Tuesday, May 23, 2017

සර්ප විෂ පිළිබඳ බුද්ධ දේශනාව---ගුණපාල කාරියවසම්

අද අපේ රටේ ඉන්නා මිනිස් වෙස්ගත් සර්පයෝ ගැන  ඉගෙනගැනීමට මෙම  ලිපිය හරිම වැදගත්. දිවයින පත්‍රයට මේ ලිපිය   ලියා තිබෙන්නේ  ගුණපාල කාරිය වසම් මහතා විසින්ය.


සමරසේකර 

සර්ප විෂ පිළිබඳ බුද්ධ දේශනාව ගුණපාල කාරියවසම්




බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමය හරිම අපූරුයි. උන්වහන්සේ සිව්වණක්‌ පිරිසට ධර්මය දේශනා කළේ ක්‍ෂණික මාතෘකා අරභයායි. උන්වහන්aසේ මම අද මේ පිරිසට මේ මාතෘකාව යටතේ ධර්මය දේශනා කරනවා. කියා ගන්ධ කුටියේ සිට ධර්ම දේශනාවට සූදානම් වී ධර්මාසනයට ගොඩවූයේ නැත. ධර්මය දේශනා කිරීමට ධර්මාසනයට වැඩම කළ පසු බුදුරජාණන් වහන්සේ රැස්‌ව සිටින භික්‌ෂූන් වහන්ස්‌ලාගෙන් ඇවැත්නි මා පැමිණෙන විට කවර කාරණයක්‌ පිළිබඳව කථාබහ කරමින් සිටියේදැයි ප්‍රශ්න කරති. එහිදී ලැබෙන පිළිතුර හෝ පිළිතුරු මුල්කර ගෙන ධර්මය දේශනා කළහ. එසේ නැතහොත් ධර්මය දේශනා කරන අතරතුරදී ඇතිවන. උද්ගතවන සිද්ධියක්‌ මුල්කරගෙන ධර්මය දේශනා කළහ. මෙම ක්‍රමය බොහෝ පිරිසක්‌ අගය කළහ. ප්‍රිය කළහ. සූදානම්වූ ධර්ම මාතෘකාවක්‌ මුල්කර ගෙන ධර්මය දේශනා කිරීම තුළින් ලැබෙන අවධානයට වඩා වැඩි අවධානයක්‌ එවෙලේ සිදුවන අත්දැකීමක්‌ මුල්කරගෙන සිදුකරනු ලබන ධර්ම දේශනාවට ලැබුණි. විහාරස්‌ථානයේදී පමණක්‌ නොව ඉන් පිටතදී හෝ කවර ස්‌ථානයකදී වුවද ධර්මය දේශනා කිරීමේදී මෙම ක්‍රමය බුදුරජාණන් වහන්සේ අනුගමනය කළහ.


දිනක්‌ බුදුරජාණන් වහන්සේ වන පියසක ගසක්‌ මුල ධර්මය දේශනා කරමින් සිටියදී අසල වන ලැහැබින් එළියට පැමිණි එක්‌තරා සර්පයෙක්‌ එක්‌ භික්‌ෂුවකට දෂ්ට කළහ. එවෙලේ ඒ භික්‌ෂුව තරමක අපහසුතාවයකට පත්වුවද ධර්මය අසා සිටින අනෙක්‌ පිරිසට කරදරයක්‌ වේ යෑයි සිතා තමන්ට සිදුවූ කරදරය ඉවසාගෙන සිටි ආකාරයෙන්ම සිටියහ. නමුත් එවෙලේ ක්‍ෂණිකව ඇතිවූ බලවත් වේදනාව නිසාම යම් හඬක්‌ නිකුත් කළහ. ධර්මය දේශනා කරමින්ම මේ සිද්ධිය දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ "කොහොමද භික්‌ෂුව ඔබට යම් සර්පයෙක්‌ දෂ්ට කළා. තවමත් විෂ තියෙනවද? තවමත් වේදනාව තියෙනවදැයි විමසූහ. එයට පිළිතුරු දුන් සර්ප දෂ්ටයට ලක්‌වූ භික්‌ෂූන් වහන්සේ "නැහැ ස්‌වාමීනි, ඒ වෙලාවේ නම් තරමක වේදනාවක්‌ තිබුණා. දැන් නැහැ" යි ප්‍රකාශ කළහ.

බුදුරජාණන් වහන්සේ එදින උන්වහන්සේගේ ධර්ම දේශනයට අරමුණු කරගනු ලැබුවේ එම භික්‌ෂුව ක්‍ෂණිකව මුහුණ පෑමට සිදුවූ සිද්ධියයි. එම සිදුවීම අළලා උන්වහන්සේ සර්පයන්ගේ විෂ හා එය පවත්නා කාලය හා සර්පයන්ගේ වර්ග හතරක්‌ පිළිබඳව ධර්මය දේශනා කළහ. ඒ සිද්ධියට මනුෂ්‍ය සමාජයම උපමා කරමින් තවදුරටත් ඒ ධර්මය අර්ථවත් කළහ. සර්ප විෂ වැනි විෂ සෑම මනුෂ්‍යයෙක්‌ වෙත අඩුවැඩි වශයෙන් පවතින බවත්, එහි අඩුවැඩිකම හා විෂ පවතින කාල වකවානුව පිළිබඳව සමාජයට ඉතා වැදගත් පණිවිඩයක්‌ ලබාදුන්හ. එය එදා සමාජයට මෙන්ම අද සමාජයටද වඩාත් ගැලපෙන අගනා දහමකි. අංගුත්තර නිකායේ වලාහක වර්ගයට අයත් "ආසිවිස" සූත්‍රයේ මේ අගනා දහම ඇතුළත්ය.

"ඇවැත්නි සර්පයින් කොට්‌ඨාස හතරක්‌ සිටිනවා. ඉන් එක කොටසක සර්පයන් මිනිසුන්ට දෂ්ට කළවිට ඒ වෙලාවට පමණක්‌ විෂ පවතිනවා. සුළු වේලාවකින් පහවී යනවා. දෙවැනි කොටසට අයත් සර්පයන් දෂ්ට කළවිට ඒ වෙලාවට විෂ නැහැ. නමුත් පසුව විෂ ඇතිවෙනවා. තුන්වැනි කොටසට අයත් සර්පයන් දෂ්ට කළාම ඒ වෙලාවටත් විෂයි. පසුවටත් ඒ විෂ පවතිනවා. ඒ වෙලාවටත් පසුවටත් විෂ නැති සර්ප කොට්‌ඨාසය හතර වෙනි සර්ප කොට්‌ඨාසයයි. යනුවෙන් සර්ප කොටස්‌ හතරක්‌ බුදුන් වහන්සේ හඳුන්වා දුන්හ.

අනතුරුව බුදුරජාණන් වහන්සේ ඒ සර්ප කොට්‌ඨාස හතර මනුෂ්‍ය වර්ගයාට ආදේශ කරමින් එම සර්ප විෂ සහිත සර්පයන් වගේම මිනිසුන්ද කොට්‌ඨාස හතරක්‌ සමාජයේ ජීවත්වන බව භික්‌ෂූන් අමතා වදාළහ. සර්පයන් හඳුනා ගැනීම පහසු වුවත් මිනිසුන් හඳුනා ගැනීම අපහසු බවත් මේ විෂ සහිත මිනිසුන් හඳුනාගෙන ජීවත්වීම මෙලොව හා පරලොව යන මෙලොව දියුණුවට හේතුවන බවත් වදාළහ. සර්ප විෂ එසේමයි. මිනිසුන් අතර පවත්නා ක්‍රෝධය, වෛරය හා ඊර්ෂ්‍යාව එකිනෙකාට ක්‍රෝධකරන, වෛර කරන, ඊර්ෂ්‍යා කරන මිනිසුන් එම ගති ලක්‌ෂණ පවත්වා ගෙන යන කාලය එකිනෙකාට වෙනස්‌ බවත් ප්‍රකාශ කරමින් මිනිසුන් කොට්‌ඨාස හතර එකින් එක විස්‌තර කර වදාළහ.

"ඇවැත්නි, සමහර කෙනෙක්‌ තවත් අයෙකුට තමා ඉදිරියේදීම බණිනවා. දොස්‌ කියනවා. අපහාස කරනවා. ගරහනවා. ක්‍රෝධ කරනවා. වෛර කරනවා. ඊර්ෂ්‍යා කරනවා. එය කලින් හිතාමතා සැළසුම් සහගතව කරන දෙයක්‌ නොවෙයි. ක්‍ෂණිකවම සිදුවන දෙයක්‌. ඒ නිසා එය සුළු වේලාවකට සීමා වෙනවා. ඉන්පසු එය නැතිකරගෙන සුපුරුදු පරිදි මිත්‍රකම හිතවත්කම හොඳින් පෙරසේ පවත්වාගෙන යනවා. එය හරියට පළමු සර්ප කොට්‌ඨාසය වගෙයි. ඒ වෙලාවට විෂ පවතින සුළු වේලාවකින් පහවී යන සර්ප විෂ වගෙයි. මේ පළමු මනුෂ්‍ය කොට්‌ඨාසයයි. එය ඒ තරම් හානිදායක නැහැ.

දෙවැනි මිනිස්‌ කොට්‌ඨාසයේ අය පෙර පරිදිම තවත් කෙනෙකුට බණිනවා. දොස්‌ පවරනවා. ක්‍රෝධ කරනවා. ඊර්ෂ්‍යා කරනවා. එය වෙලාවට කැපී පෙනෙන ලෙස පෙන්නුම් නොකළත් පසුව එය බරපතල තත්ත්වයට පත්කර ගන්නවා. එය බද්ධ වෛරයක්‌ බවට පත්කර ගන්නවා. මේ පිරිස දෂ්ට කළවිට විෂ නැති එහෙත් පසුවට විෂ පවතින සර්ප කොට්‌ඨාසය වගෙයි. මේ අයගෙන් ප්‍රවේශම් විය යුතුයි.

තවත් සමහර අය ක්‍ෂණිකව වහා කිපෙන අතර එම ක්‍රෝධය වෛරය බොහෝ කල් පවත්වාගෙන යනවා. එය බද්ධ වෛරයක්‌ බවට පත්කරගෙන දුටු දුටු තැන නැවත වෛරය, ක්‍රෝධය අලුත් කර ගන්නවා. එය හරියට තුන්වැනි සර්ප කොට්‌ඨාසය වගෙයි. ඒ වෙලාවටත් පසුවටත් විෂ පවතින සර්පයා වගෙයි. මේ ආකාර ගතිගුණ පවත්වන මනුෂ්‍ය කොට්‌ඨාසයද භයානකයි. ප්‍රවේශම් විය යුතුයි. මේ තුන්වෙනි කොට්‌ඨාසයයි.

හතරවැනි පුද්ගල කණ්‌ඩායම ඔවුනොවුන් ක්‍ෂණික සිද්ධියක්‌ මත දෝෂාරෝපණය කරනවා. පරුෂ වචනයෙන් කථාකරනවා. හිස්‌වචන කථාකරනවා. එය සිදුවූයේ තමාගේ වැරැද්ද හෝ අඩුපාඩුව නිසා බව අනෙකා දන්නවා. ඒ නිසා එය ඉවසාගෙන සිටිනවා. එය වරදක්‌ ලෙස දකින්නේ නැහැ. ඒ නිසා ඔවුනොවුන් අතර හිත් අමනාපකම් ඇතිකර ගන්නෙත් නැහැ. ඒ විතරක්‌ නොවෙයි, ඒ ගැන පසුවට හිතන්නෙත් නැහැ. කල්පනා කරන්නෙත් නැහැ. ඒ පුද්ගල කණ්‌ඩායම ඒ වෙලාවටත් විෂ නැති පසුවටත් විෂ නැති සර්ප කොට්‌ඨාසය වගෙයි.

මේ චරිත ලක්‌ෂණ ඇති පිරිස්‌ අපේ සමාජයේ ඕනෑතරම් සිටිනවා. මොවුන් ජීවත්වන්නේ අප ජීවත්වන පරිසරය තුළමයි. ඔබේ ගෙදර දොරේ ඔබ රැකියා කරන ස්‌ථානයේ, ඔබ සාමාජිකත්වය දරණ සමිති සමාගමේ, පුද්ගල කණ්‌ඩායමේ මේ කණ්‌ඩායම් හතරටම අයත්වන පුද්ගලයින් සිටිනවා. කොතරම් කලක්‌ ඇසුරු කළත් හඳුනාගත නොහැකි සත්ත්වයා මිනිසායි. ඒ නිසා සර්ප ගතිගුණ ඇති මිනිසුක්‌ගෙන් ප්‍රවේශම්වීමට ඔබ අධිෂ්ඨාන කරගන්න. එවිට මෙලොව දියුණුව වගේම පර ලොව දියුණුවත් ඇතිකර ගත හැකියි. මෙය වෙසක්‌ අධිෂ්ඨානයක්‌ ලෙස ඔබේ හිත තුළ රඳවා ගන්න.

ඔබට තෙරුවන් සරණයි

Monday, May 22, 2017

බලතල ඉල්ලීමෙන් සංහිඳියාවක් ඇතිවන්නේ නෑ: මේජර් ජෙනරාල් කමල් ගුණරත්න





නාලක සංජීව දහනායක මහතා ලංකාදීප පත්‍රයට ලියා ඇති මෙම ලිපිය හොරට නිදාගෙන ඉන්නවුන් හැර අන් කාගේත් ඇස්  අරවන්නක් වනු නොඅනුමානය. 

සමරසේකර 





බලතල ඉල්ලීමෙන් සංහිඳියාවක් ඇතිවන්නේ නෑ: මේජර් ජෙනරාල් කමල් ගුණරත්න



(නාලක සංජීව දහනායක)

වෙන වෙනම බලතල ඉල්ලීම තුළ සංහිඳියාවක් ඇති නොවන බවත් සංහිඳියාව වෙනුවෙන් කැපවෙනවා නම් සියලුම දෙනා එකම මාර්ගයක ගමන් කළ යුතු බවත් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ඉකුත් 20 වැනිදා පැවැසීය.

ඒ නිසාවෙන් උතුරට වැඩි බලයකුත් දකුණු පළාතට අඩු බලයකුත් ලැබීමට කිසිම හේතුවක් නැතැයි ද ඒ මහතා කීය.
ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පෙරේදා (20) සංවිධානය කර තිබූ රණවිරු සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ ද පැවැසීය.
“යුද්ධයේ භීෂණය රජකරපු දවස්වල දී අපිට අහන්න ලැබුණේ දුම්රියේ, බස්රියේ පාර්සල් බෝම්බ පුපුරල මිනිසුන් මියයන අවස්ථා ගැනයි. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පිටකොටුව, මරදාන වැනි ස්ථානවල සුනඛයන් වගේ ජනතාව මරා දාපු අවස්ථා ගැන. වැලිඔය වගේ ගම්මානවල කිරිදරුවගේ පටන් මිනිස්සු කපල කොටල මරා දැමීම් ගැන අපට අහන්න ලැබුණා. ඒ වගේ දර්ශන දකින්න මගේ ඇස්දෙකත් පව්කරලා තිබුණා. ඒ කාලයේදී උතුරේ දරුවන් ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගිහිල්ලා ළමා සොල්දාදුවන් වශයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයට බඳවා ගත්තා.

දැන් බස්වල, කොච්ච්යේ බෝම්බ පුපුරන්නේ නැහැ. උතුරේ ළමයින් පැහැරගෙන යන්නේ නැහැ. ජාති, ආගම් භේදයෙන් තොරව අද උතුරේ ජනතාව සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. එවැනි වාතාවරණයක් හදල දුන්නේ රණවිරුවන්. රණවිරුවන් වශයෙන් අපිට ඒ ගැන සතුටක් තිබෙනවා. ඒ එක්කම අද අපිට කනගාටුවකුත් තිබෙනවා. එදා තිබුණ විජයග්‍රහණයේ රණවිරු පෙළපාළිය අද නැහැ. රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන රණවිරු උත්සව අද සීමාවෙලා. එදා මැයි 18 හා 19 නිවාසවල පත්තුකරපු පහන් අද පත්තු වෙන්නේ නැහැ. ලබන වසරේ මැයි 18 වැනිදාවත් මේ රටේ නිදහස වෙනුවෙන් මියගිය රණවිරුවන් වෙනුවෙන් මේ රටේ සෑම නිවෙසකම පහනක් පත්තු කරන ලෙස මහා සංඝරත්නයවත් ජනතාවගේ ඉල්ලීමක් කළ යුතුයි. 
  
