Tuesday, June 28, 2016

දියවැඩියා රෝගය මඩින ප්‍රතිකාරය බයිසිකල් පැදීමය . 1. කොටස


lumala sports cycle


සිරිදාසට ප්‍රශ්න වැලකි. කුමක් කරන්නදැයි ඔහුටම තේරෙන්නේ නැත. දියවැඩියාව යයි කවුරුත්  දන්නා මදුමේහය කියල බර වචනයෙන්  කියවෙන ලෙඩේ සහ ඒ සමගම  ඇති අධික රුධිර පීඩනය නැතහොත් කව්රුත් දන්නා ප්‍රෙෂර් එක කියන ලෙඩේ සිරිදාසටත් දැන් හැදිලාය. මේ ලෙඩ දෙකම සිරිදාසට හැදුනා කියල දැන ගත්තේ අහම්බෙනි. කොහොම හැදුනත්   ඒ ලෙඩ දෙවර්ගයම නිට්ටාවටම සනීප කොරන්න පුළුවන් සමතෙක් තවමත් අපේ රටේ නැති බවත් දැනගත්තාම සිරිදාසගේ ලෝකය කඩා වැටින. තවමත් අපේ රටේ පැතිර තිබෙන්නේ මදුමේහය සහ අධික රුධිර පීඩනය සමග ජිවත්වන අන්දම කියා දෙන වෙදකම් බව ඔහුට පසක් වූයේ  මේ  රෝග වලට ප්‍රතිකාර කිරීමට ඇති විවිධ වෛද්‍ය ක්‍රම අනුගමනය කිරීමෙන් සහ ඒවායේ හොඳ නරක  අධ්‍යයන කිරීමෙනි. සිරිදාසට  දැන් වැටහෙන පරිදි බටහිර වේදකමේ මඩුමේහය නිට්ටාවටම සනීප කිරීමේ බෙහෙත් නැත. ඇත්තේ රෝගය පාලනය කිරීමට බෙහෙත් පමණි. එහෙත් එම බෙහෙත් පසුපස වෙනත් රෝග ඇතිවීමේ මුලිකාංග නොඅඩුවම ඇත.දේශීය වෙදකමට අනුව  නම් වාතය, පිත සහ සෙම කිපීම නිසා හට ගන්නා මදුමේහය කොටස් තුනකි. මින් එක කොටසකින්  ඇති වෙන මදුමේහය  නම් නිට්ටාවටම  සනීප කල හැක. තමන් මෙ පෙළෙමින් සිටින්නේ කුමන වර්ගයේ මදුමේහය යන්නද  කියා සිරිදාස දන්නේ නැත.    

අසනීපයක් නම් ලෝකේ කඩා වැටුනා  වාගේ ඉන්නේ නැතිව බෙහෙතක් හේතක් නොගෙන  මේ මනුස්සයා මොනවා කරන්න හදනවාද මන්දා කියලා ගෝරනාඩු දෙන්නේ ගෙදර උන්දෑය. ගෙදර උන්දෑ නම් කල්පනා කරන්නේ  උන හෙම්බිරිස්සාව වාගේ වරක් හැදුනාම නිසි බෙහෙත් හේත් ගත්  විට නිට්ටාවටම  සනීප වෙන්නාක්  මෙන් මදුමේහයද  නිසි බෙහෙත් හේත් කලවිට නිට්ටාවටම සනීප වෙන රෝගයක්  කියාය. එහෙත් මදුමේහය බෙහෙත් වලින් සනීප නොවෙන, අවසානයේදී ශරීරයේ අවයව අක්‍රිය කරන නිහඬ මාරයෙක් බව ඇයට පහදා දෙන්නේ කෙසේද ?

සිරිදාස කෝකටත් ආණ්ඩුවේ ඉස්පිරිතාලයේ පිහිට පතා එහි දියවැඩියා සායනයේ රෝගියෙකු ලෙස ලියා පදිංචි උනේ නිරන්තරයෙන් චැනල්  කර බෙහෙත් ගැනීමට සහ පුද්ගලික වෛද්‍ය පරීක්ෂණ කිරීමට  තරම් ඔහුගේ සොච්චම් විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවන නිසාය. සායනය පවත්වන්නේ මසකට එක දිනයක් උවත් දියවැඩියා  සායනය සිරිදාස මෙතෙක් කලක් ගත කල හැසිරීම් රටාව සම්පුර්ණයෙන්ම වෙනස් කළේය.




        

2 comments:

අටම්පහුර said...

මටත් වෙලාවකට හිතෙනවා බයිසිකලයක් අරං පදින්ඩ ..ඒත් කෝ වේලාවක්

Duminda Abeysekara said...

පුද්ගලික හෝ රජයේ හෝ වෙදෙක්ට පෙන්වා දියවැඩියාව පිලිබදව විමසිල්ලෙන් සිටීම ඉතා වටී. ව්‍යායාම කිරීම නිරෝගී බව රැක ගැනීමට ඇති හොද පිලියමක්. නමුත් එයත් දොස්තර උපදෙස් මත කලයුතුයි කියලා මම අහලා තියෙනවා.

ජයවේවා!!!