Sunday, April 30, 2017

මතක තියා ගත්තොත් හොදයි ඔබ මේ රටේ අයිතිකාරයා නෙමෙයි අවුරුදු 5 කට රට බලාගන්න ආවකුලී කාරය - සහජීවනයේ දෝර ගලනවා හිටන්






කොටින්ට තොරතුරු සැපයූ හමුදා කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහමඩ් නිදහස්‌










කඩුවෙල හේවාගම පදිංචි අඟුරුකංකානම්ලාගේ ඉන්දික සංජීව 1991 වසරේදී ශ්‍රී ලංකා හමුදාවට බැඳී මාස කීපයක්‌ යාපනයේ හමුදා කඳවුරේ සේවය කර හිටිහැටියේම අතුරුදන් විය. 2005 වසරේදී හමුදා බුද්ධි සේවාවට වාර්තා වූයේ මොහු කොටි බුද්ධි ප්‍රධානියකු වූ චාල්ස්‌ සමඟ එක්‌ව උතුරු ප්‍රදේශයේ සැරිසරා ඇති බවයි.

කොළඹ පිහිටි යුද හමුදා කඳවුරු මෙන්ම මාර්ග බාධක ගැන ද හමුදාවේ උතුරේ සිටි බුද්ධි නිලධාරීන් ගැන ද, පොට්‌ටු අම්මාන්ගේ ටොසි බුද්ධි සේවාවට තොරතුරු ලබාදී ඇති කපිතාන් සංජීව අල්ලා ගැනීමට හමුදා බුද්ධි සේවාවටද නොහැකි විය. එහෙත් 2014 වසරේ අප්‍රේල් මස දිනෙක මැලේසියා ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් මැලේසියාවේ කුවාලාලම්පූර් නගරයේ සමීපයේ පිහිටි සෙන්තුල් නමැති ප්‍රදේශය වටලා සැකකටයුතු කීපදෙනෙක්‌ අත්අඩංගුවට ගනු ලැබීය. මේ සිව්දෙනාගෙන් එය අයෙක්‌ තමා ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ජාතිකයකු බවත් නම සාන්ඡ් මොහමඩ් අබ්දුල්ලා බවත් මැලේසියානු ත්‍රස්‌ත මර්දන නිලධාරීන් වෙත පවසනු ලැබීය. මැලේසියා පොලිස්‌පති මෙම සිව්දෙනා ගැන එවකට කුවාලාලම්පූර් ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්‌වරයා වූ මේජර් ජනරාල් සුමිත් මානවඩු ට දැනුම් දුන්නේය.

මැලේසියා ත්‍රස්‌ත මර්දන කාර්යාලයට පැමිණි මේජර් ජනරාල්වරයා සාන්ඡ් අබ්දුල්ලා කවුදැයි හඳුනා ගත්තේය. "ඉන්දික කවදද මැලේසියාවට පැන්නේ" යෑයි මේජර් ජනරාල්වරයා සිනහවෙමින් සාන්ඡ් අබ්දුල්ලාගෙන් ප්‍රශ්න කිරීම නිසා තම අනන්‍යතාවය හෙළි කිරීමට ඔහුට සිදුවිය. සාන්ඡ් අබ්දුල්ලා මොහමඩ් යනු වෙනින් කවුරුවත් නොව කපිතන් ඉන්දික සංජීව බව අනාවරණය විය.

කොටින්ගේ ටොසි බුද්ධි සේවය සමඟ එක්‌ව කටයුතු කළ කපිතන් සංජීව 2022 තෙක්‌ ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබුණේ මීගමුවේ පදිංචිකරුවකු ලෙසිනි. එහෙත් එය ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ වුවත් කටුනායක ආගමන හා විගමන නිලධාරීන්ට එය අසුවී තිබුණේ නැත.

කපිතන් ඊට පෙර සිය සත්‍ය නමින් 2016 දක්‌වා ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබුණි. මේජර් ජෙනරාල් මානවඩු කපිතාන් සංජීවගේ 704 3293983 දරණ සාන්ඡ් මොහමඩ් නමින් වූ ගමන් බලපත්‍රය පරීක්‍ෂාවට ලක්‌ කිරීමෙන් පසු හෙළි වූයේ එය කොළඹ කොටහේනේ ද්‍රවිඩ කාන්තාවකට අයත් වූවක්‌ බවයි.








ඊට පෙර ඔහු 2006 වසරේ සැප්තැම්බර් 25 දා මෙරට ආගමන විගමන බලධාරීන්ගෙන් ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබිණි.

කපිතන් ඉන්දික සංජීව සමඟ මැලේසියාවේදී අසුවූ සෂි, ඊසන් සහ පුවනේශ්වරන් යන තිදෙනා ඉහළ පෙළේ කොටි ත්‍රස්‌තයන් වේ. මොවුන් මැලේසියාවේ සිට රහස්‌ සැලසුමක්‌ දියත් කර තිබුණි. ඒ මෙරට ප්‍රභූන් දෙදෙනකු ඝාතනය කිරීමයි.

මෙම සැලසුම අනුව එම ප්‍රභූ දෙදෙනා ගමන් කරන යානාවලට මිසයිල මගින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් විය. ඒ සඳහා කොටි ඩයස්‌පෝරාවෙන් අරමුදල් ලබා ගැනීමටද ඔවුන් කටයුතු කර තිබුණි.

කපිතන් ඉන්දික සංජීව ඇතුළු කොටි තිදෙනා බේරා ගැනීම සඳහා සුරායා රක්‌සස්‌ මැලේසියා නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානි තේවරාජන් කාමසායි නැමැත්තා ඉදිරිපත් විය.

සෂි සහ කපිතන්වරයාව වහාම ක්‌වාලලාම්පූර් සිට කොළඹට එවීමට මේජර් ජනරාල්වරයා ක්‍රියා කරන අවස්‌ථාවේ සෂිව පිටුවහල් කිරීමෙන් වළකින ලෙස අධිකරණය මැලේසියා බලධාරීන්ට නියෝග කරනු ලැබීය.

මේ නිසා සෂීව ශ්‍රී ලංකාවට එවීමට නොහැකි විය. මැලේසියානු අධිකරණ තම දෙවැනි නියෝගය කපිතන්වරයා වෙනුවෙන් ක්‌වාලාලම්පූර් අධිකරණය වෙත එවන අවස්‌ථාවේ කපිතන් රැගත් ශ්‍රී ලංකන් යානාව පිටත්ව තිබුණි.

ශ්‍රී ලංකාව යානාව කටුනායක ගුවන්තොටුපළට පැමිණිමෙන් පසු ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කපිsතන් ඉන්දික සංජීව අත්අඩංගුවට ගනු ලැබීය.

ත්‍රස්‌ත මර්දන කාර්යාංශයේදී කපිතාන්වරයා සිය කැමැත්තෙන්ම පාපොච්චාරණයක්‌ කර ඇත.

2018 ජනවාරි මස දිනෙක ත්‍රස්‌ත මර්දන නිලධාරිනී කපිතන් ඉන්දික සංජීව හෙවත් සාජන් මොහමඩ් අබ්දුල්ලා කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත යොමු කරනු ලැබීය.

මැලේසියාවේදී මුස්‌ලිම් ආගම වැළඳගත් බවත් ඊට පාකිස්‌තාන් ජාතිකයකු සහය වූ බවත් කපිතන්වරයා තවදුරටත් සඳහන් කර ඇත.

මාස කීපයකට පසු ත්‍රස්‌ත මර්දන ඒකකය කපිතාන්වරයාව යාපනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ක්‍රියා කළේය. එහිදී යාපනය අධිකරණය කපිතාන්වරයා ත්‍රස්‌ත මර්දන අධිකරණයට කළ පාපොච්චාරණය පිළිගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත.


















මෙයට සමානව කොටි ගුවන් ඒකකයේ ත්‍රස්‌තයකු ත්‍රස්‌ත මර්දන ඒකකයට කළ පාපොච්චාරණය ද යාපනය අධිකරණය ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. එහෙත් රජයේ නීතිපතිවරයා ඊට එරෙහිව අභියාචනයක්‌ ගොනු කිරීමට ක්‍රියා කළේ නැත. මාස 1 1/2 ක්‌ බූස්‌ස කඳවුරේ සිsටි කපිතාන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහමඩ් අබ්දුල්ලා පසුව කොළඹ වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත මාරු කරනු ලැබීය. එහෙත් ඔහු එහි සිටියේ ස්‌වල්ප කාලයක්‌ පමණකි. යාපනය අධිකරණය කොටින්ට තොරතුරු සැපයූ කපිතාන්වරයා නිදහස්‌ කරද්දී විවිධ ත්‍රස්‌ත චෝදනා මත මැගසින් සිරගෙයි සිටි අනිකුත් සැකකරුවන් විස්‌මයට පත් වූහ.

සිරෙන් නිදහස්‌ කරනු ලැබූ මේ කොටි චරපුරුෂයා ආපසු මැලේසියාව බලා පිටත්ව ගිය බව අනාවරණය විය. පොට්‌ටු අම්මාන්ගේ ටොසී බුද්ධි සේවාවට තොරතුරු සැපයූ කපිතාන් ඉන්දික සංජීවට හමුදාව හැර යැම ගැන හමුදා අධිකරණයෙන් ද දඬුවම් හිමි වූයේ නැත. ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ සන්තකයේ තබා ගැනීම ගැන චෝදනා පවා ඉදිරිපත් වීමක්‌ නොවීය. එහෙත් විස්‌මිත ලෙස ඔහු නිදහස්‌ විය.

මේ පසුබිම මැද මීතොටමුල්ලේ කසල කන්දේ ෙ€දවාචකය ගැන දේශපාලන පාර්ශ්ව එකිනෙකා චෝදනා එල්ල කර ගනිද්දී උතුරේ බෙදුම්වාදීන් සිය ඉලක්‌ක වෙත ක්‍රම ක්‍රමයෙන් යැම අරඹා ඇත. ඊට හොඳම නිදසුන මියගිය කොටි ත්‍රස්‌තයන් හෙවත් මහා විරුවන් සැමරීමේ දිනය යෙදී ඇති මැයි 16 දා වින්ස්‌ ඔෆ් ෆයර් හෙවත් අග්නිපත් පාපන්දු සමාජය ත්‍රස්‌තයන් සැමරීමට පාපන්දු තරගයක්‌ සැලසුම් කිරීමයි. ත්‍රස්‌ත මර්දන ඒකකය මෙම පාපන්දු සමාජයේ සභාපති ආනන්දවර්මන් සෙල්වනායගම්ගෙන් ප්‍රශ්න කර ඇතත් ඔහුව අත්අඩංගුවට ගත්තේ නැත.

ද්‍රවිඩ භාෂාවෙන් අග්නිසිරා ගූගල් යනුවෙන් හඳුන්වන මෙම පාපන්දු සමාජයට එම තරගාවලිය පැවැත්වීමසඳහා කොටි ඩයස්‌පෝරාවෙන් අරමුදල් ලැබෙන බවට වාර්තා වී තිබුණි.

මියගිය කොටි අනුස්‌මරණය කිරීම සඳහා මේ පාපන්දු තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ උතුරු නැගෙනහිර පාපන්දු කණ්‌ඩායම් අතරය. මුල්ලිවයික්‌කාල් අනුස්‌මරණ පාපන්දු තරගය ලෙසින් මෙය හඳුන්වා ඇත.

මේ පාපන්දු තරගය පිළිබඳව රජය තහනමක්‌ පනවා නැත. මෙම වාතාවරණය මැද උතුරේ කොටි පාලනය යටතේ පැවැති ඉඩම් වරායන් සහ ජැටි නිදහස්‌ කර ගැනීම සඳහා ද්‍රවිඩ සංධානය මෙහෙයවනු ලැබූ විරෝධතාකරුවන් පිරිසක්‌ දිගින් දිගටම උද්ඝෝෂණ ආරම්භ කර ඇත.

පලාලි ගුවන් හමුදා කඳවුර සමීපයේ ඇති මයිලඩ්ඩි වරාය මුදා ගැනීම එම විරෝධතාකරුවන්ගේ ප්‍රධානතම ඉලක්‌කය වී තිබේ. කොටි සංවිධානය ගුවන් යානා ගොඩබැසීම වැළැක්‌වීම සඳහා විටින් විට මෝටාර් ප්‍රහාර එල්ල කළේ මයිලඩ්ඩි වරායේ සිටය. මයිලඩ්ඩි වරාය අවට කලාපය මුදා හැරීමට ආරක්‍ෂක හමුදාව විරෝධය දක්‌වා තිබූ අතර රජය ද ඊට එකඟ විය.

එහෙත් අද සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ දෙයක්‌. මයිලඩ්ඩි වරාය මුදාහරින ලෙස ආරක්‍ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සමග පැවැති සාකච්ඡාවේදී ද්‍රවිඩ සංධානය දැඩි බලපෑම් එල්ල කර ඇති බවට වාර්තා විය. එසේම උතුරේ ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ වලිකාමම් උතුර අවතැන්වූවන්ගේ සංවිධානය යනුවෙන් අටවා ගත් සංවිධානයක්‌ මෙහෙයවන ගුණපාලසිංහම් නමැත්තා ඇතුළු පිරිසක්‌ මයිලඩ්ඩි වරාය අවට ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදී ඇත. මෙහිදී ගුණපාලසිංහම් නමැත්තා දක්‌වා ඇත්තේ මයිලඩ්ඩි වරාය අවට ජනතාව ජීවත් වූ බවයි. එසේ නම් පලාලි ගුවන් ධාවන පථයට මෝටාර් එල්ල කළේ සිවිල් වැසියන් ද? මයිලඩ්ඩි වරාය කොටි උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌ විය. එහි සිට විනාඩි පහෙන් පහට පලාලි ගුවන් ධාවන පථයට මෝටර් ප්‍රහාර එල්ල කිරීමට කොටි ක්‍රියා කළහ. මේ අතීතය උතුරේ ආණ්‌ඩුකාරවරයා නොදන්නා බව පැහැදිය.

උතුරේ බෙදුම්වාදී පාර්ශ්ව මයිලඩ්ඩි වරාය ආරක්‍ෂක හමුදාවෙන් මුදා ගැනීමේ මෙහෙයුම කුරුනගර්යට පන්සායිපුර් ප්‍රදේශ දක්‌වාද ව්‍යාප්ත කර ඇත. එම ප්‍රදේශවල ධීවරයන් ප්‍රකාශයක්‌ කරමින් ඉහත කී ප්‍රදේශවල ඇති හමුදා කඳවුරු නිසා තමන්ට දුෂ්කරතා ඇතිවී තිබෙන බව දක්‌වා ඇත.

එම ප්‍රදේශවල ධීවරයන් ප්‍රකාශයක්‌ කරමින් ඉහත කී ප්‍රදේශවල ඇති හමුදා කඳවුරු නිසා තමන්ට මසුන් වියළා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇති බව දක්‌වා තිබේ.