යුද්ධයේ අවසන් වසර 2යි මාස 10 තුළදී පමණක් යුද්ධ හමුදාවේ පමණක් නිලධාරීන් හා සෙබළුන් 5000කට වැඩි පිරිසක් මිය ගියා. එමෙන්ම නිලධාරීන් හා සෙබළුන් 29000කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. ඒ අතරින් බොහෝ පිරිසක් බරපතළ තුවාල ලැබුවා. ඔවුන් ඇඳන් මත අමාරුවෙන් හුස්ම ගන්නව දකින විට ඒ රණවිරුවන්ගේ මවුපියන් සියදහස්වර මැරි මැරී උපදිනවා. මේ යුද්ධයේදී රණවිරුවන්ගේ පවුල්වල උදවියත් විශාල කැපකිරීමක් කළා.

 ඒත් අවසන් බිම් අඟලත් නිදහස්කර ගත් මැයි 18 වැනිදා හා ප්‍රභාකරන් මියගිය මැයි 19 දිනයන් අද මේ රටේ කීයෙන් කී දෙනාට ද මතක් වෙන්නේ. ඒ දවස් සිහිකරමින් මොන පත්තරේ ද හෙඞ්ලයින් දැම්මේ. යුද්ධයෙන් පසු පැවැත්වූ රණවිරු සතිය අද කෝ. ඒ වෙනුවට අද උතුරේ ජන සංහාර සතියක් සමරනවා. ඒ වචනයෙන්ම පෙන්නුම් කෙරෙන්නේ වෛරය හා ක්‍රෝධයයි. අපි අපේ මුළු තරුණ කාලයම කැලෑවල ගතකරමින් යුද වැදුණේ ශ්‍රී ලංකිකයාට අභිමානයෙන් ජීවත්වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නයි.

ඒ නිසා උතුරේ අයට වැඩි බලයකුත්, දකුණේ අපිට අඩු බලයකුත් ලැබෙන්න හේතුවක් නැහැ. මම සංහිඳියාවට හුඟාක්ම කැමතියි. සබෑ සංහිඳියාවක් වෙනුවෙන් කැප වෙනවානම් අපි සියලුම දෙනා එකම මාර්ගයක ගමන් කරන්න ඕන. වෙන වෙනම බලතල ඉල්ලන තැන සංහිඳියාවක් නැහැ.”

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ පැවැසූහ. 
  
“විග්නේෂ්වරන්, සම්බන්ධන් හා සිවාජිලිංගම් මේ වනවිට සතියක්ම වෙන්කරගෙන උතුරේ ත්‍රස්තවාදීන් සිහිපත්කරනවා. හැබැයි දකුණේ යුද්ධය අවසන් කරන්න දායකත්වය සැපයූ වීරෝධාර රණවිරුවන් සිරගත කරන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මේක මහ පුදුම වැඩක්.

මේ වනවිට මුළු ලෝකයෙන්ම දේශපාලන ආශිර්වාදය තමන්ට හිමිවෙලා තිබෙන බව ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයත් පවසනවා. මානව හිමිකම් සම්බන්ධව තමන් ක්‍රියාකරන ආකාරය සම්බන්ධව පැහැදුණ රටවල් අප රටට ජී.එස්.පී සහනය ලැබුණ බවත් ඔවුන් කියනවා. මේ සියල්ලම අතරේ යුද්ධය අවසන් කරන්න කැපුවුණ රණවිරුවන් නොමරා මරමින් ආණ්ඩුව අද යුද්ධ ජයග්‍රහණය සමරනවා. ඇමෙරිකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් එදා කිව්වේ කවදාවත් යුද්ධය අවසන් කරන්න බැහැ කියලයි. නමුත් යුද්ධය අවසන් කළාම අප රටට ඇමෙරිකාව සලකන ආකාරය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඇමෙරිකාවේ ඊනියා සාමය නිරුවත්වෙලා. යම් රටවල සෛවරීත්වය විනාශ කරන්න ඊනියා සාම වෙළෙන්දන් විසින් යොදාගන්න තවත් වචනයක් තමයි මානව හිමිකම් කියන්නේ.

ඉල්ලීම් දිනාගන්න තමන්ගේ ක්‍රමවේදය වෙනස් කළ බව විග්නේෂ්වරන් කියනවා. බෙදුම්වාදී ව්‍යවස්ථා ක්‍රමවේදය හරහා තමන්ගේ ඉල්ලීම් දිනාගන්න ඔවුන් අද උත්සාහ කරනවා. අපි මේ තත්ත්වයන් තේරුම්ගන්න ඕන. මහමුහුදේ රැල්ලට වඩා වැඩි මහජන රැල්ලක් මැයි පළවෙනිදා ගෝල්ෆේස් පිටියට ආවා. ඒ රැල්ලේ පීන පීන ඉන්න එපා කියලා අපි පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා. පසුගිය 18 වැනිදා ජනාධිපතිවරයාට උතුරට එන්න එපා කියලා සිවාජිලිංගම් තර්ජනය කරනවා. මේ මුලින් එන්නේ කසකරුවායි. ඊට පස්සේ පෙරහර එනවා. ඒ විදියටම දකුණේ අපිත් ජනාධිපතිවරයාට කිව්වොත් මෙහේ ඉන්න එපා කියලා එතුමාට ඉන්න තැනක් නැතිවෙනවා. බෙදුම්වාදීන් උතුරේ ව්‍යාජ දේශයක් වෙනුවෙන් සටන් කරන විට දකුණේ අපි සැබෑ දේශයක් වෙනුවෙන් සටන් කරනවා.

මේ නින්දිත පාලකයන් අපි නිදහස් චතුරශ්‍රයෙන් එළෙව්වා. තරුණයා නැවත රට වෙනුවෙන් ඉදිරියට එන දවස වැඩි ඈතක නෙමෙයි. එදාට ආණ්ඩුවට ඒක පාලනය කරන්න බැරිවේවි. අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවන්නේ හමුදාව බලෙන් උතුරේ ජනතාව අතුරුදන් කළා කියන කාරණාව ඔප්පු කරන්නයි. අපිට රණවිරුවන් බේරාගන්න කරන්න බැරි දෙයක් නැහැ. රට බෙදන්න දෙන්නේ නැහැ කියල එදා ගිරිය පුප්පන් කෑ ගහපු අතුරලියේ රතන හාමුදුරුවෝ, දඹර අමිල හාමුදුරුවෝ දැන් ලයින් එක ටිකක් වෙනස් කරලා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එහාට ගිය බලය බෙදීමකට ඉඩ නොදෙන බව දැන් උන්වහන්සේලා කියනවා. අයිස් තට්ටුව දියවුණාම තමයි අපි ඉස්සරහා තියෙන අගාධය පේන්නේ. දැන් සුන්දර කතා නවත්වමු. මේ රට බලුවේගෙන යන විදිය ඕනෑම කෙනකුට පෙන්වන්න අපි සූදානම්. රට, ජාතිය, ආගම කියන ත්‍රිවිධ රත්නය ආරක්ෂා කර ගැනීම හැරුණ කොට අපිට වෙනත් බලාපොරොත්තුවක් නැහැ” යි ද පැවැසූහ.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ මෙසේ පැවැසූහ.

“අපි මේ වැඬේ පවත්වන්නට හිටියේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේයි. නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය වෙන්කරවාගන්න අපි මීට සති කිහිපයකට පෙර මුදල් ගෙව්වා. මේ වැඩසටහන පිළිබඳව අපි විස්තරයකුත් අදාළ ආයතනයට ලබා දුන්නා. අපේ මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන්ගේ කිසිම විරෝධයක් තිබුණේ නැහැ. මුලදීම ඔවුන් අපිට නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය නොදුන්නානම් කමක් නැහැ. නමුත් අපි රණවිරු වැඩසටහන පවත්වන වේලාවේදිම නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදීම තවත් රණවිරු උත්සවයක් පවත්වන බව කියමින් බලධාරීන් අපේ වෙන්කරවා ගැනීම අවලංගු කළා.

එහෙත් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ 20 වැනිදා සවස එහෙම වැඩසටහනක් තිබුණේ නැහැ. නිදහස් චතුරශ්‍රය නොදීමෙන් ඒ අය අපිට අභියෝගයක් දුන්නා. අපි කවදාවත් අභියෝගවලට බය නැහැ. ඒ නිසා නිදහස් චතුරශ්‍රය අබියස සිට පාගමනින් අපි විහාරමහාදේවි උද්‍යානයේ බුදු පිළිමය අසලට පැමිණියා. රණවිරුවන්, යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, මව්වරුන්, දුවා දරුවන්, මහා සංඝරත්නය ඇතුළු සියලුදෙනාම බොහොම යහපත් සිතින් ඒ පා ගමන පැමිණියා. මේ වැඩසටහන සංවිධානය කළේ රණවිරුන්ට ශක්තියක් දෙන්නයි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ගාමිණී ලොකුගේ, ඉන්දික අනුරුද්ධ, ජයන්ත සමරවීර, සිසිර ජයකොඩි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, මේජර් ජනරාල් සීවලී වනිගරත්න, රියර් අද්මිරාල් මොහාන් විජයවික්‍රම, අද්මිරාල් ආනන්ද පීරිස්, මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහත්වරුන් ඇතුළු විශ්‍රාමික රණවිරුවන්, රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගීවූහ.










අලුත් ව්‍යවස්ථාව ගැන දෙබිඩි කතා ඇයි? -ජාතික එ්කාබද්ධ කමිටුව


කොච්චර හැංගිලා වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළියේ කියලා පෙනෙන්නෙ අලුත් ව්‍යස්තාවේ කෙටුම් පත් ගැන තියෙන මේ විවේචනය දිහා බලනකොටයි 

සමරසේකර 


අලුත් ව්‍යවස්ථාව ගැන දෙබිඩි කතා ඇයි?

May 17, 2017  

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තා නිර්දේශ හා රජයේ ප‍්‍රකාශිත ස්ථාවරය අතර ඇති පරස්පරයක් පවතින බව ජාතික එ්කාබද්ධ කමිටුවේ ප‍්‍රකාශ කරයි.


ජාතික ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස විශේෂඥ වෛද්‍ය අනුලා විජයසුන්දර, ලුතිනන් කර්නල් (විශ්‍රාමික) අනිල් අමරසේකර, විධායක කමිටු සාමාජික නීතිඥ මනෝහර ආර්. ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග යන මහත්ම මහත්මීන්ගේ අත්සන් වලින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.



එකී සම්පූර්ණ නිවේදනය මෙපරිදිය.



2017 මැයි මස 3 වන දින ප‍්‍රකාශිත මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ නිර්දේශ මඟින් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදෙන වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය වෙනුවට විකල්ප වගන්ති 7ක් යෝජනා කර ඇත (මෙහෙයුම් කමිටුවෙ අතුරු වාර්තාවේ 4, 5 පිටු).
එහෙත්, ජනාධිපතිතුමා ජාතිය අමතමින් ද, අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා 2017 මැයි මස 8 වන දින දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන හරහා ද ප‍්‍රකාශ කර සිටියේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන 9 වන වගන්තිය කිසි ලෙසකින් වත් වෙනස් නොකරන බවයි. මෙය සත්‍යයක් නම් විකල්ප යෝජනා 7ක් ඉදිරිපත් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. එ බැවින් විකල්ප යෝජනා කර ඇත්තේ වර්තමාන ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය වෙනස් කිරීමට බව පැහැදිලි ය.



මෙහෙයුම් කමිටුව වෙත මේ අතුරු වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ අගමැතිතුමා ය. පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා (එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරමින්* එම විකල්ප යෝජනාවන්ට විරුද්ධ බව ද 9 වන වගන්තිය දැනට ව්‍යවස්ථාවේ පවතින ලෙස ම පැවතිය යුතු බව ද දැනුම් දී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ (අතුරු වාර්තාවේ 5 පිටුව). EPDP පක්ෂය ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය ද 9 වන වගන්තිය සංශෝධනය කිරීමට තමන් ගේ යෝජනා ඉදිරිපත් කර ඇත (අතුරු වාර්තාවේ 5 පිටුව).  ජාතික හෙළ උරුමය 9 වන වගන්තියේ සංශෝධනය වෙනසකින් තොර ව එ ලෙස ම පවත්වාගත යුතු බව කියා සිටී (අතුරු වාර්තාවේ 6 පිටුව*. මේ අනුව මෙම අතුරු වාර්තාවේ ඉදිරිපත් කර ඇති විකල්ප යෝජනා සඳහා ජනාධිපතිතුමා නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, අගමැතිතුමා සහ අධිකරණ හා බුද්ධශාසන ඇමැතිතුමා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට (කෙටුම්පතට) විරුද්ධ මත ඉදිරිපත් කළේ නම් එ් බව එම වාර්තාවේ සඳහන් ව තිබිය යුතු ය. 



අප විසින් මේ අතුරු වාර්තාව පිළිබඳ ව මෙ රට ජනතාව ගේ අවධානය යොමු කළ පසු බුද්ධාගමට ඇති ප‍්‍රමුඛස්ථානය අහිමි කිරීමට ඉඩ නොදෙන බව ප‍්‍රකාශ කරන ජනාධිපතිතුමා සහ අධිකරණ හා බුද්ධශාසන ඇමැතිතුමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට එ් බව දැනුම් දීමට කටයුතු නොකර තිබීම කණගාටුදායක ය.  



මීට පෙර 2016 මැයි මස රජය ප‍්‍රකාශයට පත්කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු (ලාල් විජේනායක කමිටුව) වාර්තාව මඟින් ද 9 වන වගන්තිය වෙනුවට විකල්ප යෝජනා 6ක් ප‍්‍රකාශයට පත්කරන ලදී. එම කමිටුව මඟින් යෝජනා කළ අනාගමික රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා වු යෝජනාවට ඉදිරිපත් වූ දැඩි ජනතා විරෝධය හමුවේ එහි නිර්දේශ කි‍්‍රයාත්මක නොකරන බවට ප‍්‍රකාශ කළ රජය, දැන් විකල්ප 3, 4, 5 සහ 6 හරහා සියලූ ආගම් සඳහා කිසිම අකාරයකට වෙනස් ලෙස නොසලකන බවට සහතික කරන වාක්‍යයක් 9 වන වගන්තියට ඇතුළත් කොට 9 වන වගන්තියේ බුද්ධාගමට දී ඇති ප‍්‍රමුඛස්ථානය නිශේධනය කිරීමට උත්සහ දරා ඇ (අතුරු වාර්තාවේ 4, 5 පිටු).
වර්තමාන ව්‍යවස්ථවේ 9 වන වගන්තිය සීමා කොට ඇත්තේ 10 වන වගන්තිය සහතික කොට ඇති පරිදි සෑම පුද්ගලයකුට ම තම ආගම ඇදහීමට ඇති අයිතිවාසිකමත්, 14 (1) (ඉ) වගන්තිය සහතික කරන පරිදි සෑම පුරවැසියකුට ම තම ආගම ප‍්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකමත් යන මූලික අයිතිවාසිකම් දෙක භුක්ති විඳීම සඳහා පමණි.



