Tuesday, July 30, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.16 වන කොටස,,, සිව් වන ධ්‍යානය මත විදර්ශනා භාවනාව වැඩිම


 16  වන කොටස,,, සිව් වන  ධ්‍යානය මත විදර්ශනා භාවනාව වැඩිම

 

  අටවන ධ්‍යානයේ සිට නැවතත් සිව් වන ධ්‍යානය තෙක් පිලිවෙලින් තම සිත පහලට ගත්  සිරිදාස දැන් සිව්වන ධ්‍යානය තුල තම සිත ස්ථිරවම පිහිටුවා ගෙන,සිත විසිරවන අරමුණු කරා ඇදීයාම වැලැක්වීම සඳහා  නැවතත් ආශ්වාශ ප්‍රශ්වාශයට සිත යොමු කළේය. ඉන්පසු  බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මස්කන්ධ 82,000 සහ ශ්‍රාවක මහා සංඝයා වහන්සේ විසින්දේශනා කල ධර්මස්කන්ධ 2,000 එක්ව සැදුනු ධර්මස්කන්ධ 84,000න් මේ අවස්ථාවේදී විදර්ශනාව වැඩිම සඳහා කුමන ධර්මස්කන්ධයක් තෝරා ගත යුතුදැයි මදක් කල්පනා කළේය. ඔහු සිතුවේ පහත  කියවෙන ගුණාංගයකන් අඩුවැඩි වශයෙන් තිබෙන ධර්මස්කන්ධයක් දැන් තෝරා ගැනීම සුදුසු බවයි. එකී ධර්මස්කන්ධය විදර්ශනාව වැඩිම සඳහා අදාළ විය යුතුය.සරල විය යුතුය.තමන් දන්නා විදර්ශනාවක් විය යුතුය. තම සිත විසින් ප්‍රශ්නයක් නොනගාම පිළිගන්නා එකක් විය යුතුය.


මේ කාරණය හරියාකාරවම ඉටුකර ගැනීමට නම්   දැනට තමා ස්ථිරවම සිටින ස්ථානයඑනම් තම ස්ථාවරය  කුමක්ද යන්න පළමුව නිරාකරණය කලයුතුයි සිරිදාස සිතුවේය.තමා මිට කලින් වැඩු බුද්ධානුස්සති භාවනා වල ප්‍රතිඵලයක් වශයෙන් බුදුන් වහන්සේ,දහම් සහ සඟුන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් තම සිත තුල ගොඩනැගී ඇති බව තහවුරු පළමුව කරගත්තේය.ශ්‍රධාව මත නොපිහිටිමින් ලබා ගන්නා දැනුමින් තර්ක කිරීමට හෝ විවේචනය කිරීමට හැකි උවත් ඉන් ඊට එහා ලබන පලක් නැති බව තම පසුගිය අත්දැකීම් තුලින් දන්නා සිරිදාස එසේ  ශ්‍රධාව රහිතව ලබන දැනුම පිළිකෙව් කළේය.

 ඉන්පසු සිරිදාස කල්පනා කලේ තමා චන්ද(කැමැත්ත),චිත්ත,විරිය,විමංසා යන සතර සෘධි පාද වඩමින් ධර්මය හැදෑරුවේද යන්නය. ධර්මය හැදෑරීමට ඔහු තුල කැමැත්තක් ඇති උනේ තමාට දිගින් දිගටම  උගුල් අටවමින් හිරිහැර කරන්නන්ගෙන්  බේරීමට ඇති ඒකායන  මාර්ගය වුයේ ඔවුන්ට නැවත ඒ අයුරින්ම  ප්‍රතික්‍රියා දැක්වීමෙන් නොව නමුත් මෛත්‍රී භාවනාව් වැඩීමෙන් බව තමන්ටම ප්‍රත්‍යක්ෂ වීමෙන් පසුවය. මෛත්‍රී භාවනාව් වැඩීමෙන් ලද සැනසිල්ලෙන් සතුටට පත් සිරිදාසට තව දුරටත් ධර්මය ඉගෙන ගැනීමට සිතක් ඇතිවිය.(චිත්ත) ඔහු ඒ සඳහා නොමසුරුවම අන්තර්ජාලය භාවිතා කළ අන්දම සිහිපත් කළේය.මේ කාර්‍ය සඵල කරගැනීමට නොදන්නා මිතුරෙකු විසින් ඊමේලයකින් එවූ tipitaka.org නම්වූ ලිපිනය මැනවින් උපකාරිවු අන්දම සිහිපත් කළේය. ඔහු මතත්වූ වෙරක් යොදා ත්‍රිපිටකයේ අඩංගු සුත්‍ර කියවිය. කටපාඩම් කිරීමේ පහසුවටම සකස් කර ඇති එකී සුත්‍රයන්හි අඩංගු වන අදහස ඔහුට මැනවින් නොවැටහුනේ ඔහු පුරුදුව සිටි ඉගෙන ඉගැනුම් ක්‍රමයවූ කියවා තේරුම් ගැනීමේ ක්‍රමයට එය හාත්පසින්ම වෙනස්වූ නිසාය.අනෙක කටපාඩම් කිරීමේ පහසුව උදෙසා සුළු කරුණක් බොහෝ විස්තර සහිතව ඇති අතර වැදගත්ම කරුණ ඇත්තේ එකම වාක්‍යකින් බවද ඔහුට පෙනින. එබැවින් සිංහලෙන් තේරුම් සහිතව  සුත්‍ර සජ්ඣායනා කරන ස්ථාන (අසපු) කරා යමින් වෙහෙස මහන්සිවී (විරිය) සුත්‍ර අසමින් මෙන්ම අසා ගන්නා අවස්ථාවේදීම ලියා ගෙන පසුව විමර්ශනය (විමංසා) කිරීමෙන් ටහ්මන් සතර සෘද්ධි පාද මැනවින් වඩා ඇති බවට සැකහැර දැනගති.

එමෙන්ම ඉන්පසු ශ්‍රද්ධා,සති,සමාධි,ත්‍යාග,පඤා  යන පංච බලයන් වර්ධනය කරගත් අන්දමද සිහියට නගා ගත්තේය. එදිනෙදා ජිවන අරගලයක යෙදෙන විට පොකට්ටුවේ ඇති අන්තිම සතය දක්වා ගණනය කර කටයුතු කිරීම සිරිදාසට පුරුදුවුයේ ඔහුට තිබුනේ මසකට එක වරක් පමණක් මදක් පිරෙන පොකට්ටුවක් නිසාය. මෙනිසා බස් රථයට හෝ දුම්රියට නැගෙන යදියෙකුට හෝ පුලන්නෙකුට කාසි කිහිපයක් දීම හෝ අනුකම්පාවකින්      යුක්තව අසරනයෙකුට අසුනක් දීම වැනි කුශලයක්  කලේ ඉතාමත්  කලාතුරකිනි. බොහෝවිට සිදුවුයේ එසේ මුදලක් හෝ අසුනක් නොදීමට අවශ්‍ය හේතු මොනවාදැයි සෙවීමයි. එහෙත් සිරිදාස ඉන්දියාවේ හැර අනෙක් රටවල සිටි කෙටි කාලය තුලදී තමන්ට අසරනයෙකුට එවැනි උපකාරයක් කර කුශලයක් කරගැනීමට අවස්ථාවක් නොලද ආකාරය සිහිපත් කළේය. ත්‍යාග කිරීම යනු අත්හැරීම යන්න දහම තුලින් ඉගෙන ගත සිරිදාස දැන් එවැනි අවස්ථාවන් එළඹීම ගැන සිහි කරන්නේ එවැනි අවස්ථා උදාවන්නේ  තමන්ට කුසල් කිරීමට බව දැන තමන්ට හැකි පරිද්දෙන් එවැනි ත්‍යාග(දන්දීම්) කරන බවය.

ධර්මය නුවනින්(පඤා)විමසීමෙන් පසු තමා ශ්‍රද්ධා,සති,සමාධි,ත්‍යාග,පඤා යන පංච බලයන් වර්ධනය කර ගත් ආකාරය සිහිකළ සිරිදාස ඉන්පසු විදර්ශනා භාවනාව වැඩිය යුතු ආකාරය  මෙනෙහි කළේය.


  තමාට ආයාසයකින් තොරවම මේ අවස්ථාවේදී වැඩිය හැකි දෙයක් වියයුතුය. ආනාපාන සති සුත්‍රය ඉගෙන ගැනීමේදී සිරිදාස එය මැනවින් වටහා ගැනීම සඳහා ආශ්වාශ ප්‍රශ්වාශය වඩා සිත එම අරමුණ වෙනුවෙන්ම ස්ථාවර කරගැනීම විස්තර කරන බොහෝ සුත්‍ර ඉගෙන ගත්තේය. ඒ අතරින් දැන් ඔහුගේ සිතට නැගුනේ ගිරිමානන්ද සුත්‍රයයි.