මේ හමුදා කඳවුරු ස්‌ථානගත කර තිබීම ගැන යාපනයේ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අවධානයට ලක්‌වී ඇත.

මේ ධීවරයන් තවදුරටත් පවසා ඇත්තේ හමුදාව එම ප්‍රදේශවල වෙරළ කලාපයේ සිටීම නිසා දැල් වියළා ගැනීමට නොහැකි බවයි.

අනතුරුව මුලතිව්හි ගෝඨාභය නාවික කඳවුර පුළුල් කරලීමේ ව්‍යාපෘතියට ද විරෝධතාකරුවන් එරෙහි වී ඇත. කොටින්ගේ පාලන සමයේ පැවැති නන්දිකඩාල් කලපුව අවට මුහුදු කොටි බලකාය සිය ත්‍රස්‌ත මෙහෙයම් දියත් කරද්දී ද්‍රවිඩ සංධානය හෝ සිවිල් ජනතාව යෑයි හඳුන්වාගත් පිරිස්‌ ඊට එරෙහි වූයේ නැත.

එහෙත් උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌වූ මුලතිව්හි ගෝඨාභය නාවික කඳවුර 2013 සැප්තැම්බර්Êසිට ස්‌ථානගත වී තිබිණි.

නන්දි කඩාල් කලපුවට සම්බන්ධ වට්‌ටුවයික්‌කාල් කලාපය මුහුදු කොටි බෝට්‌ටුවල කේන්ද්‍රස්‌ථානයක්‌ වූ අතර නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාවලට ප්‍රහාර එල්ල වූයේ එහි සිට බව හෙළි විය. මෙය වඩාත්ම තහවුරු වූයේ මුහුදු කොටි බෝට්‌ටුවල ආගමනය ගුවන් හමුදාවේ නියමුවන් රහිත යානාවක කැමරාවට අසුවීමයි.

මුලතිව් මුහුදේ සිට එන කොටි බෝට්‌ටු සඟවන ලද්දේ ද නන්දිකඩාල් කලපුවේයි.

එසේම මුහුදු කොටින්a පුහුණු කිරීම සහ විදේශ රටවල සිට ගෙන ආ බර අවි ගොඩ බාන ලද්දේ ද මුලතිව් වෙරළේයි. මේ හැර ඉන්දුනීසියාවේ සිට ගෙන ආ ස්‌ලින් වර්ගයේ යානා දෙක (කැබලිබවට පත් කර) නන්දිකඩාල් කලපුව වෙත ගෙන අවුත් එතැන් සිට ඉරණමඩු ධාවන පථයට ගෙන යැමටද කොටි ක්‍රියා කළහ.

මේ පසුබිම මැද ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන් ප්‍රමුඛ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ත්‍රිවිධ හමුදාපතිවරු හා ආරක්‍ෂක ලේකම් සමඟ පැවැති සාකච්ඡාවේදී අපූරු තර්කයක්‌ ඉදිරිපත් කර ඇත. ඒ කොටි සංවිධානය නැති නිසා ආරක්‍ෂක හමුදාවට සිය ආරක්‍ෂක කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවයක්‌ මතුවී නැති බවයි. එහෙත් ආරක්‍ෂක හමුදා ප්‍රධානීන් කොටි රූකඩයකු ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සංධානයේ උගුලට හසුවිය යුතු ද? අවි පුහුණුව ලත් කොටි 12000 ක්‌ උතුරේ සිටිති. ඊට අමතරව පුනරුත්ථාපනය නොවූ 260 කට අධික පිරිසක්‌ යාපන අර්ධද්වීපයේ සිටින බව හෙළි වී ඇත.

ඊටත් අමතරව පැනගිය කොටි හමුදා නායකයන් රැසක්‌ බටහිර රටවල වාසය කරති. මොවුන් අවස්‌ථාව එනතුරු බලා සිටී.

නාවික හමුදාව මුලතිව් සහ නන්දිකඩාල් ප්‍රදේශයේ ඇති වැදගත්කම මැනවින් දන්නා නිසා එම නාවික කඳවුර ස්‌ථානගත කර අක්‌කර 617 ක ප්‍රදේශයක්‌ පුරා ව්‍යාප්ත කිරීමේ සැලසුමක්‌ දියත් කර තිබුණි.

ද්‍රවිඩ සංධානය දැන් ඊට එරෙහි වී ඇත. ඔවුන් කොටින්ගේ පාලනය යටතේ පැවැති ඉරනමඩු ගුවන් ධාවන පථය පවා මුදා හරින ලෙස ඉල්ලීමෙන් ඉදිරි යටි අරමුණු පැහැදිලි නොවන්නේද?

මෙයට අමතරව කෝකිලායි ප්‍රදේශයෙන් දකුණේ ධීවරයන් පන්නා දැමීමේ තවත් මෙහෙයුමක්‌ දියත් වී ඇත. මේ ප්‍රදේශවල පමණක්‌ නොව මුහුදු කලාපය ද තමන්ට අයත් මුහුදක්‌ ලෙස ද්‍රවිඩ සංධානය හඳුන්වා ඇත.

මේ වාතාවරණය මැද උතුරු නැගෙනහිර ජාතික ආරක්‍ෂාව සම්බන්ධව ක්‍රියාකිරීමේදී සම්බන්ධන්, මාවයි සේනාධිරාජා, සිවමෝහන්, රවි කරන් වැන්නවුන්ගේ අදහස්‌ විමසිය යුතු ද යන ප්‍රශ්නය පැන නැගී ඇත.

අපේ සෙබළුන් 29000 ක්‌ තම වර්තමානය හා අනාගතය පිදුවේ උතුරේ හා නැගෙනහිර කොටි පාලන ප්‍රදේහ මුදා ගැනීමටය. තවත් සෙබලුන් 16000 ක්‌ ආබාධිත වී ඇත.

එහෙත් මියගිය 29000 කට අධික ගෞරවණීය මළවුන් අමතක කර ද්‍රවිඩ සංධානය හෙවත් කොටි රූකඩයින්ගේ ඉල්ලීම් ඉටු කිරීමට රජය ක්‍රියා කළ යුතුද? ද්‍රවිඩ සංධානයේ මේ යටි අරමුණු වැඩිදුරටත් සනාථ වන්නේ උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් උතුරට එන විදේශ තානාපතිවරුන් අමතා පෙඩරල් පාලනය ඉල්ලීමයි. පසුගිය සතියේ ගී්‍රක්‌ තානාපති කුන්හා ඔස්‌කාර් යාපනයේ පිහිටි මහ ඇමැති නිලනිවසේදී විග්නේස්‌වරන් සමග සාකච්ඡාවක්‌ පවත්වා ඇත. මේ සාකච්ඡාවේදී විග්නේශ්වරන් මෙලෙස ප්‍රකාශ කර තිබේ.

"රට තුළ කලබලකාරී තත්ත්වයක්‌ ඇතිකර සුළු වාර්ගිකයන් පළවා හැරීමේ උත්සාහයක්‌ පවතිනවා. එහි අරමුණ මුළු රටම සිංහල රටක්‌ කිරීමයි. මේ නිසා අපිට පෙඩරල් පාලනයක්‌ අවශ්‍යයි. අපේ ජනතාව බෙදුම්වාදයට මුල් වූයේ රටේ සියලු කරුණුවලින් ද්‍රවිඩ ජනතාව ඉවත් කිරීමයි."

උතුරු මහා ඇමැතිවරයා උතුරට එන විදේශතානාපතිවරු අමතමින් අභූත චෝදනා එල්ල කරද්දී රජයේ යාන්ත්‍රණය තවමත් මීතොටමුල්ලේ කුණු කසළ ප්‍රශ්නයේ රැඳී සිටී.

මේ අතර ඉරණමඩු ප්‍රදේශයේ ඉඩම් අක්‌කර 2439 ක්‌ මුදා හැරීමට හමුදාව එකඟත්වය පළ කර ඇත. 2009 මැයි 19 වැනිදා කොටි පරාජයට පත්වීමෙන් පසු කිලිනොච්චියේ ඉඩම් අක්‌කර 24000 ක ප්‍රදේශයක පාලනය හමුදාව සතුවී තිබුණි. එහෙත් අද එය අක්‌කර 783 කට අඩු වී තිබේ. එම ඉඩම් ප්‍රදේශය ද ක්‍රම ක්‍රමයෙන් නිදහස්‌ කරන බව ප්‍රකාශ කළ බව ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. සුමන්තිරන් හෙළි කර ඇත. මේ අතර ඩෑෂ් නමැති බිම්බෝම්බ ඉවත් කිරීමේ සමාගම මුහමලෙයි ප්‍රදේශයේ තිබී බැරලයක බහා තිබූ ටී 56 අවි 82 ක්‌ සොයාගෙන ඇත. මේ අවි පලාලි පොලිසියට බාර දී ඇති බව වාර්තා විය.

රෝමයේ වතිකානු ගුවන් විදුලියද මේ සතියේදී ප්‍රකාශයක්‌ කරමින් මන්නාරමේ මුල්ලිකුලම් ගම්මානය කතෝලික ද්‍රවිඩ ගමක්‌ බවත් ඉන් නාවික හමුදාව ඉවත් විය යුතු බවත් සඳහන් කර ඇත. මෙම ද්‍රවිඩ කතෝලික ගම්මානයේ වෙසෙන ධීවරයන් 200 කට අධික පිරිසක්‌ මනනාරම රදගුරු කිංස්‌ලි ස්‌වාමිපිල්ලේ ඇතුළු පූජකවරු 60 ක්‌ ද එම ඉල්ලීමට සහය දක්‌වා ඇති බව වතිකානු ගුවන් විදුලිය තවදුරටත් සඳහන් කර තිබේ.

මොවුන් මුල්ලිකුලම් ගම්මානයේ නාවික හමුදාව ඉවත් විය යුතු යෑයි ඉල්ලන්නේ වසර නවයකට පසුවය. කොටි සංවිධානය මුල්ලිකුලම් පාවිච්චි කරන ලද්දේ උතුරේ නාවික හමුදා යාත්‍රා නිරීක්‍ෂණය කිරීම සඳහා බව අනාවරණයවී තිබුණි.

මේ සෑම ඉල්ලීමකින්ම හෙළි වන යථාර්ථය නම් ද්‍රවිඩ සංධානයේ දිගුකාලීන මෙහෙයුමයි. ඒ කොටින්ගේ උපායමාර්ගික කේන්ද්‍රස්‌ථානවලින් ආරක්‍ෂක හමුදාව ඉවත් කර ගැනීමයි.

මෙම තත්ත්වය මැද ව්‍යාජ ගමන් බලපත්‍රයකින් බ්‍රිතාන්‍යයට ගිය ශ්‍රී ලාංකික ද්‍රවිඩයකු එරටට දේශපාලන රැකවරණ ලබාගැනීමට දැරූ උත්සාහයක්‌ ව්‍යාර්ථ විය. මොහු අධිකරණයට පවසා තිබුණේ ශ්‍රී ලංකා හමුදාව තම පිට ගිනියම් කළ යකඩ කූරුවලින් පිළිස්‌සූ බවයි. එහෙත් අධිකරණය තුළ විමර්ශනයකින් හෙළි වූයේ ලන්ඩන් නුවර සිටින වෛද්‍යවරයකු ලවා ඔහු පිටේ තුවාල සිදු කරගෙන ඇති බවයි.මොහු වේලාසුදපිල්ලේ රේනුකරුබන් නමැත්තෙකි.








යුද හමුදාව මෙලෙස ඔහුට වධහිංසා පැමිණවූවා නම් පිටේ ඇතිවූ තුවාලවලට විෂබීජ ඇතුළුවිය යුතුව තිබූ බවත් එවැන්නක්‌ සිදු නොවීමෙන් මොහු තුළ තක්‌කඩිකම හෙළි වී ඇති බවත් අධිකරණය ප්‍රකාශ කර ඇත.

මේ අතර මෙරට ත්‍රස්‌ත මර්දන කටයුතු සඳහා ඉමහත් සේවාවක්‌ සිදු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු හදිසි අකල් මරණයකට ගොදුරු වී මැයි 5 දාට වසරක්‌ ගත වේ. ඔහු මියගොස්‌ වසරක්‌ සපිරෙන අවස්‌ථාවේ කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් මෙන්ම පොට්‌ටු අම්මාන්ගේ තොරතුරු සැපයූ කපිතාන් ඉන්දික සංජීව නිදහස්‌ වී ඇත. මේ දෙදෙනාම මැලේසියාවේ සැඟවී සිටියදී අල්ලා ගැනීමට මුල් වූයේ මේජර් ජනරාල් මානවඩුය.

Saturday, April 29, 2017

මේ පත්තරේ මම දැක්කෙ නැහැ ඒ නිසා මම බබා, දැක්කානම් මේකටත් ගැසට් එකක් ගහනවා හිටන්


විදෙස් ගත ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් කල ඉල්ලීම හරිද නැත්නම් වැරදිද  කියා බැලීමට දිවයින පත්‍රයේ කිර්ති වර්ණකුලසුරිය මහතා විසින් ලියු ලිපිය අපිදු සලකා බැලිය යුතු යයි හැගෙන නිසා ඉදිරිපත් කරමි.
සමරසේකර  



මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා 
ප්‍රතික්‌ෂේප කරන්න ඉදිරිපත් වෙන්න
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපතිගෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා නිෂ්ප්‍රභ කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්‌ කරයි.

එම සංවිධානයේ සම සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා ඇතුළු සම සභාපතිවරු හය දෙනකු යෑවූ සංදේශයක මෙම ඉල්ලීම කර ඇත.

ම සංදේශයේ මෙසේද සඳහන්ය.