 එහි අදහස වන්නේ අන්‍ය ආගමික පුරවැසියකුට තම ආගම ප‍්‍රකාශ කිරීමට 9 වන වගන්තියෙන් බාධාවක් නොවීමට වග බලාගැනීම ය. අපි එයට කිසිසේත් විරුද්ධ නොවෙමු.
එහෙත් සියලූ පුද්ගලයන්ට සම තැන දෙන මූලික අයිතිවාසිකම ඇතුළත් 12 වන වගන්තිය 9 වන වගන්තියට ඇතුළත නොකිරීමට විශේෂ හේතුවක් විය. එනම් බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම සහතික කරමින් 9 වන වගන්තියේ සඳහන් රජයේ වගකීම අන්‍ය ආගම්වලට ලබාදීමට නොහැකි නිසා ය. ශී‍්‍ර ලංකාව බෞද්ධ රාජ්‍යයකි. මේ රාජ්‍ය තුළ බුද්ධාගම පෝෂණය කොට ආරක්ෂා කිරීම රජයේ යුතුකම වුව ද අනෙකුත් ආගම් පෝෂණය කිරීම හා ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා රජයේ යුතුකමක් විය නොහැකි ය. සියලූ ආගම්වලට සමතැන දීම මඟින් මූලධර්මවාදී හා විනාශකාරී ආගමික කල්ලි ද ඇතුළු ව සකලවිධ ආගම් ආරක්ෂා කොට පෝෂණය කිරීමට ශී‍්‍ර ලංකා රජයට සිදුවීම මෙයින් සිදුවිය හැකි භයානක ප‍්‍රතිවිපාකයකි. 



මෙයින් 9 වන වගන්තියේ අපේක්ෂිත අරමුණු නිෂේධනය වනු ඇත. එ් සමඟ ම ව්‍යවස්ථාවේ වගන්තීන් අර්ථ නිරූපණය කිරීමට අධිකරණ පද්ධතියෙන් පිටත වෙන ම ‘ව්‍යවස්ථා අධිකරණය’ යනුවෙන් නම් කරනු ලබන විශේෂ අධිකරණයක් ඇතිකිරීමේ රජයේ යෝජනාවේ පරමාර්ථ 9 වන වගන්තිය තමන්ට අවශ්‍ය ආකාරයට අර්ථ නිරූපණය කොට බුද්ධාගමට දී ඇති තැන නැති කිරීම ය. මේ විකල්ප යෝජනා කර ඇත්තේ එ් සඳහා පාර කැපීමට ය. මේ ලෙස බුද්ධාගමට ශී‍්‍ර ලංකා රාජ්‍යයේ හිමි තැනට අත නොතබන ලෙස කාරුණික ව රජයෙන් ඉල්ලා සිටිමු. 



මේ අතුරු වාර්තාවේ විකල්ප යෝජනාවලට ජනාධිපතිතුමා ගේ පක්ෂයත් අගමැතිතුමා ගේ සහ අධිකරණ හා බුද්ධශාසන ඇමැතිතුමා ගේ පක්ෂයත් විරුද්ධ වේ නම් එ් පිළිබඳ ව ප‍්‍රසිද්ධියේ පැහැදිලි ප‍්‍රකාශයක් කරන ලෙස ද එ් බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට නිල වශයෙන් දැනුම් දී බුදුදහම හා සබැඳි ව්‍යවස්ථාවේ 9 වන වගන්තියට යෝජනා කර ඇති විකල්ප ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිමු. 



එ් හා සමඟ ම ‘ශ්‍රී ලංකා ජනරජය එ්කීය රාජ්‍යයකි’ යන වර්තමාන ව්‍යවස්ථාවේ දෙ වන වගන්තියට මොන ම වෙනසක් වත් කොකරන බව ද අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉහත රූපවාහිනී වැඩසටහන්වල දී ප‍්‍රකාශ කරන්නට යෙදුණි. එ් දැනට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවෙහි ඉහත එ්කීය රජ්‍යය පිළිබඳ වගන්තිය මුළුමනින් ඉවත්කර විකල්ප වගන්ති 4ක් යෝජනා කර තිබිය දී ය (අතුරු වාර්තාවේ 1 පිටුව). 



මෙකී මෙහෙයුම් කමිටු කෙටුම්පතේ පළාත් සභාවක නීති කෙටුම් පතකට ආණ්ඩුකාරයා මඟින් මධ්‍යම රජයට මැදිහත් වීමට තිබූ හැකියාව අහිමි කිරීම (අතුරු වාර්තාවේ 16 පිටුව), පළාත් සභා පනතක් පාර්ලිමේන්තුවෙන් සංශෝධනය කිරීම සඳහා ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අමතර ව පළාත් සභා නියෝජිතයන් බහුතරයකින් සමන්විත යෝජිත දෙවන මන්ත‍්‍රණ සභාවේ තුනෙන් දෙකේ අනුමැතිය හා දෙ වන මන්ත‍්‍රණ සභාවේ එ් එ් පළාත් සභා නියෝජිතයන් ගේ වෙන වෙන ම බහුතරයක අනුමැතිය අවශ්‍ය කිරීම (අතුරු වාර්තාවේ 21 පිටුව) මඟින් කළ නොහැක්කක් බවට පත් කිරීම, සමගාමී ලැයිස්තුව අහෝසි කර එ් විෂයයන් ඍජු ව ම පළාත් සභා යටතට පැවරීම (අතුරු වාර්තාව, 11 පිටුව), ‘ජාතික ප‍්‍රතිපත්ති’ යන විෂයය සංවෘත ලැයිස්තුවෙන් (එ නම් මධ්‍යම රජයේ විෂය පථයෙන්) ඉවත් කිරීම (අතුරු වාර්තාවේ 14 පිටුව) ආදී යෝජනා සියල්ල ම අප රටේ එ්කීය භාවය විනාශ කර පළාත් රාජ්‍යයන් ඉතා බලවත් වූ ෆෙඞ්ර්ල් රාජ්‍යයක් ඇති කිරීමට ගෙනවිත් ඇති යෝජනා ය. 



උතුරු හා නැඟෙනහිර පළාත් එ්කාබද්ධ වීම සඳහා එ් පළාත්වල ජනමත විචාරණයකින් අභිමතය ලබාගත හැකි බවට වන යෝජනාව ද (අතුරු වාර්තාවේ 6 පිටුව) මුළු රට සම්බන්ධ පරමාධිපත්‍ය බලය සමස්ත රටේ පුරවැසියන් ගෙන් උදුරා එ් එ් පළාතේ වැසියන් සතු කිරීමක් ය. 
ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා සහ ගරු අධිකරණ හා බුද්ධශාසන ඇමැතිතුමා වචන හරඹවලින් බැහැර ව මේ සම්බන්ධයෙන් ස්වකීය මතය ගරුතර සංඝරත්නයට හා ජනතාවට පැහැදිලි කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.




Sunday, May 21, 2017

සිදුවන එකම දෙය වනනේ දිනෙන් දින යහපාලනය ඉතිහාසයේ කුණු කූඩයට විසිවිම බව නම් දැන් හොඳටෝම පැහැදිලිය.


සමන් ගමගේ මහතා දිවයින පත්‍රයට ලියු මෙම ලිපිය හොරට නිදා ගෙන ඉන්න වුන්ගේ ඇස්  අරවන්න සමත් උනොත් අනාගතයේදී ඇතිවෙන  තවත් යුද්ධයක්  වැළැක්විය හැකිය. 

සමරසේකර 


සංහිඳියා විලාප තබා විරුවන් දඟගෙට
යවා ජයග්‍රහණය ආපසු හැරවිය හැකිද?
මීළඟ විජයග්‍රහණයේ සැමරුමට පෙරවදනක්‌


සමන් ගමගේ













මීට වසර දෙකහමාරකට පමණ ඉහතදී ත්‍රස්‌තවාදය තුරන් කළ දේශපාලන වටපිටාව පරාජය කරමින් රට තුළ යහපාලනය ඉස්‌මතු වූයේ යුද්ධයෙන් පසුව යළිත් මේ රට අරාජික කිරීමේ දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණ රැසක්‌ දියත්ව තිබියදීය. යහපාලනය බිහි වූයේද නිකම්ම නොව, රටට එරෙහි වූ සියලු විජාතික බලවේගවල සහ දෙමළ බෙදුම්වාදයේ ආශීර්වාදය ඇතිව සමාජගත කෙරුණු සංහිඳියාව හා සහජීවනය වැනි සුන්දර වදන්ද සමඟිනි.

මෙසේ සියලු ද්‍රෝහී බලවේග එකට එක්‌ව පෙළ ගැසෙද්දී ඒ ආරම්භයේදීම අපි වත්මන් ආණ්‌ඩුවට එකක්‌ කීවෙමු. ඒ දේශපාලනය කුමක්‌ වුවද යළි මේ බිම අරාජික වන තැනට කටයුතු කරමින් උගුලට පය නොබන ලෙසය. එහෙත් අප එසේ කීවද සිදු වූයේ සහ අදටත් සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද?

2015 ජනවාරි 8 වැනිදා ආණ්‌ඩුව බිහිවී හරියටම මාස පහකුත් දින දහයක්‌ ගිය ගැන මැයි 18 වැනිදා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජි ලංගම් ඇතුළු සමස්‌ත බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයෝ එක්‌වී යුද්ධයෙන් මියගිය ඥතීන් සමරන්නෙමැයි කියමින් මේ රට වැනසූ ම්ලේච්ඡයෝ සමරන්නට වූහ.

අප මෙහිදී සැමරුවේ ම්ලේච්ඡයන් යෑයි කියනුයේ උන් බහුතරය යුද්ධයෙන් මියගිය එල්ටීටීඊ ත්‍රස්‌වාදීන් වූ නිසාය. රටට බෝම්බ ගසා ජනතාව අමු අමුවේ මරා දැමූ එකී ත්‍රස්‌තවාදීන් තිරිසන් ම්ලේච්ඡයෝමය. එහි කතා දෙකක්‌ නැත. එකී ම්ලේච්ඡයන්ගේ ප්‍රධානියා වූයේ ශිවාජිලංගම්ගේ මස්‌සිනා වූ ප්‍රභාකරන්ය. එහෙයින් සියලු දෙනා එක්‌ව එකී ආරම්භයේදීම සිදු කළේ යක්‍ෂයන් සැමරීම වන්නාහ.

එහෙත් ඔවුන් එසේ කරද්දී ආණ්‌ඩුව කළේ කුමක්‌ද? රටේ සැබෑ නිදහස ඉහළින් සමරමින් රණවිරුවාට ගෞරුත්වය දුන් විජයග්‍රහණයේ සැමරුම නවතාලිය. එහිදී යහපාලනය කීවේ විජයග්‍රහණය සැමරීමෙන් දෙමළ ජනතාවගේ සිත් පෑරෙන්නේ යෑයි කියාය. එහෙත් ශීවාජිලිංගම් ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන් ප්‍රභාකරන් සිහිකර පහන් දල්වද්දී රටේ ඇනෙකුත් පාර්ශ්වවල සිත් පෑරේද යන්න පිළිබඳ ආණ්‌ඩුව කල්පනා කළේ නැත.

ශිවාජිලිංගම්ලා උතුරේදී ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටින්ට පහන් දල්වද්දී යුද්ධයෙන් මියගිය සමස්‌තය සමරන්නෙමියි කියමින් ආණ්‌ඩුව කළේ සංහිඳියාවේ සැමරුමක්‌ කරළියට රැගෙන ඒමය. එහිදී රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ ආත්මයට සේම නන්දිකඩාල්හිදී පරලොව ගිය ම්ලේච්ඡයාගේ ආත්මයටද සැලියුට්‌ ගසන්නට ජීවත්ව සිටි රණවිරුවාට සිදු නොවුණේද?

එසේ ආරම්භය ගත් ශිවාජිලිංගම් ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයෝ වසරින් වසර ඉදිරියට එමින් අවසානයේ ඥතීන්ගේ මුවාවෙන් මියගිය ත්‍රස්‌තවාදීන් සිහි කරනු වෙනුවට ශ්‍රී ලංකා හමුදා දෙමළ වර්ග සංහාරයක්‌ කළ බව ලෝකයට කියමින් වර්ග සංහාරය සමරන්නට වූහ.

ඒ අනුව මෙවර ඔවුන් වර්ග සංහාර සතියක්‌ද ප්‍රකාශයට පත් කරමින් ඉකුත් 18 වැනිදා මුල්ලවයික්‌කාල්වලදී පහන් දල්වා ඥතීන් මුවාවෙන් කොටි ත්‍රස්‌තවාදීන් සැමරූ අතර ඒ සඳහා වත්මන් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාද එක්‌විය. එසේම උතරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්ද එකී සැමරුමේ ප්‍රධාන භූමිකාවක්‌ රඟ දැක්‌වීය.

මෙවර ප්‍රභාකරන්ගේ අවසානය සිදු වූ මැයි 18 දිනය ඉලක්‌ක කර වර්ග සංහාර සතියක්‌ ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද එකී සතිය තුළ උතුරට නොඑන ලෙස තර්ජනය කළ ශිවාජිලිංගම්, මුල්ලිවයික්‌කාල්හිදී පැවති පොදු සැමරීමට අමතරව යක්‍ෂයා එලොව ගිය ඒ බිමේa වෙනත් තැනකදී තමන්ගේ පිරිසක්‌ සමඟ එක්‌ව පහන් දල්වා ප්‍රභාකරන් සිහි කිරීමද සිදු කළේය.

ඒ ඔහු ප්‍රකාශ කළ වර්ග සංහාරයට අනුවය. එහෙත් ශ්‍රී ලංකා හමුදා එල්ටීටීඊ ත්‍රස්‌වාදීන්ට එරෙහිව සිදු කළ අවසන් සටනේදී කරනු ලැබුවේ දෙමළ ජාතියට එරෙහි වර්ග සංහාරයක්‌ද?

ජාත්‍යන්තරය පිළිගත් වර්ග සංහාරය යන්නෙන් අදහස්‌ කෙරෙනුයේ යම් ජාතියක්‌ හෝ ආගමික කණ්‌ඩාමක්‌ ඝාතනය කිරීම, බරපතළ ලෙස ශාරීරික හෝ මානසික හානි සිදු කිරීම, හිතාමතාම ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි කිරීම, ශාරීරික දුබලතාවට පත් කිරීම, උපත් පාලනය කිරීම සහ බලහත්කාරයෙන් ළමුන් එක්‌ ජනකොසකින් තවත් කොටසකට මාරු කිරීම ආදිය ය.

එහෙත් වර්ග සංහාරය යන්නට මෙසේ ලබා දී ඇති ජාත්‍යන්තරව පිළිගන්නා අර්ථකතනයේදී කොතැනකදීවත් එක්‌ ජාතියක හෝ ජන කොටසක අවිගත් පිරිසකට හෙවත් ත්‍රස්‌තවාදීන් පිරිසකට එරෙහි කටයුතු කිරීම වර්ග සංහාරයක්‌ ලෙස පෙන්වා දී නැත.

එසේ නම් ශ්‍රී ලංකා හමුදා හෙවත් අපේ රණවිරුවන් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කර ත්‍රස්‌තවාදීන් විනාශ කර දැමීම කිසිසේත්ම වර්ග සංහාරයක්‌ නොවන්නකි. සත්‍ය එය වුවද ජනාධිපතිවරයාටද තර්ජන කරමින් ශිවාජිලිංගම් ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනය වර්ග සංහාරයක්‌ කළේ යෑයි කියමින් මියගිය කොටින්ට පහන් දල්වද්දී ඒ ඇත්ත ලෝකයට කියන්නටවත් ආණ්‌ඩුව කටයුතු කළේද? කිසිවකුටත් එවන් හැකියාවක්‌ තිබුණේ නැත. සිදු වූ එකම දෙය වන්නේ ශිවාජිලිංගම්ගේ වර්ග සංහාර සතිය තුළ මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්‌ථානය යටතේ සිටින සියලු හමුදා විරුවන්ගේ රාජකාරිය කඳවුරුවලට පමණක්‌ සීමා කර තැබීම විය.

ඉකුත් දිනවල බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනතද පාර්ලිමේන්තුවට ගෙන එමින් ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥ්ප්තියටද අත්සන් තැබූ ආණ්‌ඩුවක්‌ මෙසේ වර්ග සංහාර සැමරුමක්‌ හමුවේ නිහඬ වීමෙනුත් එපිටට යමින් රණවිරුවන් කඳවුරුවලට සීමා කරමින් කටයුතු කළේ කුමක්‌ නිසා විය හැකිද?

