නැවත සතරවන ධ්‍යානයට තම සිත ස්ථිරවම පිහිටුවා ගත් සීලදාස සප්ත බොජ්ජංග ධර්ම වලින් පළමු එක වන සති සම්බොජ්ජන්ගය එනම් සිහිය පිහිටුවා ගැනීමට පටන් ගත්තේය. වෙනත් සිතුවිල්ලක් මතුවීම වැලක්වීමට තම සිත ආශ්වාශ හා ප්‍රශ්වාශය දෙසම මැනවින් පිහිටුවා ගෙන සිටියේය. දැන් පෙ ර දි සිදුවාක් මෙන් සිත අයාලේ නොයන බවත්,වෙනත් සිතුවිල්ලක් පැමිණියත් එය ඉක්මනින්ම හඳුනාගෙන ඒ අනුව අනුරූපී චේතනා පහළවීම වලක්වා ගතහැකි බව සිරිදාසට මැනවින් වැටහින. ඔහුට වැටහුණු තවත් කාරණයක් වුයේ සිත ස්ථාවර කලත් එය තුලට වෙනත් සිතුවිලි ගලා ඒම වැලැක්විය නොහැකි තරම් සිත මායාකාරී බවය. එමෙන්ම සිත ඉතාම වේගයෙන් වෙනත් වෙනත් සිතුවිලි ඉපදවීමේ හැකියාවකින්ද යුතු බවද ඔහුට වැටහුණි.මෙහිදී තමන් විසින් කලයුතු වන්නේ ආනාපානසතිය අතරතුර පහල වන ඒ වෙනත් සිතුවිලි ඉදිරියට ගලා ඒම වැලැක්වීමය. එසේ කිරීමට සිරිදාස සමත් විය.
මෙසේ ස්ථිරවම පිහිටවූ සති සම්බොජ්ජන්ගයෙන් පසු ඔහු ධම්ම විජය සම්බොජ්ජන්ගය වැඩිමට සිතිය. තමන් විසින් කලින් හැදෑරු විවිධ ධර්ම කාණ්ඩයන් තිබුනත් මේ වෙලාවේදී සිරිදාසගේ සිතට නැගුනේ ගිරිමානන්ද සුත්‍රයයි. එය සරලය. සිහියෙන් පෙළ ගස්වා ගැනීමට එතරම් ආයාසයක් දැරිය යුතු නැතැයි සිතු සිරිදාස ගිරිමානන්ද සුත්‍රය සිහියට නගා ගෙන ඒ අනුව දශ සඥා වැඩීමට කල්පනා කළේය. පළමුව සිහියට නැගිය යුත්තේ අනිත්‍ය සංඥා ව යයි සිතු ඔහු එය සිහියට නගා ගත්තේය.
1. අනිත්‍ය සංඥා
සියලුම සංස්කාරයන් එනම් සිතුවිලි තුල ඇත්තේ සිතුවිලි ඇතිවීම,ඒවා වෙනස් වෙමින් පැවතීම සහ සිතුවිලි හට ගැනීම නැවතීම යන පොදු ධර්මතාවය බව වටහා ගත් ඔහු මෙසේ ඇති වන සිතුවිලි රුප, වේදනා,(විඳීම) සංඥා (දැනගැනීම) සංඛාර (සිතුවිල්ලක්) ඇතිවීම සහ විඥාන (සිතක්) පහල වීම වශයෙන් තවදුරටත් වර්ග කර ගත්තේය. එමෙන්ම සියලුම සංස්කාරයන් ඇතිවන ස්ථාන ලෙසින් ඇස, කණ, නාසය, දිව, ශරීරය, සහ මනස යන පංච උපාදාන ස්කන්ධයන් හඳුනාගත් ඔහු එම සියලුම පංච ඉන්ද්‍රියන් සැදී ඇත්තේ නාම(වේදනා, සඥා, සංඛාර, සහ චේතනා ) සහ රුප (පඨවී ,ආපෝ,තේජෝ,වායෝ) වලින් බවද සියට නගා ගති ඒ ඒ ස්ථානයන්හි ඇති වන සංස්කාර රුප, වේදනා, සඥා, සංඛාර, විඥාන වශයෙන් තව දුරටත් බෙදා වෙන් කර හඳුනා ගත්තේය.
මේ සියලුම ස්ථාන වලින් අතිතයේදී ලැබුණ,වර්තමානයේදී ලැබෙමින් පවතින එමෙන්ම අනාගතයේදී ලැබීමට නියමිත සියලු රුප නිත්‍ය නොවන බව සිහිකර ගති.ඒවා සියුම් හෝ වේවා,ගොරෝසු හෝ වේවා,නීරස හෝ වේවා,ප්‍රනීත හෝ වේවා,මධ්‍යස්ථ හෝ වේවා,අභ්‍යන්තරෙන් පැමිනි හෝ වේවා,බාහිරෙන් පැමිනි හෝ වේවා අනිත්‍ය යයි ඔහු විර්යෙන් සිතුවේය.
එසේම සියලු ශබ්ද නිත්‍ය නොවන බවද සිහිකර ගති. ඒවා සියුම් හෝ වේවා,ගොරෝසු හෝ වේවා,නීරස හෝ වේවා,ප්‍රනීත හෝ වේවා,මධ්‍යස්ථ හෝ වේවා,අභ්‍යන්තරෙන් පැ මිනි හෝ වේවා, බාහිරෙන් පැමිනි හෝ වේවා, අනිත්‍ය යයි ඔහු විර්යෙන් සිතුවේය.