ශ්‍රී ලංකාව සම සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයකදී සම්මත කර ගන්නා ලද සහ 34 වන සැසිවාරයේදී තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කල් සහ බලාත්මක කරගන්නා ලද ප්‍රඥප්තියේ (OISL - Office of the
High Commissioner for Human
Rights and the Report of the
OHCHR Investigation on Sri
Lanka) සාවද්‍යභාවය හෙළි කරන වාර්තාවක්‌ ශ්‍රී ලාංකික විද්වත් මණ්‌ඩලයක්‌ මගින් පිළියෙල කරන ලදුව එම 34 වන සැසිවාරයට විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් විරසේකර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද බව ඔබතුමා මේ වනවිට දන්නේ යෑයි අප, ශ්‍රී ලාංකික ගෝලීය සංසදය, විශ්වාස කරමු. මෙම වාර්තාව, ශ්‍රී ලාංකික රණවිරුවන්ගේ නිදොස්‌භාවය විදහා දැක්‌වීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන ලද එකම සහ ප්‍රථම වාර්තාව බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

එම වාර්තාව හෙවත් විරුවන්ගේ විත්ති වාචකය  (OISL - Office of the High Commissioner for Human Rights and the Report of the OHCHR Investigation on Sri Lanka) මගින් OISL හි අන්තර්ගතය සාවද්‍ය සහ පක්‍ෂග්‍රාහී කරුණුවලින් ගහන බව සහ OISL වාර්තාව සැකසූ ක්‍රියාපටිපාටිය ලෝකයේ සියලුම පිළිගත් ආචාර්ය ධර්මයන්ට අනුකූල නොවන බව හේතු සාධක සහිතව පෙන්වාදී ඇති බව අප ඉතා වගකීමෙන් යුක්‌තව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. මෙම වාර්තාව සර් ඩෙස්‌මන්ඩ් ද සිල්වා, මහාචාර්ය DM ක්‍රේන්, සර් ජෙµs්‍ර නයිස්‌, රොඩ්නි ඩික්‌සන්, මහාචාර්ය මයිකල් නිව්ටන් සහ මේජර් ජනරාල් ජෝන් හොලමස්‌ ආදීන්ගේ වාර්තාද පාදක කරගෙන සකසා තිබෙන අතර ඔබතුමා විසින්ද නායකත්වය දෙන ලද අවසාන සටනේදී සිදුවූවා යෑයි චෝදනා කරන ඉවක්‌ බවක්‌ නොමැතිව සිවිල් ජනතාව වෙත කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කිරීම. යුදබිම ආශ්‍රිතව සිටින සිවිල් ජනයාට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නොයෑවීම, සාපරාධී මනුෂ්‍ය ඝාතනය. බලෙන් අතුරුදන් කිරීම, කෲර වධ හිංසා පැමිණවීම හා ලිංගික අතවර කිරීම ආදී සියලුම චෝදනා කරුණු සහිතවම නිශ්ප්‍රභ කර ඇත.

ඉතා මෑතකදී ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී µලිල් ෂෙට්‌ටි මැතිතුමා විසින්ද එක්‌සත් ජාතින්ගේ සංවිධානයේ අනුසංවිධාන බොහොමයක්‌ නිකුත් කරන ලද බොහෝ වාර්තා පක්‍ෂග්‍රාහී සහ අසත්‍ය කරුණු ඇතුළත් බවට සඳහන් කරන්නට යෙදුන බව ඔබතුමා මැනවින් දන්නා බව අප විශ්වාස කරමු. එසේ බලන කල විරුවන්ගේ විත්ති වාචකය තුළින්ද µලීල් මහතාගේ ප්‍රකාශය තහවුරු කරනු ලබන බව පෙන්වාදීමට අප කැමැත්තෙමු.

උක්‌ත කරුණු සැළකිල්ලට ගැනීමේදී පෙනී යන භයානක කරුණක්‌ වන්නේ ඊළාම්වාදී ඩයස්‌පෝරාව හා යුරෝපාදී සියලුම රටවල් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වශාල රැවටිල්ලකට භාජන කර තිබෙන අතර ශ්‍රී ලකාවේ ද ඊළාම්වාදී සහ දේශ ෙද්‍රdaහී දේශපාලකයින් විසින් ඔබතුමාවද එවැනිම වූ රැවටිල්ලකට භාජනය කර රුසියාව, චීනය. එක්‌සත් අරාබි එමීරය හා පාකිස්‌ථානය ආදී අප රටට මිත්‍රවූ රටවලට අප රටට සිදුවෙන අසාධාරණයෙන් බේරා ගැනීමට තිබුණ අවස්‌ථාවන්ද අහිමිකර ඇති බවයි.

එබැවින් අප මාතෘභූමිය රුදුරු ත්‍රස්‌තවාදයෙන් ගලවා ගැනීම සඳහා කැපවීම කළ රණවිරුවන් හට නිරපරාදේ දඬුවම් කිරීම වැළැක්‌වීම සඳහා ත්‍රිවිධ හමුදා සේනාධිනායක වන ඔබතුමාගෙන් උතුම්වූ කාර්යභාරයක්‌ සිදුවිය යුතු යෑයි අපි විශ්වාස කරමු. එනම් මෙම ප්‍රශ්නයේ ඇති බැරෑරුම්කම සලකා බලා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ විශේෂ සැසිවාරයකට "විරුවන්ගේ විත්ති වාචකය" ඔබතුමා විසින් ඉදිරිපත් කර ධෂීඛ වාර්තාවේ සාවද්‍ය භාවය එම සමුළුව තුළදීම තහවුරු කර එයින් අප රණවිරුවන්ට එල්ලකර ඇති සියලු චෝදනා නිශ්ප්‍රභ කර නිදොස්‌ කිරීමට කටයුතු සම්පාදනය කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

Friday, April 28, 2017

ඉතින් මොකේදැයි දැන් වළදන්නේ - තිබුණු පාත්තරේ බිඳුණු කොටේ


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකට කැඩුන බව මේ රටේ සාමාන්‍ය ජනතාව නම් දැනගෙන ගොඩක් කල්ය. එහෙත් ඉහල පෙලේ දේපාලන ලොක්කන් කලේ එවැන්නක් නැහැ කියා රඟ පෑමකි. රටක ඉදිරිගමනට බලපාන කරුණු කෙලින් රටවැසියාට දැන්වීම මහත්මා ගුණයකි. එවැන්නක් බැරි නම් ඒ ගුණාංගය ඇත්තවුන්ට රට කරවීමට ඉඩදී පැත්තකටවිම කගේ කාගේත් ඇඟට ගුණය.

මේ ලිපිය මා උපුටා ගත්තේ දිවයින පත්‍රයෙනි 
සමරසේකර    



ශ්‍රී ලනිපය දෙකඩ කිරීමේ වගකීම

ජනපති මෛත්‍රී භාරගත යුතුයි


හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියයි



ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පතාක යෝධයින් ආසන සංවිධායක ධූරවලින් ඉවත් කරමින් සිදුකරන ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ වගකීම වත්මන් පක්‌ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා භාරගත යුතු යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. එහි මෙසේද සඳහන් වේ.


2015 ජනවාරියේදී නව නායකයෙකු යටතට පත්වූයේ නොබෙදුණු ශ්‍රීලනිපයකි. පක්‍ෂ නායකත්වය මා සතුව තබා ගැනීමට මම ඒ අවස්‌ථාවේදී උත්සාහයක්‌ නොගත්තේ අපි කාගෙත් දේශපාලන තෝතැන්න වූ ශ්‍රීලනිපය රැකගැනීමේ උවමනාව නිසාය. දශක හතරක්‌ මුළුල්ලේ ශ්‍රීලනිපයේ සාමාජිකයෙකු මෙන්ම අවුරුදු 13 ක්‌ මුළුල්ලේ පක්‍ෂයේ මහලේකම්වරයෙකුද වූ අයෙකු පක්‍ෂයේ නායකයා වූ විට පක්‍ෂයට හානියක්‌ නොවනු ඇතැයි මම මෙන්ම පක්‍ෂ සාමාජිකයනුත් බලාපොරොත්තු විය. 2015 අගෝස්‌තු පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම ඡන්දය ඉල්ලිය යුතු යෑයි අප අතර ප්‍රබල මතයක්‌ තිබුණද, ශ්‍රීලනිපය හා එජනිසය තුළින් අපි එම මැතිවරණයටත් තරග කළේ, මේ පක්‍ෂය රැක ගැනීමට අප තුළ තිබුණු උවමනාව නිසාය. ඒ වන විටත් අප තුළ ශ්‍රීලනිපයේ නව නායකත්වයේ ක්‍රියාකලාපය ගැන බරපතල සැක නොතිබුණා නොවේ.

ශ්‍රීලනිපයේ මේ නව නායකයා ජනාධිපති වූ විගස පාර්ලිමේන්තුවේ ආසන 43 ක්‌ පමණක්‌ තිබුණු එජාපයට අගමැතිකම දීම නිසා ඒ වන විටත් පාක්‍ෂිකයන් තුළ තිගැස්‌මක්‌ තිබුණි. ශ්‍රීලනිපයේ නායකත්වය ලැබීමෙන් පසුවවත් මේ එජාප නැඹුරුව වෙනස්‌ වනු ඇතැයි පක්‍ෂ සාමාජිකයන් බලාපොරොත්තු වුණත්, එවැන්නක්‌ සිදු නොවීය. ඒ වන විට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක්‌ තිබුණු එජනිසයේ නායකත්වය ලැබීමෙන් පසු, නව නායකයා කළේ එජනිසයේ බහුතරයත් පාචිච්චි කරමින් යූඑන්පී ආණ්‌ඩුව පවත්වාගෙන යැමයි. එපමණක්‌ද නොව 2015 මාර්තු මාසයේදී එජනිස පාලනය යටතේ පැවති පළාත් පාලන ආයතන සියල්ල විසුරුවා, ඉදිරියට පැවැත්වීමට නියම වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිසයට වාසිදායක වූ සාධකයක්‌ අපිට අහිමි කිරීමටත් නව නායකත්වය කටයුතු කළා. එවන් පසුබිමක්‌ තුළ වුවත්, 2015 අගෝස්‌තු මැතිවරණය අපි එජනිසය යටතේම තරග කළේ, ශ්‍රීලනිපය නොබෙදා තබා ගැනීමට උපරිම උත්සාහයක්‌ ගතයුතු නිසාය. එමෙන්ම නව ශ්‍රීලනිප නායකයා එජාපයේ ග්‍රහණයෙන් ගලවා ගැනීමට හැකිවේ යෑයි බලාපොරොත්තුවක්‌ද එදා නොතිබුණා නොවේ.

නමුත් 2015 මහ මැතිවරණය එජනිසය ජය ගන්නා බවට ලකුණු පහළ වෙමින් පැවති අවස්‌ථාවේදී ශ්‍රීලනිප නායකයා කටයුතු කළ ආකාරයෙන් පාක්‍ෂිකයන් බරපතළ අපේක්‍ෂා භංගත්වයකට පත්විය. ඡන්දයට දින කීපයක්‌ තිබියදී එජනිසය ඡන්දයෙන් දිනුවත් එහි ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ මට අගමැතිකම දෙන්නේ නැති බවට විවෘත ලිපියක්‌ ලියමින් ශ්‍රීලනිපයේ නව නායකයා කීවේ ඡන්දයෙන් ශ්‍රීලනිපය දිනුවත් ඔහු ජයග්‍රහණය දෙන්නේ එජාපයට බවය. එයින්ද අපේ ජයග්‍රණය නැවැත්වීමට නොහැකි වේ යෑයි ඔහු තුළ වූ සැකය නිසා ඡන්දයට පැය 48 ක්‌ තිබියදී ශ්‍රීලනිපයේ හා එජනිසයේ මහ ලේකම්වරුන් දෙදෙනාම ධූරයන් වලින් පහ කරනු ලැබුවේද ශ්‍රීලනිපයේ පරාජය තහවුරු කිරීමටය. මේ ආකාරයට ශ්‍රීලනිප නායකයාගේ උදවු ඇතුව 2015 අගෝස්‌තු පාර්ලිමේන්තු මැතිවරණය එජාපය ජයගත් පසු වත්මන් ශ්‍රීලනිප නායකත්වය කළේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ යූඑන්පී ආණ්‌ඩුවට මුක්‌කු ගැසීමට යෙදවීමයි.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත්වුණු සියලුම මන්ත්‍රීවරුන් ජනතාව ඉදිරියේ පෙනී සිටයේ 2015 ජනවාරි 08 කුමන්ත්‍රණයට විරුද්ධවය. ඔවුන් සියලුදෙනාම ඡන්දය ඉල්ලුවේ මේ යමපාලන ආණ්‌ඩුවේ වැඩපිළිවෙලට විරුද්ධවය. එසේ පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන් තිස්‌ ගණනක්‌ ශ්‍රීලනිප නායකත්වයේ ආරාධනය මත යූඑන්පී ආණ්‌ඩුවට මුක්‌කු ගැසීමට ඉදිරිපත් වී සිටීම ගැන මම කනගාටුවට පත්වෙමි. නමුත් ශ්‍රීලනිප හා එජනිස මන්ත්‍රීවරුන් 52 ක්‌ තමන්ට 2015 ලැබුණු යමපාලන විරෝධී ජනවරමට ගරු කරමින් විපක්‍ෂයේ අසුන්ගෙන සිටී.

මෙසේ විපක්‍ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විටින් විට, ඔවුන්ගේ ආසන සංවිධායක ධූර වලින් ඉවත් කිරීම දැන් අවුරුදු දෙකක්‌ මුළුළුල්ලේ සිදු වී ඇත. ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් පත්කර ගනු ලැබූ අතිශයින්ම ජනප්‍රිය චරිත ආසන සංවිධායක ධූර වලින් ඉවත් කරමින් ශ්‍රීලනිපයේ නායකත්වය මේ කරන්නේ ශ්‍රීලනිපය ශක්‌තිමත් කිරීම නොව එජාපයේ ජය තහවුරු කිරීමට කටයුතු කිරීමය. අද වන විට එජාප ආණ්‌ඩුවට මුක්‌කු නොගැසීමේ වරදට ආසන සංවිධායක ධූර වලින් නෙරපා හැර ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්‌වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, ජගත් බාලසූරිය, සී.බී. රත්නායක, ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ, අනුර විදානගමගේ, සාලින්ද දිසානායක, මොහාන් සිල්වා, ටිකිරි අධිකාරී, ඩී.බී. හේරත්, කංචන විෙ-සේකර යන මන්ත්‍රීවරුන්ද වේ.

මේ ආකාරයට ශ්‍රීලනිපයේ ස්‌ප්‍රිත්තුව, ආසන සංවිධායකකම් වලින් ඉවත් කිරීමෙන් වාසිය සැලසෙන්නේ ශ්‍රීලනිපයටද නැතිනම් එජාපයටද? මෙසේ ඊයේ පෙරේදා ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ශ්‍රීලනිපය වෙනුවෙන් කළ මෙහෙවරවත් සැලකිල්ලට ගෙන නැති බව පැහැදිලිය. එතුමාගේ දිවංගත පියා ටී.බී. තෙන්නකෝන් ශ්‍රීලනිපයේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම 1956 විප්ලවයේ පුරෝගාමීයෙකුද විය. ලොහාන් රත්වත්තේ ඉවත් කිරීමට පෙර ඔහුගේ දිවංගත පියා ශ්‍රීලනිපයටත් රටටත් කළ සේවය ගණන් ගෙන තිබෙනවාද? ශ්‍රීලනිප නායකයාගේ මේ වැඩ පිළිවෙල නිසා ශ්‍රීලනිපයේ ආසන සංවිධායක කමත් බාල්දු වී ඇති තරම ඩලස්‌ අලහප්පෙරුම, ජනක වක්‌කුඹුර හා රෝහණ දිසානායක ස්‌වේච්ඡාවෙන්ම තම සංවිධායක ධූරවලින් ඉවත් වීමෙන් පෙනේ. ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් සිය පියාට වූ අසාධාරණය නිසා දෙවරක්‌ නොසිතා තමාට තිබුණු පළාත් ඇමැති ධූරයෙනුත් ඉල්ලා අස්‌විය.