මෙයින් මතුවී පෙනෙන්නේ අද රණවිරුවා සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ ඇති පාණ්‌ඩු ගතිය නොවේද? එසේ වී තිබෙන්නේ කුමක්‌ නිසාද? යහපාලනය බලයට ගෙන ඒමට පරිසරය නිරරමාණය කර දුන්නා වූ විජාතික බලවේගවල සිත් සතුටු කිරීම ආණ්‌ඩුවේ ප්‍රතිපත්තිය වී නිබෙන නිසාද? යම් ලෙසකින් බෙදුම්වාදී දෙමළ දේශපාලනය විසින් මෙසේ ඉස්‌මතු කරනු ලබන වර්ග සංහාරය යන්නට ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ලැබුණහොත් දංගෙඩියට යන්නේ දිවි පරදුවට තබා මේ රට යක්‍ෂයාගෙන් මුදාගත් රණවිරුවන්ය. අපට නිදහස දිනා දුන් වීරයන්ය. ඒ බව ආණ්‌ඩුව නොදන්නේද?

සිදුවෙමින් තිබෙන්නේ මේ බරපතළ ඇත්ත ආණ්‌ඩුව නොදැන සිටීම නොව, දැන දැනත් නිහඬව සිටීමය. ප්‍රභාකරන්ගේ මස්‌සිනා ශිවාජිලිංගම් උතුරේදී කොටි සිහිකරමින් වර්ග සංහාරය සමරද්දී රටට නිදහස දිනා දුන් වීරයන් වෙනුවෙන් වෙන් වූ විජග්‍රහණයේ සැමරුමට රජය මෙවරද ලබා දී ඇති තැන දෙස බැලීමේදී ද ආණ්‌ඩුවේ එකී රණවිරුවා නොසලකා හැරීම මැනවින් පැහැදිලි වන්නකි.

උතුරේ වර්ග සංහාරයක්‌ සැමරෙද්දී මෙවර රණවිරු සමරුවට අනුව ඉකුත් 19 වැනිදා සංහිඳියාවේ නාමයෙන් දියවන්නා රණවිරු ස්‌මාරකය අසල චාම් උත්සවයක්‌ පැවත්වු රජය විජයග්‍රහණයේa රණවිරු සමරුව වෙනුවට මෙවර කළ සුවිශේෂීම කටයුත්ත වූයේ සංහිඳියාවේ සංස්‌කෘතික උත්සවයක්‌ සංවිධානය කිරීමය.

එහෙත් ආණ්‌ඩුව මෙසේ සංහිඳියාවට සහ සහජීවනයට මල් පුදද්දී ශිවාජිලිංගම් ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනය උතුරේදී කොටි සමරණ අතරේ වර්ග සංහාරයක්‌ පිළිබඳ කතා කරමින් බෙදුම්වාදය දෙසටම යමින් සිටින්නේ නම් මේ රට තුළ ඇතිවිය හැකි සංහිඳියාව කුමක්‌ද? එහිදී සංහිඳියාවක්‌ ඇතිවේ යෑයි සිතන්නටවත් පුළුවන් වේද?

පවතින සැබෑ ගැටලුව එසේ වෙද්දී යහපාලනය නොනවත්වාම සංහිඳියා සහ සහජීවන මන්ත්‍රය ජපකරමින් සිටින්නේය. එකී ජප කිරිල්ලට අනුව අද කොඩිවිණය සිදුව ඇත්තේ මේ රට ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීම සඳහා ජීවිත පරදුවට තබමින් යක්‍ෂයා සමඟ සටන් වැදුණු වීරයන්ට නොවේද?

පිස්‌සන් කොටුවෙන් පැන්නාක්‌ මෙන් සංහිඳියාව , සහජීවනය කියමින් ආණ්‌ඩුව ඉබාගාතේ යද්දී සීඅයිඩීය ආරම්භ කළ බුද්ධි අංශ දඩයමට අනුව මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් හත් දෙනකු සහ නාවික හමුදා බුද්ධි අංශයේ ත්‍රිකුණාමලය ප්‍රධානියාව සිටි කමාණ්‌ඩර් සුමිත් රණසිංහ, ලුතිනන් කමාණ්‌ඩර් අනිල් මාපා ඇතුළු නාවික විරුවන් සිව්දෙනකු තවමත් සිටින්නේ බන්ධනාගාරගතවය.

මේ වන විට තමන්ගේ රැකියා අහිමිව වැටුප් පවා නතර කර දමා ඇති මෙකී බුද්ධි අංශ විරුවන්ට අත්ව තිබෙන ඉරණමද ඉතා ෙ€දනීය වී තිබෙන්නකි.

යහපාලනයත් සමඟ හමුදා බුද්ධි නිලධාරීන්ට එරෙහිව රහස්‌ පොලිසිය ආරම්භ කළ එක්‌නැලිගොඩ විමර්ශනට හමුවේ යුද හමුදා සන්නද්ධ බුද්ධි නිලධාරින් නව දෙනකු දීර්ඝ කාලයක්‌ බන්ධනාගාරගතව සිටීමේදී වරක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්‌ වැදගත් ප්‍රකාශයක්‌ද කරනු ලැබීය.

එහිදී පොලිසියේ විමර්ශනවල යම් ගැතිභාවයක්‌ ඇතැයි පෙනී යන බවද ප්‍රසිද්ධියේම කී ජනාධිපතිවරයා බුද්ධි නිලධාරීන්ට එරෙහිව විමර්ශන සිදු කරන්නේ නම් දිගින් දිගටම ඔවුන්ව සිරගත කිරීමට ඉඩ නොතබා ඇප ලබාදී අදාළ විමර්ශන සිදු කර නඩු පවරන ලෙසද සඳහන් කළේය.

එහෙත් රහස්‌ පොලිසිය ජනාධිපතිවරයාගේ එකී සඳහන පිළිගන්නට තවමත් එකඟ නොමැති බව පෙනනේනට තිබෙන්නකි. මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා නිලධාරීන් මෙන්ම කමාණ්‌ඩර් රණසිංහ සහ ලුතිනන් කමාණ්‌ඩර් අනිල් මාපා ඇතුළු නාවික නිලධාරීන් පිරිස සීඅයිඪියේ චෝදනා හමුවේ අදටත් සිරගතව සිටීම එයට ඇති පැහැදිලි උදාහරණයකි.

එසේ කරන පොලිසිය අපේ හමුදාවෝ ප්‍රභාකරන් වැනසු දිනය ලෙස සැලකෙන ඉකුත් 18 වැනිදාද නාවික හමුදා බුද්ධි අංශයේ ත්‍රිකුණාමලාය ප්‍රධානියාව සිටි සුමිත් රණසිංහ යටතේ රාජකාරි කළ තවත් බුද්ධි නිලධාරීන් සිව් දෙනකු ප්‍රශ්න කිරීම සඳහා සීඅයිඩීයට කැඳවීය. මෙකී විජයග්‍රාහි දිනයේදීම එම නිලධාරින් කැඳවීමට පොලිසිය කටයුතු කරනු ලැබුවේ කුමක්‌ නිසාද?

මේ බුද්ධි නිලධාරීන් වරදක්‌ කර තිබෙන්නේ නම් ඔවුන්ට දඬුවම් ලබාදීම පිළිබඳ අපට කිසිදු ගැටලුවක්‌ නැත. එහෙත් විමර්ශන අවසන් නැතැයි කියමින් සීඅයිඩීය වරින් වර අධිකරණයට ඉදිරිපත් කරනු ලබන බී වර්තා හමුවේ මේ නිලධාරීන් තව කොතෙක්‌ කලක්‌ සිරගතව සිටිය යුතුද?

රට වනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ ඔවුන්ට එසේ විඳවන්නට සිදුවීම කොතෙක්‌ දුරට සාධාරණ වන්නක්‌ද? එහෙත් සිදුවන අසාධාරණය මොනතරම් වුවද අද ඒ පිළිබඳ කතා කරන්නට කිසිවකුත්ම නැත. යහපාලනය සිටිනුයේ සංහිඳියාවේ සහ සහජීවනයේ සිරවීය.

ශිවාජිලිංගම්ලා වර්ග සංහාරය සමරද්දී රට වෙනුවෙන් සතුරාට එරෙහිව ඉතාම සංවේදී මෙහෙයුම්වල නිරත වූ හමුදා බුද්ධි නිලධාරීන්ට අත්ව තිබෙන ඉරණම මෙවැන්ක්‌ නම් මේ රට තුළ ඇතිවිය හැකි සහජීවනය සහ සංහිඳියාව කුමක්‌ද?

ඒ කිසිවක්‌ම සිදුවන්නෙ නම් නැත. මේ සියල්ල හමුවේ සිදුවන එකම දෙය වනනේ දිනෙන් දින යහපාලනය ඉතිහාසයේ කුණු කූඩයට විසිවිම බව නම් දැන් හොඳටෝම පැහැදිලිය.


 

Saturday, May 20, 2017

ජාතිකත්වය නැති ජාතිකකම -කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක






අද අප රට මුහුණ පා ඇති ව්‍යාධිය ගැන වුර්තිකයකු  දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතාගේ අදහස සලකා බැලීම ඉතා වැදගත්ය  ලංකාදීප පත්‍රයේ පලවූ මෙම ලිපිය  කාටත් තේරෙන සරල භාෂාවෙන් ලිව්වා නම් කොපමණ අපුරුද?
සමරසේකර  



