Monday, November 4, 2013

දන්නෝ දනිති අර කොල්ලො තමයි අපි ලෝකාන්තය නැරඹු විදුදය කඳුරට මිතුරෝ




මිට කලින් මේ මතෘකාවෙන්ම ලිපියක් ලිව්වා මතකනෙ.එදා ලිව්වේ විදුදය කඳුරට මිතුරෝ ගැන අද මේ ලියන්නේ ඒ අපි 2013.11.02 දින ලෝකාන්තය නැරඹු චාරිකාව ගැන.කට කපල ගැනු පිරිමි දෙපාර්ශව යෙන්ම 34 දෙනෙක් මේ චාරිකාවට සහභාගිවුණා. ඔක්කොම කට්ටිය  අවුරුදු 60 පැන්න අය. 70 පැන්න කීප දෙනෙක්මත් හිටිය.නුවරින් උදේ 6.00 පිටත් වෙන්න සැලසුම් කලත් විනාඩි 45ක්ම පරක්කු උනේ අපේ සමහර අයට උදෙන් නැගිටීමට තිබුන අපහසුව නිසාමයි.කොහොම උනත් මේ පරක්කුවිම මුළු ගමනටම අහිතකර බලපෑමක් ඇතිකළ එක නම් ඇත්තයි.  ගමන් විස්තරය පින්තුර වලින්ම කියන එක හොඳයිනෙ.


මේ වීඩියෝ කැමරාව මානාගෙන ඉන්නෙ සුනිල් දිසානායක අපේ සංගමයේ භාණ්ඩාගාරික. එයාගේ ප්‍රියාදර බිරිඳ චන්ද්‍රා (එයත් විදුදයේ තමයි) මේ ගමනට ආවේ නැහැ. එයා ඕස්ට්‍රේලියාවේ ගිහින් දුවට තනියට.
ලෝකාන්තයට යනකල් බස් එකේදී අපිට කතා කරන්න ගොඩක් දේවල් තිබුනා.විශ්ව විද්‍යාල ජිවිතයෙන් පසු ටික දෙනෙක් නිතර නිතර හමුවුනත් සමහර අය 1960 දශකයෙන් පසුව   මුණගැසුනේන් එදා තමයි.වැඩි දෙනෙක්ගේ දරුවන් ඉන්නේ විදේශයන්හි පදිංචි වෙලා.එක්කෝ  ඕස්ට්‍රේලියාවේ,කැනඩාවේ,නවසීලන්තයේ නැත්නම් එංගලන්තයේ. අද දෙමාපියන්ට වෙලා තියෙන්නේ දරුවන් skipe එකෙන් මුණගැහෙන්න එහෙම නැත්නම් දෙන්න දෙමාල්ලෝ මාරුවෙන් මාරුවෙන් ඒ රටට ගිහින් දරුවන්ට තනි රකින්න. මට නොතේරෙන දෙයක් තමයි මේ දරුවන්ට මොකද වෙලා තියෙන්නෙ කියල.(මේක ඉරිසියාවට එහෙම කියන දෙයක් නෙමෙයි.මගේ දුවත් ඉන්නේ නවසීලන්තයේ)  මේ රටේ රැකියාවක් නැත්නම් හොඳ ආර්ථිකයක් නැත්නම් එහෙම නැත්නම් හරි හමන් සමාජ වටපිටාවක් නැත්නම් ඒවා හදා ගන්න පිටරට ගියාට කමක් නැහැ. ඒ උනත් මේ ඔක්කොම උගත් දරුවෝ.මෙහෙ හොඳ රක්ෂා කරපු අය.ඒ ඔක්කොම දමල ගහල රට යන එක ගැන මගේ නිගමනය නම් මේ තරුණ ළමයින්ට තියෙන්නේ රට යාමේ උන. 

කතාව නවත්වල අපේ සංචාරයට ආපහු එමු. මම හොඳ photographer කෙනෙක් නෙමෙයි.පාවිච්චි කලෙත් පරණ digital කැමරා එකක් මෙතනට ඕනෑ වෙන්නේ tele lence එකක් සහිත කැමරා එකක්. 




මේ තියෙන්නේ ලෝකන්තයේදී අපිව පිළිගන්න මග දිගටම හිටපු නෙලූ මල්. මේවා පිපෙන්නේ වසර 12තට වරයි.ආයෙත් පිපෙන්නෙ 2025දි තමයි 



මේ තියෙන්නෙ නොයිඳුල් තැන්න.

















මේ මා දුටු ලස්සන මල් පොකුරු








සුනිල් සහ ආනන්ද රත්නායක

ආනන්ද සහ මම




 ලෝකාන්තයේ නාම පුවරුවක් 






ලෝකාන්තයේ ගැට්ටේ ඉඳල මම මේ ෆොටෝ එකට මුහුණ දුන්නේ පිටිපස්සෙන් තියෙන්නේ මිදුම ෆොටෝ එකට මේ දැරිවී කොහෙන් පාත් උනාද මන්ද?ඒ උනත් හැඩකාර දැරිවියක් .