පක්‍ෂයේ පතාක යෝධයින් ආසන සංවිධායක කම්වලින් ඉවත් කරමින් මේ ගෙන යන වැඩපිළිවෙල නිසා ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ සම්පූර්ණ වගකීම පක්‍ෂ නායකයා භාරගත යුතුය. යූඑන්පී ආණ්‌ඩුවට මුක්‌කු ගසන මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක කම් එසේම තිබියදී ආණ්‌ඩුවට විරුද්ධ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායකකම් නැති කිරීමෙන් ශක්‌තිමත් වෙන්නේ ශ්‍රීලනිපයද නැතිනම් එජාපයද යන්න පොඩි ළමයෙකුට වුවත් තේරුම් ගැනීමට අපහසු නැත. තමන්ට 2015 අගෝස්‌තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ජනවරමට ගරු කරමින් විපක්‍ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙනුත් ඉවත් කොට ඇත. මේ කුමන ක්‍රියාමාර්ග ගත්තත් ශ්‍රීලනිප නායකයාගේ අනුග්‍රාහකත්වය යටතේ පවතින මේ දුර්දාන්ත ආණ්‌ඩුව දිනෙන් දිනම පිරිහීම වැලැක්‌විය නොහැක.

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසකුත් ආණ්‌ඩුව ශක්‌තිමත් කිරීමට යැමෙන් පසුත් ආණ්‌ඩුවට වැඩ බැරිනම්, බලා සිටියදී ගිලෙන ඔය නැවේ තවදුරටත් සිටින්නේ කුමටදැයි, ඒ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද කල්පනා කර බැලිය යුතුය. ඡන්දයකදී කිසිදාක ශ්‍රීලනිපයට ඡන්දය නොදෙන, ජාතික දේශපාලන පක්‍ෂ මෙන් මැයි දිනය සමරන්නේ නැති, උතුරු නැගෙනහිර ජාතිවාදී පක්‍ෂවල සාමාජිකයන්ට නොමිලේ විනෝද සවාරි ලබා දී ගෙන්වාගෙන ඔලුගෙඩි පෙන්වා ජනතාව රැවටීමට උත්සාහ ගත්තත්, දිගින් දිගටම මේ ආණ්‌ඩුව ඡන්ද කල් දමමින් සිටින්නේ, ඔවුන්ට රට තුළ තිබෙන සැබෑ බලය ගැන අවබෝධයක්‌ තිබෙන නිසා විය යුතුය.

මම 2015, අපට ලැබෙනු ජනවරම අනුව මේ ආණ්‌ඩුවට එරෙහි විපක්‍ෂ බලවේගයට නායකත්වය දෙමින් මේ දුර්දාන්ත ආණ්‌ඩුව පරාජය කිරීමට කැප වෙන බව මෙහිදී නැවතත් ප්‍රකාශ කර සිටිමි. ශ්‍රීලනිපය එජාපයේ වලිගයක්‌ බවට පත් කිරීමට විරුද්ධ සියලුම ශ්‍රීලනිප පාක්‍ෂිකයන්ටත්, මේ ආණ්‌ඩුවේ ජාතිෙද්‍රdaහී වැඩපිළිවෙලට විරුද්ධ මහජනතාවටද ගාලු මුවදොර මැයි රැලියට සහභාගී වී මේ ආණ්‌ඩුවට ප්‍රබල පණිවුඩයක්‌ යවන මෙන් මම ආරාධනය කර සිටිමි.

Thursday, April 27, 2017

දත් මැදලා දමන දැහැටි දණ්ඩක් සේ මෙන - සැලකුම ලබන රණවිරුවෝ


උවමනා වෙලාවට පමණක් කැදවන ඉන්පසු හත්පොලේ  ගසන නින්දා අපහාස මෙන්ම විව්ධාආකාරයේ අසාධාරණ  චෝදනා ලබන අපේ රටේ එකම රාජ්‍ය සේවය වන රණවිරුවන් ගැන බෙන්ගමුවේ නාලක හිමියන් දිවයින පත්‍රයෙන් දක්වා ඇති  අදහස  කියවීම සුදුසුය. 

සමරසේකර  

රණවිරුවන්ට
ඇයි මේ හිරිහැර හා නොසැලකිලි ?





මෙරට අද දේශපාලකයින්, වෘත්තිකයින්, ශිෂ්‍යයන් හා ගුරුවරුන්, ව්‍යාපාරිකයන්, ගොවියන් හා කම්කරුවන් යන සියලු දෙනාම බියෙන් සැකෙන් තොරව තම තමන්ගේ කටයුතු කරගෙන යනුයේ තිස්‌ අවුරුද්දක්‌ පුරා පැවති බිහිසුණු දෙමළ ත්‍රස්‌තවාදය නිමාකළ නිසයි. 2009 මැයි 19 වන දා ප්‍රභාකරන් ද ඝාතනය කර ත්‍රස්‌තවාමින් පරාජය නොකළා නම් රටේ කිසි කෙනෙකුට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට ඉඩ නොලැබේ. සියලු දෙනාට එසේ ජීවත් වීමට මග හැදුවේ රණවිරුවන්ය. ඔවුන් අතරින් 30 000 ක්‌ පමණ දෙනා ඒ වෙනුවෙන් ජීවිත පූජා කළහ. ඉන් අඩක්‌ පමණ පිරිසක්‌ ආබාධිත තත්වයට පත් වූහ. මේ හේතුවෙන් අසරණ වූ රණවිරු පවුල් 50 000ක්‌ පමණ වෙති.

එදා රණවිරුවන්ට සිංහල අවුරුදු හා වෙනත් උත්සව කිසිවකටත් සහභාගී වීමට නොහැකි වූයේ ඔවුන් යුද බිමෙහි රැකවල් ලා ගෙන සිටි නිසයි. උත්සවවලට ගෙදර ආවා නම් කොටියා මහ විනාශක්‌ කරනු නියතය. තම බිරිඳට දරුවකු ලැබෙන අවස්‌ථාවක හෝ පැමිණිය නොහැකි වූ රණවිරුවන් බොහෝය. ඔවුන් එදා ඒ සා විශාල කැපවීමක්‌ කළේ මුදලට නොවේ. රට හා ජනතාව රැක ගැනීමේ උතුම් අරමුණින්ය. ඒ බව වටහා ගත් භික්‌ෂූන්වහන්සේ හා සමාන්‍ය ජනතාව රට පුරාම විහාරස්‌ථාන වල බෝධි පූජා ආදී පිංකම් පවත්වමින් රණවිරුවන්ට ආශීර්වාද කළහ. රණවිරුවන්ගේ අගය වටහා ගත් අපි 1985 සිට ත්‍රස්‌තවාදය අවසන් වූ අවස්‌ථාව දක්‌වා වසර 24ක්‌ පුරා යුධ බිම් හා ඒ ආශ්‍රිතව සිටිමින් ත්‍රස්‌තවාදය මැඬලීමට අපට දිය හැකි උපරිම සහාය ද ලබා දුනිමු. ඒ නිසාම රණවිරුවන්ගේ කැපවීම් හා එහි අගය ද අන් බොහෝ දෙනාට වඩා අපි ඉතා හොඳින් දනිමු.

එදා කොටි ත්‍රස්‌තවාදය නිසා සිංහල අවුරුද්දට දෙමාපියන් අඹුදරුවන් සමග ගෙදරට පැමිණ සතුටු වීමට නොහැකි වූ රණවිරුවන් අතරින් ඇතමෙකුට අද බන්ධනාගාරගතව සිටීම නිසා ඒ සතුට විඳගැනීමට නොහැකි වී ඇත. එහිදී රණවිරුවිරුවන් තනි නොකළ යුතු බවත් ඔවුන්ගේ දරු පවුල්වලට ද සැලකිය යුතු බවත් වටහා ගත් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හා ජාතික හිමිකම් සංවිධානය වැනි සංවිධාන සිරගත කොට සිටින රණවිරුවන්ගේ නිවෙස්‌ වලට ගොස්‌ තෑගි භෝග පිරිනමා අලුත් අවුරුද්දට ඔවුන්ට ආශීර්වාද කිරීමට ද කටයුතු යෙදූහ.

එහෙත් බොහෝ දෙනාට විශේෂයෙන් රණවිරුවන්ගේ ස්‌වාමියා වන රජයට එසේ කිරීමට සිතක්‌ වත් පහල වූයේ නැත.

අවුරුදු දිනවල මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමෙන් සිදු කෙරුණේ ස්‌වභාවධර්මයා විසින් ආණ්‌ඩුවට අනතුරු ඇඟවීමක්‌ කිරීම දැයි විටක සිතේ. එම සිද්ධිය මුල්කරගෙන රජය තම නොහැකියාව පිළිගෙන කටයුතු කරනු වෙනුවට උසාවි නියෝග පවා ගෙන විරෝධතා කරුවන්ට හිරිහැර කරන්නට විය.

මේවා හමුවේ රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණන් විසින් රජය සියදිවි නසා ගැනීමක්‌ කරගනිමින් සිටින බව ප්‍රකාශ කිරීම ද ආණ්‌ඩුව තදින් සිතට ගත යුතු කරුණකි.

මෙසේ කුණු කන්ද කඩා වැටීමෙන් පීඩාවට පත් වූ ජනතාවට පිළිසරණ වූයේ ද රණවිරුවන්මය. ඉදිරියේදී රජයට එරෙහිව ඇති විය හැකි විරෝධතා මැඬලීමට සරත් ෙµdන්සේකාගේ නායකත්වයෙන් බලකායක්‌ පිහිටුවීමට ද ජනාධිපති නියෝග කර ඇති බව මාධ්‍ය වල පලවී තිබුණි. මෙය බලකායක්‌ නොව බලුකායක්‌ යෑයි හැඳින්වීමට ජනතාව පෙළඹුනොත් එහි අරුමයක්‌ නැත. එවැන්නකට රණවිරුවන් යොමු කළ විට ජනතාව තුළ ඔවුන් පිළිබඳව දැනට තිබෙන ගෞරවය ද නැතිව යනු ඇති අතර රජය කෙරෙහි ද තව තවත් අප්‍රසාදය ඇති වීම වළක්‌වාලිය නොහැක.

ආණ්‌ඩුවේ දුර්දාන්ත වැඩ වලට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යොදා ගන්නා විට එය ආණ්‌ඩුවට පාරා වළල්ලක්‌ වීමට ද ඉඩ ඇති බව අණ්‌ඩුව වටහා ගත යුතුය. රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ත්‍රස්‌තවාදීනට එරෙහිව සටන් වැදුණේ ආණ්‌ඩුවේ නියෝගයෙන් වුවත්a එම නියෝගයට ද වඩා රට ජාතිය වෙනුවෙන් ජීAවිත පූජා කිරීමේ උතුම් පරමාර්ථය ඔවුන් තුළ පැවති බව අපි ඉතා හොඳින් දනිමු.

එවන් උතුම් පරමාර්ථයකින් කටයුතු කළ රණවිරුවන්ට සැළකීම වෙනුවට නොසළකා හැර දමා හ§රිහැර කිරීම ද වත්මන් ආණ්‌ඩුවේ ආශීර්වාදය මත සිදුවන බව මැනවින් පැහැදිලි වන්නකි.

ආණ්‌ඩුව මේ අන්දමින් රණවිරුවන් ඔප්පු කළ හැකි පැහැදිලි චෝදනාවක්‌ නැතිව ඇප නොදී බන්ධනාගාර ගත කර හිරිහැර කරනුයේ කාගේ වුවමණාවටද? පැහැදිලි උත්තරය නම් දෙමළ බෙදුම්වාදීන්ගේ හා ඔවුන්ට සහාය වන බලවතුන්ගේ වුවණාවටය යන්නයි. ආණ්‌ඩුව එසේ කරන්නේ ඇයි? 2015 මහින්ද පැවති පරාජය කොට යහපාලනය බිහි කළේත් ඉන් පසුව හවුල් ආණ්‌ඩුව පවත්වාගෙන යැමට උපකාර හා උපදෙස්‌ ලබා දෙන්නේත් දෙමළ බෙදුම්වාදීන් හා ඔවුන්ට සහාය වන බටහිර බලවතුන් හා ඉන්දියාව නිසයි. ඔවුන් කියන ලෙස කටයුතු කරනු විනා වෙනත් දෙයක්‌ කිරීමට රජයට හැකියාවක්‌ නැත. ත්‍රස්‌තවාදය පෝෂණය කොට වර්ධනය කළේත් දෙමළ බෙදුම් වාදීන් හා ඉන්දියාව ඇතුළු බටහිර රටවල්ය. ත්‍රස්‌තවාදය පරාජය කිරීම ඔවුන්ට රුස්‌සන්නේම නැත.

ඒ නිසා ත්‍රස්‌තවාදය පරාජය කළ රජය බිඳ දැමූ ඔවුහු ඒ සදහා කැප වී ක්‍රියා කළ රණවිරුවන්ට ද දඬුවන් දීමට පෙළඹී සිටිති. කටුනායකට පහර දී විශාල විනාශක්‌ කළ කොටියා නිදහස්‌ කර කිලෝ 1200ක බෝම්බයක්‌ පුපුරවා මුළු කොළඹම විනාශ කිරීම වලක්‌වා ලු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා සිරගත කොට තබා ඇත්තේ මේ පසුබිම යටතේය.

රණවිරුවන්ගේ ගෞරවය රැක දී ඔවුන් පෝෂණය කළ යුතු මෙන්ම ඔවුන්ගේ පවුල් වලට ද සැලකිය යුතු රජය රණවිරු දරුවන් 80 දෙනෙක්‌ පමණක්‌ තෝරාගෙන ජනපති අතින් ඔවුන්ට තෑගි භෝග දී රණවිරුවන්ට සලකන බව රටට පෙන්වා දීමට උත්සාහ කළ ද ආණ්‌ඩුව රණවිරුවන්ට නොසලකන බව හා ඔවුන්ට හිරිහැර කරන බව අද මුළු රටම දනිති. ඒ හමුවේ අද අපට සදහන් කිරීමට ඇත්තේ Ñ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව යන සිංහල උපහැරනය පමණි.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි.
ජාතික හිමිකම් සංවිධානය - සභාපති.
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණ - ලේකම්.