ජාතිකත්වය නැති ජාතිකකම



කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක

මුළුරටම මැයි එක දෙස බලා සිටිද්දී එදින අලූයම මා අවදිවූයේ බරපතළ උණ රෝගියෙකු ලෙසිනි. ඒ නිසාම පසුගිය වසරේ මා ලියු  ‘මැයි දෙක’ ආකාරයේ ලිපියක් ලිවීමට නොහැකි විය. බොහෝ අයට උණ එන්නේ හෝ උණ වැඩිවන්නේ හෝ උණ ගැනෙන්නේ මැයි පළමුදා හවසය. එසේ වන්නේ තම තමන්ගේ රැලිවලට සහ පෙළපාළිවලට ආ නොආ සෙනඟ පිළිබඳ දකින සහ සිදුකරන තක්සේරු කිරීම් මැන බැලීම් සහ සැසඳීම් නිසාවෙනි. සෙනග වැඩි අයට උණ එන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ උණ වැඩිවීමය. සෙනඟ අඩු අයට උණ එන්නේ අනිත් අයගේ සෙනග වැඩි වුවොත් ඊට බිය වන නිසාය. සෙනඟ කොහෙත්ම මදි අයට හැදෙන්නේ උණ විකාරය ය. ඔල්මාදය ය.
ඒ සියල්ල සිදුවූ මෙවර මැයි දිනයත් ගෙවී ගියේ ඒවා සංවිධානය කිරීමේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කොම්පැනි සහ අතරමැදියන්ට ධන ලාභ ගොඩ ගසමින් මිස රටේ පොදු  ජනයාට නම් කිසිදු ප‍්‍රගතිශීලී දේශපාලන ආර්ථික සහ සමාජ අනාගතයක් පිළිබඳ වැඩපිළිවෙළක් තබා ඉඟියක්වත් ඉතුරු නොකරය. මේ වනවිට රටේ ජනයා කරවටක් ගිලී සිටින මහා ජාතික අර්බුදවලට කිසිදු උත්තරයක් නැති පාලකයන් සිදු කරමින් සිටින්නේ ඒ පීඩාවට පත් ජනතාවම කොහේ හෝ තැනකට විවිධ උපක‍්‍රම මගින් ගාල් කොට තම තමන්ගේ ‘ජනබල මහිමය’ පෙන්වා පවතින ජාතික අර්බුද රුපවාහිනී සහ රේඩියෝ වෙළඳ මාධ්‍ය මාර්ගයෙන් මොහොතකට හෝ වසන් කොට තැබීමය.
එහෙත් ‘සිදුවන නොව මුකුත් සිදු නොවන අදේශපාලනික කරුමය’ නිසා මුළුමහත් ස්වදේශික පොදුජන සමාජය ම මුහුණපා සිටින්නේ කිසිදා මුහුණ නොපෑ ජාතික අර්බුදයකට ය. එය දේශපාලන වසංගත රෝගයකි. එනම් රට මුහුණපා ඇත්තේ ‘ජාතික අදේශපාලනික වසංගතයකට’ ය. රටක් ජාතික වශයෙන් අදේශපාලනික වුයේ ඇයි, එහි ප‍්‍රති විපාක මොනවාද, ඉන් ගැලවෙන්නේ හෝ රට ගලවා ගන්නේ කෙසේද යන්න  පාලකයන්ටත්, සිවිල් සමාජවරුන්ටත්, පුරවැසිවරුන්ටත්, සාධාරණ සමාජවරුන්ටත්, සියයට 6ක බුද්ධිමතුන්ටත් වැදගත් කාරණයක් නොවීම තේරුම් ගත හැකි දෙයකි.මන්ද ඔවුන් මේ මහා ජාතික ව්‍යසනයේ සැලසුම්කරුවන් සහ පාර්ශවකරුවන් වී ඇති බැවිනි. එහෙත් සිය ලක්ෂ ගණනින් වූ මේ රටේ පීඩිත ස්වදේශික පොදු ජනයාට මේ මහා ජාතික ව්‍යසනයෙන් ගැලවීම අත්‍යවශ්‍ය වී ඇත්තේ ඔවුන් හිඟා නොකා හිඟා කන, රෝ බියෙන්, මහ මඟ අනතුරු බියෙන්, කුණු කඳු පුපුරා ජීවිත අහිමිවේ යන බියෙන්, පාතාල අවියක ඍජු හෝ වක‍්‍ර ඉලක්කයක් වේය යන බියෙන්  තැවි තැවී  කල් ගෙවන අසරණභාවයකට පත්වී ඇති හෙයිනි. 
වෛරස් උණ යැයි මුලින් සැකසිතු එහෙත් දින හතරකට පසු ඩෙංගු බවට තහවුරු වූ මහා වසංගත රෝගයෙන් අසාධ්‍යව අයි.ඞී.එච්. උණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබ නිවසට පැමිණ ලිපියක් ලිවීමට තබා පත්තරයක්වත් කියවා ගැනීමට නොහැකිව ගෙවූ කාලය ස්ව මහන්සියෙන්ම නැතිකරගත යුතුය යන තිර අදිටනින් ලියන මේ ලිපියේ අරමුණ අර ඉහත කී ජාතික අදේශපාලන වසංගත රෝගය සහ එහි භයානකකම  පිළිබඳ සමාජ අවධානයක් ඇති කිරීමය.
රටක් සමාජයක් අදේශපාලනික වීම අති භයානක ජාතික ව්‍යාධියකි. ආණ්ඩු, පාලකයන්, පක්ෂ සහ නියෝජන ආයතන අදේශපාලනික වීම ජාතික ව්‍යාධියක් නොව ජාතික මරණය කි. රට මේ මොහොතේ මුහුණපා ඇත්තේ ඉහත කී සියලූ පාර්ශව විසින් හදා වඩා ගත් ඒ සියල්ල වගකිවයුතු මේ ජාතික ව්‍යාධිය ට සහ ජාතික මරණය ට ය. ඊට හේතුවී ඇත්තේ ජාතික අදේශපාලන වසංගත රෝගය ය.
රටකට අදේශපාලනික මොහොතවල් අත්‍යවශ්‍ය ය. ඒ ජාතියක් මුහුණ දී ඇති තීරණාත්මක ජාතික අර්බුද සහ ඛේදවාචකවලින් මිදීම සඳහා වූ සාමුහික ජාතික උත්සාහ සඳහාය. එහෙත් පක්ෂ දේශපාලනයෙන් දෘෂ්ටිවාදමය දේශපාලනයෙන් මිදුණු එවැනි මොහොතක දී පවා ජාතික දේශපාලනය අදේශපාලනික නොවිය යුතුය. මන්ද ජාතික දේශපාලනය අදේශපාලනික වුවහොත් විජාතික බලවේගවල මුලෝපායික දේශපාලන උපක‍්‍රමවලට එය පිටුබලයක් වන බැවිණි. එවැනි මොහොතක එනම් තාවකාලික අදේශපාලනික මොහොතවල්වලදී ජාතික දේශපාලනය අදේශපාලනික වීම වළක්වා ගත හැක්කේ පරිණත ජාතික බලවේග සහ ව්‍යාපාර රටකට ඇත්නම් පමණි. එසේ නොමැතිව සිදුවන තාවකාලික අදේශපාලනික එකඟතා කෙළවර වන්නේ රටත් ජනතාවත් රටේ පරමාධිපත්‍යයත් අනතුරින් අනතුරට ඇද දමමිනි.
2015 ජනවාරියේ මෙරට  සිදුවුණේ එවැන්නකි. ජාතියට නොපෙනුණු ජාතියට නොදැනුණු එහෙත් මේ රට ගැන අපරිමිත ආදරයකින් කටයුතු කරන යුරෝපයට, එක්සත් ජනපදයට සහ ඉන්දියාවට දැනුණු, ඒ පාර්ශවවල මුලෝපායන්ට ගැළපුණු, එමෙන්ම ඒ සඳහා මෙහෙයවා ගතහැකි කණ්ඩායම්වලට සහ පුද්ගලයන්ට ඒත්තු ගැන්වියහැකි ‘මහා ජාතික අර්බුදයක්’ නැතහොත් ‘මහා ජාතික විපත්තියක්’ මේ පොළොව මත තිබුණි. ද්‍රව්‍යාත්මකව පෙන්විය  නොහැකි වූ එය වනාහි ප‍්‍රතිමානාත්මක වශයෙන් ඇතිවාටත් වඩා ප‍්‍රබන්ධ කළ හැකි   ‘ප‍්‍රජාතාන්ත‍්‍රවාදය සහ යහපාලනය නැතිකමේ මහා ජාතික විපත්තිය’ ය. කිසිදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ගැන කතා නොකළ නැතහොත් ඒවා පිළිබඳ මළපොතේ අකුරක් නොදත් ආචාර්යවරු, මහාචාර්යවරු, කලා වෘත්තිකයෝ, සාහිත්‍යකරුවෝ, පරිවර්තකයෝ, නළුවෝ, නිළියෝ, ගායකයෝ, ගායිකාවෝ කතා ලියන්නෝ රාජ්‍ය තරග සඳහා නාට්‍ය හදන්නෝ, සිවිල් සමාජවරු, පුරවැසිවරු, සාධාරණ සමාජවරු සහ සියයට 6ක බුද්ධිමත්හු යනාදී බොහෝ දෙනා  ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය නැතිකමේ මේ මහා ජාතික විපත්තියෙන්’ ජාතියත් රටත් බේරා ගැනීම සඳහා යුරෝපීය, එක්සත් ජනපද සහ ඉන්දීය මුල්‍යමය, ක‍්‍රමවේද සහ තාක්ෂණික ආධාර උපකාර රැකවරණ සහිතව අභීතව සටන් බිමට පිවිසුණෝය. ඒ තම තමන් කරමින් සිටි අන් සියලූ වැඩ අත්හැර දමමින්ය. මෙය නම් ආශ්චර්යයක් ම ය.
කාගේ වුවමනාවට සහ මෙහෙයුමට අනුව සිදුවුණත් එහි තරමක හෝ වටිනාකමක් ආරක්ෂා කරගැනීමේ ඉඩක් ද තිබුණි. එහෙත් එය රැක ගැනීමට මේ යහපාලනවරුන්ට ඥානයක් තිබුණේ නැත්තේ පැවරුණු කාරිය මිස  වැඩපිළිවෙළ හෝ මුලෝපායික සැලැස්ම ඔවුන්ගේ නොවූ නිසා ය. 2015 ජනවාරි  අදේශපාලනික හවුල් මෙහෙයුම රට අදේශපාලනික නොකොට අන්තර්වාර ජාතික දේශපාලන මොහොතක් නැතහොත් දේශපාලන සංක‍්‍රාන්ති මොහොතක් බවට පත් කර ගැනීමේ ඉඩ ඇහිරී ගියේ කලකට පසු පුද්ගලිකව බලය ලබාගත් දෙපැත්තට පනින්නන්ගේ කණ්ඩායම් සහ කලක් විපක්ෂයේම සිටි අලූත් බල පංගුකාරයින්ගේ පුද්ගලික බල තණ්හාව නිසා ම නොවේ. එනම් මෙහෙයුම සහ මුලෝපායික සැලැස්ම භාරව සිටි ජාතික සහ විජාතික පිරිසට ද එවැන්නක් අවශ්‍ය නොවූ නිසා ය. දින සියයේ එකඟතාව දින සියයෙන් නිම නොවී 2020 දක්වා යනවා යැයි, නැත ඉන් පසුවත් යනවා යැයි කියන එකඟතාව නිසා රටට අත්වුණේ ආණ්ඩුවකුත් නැති, යහපාලනයකුත් නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදයකුත් නැති අදේශපාලන රෝගයකි. දැන් එය වසංගතයකි.
දින සියයේ අදේශපාලන ආණ්ඩුව දින සීයට සීමා කොට අගෝස්තු මැතිවරණයෙන් පසු රටට පැහැදිලි දේශපාලනයක් ගෙන ඒමට තිබු අවස්ථාව මඟ හැරෙන්නේ කිසිම ප‍්‍රතිපත්තිමය එකඟතාවකට ගත නොහැකි එකිනෙකට පරස්පර ජන බලවේග දෙකකට නායකත්වය දිය යුතු එජාපය සහ ශ‍්‍රීලනිපය වෑල්ඩින් කොට සකසන ලද ජාතික යැයි කියාගත්  ‘ජාතික ආණ්ඩුව’ නිසා ය. එහි මුලිකම අර්බුදය නිර්මාණය වන්නේ ශ‍්‍රීලනිප පෝෂක ජන බලවේගය ඒ ඊනියා ජාතික ආණ්ඩුවට මුළුමනින්ම අකැමැති වීම නිසාය. ඒ නිසා සිදුවී ඇත්තේ ජනවාරි දින සියයේ අදේශපාලනික, ජාතික නොවන ජනතාවාදී නොවන පුද්ගල සහ කණ්ඩායම් බල කේන්ද්‍රීය ‘අදේශපාලන වසංගත රෝගය’ට මුළු රට ම මුළු ජාතියම දිගුකාලීනව එනම් මේ දක්වාම ගොදුරු වී තිබීම ය. මේ අදේශපාලන වසංගත රෝගය නිසා සිදු වුයේ පවතින යහපාලන ජාතික ආණ්ඩුවට කිසිදු යහපාලන ජාතික කටයුත්තක් කිරීමට හෝ කිසිදු ජාතික අර්බුදයක් විසඳීමට හෝ හැකියාවක්, වුවමනාවක්, එකඟතාවක් නොමැති වීම ය. සියලූ ජාතික වැඩ අර්බුදකාරී විවාදයක් නො එකඟතාවක් පමණක් බවට පත් වූ සිද්ධි අපමණක් වුවත් ඉන් කීපයක් පමණක් සඳහන් කිරීම පාඨකයාට පහසුවක් යැයි සිතමි.
මේ වනවිට රටේ පොදු ජනතාව මුහුණ දෙමින් පීඩාවට පත් වෙමින් සිටින ජීවන අර්බුදය, වකුගඩු වසංගතය, ඩෙංගු වසංගතය, සෞඛ්‍ය අර්බුදය, දරිද්‍රතා අර්බුදය, කැළිකසළ කළමනාකරණය සහ කුණු කඳු අර්බුදය, සයිටම් අර්බුදය, අධ්‍යාපන අර්බුදය, ප‍්‍රවාහන අර්බුදය, වරාය, තෙල් ටැංකි, ගුවන් තොටුපොළ, ඉඩම්   වැනි දේශීය වත්කම් සහ සම්පත් විදේශීය කරන අර්බුදය, රටේ පරමාධිපත්‍ය කෙරෙහි  වූ විජාතික අතපෙවීම් පිළිබඳ අර්බුදය, පාතාල සහ මත්ද්‍රව්‍ය වසංගතය, ප‍්‍රාදේශීය ආණ්ඩු මැතිවරණ අර්බුදය වැනි කිසිදු ජාතික අර්බුදයකට පිළියම් නැති ‘ජාතික’ ආණ්ඩුවක ඇති ‘ජාතිකකම’ කුමක් ද? ‘ජාතික වැදගත්කම’ මොකද්ද? ඒ අර්බුද ජාතික අර්බුද නොවේය, ඒවා හැමදාම තිබුණු ඒවා යැයි පාලකයන් කියන්නේ නම් ජනයා ඇසිය යුත්තේ ‘ඒ එසේනම් ඔබලා ජාතික ආණ්ඩුවක් යැයි කියා එකක් අටවාගෙන ඉන්නේ කවරාකාරයේ මහා ජාතික අර්බුදයක් විසඳීමට ද?’ යන පැනය ය. සියල්ලට හේතුව මේ ආණ්ඩුව අදේශපාලනික විගඩමක් වී පාලකයන්ගේ පුද්ගල අභිලාෂ ඉටු කර ගැනීම සඳහා ම වූ  මෙවළමක් වී තිබීම ය. ඒ අනුව මේ මොහොතේ රටේ ජාතික අර්බුදය වනාහි ‘අදේශපාලන වසංගතය’ ඔඩු දුවා තිබීමය. ඊට පිළියම නම් නැවත රටට දේශපාලනය වැඩම වීමය. එහි ප‍්‍රධාන දායකයා වීමට  මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සුදානම් ද? හැකියාව සහ බලය ඊට යෙදවුවොත් මේ රට නැවත දේශපාලනික වනු ඇත. එවිට බොහෝ හොඳ දේවල් සිදු වනු ඇත.

Friday, May 19, 2017

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් දඹර අමිල හිමියන්ට පිළිතුරක්‌ - වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර


මව්බිමට ද්‍රෝහිවුවෝ  අද පමණක් නොවේ අතීතයේ පටන්ම මෙරට සිටියහ. සමහර අය නම් කියන්නේ  එය  කුවේණිගේ ශාපය නිසා සිදුවූ  බවය. එහෙත්   රාවන රජුගේ මල්ලි වන විභුෂනද රාම ඉදිරියේ ජාතිය පාවා දුන් බව ඉතිහාසය පවසන නිසා කුවේණිගේ ශාපයේ  ක්‍රියාකාරිත්වය  ගැන සැකයක් ඇතිවේ. කෙසේ උවත් දඹර අමිල හිමියන් ගේ මෙම වෙස් පෙරලිය ගැන  වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර මහතා විසින්  කරන ලද  දිවයින පත්‍රයේ පලවූ ලිපිය සිත්ගන්න සුළුය. මන්ද මිඉට පෙර මාදුළුවාවේ  සෝභිත හාමුදුරුවන් තුලින්ද මෙවැනිම වෙස් පෙරලියක්  අප අද්දැක තිබෙන නිසාය 

සමරසේකර 

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන්
දඹර අමිල හිමියන්ට පිළිතුරක්‌
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර









මැයි මස 3 වැනි බදදා දිවයින පුවත්පතේ "දේශපාලනයේ මෙතෙක්‌ කථාව" තුළින් පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් ඉතිරිපත් කළ අදහස්‌ පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ලෙස යම් මතයක්‌ පළකරන ලෙස දිවයින පාඨකයන් පිරිසක්‌ විසින් එම ව්‍යාපාරයේ වර්තමාන ලේකම්වරයා වන මෙම ලියුම්කරුගෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීමට සාධාරණය ඉටුකිරීම සඳහා දිවයින කතුතුමා විසින් අවස්‌ථාව ලබාදෙනු ඇතැයි යන අපේක්‌ෂාවෙන් මෙම අදහස්‌ ඉදිරිපත් කරමි. පූජ්‍ය දඹර අමිල හිමියන් මීට අවරුදු 15 කට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ ප්‍රබල භූමිකාවක්‌ අත්පත්කර ගන්නේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මෙහෙයුම් මණ්‌ඩල සාමාජිකයෙක්‌ ලෙසය. ඒ වන විට උන්වහන්සේ ජනතා විමුක්‌ති පෙරමුණට අනුබද්ධ භික්‌ෂු සංවිධානයේ ප්‍රමුඛ වැඩ කොටසක්‌ ඉටු කළ ද මහා සමාජය උන්වහන්සේගේ භූමිකාව සැබෑ ලෙසම හඳුනාගන්නේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය තුළිනි.

එවකට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම්වරයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ සම සභාපතිවරුන් වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර වැනි ප්‍රබල චරිත අතුරින් දඹර අමිල හිමියන් කැපී පෙනුණේ උන්වහන්සේ සතු වූ චතුර කථිකත්වය නිසාම පමණක්‌ නොවේ. උන්වහන්සේ නිර්භීත වීථි සටන්කරුවෙක්‌ ද වූ බැවිනි. මෙම ලියුම්කරු උන්වහන්සේ නියෝජනය කළ ආරම්භක මෙහෙයුම් කමිටුවේ සාමාජිකයකු වූ බැවින් එම සංවිධානය තුළ උන්වහන්සේගේ භූමිකාව පිළිබඳ සාක්‌ෂි දැරීමට සදාචාරාත්මක අයිතියක්‌ සහ හැකියාවක්‌ ඇත. එදා සුනාමි සහන මණ්‌ඩලයට විරුද්ධව මාරාන්තික උපවාසයකට වාඩිවීම සඳහා උන්වහන්සේ ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පසු අප උන්වහන්සේගේ දෙපා මුල කඳුළු පිරි දෙනෙතින් වාඩි වී සිටියෙමු. නමුත් උන්වහන්සේ තමා විසින් එසේ අත්පත්කරගත් සදාචාර බලයට මුවා වෙමින් ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම තීන්දු කරන කරුණක්‌ පිළිබඳව මහා සමාජය නොමඟ යෑවීමට කටයුතු කිරීම කෙතරම් කනගාටුදායකද? එහෙත් ඒ තුළින් ඕනෑම යකඩ මල්ලකට ගුල්ලන් විදීමට ඉඩ ඇති බව උන්වහන්සේ අපට පසක්‌කර දී ඇත. මීට පෙර පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේද ඒ බව අපට සකස්‌ කර දුනි.

පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් තමා වසර 15ට පෙර පිළිගත් සහ ප්‍රචලිත කළ මතය අදට වලංගු නොවන බවට හුවා දක්‌වන්නේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ යුදමය පෙරමුණ මේ වන විට සම්පූර්ණයෙන්ම පරාජය කොට ඇත යන පදනමිනි. උන්වහන්සේගේ වචන වලින් කියනවා නම් "දැන් කොටි නැහැ. ඒ නිසා අපට ඊළාම් අනතුරක්‌ නැහැ" යන පදනමිනි. හුදකලා තර්කයක්‌ ලෙස සහ බෙදුම්වාදී මාර්ග සිතියමේ උපාය මාර්ගික ප්‍රවේශයෙන් ව්‍යqක්‌තව ඒ දෙස බලන විට එම පදනමේ යම් සත්‍යතාවක්‌ ඇති බවක්‌ පෙනේ. උන්වහන්සේගේ එම මතය වඩා භයානක සහ zනොම`ග යවන සුලුZ වන්නේ ඒ නිසාමය. උන්වහන්සේගේ පැරණි සතුරන් වූ සහ දැන් උන්වහන්සේගේ මිතුරන් බවට පත්වී ඇතැයි උන්වහන්සේ විසින්ම සඳහන් කරන පිරිස්‌ එසේ මිතුරන් බවට පරිවර්තනය වන්නේ එම මතය ඉදිරියට ගෙනයැම සඳහා බවට කිසිදු සැකයක්‌ නැත.