ගිලන්ව වැඩසිටි ගිරිමානන්ද භික්ෂුන් වහන්සේට කායික සහ මානසික සුවය ලැබීමට සඳහා දශ සඥාවන් වඩන ලෙස බුදුන් වහන්සේ අනුදැන වදාරමින් ආනන්ද හිමියන්ට දෙසු මෙම ගිරිමානන්ද සුත්‍රය මැනවින් සිහිකළ සිරිදාස එම දශ සඥාවන් පහත අන්දමින් සිතේ සටහන් කරගත්තේය.
   
- අනිත්‍ය සඥාව 
- අනත්ත සඥාව
- අසුභ සඥාව
- ආදීනව සඥාව
- පහාන සඥාව
- විරාග සඥාව
- නිරෝධ සඥාව 
- සබ්බ ලෝකේ අනභිරත සඥාව
- සබ්බ සංඛාරේ අනිත්‍ය සඥාව 
- ආනාපානසති 

මේ දශ සඥාවන්ගෙන් අවසාන සඥාවවූ ආනාපානසතිය දැනටමත් තමන් විසින් වඩමින් සිටින බැවින් අලුතින් වැඩිය යුත්තේ පළමු සඥාවන් නමය බව නිශ්චය කරගත් සිරිදාස ඒ අනුව එම සඥාවන් බොජ්ඣංග ධර්ම 7 අනුව වැඩීමට සුදානම් විය.
බොජ්ඣංග ධර්ම 7 වැඩිම ගැනවූ මාදන්කඩවර සුදස්සන හිමියන්ගේ දේශනාව ඔහුට මතක්වුයේ නිරායාසයෙනි. 

 "පළමුවැන්න සති සම්බොජ්ජංගය. හැම වෙලාවෙ ම තමන් ගෙ මනස පැත්තට නැඹුරු වෙල හොඳ අවධානයෙන් ඉන්නව

 - තමා තුළ සති සම්බොජ්ජංගය තියෙනව ද කියල හොඳට අවධානයෙන් ඉන්නව.

  - විරිය සම්බොජ්ජංගය කියන්නෙ තමන් කෙලෙස්‌ තවාගන්න ඕන කියන උත්සාහයෙන් ද ඉන්නෙ නැතුව ද ඉන්නෙ කියන එක ගැන සිහිය තබාගැනීම. 

- ධම්මවිචය තියන්නෙ නිතර ම දහමක්‌ සම්මර්ශනය කරමින්, දහම් කරුණු නුවණින් විමසමින් ද ඉන්නෙ කියන කාරණාවට සිහියෙන් ඉන්න ඕන.

- ඊට පස්‌සෙ පීති බොජ්ජංගය කියන්නෙ තමන් තුළ නිරාමිස ප්‍රීති ස්‌වභාවයක්‌, ධර්මයෙන් යුක්‌ත නිරාමිස සතුටක්‌ ඇති ස්‌වභාවයක්‌ තිබෙනව ද නැද්ද කියන එක ගැන සිහියෙන් ඉන්න ඕන.

- ඒ වගේ ම පස්‌සද්ධිය කියන්නෙ ධර්මය නිසා ම කයේ සන්සිඳුණ ගතියක්‌, රළු බව අඩු වෙච්ච ගතියක්‌ තමා තුළ තියෙනව ද නැද්ද කියල හොඳට සිහියෙන් ඉන්න ඕන.

- සමාධි  සම්
බොජ්ජංගය තමා තුළ චිත්ත සමථයක්‌ තියෙනව ද නැද්ද කියල සිහියෙන් ඉන්න ඕන.

උපෙක්‌ඛා - තමා තුළ උපේක්‌ඛා ස්‌වභාවයක්‌ තියෙනව ද නැද්ද කියල හොඳ සිහියෙන් ඉන්න ඕන.



              






Sunday, July 28, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.15 වන කොටස අරුපාවචර ධ්‍යානයන් වෙත දැහැන් ගතවීම

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.15  වන කොටස අරුපාවචර ධ්‍යානයන්  වෙත දැහැන් ගතවීම 

 දැහැන් ගතවීම - ආකාශානන්චායතනය 

සිරිදාස පියාගත් දෙනෙත් තුලින් පෙනෙන අඩ  එළියක් ඇති ආකාශය දෙස බලාගෙනම ආශ්වාශ හා ප්‍රශ්වාශ දෙසට සිය අවධානය යොමු කරමින් සිටියේය.ඔහුගේ දසතින්ම ආකාශය පෙනේ. හරියටම මුහුද මැද  නැවක සිටින විට වෙනත් බාධාවකින් තොරව තමන් සම්පුර්නයෙන්ම ආකාශයට විවරවී ඇත්තාක් මෙන්ය.කලකට පෙරදී  මුහුදේදී හෝටලයකට පෙරළු පැරණි නැවක රාත්‍රියක් ගතකල අත්දැකීම සිරිදාසට සිහියට නැගින .හෝටලයක් උවත් එය පානොවන සේ නැංගුරම් දා ඇති නැවකි. නිරන්තරයෙන් වදින රල පහර හේතුවෙන් නැව් හෝටලය පැද්දෙයි. සිරිදාසට ලැබුනේ මුහුද පැත්තට මුහුණලා ඇති කාමරයකි. සිරිදාස රැ  නින්දටපෙර  තම කාමරයේ බිත්තියේ ඇති රවුම් වීදුරුව තුලින් පිටත බලා සිටියේය. අඳුර නිසා පහතින් ඇති ජලය නොපෙනුනත් අඩ  අඳුරින් යුත් ඉහල අහස සම්පුර්නයෙන්ම ඔහුට නිරාවරනවී තිබිණ. රවුම් වීදුරුව තුලින් සිරිදාස  වෙනත් කිසිදු ප්‍රාණියෙක් නොදිටිය. මුළු ආකාශයම ඔහු ඉදිරියේ තිබිණ. දැන් තමාට මුළු ආකාශය පෙනෙන්නේ එදා නැවේදී මුළු ආකාශයම පෙනුණු ආකාරයටම යයි ඔහුට සිතින. ඔහු දිගින් දිගටම පියාගත් දෙනෙත් තුලින් පෙනෙන අඩ  එළියක් ඇති ආකාශය දෙස බලාගෙනම ආශ්වාශ හා ප්‍රශ්වාශ දෙසට සිය අවධානය යොමු කරමින් සිටියේය.       


දැහැන් ගතවීම - වින්ඥානන්චායතනය 


 දිගින් දිගටම පියාගත් දෙනෙත් තුලින් පෙනෙන අඩ  එළියක් ඇති ආකාශය දෙස බලාගෙනම ආශ්වාශ හා ප්‍රශ්වාශ දෙසට සිය අවධානය යොමු කරමින් සිටිද්දී ඔහුට හැඟුනේ  තමා ඉදිරියේ ඇති මේ ආකාශය හුදෙක් කිසිවක් නොමැති අවකාශයක්ම නොවන බවය.  මෙම අවකාශය තුල නානා ප්‍රකාරයේ සංඥාවන් ගමන් කිරීමට ශක්තිමත් ජාලයන් ගෙන් පිරි තිබෙන බව ඔහුට පෙනින. එමෙන්ම විවිධාකාර සංඥාවන්  තම ගමන්  මග නොවරදවා ගෙනම එක සීරුවට ගමන් කරන අන්දම ඔහුට පෙනින. 


දැහැන් ගතවීම - ආකින්චඥායතනය 


  අවකාශය තුල එම ශක්තිමත් ජාලයන් තම අඣත්ථ(අභ්‍යන්තර) සංඥාවන් බාහිරට ගමන් කිරීමට  මෙන්ම බාහිර සංඥාවන්  (බහිඣ ) තම අභ්‍යන්තරයට ගමන් කිරීමට මෙන්ම අභ්‍යන්තර සහ  බාහිර සංඥාවන් එකිනෙකා සමග නිවැරදිව සම්බන්ධ වීමට තරම් පොහොසත් හා ශක්තිමත් බවද ඔහු වටහා ගත්තේය. හරියටම කිසිවෙකු හෝ ඒවා නිවැරදිව මෙහෙයවන්නාක් මෙනි. 


දැහැන් ගතවීම - නෙව සංඥා නා සංඥායතනය 

 දිගින් දිගටම පියාගත් දෙනෙත් තුලින් පෙනෙන ආකින්චඥායතනය දෙස දිගින් දිගටම අවධානය යොමු කල  සිරිදාස කිසිදු සංඥාවක් ලැබෙන හෝ නොලැබෙන මට්ටමට තම සිත පත් කිරීමට උත්සාහ කළේය. එහෙත් එය එක වරම කිරීමට අපොහොසත්වූ ඔහු අද නොව පසුව සිදු කරනු ලබන අභ්‍යාශ මගින් එම තත්වය ලඟා කරගත හැකියයි විශ්වාශ කළේය.