මේ මම මහා ලෝකාන්තයට පිටුපාල  .පිටිපස්සේ තියෙන්නේ තනිකර මිදුම


ලෝකාන්තයෙන් පහලට බැලුවිට යාන්තමින් පෙනෙන නන්පෙරිල් තේ වත්ත


මේ තියෙන්නේ බෙලිහුල් ඔය 






මේ ෆොටෝ එකේ තියෙන විශේශත්වය තමයි හීතලේ අපි ගැහි ගැහි යනකොට මේ ජලාශයේ මේ පොඩි පැටියයි එයාගේ තාත්තයි ජලක්‍රිඩාවේ යෙදෙමින් ඉන්න එක .මේ පැටියාගේ වයස අවුරුදු 7යි. ඉගෙන ගන්නේ නුගේගොඩ අනුලාවේ. නම නම් අහගන්න අමතක උනා. මේ ජලාශයට කියන නම චිමිනි පුල් .










පුදුමේ කියන්නේ හරියට කතරගම යනකොට රජ මාවතේදී හමුවෙන කම ඉල්ලන වල අලි වාගේ මෙහෙත් ඉන්නවා මිනිසුන්ගෙන් බත් ඉල්ලගෙන කන ගෝන්නු.පහල ෆොටෝ වල ඉන්නේ එහෙම කෑම ඉල්ලන ගෝන පැටියෙක් තමයි  




සිතල මකා ගන්න අනුමත වෙන යාලුවෝ මුලින්ම ඉන්නේ උකුවෙල




සුරිය කුමාරයි (අපේ සභාපති )ආනන්ද,මිතලාව කරුණාදාස උඩගේ,පිටිපස්සෙන් ඉන්නේ සුමනා 



අපි ලෝකාන්තය චාරිකාව සම්පුර්ණ කලේ කිලෝ මීටර 10කට වැඩියෙ පයින්ම ගමන් කරමින්.අපේ කට්ටියේ වැඩි දෙනෙක් දියවැඩියාව,හර්ද රෝග,අධික කොලොස්ටරෝල්,පීනස ආදී රෝග වලින් පෙළුනත් ගමන අතෑරියේ නැහැ.එක් අයෙකුට විතරක් කෙන්ඩා  පෙරලිමකින් අපහසුතාවයට පත් උනා.දවල්ට කෑවේ හැන්දෑවේ 6.30ට  නුවරඑ ලියේදී.ඊට කලින් ලෝකාන්තයේදී සවස 4.00ට විතර රොටි දෙකක් කාල තේ එකක් බිව්වා.ඒක නියමෙට වැදුනා.
මේ ගමන ගැන විස්තර කරද්දී ඔබත් ලෝකාන්තය බලන්න ගිය ගමන මතක් වෙන්න ඇති.   







4 comments:

අටම්පහුර said...

තරුණ අය එකතුවෙලා යන ගමනක් වැඩිහිටියන් එකතුවෙලා ගිහිල්ලා , ඇත්තටම හොදයි ,ආයෙත් හොට්රන් තැන්නට යන්න ඇත්නම් කියලා හිතුනා ,

ෆොටෝ ගත්ත කැමරා එක මොකක්ද ටිකක අදුරු ස්වභාවයක් තියනවා ( මම ඔය ෆොටෝ ඇල්ලිල්ල ගැන නං එච්චර දන්නේ නැ .

කමෙන්ට් කරන්න තියන විදිහට මම එචචර ආසා නැ , ලෝඩ් වෙන්නත් ටිකක් වෙලා යනවා ,

අර පෝස්ට් වල ලින්ක් බලොග් එකේ උඩට එන එක ටිකක් අවුල් වාගේ ,

අටම්පහුර said...

තරුණ අය එකතුවෙලා යන ගමනක් වැඩිහිටියන් එකතුවෙලා ගිහිල්ලා , ඇත්තටම හොදයි ,ආයෙත් හොට්රන් තැන්නට යන්න ඇත්නම් කියලා හිතුනා ,

ෆොටෝ ගත්ත කැමරා එක මොකක්ද ටිකක අදුරු ස්වභාවයක් තියනවා ( මම ඔය ෆොටෝ ඇල්ලිල්ල ගැන නං එච්චර දන්නේ නැ .

කමෙන්ට් කරන්න තියන විදිහට මම එචචර ආසා නැ , ලෝඩ් වෙන්නත් ටිකක් වෙලා යනවා ,

අර පෝස්ට් වල ලින්ක් බලොග් එකේ උඩට එන එක ටිකක් අවුල් වාගේ ,

samarasekara sithuvili said...

අටමෝ,
ඔබේ අදහස් තවත් ලිවීමට මා දිරිමත් කරනවා.අපේ කට්ටිය හිතින් තවමත් තරුනයිනෙ.මග දිගට සින්දුත් කිව්වා(ඒවා ඔක්කොම පැරණි ගීත).
කැමරාව නම් පරණ එකක්.සල්ලි ටිකක් ලැබුනම වෙන එකකට මාරු වෙන්න ඕනෑ.ෆොටෝ වල ඇති අඳුරු ස්වභාවයට හේතුව එදා තිබුන අයහපත් කාලගුනයයි.මිදුම වගේම වැස්ස නිසා අඳුරු පරිසරයක් තමයි එදා තිබුනෙ.

අටම්පහුර said...

කාලයත් එක්ක තවත් කට්ටිය මෙතනට එයි , දිගටම ලියන්න , දහම කරුනු සහ එදිනෙදා සිදුවීම් වල විශේෂ අවස්ථා , ඔබ වැනි වැඩිහිටියෙකුගේ අඩ සියවසකටත් එහා ගිය ජීවන අත්දැකීම ලියන්න . ඒවා තවත් කෙනෙකුට ඉතා වටිනා ලියවිලි විය හැකියි.