උන්වහන්සේ නම් වශයෙන් සඳහන් නොකළ ද උන්වහන්සේගේ එම නව මිතුරන් යනු එදා යුද්ධයට එරෙහිවීමේ නාමයෙන් ප්‍රභාකරන්ට පක්‍ෂපාතීව හඬ නෑඟූ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන් බවටද අපට නම් සැකයක්‌ නැත. ඔවුහු අද දෙමළ ජනතාවට අයිතීන් දීම සඳහා බලය බෙදිය යුතු බව කියති. එහෙත් එදා ප්‍රභාකරන් විසින් එම ජනතාවගේ අයිතීන් අමු අමුවේ උදුරාගන්නා විට ඔවුහු කටවල් තද කරගෙන සිටියහ. ප්‍රභාකරන් අතින් බෙදුම්වාදී "රිලේ බැටන්" එක අතටගත් සම්බන්ධන්ලාට පොලිස්‌ බලය දීමෙන් අහිංසක දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලැබෙන බවට අමිල හාමුදුරුවන්a සහතික දෙන්නේ කෙසේද? බෙදුම්වාදී කප්පම්කරුවන්ට දේශපාලන බලතල දීම සහ ජනතාවට සම අයිතිවාසිකම් දීම අතර පවතින අහසට පොළොව මෙන් වූ වෙනස අවංකවම අමිල හිමියන්ට වැටහෙන්නේ නැතැයි උන්වහන්සේගේ ඉතිහාසය දන්නා අයෙක්‌ ලෙස කිසිසේත්ම පිළිගත නොහැක. ජාතිකත්ව අනුව බලය බෙදිය යුතු යෑයි කියන අයට වඩා ඊට විරුද්ධ වන්නන් ජාතිවාදී වන්නේ කෙසේද? උන්වහන්සේ අද සැබෑ ජාතිවාදීන්ට ජාතිවාදීන් යෑයි ඇඟිල්ල දිගු කිරීමට බිය වන්නේ කුමක්‌ නිසාද? ඔවුන්ට ව්‍යාජ සහතික දෙන්නේ කුමක්‌ නිසාද?

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බෙදා වෙන්කළ රටවල් 26 ක බෙදුම්වාදී මාර්ග සිතියම් අධ්‍යයනය කිරීමේදී යම් පොදු සූත්‍රයක්‌ ගොඩනැඟීම යනු මහා බුද්ධිමය ව්‍යායාමයක්‌ නොවේ. අප රටේදී අසාර්ථක වූ සහ සුඩානයේදී සාර්ථක වූ "සටන්විරාම" ගිවිසුම් සහ තාවකාලික ආණ්‌ඩුZZ උපාය මාර්ගය අධ්‍යයනය කිරීමේදී වුවද තමන්ට සිදුවූ වරද නිවැරදි කිරීම සඳහා බෙදුම්වාදීන් විසින් තේරීමට නියමිත ඉදිරි පියවර තක්‌සේරු කළ හැක. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයේ පශ්චාත් යුද නව උපායමාර්ගය තුළ සම්ප්‍රදායානුකූල යුද්ධයට නැවත ඉඩක්‌ නැති බවට සහ එවැන්නක්‌ අවශ්‍ය නොවන බවට අමිල හාමුදුරුවන් සම`ග අපට විවාදයක්‌ නැත. නමුත් කේවල් කිරීමේ උපාංගයක්‌ ලෙස ප්‍රචණ්‌ඩත්වය විවිධ ප්‍රමාණයෙන් සහ ගුණයෙන් ඉදිරියේදීත් යොදාගන්නා බවට අපට නම් කිසිදු සැකයක්‌ නැත. අමිල හාමුදුරුවන්ගේ නව මිතුරන් බවට පත්වී ඇති රාජ්‍ය නොවන සංවිධානවල නායකයන් උන්වහන්සේට කිට්‌ටු වීමට පෙර උන්වහන්සේට ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී මාර්ග සිතියම සහ ඊට අදාළ ජත්‍යන්තර මැදිහත්වීම් පිළිබඳ ඉතා හොඳ අවබොAධයක්‌ තිබුණි.

උන්වහන්සේගේ මුවින් වදාරා ඇති සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ නිල ප්‍රකාශනය වූ මුරගල සඟරාව මගින් සමාජගත කොට ඇති ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයේ ගමන් මඟ ආශ්‍රිත න්‍යායාත්මක පැහැදිලි කිරීම්වල පියා රෝහන විඡේවීරයන් සහ මව සෝමවංශ අමරසිංහයන් බව උන්වහන්සේට නැවත මතක්‌ කර දිය යුතුද යන්න පැහැදිලි නැත. උන්වහන්සේ විසින් අවිවාදිතව පිළිගත් රෝහණ විඡේවීරයන් විසින් දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්‌ද යන පර්යේෂණ කෘතිය මගින් පළ කළ මතය උන්වහන්සේගේ මතකය අලුත් කිරීම සඳහා මෙසේ දැක්‌විය හැක. "ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය ඉන්දියානු සහ ඇමෙරිකානු අධිරාජ්‍යවාදී බලවේග විසින් මෙහෙයවනු ලබන කුලී හමුදාවකි. එය කිසිසේත්ම ජාතික විමුක්‌ති ව්‍යාපාරයක්‌ ලෙස හෝ ජාතික ප්‍රශ්නයට විසඳුම් ගෙනෙන ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක්‌ ලෙස හැඳින්විය නොහැක. බෙදුම්වාදය විසින් ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තිය බේද භින්න කරන අතර එය සමාජවාදයට හතුරු, අධිරාජ්‍යවාදීන්ට මිතුරු සහ පොදුවේ මානව සංහතියට හතුරු ප්‍රවණතාවකි.

කෙසේ වෙතත් බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා තමා විසින් සහාය දැක්‌වීම නිවැරදි බව උන්වහන්සේ විසින් පිළිගෙන ඇත. ඒ නිසා ඇත්ත වශයෙන්ම උන්වහන්සේ එදා පිළිගත් මූලික ඉගැන්වීම් පිළිබඳ උන්වහන්සේට ප්‍රබල න්‍යායාත්මක ගැටුමක්‌ තිබිය නොහැක. නමුත් උන්වහන්සේ දැන් ඉතා සූක්‍ෂ්ම ලෙස පෙන්වීමට උත්සාහ කරන්නේ "තමා එදා නිවැරදි දේ කළා අදත් කරන්නේ නිවැරදි දේ" යනුවෙනි. වෙනත් වචන වලින් කියනවානම් එදා ප්‍රභාකරන්ගේ සන්නද්ධ ව්‍යාපාරය තිබූ නිසා බලය බෙදීමට විරුද්ධ වුණා. නමුත් අද එය තමාගේ ද මැදිහත්වීමෙන් පරාජය කොට ඇති බැවින් බලය බෙදා දුන්නාට ප්‍රශ්නයක්‌ නැත යනුවෙනි. උන්වහන්සේ වැනි එදා යුද්ධයට පක්‍ෂපාත වූ අයෙක්‌ගේ මුවින් එවැන්නක්‌ කියවා ගැනීමට හැකි වීම බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත් විට විශාල ජයග්‍රහණයකි. ඒ අනුව දැන් උන්වහන්සේගේ නව මිත්‍රයන් වන බෙදුම්වාදීන්ට කුලී වැඩ කරන ඩොලර් කාක්‌කන්ට නම් උන්වහන්සේ යනු විකිණිය හැකි ඉතා වටිනා භාණ්‌ඩයකි.

බෙදුම්වාදී බලවේග ප්‍රභාකරන්ගේ යුද්ධය පරාජය වීමෙන් පසුව යොදා ගන්නා නව උපාය මාර්ගික ප්‍රවේශය පිළිබඳව සම්බන්ධන් මහතා විසින් 2012 මැයි 25 වැනි දින මඩකලපුවේදී පැවැත්වූ ටී. එන්. ඒ. පක්‍ෂයේ මහා සමුළුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කළේය. ඊට අනුව ඔවුන් තම ඊළාම් අරමුණ අත්හැර නැත. නමුත් ඔවුන් ඊට ළඟාවීම සඳහා යොදාගත් යුද්ධය වෙනුවට ගාන්ධිවාදී මහජන වීථි සටන් හඳුන්වාදෙනු ඇත. එම අවස්‌ථාවේදී ඊට සහාය පළකරන ලෙස සම්බන්ධන් මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන්ද ඉල්ලා සිටියි. එසේ වුවත් ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව ඊළාම් අරමුණ මියගියා යෑයි ප්‍රචලිත කිරීම නව ඊළාම් මාර්ග සිතියමට අදාළ මූලික මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයකි. ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග ප්‍රභාකරන්ගේ මරණය භාර ගන්නේ ඔහුගේ කාලතුවක්‌කු වෙනුවට "මානව හිමිකම් කසය" ආදේශ කරමිනි. ඒ නිසා දැන් ප්‍රචණ්‌ඩත්වය අවශ්‍ය වන්නේ සම්බන්ධන් මහතා කියන වීථි සටන් මාත්‍රාවම අවශ්‍ය ප්‍රමාණයට පමණි. ඒ නිසා දැන් zකාලතුවක්‌කු යොදා ගන්නා යුද්ධයක්‌ අවශ්‍ය වන්නේ නැත. එදා කාලතුවක්‌කු පෙන්වා සිදුකළ කේවල් කිරීම අද මානව හිමිකම් 'කසය' පෙන්වා සිදුකිරීමට හැකිවී ඇත. ඒ සඳහා ජාත්‍යන්තර සහාය නිර්ලෝභීව ලැබෙමින් ඇත. ඉතින් කාලතුවක්‌කු කුමකටද?

බෙදුම්වාදීන්ට දැන් අවශ්‍ය වන්නේ එම කසය යොදා ගනිමින් යහපාලන ආණ්‌ඩුව බිය වද්දා වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ව්‍යවස්‌ථානුකූලව බලය ලබාගැනීමටය. එම ක්‍රමවේදය ඉතාම සාර්ථක සහ ප්‍රතිඵලදායක බව යහපාලන ආණ්‌ඩුව දැන් ඉතා හොඳින් පෙන්වමින් ඇත. මහින්ද රාජපක්‍ෂ පරාජය කොට නව පාලනය ස්‌ථාපිත කරන්නේ එම ව්‍යවස්‌ථා ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා බවට ඇති තරම් සාක්‌ෂි ඉදිරිපත් කළ හැක. අමිල හාමුදුරුවන්ට අවශ්‍යනම් කළු සුදු අකුරින් ලියවී ඇති එම ලේඛන තොගයක්‌ තැපෑලෙන් ලැබීමට සැලැස්‌විය හැක. කෙසේවෙතත් ඉදිරි මාස කිහිපය තුළ යෝජිත බෙදුම්වාදී ව්‍යවස්‌ථා සංශෝධනය 20 වැනි සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන බවට කිසිදු සැකයක්‌ නැත. ආණ්‌ඩුව දැන් මුහුණ දෙන අභියෝගය වන්නේ එම කාලය පියමන් කරගන්නා තෙක්‌ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අහිමිවන කිසිවක්‌ සිදු නොවන බවට වගබලා ගැනීමය. එනම් මන්ත්‍රීවරුන්ගේ මනස අවුල් කෙරෙන මහජන පෙළඹවීම්වලට ඉඩක්‌ නොතැබිය යුතුය. මානසික යුද උපක්‍රම අවශ්‍ය වන්නේ එම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහාය. අමිල හාමුදුරුවන් වැනි නැවත ඉපදීමට මනෝභාවයක්‌ සහිත පිරිස්‌වලට වෙළෙඳපොළ වටිනාකමක්‌ හිමිවන්නේ එම අවශ්‍යතාව තුළය.

ඒ ආකාරයට අමිල හාමුදුරුවන් වැනි පිරිස්‌ යොදාගනිමින් මහජනයා අන්දමන්ද කිරීම සඳහා භාවිතාකරන මානසික යුද උපක්‍රම 10ක්‌ පමණ හඳුනාගත හැක. පළමුවැන්න, අමිල හාමුදුරුවන් මූලික වශයෙන් මතුකරන තර්කයයි. එනම් දැන් ප්‍රභාකරන් නැති තත්ත්වයක්‌ යටතේ උතුර නැඟෙනහිරට බලය බෙදීමෙන් රට බෙදීමේ අනතුරක්‌ මතුවන්නේ නැති බවයි. ඒ සමගම මතු කෙරෙන දෙවැනි උපක්‍රමය වන්නේ අනතුරුදායක සංශෝධන ඉදිරිපත් කළහොත් ඊට පළමුව විරුද්ධ වන්නේ තමන්වහන්සේ බව ප්‍රකාශ කිරීමය. ඒ මගින් රට අනතුරට වැටෙන දෙයක්‌ කිරීමට අමිල හාමුදුරුවෝ ඉඩ දෙන්නේ නැති බැවින් දැන් අනතුරක්‌ නැති බවට සමාජ මතයක්‌ ගොඩනැඟේ. නමුත් ඇත්ත තත්ත්වය වන්නේ අනතුරුදායක සංශෝධනයට එනම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට උන්වහන්සේ දැනටමත් එක`ගවී ඇති බවයි.

මෙම මානසික යුද උපක්‍රම සමාජගත කිරීමේදී බෙදුම්වාදී බලවේග විසින් එදා යුද්ධයට එරෙහිව යොදාගත් පැරණි රාජ්‍ය නොවන සංවිධාන බල ඇණිය යොදා ගන්නේ නැත. දැන් ඒ සඳහා අමිල හාමුදුරුවන් වැනි නව මුහුණු හෙවත් zපුනරුත්ථාපනය වූ ජාතිකවාදීන්Z පිරිසක්‌ ඔවුන් විසින් සෙයාගෙන ඇත. එසේ මුහුණු මාරු කිරීම ද ප්‍රබල මානසික යුද උපක්‍රමයකි. කෙසේවෙතත් තුන්වැනි උපක්‍රමය වන්නේ මහජනයා කලබලයට පත්වන එහෙත් සැබෑ ලෙසම සංශෝධනයට ලක්‌නොවන සංශෝධන යෝජනා කිරීම සහ පසුව ඊට කිස්‌සේත්ම ඉඩ නොදෙන බවට සහතික ලබාදීමය. උදාහරණයක්‌ ලෙස බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය සහ ඒකීය වගන්තිය වෙනස්‌ කිරීම වැනි යොජනා ගත හැක. බෙදුම්වාදීන්ට එම ලේබල් වලින් වැඩක්‌ නැත. පොදු මහජනයාට ලේබල් ගැන සටත් කිරීමට ඉඩදී එම ඝෝෂාව තුළ තමන්ට අවශ්‍ය දේ ලබාගැනීම බෙදුම්වාදීන්ගේ උපක්‍රමයයි. ඒ තුළ ආණ්‌ඩුවටද එවැනි දේට ඉඩ නොදෙන බවට සහතිකයක්‌ ලබාදී මහජනයාගේ කපටි ආරක්‍ෂකයා බවට පත්වීමේ අවස්‌ථාව උදාවේ.

හතරවැනි මානසික යුධදඋපක්‍රමය වන්නේ "ඉබ්බා විසින් තමා දියේ දමන්නට එපා කියන්නා සේ" 13 න් එහාට නම් අඟලක්‌වත් නො යුතු බවට තර්ජනය කිරීමය. ඊට පහසුකම් සැලසීම සඳහා විවිධ ඔත්තුසේවාවලට සේවය කරන ඊනියා විද්වතෙක්‌ ප්‍රකාශ කරන්නේ 13 වැනි සංශෝධනය මත ගොඩනැඟීම වරදක්‌ නොවූවත් ඉන් එහාට යැම වරදක්‌ බවය. නමුත් බෙදුම්වාදීන්ට සැබෑ ලෙසම තම මාර්ග සිතියම ඔස්‌සේ ඉදිරියට යැම සඳහා තාක්‍ෂණිකව අවශ්‍ය වන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කර ගැනීම පමණි. මෙම උපක්‍රමය තුළ 13 වැනි සංශෝධනයෙන් එහාට යැමට විරුද්ධ වන්නන් රටේ ආරක්‍ෂකයන් බවට පත්වේ. එවිට ඉතා පහසුවෙන් ඔවුන්ගේ නිර්දේශය වන 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ යෝජනාව ආරක්‍ෂාකාරී යෝජනාවක්‌ බවට පත්වේ. දැන් බලය බෙදුවාට ප්‍රශ්නයක්‌ නැත. යනුවෙන් අමිල හාමුදුරුවන් ගොඩනඟන තර්කය මෙම ව්‍යාජ ආරක්‍ෂාකාරී ප්‍රවේශය සම`ග බැඳී ඇත.

