Friday, March 15, 2013

මේ වෙබ් අඩවිය පවත්වා ගෙන යාම පිළිබඳව මගේ අරමුණ






                 මේ වෙබ් අඩවිය පවත්වා ගෙන යාම පිළිබඳව  මගේ අරමුණ 




අන්වර් මනතුංගට පිළිතුරු කියල මම ඇරඹු වෙබ් අඩවියේ අරමුණ සුවිශේෂ එකක් එකේ අරමුණ ඒ නමින්ම පැහැදිලි වෙනවා. ඒක ටිකක් දුරට ගෙන යන කොට  මගේ අනෙක් සිතුවිලි ඒකට ඇතුල් කලොත් ඒ සුවිශේෂ පරමාර්ථය මැකිලා යන බව මට වැටහුනා. එබැවින් මට හිතෙන අනෙක් සිතුවිලි සටහන් කිරීම මෙම වෙබ් අඩවියේ පරමාර්ථයයි. ඒ උනත් එම සිතුවිලිත් පාලනය වන රාමුවක් තියෙනවා. ඒ රාමුව තමයි මමඅවුරුදු 66ක් වයසැති  සිංහල බෞද්ධයෙක්.(තවත් අවුරුදු 66ක් ඉදිරියට නම්  ජීවත් නොවන බව මා හොඳින්ම දන්නවා)  නිදහස් අධ්‍යාපනයේ උදව්වෙන් (මාධ්‍ය මහා විද්‍යාල සංකල්පයෙන් නෙමෙයි මහා විද්‍යාල සංකල්පයෙන්) ඉගෙන ගෙන විශ්ව විද්‍යාල දෙකක පාඨමාලා හදාරා ඉන් ලැබුණු පන්නරය තුලින් ලෝකය දුටු අයෙක්.  1980 දශකයේ පටන්ම මෝටර් රථයක හිමි කරුවෙක් උනත් රථ ගායක් නැති නිසා මෙන්ම පොකට් එක ඉඩ දෙන්නෙ නැති නිසා දිනපතාම වාගේ බස් රථයෙන් ගමන් යන්නෙක්.   මේ රාමුව  ගැන මම ආඩම්බර වෙනවා.

මම මෙම වෙබ් අඩවිය බලන අයටත් ආරාධනා කරනවා ඔබලාගේ සිතුවිලි මට එවන්න.කිසිදු වාරණයක් නැහැ නෙමෙයි  එකම වාරණය තමයි තම දෙමාපියන්,සහෝදර සහෝදරයින්, සහ දු දරුවන් ඉදිරියේදී හඬ නගා කියන්න බැරි කිසිවක් මේ වෙබ් අඩවියට එවන්න එපා. ඒ හැර පක්‍ෂ විපක්ෂ සියලු අදහස් වලට මෙම වෙබ් අඩවිය  විවෘතයි.  

1 comment:

Anonymous said...

බොහෝ දෙනෙකු නැරමිය යුතු බ්ලොග් අඩවියකි