Wednesday, April 26, 2017

චොක්‌ලට්‌ පාර්සලයක්‌ නිසා ලෝක කුඩු ජාවාරම්කාරයෙක්‌ හැටියට හංවඩු වැදුණු ඩැනියෙල්

අපේ පොලිසිය නියමය නියම වැඩකරුවන් ඉන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පමණක් නොවේ. දකුණු පොලිසියේත් එහෙමය , මේ වාර්තාව කියවා බලන්න . ගාල්ලේ ච්ල්ලිත් චාමින්ද මහතා විසින් දිවයින පත්‍රයට ලියා තිබුන ලිපියකි මේ 

සමරසේකර 




චොක්‌ලට්‌ පාර්සලයක්‌ නිසා
ලෝක කුඩු ජාවාරම්කාරයෙක්‌ හැටියට
හංවඩු වැදුණු ඩැනියෙල්

ගාල්ල ලලිත් චාමින්ද

ඩැනියෙල් සුන්දර යොවුන් වියේ පසුවූ රුසියානු ජාතික තරුණයෙකි. හේ ඉකුත් වසරේ රුසියානු ජාතික මිතුරු මිතුරියන් පිරිසක්‌ සමඟ සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණියේය. ඩැනියෙල් දකුණු පළාතට මෙන්ම දකුණේ වෙරළ තීරයට දැඩි ලෙස ඇලුම් කළේය. එහි සුන්දරත්වය අසිරිය විඳදරා ගැනීම සඳහා ඔහු මිතුරන් සමඟ මිදිගම ප්‍රදේශයේ හෝටලයක නතර වී සිටියේය. ඩැනියෙල් දක්‌ෂ චිත්‍ර ශිල්පියෙකි. චිත්‍ර ඇඳීම සඳහා ඩැනියෙල් තුළ පැවතියේ සුවිශේෂී වූ දක්‌ෂතාවයෙකි. ඒ විතරක්‌ නොව ඩැනියෙල් ඡායාරූප කලාවට ද දැඩි ලෙස ඇලුම් කළේය. හේ මෙරට ස්‌වභාව සෞන්දර්යේ අසිරිය හරි අපූරුවට තම කැමරා කාචයේ සටහන් කරගත්තේය. සර්පින් ක්‍රීඩාවටද දස්‌කම් දැක්‌වූ ඩැනියෙල් මේ නිසාම වැඩි කාලයක්‌ ගතකරනු ලැබුවේ වෙරළ තීරයේය.

මේ අතරේ ඩැනියෙල් සමඟ පැමිණි මිතුරියකට රුසියාවේ මිතුරකුගෙන් චොක්‌ලට්‌ පාර්සලයක්‌ ලැබී තිබුණි. එය ලැබී තිබුණේ ගාල්ල තැපැල් කාර්යාලයටය. එම චොක්‌ලට්‌ පාර්සලය රැගෙන එන ලෙස ඇය ඩැනියෙල්ට කීවාය. ඩැනියෙල් ගමන් බිමන් යැම සඳහා කුලී පදනම මත යතුරු පැදියක්‌ ගෙන තිබුණේය. ඔහු එම යතුරුපැදියෙන් මිතුරියට එවා තිබූ චොක්‌ලට්‌ පාර්සලය රැගෙන ඒම සඳහා ගාල්ල තැපැල් කාර්යාලයට ගියේය.

තැපල් කාර්යාලයේ නිලධාරීන් ඩැනියෙල්ගේ විදේශීය ගමන් බලපත්‍රය පරීක්‌ෂා කොට බලා එවා තිබූ චොක්‌ලට්‌ පාර්සලය ඔහුට ලබා දුන්නේය. එහෙත් ඩැනියෙල්ට චොක්‌ලට්‌ පාර්සලය රැගෙන තැපැල් කාර්යාලයෙන් පිටතට ඒමට හැකි වූයේ නැත. රේගු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් ඩැනියෙල් අත්අඩංගුවට ගනු ලැබිය. ඉන්පසු රේගු නිලධාරීන් විසින් මොහු පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දුන්නේය. මෙකී චොක්‌ලට්‌ පාර්සලයේ තිබූ චොක්‌ලට්‌ වල මත්ද්‍රව්‍ය ඇති බවට සැකපිට මොහු අත්අඩංගුවට ගනු ලැබීය. රුසියාවෙන් එවා තිබූ චොක්‌ලට්‌ පෙතිවල නීති විරෝධී මත්ද්‍රව්‍ය ඇති බව පොලිසිය සැක කළේය.

ලංකාවේ නීතිය අනුව 2008 අංක 01 දරණ මාධක ඖෂධ හා මනෝවර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත යනුවෙන් පනතක්‌ තිබේ. එකී පනතේ උප ලේඛනයේ සඳහන් මත්ද්‍රව්‍යයක්‌ මෙකී චොක්‌ලට්‌ පෙතිවල තිබිය හැකි බවට පොලිසිය සැක කළේය. ඒ අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය අඩංගු චොක්‌ලට්‌ මෙරටට ආනයනය කිරීම, ස්‌වාමිත්වයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ ඩැනියෙල් කොළඹ ප්‍රධාන මහේස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. මොහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයකු බවත් රුසියාවේ දී ද එම ජවාරම්වලට හසුවී ඇති බවට පොලිසිය විසින් අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කළේය.

මේ නිසා ඩැනියෙල්ට ඇප ලබා ගැනීමට නොහැකි වූ අතර මාස හතරක පමණ කාලයක්‌ මොහුට රක්‌ෂිත බන්ධනාගාරගත වීමට සිදුවිය. ඒ කාලය තුළදී ඩැනියෙල් ගත කරනු ලැබුවේ ඉතා දුෂ්කර දිවිපෙවතකි. ඔහුට බන්ධනාගාරය නුපුරුදු තැනක්‌ විය. ඩැනියෙල්ට මාස හතරකට පමණ ඇප ලැබුණි. නීතිඥ තුෂාර ද සිල්වා ඩැනියෙල් වෙනුවෙන් පෙනී සිටියේය. ඒ විතරක්‌ නොව වීසා දික්‌කර ගැනීමේදීත් ඩැනියෙල්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය. ඩැනියෙල්ගේ විදේශීය ගමන් බලපත්‍රය ද අධිකරණ භාරයට ගෙන තිබුණි. පසුව නීතිඥ තුෂාර දසිල්වා මැදිහත් වී ආගමන විගමන දේපාර්තමේන්තුවත් සමඟ කතා කොට නඩු දිනය වනතෙක්‌ වීසා දිගුකර ගැනීමට කටයුතු කළේය.

ඩැනියෙල් මෙරටට පැමිණ සිටියේ මාස තුනක කාලයකටය. ඔහු මත්ද්‍රව්‍ය පලහිලව්වට පැටලීම නිසා ඔහුට මෙරටින් පිටව යැමට ද නොහැකි විය. ඔහුගේ මිතුරු මිතුරියන් ද ඒ වන විට ඩැනියෙල් හැරදමා රුසියාවට ගොස්‌ තිබුණි. ඒ විතරක්‌ නොව මොහු වියදමට ගෙනවිත් තිබූ මුදල් ද ඒ වන විට අවසන් වි තිබුණේය. මේ නිසා ඩැනියෙල්ට එදිනෙදා වියහියදම් මෙන්ම කෑම බීම සපයා ගැනීම ද ගැටලුවක්‌ විය. සමහරක්‌ දිනවල මොහු කුසගින්නේ සිටියේය. පැපොල් ගෙඩියක්‌ හා අතට හසුවන දෙයක්‌ කා බී ජීවිතය ගැටගසා ගත්තේය. ඩැනියෙල් නතර වී සිටි හෝටලයෙන් ද ඔහු එලවා දැමුවේය.

මේ නිසා ඩැනියෙල් තවත් අසරණ තත්ත්වයට පත්විය. ඒ විතරක්‌ නොව ඔහුට රුසියාවේ සිටින තම ඥාතීන්ගෙන් මුදල් ගෙන්වා ගැනීමට නොහැකි විය. මේ නිසා ඩැනියෙල්ට තම ජීවිකාව ගෙනයැම සඳහා වැලිගම ප්‍රදේශය ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි හෝටල්වල වැඩ කිරීමට සිදුවූයේය. ඒ විතරක්‌ නොව එදිනෙදා කෑම බීම සපයා ගැනීම සඳහා හැම පර වැඩක්‌ම කිරීමට ඩැනියෙල්ට සිදුවිය. එහෙත් ඇතැම් හෝටල්වල ඩැනියෙල්ට වැඩි කලක්‌ වැඩ කිරීමට හැකි වූයේ නැත. මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට දැනගත් විට ඔහු එම හෝටල්වලින් ද පන්නා දැමුවේය. මේ අයුරින් කාලය ගෙවී යද්දී වීසා නොමැතිව නීති විරෝධී ලෙස මෙරට රැකියා කරමින් සිටි විදේශිය ජාතිකයන් 12 දෙනකු වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අතර ඩැනියෙල් ද විය.

කෝ උඹේ විදේශීය ගමන් බලපත්‍රය පොලිස්‌ නිලධාරියකු ඩැනියෙල්ගෙන් ඇසුවේය. ඔයගොල්ලන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කතා කරන්න. මට අප්‍රේල් 12 වැනිදා දක්‌වා මට වීසා තියෙනවා. මගේ විදේශීය ගමන් බලපත්‍රය තියෙන්නේ කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ. ඩැනියෙල් පොලිස්‌ නිලධාරියාට කීවේය. එහෙත් ඩැනියෙල්ගේ කීම් පිළිනොගත් පොලිස්‌ නිලධාරීන් ඔහු මාතර අධිකරණය වෙත ඉදිරිපත් කළේය. නැවතත් ඩැනියෙල්ට බන්ධනාගාරගත වීමට සිදුවිය. පසුව නීතිඥ තුෂාර ද සිල්වා මහතාගේ මැදිහත් වීමෙන් ඩැනියෙල්ගේ විදේශීය ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක්‌ අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ අනුව ඩැනියෙල්ට ඇප ලැබුණේය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කොට තිබුණි. ඒ අනුව අපරාධවලට සම්බන්ධ ද නැද්ද කියා රුසියාවේ තනාපති කාර්යාලය හරහා පොලිස්‌ සහතිකයක්‌ ඉදිරිපත් කළ හැකි ද යන්න පිළිබඳ ඩැනියෙල්ගෙන් අධිකරණයෙන් කරුණු විමසිය. අපරාධ වාර්තාවක්‌ ගැනීම සඳහා මාස හයකට වැඩි කාලයක්‌ ගතවන බව රුසියානු තානාපති කාර්යාලය මගින් ද දැනුම් දී තිබුණි. මේ නිසා එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඩැනියෙල්ට නොහැකි විය.

පසුව රුසියානු තානාපති කාර්යාලය මගින් රුසියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ඩැනියෙල් පිළිබඳ චරිත සහතිකයක්‌ මීට සති දෙකකට පමණ ඉහතදී ලැබී තිබුණේය. ඩැනියෙල් රුසියාවේ කිසිදු අපරාධයකට සම්බන්ධ නැති බවට රුසියානු රජය මගින් සහතිකයක්‌ ලබා දී තිබුණි. එම සහතිකය ලැබෙන්නේ මෙම සිද්ධිය වී වසරකට පමණ පසුවය. ඒ අනුව ඩැනියෙල් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා එම සහතිකයත් රැගෙන අධිකරණයට ගියේය. ඒ වන විට රස පරීක්‌ෂක වාර්තාවත් අධිකරණය වෙත ලැබී තිබුණේය. චොකලට්‌ පාර්සලයේ තිබූ චොකලට්‌ කිලෝග්‍රෑමය තුළ කිසිදු මත්ද්‍රව්‍යයක්‌ අඩංගුව නැති බවත් එහි ඇත්තේ චොකලට්‌ පමණක්‌ බැව් එම වාර්තාවේ සඳහන් විය. ඒ අනුව ඩැනියෙල් අධිකරණයෙන් නිදහස්‌ විය. මේ කතාව අපට කීවේ නීතිඥ තුෂාර ද සිල්වා මහතාය.

ඩැනියෙල්ට විරුද්ධව පොලිසිය විසින් ඉදිරිපත් කොට තිබුණේ ඔප්පු කරන්න බැරි චෝදනා. කිසිදු සාක්‌ෂියක්‌ පොලිසියට ඉදිරිපත් කරන්න බැරිවුණා. ඒ විතරක්‌ නොවේ ඩැනියෙල් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු හැටියට හංවඩු ගසා තිබුණා. ඔහුට මේ නිසා නොයෙකුත් දුක්‌ගැහැටවලට ලක්‌වෙමින් වසරක්‌ මේ රට ගතකරන්න සිදුවුණා. කොටින්ම කිවහොත් ඔහුගේ ජීවිතය වසරක්‌ කාලකණ්‌ණි කළා. මේ චොක්‌ලට්‌ පාර්සලය නිසා ඩැනියෙල්ට දුක්‌ කන්දරාවක්‌ උරුම වුණා. කඩිනමින් රස පරීක්‌ෂක වාර්තාව ගෙන්වා ගැනීමට පොලිසිය කළ යුතුව තිබුණා. විදේශිකයන් මෙරටට ඇවිත් යම් යම් අපරාධවලට සම්බන්ධ වන එක බව ඇත්ත. නමුත් පරීක්‌ෂණ කරන ක්‍රමවේදයක්‌ තියෙන්න ඕන. නමුත් විදේශිකයාගේ නිදහස තමයි මේ නිසා නැතිවුණේ. මේ වගේ අවාසනාවන්ත තත්ත්වයට පත්වෙන්නේ නැහැ පරීක්‌ෂණ කණ්‌ඩායම් නියම විදියට පරීක්‌ෂණ කළා නම් නීතිඥ තුෂාර ද සිල්වා කීවේය.

Tuesday, April 25, 2017

මේ blog එකේ මේ දවස් වල පත්‍රිකා ලියන අරමුණ ගැන පැහැදිලි කරන්න වෙලාව ඇවිත් .





 blog  එකේ  මේ දවස් වල පත්‍රිකා ලියන අරමුණ ගැන  පැහැදිලි කරන්න වෙලාව ඇවිත් .


මෙන්න යාපනේ උසාවියේ තීන්දු - නඩු නැතිව නිදහස්‌ වූ කොටි ගුවන් බළකායේ දෙවැනියා කුශාන්තන්



දිවයින  පත්‍රයේ පලවූ මෙම ලිපිය ගැන රජය මෙන්ම අනෙකුත්  ජනමාධ්‍ය තවමත්   නිහඩව සිටින්නේ මේ කරුණු ඇත්ත නිසා නොවේ  නම් වෙන මොන කෙන්ගෙඩියකටද? කිර්ති වර්ණකුලසුරිය මහතා විසින් ලියා ඇති මෙම ලිපිය උතුර  අනාගත යුද්ධකට මුලපුරන හැටි කදිමට කියා පායි.  මට ඇති ගැටලුව නම් මේ අපේ රටේ ජනතාවගෙන් වැටුප් ලබන ත්‍රස්ත මර්දන ඒකකයද  නැතහොත් ත්‍රස්ත වර්ධන ඒකකයද ? එහෙම නැත්නම් මුන්ට අමු කැවිලද?  