ඉන් පසු සිරිදාස සතරවන ධ්‍යානයට නැවත පැමිණ විදර්ශනා භාවනා වැඩිමට සිතුවේය.  

  


Saturday, July 27, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.14 වන කොටස දැහැන් ගතවීම සිව්වන ධ්‍යානය



14  වන කොටස දැහැන් ගතවීම සිව්වන ධ්‍යානය


සිරිදාස එකඟවූ සිත දෙස බලමින්  තම අවධානය ආශ්වාස හා ප්‍රශ්වාශය දෙසම තබා ගත්තේය. ආශාවාස හා ප්‍රශ්වාශ ස්පර්ශය කෙමෙන් කෙමින් දැන් දැන් නාසයේ අග කොටසට දැනෙන්නට පටන්ගෙන ඇත. එමෙන්ම පියා ගත් දෙනෙත තුලින් පෙනෙන සිහින් ආලෝකය දැන් දැන් තද ස්වභාවක් ගනී. එහෙත්  කාමරය පුරා ගලා යන සුදු ආලෝකයක් වෙනුවට සිරිදාසගේ වසාගත් දෙනෙත් වලින් පෙනුනේ අන්ධකාර රාත්‍රියක ඇති අඩ අඳුරක දසුනක් පමණි. තමාට  මේ ආකාශය ලෙසින් පෙනෙනුයේ පෝ දිනක හෝ ඒ ආසන්නයේදී පෙනෙන ප්‍රභා සම්පන්න රාත්‍රී අහස නොව අන්ධකාර රාත්‍රියක ඇති අඩ  අඳුරු ආකාශය යයි පැහැදිලිව වටහා ගත්  සිරිදාස කිසිවක් නොපෙනෙන දැඩි අඳුරක් සහිත ආකාශයක් පෙනෙනවාට වඩා එවැනි අඩ  අඳුරු ආකාශයක් හෝ පියා ගත්  දෙනෙත තුලින් දැකීම  ගැන සතුටුවිය. මෙම අඩ  අඳුරු ආකාශය තම කාමරට පමණක් සිමා නොවී ඉන් එපිටටද පැතිර යනු දුටු ඔහු පළමුව ඒ කාරණය ගැන කුතුහලයට පත් උවත් ඉක්මනින්ම එම කුතුහලය සතුටක් බවට  පත් විය. දැන් සිරිදාසට ඔහුගේ පියා ගත්  දෙනෙත් තුලින් වත්තේ ගස්වැල් අඩ අඳුරේ වේලි සිටින අන්දම පෙනේ. එමෙන්ම අඳුරු අහසේ තැනින් තැනින් බබලන කුඩා තරකාද පෙනේ. එබැවින් සිරිදාසගේ සිතට දැනුනේ මහත්  සතුටකි. ඔහු කලින් එකඟවූ සිත දෙස බලමින්  දැන් එය සතුටට පත්වූ ආකාරය නිරීක්ෂණය කර  එම සතුටු සිතින් තම අවධානය ආශ්වාස හා ප්‍රශ්වාශය දෙසම තබා ගත්තේය. මෙසේ සතුටුවූ සිත වෙනත් අරමුණකට ඇදීයාම වැලක්වීමට ඔහු සිත සමහන් කිරීමට උතසාහ ගත්තේ සිත උපේක්ෂා සහගත මට්ටමට ගැනීමෙන්ය.

දැන් තම සිත සංසිඳුවාගත් සිරිපාලට වෙනත් කිසිදු බාහිර ස්පර්ශයක් පෙනෙන්නේ හෝ ඇසෙන්නේ හෝ දැනෙන්නේ නැත. ඔහුගේ එකම අරමුණ සමහන්වූ සිත තුලින් ආශ්වාස හා ප්‍රශ්වාශය බැලීම පමණි. මේ වෙලාවේදී  සමහන්වූ සිතේ ප්‍රබලත්වය සිරිදාසට මනාව වැටහෙන්නට විය. මහත්වූ ශක්ති සමුදායක් තමා තුල කැරකෙන බවත් සිත මෙන්ම සකල ශරිරයම ප්‍රානවත්ව සිටින බව තේරුම්ගත්  සිරිදාස  තවදුරටත් වටහා ගත්තේ එම ප්‍රාණවත් සිත තුල තමාට කැමති කැමති  පරිදි සිතුවිලි නිර්මාණය කරගැනීමට හැකි බවය. එමෙන්ම  සිතත් සිතුවිල්ලත් යනු එකක් නොව දෙකක් බවද ඔහුට මේ වෙලාවේදී වැටහින. 

තමන් මෙතෙක් වෙලා වැඩුවේප්‍රථම ධ්‍යානයේ සිට සිව් වන ධ්‍යානය දක්වාවූ රූපාවචර ධ්‍යාන බව තේරුම් ගත් සිරිදාසට මේ වෙලාවේදී  විසඳීමට ගැටළුවක් මතුවිය. ඒ මින් ඉදිරියට තම අවධානය දිගටම  ආශ්වාස හා ප්‍රශ්වාශය දෙසම තබා තවදුරටත් ධ්‍යාන වැඩිමේ ක්‍රියාවලිය එනම් සමථ භාවනා ක්‍රියාවලිය ඉදිරියටම ගෙනයනවාද? නැත්නම් ආශ්වාශ හා ප්‍රශ්වාශ ගැන මෙතෙක් වෙලා දැක්වූ අවධානයෙන් ඉවත්ව විදර්ශනා භාවනාව වැඩිමට යනවාද යන්නයි.

 ධ්‍යාන වැඩිමේ ක්‍රියාවලිය ඉදිරියටම ගෙනයනවා නම් අරුපාවචර ධ්‍යාන 4 වැඩිම කල හැකි බවත් එවිට තමන්ට අෂ්ට සමාපත්තීන් ලඟා කර හැකි බව සිරිදාස දනියි. එමෙන්ම උත්සාහ කළහොත් දිවැස් ලැබීම,දිව කන් ලැබිම,අහසේ ගමන් කිරීම,ජලය මතුපිට ගමන් කිරීම, සහ පොලවේ කිමිදීම යන පංච අභිඥානද උපදවා ගත හැකි බව දන්නා සිරිදාස මින්  ඉදිරියට කුමක් කල යුතුදැයි කල්පනා කළේය.

 සිරිදාසට එක්වරම මතක් වුයේ මහා වනයක්  අතරින්  යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් සමගින් ගමන් ගත් සාමනේර භික්ෂුන් වහන්සේලා සමුහයකට මුණ ගැසුණු දැලි කුණු පෙරාගත්, දැව  පුළුස්සමින් අඟුරු එකතු කරන්නකුගේ කතාවයි. දැලි වැකුණු ගතින් සිටි අඟුරු එකතු කරන්නාගේ දුක්ඛිත තත්වය සහ විකට ස්වරුපය දුටු සාමනේර භික්ෂුන් වහන්සේලාට තමන් වහන්සේලාගේ  මහා හඬින්වූ  සිනාසීම නතර කරගත නොහැකිවිය. එඇසු යෝගාවචර භික්ෂුන් වහන්සේ එම අඟුරු එකතු කරන්නාගේ වත්මන් දුක්ඛිත තත්වය සහ විකට ස්වරුපය ගැන සිනාසීම නොව කල යුත්තේ සසරේ බියකරු භාවය ගැන සංවේගයට පත්වීම බවත් ප්‍රකාශ කරමින් ඔහු මිට පෙර කලෙකදී ධ්‍යාන වඩා පංච අභිඥානයන්  උපදවා ගත් භික්ෂුවක් බවත්,දිනක් අහසින් ගමන් කරද්දී ස්ත්‍රියකගේ මිහිරි ගීත නාදයක් අසා ඒ ස්ත්‍රිය ගැන කාමුක සිතිවිලි ඇති කරගැනීම නිසා ධ්‍යානයෙන් සහ අභිඥාවන්ගෙන්  පිරිහී අහසින් ඇද වැටී එම ස්ත්‍රිය වෙතටම ගිය බවත්, ස්ත්‍රිය රැකීමට කිරීමට වෙනත් කර්මාන්තයක් නොදන්නේ කැලයට ගොස් දර කපා අඳුරු පුළුස්සා එම අඟුරු විකුණා එම ස්ත්‍රිය සමග කුඩා පැලක ජිවත් වන බවත් පැවසිය. දිනක් වනයේ සිට පැමිණි ඔහුගේ පෙර මගට ඇය නොපැමිණීම ගැන කිපුණු ඔහු ගෙනා ලියක් පැලතුලට විසි කල අතර එම ලීය එක ඇසක  වැදීමෙන් ස්ත්‍රිය අන්දවී විරුපවී ඇති බවත් ප්‍රකාශ කළේය. 

