Showing posts with label අසනීප. Show all posts
Showing posts with label අසනීප. Show all posts

Tuesday, August 30, 2016

ජනාධිපතිට එල්ලවී ඇති චෝදනාව සහ උදය ගම්මන්පිල මහතාගේ විවරණය


උදය ගම්මන්පිල  මහතා ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  සම්බන්ධවී ඇති වංචාව ගැන ඉදිරිපත් කරන අදහස අප කවුරුත්  සැලකිල්ලෙන් සාකච්චා කලයුතුයි  මා  සිතමි. එබැවින් උදය ගම්මන්පිල  මහතාගේ  විවරණය මේ  සමග ඉදිරිපත් කරමි.    




ugust 30, 2016 at 12:01 am | lanka C news

ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල තව තවත් හෙළිකරයි..
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
ජනපතිට එල්ල වූ ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනාවේ සුල මුල උදය හෙළිකරයි
මේ දිනවල ලංකාවේ ප්‍රමුඛතම සිදුවීමක් විය යුතු නමුත් අවාසනාවට එසේ සිදුවී නැති ඔස්ට්‍රේලියානු අල්ලස් සිද්ධිය ගැන මම මුලින්ම ඔබේ අවධානය යොමු කරනවා. මේ පිළිබද පසුගිය බුහස්පතින්දා මම පාර්ලිමේන්තුවේ කතා කලාම විදේශ ඇමති මංගල සමරවීර මහතා කියනවා පාර්ලිමේන්තු ඉස්තාවර නියෝග අනුව ජනාධිපතිවරයාගේ හැසිරීම ගැන කතාකරන්න බෑ. ඒ නිසා මගේ කතාව හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කලා. නමුත් මා ඒ අවස්ථාවේදීත් පෙන්වා දුන්නා මම මේ කතා කරන්නේ ජනපතිතුමන් ගැනවත් එතුමන්ට චෝදනා නැගීමක් ගැනවත් නෙමෙයි කියන එක. මම මේ කතා කරන්නේ ඔස්ට්‍රේලියානු මාධ්‍යවල හැසිරීම ගැන . ඒ වගේම මේ සිදුවීම සම්බන්දව ඒ වන විටත් ප්‍රතිචාර දක්වා නැති විදේශ අමාත්‍යන්ශයේ හැසිරීම ගැනයි මා මේ අදහස් දක්වන්නේ කියා මම පැහැදිළි කලා. ඒ වගේම රටේත් ජනපතිතුමන්ගේත් කීර්තිනාමය ආරක්ෂාකරගැනීම ගැනයි මේ කතාකරන්නේ කියල කිව්ව.
එතැනදී මූලාසනයේ හිටපු දෙමල ජාතික සංධානයේ අඩෙක්කලෛයිනාදන් මැතිතුමන් මගේ කතාව පිළිඅරගෙන මගේ කතාව කරගෙන යන්න ඉඩ දුන්නා. ඒ අවස්ථාවේදී මගේ කතාවේ අග හරියට යද්දී පිටතින් පණිවිඩයක් ඒ මහතාට ආවා. ඉන්පසු එතුමන් කියනවා ජනපතිතුමන් සම්බන්ධයෙන් මා කල ප්‍රකාශ හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කරන්න කියලා. මේ සිදුවීම් හරහා පේන්නේ මේ චෝදනා යටපත් කරන්න මේ ආණ්ඩුව මේ වන විට දැවැනිත උත්සහයක් දරන බවයි.
ජනපතිවරණ සමයේ දී ජනපති මහින්ද පරදවන්න මෙගා ඩීල් පිලිබඳ මෙගා බොරු කිව්වා. ආණ්ඩුව පත් වී මාස 20ක් සම්පූර්ණ වෙනවා. එක මෙගා ඩීල් එකක් පිලිබඳ නඩු දැමීම තබා විමර්ශනයක් වත් තබා තිබෙනවා ද? අධිවේගී මාර්ග වලින් 90%ක් තිබෙන්නේ කොමිස් කියලා පා ච රණවක ඇමතිතුමා කියන විට වත්මන් ආණ්ඩුව කොළඹ නුවර අධිවේගී මාර්ගය හදන්න කලින් ආණ්ඩුව කොන්ත්‍රාත්තුව ලබා දුන් සමාගමටම ඊට වඩා වැඩි මිලකට ලබා දෙනවා. කලින් වතාවේ කොමිස් මුදල් 90% නම් දැන් එය 95%ක් විය යුතුයි. ඒ වගේම මහ දූෂණ කියූ අධිවේගි මාර්ග, නොරොච්චලේ, මත්තල ගුවන් තොටුපල මාගම වරාය පිලිබඳ අඩුම ගණනේ විමර්ශනයක් වත් තිබෙනවා ද?
දැනට නඩු පවරා තිබෙන්නේ මොනවාට ද ? පලාත්පාලන ආයතන වලට කොඩි කණු බෙදීම, සිල් ඇත්තන්ට සිල් රෙදි බෙදීම වැනි හැම ආණ්ඩුවක්ම කළ දේවල් වලට. අද මෙගා ඩීල් පිලිබඳ කතා කරපු අයගේ කටේ පිට්ටු ද කියන ප්‍රශ්නය මතු වෙනවා. “කල කල දේ පල පල දේ“ යන සිංහල කියමන සිහිපත් කරමින් එදා බොරු කියූ අයට අද පව් පලදෙන්න පටන් අරන්.