සමරසේකර



නඩු නැතිව නිදහස්‌ වූ
කොටි ගුවන් බළකායේ දෙවැනියා කුශාන්තන්











2014 වසරේ අග භාගයේ දිනයක බොරැල්ලේ මැගසින් ත්‍රස්‌ත රැඳවුම් සිරමැදිරිය වෙත සැකකරුවෙක්‌ ගෙන ආ ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ඔහුව එහි රඳවා තැබීමට ක්‍රියා කළහ. මේ සැකකරුවා කවුදැයි ත්‍රස්‌ත මර්දන නිලධාරීන් හෙළි කළේ නැත. එම සිරමැදිරියේ ත්‍රස්‌ත චෝදනා එල්ලවූ සැකකාර පොලිස්‌ අධිකාරිවරයකු ද සිටියේය.

මේ සැකකරුවා වෙනින් කවුරුවත් නොව කොටි සංවිධානයේ වාන්පුලිගල් නමින් හඳුන්වන ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් සුන්දරලිංගම් හෙවත් කුශාන්තන් මාස්‌ටර් හෙවත් දර්ශන් ය.





දර්ශන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ කුශාන්තයන්ට පැවරී තිබූ මෙහෙයුම වූයේ කටුනායක අනුරාධපුරය කොළොන්නාව සහ පලාලි වෙත බෝම්බ දැමීම ක්‍රියාත්මක කිරීමයි.

ඒ වනවිට කොටි සංවිධානය සතුව චෙක්‌ නිෂ්පාදිත ස්‌ලින් - ඉසඩ් 143 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ තිබුණි. 2007 මාර්තු 20 දා මෙම කොටි ගුවන් යානා දෙක කටුනායක ගුවන් හමුදා කඳවුරට බෝම්බ දැමීමෙන් ගුවන් භටයන් තිදෙනකු මරුමුවට පත් වූහ. ඉන්පසු 2007 අප්‍රේල් 23 දා පලාලි වෙත බෝම්බ දැමීමෙන් ගුවන් භටයන් තිදෙනකු මරුමුවට පත් විය. ඉන්පසු 2007 අප්‍රේල් 23 දා පලාලි අසළ හමුදා බංකරයකට හෙළු බෝම්බවලින් සෙබළුන් 6 ක්‌ ජීවිතක්‍ෂයට පත් වූහ. 2007 ඔක්‌තෝබර් 22 දා කොටි ගුවන් යානාවක්‌ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරටද බෝම්බ දැමීය.



2008 වසරේ අගෝස්‌තු 26 දා කොටි ගුවන් යානාවක්‌ ත්‍රිකුණාමලයේ නාවික කඳවුරටද බෝම්බ දැමීම නිසා නැවියන් සිවුදෙනෙක්‌ මියගියහ.


එම වසරේම සැප්තැම්බර් 9 දා වවුනියාව හමුදා කඳවුරටද බෝම්බ දමනු ලැබීය. එම බෝම්බ ඉලක්‌ක වූයේ ඉන්දියාව විසින් වවුනියාව කඳවුරේ ස්‌ථාපිත කර තිබූ ඉන්ද්‍රd රේඩාර් පද්ධතිය වැනසීමය.

මේ ඉන්ද්‍රd රේඩාර් පද්ධතිය එම අවස්‌ථාවේ අක්‍රියවී තිබූ බව වාර්තා විය. පසුව රජය චීනයෙන් ත්‍රිමාන රේඩාර් පද්ධතියක්‌ ගෙනැවිත් මීරිගම ප්‍රදේශයේ ස්‌ථාපිත කරනු ලැබීය.

අනතුරුව කොටි සංවිධානය 2008 ඔක්‌තෝබර් 28 දා මන්නාරම තල්ලඩි හමුදා කඳවුරට බෝම්බ දැමූ නමුත් ඉලක්‌කය වැරදුනි. එම දිනයේම කොළඹ කැලණිතිස්‌ස විදුලි බලාගාරය වෙතද බෝම්බ දැමීමෙන් බරපතළ හානියක්‌ සිදු විය.

මෙම ත්‍රස්‌ත මෙහෙයුම්වලින් පසුව 2009 පෙබරවාරි 20 දා කොටි ගුවන් ඒකකය ජපන් කමිකාසේ හෙවත් මරාගෙන මැරෙන ක්‍රමයේ ප්‍රහාරයක්‌ කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයට එල්ල කළත් ඉලක්‌කය වැරදී කොටි ස්‌ලින් යානාව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ ගැටී විනාශ විය. එම අවස්‌ථාවේම තවත් කොටි ගුවන් යානාවක්‌ කටුනායක ගුවන් කඳවුර වෙත ප්‍රහාර එල්ල කළත් ඉන්දියාව සපයා තිබූ බෝෆොaර් ගුවන් යානා නාශක අවි ප්‍රහාරයකට ලක්‌වී එම යානාවද කඩා වැටී විනාශ විය.

මේ ප්‍රහාර සියල්ල මෙහෙයවූ වාන් පුලිගල් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් අසුවූයේ නැත. ක්‍රම ක්‍රමයෙන් කොටි පරාජය වී කුශාන්තන් පිළිබඳව අමතක විය.

එහෙත් මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩුට කුශාන්තන් අමතක වූයේ නැත. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තම ගමන් බලපත් අළුත් කිරීම සඳහා ක්‌වාලාලාම්පූර් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයට සිය ගමන් බලපත් ලබා දුන් පිරිස අතර කුශාන්තන් සුන්දරලිංගම් නමැත්තකු ද සිටින බව දුටු මේජර්ජනරාල් වරයා මැලේසියාවේ බූකින් අමාත් ත්‍රස්‌ත මර්දන ඒකකයේ සහයෙන් දියත් කළ වැටලීමකදී සැකකටයුතු තිදෙනෙක්‌ අසු විය. ඉන් එක්‌ අයෙක්‌ වූයේ කුශාන්තන්ය.

මේ වනවිට එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය කුශාන්තන්ට සරණාගත හැඳුනුම්පතක්‌ ලබාදී තිබුණි.

කුශාන්තන් අසුවූ බව මැලේසියාවේ කොටි ඩයස්‌පෝරාවට වාර්තා විය. ඔවුහු කොටි හිතවාදියකුවූ මැලේසියාවේ පිනැන් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පලනිසාමි රාමසාමිගේ මෙහෙයවීම මත අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරමින් එක්‌සත් ජාතීන්ගේ සරණාගතයකු මැලේසියාවෙන් පිටුවහල් කිරීමට උත්සාහ කරන බවත් එය නතර කරන ලෙසත් නියෝග කරන්නැයි ඉල්ලීමක්‌ කළහ.

කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායකයා ව බේරා ගැනීමට මැලේසියා කොටි ඩයස්‌පෝරාව උත්සාහ කරන බව මැලේසියා පොලිසියෙන්ම මේජර් ජනරාල්වරයාට ද වාර්තා විය.

මේ නිසා දැඩි කලබලයට පත් මේජර් ජෙනරාල් මානවඩු 2014 මැයි 29 දා කුශාන්තන්ව මෙරටට එවීමේ කටයුතු ලහි ලහියේ සූදානම් කරනු ලැබීය.

ඒ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානාවක්‌ ක්‌වාලලාම්පූර් සිට කොළඹ බලා ඒමට සූදානම් වී තිබුණි. මේ අතර ක්‌වාලාලාම්පූර් අධිකරණය රාමසාමිගේ අයදුම්පත පිළිගනිමින් කුශාන්තන්ව ශ්‍රී ලංකාවට යෑවීම වහාම අත්හිටුවන ලෙස දක්‌වමින් ආගමන විගමන බලධාරීන්ට නියෝගයක්‌ නිකුත් කරනු ලැබීය.

මේ නියෝගය වහාම දුරකථනය මගින් ක්‌වාලාලාම්පූර් ගුවන් තොටුපළේ ආගමන විගමන ප්‍රධානියා වෙත දන්වන ලෙසද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබුණි.

හෙත් ආගමන විගමන ප්‍රධානියාගේ මේසයේ තිබූ දුරකථනය කීපවතාවක්‌ම නාද වුවත් රිසිවරය අතට ගැනීමක්‌ සිදුවී නැත. එම පසුබිම මැද කුශාන්තන්ව ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ගොඩ කිරීමට කොළඹින් ගිය ත්‍රස්‌ත මර්දන නිලධාරීන්ට හැකි විය.

කොටි යුද්ධය අවසන්වී පස්‌ වසරකට පසු කුශාන්තන් අසුවීම ගැන ශ්‍රී ලංකා රජය ලත් විශාල ජයක්‌ බව කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ වූවෙක්‌ පවසා තිබුණි. කොටි සංවිධානයේ වඩාත්ම වටිනාකමක්‌ ඇති කුශාන්තන් හෙවත් දර්ශන් අසුවීම කොටි ඩයස්‌පෝරාව ලත් පරාජයක්‌ බව එම ඩයස්‌පෝරා ක්‍රියාකාරියා තවදුරටත් පවසා තිබුණි. මේ වනවිට මෙරට බුද්ධි අංශවලට වාර්තා වී තිබුණේ සිවරාසා පිරුන්තබන් හෙවත් අච්චුදන් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා බවයි. කුශාන්තන් මෙන්ම අච්චුදන් ද ගුවන් නියමුවෙකි. අච්චුදන් ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය කරන අයකු ලෙස රතු වරෙන්තුව ප්‍රකාශයට පත් වී තිබුණත් කුශාන්තන්ට එරෙහිව රතු වරෙන්තුවක්‌ නිකුත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කර නොතිබුණි.ඒ වනවිට අච්චුදන් හා බිරිය ප්‍රංශයට පැනගොස්‌ ඇති බවට වාර්තා විය.

එහෙත් කොටි ගුවන් ඒකකයේ මෙහෙයුම් සැලසුම් දියත් කළේ කුශාන්තන් බව අනාවරණය විය. මුල්ලිවයික්‌කාල් බංකරයක තිබී හමුවූ කොටි ගුවන් ඒකකයේ ඡායාරූපවලින් අච්චුදන්ගේ සහ කුශාන්තන්ගේ සියලු තොරතුරු අනාවරණය විය.

කුශාන්තන්ගේ ගුරුවරයා වූයේ ශංකර්ය. 2001 සැප්තැම්බර් 27 දා පුදුකුඩියිරිප්පු මාර්ගයේ අටවා තිබූ බිම් බෝම්බයකින් ශංකර් මරුමුවට පත් විය. මෙම බිම්බෝම්බය අටවා තිබුණේ ශ්‍රී ලංකා හමුදාවේ දිගු දුර විහිදුම් බළකාය බවට වාර්තා විය.මේ අතර කුශාන්තන් ශංකර්ගේ ඥාති දියණියක්‌ වූ රෝහිනී විවාහ කර ගත්තේය. එම විවාහ මංගල්‍යය පැවැත්වූයේ ප්‍රභාකරන් සහ ඔහුගේ බිරියගේ ප්‍රධානත්වයෙනි.

මෙලෙස කොලොන්නාව තෙල් ටැංකිය, කටුනායක ගුවන් හමුදා කඳවුර ඇතුළු ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන කීපයකට කොටි ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් දියත් කළ කුශාන්තන් හෙවත් දර්ශන් වැඩි කලක්‌ බොරැල්ලේ ත්‍රස්‌ත රැඳවුම් මධ්‍යස්‌ථානයේ සිරගත වී සිටියේ නැත.

ඔහු දිනක්‌ තම සිරමැදිරියේ සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයකු අමතා මෙලෙස පැවසීය."මම හෙට නිදහස්‌ වෙනවා. මට නඩු පැවරීමට චෝදනා නැහැ. මම නිදහස්‌ වන්නේ ඔබලාගේ නීතියෙන් යෑයි ඔහු කියා සිටියේය.

කුශාන්තන් කීවේ සැබෑවකි. ත්‍රස්‌ත මර්දන ඒකකය ඔහුට අධි චෝදනා මත නඩු පැවරුවේ නැත. චෝදනා ගොනු කළේ ද නැත. බූස්‌ස සිරකඳවුරේ ද සිටි කුශාන්තන් එකවරම නිදහස්‌ විය. කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා නිදහස්‌ වූයේ කෙසේ දැයි රජයේ බලධාරීන් පවා පැවසුවේ නැත.

ත්‍රස්‌ත සිරකරුවන් රඳවා සිටි මධ්‍යස්‌ථානයෙන් නිදහස්‌ වීමට පැය 24 කට පෙර කුශාන්තන් තමා සමඟ එහි සිටි හිටපු සහකාර පොලිස්‌ අධිකාරිවරයකුට පැවසුවේ එම පොලිස්‌ නිලධාරියාට එරෙහිව රජයේ සාක්‌කිකරුවකුවී සාක්‍ෂි දෙන්නේ කොටි බුද්ධි අංශයේ ප්‍රබලයකු වූ සේරා අම්මාන් බවයි.

කුශාන්තන් නිදහස්‌ වී යන අවස්‌ථාවේ ඔහුව අල්ලා ගැනීමට මහත් වෙහෙසක්‌ දැරූ මේජර් ජනරාල් මානවඩු ජීවතුන් අතර සිටියේ නැත. මේජර් ජනරාල්වරයා ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලකින් එල්ලවූ පරාලයක්‌ හිසේ වැදීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තා විය.

එහෙත් ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසුවේ කලකට පෙර මාතරදී පැවැති හමුදා ආචාර පෙළපාලියක්‌ නරඹමින් සිටි අවස්‌ථාවේ ප්‍රබල තරුණියක්‌ "බලා ගනින් නුඹට වන දේ" යෑයි ඔහුට තර්ජනය කර තිබූ බවයි.මේජර් ජනරාල් මානවඩු කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන්ගේ දෛවයේ දොර වසා දැමීමට ගත් උත්සාහය අසාර්ථක විය.

මේ පසුබිම මැද රටේ ස්‌ථාන කීපයකට බෝම්බ දැමීමේ මෙහෙයුම් දියත් කළ කුශාන්තන් නිදහස්‌ වීම ද මවිතයට තුඩු දෙන සිද්ධියකි.

මගේ බිරිය බ්‍රිතාන්‍යයේ සිටිනවා - මම බ්‍රිතාන්‍ය වෙත යනවා ත්‍රස්‌ත රැඳවුම් භාරයෙන් නිදහස්‌ වූ කුශාන්තන් අවසන් වරට තමා සමඟ සිරමැදිරියේ සිටි පිරිස අමතා කියා සිටියේය.

ඔහු සිර මැදිරියෙන් යනවිට සිනාසුණේය. ඒ සමච්චල් සිනාවකි. මේ කොටි ත්‍රස්‌තයා නිදහස්‌ වූ බව රටේ ජනතාවට පවා වසන් විය. එසේ නම් කොටි ගුවන් යානාවල බෝම්බ ප්‍රහාරවලට ලක්‌වී මියගිය සෙබළුන් වෙනුවෙන් යුක්‌තිය ඉටු වූයේද?