මේ කතාව සිහිපත් කල සිරිදාස පන්චාභීඥා අෂ්ට සමාපත්ති උපදවා ගත අයෙකුට උවත් සසරේ බියකරු බවෙන් මිදිය නොහැකි යයි ප්‍රත්‍යක්ෂ කරමින් අෂ්ට සමාපත්ති උපදවා ගැනීමේ අදහස සිතින් අත්හළේය. එහෙත් අරුපාවචර ධ්‍යාන වැඩීමෙන් මරණින් මතු බඹ ලොව ඉපිද එහිදීම පිරිනිවන්පා සසර කෙරවල කරගත හැකි බව දන්නා ඔහු ධ්‍යාන වැඩිමේ ක්‍රියාවලිය ඉදිරියටම ගෙන ගොස් අරුපාවචර ධ්‍යාන 4 වඩා පසුව පිලිවෙලින් ඉන් ඉවත්වී සතරවන ධ්‍යානයේ සිත පිහිටුවා  විදර්ශනා භාවනාව වැඩිමට යනවා යයි නිශ්චය කළේය.               

 ඔහුට   මෙම තීරණයට පැමිණීමට හැකි වුයේ දැන් තමා සිටින හතර වන ධ්‍යානය තුල ස්ථාවරව පවතින ප්‍රබල සිතක් ඔහු තුල තිබු නිසාය.     


       

Thursday, July 25, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ.13 වන කොටස දැහැන් ගතවීම - දෙවන ධ්‍යානය සිට සිව්වන ධ්‍යානය තෙක්

 

 13 වන කොටස දැහැන් ගතවීම - දෙවන ධ්‍යානය,තෙවන ධ්‍යානය වැඩිම සහ සිව්වන ධ්‍යානය වැඩිම ඇරඹීම  


 පළමු වන ධ්‍යානයේ ස්ථිරව සිත පිහිටුවා ගත සිරිදාස මහත් සතුටෙන් ආශ්වාශය හා ප්‍රශ්වාශය මෙනෙහි කරන්නට විය.වෙහෙසවී වැඩ කිරීමෙන් අවසානයේදී සිසිල් දිය නාගන්න යනවිට දැනෙන සතුටට සමාන සතුටක් සහ සැනසිල්ලක් ඔහුට දැනෙන්නට විය.මෙම සැනසිල්ල හැමවිටකදීම තම සිත අත් නොහැර තිබේ නම් කොපමණ හොඳදැයි ඔහුට සිතින.

එහෙත්  දැන් දැන් තමනට දැනෙන ආශ්වාශ හා ප්‍රශ්වාශයේ ස්පර්ශය තද මට්ටමේ සිට කෙමෙන් කෙමෙන් සුමුදු  මට්ටම තෙක් ලඟා වන බවත්,මෙතෙක් වෙලා දීර්ඝ ස්වරුපයෙන් පැවතී  ආශ්වාශය හා ප්‍රශ්වාශය කෙමෙන් කෙමෙන් කෙටි වන බවත් සිරිදාසට දැනිණ. මෙනිසා මෙතෙක් වේලා කළාක් මෙන් තව දුරටත් දිගු භාවනා පදයන් වැඩිමට නොහැකි බව සිරිදාසට වැටහින. විතක්ක විචාර,ප්‍රීති,සුඛ,සහ එකග්ගතා යන ආනාපානසති භාවනා අංග වලින් විතක්ක විචාර දෙකවැඩීමට වෙන් කල වැයමට  සමුදිය යුතු කාලය පැමිණ ඇතැයි ඔහුට වැටහින. ඔහු විතක්ක විචාර දෙක වැඩිමෙන් ඉවත්වීමට සිතා මනා කොට බැසගත් ප්‍රීතියෙන් යුක්තව ආශ්වාශය හා ප්‍රශ්වාශය මෙනෙහි කරන්නට පටන් ගත්තේය.

  දෙවන ධ්‍යානය වැඩිම ඇරඹීම 

ආශ්වාශය හා ප්‍රශ්වාශය තවදුරටත් කෙමෙන් කෙමෙන් කෙටි වන බව මෙන්ම නහයේ අග කොටසට දැනෙන ආශ්වාශ හා ප්‍රශ්වාශය ස්පර්ශය සුමුදු  මට්ටමේ සිට ස්පර්ශයක්  දැනෙන   නොදැනෙන  මට්ටම තෙක් පැතිරෙන බවත් සිරිදාසට කෙමෙන් කෙමෙන්  වැටහෙන්නට විය. එහෙත් ඔහු දිරියෙන් යුක්තවම තම අවධානය  නහයේ අග කොටස වෙතම තබාගෙන ප්‍රීතියෙන් යුක්තවම ආශ්වාශය හා ප්‍රශ්වාශය දෙස බලා සිටින්නට පටන් ගති.   මේ ප්‍රීතිය නිසා සැපයක් මෙන්ම ආශ්වාශය හා ප්‍රශ්වාශය ගැන්වූ සිතුවිල්ලේඑකඟතාවයක් ඇතිවන බව සිරිදාසට දැනින. වසා ගත දෙනෙතට පෙනෙන තරුද ස්ථිර තාවක් දක්වයි.දෙවෙනි ධ්‍යානයෙන් ලබන සතුට විස්තර කර ඇති පරිදි සතර පැත්තකින් ගලාඑන සිව් දිය පහර එකතුවූ තැනක නැමේ සතුට නම් සිරිදාස කෙදිනක හෝ ඇත විඳ නැත.එහෙත් තමා අවසානයට තංගල්ලේ මුහුදේ දිය නාමින් ලද සතුට සිරිදාසට මේ වෙලාවේදී මතක් විය.ඒ අවස්ථාවේදී මුහුදු දිය නෑමෙන්  තමා ලදඉමහත්  සතුට මෙන් මහත් සතුටක් මේ අවස්ථාවේදී දෙවෙනි ධ්‍යානයට සමවැදිමේදීද විඳින බව ඔහුට පසක් විය. මේ දෙවෙනි ධ්‍යානය තුල සතුටක් දැනුනත්,තමන් මේ දැන් වීඳින ප්‍රීතිය කුමන අවස්ථාවකදී හෝ කුමන කරුණකින් හෝ නැති උනොත්, එසේ නැත්නම් ප්‍රීතිය වෙනුවට වෙනත් හානිකර සිතුවිල්ලක් සිතට ආවොත් සියල්ලම අවසානවේ යයි සිතු සිරිදාස ප්‍රීතිය වෙනුවට උපේක්ෂාසහගත  සිතුවිල්ලෙන් එනම් මැ දහ ත් සිතුවිල්ලෙන්  යුක්තව ආශ්වාශය හා ප්‍රශ්වාශය තවදුරටත්  බැලීමට කල්පනා කළේය.     

තෙවන ධ්‍යානය වැඩිම ඇරඹීම 


දැන් සිරිදාස ආශ්වාශය හා ප්‍රශ්වාශය දෙස උපේක්ෂා සහගත සිතුවිල්ලෙන් යුක්තව බලා සිටි. ඉතා දැඩි නිශ්චලතාවයක් පෙරටු කරගත් සුවයක් ඔහුට දෙනෙන්නට පටන් ගත්තේය. එම සුවය  හරියටම නිශ්චල ගැඹුරු දිය පතුලක  කිමිදී සිටියදී අත්විඳි සුවයක් මෙනි. මෙතෙක් වෙලාවක් නහයේ අග කොටසට නොදැනුනු  ආශ්වාශය හා ප්‍රශ්වාශ ස්පර්ශය දැන් දැන් කෙමෙන් කෙමෙන් ඔහුගේ නහයට දැනේ.එහෙත් එම ආශ්වාශය හා ප්‍රශ්වාශය ඉතා කෙටිය.   සිරිදාස මහත්වූ සුවය අත්විඳිමින් ආශ්වාශය හා ප්‍රශ්වාශය මෙනෙහි කරන්නට විය. බොහෝ වෙලාවක් ගැඹුරු දිය පතුලක  කිමිදීම කල නොහැකිවාක් මෙන්ම මෙම සුවයද බොහෝ වෙලාවක් තුල  ලැබිය නොහැකි බව දැනුනු සිරිදාස උපේක්ෂා සහගතව එකඟවූ සිතුවිල්ල අනුවම ඉදිරියටම ආශ්වාශය හා ප්‍රශ්වාශය මෙනෙහි කරන්නට නැතහොත් සිව් වන ධ්‍යානයට පිවිසීමට අදහස් කළේය. 