සියලු ගඳ සුවඳ නිත්‍ය නොවන බව සිහිකර ගති. ඒවා සියුම් හෝ වේවා,ගොරෝසු හෝ වේවා,නීරස හෝ වේවා,ප්‍රනීත හෝ වේවා,මධ්‍යස්ථ හෝ වේවා,අභ්‍යන්තරෙන් පමිනිහෝ වේවා,බාහිරෙන් පැමිනි හෝ වේවා අනිත්‍ය බව ඔහු විර්යෙන් සිතුවේය.
සියලු පහස නිත්‍ය නොවන බව සිහිකර ගති.ඒවා සියුම් හෝ වේවා,ගොරෝසු හෝ වේවා,නීරස හෝ වේවා,ප්‍රනීත හෝ වේවා, මධ්‍යස්ථ හෝ වේවා,අභ්‍යන්තරෙන් පමිනිහෝ වේවා,බාහිරෙන් පැමිනි හෝ වේවා අනිත්‍ය බව ඔහු විර්යෙන් සිතුවේය.
සියලු අරමුණු නිත්‍ය නොවන බව සිහිකර ගති.ඒවා සියුම් හෝ වේවා,ගොරෝසු හෝ වේවා,නීරස හෝ වේවා,ප්‍රනීත හෝ වේවා,මධ්‍යස්ථ හෝ වේවා,අභ්‍යන්තරෙන් පමිනිහෝ වේවා,බාහිරෙන් පැමිනි හෝ වේවා අනිත්‍ය බව ඔහු විර්යෙන් සිතුවේය.
2. අනත්ත සඥා
ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන පංච උපාදාන ස්කන්ධ යන්ගෙන් ජනිත වන සියලුම සිත් මගේ නොවන බවත්, මම නොවන බවත් සිතු සිරිදාස ඒවා මට උවමනා විදියට හැසිරවීමට නොහැකි බවත් සිතා ගති.
3. අසුභ සඥා
සිරිදාස මේ වෙලාවේ තම කය සහ එහි සියලු කොටස් අසුභ බව සිහියට නගා ගත්තේය.සමෙන් වැසි ගත් තම කය දෙස බැලු ඔහු කේශාන්තය සිට පාදාන්තය තෙක් සිය කය කෙස්,ලොම්, නිය,දත්,සම,මස්,නහර,ඇට,ඇටමිදුළු,වකුගඩු,හදවත, අක්මාව, දළඹුව,බඩදිව,පෙනහැලි,බඩවැල්,බඩවැල් බඳුන්,නොපැසුණු ආහාර,පැසුණු ආහාර පිත, සෙ ම, සැරව, ලේ, දහදිය, මේද තෙල්, කඳුළු,වුරුනුතෙල්, කෙල, සෙම, සඳමිදුලු, සන්දිලාටු, ආදී සියල්ලම තුල ඇත්තේ කුණප කොටස් බවත් සිහියට නගා ගති. කෙතෙක් උලා පිරිසිදු කලත්,කෙතෙක් සුවඳ විලවුන් ආලේප කර සම මතුපිටට නැගෙන කුණු ගඳ වැලක්වීමට නොහැකිවූ බව ඔහු කල්පනා කළේය.ගතවූ වසර 66 තුල කෙතරම් රාත්තල් ගණනක් විවිධ වර්ග වල සබන්,මෙන්මා කෙතරම් ලීටර් ගණනක් සුවඳ විලවුන් තම සම මතු පිට ආලේප කලද දෙදිනක් නොසේදුවොත් සමෙන් නැගෙන දහදිය ගඳ අසුභ නොවන්නේද යන්න ඔහු කල්පනා කළේය.
1 comment:
කතන්දර කාරයා,
මිතුර, ඔබේ comments දෙකක් මා දුටුවා. ඔබ මගේ ලිපි බැලීමට උනන්දුවීම ගැන ස්තුතියි.(සංඝයා වහන්සේලා විවේචනය කරමින් ඔබ ලියු ලිපි වලට මා දැඩි පිළිතුරු දුන්නා.ලඟදි ඉඳන් ඔබ එවැනි ලිපි නොලීම ගැන මා සතුටුයි.)
ඔබේ ගැටලුව අනපනසති භාවනාව ගැන මා ලියා ඇති ලිපි පෙළ කිසියම් පොතකින් උපුටා ගත්තද යන්නයි.
පොත පතින් යමක් උපුටා ගෙන එය ලියන්නේ වාර්තාවක් වශයෙන්ය. අත්දැකිම් ලියන්නේ එය පළමුවෙන් එය විඳගෙනය. පාදක කරගෙන ඇත්තේ ත්‍රිපිටකයේ ආනාපානසති සුත්‍රයයි.ඔබට එය කියවන්න පුළුවන්. භාවනාව වැරදුන අන්දම මා කලින්ම ලියා ඇත.එයත් කියවා බලන්න.මා මේ අද්දැකීම පියවරෙන් පියවරට සරල ලෙසින් ලියා ඇත්තේ උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට අනුගමනය කිරීමට අත්වැලක් වශයෙන්ය. ඉතින් ඔබත් ඒවා අනුගමනය කර බලන්න.
Post a Comment