මැලේසියානු ත්‍රස්‌ත මර්දන පොලිසියේ සහයෙන් අල්ලා ගත් කුශාන්තන්ගෙන් මේජර් ජනරාල්වරයා ප්‍රශ්න කිරීමේදී පැවසුවේ තම මෙහෙයුම් මධ්‍යස්‌ථානය ඉරණමඩු සිට ක්‍රියාත්මක වූ බවත් ස්‌ලින් යානා දෙක ගුවන් ගත වූයේ ඉරණමඩු කොටි ගුවන් ධාවන පථයේ සිට බවයි. 2007 දී තමාව ප්‍රභාකරන් විසින් කොටි ගුවන් ඒකකයට පත් කළ බවද කුශාන්තන් තවදුරටත් අනාවරණය කර ඇත.

මෙලෙස ශ්‍රී ලංකා රජය කුශාන්තන් අත්අඩංගුවට ගැනීම සහ පසුව නිදහස්‌ කිරීම ගැන ද්‍රවිඩ සංධානය ද නිහඬ විය.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන කොටි අවතාර විටින් විට මතුවේ. මින් එක්‌ කොටි අවතාරයක්‌ ලෙස එස්‌. වී. කිරුබාහරන් නමැත්තා දැක්‌විය හැක. මොහු පසුගිය සතියේ දිනෙක රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මානව හිමිකම් සමුළුවේදී කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව හඬ නැඟූ ජෙගන් යුද අපරාධකරුවන් බවට ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවට සහය වූ සංජෝයි නමැති මානව හිමිකම් ක්‍රියාකාරියාට ද ඔහු දොaෂාරෝපණය කර ඇත. එහෙත් කිරුබාහරන් කවුද?

කැනඩා පොලිසියේ විමර්ශන නිලධාරී ස්‌ටිම් ඩුබ්රෝව් කිරුබාහරන්ට ද චරිත සහතිකයක්‌ දී තිබේ. ඔහු එම චරිත සහතික වාර්තාව කැනඩා නීතිපති වෙතද ඉදිරිපත් කර තිබේ.ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සෑම තැනකම සැරිසරන කිරුබාහරන් නමැති තක්‌කඩියා පිළිබඳව ඩුම්රෝව් තම වාර්තාවේ මෙලෙස දක්‌වා ඇත.

2004 ජුලි 20දා සිට 30 දක්‌වා කාලය තුළ වන්නියේ පැවැති විදේශ ක්‍රියාකාරීන් සඳහා වූ කොටි සම්මන්ත්‍රණයට කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලය විසින් කොටි ක්‍රියාකාරීන් රැසකට ඇරයුම් කර තිබුණි.

මේ කොටි ක්‍රියාකාරීන් අතර වී. කිරුබාහරන් (ප්‍රංශය) යන නමද සඳහන් වී තිබුණි. ඊට අදාළ රහසිගත ලැයිස්‌තුව කැනඩාවේ මොන්ටි්‍රයල් නුවර ලෝක ද්‍රවිඩ සංවිධාන කාර්යාලයේ තිබී කැනඩා පොලිස්‌ විමර්ශකයා සොයාගෙන තිබුණි. වී. කිරුබාහරන් යනු එස්‌. වී. කිsරුබාහරන් නමැත්තායි.

මොහු ඇතුළු අනිකුත් විදේශ කොටි ක්‍රියාකාරීන්ට දේශන පවත්වා ඇත්තේ කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලයේ ප්‍රධානි මනිවන්නන්. කොටි නායක ප්‍රභාකරන්, නීලවන් (කළු කොටි පිළිබඳව) මුහුදු කොටි නායක සුසෙයි. කොටි කාන්තා බලඇණියේ විදුෂා, කොටි හමුදා නායක බානු , කොටි දේශපාලන නායකයාව සිටි තමිල්සෙල්වන් යාපනය කොටි හමුදා නායකයාව සිටි බාල්රා-, ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ බාලකුමාරන් සහ කොටි මූල්‍ය අංශයේ නායකයාව සිටි වෙට්‌ටිවරායන් ඇතුළු කොටි හමුදා නායකයන් පිරිසකි.

කැනඩා පොලිසියේ විමර්ශක ස්‌ටිව් ඩුප්රොවල් තම වාර්තාවේ මෙලෙස දක්‌වා ඇත. කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලය වැඩමුළුව මැයෙන් සකස්‌ කළ පොත පිළිබඳව මම පූර්ණ නිරීක්‍ෂණයක්‌ කළෙමි. එම පොතේ සඳහන් කර ඇත්තේ කොටි විදේශ ක්‍රියාකාරීන් පුහුණු කිරීම සඳහා වැඩමුළුව පැවැත්වෙන ආකාරයයි.

This booklet describes a training workshop given to LTTE Foreign Activitists.

ඩුබ්රෝව්ගේ මෙම වාර්තාව තුළින් කිරුබාහරන් කොටි ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරිකයකු ලෙසට තහවුරු කර ඇත. එසේ නම් තවත් සාක්‍ෂි කුමකටද?

එහෙත් කිsරුබාහරන් කොටි ත්‍රස්‌තයා මානව හිමිකම් ගැන හඬ නඟමින් මානවහිමිකම් කවුන්සිලයේ සැරිසරයි. කැනඩා පොලිසියේ මෙම විමර්ශන වාර්තාව අපි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සහ ඔහුගේ සහායක ඇන්ඩ්රු ගිල්මෝ වෙත යොමු කරන්නෙමු.

එසේම කොටි ත්‍රස්‌තවාදීන්ට මානව හිමිකම් සමුළුවේ දොර විවෘත වී ඇති බව අපි අනාවරණය කළේ මෙවන් කොටි ත්‍රස්‌තයන් "වීරයන්" ලෙසින් මානව හිමිකම් කවුන්සිලය තුළ සැරිසරන නිසාය.

කිරුබාහරන් කොටියා නටන නාඩගම අවසන්වී නැත. ඔහුගේ සහයට ඩැනී ලෙස කටයුතු කරන්නේ 1971 වසරේ ආයුධ බලයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දැමීමට උත්සාහ කර අසාර්ථක චරිතයක්‌ වූ සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත්ය. මෙවන් පසුබිමක්‌ මැද ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැති සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව විදේශ රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ සාවද්‍ය වාර්තා 13 ක්‌ ඉදිරිපත් කර තිබූ බව අනාවරණය විය.

ටර්නර් ලා පේ- සහ භාරති සෙන්ටර් නමැති රාජ්‍ය නොවන සංවිධාන දෙක ඊට දායක වී ඇත. ඉන් සාවද්‍ය වාර්තා නවයක්‌ ම ඉදිරිපත් කර ඇත්තේ ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන භාරති සෙන්ටර් නමැති සංවිධානයයි. මේ සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මොහන්රා- මරියද්‍රdස්‌ නමැති ඊළම්වාදියායි.

මේ අතර ද්‍රවිඩ සංධානය උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා යුද්ධය ඉවරයි. තවදුරටත් හමුදාව උතුරේ රැඳී සිටින්නේ කුමකටද යන තර්කය ඉදිරිපත් කර ඇත. මෙය ප්‍රයෝගකාරී සංකල්පයකි.

උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන්, මාවයි සේනාධිරාජා ඇතුළු පිරිස ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

එම සාකච්ඡා පැවැත්වීමෙන් පසු මන්නාරම, යාපනය, මාර්ගයේ පිහිටි නයාරු හමුදා කඳවුර ඉවත් කර ගෙන තිබුණි. සිංහලයනට සතියක්‌ ගත වනවිට සියලු දේම අමතක බව පැවසුවේ ප්‍රභාකරන් ය. අද එම ප්‍රකාශය ඉදිරියට ගෙන යන්නේ ද්‍රවිඩ සංධානයයි.

එහෙත් ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කේන්ද්‍රස්‌ථානවල ඉඩම් මුදාහැරීමට ත්‍රිවිධ හමුදාපතිවරු සම්පන්දන්ලා සමග සාකච්ඡා පවත්වන්නේ කුමකටද? 

එසේම තවත් හාස්‍යජනක සිද්ධියක්‌ වාර්තා විය. ඒ මුලතිව් ප්‍රදේශයේ රජයේ ඉඩම්වලින්ද හමුදාව ඉවත් කළ යුතු බවට විරෝධතාකරුවන් විරෝධතා පවත්වද්දී හමුදාව සිංහල, දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඔවුන්ට ආහාර පාර්සල් ලබාදීමයි.

 මේ අතර කුශාන්තන් සමග මැලේසියාවේදී අත්ඩංගුවට ගත් කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්- මොහමඩ් ද නිදහස්‌ විය. ඔහු පොට්‌ටුඅම්මාන්ට තොරතුරු සැපයූ බව හෙළිවිය.ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කපිතාන් ඉන්දික සංජීව යොමු කර තිබුණේ යාපනයේ අධිකරණය වෙතයි. ඔහුගේ පාපොච්චාරණය අධිකරණය පිළිගත්තේ නැත.

Monday, April 24, 2017

ජාතික ආරක්ෂාවදහොර රහසේම නාය යමින් පවතී.

කුණු කන්ද පිපිරී  නාය ගියා මෙන්ම  අතරේම ජාතික ආරක්ෂාවදහොර රහසේම  නාය යමින් පවතී. එය පුපුරා ගැන තෙක්ම අප නිහඩව සිටිය යුතුද ? දිවයින පත්‍රයේ  පලවූ මෙම ලිපිය අළුයට ඇති ගිනි මෙන් පෙනෙන බව මට හැගේ .
සමරසේකර  




වීරයන් ගෙන්වා රිලා නැටුම් පෙන්වා
පොලිසිය දෙන තලෛවර් තීන්දු...


හිටපු බුද්ධි ප්‍රධානී හෙන්ද්‍රවිතාරණ ගෙනුත් ප්‍රශ්න කරයි
රටම කිරිබත් කද්දී විරුවෝ සිරබත් කති   - 

සමන් ගමගේ







පංචායත් සභාව හෙවත් ග්‍රාම සභාව යනු ඉන්දීය ජන සමාජයේ නූගත් ගැමි ජනතාව අතර ඇතිවන ආරවුල් විසඳීම සඳහා ගැමියන් විසින්ම නිර්මාණය කරගත් ප්‍රාථමික ක්‍රමවේදයකි. මෙහිදී පංචායත් සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනුයේ ඇතැම් විට සියලු ගැමියන් යටකරගෙන නැගී සිටින ගමේ චණ්‌ඩියෙකි.

එසේත් නැතහොත් ගමේම සිටින ධනකුවේරයා හෝ ගොඩ මඩ ඉඩකඩම් යහමින් ඇති ගැමියන්ගේ අගහිඟකම්වලදී සොච්චමක්‌ විසිකරමින් කටයුතු කරන කුලීනයෝ පංචායත් ප්‍රධානීහු වෙති. එසේ පත්වන පංචායත් ප්‍රධානියා හඳුන්වන්නේ තලෛවර් යන නමිනි.

තලෛවර් පාරේ යන්නේ නම් ඉදිරියට එන ගැමියා දෙකට නැමී ඔහුට ආචාර කළ යුතුය. ඔහුගේ බලපරාක්‍රමය ඒ තරමටම ඉහළය. ගැමියන්ගේ නඩු විසඳන්නේ ඔහුය. එහිදී ඇතැම් අවස්‌ථාවල කබරගොයා තලගොයා කරන්නටද තලෛවර්ට පුළුවන. කුමක්‌ වුවත් ඔහුගේ තීන්දුව හිස නමා පිළි ගන්නට මෝඩ ගැමියෝ සැදී පැහැදී සිටින්නාහ.ඒ නඩු විසඳීම ද හරිම අපූරුය. ඊට උදාහරණයක්‌ ලෙස වර්තමානයේ අපේ රහස්‌ පොලිසිය හමුදා බුද්ධි අංශ සම්බන්ධයෙන් විමර්ශන කරන අන්දම පෙන්වා දිය හැකිය. ඇත්තෙන්ම මේ මොහොතේ මෙසේ කොහේවත් තිබෙන පංචායත් සභාවක්‌ අපේ කල්පනාවට ආවේද යහපාලනයත් සමඟ විවිධ විමර්ශන ඇරඹූ සීඅයිඩීයේ තලෛවර්ලා අද කරමින් සිටින වැඩ නිසාය.



ගැමියන් අතරේ ආරාවුලක්‌ වූ විට තලෛවර් පංචායත් සභාව කැඳවන්නේය. එහිදී විත්තියත්, පැමිණිල්ලත් පමණක්‌ නොව දෙපාර්ශ්වයේ සාක්‍ෂිකරුවෝද එකවර සභාව මැදට කැඳවා හේ නඩුව අසන්නේaය. අවසානයේ තලෛවර්ට ඕනෑ තීන්දුව ඔහු ලබා දෙන්නේය.

අද බුද්ධි අංශවලට එරෙහිව විමර්ශන සිදු කරන පොලිස්‌ විමර්ශකයනුත් කරමින් සිටින්නේ මේ කටයුත්තම නොවේද? මේවා දෙස විමසීමෙන් බැලීමේදී නම් අපට නිකමට වගේ සිතෙන්නේ ඒ තලෛවර්ලාටත්, මේ තලෛවර්ලාටත් අමතරව කොටි ඩයස්‌පෝරාවේ තලෛවර්ලාත් මෙකී විමර්ශන පසුපස සිටින්නේ යෑයි යන්නය.








ප්‍රගීත් එක්‌නැලිගොඩ, මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට, කීත් නොයාර්ට හා නාමල් පෙරේරාට පහරදීම ආදිය පමණක්‌ නොව වැල්ලවත්තේදී තරුණයන් පැහැරගැනීම යනාදී ලෙසින් මේ වන විට කෙරෙමින් තිබෙන විමර්ශන සියල්ලම ගෙන බැලුවද සිදු වෙමින් තිබෙන දේ අන්තිම මස්‌තබාල්දුය. බලු නොවටින්නේය.

තලෛවර් තීන්දුව දෙද්දී නූගත් ගැමියෝ නම් හිස නමා එය පිළිගනිමින් නිහඬ වන්නාහ. එහෙත් සාක්‍ෂි ඇතත් නැතත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර හිරේ විලංගුවේ දැමූ බුද්ධි අංශ රණවිරුවන් රැඳවුම් නියෝග මත සිටියදී ඔවුන්ගෙන් තුන්වේලටම ප්‍රයිඩ් රයිස්‌ හා බුරියානි ගිල්ල තලෛවර්ලා එසේ කරද්දී ඒ තුප්පහි වැඩ සියල්ල රටට හෙළි කරනු මිස මෝඩ ගැමියන් සේ නිහඬ වන්නට "දිවයින"ට නම් නොහැකිය.