සිව්වන ධ්‍යානය වැඩිම ඇරඹීම 

සිරිදාස දැන් තම එකඟවූ සිතුවිල්ල මත සිට ආශ්වාශය හා ප්‍රශ්වාශය හරියටම සිදුවන ආකාරය බලමින් සිටියි.වෙනත් අරමුණු වලට අදාළ ස්පර්ශයන්,විඳීම්,හඳුනා ගැනීම් ඇති උවත් ඒවාට අනුරූපව අදාල චේතනා පහල නොකරන බැවින් ඒවාට අනුරූපව අදාළ සිතුවීලි පරම්පරාවක් ජනිත වෙන්නේ නැත.ඔහු විශේෂයෙන් සිතන්නේ ආනාපානසතිය ගැන පමණි. එබැවින් දැන් ඔහුට සිතිවිල්ලෙන් ඔබ්බට ගොස් එම  ආශ්වාශ හා ප්‍රශ්වාශ සිත පෙනේ.


   








 

Sunday, July 21, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .12 වන කොටස

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .12 වන කොටස දැහැන් ගතවීම 

 12 වන කොටස දැහැන් ගතවීම - ප්‍රථම ධ්‍යානය 


දැන් තමා තම සිත ආශ්වාශ ප්‍රශ්වාශයටම  පමණක් සිමා කර ඇතැයි සිරිදාසට සිතින. මෙසේ තමා තම සිත එකම අරමුණක පිහිටවීම ගැන ඔහුට ඇතිවුයේ මහත් සතුටකි. තම සිත එකම අරමුණු ගත කල වෙනත් අවස්ථා ගැන සිතන විට ඒ තමා  ඉතා හොඳින් සුදානම්වූ විභාග වලට ලියු අවස්ථා වලදී  බව සිරිපාලට දනින.  එහෙත් එකී අවස්ථා වලදී ඔහුට දැනුනේ සතුටක් නම් නොවේ. දන්නා කරුණු ටික අසා ඇති ප්‍රශ්නයට ලියන උත්තරය ලෙසින් ගොනු කිරීමේ සහ සංවිධානය කිරීමේ ගැටලුව සහ කියවන්න පුළුවන් ඇත අකුරු වලට ඒවා පෙරලීමේ භීතිය පමණි. 

"චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමි පජානාති "
"චිත්ත පටිසංවේදී පස්ස සිස්සාමි පජානාති "

ආශ්වාශ ප්‍රශ්වාශ සිත දැනගනිමින් හුස්ම ගනිමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත දැනගනිමින් හුස්ම හෙලමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත දැනගනිමින් හුස්ම ගනිමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත දැනගනිමින් හුස්ම හෙලමි 

ආශ්වාශ ප්‍රශ්වාශ සිත මනා කොට දැනගනිමින් හුස්ම ගනිමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත මනා කොට දැනගනිමින් හුස්ම හෙලමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත මනා කොට දැනගනිමින් හුස්ම ගනිමි 
ආශ්වාශ ප්‍රශ්වාශ සිත මනා කොට දැනගනිමින් හුස්ම හෙලමි 

පළමු ධ්‍යාන සිතේ විතක්ක,විචාර,ප්‍රීති,සුඛ සහ එකග්ගතා නමින්  අනු කොටස් 5ක්ම  තිබෙන බව සිරිදාස දැනටමත් දනී. ආශ්වාශය  ප්‍රශ්වාශය ගැනම සිතීම විතක්කය බවත් එය ක්‍රමානුකුලව සිදුවන බවට සෝදිසියෙන් බලා සිටීම විචාරය බවත් නිරවුල්ව එත්තු ගත් සිරිදාස ප්‍රීති සුඛ එකග්ගතා යන පදයන්හි තේරුම අනායාසයෙන්ම වටහා ගති. බුදුන් වහන්සේ විසින් ආනාපානසති සුත්‍රය ප්‍රගුණ කිරීමට නිදේශ කර ඇත්තේ බුද්ධිමතුන්ට පමණක් බව අසා ඇති සිරිදාස දැන් තමන්ටද ආනාපානසති සුත්‍රය තේරුම් ගැනීමට හැකිවිම තුලින් තමාද   බුද්ධිමතෙකු බවට පත්ව ඇතැයි සිතා සතුටු විය. 

පළමු ධ්‍යාන සිත මැනවින් ස්තිරව පැවතීමට   නම් එය කාමච්චන්ද , ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච කුකුච්ච සහ විචිකිච්චා වශයෙන් විස්තර වන පංච නීවරණයන්ගෙන් තුරන්වූ  එකක් විය යුතු බවද දන්නා සිරිදාස එම පංච නිවාරණ එකිනෙක බැගින් ගෙන දැන් ඒවා තම සිතේ ක්‍රියාත්මකව තිබෙනවාද යන්න විමසා බැලීමට පටන් ගති. සිරිදාස මෙවර   පළමුව විමසුවේ කාමච්චන්ද යන නිවාරණයය . එය මැනවින් විමසු සිරිදාසට දැන් තම සිතේ කුමනාකාරයක හෝ කාමයන්ට අදාළ සිතුවිලි පැන නැගී නැති බවට ස්ථිර කර ගත්තේය.

 දෙවනුව ව්‍යාපාද නිවාරණය ගැන  විමසු ඔහු තම සිතේ ගැටීම් (පටිඝය)ඇති කරන සිතුවිලි දැන් පැන නැගී  තිබේද යන්න මුලින්ම විමසුවේ තරහ මතුවිටම පළමුව සිතේ ගැටීම් (පටිඝය) ඇති කරන්නාවූ  සිතුවිලි මතු විය  යුතු යයි ඔහු දන්නා නිසාය. එමෙන්ම ගැටීම් සිතුවිලි  (පටිඝය) පාලනය නොකල හොත්  එය පසුපසින් තරහව   (ව්‍යාපාදය) බැඳී ගොනු පසුපසින් ඇදෙන කරත්තය මෙන් අනිවාර්‍යයෙන්ම  මතුවනු ඇතැයිද ඔහු තවදුරටත්  දැනගති.දැන්  තම සිත තුල පටිඝයහෝ පටිඝය පසුපසින් එන   තරහව   (ව්‍යාපාදය) යන සිතුවිලි  පැන නැගී නැති බව දැනගැනීම සිරිදාසට අත්වූ මහත් සැනසිල්ලක් විය.

ඉන් පසු ඔහුගේ  විමසීමට භාජන වුයේ ථිනමිද්ධ යයි. තමා සිත මැනවින් විමසු ඔහුට එතුල අලස බව නැති බවත් සිත නින්දට පත් නොවී නමුත් ප්‍රානවත්වී ඇති බවත් සැකහැර දැනගති. නින්දට පත්වූ සිත ථිනමිද්ධ රහිත සිත යයි වැරදියට තේරුම් ගත් සමහරු එම නින්දට පත්ව සිතම වැඩිම  තුලින් මහත් වැරදි සතුටක් ලබන බවත් ඔහු අසා ඇත. එබැවින් දැන් තමන් එම වැරැද්ද නොකර නිවැරදිව සිටින බව දැනීමෙන් සතුටට පත්විය.  
  
උද්ධච්ච (සිත විසිරව  පැවතීම)
 -  පෙර දිනකදී සිදු කල පාප ක්‍රියා නිසා දැන් තමා ආනාපාන සති                   භාවනාව වැඩිමට නුසුදුසුය යනුවෙන් හැඟෙන  සිතුවිලි දැන් තම 
     සිතේ මතුවී ඇද්දැයි විමසු අතීතයේ එවැනි අද්දැකීම් තමාට තිබුනත්          දැන් එකී සිතුවිලි අතරේ අතරමං නොවීමටත් ඒවා පමණක් නොව
     ආශ්වාශය ප්‍රස්වාශය හැර අන් කිසිදු සිතුවිල්ලක් දැන් තම සිතේ
     පැනනැගී නැති බව සිරිදාස තහවුරු කර  ගති. එබැවින් විසිර ගිය
     සිතකින් තොරව ආශ්වාශ ප්‍රශ්වාශය සිහි කලහැක.  

කුකුච්ච (සිතේ මැලි බවක් ඇතිවීම
 -    පෙර දිනකදී සිදු කල පාප ක්‍රියා නිසා දැන් තමා ආනාපාන සති                භාවනාව වැඩිමට නුසුදුසුය යනුවෙන් මැලි බවක් දක්වන සිතුවිලි 
     දැන් තම සිතේ මතුවී ඇද්දැයි ඔහුට විමසු අතීතයේ එවැනි
     අද්දැකීම් තමාට තිබුනත් දැන් එකී  සිතුවිලි දැන් තමසිතේ පැන
     නැගී නැති   බව සිරිදාස තහවුරු කර  ගති.එබැවින් විසිර ගිය සිතකින්
     තොරව ආශ්වාශ ප්‍රශ්වාශය සිහි කලහැක.  