පස්‌වැනි මානසික යුද උපක්‍රමය වන්නේ පලාත් වලට බලය බෙදනවා නම් මධ්‍යය ශක්‌තිමත් කළ යුතු බවට තර්ජනය කිරීමය. ඒ මගින් මධ්‍ය ශක්‌තිමත් කරනවා නම් පළත්වලට බලයදීම හරහා අනතුරක්‌ සිදු නොවන බවට ව්‍යාජ ආරක්‍ෂාකාරී මනෝභාවයක්‌ ඇතිකෙරේ. නමුත් පළාත්වලට පරමාධිපත්‍යයේ බලය ලබාදී මධ්‍යය ශක්‌තිමත් කළ නොහැක. එසේ ව්‍යාජ ලෙස ශක්‌තිමත් බවක්‌ පෙන්නුවද ජාත්‍යන්තර මැදිහත්වීම මත ඊළම ප්‍රකාශයට පත් කිරීමේදී එම ඊනියා බලය ප්‍රායෝගිකව භාවිත කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. ජාත්‍යන්තර මැදිහත්වීම් මත කොසෝවෝ රාජ්‍යය බෙදා වෙන් කිරීමේදී සර්බියානු මධ්‍යම රජයට යම් ව්‍යවස්‌ථානුකූල බලතල භාවිතා කිරීමට ඉඩ ලබාදුන්නේ නැත.

අමිල හාමුදුරුවන් වැනි නව සගයින් යොදාගනිමින් බෙදුම්වාදීන් විසින් ප්‍රචලිත කරන හයවැනි මානසික යුද උපක්‍රමය වන්නේ ෙµඩරල් දෙනවාට අප විරුද්ධයි යන්නයි. එහි යටි අර්ථය වන්නේ ෙµඩරල් වචනය නොමැතිව බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ ලබා දුන්නාට අප විරුද්ධ නැත යන්නයි. එවැනි ප්‍රකාශ මගින් තමා ජීවත්ව සිටිනතුරු "ෙµඩරල්" දෙන්න ඉඩ දෙන්නේ නැහැ වැනි තර්ජනයක්‌ පෙන්වුවත් ඔවුන් සැබෑ ලෙසම කරන්නේ ෙµඩරල් වචනය නොමැතිව දැනටමත් ලබාදී ඇති ෙµඩරල් බලතල සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එකඟවීමය. ඔවුන් ෙµඩරල් යනුවෙන් හඳුන්වන්නේ ව්‍යවස්‌ථාවෙන් "ඒකීය" වචනය ඉවත් කිරීමය. ඒ සඳහා ජනමත විචාරණයක්‌ අවශ්‍ය වේ. ඒකීය වචනය ව්‍යවස්‌ථාවේ තිබියදී ශ්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා ෙµඩරල් බලතල සහිත රාජ්‍යයක්‌ බවට පත්කිරීමට 13 වැනි සංශෝධනය සමත් වූ බවට හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා ප්‍රකාශ කොට ඇත. ඒ නිසා ඒකීය වචනය ඉවත්කර ගත නොහැකි නම් එය එසේ තිබීම බෙදුම්වාදීන්ට තාක්‍ෂණිකව ප්‍රශ්නයක්‌ නොවේ.

එක්‌ පැත්තකින් ජනමත විචාරණයක්‌ අවශ්‍ය වන සංශෝධනවලට විරුද්ධ වන අතර අමිල හාමුදුරුවන් වැනි මානසික යුද උපක්‍රම ප්‍රචලිත කරන පිරිස්‌ අනෙක්‌ පැත්තෙන් බල කරන්නේ ජනමත විචාරණයකට යොමුකොට නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කරන ලෙසය.ඒ තුළින් පවතින ව්‍යවස්‌ථාවද විවේචනය කෙරෙන අතර කෙසේ හෝ ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතුය යන මතය තහවුරු කෙරේ. එසේම ඒ මගින් වර්තමාන ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය සහමුලින්ම පරාජය කළ යුතුය යන සටන් පාඨය අභියෝගයට ලක්‌කෙරේ. ඒ හා බැඳුණු අටවැනි මානසික යුද උපකත්‍රමය වන්නේ මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා යොදාගත් මූලික සටන් පාඨය වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය නැවත මතු කිරීමය. යහපාලන ආණ්‌ඩුව විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බව දැන් ඉතා පැහැදිලිව පෙනේ. එහෙත් එම සටන් පාඨ මතු කිරීම මගින් ව්‍යාජ ඝෝෂාවක්‌ මතුවන අතර බෙදුම්වාදීන්ට දැන් ලබාදීමට එකඟ වී ඇති 20 වැනි සංශෝධනය ඉතා සුළු සංශෝධනයක්‌ ලෙස අවතක්‌සේරුවට ලක්‌කෙරෙයි. එසේම බරපතළ ඉල්ලීම් ඉදිරිපත් වුවත් ආණ්‌ඩුව ඒවාට ඉඩ නොදුන් බවට ඒ මගින් මහජනයා අතර මනෝභාවයක්‌ ඇතිවේ. ඒ මගින් ආණ්‌ඩුව එන්.ජී.ඕ. කාරයන්ට යට නොවූ බවටද යහපත් පින්තූරයක්‌ ගොඩනැඟේ. එවිට එන්.ජී.ඕ. කාරයින් ඉල්ලන එක්‌ දෙයක්‌ ලබා නොදී අනෙක්‌ වැදගත් දේ ලබාදී ඇති බව මහජනයාට අමතක වේ.

නව වැනි මානසික යුද උපක්‍රමය වන්නේ දෙමළ බෙදුම්වාදීන් දැන් වෙනම රාජ්‍ය සංකල්පය අතහැර දමා ඇත යන මතය තහවුරු කිරීමයි. එය මතුපිටින් බොළඳ උත්සාහයක්‌ ලෙස පෙනුනත් බෙදුම්වාදී බලවේග විසින් එම උපක්‍රමය අමිල හාමුදුරුවන් වැනි අය භාවිත කරමින් ඉතා සාර්ථකව ප්‍රචලිත කරන බව පෙනේ. ඒ සමඟ බැඳුණු දසවැනි උපක්‍රමය වන්නේ දෙමළ ජනතාවට යමක්‌ දිය යුතුය යන මතුපිටින් සාධාරණ බව පෙනෙන තර්කය මතු කිරීමයි. එහිදී ඉහත සඳහන් කළ පරිදි අමිල හාමුදුරුවෝ ජනතාවගේ අපේක්‍ෂා සහ බෙදුම්වාදී නායකයන්ගේ අපේක්‌ෂා අතර පවතින අහසට පොළොව මෙන් වූ වෙනස ස`ගවා සම්ප්‍රදායානුකූල වමේ පක්‍ෂ 1987 ඉන්දු ලංකා ගිවිසුම සාධාරණීකරණය කිරීම සඳහා යොදාගත් ප්‍රලාප නැවත ප්‍රතිනිර්මාණය කරති. දැන් විවිධ ඔත්තුසේවා විසින් ගොඩනඟමින් යන වාමවාදී සංහිඳියා පෙරමුණ විසින් ඉදිරියේදී එම ප්‍රලාප උස්‌ හඬින් ගයනු ඇත.

අවසන් වශයෙන් කිව යුත්තේ අමිල හාමුදුරුවන් වැනි "පුනරුත්ථාපනය කළ" ජාතිකවාදීන් යොදාගනිමින් මේ වන විට දියත්කොට ඇති මහා මානසික යුද සංග්‍රාමය පරාජය කළ හැක්‌කෙ,a ජනතාව විසින් ඔවුන්ට නිසි පාඩම් කියාදීම මගින් බව පමණි. ජනතාව ඊට අසමත් වේ නම් සිංහල දෙමළ මුස්‌ලිම් සියලු ජනතාව එකිනෙකා මරාගන්නා කනගාටුදායක සන්ධිස්‌ථානයකට ඔවුන් විසින් මේ රට රැගෙන යන බවට දැන් නම් කිසිදු සැකයක්‌ නැත.

Thursday, May 18, 2017

රට බෙදීමට පොරොන්දු වූයේ කවුරුද - මතුගම සෙනෙවිරුවන්


සෙනවි රුවන් මහතා පා කරන්නේ ඉතා  වැදගත් අදහසකි. එනම් මේ රටේ භාරකාරයෝ කටයුතු කරන්නේ සෙසු ජනතාව මෝඩයන් ලෙස සලකා ගෙනය.  මේකට සිංහල භාෂාවෙන් කියන්නෙ හැක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් කියාය.

සමරසේකර 

රට බෙදීමට පොරොන්දු වූයේ කවුරුද
මතුගම සෙනෙවිරුවන්














සමස්‌ත පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාදායක සභාවක්‌ බවට පත් කර නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීමට එක්‌සත් ජාතික පක්‌ෂ රජය ගත් උත්සාහය දැන් සියයට අනූවක්‌ පමණ අවසන් වී ඇත. නව ව්‍යවස්‌ථාවට අදාළ කමිටු වාර්තා හයක්‌ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. ඒ අතර ව්‍යවස්‌ථාදායක සභාවේ අතුරු කමිටු වාර්තාව ද අනුමැතිය සඳහා ඉදිරිපත් ව තිබේ. මේ සියලු වාර්තා අවසාන වශයෙන් යොමුව ඇත්තේ උතුරු සහ නැඟෙනහිර පළාත් සඳහා ස්‌වයං පාලනයක්‌ ලබා දීමේ දිසාවටයි. දෙමළ ජාතික සන්ධානය වත්මන් රජයට විපක්‌ෂයේ සිට ආවඩන්නේ මේ අරමුණු ඉටුකර ගැනීමටයි. ඒකාබද්ධ විපක්‌ෂය ද සෑහෙන කලක්‌ මේ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයේ කල් මරනු දක්‌නට ලැබුණි. තොරතුරු ලැබුණ ද රට බෙදීමට විරුද්ධව ඔවුන්ට කළ හැකි දෙයක්‌ පෙනෙන්නට නැතිය.


එක්‌සත් ජාතික පක්‌ෂය හැටේ දශකයෙන් පසු සෑම අවස්‌ථාවකදීම උත්සාහ දරනු ලැබූවේ බෙදුම්වාදය ශක්‌තිමත් කරලීමටයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ශක්‌තිමත්ව රටේ ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමට කටයුතු කරන කල්හි එක්‌සත් ජාතික පක්‌ෂය චෙල්වනායගම් ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන් දේශපාලන තීරණ ගනු ලැබූහ. ඉන්දියාවට යෑවිය යුතුව තිබූ වතු කම්කරුවන් මෙහිම නවත්වාගෙන පුරවැසිකම් දෙන්නට කටයුතු කරන ලද්දේ ඔවුන්ගේ ඡන්ද බලාපොරොත්තුවෙනි. හැත්තෑව දශකයෙන් පසුව නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ බලගතුම දේශපාලන ප්‍රධානියා බවට පත්වන තොණ්‌ඩමන් එක්‌සත් ජාතික පක්‌ෂයේ පිහිටෙන් ඡන්ද පදනම දමාගෙන ඉහළට පැමිණියෙකි. නුවරඑළියේ සිංහලයන් පදිංචි කිරීමට එරෙහිව මේ කංකානියා බලවත් කිරීම ඔවුන්ගේ අරමුණ විය. වර්තමානය වන විට කඳුකර ගම්මාන අමාත්‍යංශයක්‌ ඇති කොට වතු දෙමළ ජනතාවට පමණක්‌ ඉඩම් සහ නිවාස ලබා දෙන්නට එක්‌සත් ජාතික පක්‌ෂ රජය කටයුතු කරති. මේ සියල්ල ඡන්දය ලබා ගැනීම පිණිසය.

මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව සමඟ උරණ වූ විදේශීය බලවතුන් ඔහු බලයෙන් පහකිරීම පිණිස කීපදෙනකු උපයෝගී කරගත්හ. එක්‌සත් ජාතික පක්‌ෂයත් මහින්ද කෙරෙහි කලකිරී සිටි ශ්‍රී ලංකා පාක්‌ෂිකයනුත් සඳහා යොදාගත් ව්‍යාපෘති එකිනෙකට පටහැනි විය. අනෙක්‌ අතින් ජාතික හෙළ උරුමය මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණ සඳහා යොදා ගත් උපක්‍රමයන් ද සුවිශේෂී විය. පිවිතුරු හෙටක්‌ ජාතික සභාව හරහා නව දේශපාලන සංස්‌කෘතියක්‌ ගොඩනැන්වීමට උත්සාහ කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වටා නව ලිබරල් කණ්‌ඩායමක්‌ ඒකරාශි කිරීම පළමු පියවර විය. රාජිත සේනාරත්න මහතා ජාතික හෙළ උරුමයට ප්‍රතිවිරුද්ධ පිලේ සිටිය ද ඔහුගේ පුත්‍රයා නැවුම් දේශපාලනඥයකු වශයෙන් රතන හිමියන්ට කිට්‌ටු කරන ලද්දේ කවුරුන් විසින් දැයි නොදනිමි. එහෙත් ජාතික හෙළ උරුමයේ ජාතිකත්වය දරන පිරිස යම් අවස්‌ථාවකදී මේ නව කණ්‌ඩායම සමඟ ගැටීමක්‌ ඇතිකර ගන්නට උත්සාහ දරන විට ව්‍යාපෘතියේ එක්‌ කොටසක්‌ සම්පූර්ණව තිබුණි. පිවිතුරු හෙටක්‌ ජාතික සභාව විසින් දහනව වන ව්‍යවස්‌ථා සංශෝධනය යන මැයෙන් ඉදිරිපත් කළ යෝජනා මාලාව බණ්‌ඩාරනායක සමුළු ශාලාවේදී එවකට විපක්‌ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයන්ට පිළිගැන්වීය. ඒ අවස්‌ථාවේදී රතන ස්‌වාමීන් වහන්සේ රනිල් වික්‍රමසිංහ මහතා අසුන්ගෙන සිටි ස්‌ථානයටම පැමිණ එම පත්‍රිකාව පිළිගැන්වූ ආකාරය තුළින් ගම්‍ය වූයේ ප්‍රශ්නාර්ථයකි. භික්‌ෂූන් වහන්සේ නමක්‌ ගිහියකු ඉදිරියේ සාමාන්‍යයෙන් එලෙස ක්‍රියා නොකරයි. එම පත්‍රිකාවේ තිබුණේ කුමක්‌ද. එහි මෙසේ සඳහන් වේ.

zනව රාජ්‍ය පාලන ක්‍රමය ජනාධිපති අගමැති ව්‍යවස්‌ථාමය සන්ධානයක්‌ වේ. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර අගමැතිවරයා ආණ්‌ඩුවේ නායකයා වේ. ජනතාව විසින් ජනාධිපතිවරණයකින් වසර හයක්‌ සඳහා ජනාධිපතිවරයකු පත් කරනු ලැබේ. එම පත්වීම ලද විට ජනාධිපතිවරයා තව දුරටත් දේශපාලන පක්‌ෂයක සාමාජිකයෙක්‌ නොවන අතර නැවත එම ධුරයට පත් වීමටද නුසුදුස්‌සෙක්‌ වන්නේය. ජනාධිපති සන්නද්ධ හමුදාවන්හි විෂයට සීමාව වූ ආරක්‌ෂක ඇමැති වනු ඇත. ජාතික සමඟිය හා එකමුතු බවද ආගමික සංහිඳියාවද ප්‍රවර්ධනය කිරීම ජනාධිපතිවරයා වෙත පැවරෙන කාර්යයන් වේ. ඒ අනුව රටේ ඒකීයභාවයට හෝ ස්‌වාධිපත්‍යයට හෝ හානිකර තත්ත්වයක්‌ උදාවන අවස්‌ථාවන්හිදී රට සුරක්‌ෂිත කිරීමේ වගකීම හා බලය ජනාධිපතිවරයාට පැවරේ.

පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණකින් ලබා ඇති මන්ත්‍රීවරයා අගමැති වශයෙන් පත්වේ. කැබිනට්‌ මණ්‌ඩලයේ ඇමැතිවරුන් සංඛ්‍යාව 20 සිට 25 අතර සංඛ්‍යාවට සීමා වන අතර නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව ද 35 ට නොවැඩි වේ. අගමැතිවරයාගේ යෝජනාවෙන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්‌ඩලය සඳහා මන්ත්‍රීවරුන් අතරින් පත් කරනු ලබේ. මහ මැතිවරණයකින් පසුව අගමැති සහ ඇමැතිවරුන් පත් විට ඔවුන් නැවත මහ මැතිවරණයකින් අවසන් වන තෙක්‌ තනතුරු දරනු ඇත. ඇමතිගේ කාර්ය සාධනය අගැයීමකින් පසුව අගමැතිගේ ද අනුමැතිය සහිතව ඇමතිවරයකු තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක්‌ ඇත.Z

ජාතික හෙළ උරුමය විසින් නිරන්තරයෙන් කතා බහ කළ බුදු දහම පිළිබඳ ප්‍රමුඛතාවය අන්‍යාගම් පිළිබඳ ප්‍රශ්නය ඒකීය රටක්‌ යන මාතෘකා එහි නොවීය. නමුත් රාජ්‍ය නොවන සංවිධාන සහ පෙරකී ලිබරල් කණ්‌ඩායම් විසින් නිරතුරු මැතිරූ ව්‍යවස්‌ථාදායක සභාව විධායක කාරක සභා ජනපති ක්‍රමය දුර්වල කිරීම ආදී ප්‍රතිසංස්‌කරණ සියල්ල එහි විය. සැබවින්ම වර්තමානයේ අප අත්දකින කටුක යථාර්ථය නිර්මාණය වන්නේ එතැන් සිටය. ජනාධිපතිවරයා සතු බලතල අග්‍රාමාත්‍යවරයා වෙත පවරා ගැනීම මගින් ජනාධිපතිවරයා නිහඬ කොට අවශ්‍ය අරමුණට ළඟාවීම සිදුව ඇත. පසුව එක්‌සත් ජාතික පක්‌ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කළ 2016 න් පසු දහනව වන ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ශක්‌තිමත් කරන ලද්දේ මේ යෝජනාවයි. වසර හතරක්‌ කල් ඉකුත් වන තෙක්‌ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීම වැනි කාරණාවලට වත්මන් ජනාධිපතිවරයා එකඟ වීම රවට්‌ටා ගැනීමක්‌ යයි මම නොසිතිමි. එය මෙම කුමන්ත්‍රණයට සභාගි වූ සෑම දෙනම කතිකා කොට සකස්‌ කරන ලද්දකි.

ඔස්‌ලෝ සම්මුතිය අනුව ද්‍රවිඩ නිජබිම පිළිගත් වත්මන් අගමැතිවරයාව එදා රතන හිමියන් ඇතුළු හෙළ උරුමය ප්‍රතික්‌ෂේප කළහ. (2005 හැන්සාඩ්) නමුත් මහින්ද රාජපක්‌ෂ මහතා හෙළ උරුමය හා එකඟවූයෙන් සන්ධානයට සහයෝගය දීමට ඉදිරිපත් වූහ. සන්ධාන රජයට යුද්ධය දිනා රටට සාමය උදා කිරීමට අවශ්‍ය සමගිතාවය උදා වූයේ එලෙසයි. නමුත් ඔස්‌ලෝ එකඟතාවයට ද එහා ගොසින් සිංගප්පූරු එකඟතාවය මත රට ෙµඩරල් කිරීමට සහ අනාගමික රාජ්‍යයක්‌ කිරීමට ව්‍යවස්‌ථාවන් සදන එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ සන්ධාන ගත වීමට හෙළ උරුමය ඇතුළු ජාතිකවාදී යයි කියාගන්නා කණ්‌ඩායමට සිදු විය. නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා මහජන අදහස්‌ විමසීම සඳහා පත්කළ කමිටුව පළ කළ පත්‍ර දැන්වීමෙන් පැහැදිලි වූයේ මධ්‍ය දුර්වල කොට පළාත් සභාවලට පළාත් ආණ්‌ඩු පිහිටුවීමට අවශ්‍ය ව්‍යවස්‌ථාව සැකසෙන බවයි. පිවිතුරු හෙටක්‌ යෝජනාවෙන් ගම්‍ය වනුයේ මධ්‍ය දුර්වල කිරීමේ ක්‍රමවේදයයි. දැන් ව්‍යවස්‌ථාදායක සභාවේ අතුරු කමිටුවෙන් මේ මධ්‍ය බලය දුබල කිරීමේ සියලු යෝජනා ඉදිරිපත්ව ඇත. රට කැබලි කරලීම පිණිස බටහිරයන්ට දුන් පොරොන්දු වත්මන් රජය ඉටු කරමින් සිටී.

පසුගියදා පැවති මහ ඇමැතිවරුන්ගේ සම්මේලනයේදී විග්නේශ්වරන් මහතා දෙමළ බසින් තමන්ගේ බෙදුම්වාදී යෝජනා ඉදිරිපත් කළ පසු කිසිම සිංහල මහ ඇමැතිවරයෙක්‌ ඒවාට විරුද්ධ වූයේ නැත. එම කතාව අසා සිටි ජනාධිපතිවරයාද එය අනුමත කරමින් දකුණේ නැගිටීමට හේතුවද උතුරේ නැගිටීමට හේතුවද එකලෙස සම කරමින් එම ගැටලුවට එකම පිළියම බලය බෙදීම බව ප්‍රකාශ කර තිබේ. ඔහු වරක්‌ අස්‌ගිරි මල්වතු මහනාහිමියන් ඉදිරියේ තමන්ගේ දුක්‌ගැනවිලි දක්‌වා ඇත. නමුත් ඉහත කී ප්‍රකාශය කියවන විට අගමැති මෙන්ම ඔහුද බලයට පත් වීමට ප්‍රථම දුන් පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය පරිසරය සකස්‌ කරන්නකු බව හෙළිදරව් වෙමින් පවතී. පළාත් සභාව වැනි නාස්‌තිකාර ආයතනයක්‌ තවත් සවිබල ගැන්වීමට මේ දේශපාලකයන් කැසකවන්නේ මුළු මහත් රටත් ජාතියත් බිල්ලට දීමෙන්ය. ඒ බැව් ජනතාව වටහා ගන්නේ කවදාද.

Wednesday, May 17, 2017

බලෙන් අමතක කරන්න හදන අතීතය , ප්‍රභාකරන් පරදවා අට වසරයි - කීර්ති වර්ණකුලසූරිය

කිර්ති  වරනකුලසුරිය මහතාගේ  දිවයින පත්‍රයේ ඇති මෙම ලිපිය අපේ ඇස්  අරවයි. එහෙත් බොරුවට නිදා ගෙන සිටින අය කෙසේ නම් ඇස්  අරින්නද 

සමරසේකර 

ප්‍රභාකරන් පරදවා අට වසරයි
කීර්ති වර්ණකුලසූරිය















ප්‍රභාකරන් පරාජය කර මැයි 19 දාට වසර අටකි. එහෙත් මෙරට බොහෝ පාර්ශ්වවලට මේ රුදුරු යක්‍ෂයාගේ භීෂණය අමතකය. වසර කීපයකට පෙර එක්‌ දේශපාලනඥයෙක්‌ ප්‍රභාකරන්ගේ ශක්‌තිය අවතක්‌සේරු කිරීමෙන් වළකින ලෙස පවසනු ලැබීය.

වේදිකාවල අතපය විසි කරමින් වෛරක්‌කාරී ස්‌වභාවයෙන් හඬනගන තවත් දේශපාලනඥයෙක්‌ කොටි සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ නොවේ යෑයි පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මෑතකදී දේශපාලන කරළියට පැමිණි නවක දේශපාලනඥයකු පුරසාරම් දොඩන අයුරු අපට රූපවාහිනි නාළිකාවලින් දැකගත හැකි විය.

එම දේශපාලනඥයන්ගෙන්a එක්‌ අයකුගේ පියා කොටින්ට අවි ආයුධ සහ මුදල් ලබා දුන්නේය. තවත් අයකුගේ පියා කොටින්ට ස්‌ලින් ගුවන් යානා ගෙන ආ කොටියාට ගමන් බලපත්‍රයක්‌ ලබාගැනීමට සහාය විය. මේ අතීතය අද අමතක කර ඇත.

2009 මැයි 19 දා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි මිනීමරුවන් කණ්‌ඩායම විනාශ නොකළේ නම් අදටත් මෙරට දේශපාලනඥයන් සිටින්නේ මරබියේ බව සිහිපත් කළ යුතුය.

එදා ප්‍රභාකරන්ට එරෙහිව වන්නි මෙහෙයුම ආරම්භ වූ අවස්‌ථාවේ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රභාකරන්ගෙන් ඉල්ලන් කනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ.

මෙය පුදුමයක්‌ නොවේ. මහින්ද රාජපක්‍ෂ රජයේ ප්‍රධාන ඇමැතිවරු දෙදෙනෙක්‌ ජිනීවා ගොස්‌ පැවසුවේ හමුදාව පරදින බවයි.

වන්නි මෙහෙයුමින් හමුදාව පරදින බවට කියා සිටි පිරිස මෙසේය.

1. ඉන්දීය ලේකා ඇනීටා ප්‍රතාප්

2. ඉන්දීය රෝ සංවිධානයේ හිටපු ප්‍රධානියා

3. ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානී කර්නල් හරිහරන්

4. නෝර්වේ සටන් විරාම ගිවිසුමේ ප්‍රධානී එරික්‌ සෝල්හයිම්

5. කොටි පොලිස්‌පති නඩේෂන්

6. දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන

7. කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පත්

8. කොටි ඩයස්‌පෝරාව

මේ හැර නාගර්කෝවිල් ප්‍රදේශයේ සංචාරයක යෙදුණු හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ හමුදාපතිව සිටි ලයනල් බලගල්ලද කොටි පරාද කළ නොහැකි බව මේජර් ජනරාල් කමල් ගුණරත්නට පවසා තිබිණි.

එසේම වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළ පිරිස

1. බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ්

2. ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි

3. හිටපු දකුණු අප්‍රිකානු අගරදගුරු ඩෙස්‌මන්ඩ් ටුටූ

4. ඇමරිකානු දේවගැති ජෙසී ජැක්‌සන්

5. හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌

මෙයට අමතරව නෝර්වේ අරමුදල් ලබන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ජාතික සාම මණ්‌ඩලයද කොටි රූකඩය වූ ද්‍රවිඩ සංවිධානද වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ දැරීය.

මේ අතර 2009 අප්‍රේල් මස මැද භාගයේදී ඇමරිකානු හිටපු තානාපති රොබට්‌ බ්ලේක්‌ සහ නෝර්වේ තානාපති ටෝරේ හැට්‌රන් එකතු වී ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි 270 ක්‌ බේරා ගැනීම සඳහා දියත් කළ මෙහෙයුමට ඉන්දියාව එරෙහි විය.

ඇමරිකානු හා නෝර්වේ අරමුණ වූයේ ප්‍රභාකරන්ට ඉදිරි කාලයේදී නැවතත් යුද වැදීම සඳහා ඉඩ ලබාදීමයි. මේ රහස්‌ මෙහෙයුම සඳහා ඇමරිකානු යුද නැවක්‌ මුලතිව් වෙරළට ඔබ්බෙහි ජාත්‍යන්තර මුහුදේ නතර කර තිබිණි.

වන්නි මෙහෙයුමේ අවසාන සතියේ හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා මෙරට සිටියේ නැත. ඔහු චීනයේ සංචාරයක යෙදී සිටියේය.

එසේම ජනතාවට හෙළි නොවූ ගැටුම්ද හමුදාව තුළ මතු විය.

මුලතිව් වෙරළේ සිටි නාවික හමුදාවට ආහාරපාන ලබාදීමෙන් වැළකිය යුතු බවටද උසස්‌ හමුදා නිලධාරියකු ගෙන් 58 වැනි සේනාංකයට නියෝගයක්‌ ලැබිණි.

එසේම මෙරට ආරක්‍ෂක විශ්ලේෂකයන් යෑයි හඳුන්වා ගත් දෙදෙනෙක්‌ යුද්ධය ජයගත නොහැකි බව පවසනු ලැබීය.

යුද මහාචාර්ය යෑයි හඳුන්වා ගත් අයෙක්‌ කොටි සමඟ කරන යුද්ධයෙන් ජයගත නොහැකි බව ප්‍රකාශ කර තිබිණි.

මෙලෙස වන්නි මෙහෙයුමින් කොටි පරජය වී අට වසරක්‌ සපිරෙන අවස්‌ථාවේ මෙරට යුද ජයග්‍රහණය සමරන්නේ නැත. එහෙත් ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් සහ ත්‍රිකුණාමල කොටි හමුදා නායකයා වූ එලිලන්ගේ බිරිය ඇතුළු පිරිසක්‌ එක්‌වී කොටි සැමරුම පවත්වා ඇත.

ප්‍රභාකරන් පරදවා වසර අටක්‌ සපිරෙන අවස්‌ථාවේ අපේ ගෞරවණීය සෙබළුන් දිවිපුදා අල්ලාගත් කොටි පාලන ප්‍රදේශ දැන් බන්දේසියේ තබා ලබාදීමට රජයේ බලධාරීන් ක්‍රියාකර ඇත.

එසේම බිහිසුණු කොටින්ද නිදහස්‌ කර තිබේ. වාන්පුලිගල් කොටි නියෝජ්‍ය ප්‍රධානී කුශාන්තන්ද නඩු පැවරීමකින් තොරව නිදහස්‌ කර ඇත.

ඊළාම් සංවිධාන කීපයකද ඊළාම් කොටි ක්‍රියාකාරීන් රැසකගේද තහනම ඉවත් කර තිබේ.

ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කළ කොටි පාලන ප්‍රදේශය වූ පරවිපන්ජාන් ද නිදහස්‌ කර ඇත.

මේ හැර විදේශගතව සිටි කොටින්ට යාපනයට ඒමට දොර විවෘත කර ඇත.

කැනඩාවේ ප්‍රභාකරන් ලෙස හැඳින්වූ නේතන් ශාන් සහ බෙදුම්වාදී ගැරී ආනන්ද සංගරි මෙන්ම වසර 30 ක්‌ තිස්‌සේ කොටින්ට අරමුදල් සැපයූ කැනඩාවේ ස්‌ටැන් මුතුලිංගම්ද යාපනයට පැමිණ රිසිසේ සැරිසරා තිබේ.

එපමණක්‌ නොවේ වන්නි මෙහෙයුමට උපරිම ලෙස දායක වූ හමුදා බුද්ධි සේවාවේ ප්‍රධානියකු වූ බ්‍රිගේඩියර් සුරේෂ් සැලේද ධුරයෙන් ඉවත්කර ඇත.

මෙම පසුබිම මැද රජය ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව පිළිගෙන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ජිනීවා යෝජනාවට එකඟවූ අතර එම යෝජනාවේ සම අනුග්‍රාහකයා විය.

තක්‌කඩි දේශපාලනඥයන් විසින් ත්‍රස්‌තවාදීන්ව සාදරයෙන් පිළිගෙන ඇති බව පැවසුවේ ධවල මන්දිරයේ හිටපු කතා රචක ඩේවිඩ් ප්‍රොම්ය. අද මෙරට දියත් වී ඇත්තේ එම ක්‍රියාදාමයයි.

එදා කොටින්ගේ රූකඩය වූ ද්‍රවිඩ සංධානය අද උතුරට පෙඩරල් පාලනයක්‌ මෙන්ම යුද හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඉල්ලා සිටී.

එසේම ප්‍රභාකරන්ට එරෙහි නඩුව ඇසීම පුද්ගලික හේතුවක්‌ මත ප්‍රතික්‌ෂේප කළ විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති වී උතුරින් හමුදාව ඉවත් කිරීමේ මෙහෙයුමක යෙදී ඇත.