Sunday, March 15, 2015

අපේ යාපන සංචාරය 2 කොටස

දෙවෙනි දින උදෙන්ම අපි නාගදිපේ වන්දනාව/සංචාරය සඳහා පිටත් උනා.වෙලාව ඉතිරිකර ගන්න උදේ ආහාර ගැනීම සැලසුම් කර තිබුණේ බස් රියේ ගමන් ගන්නා අතරතුරදියි. 

 ගමන අතරතුරදී ඈතින් දුටු ලස්සන කතෝලික පල්ලියක් විස්තර නම් මොකුත් දන්නෙ නැහැ .






මේ අපි නාගදීපය තෙක් ගමන් කල බෝට්ටුව බෝට්ටුවේ යට තට්ටුවේ තමයි යන්න සිදුවුනේ. 












උඩ තට්ටුවේ මෝටර් බයිසිකල් එකක් පටවලා තිබුනා බයිසිකලේ අයිතිකරු තමයි ඒ අසලින් හිට ගෙන ඉන්නේ. මා පසුව දැනගත් පරිදි එයා යන්නේ ක්‍රිස්තියානි ආගම නාගදීපයේ ප්‍රචාරය කරන්න යෝහොවා ශාක්ෂි කරුවන්ගේ සාමාජිකයෙක් ලෙසටය. මේකෙන් පෙනෙන්නේ විවිධ අරමුණු අනුව විවිධ පුද්ගලයන් නාගදීපයට යන බවයි. 




බෝට්ටුවේ ඉඳල බලන විට ඈතින් නාගදීපය පෙනෙන අයුරු 











නාගදීපයේ ඇති චෛත්‍ය









පැත්තකට වී නිවී සැනසිල්ලේ වන්දනාමාන කරන අමරා 






නාගදීපයේ කෞතුගාරයක් තිබෙනවා.  මේ ඒකෙ ප්‍රදර්ශනයට තබා ඇති නායක හාමුදුරුවන් පරිහරණය කල කරත්තය ඇතුළු භාණ්ඩ 























































කෞතුගාරයේ තිබු ලියෙන් කල නයෙකුගේ සහ මුගටියෙකුගේ කලාත්මක නිර්මාණයක්  








නව විහාර ගෙය 






නාගවිහාරේ වැඩ සිටි නායක හිමි වරුන්ගේ බිතු සිතුවම් 
































පැරණි බුදුගෙය 








පැරණි බුදු ගෙයි තැන්පත් කර තිබු බුදුපිළිමයේ විස්තරයක් 













නාගදීපයේ වන්දනාවට පැමිණි මා 






හේරතේගේ  මේ සේයාරුව සටහන කලේ මා විසින්ය 






නාගදීපය අසල මුහුදේ චමත්කාර දර්ශනයක් 







නාගදීපයේ හින්දු කෝවිල 







කෝවිල ඇතුලත පුජාව තබන බැතිමතුන්, මේක ගත්තෙත් කැමරාව සුම් කරලා.පිරිමින්ට මේ කෝවිලට ඇතුල්වෙන්න ඕනෑ නම් උඩුකය නිරුවත් කරන්න ඕනෑ.






කොවිලේ බාහිර  දර්ශනයක් 





පැත්තකින් තියෙන ලස්සන මුහුද 
























ආපසු එනගමනේදී බෝට්ටුවෙන් ජැටියට  ගොඩ බසින අපේ කණ්ඩායමෙන් කොටසක් 








ආපසු එන ගමනේදී දුටු සමුපකාර සමිතියක් වැරදියට හරි සිංහලෙන් සමිතියේ නම ලියලා තියෙනවානෙ. අපි මේකට ගොඩවෙලා අපේ සිංහල අදහස්  අමාරුවෙන් දෙමල කාර්ය මණ්ඩලයට තේරුම් කරමින්    බඩු මිලදී ගන්න අතරේ අපේ සමහර පිරිමි යහළුවන් කිසිදු ගැටලුවකින් තොරව තල්  රා ටිකකුත් හොයා ගත්තා. 





ආපසු එන ගමනේදී අරාලි තුඩුවට ආසන්නයෙන් පිහිටුවා  ඇති අපේ කාලයේ වීරයෙක් වන  ඩෙන්සිල් කොබ්බැකඩුව අනුස්මරණ ස්ථම්භය බැලීමටද කාලය ගත කළා. ඇත්තෙන්ම මේ ස්ථම්භය සාදා තිබෙන්නේ අරාලි තුඩුවේ නොවෙයි. ඒකට මෙතන ඉඳලා තව කිලෝමීටර 2ක් යන්න ඕනලු. මෙතන සිහිවටනය හදන්න හේතුව බිම් බෝම්බයෙන් තුවාල වුනු කොබ්බැකඩුව මහතා සෙබළුන් විසින් කර තබාගෙන ඇවිත් මෙතැනදී හෙලිකොප්ටරයට ගොඩකළ නිසාය.  














තවමත් අබිරහසක් වන කොබ්බැකඩුවමහතා ඇතුළු පිරිස බිම් බෝම්බයට හසුවූ ආකාරය අපට  විස්තර කරන  හමුදා සොහොයුරෙක්,  කොබ්බැකඩුව මහතා ඇතුළු පිරිස අරාලි තුඩුවේ එදින ගත කර ඇත්තේ යාපනය ත්‍රස්තවාදී මර්මස්ඨාන වලට අවසාන ප්‍රහාරය සැලසුම් කරමින්....... 








මහත් උවමනාවෙන් එම විස්තරය අසන අපේ සගයන්  









අපේ කැමරා ශිල්පී රණසිංහ  මහතා අසලින් ඉන්නෙ යාපනය ගමන සංවිධානය කල මේජර් කොහොන මහතා සහ එම මැතිනියයි. 




කොබ්බැකඩුව ඝාතනය සිදුවූ ආකාරය ගැන මත දෙකක් තියෙනවා. එකක් පොලව යට වැලලු බිම් බෝම්බයක් පිපිරිම. අනෙක ජීප් රථයේ සවිකළ බෝම්බයක් පිපිරිම . මේ දෙකෙන් හරියටම සිදුවුයේ කුමක්ද යන අදටත් නොවිසුඳුණු   අභිරහසක්.  





බෝම්බ පිපුරුම සිදුවූ ආකාරය සොයා බැලීමට නිදර්ශක ලෙස කල  ඉහතකී දෙආකාරයෙන්ම බෝම්බ පිපුරුම් දෙකක් කලාට පසු ඉතිරිවූ  ජීප් රථ  දෙකක නටඹුන් 














2 comments:

අටම්පහුර said...

තාම වැඩේ හරියටම හරි නැ බොස්

ලොකු පුතා said...

මම අයි මෙහාට ගොඩවුනේ...
බ්ලොග් එකේ කමෙන්ට් කරන්න ලොකු ගේමක් දෙන්න වෙනවා.
පලවෙනි පෝස්ට් එකත් කියවලාම පස්සේ කමෙන්ට් එකක් කොටන්නම්...