිටින අපේ  සගයෝ 




















දඹකොළ පටුනෙන් පසු අප අදහස් කලේ උතුරු මුහුදේ නෑමටය. කතරගම සංචාරයෙන් පසු තංගල්ලේ මුහුදේ නැමේ රසවත් අද්දැකීම ලද අප සිතා සිටියේ උතුරු සංචාරයේදීත් එවැනි අද්දැකීමක් ලැබීමටයි. එහෙත් අපේ අදහස කොහොන මහතාට වැටහී තිබුණේ අපට මිරිදිය පොකුණේ නෑමට අවශ්‍ය බවයි. එනිසා ඔහු අප මීළඟට රැගෙන ගියේ කීරමලේ මිරිදිය පොකුණ වෙතටයි. මෙය මුහුද අද්දර වෙන්නට  පිහිටා ඇති එහෙත් මිරිදිය උල්පතකින් ජලය ගලා එන ලොකු පොකුණක්. එහි පිරිමි සහ ගැහැණු අයට වෙන වෙනම ස්නානය කරන තැන් තිබුණා. එහෙත් මා දුටු අන්දමට නම් එහි ජලය අපිරිසිදුයි. එබැවින් අපි එහි නැමේ අදහස  අත්හැර දමා මුහුදේ ලස්සන පමණක් බලා සැහිමට පත් වුනා. මේ තියෙන්නෙ ඒ ලස්සන මුහුදු තීරය.  අපේ අවාසනාවට  එහි නාන්නට සුදුසු තැනක් නම් තිබුණේ නැහැ.    



















යාපනය සංචාරයේදී අපි අවසානයට ගියේ චුන්නාකම් පුදබිම බැලීමටයි.මේ තියෙන්නෙ එහි නාම පුවරුවයි 




ආචාර්ය පෝල් ඊ පිරිස් මහතා විසින් 1917 සිට 1919 දක්වා කාලය තුල කල කැනීම් තුලින් මේ පුද බිමේ ඉතිහාසය,  බුදුන් වහන්සේගේ ජීවමාන කාලය තෙක් දිව යන බව එහි සඳහන් කර තිබෙනවා. මෙතන තිබු වටදා ගෙයක නටඹුන්එකල  තිබුන බවත් අද එහි කිසිදු කැනීමක් සිදු නොවන බවද පෙනෙනවා.  


මේ එම පුදබිමේ වවා තිබුන පිච්ච මල් පඳුරක් 




මෙතන මේ පෙනෙන්නේ දැනට කදුරුගොඩ පුදබිමේ සංරක්ෂණය කර තිබෙන රහතන් වහන්සේලාගේ ධාතු අඩංගු කුඩා චෛත්‍ය. මේ රහතුන් වහන්සේලා වැඩ සිටියේ පුවඟු (පුන්කුඩුතිව්) දිවයිනේ. එහිදී උන්වහන්සේලා වැළඳු ආහාරයක් විෂවීමෙන් අපවත්වීමෙන් පසූ එම ධාතුන් වහන්සේලා මේ පුද බිමට ගෙනවිත් මේ කුඩා සැයන් සකස් කර තිබෙනවා . නමුත් මා දුටු වැදගත් කරුණ එය නොවේ.1965දි එවකට සිටි පුරා විද්‍යා කොමසාරිස්තුමා විසින් මේ පුද බිමේ අක්කර 07ක් මිලදී ගෙන එය පුරාවිද්‍යා රක්‍ෂිතයක් ලෙස ප්‍රකාශ කර තිබුනත් අද එය අක්කර 2කට  පමණ සීමාවී තිබෙන්නේ දෙමල ජනයා විසින් සැලසුම් සහගතව එම පුද බිම ඔවුන්ගේ ග්‍රහණයට පත්කර ඇති නිසයි.පහල චායා රුපයේ  ඈත තල්  වැටෙන්  පෙනෙන්නේ එසේ ග්‍රහණයට ගත් ඉඩම් වල වර්තමාන මායිමයි.    
  