මේ තුට්‌ටුදෙකේ වැඩ කරන අය සේම නූතන යහපාලනයේ සියලු තලෛවර්ලාද ඒ බව අවබෝධ කරගත යුතුය. මෙසේ විමර්ශන සිදු කරන අපේ පොලිස්‌ විමර්ශකයෝ ඉකුත් සතියේද තවත් අපූරු දෙයක්‌ සිදු කළේය. ඒ පසුගිය යුද සමයේ වේලු පිල්ලේ ප්‍රභාකරන්ට එරෙහි සටනේ මහ මොළකරුවන් තිදෙනකු වූ හමුදා ප්‍රධානීන් තුන්දෙනකු එකවර සීඅයිඩීSයට කැඳවා ප්‍රශ්නා කිරීමය.

එසේ කැඳවන ලද හමුදා ප්‍රධානීන් වූයේ යුද සමයේ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීව සිටි එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා, ඒකාබද්ධ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කුමා හේරත් සහ බස්‌නාහිර පළාත් ආඥපතිව සිටි මේජර් ජෙනරාල් මනෝ පෙරේරා නිලධාරීන්ය.

මේ වීරයන් කැඳවා ප්‍රශ්න කළ ඔවුහු එතනින් නතර නොවූහ. මහා වීරකමක්‌ කළ සේ ලසන්ත ඝාතනය ගැන පැය පහක්‌ ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ යෑයි කියමින් ඒ බව මාධ්‍යයටද දැනුම් දී තිබිණ. එහෙත් මේ වීරයන් කැඳවූ බව දැනගත් මොහොතේ අපට නම් සිතුනේ ඇත්තටම එසේ කළ වුන්ට පිස්‌සුද කියාය.

එම නිලධාරීන් කැඳවා පැය පහක්‌ තිස්‌සේ සිදු කළ ප්‍රශ්න කිරීමේදී රහස්‌ පොලිසියේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා කර තිබුණේ කුමක්‌ද? මේ හමුදා ප්‍රධානීන් අතරින් ඇතැම් නිලධාරීන්ව වෙන් වෙන් වශයෙන් කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට මීට පෙර පොලිසිය කටයුතු කර තිබිණි.

එසේ තිබියදී එදා මේ නිලධාරීන් තිදෙනාව එකවර කැඳවූ ඔවුන් සිදු කර තිබුණේ තිදෙනාම එකම තැනක තබා "ඔයා ගැන අරයා කිව්වා.. මෙයා ගැන එයා කිව්වා.." ආදී ලෙසින් එම වීරයන් තිදෙනාව එකිනෙකාට පාවා දීමය. මෙකී පාවා දීම වරක්‌ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රdවිතාරණ සහ අවසන් සටන සමයේ යුද හමුදා බුද්ධි ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අතරද සිදු කර තිබිණි.

එසේම මේ දක්‌වා රහස්‌ පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලට ලක්‌වූ සියලුම බුද්ධි අංශ නිලධාරීන් අතරද එය ක්‍රියාවට නංවා තිබිණි. එසේ එකිනෙකාට පාවා දීමේදී එම නිලධාරීන් බේද බින්න වී තමන්ට අවශ්‍ය දේ ප්‍රකාශ කරතැයි යන්න මෙහිදී විමර්ශකයන්ගේ අදහස වූවා විය හැකිය. එහෙත් එකී මෝඩ අදහස හමුවේ ඔවුන් විමර්ශනයක සිර වී මේ කරන්නට හදන්නේ රටේ හමුදා බුද්ධි අංශ බේද කිරීමට උත්සාහ ගැනීමය. මෙහි ඇති බරපතළම කාරණාව එය වන්නේය.

අනෙක්‌ අතට එකී උත්සාහය මෝඩ තකතීරු එකකැයි අප කියන්නේ මනා පුහුණුවක්‌ ලද, යුද්ධයක්‌ ජය ගැනීමෙදී සතුරා අන්දමන්ද කරමින් මෙහෙයුම් සිදු කළා වූ හමුදාවක සිටින බුද්ධි අංශ සොල්දාදුවන් එකිනෙකාට කොටවා තොරතුරු ලබා ගැනීමට හැකියෑයි මොවුන් කල්පනා කළේ නම් ඊට වඩා මොන්ටිසෝරි වැඩක්‌ ලොවෙත් නැති නිසාය.

මේ ක්‍රමය කෝපි කඩේ ටෙලියේ සිටි අබිලිංන්ට නම් ගැලපෙන්නේය. එහෙත් රටේ පොලිසියේ සිටින රහස්‌ පොලිස්‌ විමර්ශකයන් මෙසේ අබිලිංලා වන්නට ගිය කළ පොලිසියට පමණක්‌ නොව, රටටත් රටේ ජාතික ආරක්‍ෂාවටත් සිදු වන්නේ කුමක්‌දැයි කල්පනා කර බලන ලෙස අප මෙහිදී කියන්නේ පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාටය.

මේ ආකාරයට හිටපු හමුදා ප්‍රධානීන් වන එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා, ඒකාබද්ධ මෙහෙයුම් අධ්‍යක්‍ෂව සිටි මේජර් ජෙනරාල් කුමා හේරත් සහ බස්‌නාහිර ආඥපතිව සිටි මේජර් ජෙනරාල් මනෝ පෙරේරා යන නිලධාරීන්ව ගෙන්වා ඉකුත් සතියේ ඔවුන්ගෙන් ප්‍රශ්න කළ සීඅයිඩී විමර්ශකයන් මේජර් ජෙනරාල් කුමා හේරත් මීට මාස දෙකකට පමණ ඉහතදී රහස්‌ පොලිසියට පැමිණ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව කළ පැමිණිල්ල ගැන නම් මේ දක්‌වා විමර්ශනයක්‌ කළ බවක්‌ දැන ගැනීමට නැත.

දැනට කරන සියලුම විමර්ශනවලදී සෑම නඩු වාරයකදීම අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින යුද සහ නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන් තවත් ටිකක්‌ සිර කරන්නට හැකි වන පරිදි කුමක්‌ හෝ බී වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන ඔවුන් මේජර් ජෙනරාල් කුමා හේරත්ගේ පැමිණිල්ල පිළිබඳ සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයට මේ දක්‌වා කිසිවක්‌ම දැනුම් දුන් බවක්‌ නම් දැන ගැනීමට නැත.

එසේ වන්නේ කුමක්‌ නිසාද? මේජර් ජෙනරාල් කුමා හේරත් එවකට සිටි ඒකාබද්ධ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා වශයෙන් රහස්‌ පොලිසියට ගොස්‌ ලසන්ත ඝාතනය ගැන කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කරන්නට ගියහොත් එකී ඝාතනයේ අලගිය මුල ගිය සියලු තැන් එළියට ඒමට ඉඩ තිබීම මේ අතපසු වීමට හේතුව වී තිබේද?

කිසිදු ලඡ්ජාවක්‌ නැතිවම රහස්‌ විමර්ශනයකට කිසිසේත්ම නොගැලපෙන පරිදි ප්‍රකාශ ලබා දෙන පුද්ගලයන් එකිනෙකාට පාවා දෙමින් මේ අන්දමට අබිලිං න්‍යායෙන් සිදු කෙරෙන විමර්ශන හමුවේ දැනට යුද සහ නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන් නව දෙනකුම රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින්නාහ. පසුගියදා රටම අවුරුදු කද්දී ජනතාවට රට දිනා දෙන්නට කැපවූ ඔවුහු මේ උදා වූ නව වසරේදී කිරිබත් වෙනුවට කෑවේ සිරබත්ය.

ඒ අනුව බලන කල අප රටක්‌ සහ ජාතියක්‌ වශයෙන් සිටිනුයේ මොනතරම් නින්දාසහගත තැනකද? මේ විරුවන්ගේ දරුවනට දකින්නට පසුගිය කාලයේදීද නව වසරක්‌ උදා වෙද්දී තාත්තා ගෙදර සිටියේ නැත. එයම අදත් සිදුවී ඇත. එය මොනතරම් අසාධාරණයක්‌ද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වරක්‌ ප්‍රසිද්ධියේම රටට කී ලෙස යමක්‌ පිළිබඳ විමර්ශනයක්‌ සිදු කෙරෙන්නේ නම් කිසිවකුත් දිගින් දිගටම සිරගත නොකොට ඔවුනට ඇප ලබා දී කරන විමර්ශන ඉදිරියට කරගෙන යන්නට නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාද?

ත්‍රිකුණාමලය නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව සිටි කමාණ්‌ඩර් සුමිත් රණසිංහ තවමත් බන්ධනාගාරයේය. බස්‌නාහිර නාවික බුද්ධි ප්‍රධානියකු ලෙස සිටි ලුතිනන් කමාණ්‌ඩර් අනිල් මාපාත් බන්ධනාගාරයේය. එසේම කීත් නොයාර්ට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන එයට ඇප ලැබෙද්දී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දුන් බවට චෝදනා එල්ල කර එයටත් ඇප ලැබෙද්දී මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දුන්නේ යෑයි චෝදනා එල්ල කළ මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ විරුවන් හය දෙනා තවම ඉන්නේද සිරගතවය.

මේ සියලු දෙනාටම පොලිස්‌ විමර්ශන හමුවේ පැහැදිලි අසාධාරණයක්‌ වෙමින් තිබෙන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන්නකි. මෙහිදී මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ විරුවන් හය දෙනාට සිදුව ඇත්තේ අමුතුම දෙයකි.

ඔවුන්ව මුලින්ම අත්අඩංගුවට ගත්තේ මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියටය. එම චෝදනාවට අදාළ නඩුව ගල්කිස්‌ස අධිකරණයේ විභාග වෙමින් තිබියදී අවස්‌ථා තුනකදීම කීත් නොයාර්, බුලත්වත්ත ඇතුළු පිරිස හඳුනාගැනීමට අධිකරණයට නොපැමිණි නිසා ඔවුන්ට අධිකරණයෙන් ඇප ලබා දුනි.

එහෙත් එසේ ඇප ලබා දෙන දිනයේම විමර්ශකයන් අධිකරණයට කීවේ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියටද ඔවුන් සම්බන්ධ බවය. ඒ අනුව එකී නඩුව විභාග වන ගම්පහ අධිකරණයට මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස ඉදිරිපත් කෙරිණි. එම චෝදනාවට අනුව ඔවුන්ට ඇප ලබා දෙන්නට ගම්පහ අධිකරණයද තීරණය කළේය.

එහෙත් එසේ ඇප හිමිවීමට හරියටම දිනක්‌ තිබියදී සිදු වූයේ කුමක්‌ද? මාධ්‍ය වේදී නාමල් පෙරේරාට පහර දීමේ සිද්ධියට මේජර් බුලත්වත්ත ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් සැකයෑයි පවසමින් කොළඹ අපරාධ කොට්‌ඨාශය අලුත්කඩේ අධිකරණයට කළ කරුණු දැක්‌වීමකට අනුව ඔවුන්ව අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

එහිදී පැවති හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවේදී එක්‌ අවස්‌ථාවක අධිකරණයට පැමිණි මාධ්‍යවේදී නාමල් පෙරේරා මේ පිරිස අතරින් එක්‌ අයකු තමන්ට පහර දුන් දිනයේ එම පිරිස පැමිණි වාහනය පදවාගෙන ආ රියෑදුරා ලෙසත් තවත් අයකු තමන්ට පහර දුන් කණ්‌ඩායමේ අයකු ලෙසත් හඳුනාගනු ලැබීය.

ඒ වන විට මේජර් බුලත්වත්තගේ ඡායාරූපය විද්යුත් මාධ්‍ය මගින් පළ වී තිබූ නිසා ඔහුව මේ හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවට ඉදිරිපත් නොකෙරිණි. කෙසේ වෙතත් මේ හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවේදී වැරදුණේ නාමල් පෙරේරාටද නැතහොත් පොලිසියටදැයි අපි නොදන්නෙමු.

එහෙත් තමන්ට පහරදුන් දිනයේ වාහනය පදවාගෙන ආ පුද්ගලයා ලෙස නාමල් පෙරේරා හඳුනාගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා යනු යුද හමුදා තබා අඩුම තරමේ සිවිල් රියෑදුරු බලපත්‍රයක්‌වත් නැති කිසිසේත්ම රිය පැදවීමේ හැකියාවද නොමැති අයකු විය. එසේම තමන්ට පහර දුන් පිරිසේ අයකු ලෙස නාමල් පෙරේරා හඳුනාගනු ලැබුවේ එකී සිද්ධිය වූ දිනයේ නීත්‍යානුකූලව යුද හමුදාවෙන් නිවාඩු ලබා නිවසට ගොස්‌ සිටි බුද්ධි අංශ නිලධාරියෙකි.

අපි ඉන් එහා ඒ ගැන කිසිත් නොකියමු. මන්ද එකී හඳුනා ගැනීමේ ඇති හරි වැරැද්ද ඉදිරියේදී අධිකරණය මගින් තීරණය කරනු ඇති නිසාය. කෙසේ වෙතත් එකී හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවෙන් පසු අදටත් මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස සිටිනුයේ බන්ධනාගාරගතවය. අද හමුදා බුද්ධි අංශවලට එරෙහිව සිදු කෙරෙන සියලු පොලිස්‌ විමර්ශන ඇත්තේ මේ අන්දමට හතරබීරි කතාන්දර තුළ සිරවීය. ඉතින් මේවා සියල්ල නූගත් ගැමි ගැටලු විසඳන පංචායත් සභාවේ සිටින තලෛවර්ගේ තීන්දු ආකාරයේ ඒවා යෑයි කියනු හැර අප වෙන කුමක්‌ කියන්නද?

එහෙත් පොලිසියේ තලෛවර්ලා අද මෙසේ බුද්ධි අංශ දඩයමක යෙදෙමින් සිටිද්දී එය නතර කරන්නටද කිසිවකුත් නැත. වත්මන් යහපාලනය තුළ එසේ කරන්නට කෙනෙකු වේ නම් සිටින එකම පුද්ගලයා වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. එහෙයින් අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ පොලිසියේ මෙකී තලෛවර් විමර්ශන නතර කරන්නට යෑයි කියාය. මන්ද මේ තුට්‌ටු දෙකේ විමර්ශනවලින් ඔවුන් අද පහර දෙමින් සිටින්නේ රට රැක ගත් බුද්ධි අංශ රණවිරුවන්ට පමණක්‌ නොව, මේවාට මුවා වී කාගේ හෝ වුවමනාවකට මේ මොහොතේ ඔවුහු හමුදාවද බේද බින්න කිරීමට සැරසෙමින් ජාතික ආරක්‍ෂාවට මාරාන්තික ප්‍රහාරයක්‌ එල්ල කරමින් සිටින්නාහ.