දෛවයේ සරදමක් කියන්නේ මට විරුද්ධව බොරු චෝදනා නැගීමට යොදා ගත් ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන්මයි ජනපතිට එරෙහිව චෝදනා එන්නේ. මුළු රටම කම්පනයට ලක් කරමින් රටේ ජනාධිපතිවරයා අල්ලස් ඉල්ලූ බවට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපේ එෆ්සීඅයිඩී එකට ලැබෙන සුරංගනා කතා වගේ පැමිණිල්ලක් නොවේ මේක. වෙනත් පැමිණිල්ලක් පිලිබඳ විභාග කරන විටයි මේ සිද්ධිය පිලිබඳ සාක්ෂි මතු වෙන්නේ.
ස්මෙක් නමින් හඳුන්වන ස්නෝවි මවුන්ටන්ස් ඉංජිනියරින් කෝප් නමැති පර්ත් පදනම් කර ගත් ඉදි කිරීම් සමාගම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ ජැක් බොනිෆස් 2001 දී ඉවත් කරනවා. ඔහු ඊට එරෙහිව නඩු දානවා. 2007 දී ඒ නඩුවේ දී තමන් කොන්ත්‍රාත් දිනා ගැනීම සඳහා විදේශීය ආණ්ඩු වලට පගාව දුන් බව ජැක් හෙලි කරනවා. ඒ පාරේ ගිහින් ලෝක බැංකු අරමුදල් යොදා බංගලිදේශයේ කල ව්‍යාපෘතියක් තමන්ට ලබා ගන්න ස්මෙක් එම ආණ්ඩුවට පගාව දුන් බවට ලෝක බැංකුව සොයා ගන්නවා. 2013 සැප්තැම්බර් 12 දින මේ බව ඔස්ට්‍රේලියානු පොලීසියට දැනුම් දෙනවා. ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන විට තමයි ජනාධිපති සිරිසේන අල්ලසක් ඉල්ලූ බවට සඳහන් ඊමේල් අනාවරණය වන්නේ.
පරීක්ෂණය අනුව ස්මෙක් සමාගම වේල්ලක් ඉදි කිරීම ඩොලර් මිලියන 1.82ක් වටිනා කොන්ත්‍රාත්තුවක් දිනා ගන්නවා. ප්‍රසම්පාදන මණ්ඩලය මෙම සමාගම තෝරා ගත්තත් ටෙන්ඩරයේ දැවැන්ත වටිනාකම නිසා ඊට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුයි. නමුත් සිරිසේන ඇමතිතුමා අත්සන් කරන්නේ නැතුව කල් මරනවා. ඊට පස්සේ සමාගමේ නියෝජිතයින්ට එන්න කියා පණිවිඩයක් යවනවා. ඒ අනුව ස්මෙක් සමාගමේ ලංකාවේ ඒජන්ත ඇමතිතුමා හමු වෙන්න යනවා. ඇමතිතුමාගේ හමුව පිලිබඳ ලංකාවේ ඒජන්ත ඔස්ට්‍රේලියාවට යැවූ විද්‍යුත් තැපෑලේ ඒ හමුව පිලිබඳ විස්තරයක් තිබෙනවා. “මම ඇමතිතුමා හමු වුණා. ඉදිරි මැතිවරණ සඳහා ආධාරයක් ඉල්ලුවා. ඒ පිලිබඳ විස්තර සම්බන්ධිකරණ ලේකම් සමග සාකච්ඡා කරන්න කිව්වා. ඇමති මණ්ඩල පත්‍රිකාවක් අත්සන් කරන්න කලින් මෙහෙම කරන්න වෙනවා කියා සම්බන්ධිකරණ ලේකම් කිව්වා. ටෙන්ඩරයේ වටිනාකමෙන් ප්‍රතිශතයක් යෝජනා කරන්නැයි ලේකම්වරයා මට කිව්වා“.
ජූනි 15 ඒජන්ත විසින් ඔස්ට්‍රේලියාවට තවත් විද්‍යුත් තැපෑලක් යවනවා. ඒකේ කියනවා කොන්ත්‍රාත් එකෙන් 1%ක් ඉල්ලුවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 25ක් කියලා. මේ මුදල ගෙවීම උඩයි ඇමතිතුමා ඇමති මණ්ඩල පත්‍රිකාවට අත්සන් තැබීම සිදු වන්නේ. ඒ නිසා මේකට ප්‍රමුඛතාවය දෙන්න කියා. ඒ අයම අපිව හොයා ගෙන ආව නිසා මේක මහඟු අවස්ථාවක්. අපිට ඉදිරියටත් මේ ඇමතිතුමා හරහා තවත් කොන්ත්‍රාත් ගන්න පුළුවන්.
ඔස්ට්‍රේලියාවේ පොලීසිය මේ පිලිබඳ පරීක්ෂණ කර ගෙන යනවා. ඔස්ට්‍රේලියාවේ පොලීසිය සොයන්නේ “දූෂණ විරෝධි වීරයා“ කියලා “ලංකාවේ කෙජ්රවාල්“ කියලා බටහිර විසින්ම ඔසවා තැබූ නායකයාට වුණු දෙයක්. ලංකාවේ ජනාධිපතිවරයෙකුට තබා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුටවත් විදේශීය පොලීසියක් විසින් අල්ලස් ගැනීම පිලිබඳ විමර්ශනයක් පැවැත්වී නෑ. මේ වගේ නින්දාවක් ලංකා ඉතිහාසයේ කවර කාලයක වත් සිදු වී නෑ.