පුදබිමේ ආරක්ෂාවට හමුදා සේනාංකයක් ඉන්නවා.එම සේනාන්කය  නැත්නම් මේ ඉතුරු ටිකත් දෙමල ජනයාගේ ග්‍රහණයට අසුවෙලා ඉවරයි. ඒත් මෙම සේනාංකයේ ප්‍රමාණය දැන් අඩු කරමින් තිබෙන්නේ දෙමල ජනයාගේ වාසස්ථාන  අසල හමුදා සේනාංක තිබීම ගැන වර්තමානයේදී තිබෙන විරෝධය නිසයි. එහෙත් මේ පුදබිම සතු එමෙන්ම රජය සතු පුරාවිද්‍යා රක්ෂිතය තුල අනවසරයෙන් පදිංචිවීම ගැන කව්රුත් කතා කරන්නේ නැහැ. මෙතන පුරා විද්‍යා නිලධාරින් නම් ඉන්නවා.එහෙත් ඔවුන්ගේ එකම කාර්ය කැනීම් කර මේ පුද බිම රැකිම නොව මෙය  බෞද්ධ උරුමයක් බව ලොවට හෙළිවීම වැළැක්වීමයි. ඒ සඳහා පුරා විද්‍යා පනත ඔවුන් මැනවින් පාවිච්චි කරනවා. එබැවින් මෙහි සංඝාවාසයක් හෝ භික්ෂුන් වහන්සේ නමක් නැහැ.කලාතුරකින් එන සිංහල බැතිමතුන් දමන පඬුරු  වලින් කොටසක් පවා මෙහි නඩත්තුවට  නොගෙන   පුරා විද්‍යා මුරකරුවන් විසින් පොදිය පිටින්ම කාර්යාලයට ගෙන යනවා . මේ හමුදා සොවුරා කියා සිටියේ අඩු තරමේ විහාරගෙය නඩත්තු කිරීමට හෝ දිනපතා එහි පහනක් දැල්වීමට හෝ දායකත්වයක් දැක්වීමට අපට සිතක් ඇත්තේ නම් පින් කැටයට නම් කියක් හෝ නොදමන ලෙසටයි. එසේ කිරීමෙන් අපේ මනදොල නොසන්සිඳෙන බව පැවසූ ඔහු තවදුරටත් පැහැදිලි කලේ එවැනි අවශ්‍යතාවයක් ඇත්නම් එය පින් කැටයට  නොව බුදුකුටිය තුල ඇති පාත්තරයට දමන ලෙසටයි.         






හමුදා සොහොයුරා බුදුකුටිය ලෙස කීවත් එය අප සාමාන්‍යයෙන් දන්නා අන්දමේ ස්ථිර කුටියක් නොවන බව මේ සේයාරුවෙන් පැහැදිලි වේවි. බුදුපිළිම තුනට පිටි පස්සෙන් ඇත්තේ තිරයක් පමණයි. තිරය තුලින් ඊට පසුපසින් තිබෙන ගස් කොලන් පෙනෙනවා. මා විස්තර කල  රෙද්දකින් වැසූ පාත්‍රය ඔබට පෙනෙනවා ඇති.  











සංරක්ෂණය කල චෛත්‍යක සමීප දර්ශනයක්  






සංරක්‍ෂණය ලල චෛත්‍ය ලඟින්ම පෙනෙන්නේ උතුරුකරයට විශ්ශේෂවූ තල් වැටයි. එහෙත් මේ තල්වැට ගසා ඇත්තේ අනවසර පදිංචි කරුවන් විසින්ය.























අපේ ආපසු ගමන සිදු උනේද දුම්රියෙන්ය. සිරිත් පරිදි අපිට නැරඹුම් මැදිරියක් වෙන්ව තිබුනා. නියමිත වෙලාවට යාපනය දුම්රිය ස්ථානයට යා යුතු බැවින්,කාලය ඉතිරි කර ගැනීමට  අපි උදේ ආහාරය හෝටලයේදී නොගෙන, එය  පැකට් කර දුම්රියේදී උදේ ආහාරය ගන්න සැලසුම් කර තිබුනා.

අපි ආපසු දුම්රියෙන් එන ගමනේදී දුටු ගොවිබිම් 





















නෙත ගැටුණු ජල පෝෂිත ප්‍රදේශ 

















ආපසු එන ගමනේදී අපට ලැබුණු නැරඹුම් මැදිරියේ ඉන්නා අපේ ගමන් සගයෝ 


























අපේ යාපනය සංචාරයට පහසුකම් සැලැස්වූ කොහොන මහතා. 







දුම්රිය පොලක් ආසනයටම වැඩි  තිබු තල් පඳුරු   





දුම්රියේදී දැක්ක මහා මාර්ගය. මෙපෙනෙන ලංගම බස් රථයේ බෝඩ් එකේ තිබුනේ යාපනය - මහනුවර කියලා 





















 ඈතින් දුටු ජනශුන්‍ය ස්ථාන 


















මේ කැමරා චාචය දුටු මනරම් දර්ශන කිහිපයක් 











































ආපසු එන ගමනේදී අපේ නැරඹුම් මැදිරිය අමුණා තිබුණේ දුම්රිය එන්ජිමට ලංකර බැවින් අපිට  නැරඹුම් මැදිරියේ විශාල ජනේලයෙන් නරඹන්නට දුම්රිය එංජිම විතරයි.