විචිකිච්චා -  (සැකය)
  -   බුදුන් ගැන  සැක කිරීම,දහම ගැන සැක කිරීම, සඟුන් ගැන සැක 
      කිරීම, පෙර භවයක් තිබුනේද යන්න ගැන සැක කිරීම,මරණින්  මතු
      භවයක් තිබේද යන්න ගැන සැක කිරීම, පෙර  භවයන් තිබුනේද ගැන
     සැක කිරීම, මතු  භවයන් තිබෙන්නේද ගැන සැක කිරීම, පෙර හා පසු        භවයන් තිබෙන්නේද යන්න  සැක කිරීම, කර්මය සැක කිරීම,කර්ම 
     ඵල ගැන සැක කිරීම,  පුර්වාචාරින් ගැන සැක කිරීම, කල්‍යාණ මිතුරන්
    සැකකිරීම ආදී දශ සැකයන් තම සිත තුල තිබෙනවාදැයි  විමසිය. 

    බුදුන්  වහන්සේ  ගැන විමසු ඔහු බුදුන් වහන්සේ ගැන හෝ බෝධි 
    සත්‍වයන් වහන්සේ ගැන හෝ බෝධි      සත්‍වයන්    වහන්සේ  විසින්   
    පිරු දශ පාරමිතා,  දශ පාරමිතා,  දශ පරමාර්ථ පාරමිතා,ගැන  හෝ
    සැකයක් තම සිත තුල නැති බවට   සහතික විය.

   දහම ගැනද ඔහු තුල සැකයක් නැත. එය දර්ශනයක් මෙන්ම ඇදහිමක්ද
   වන බව ඔහුට වැටහී තිබිණ. තම ගැලවීම ඇත්තේ ධර්මය කියාදී ඇති      පරිදි දාන,ශීල භාවනා කරන අයුරු ශර්ධාවෙන් පිළිගෙන එය ඒ 
   ආකාරයෙන්ම අනුගමනය කිරීමෙන් බව ඔහු සිතීය. 

     සඟුන් ගැනද ඔහු තුල කිසිදු සැකයක් නැත. දුසිවත් වත් භික්ෂුන් 
  වහන්සේ නමක් උවත් මුලික කරුණු 10කින්  හා උප කරුනු 10කින්      දුසිල්වත් මිනිසාට වඩා ඉහල බව ඔහු මිලින්ද ප්‍රශ්නය අධ්‍යනය කිරීමෙන්   ඉගෙන ඇත. දානයකදී හෝ පිරිතකදී ගෙදරට වඩම්මන, දෙපා දෝවනය  කර, සුදු ඇතිරිල්ලක් දැමු අසුනක් මත වැඩ හිඳුවන බික්ෂුන් වහන්සේ   බසයකදී මුන ගැසුණු විට(හඳුනා ගත්තේ නැති උනත්) උන්වහන්සේ හා   එක පෙලට වාඩිවී සිටින්නට තරම් තමා සතු ගුනවත් බවක් ඇතැයි නොසිතන සිරිදාස පුරුද්දක් වශයෙන් එම අසුනේ හිඳ ගන්නේ නැත. දුසිවත් භික්ෂුන් වහන්සේ නමකගේ එම දුසිල්වත් ඇවතුම් පැවතුම් එකී හිමියන් විසින් මතුවට විපාක දීමට හේතුකාරක වන කර්ම රැස් කිරීමක් වන බව දන්නා සිරිදාස එවැන්නන් ගැන සිතමින් තමන් අකුශලයන් රැස් කර ගැනීමට උනන්දු නොවිය යුතු යයි සිතිය.
 
  පෙර හා මතු භවයන්පැවතීම ද ගැන සැකයක් ඔහු තුල නොමැත. 
   එමෙන්ම කර්මය මෙන්ම  සුභ සහ  අසුභ කර්ම ඵලද ඔහු විශ්වාස කරයි.  පෙර ආචාර්ය වරුන්ගේ යහපත් ප්‍රයත්තන් නිසා ධර්ම පොත් ලිවිම සහ ඒවා රැක ගැනීම නොසිදුවී නම් එකි පොත් අද ඔහු කියවන්නේ කෙසේද? කල්‍යාණ මිත්‍රයන් වීසින් ඒ පොත් සහ එම කරුණු පරිශීලනය කර වටිනා දහම් පණිවිඩ  අන්තර්ජාල ගත නොකරන්නට එකී පොත් මෙන්ම එකී වටිනා දහම් පණිවිඩ  මෙතරම් ලෙහෙසියෙන් ඔහු පරිහරණය කරන්නේ කෙසේද? 

තම සිතේ දශ වැදෑරුම් සැකයන් ප්‍රහාණය වී ඇති බව පසක් කර ගන්නා සිරිදාස සියලුම නිරවරණයන් ඉවත් කිරීමෙන් දැන් තමා නියත  වශයෙන්ම පළමු දැහැනේ ස්ථිරවම පිහිටා සිටින බව සිතීය.  
  

  
  


     


Saturday, July 20, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .11 වන කොටස -සිත දෙස බලමින් හුස්ම ගනීමි

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .11 වන කොටස

සිත දෙස  බලමින් හුස්ම ගනීමි



සංසිඳුණු සිත ගැනවූ මහත් සතුටින් සිරිදාස නොකඩවාම ඉදිරියට තම ආනාපානසති භාවනාව වන්නට විය.  


සංසුන්වූ සිත දෙස  බලමින් හුස්ම ගනීමි

සංසුන්වූ  සිත දෙස බලමින් හුස්ම හෙළමි

සංසුන්වූ සිත දෙස බලමින් හුස්ම ගනීමි

සංසුන්වූ සිත දෙස බලමින් හුස්ම හෙළමි

මෙතෙක් වෙලා තදින් නහයේ අග හැපුණු ආශ්වාශ ප්‍රශ්වාශ වායුව දැන් දැන් සුමුදුව හැපෙන්නක් මෙන් දැනෙන්නට විය. තමන්ට ආශ්වාශ ප්‍රශ්වාශ කය කියා කයකුත් තිබෙන බව සිරිදාස ආනාපානසති භාවනාව කිරීමට පෙර දැන සිටියේ නැත. එය ඔහුට කියා දුන්නේ බුදුරජානන් වහන්සේ ආනාපානසති සුත්‍රයේදීය. තිලොවට ගුරුවූ බුදුන් වහන්සේට වැරදීමට බැරිය. බුදු දහම අනුගමනය කිරීමේ මුලික පරිසරය වන්නේ ශ්‍රද්ධාවය. ශ්‍රද්ධාව නැත්තා තුල ඇතිවන්නේ දැනීම පමණි.එබැවින් තම ශරීරිය තුල ආශ්වාශ ප්‍රශ්වාශ කය නමින්වූ කයක් ඇති බව විශ්වාශ කල සිරිදාස එම කය දෙස බැලීමේ අරමුණින් විය භාවනාව වැඩිම ඉදිරියටම කළේය.  

ආශ්වාශ ප්‍රශ්වාශ කය දෙස  බලමින් හුස්ම ගනීමි
ආශ්වාශ ප්‍රශ්වාශ කය දෙස බලමින් හුස්ම හෙළමි
ආශ්වාශ ප්‍රශ්වාශ කය දෙස  බලමින් හුස්ම ගනීමි
ආශ්වාශ ප්‍රශ්වාශ කය දෙස බලමින් හුස්ම හෙළමි

හේතුන් නිසා ආශ්වාශ ප්‍රශ්වාශ කය ඉපදුන බව දනීමින් හුස්ම ගනීමි 
හේතුන් නිසා ආශ්වාශ ප්‍රශ්වාශ කය ඉපදුන  බව දනීමින් හුස්ම හෙලමි 
හේතුන් නිසා ආශ්වාශ ප්‍රශ්වාශ කය ඉපදුන බව දනීමින් හුස්ම ගනීමි 
හේතුන් නිසා ආශ්වාශ ප්‍රශ්වාශ කය ඉපදුන  බව දනීමින් හුස්ම හෙලමි 

හේතු නැතිවන විට ආශ්වාශ ප්‍රශ්වාශ කය නැතිවන බව දනීමින් හුස්ම ගනීමි 
හේතු නැති වන විට ආශ්වාශ ප්‍රශ්වාශ කය නැතිවන බව බව දනීමින් හුස්ම හෙලමි 
හේතු නැතිවන විට ආශ්වාශ ප්‍රශ්වාශ කය නැතිවන බව දනීමින් හුස්ම ගනීමි 
හේතු නැති වන විට ආශ්වාශ ප්‍රශ්වාශ කය නැතිවන බව බව දනීමින් හුස්ම හෙලමි 