මෙතරම් දැවැන්ත සිදුවීමකට ජනාධිපතිගේ ප්‍රතිචාරය කුමක්ද? මම මේ චෝදනා ප්‍රතික්ෂේප 
gammanpila
කරනවා. මේ පිලිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගන්න නීතිපතිට උපදෙස් දුන්නා. මොක්කද නීති පතිට කරන්න පුළුවන්. කිසිම දෙයක් නෑ. ලංකාවේ නීතිපතිට පුළුවන් අපේ රටේ දූෂණයක් නම් හොයල බලන්න. ලංකාවේ නීතිපතිට ඕස්ටේලියාවේ මාධ්‍යවලට එරෙහිව කටයුතු කරන්න බලයක් නෑ. මේ පිළබද ඔස්ට්‍රේලියාවේ සිදු වන්නේ එම සමාගම පගාව දුන්නා ද කියන පරීක්ෂණය විතරයි. ඒ සමාගම කියන්නේ “ඇමතිතුමා ඉල්ලුවත් අපි දුන්නේ නෑ කියා“. එම සමාගම දුන්නා කියා ඔප්පු නොවුණොත් ඒ ඔස්ට්‍රේලියානු පොලීසියේ පරීක්ෂණය ඉවරයි. නමුත් අපේ රටේ කීර්තිය රැක ගන්න නම් තවමත් ඉතුරු වෙලා තිබෙනවා නම් ජනාධිපතිගේ කීර්තිය රැක ගන්න නම් මේ පිලිබඳ ලංකා ඉතිහාසයේ සිදු වුණු දැවැන්තම විමර්ශනය සිදු විය යුතුයි. ඒ නිසා ලංකාවේ දැනට ජීවත් වී සිටින සියළුම හිටපු අගවිනිසුරුවරුන් සහ විගණකාධිපතිවරුන්ගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර තමන්ගේ නම කෙසේ වෙතත් රටේ නම රැක දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