ආශ්වාශ ප්‍රශ්වාශ කය  මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
ආශ්වාශ ප්‍රශ්වාශ කය මම නොවේ යයි සිතමින් හුස්ම හෙලමි 
ආශ්වාශ ප්‍රශ්වාශ කය මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
ආශ්වාශ ප්‍රශ්වාශ කය මම නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි
ආශ්වාශ ප්‍රශ්වාශ කය මගේ නොවේ යයි සිතමින් හුස්ම ගනීමි  


ආශ්වාශ ප්‍රශ්වාශ කය මගේනොවේ යයි සිතමින් හුස්ම හෙලමි 
ආශ්වාශ ප්‍රශ්වාශ කය මගේ නොවේ යයි සිතමින් හුස්ම ගනීමි  
ආශ්වාශ ප්‍රශ්වාශ කය මගේ නොවේ යයි සිතමින් හුස්ම හෙලමි
ආශ්වාශප්‍රශ්වාශ කය මගේ ආත්මයනොවේ යයි සිතමින් හුස්ම ගනීමි  
ආශ්වාශ ප්‍රශ්වාශ කය මගේ   ආත්මය  නොවේ යයි සිතමින් හුස්ම හෙලමි
ආශ්වාශ ප්‍රශ්වාශ කය මගේ ආත්මය නොවේ යයි සිතමින් හුස්ම ගනීමි
ආශ්වාශ ප්‍රශ්වාශ කය මගේ ආත්මය නොවේ යයි සිතමින් හුස්ම හෙලමි

 ආශ්වාශ ප්‍රශ්වාශ කය අනිත්‍යයයි සිතමින් හුස්ම ගනීමි  
 ආශ්වාශ ප්‍රශ්වාශ කය අනිත්‍යයයි සිතමින් හුස්ම හෙලමි
 ආශ්වාශ ප්‍රශ්වාශ කය අනිත්‍යයයි සිතමින් හුස්ම ගනීමි  
 ආශ්වාශ ප්‍රශ්වාශ කය අනිත්‍යයයි සිතමින් හුස්ම හෙලමි

  ආශ්වාශ ප්‍රශ්වාශ කය දුක යයි  සිතමින් හුස්ම ගනීමි  
  ආශ්වාශ ප්‍රශ්වාශ කය දුක යයි සිතමින් හුස්ම හෙලමි
  ආශ්වාශ ප්‍රශ්වාශ කය දුක යයි සිතමින් හුස්ම ගනීමි  
  ආශ්වාශ ප්‍රශ්වාශ කය දුක යයි සිතමින් හුස්ම හෙලමි

ආශ්වාශ ප්‍රශ්වාශ කයේ  විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
ආශ්වාශප්‍රශ්වාශ කයේ විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 
ආශ්වාශ ප්‍රශ්වාශ කයේ  විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
ආශ්වාශප්‍රශ්වාශ කයේ විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 

වසා ඇති දෙනෙත් තිබියදීම එතුලින් සිහින් ආලෝකයක් වරින් වර යාන්තමින් පෙනෙන්නාක් මෙන් දැන් සිරිපාලට දැනෙන්නට විය. එය අමරදාස රත්නායක විද්වතාණන් විසින් අභිධර්මාර්ථ ප්‍රදිපයේදී භාවනාව වැඩිම ගැන ලියා ඇති කොටසේ දැක්වෙන පරිදි උත්ග්‍රහ නිමිත්ත පහලවිමදැයි සිරිපාලට කුතුහලයක් ඇතිවිය.එහෙත්  ඒ ගැන තවදුරටත් කල්පනා කිරීම සිරිදාස අත්හැරියේ එය එනම් වසා ඇති දෙනෙත් තුලින් ආලෝකය දැකිම යනු මේ භාවනාව වැඩිමෙන්  තමන් විසින් ඉටුකර ගැනීමට යන  පරමාර්ථය නොවන නිසාය.

Friday, July 19, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .10 වන කොටස

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .10 වන කොටස


කයට දැනෙන පහස දෙස  බලමින් හුස්ම ගනීමි

කයට දැනෙන පහස දෙස බලමින් හුස්ම හෙළමි
කයට දැනෙන පහස දෙස  බලමින් හුස්ම ගනීමි
කයට දැනෙන පහස දෙස බලමින් හුස්ම හෙළමි

සිරිදාස තම කය දෙස සිත යොමු කළේය. උඩුකය තවමත් සෘජුවම පවති. තමා ඉඳ සිටින ඉරියව්වේ  පහසුවක් මිස අන් කුමන හෝ අපහසුතාවක් දැනෙන්නේ නැත.  එබැවින් කය සන්සින්දුවිමද අපහසුවකින් තොරවම කල හැකියයි සිතු ඔහු එය පරමාර්ථ කොට ආනාපානසති භාවනාව ඉදිරියටම වැඩි මට පටන් ගත්තේය.

හේතුන් නිසා කයට පහස   දැනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතුන් නිසා කයට පහස දැනෙන බව දනීමින් හුස්ම හෙලමි 
හේතුන් නිසා කයට පහස   දැනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතුන් නිසා කයට පහස දැනෙන බව දනීමින් හුස්ම හෙලමි 

හේතු නැතිවන විට කයට පහස  නොදැනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතු නැතිවන විට  කයට පහස නොදැනෙන බව දනීමින් හුස්ම හෙලමි 
හේතු නැතිවන විට කයට පහස  නොදැනෙන බව දනීමින් හුස්ම ගනීමි 
හේතු නැතිවන විට  කයට පහස නොදැනෙන බව දනීමින් හුස්ම හෙලමි  

කයට දැනෙන පහස මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
කයට දැනෙන පහස මම නොවේ යයි සිතමින් හුස්ම හෙලමි 
කයට දැනෙන පහස මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
කයට දැනෙන පහස මම නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි


කයට දැනෙන පහස මගේනොවේ යයි සිතමින් හුස්ම ගනීමි  

කයට දැනෙන පහසමගේනොවේ යයි සිතමින් හුස්ම හෙලමි 
කයටදැනෙන පහස මගේ නොවේ යයි සිතමින් හුස්ම ගනීමි  
කයට දැනෙන පහස මගේනොවේ යයි සිතමින් හුස්ම හෙලමි


කයටදැනෙන පහස  මගේ ආත්මයනොවේ යයි සිතමින් හුස්ම ගනීමි  
කයට   දැනෙන   පහස  මගේ   ආත්මය   නොවේ   යයි සිතමින් හුස්ම හෙලමි
කයට දැනෙන පහස මගේ ආත්මය නොවේ යයි සිතමින් හුස්ම ගනීමි
කයට දැනෙන පහස මගේ ආත්මය නොවේ යයි සිතමින් හුස්ම හෙලමි

කයට දැනෙන පහස අනිත්‍යයයි සිතමින් හුස්ම ගනීමි  
කයට දැනෙන පහස අනිත්‍යයයි සිතමින් හුස්ම හෙලමි
කයට දැනෙන පහස අනිත්‍යයයි සිතමින් හුස්ම ගනීමි  
කයට දැනෙන පහස අනිත්‍යයයි සිතමින් හුස්ම හෙලමි

  කයට දැනෙන පහස දුක යයි  සිතමින් හුස්ම ගනීමි  
  කයට දැනෙන පහස  දුක යයි සිතමින් හුස්ම හෙලමි
  කයට දැනෙන පහස  දුක යයි සිතමින් හුස්ම ගනීමි  
  කයට දැනෙන පහස  දුක යයි සිතමින් හුස්ම හෙලමි


කයේ  විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
කයේ  විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 
කයේ  විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
කයේ  විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 


සිරිදාසට දැන් තම කය සංසිඳී ඇති බව දැනුන හෙයින් පංචස්කන්ධයේ අවසාන ආයතනය වන මනස් ආයතනය සංසින්දුවීමේ භාවනා අභ්‍යාසය ඇරඹිය යුතු යයි සිතුවේය. මනස සංවර කිරීම ඇස,නාසය,දිව හා මනස මෙන් ලෙහෙසි කටයුත්තක් නොවන බව අත්දැකීමෙන්ම දන්නා ඔහු අඩුතරමේ කණ සංවර කිරීමට යෙදු බලයට සමාන ශක්තියක් ඒ සඳහා යෙදිය යුතු යයි සිතුවේය.

"පස්සං භයං චිත්ත සංකාරන් අස්ස සිස්සාමිති සික්ඛති"   
 "පස්සං භයං චිත්ත සංකාරන් පස්ස සිස්සාමිති සික්ඛති"  

මනස සංසිඳුවීම ශික්ෂණය කරමින් හුස්ම ගනිමි  
මනස සංසිඳුවීම ශික්ෂණය කරමින් හුස්ම හෙලමි 
මනස සංසිඳුවීම ශික්ෂණය කරමින් හුස්ම ගනිමි  
මනස සංසිඳුවීම ශික්ෂණය කරමින් හුස්ම හෙලමි 


බට හිර විද්‍යාවට තවමත් මනස පිහිටියේ මනුෂ්‍ය ශරීරයේ කුමන ස්ථානයකදැයි සොයා ගැනීමට බැරි උවත්,මනස පිහිටියේ හර්දය වස්තුවේ ඇති පතක් තරමක්වූ රුධිරයේ බව බුදුන් වහන්සේ වදාළ බව දන්නා සිරිදාස තම සිරුර තුල මනස පිහිටියේ කොතැනකදැයි විමසීමට   කරදර නොවිය. තමා තුල මනස නම්වූ  ආයතනයක් තිබෙන බව ප්‍රත්‍යක්ෂ කරගත් ඔහු එය සහ එයින් නිර්මාණය වන අරමුණු නාම රූප වලින් සමන්විත බවදනී. එමෙන්ම  මනස සහ අරමුණු යන සාධක දෙකම සංසිඳුවීම  අනිවාර්‍යයෙන්ම කලයුතු බවත් සිතීය. තම ශරීරයේ  අනෙක් ආයතනයන්ට නොමැති එහෙත් මනසටම පමණක් සිමාවන  සුවිශේෂ ලක්ෂණයවූ   ඉන්ද්‍රජාලික බව (මායාකාරී ස්වභාවය)සහ එහි හැසිරීම  ගැන ඔහු තම අත්දැකීමෙන්ම මැනවින් දනී. එමෙන්ම   අරමුණු වල ඇති  සුවිශේෂ ලක්ෂණය වූ ඉක්මනින්ම එකිනෙකට වෙනස් විවිධ අරමුණු බිහිවීම සහ එකම අරමුණට අදාලව සිතුවිලි පරම්පරාවක්ම බිහිවීම ගැන ඔහු මැනවින් දනී. එමෙන්ම බටහිර කළමනාකරණය දිරිමත් කරන්නේ එකවර වැඩ කිහිපයක්ම කිරීමට, එනම් එකවර විවිධ චිත්ත  පරම්පරා කිහිපයක් නඩත්තු කිරීම බවද එහෙත් ආනාපානසති භාවනාවෙන් සිදු වන්නේ එක වරට එක අරමුනටම පමණක් එනම් ආශ්වාස හා ප්‍රශ්වාසයට පමණක් අරමුණු පිහිටුවීම බවද ඔහු දනී. හිතුමතේ දසතම  දුවන කුළු හරකෙකුගේ කරට ලනුවක් දමා ඉන්පසු ඌට සෙලවීමට බැරිවන අන්දමින් එසේ කරළු ලනුව කනුව මුලට හිර කරන්නක් මෙන් තම සිතෙට නැගෙන එකම අරමුණ ආනාපානසතිය බවට පත් කිරීමේ දැඩි වෑයම ගැනීමට සිරිපාල අදහස් කළේය.        
   
මනසට දැනෙන අරමුණු  දෙස බලමින් හුස්ම ගනීමි
මනසට දැනෙන අරමුණු දෙස බලමින් හුස්ම හෙළමි
මනසට දැනෙන අරමුණු දෙස බලමින් හුස්ම ගනීමි
මනසට දැනෙන අරමුණු දෙස බලමින් හුස්ම හෙළමි


      
 මනසයි අරමුනුයි එකතුවී මනසේ ස්පර්ශය සැදෙන හැටි බලමින් හුස්ම ගනීමි
 මනසයි අරමුනුයි එකතුවී මනසේ ස්පර්ශය සැදෙන හැටි බලමින් හුස්ම හෙලමි 
 මනසයි අරමුනුයි එකතුවී මනසේ ස්පර්ශය සැදෙන හැටි බලමින් හුස්ම ගනීමි
මනසයි අරමුනුයි එකතුවී මනසේ ස්පර්ශය සැදෙන හැටි බලමින් හුස්ම හෙලමි 

මනසේ ස්පර්ශය අනුව දැනගැනීම සැදෙන හැටි බලමින් හුස්ම ගනීමි
මනසේ ස්පර්ශය අනුව දැනගැනීම සැදෙන හැටි බලමින් හුස්ම හෙලමි 
මනසේ ස්පර්ශය අනුව දැනගැනීම සැදෙන හැටි බලමින් හුස්ම ගනීමි
මනසේ ස්පර්ශය අනුව දැනගැනීම සැදෙන හැටි බලමින් හුස්ම හෙලමි 

මනසේ  ස්පර්ශයට  අනුවවූ දැනගැනීමට අනුරුපව චේතනා පහල කිරීම ආශ්වාස ප්‍රශ්වාසයට පමණක් සිමා කරමින්  හුස්ම ගනීමි  
මනසේ  ස්පර්ශයට  අනුවවූ දැනගැනීමට අනුරුපව චේතනා පහල කිරීම ආශ්වාස ප්‍රශ්වාසයට පමණක් සිමා කරමින්  හුස්ම හෙලමි 
මනසේ  ස්පර්ශයට  අනුවවූ දැනගැනීමට අනුරුපව චේතනා පහල කිරීම ආශ්වාස ප්‍රශ්වාසයට පමණක් සිමා කරමින්  හුස්ම ගනීමි  
මනසේ  ස්පර්ශයට  අනුවවූ දැනගැනීමට අනුරුපව චේතනා පහල කිරීම ආශ්වාස ප්‍රවාසයට පමණක් සිමා කරමින්  හුස්ම හෙලමි
 මනසේ  ස්පර්ශයට  අනුවවූ දැනගැනීමට අනුරුපව චේතනා පහල කිරීම ආශ්වාස ප්‍රශ්වාසයට පමණක් සිමා කරමින්  හුස්ම ගනීමි  
මනසේ  ස්පර්ශයට  අනුවවූ දැනගැනීමට අනුරුපව චේතනා පහල කිරීම ආශ්වාස ප්‍රශ්වාසයට පමණක් සිමා කරමින්  හුස්ම හෙලමි 

මනසට නැගෙන අරමුණු මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
මනසට නැගෙන අරමුණු මම නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි 
 මනසට නැගෙන අරමුණු මම නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
 මනසට නැගෙන අරමුණු මම නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි


 මනසට නැගෙන අරමුණු මගේ  නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
මනසට නැගෙන අරමුණු මගේ  නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි 
මනසට නැගෙන අරමුණු මගේ  නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
මනසට නැගෙන අරමුණු මගේ   නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි

 මනසට නැගෙන අරමුණු මගේ ආත්මය  නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
 මනසට නැගෙන අරමුණු මගේ ආත්මය   නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි
 මනසට නැගෙන අරමුණු මගේ ආත්මය  නොවේ යයි  සිතමින් හුස්ම ගනීමි  
මනසට නැගෙන අරමුණු මගේ ආත්මය   නොවේ යයි  සිතමින් හුස්ම හෙලමි


 මනසට නැගෙන අරමුණු දුක යයි සිතමින් හුස්ම ගනීමි  
 මනසට නැගෙන අරමුණු දුක යයි සිතමින් හුස්ම හෙලමි
 මනසට නැගෙන අරමුණු දුක  යයි සිතමින් හුස්ම ගනීමි  
 මනසට නැගෙන අරමුණු දුක යයි සිතමින් හුස්ම හෙලමි

    මනසට නැගෙන අරමුණු දුක යයි  සිතමින් හුස්ම ගනීමි  
    මනසට නැගෙන අරමුණු දුක යයි සිතමින් හුස්ම හෙලමි
    මනසට නැගෙන අරමුණු දුක යයි සිතමින් හුස්ම ගනීමි  
    මනසට නැගෙන අරමුණු දුක යයි සිතමින් හුස්ම හෙලමි


   මනසේ  විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
  මනසේ  විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 
  මනසේ විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
  මනසේ  විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 
 මනසේ  විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
  මනසේ  විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 
  මනසේ විඥානය සංසින්දුවමින් හුස්ම ගනීමි 
  මනසේ  විඥානය සංසින්දුවමින් හුස්ම හෙලමි 

දැන් සිරිදස මහත් අත්වසිල්ලක් ලබමින් තමා තම මනස සංසිඳුවා ඇතැයි හැඟුනි.