Thursday, August 25, 2016

උදය ගම්මන්පිල මහතා හනුමා පාලම ගැන කතා කරයි

මට හිතෙන  අන්දමට  නම්  උදය  ගම්මන්පිල  මහතා ජාතික සම්පතකි. එතුමා ජාතික  වැදගත්  ඇති  කරුණු ගැන අවදියෙන් සිටනවා  පමණක් නොව ඒ ගැන     ජනතාවට නිරන්තරයෙන්ම      විවාදාත්මක  කරුණු ඉදිරිපත් කරයි.  හනුමා පාලනය ගැන ලංකා ඊ  නිව්ස්  web  අඩවියේ  පල කර ඇති මෙම ලිපිය මා මගේ blog අවකාශයේ පල කරන්නට සිතුවේ ඔබද එම  කරුණු  දැනගත යුතු  නිසාවෙන්ය. 

සමරසේකර 






 






















Friday, August 12, 2016

ඉන්දියාවේ පිළිකා දුම්රිය

මේ  ඉන්දියාවේ  පිළිකා දුම්රියේ  කතාව  හා සමාන කතාවක්  අපේ රටෙත්  වකුගඩු  සහ පිළිකා රෝගීන්  ගැන තියෙන නිසා ඒ  කතාව මගේ blog  එකේ  පල  කරන හිතුවා. මේ වටිනා  ලිපිය  මහත් වෙහෙසක්  දරා ලිය ඇත්තේ චමරි අබේසිංහ  මහත්මියයි  
සමරසේකර 


බතින්දාවේ Cancer Express


සවස් ඇඳිරියත් සමගම පන්ජාබයේ බතින්දා (Bathinda) දුම්රිය පොළ අවට දිස් වන්නේ දැඩි කලබලකාරී ස්වරූපයකි. බතින්දාවේ පිහිටි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 14 ක ජීවත් වන මිනිසුන් දිනපතා සවස් යාමයේ මේ දුම්රිය පොළට පැමිණෙන්නේ රාත්‍රී 9.30 ට පමණ පිටත්වන අංක 339 දරණ දුම්රිය බලාපොරොත්තුවෙනි. ඉහින් කනින් රෙදි කම්බිලි පොරවාගත් වයස් සීමාවකින් තොර ළමා ළපටින් ඇතුළු ගැහැනු, පිරිමි සියයකට ආසන්න පිරිසක් මෙලෙස මේ ජරාජීර්ණ කසිකබල් දුම්රිය පොළ කරා පැමිණෙන්නේ විනෝද චාරිකාවක හෝ වන්දනාවක යෑම සඳහා නොවේ. ඔවුන් බොහෝ දෙනෙකුගේ මුහුණුවලින් දිස්වන්නේ රෝගී විඩාබර දුක්මුසු ස්වරූපයකි. ඇතැමෙකු කෙඳිරි ගාමින් වකුටු වෙමින් දැඩි ශරීර අපහසුතාවන් උසුලාගෙන සිටින ආකාරය දකින කවරෙකු තුළ වුවද ඇති වන්නේ දැඩි කම්පාවකි.
ක්‍රිෂ්ණා එක්ස්ප්‍රස්, අජන්තා එක්ස්ප්‍රස්, දක්ෂින් එක්ස්ප්‍රස්, මහානාගරී එක්ස්ප්‍රස් ආදි නම් ගණනාවකින් හැඳින්වෙන ඉන්දියාවේ දුම්රිය අතර බතින්දාවට පැමිණෙන අංක 339 දරණ  දුම්රිය හැඳින්වෙන්නේ Cancer Express හෝ Cancer Train නමිනි. එරට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අංක 339 දුම්රියටද වෙනත් සැබෑ නමක් තබා ඇතිවා විය හැක. එහෙත් එම නම කුමක්දැයි මෙහි සිටින කීයෙන් කී දෙනෙකු දනීදැයි යන්න සැක සිතෙන තරමටම කැන්සර් එක්ස්ප්‍රස් මිනිසුන් අතර ප්‍රචලිත වී ඇත.
ඉහත කී දුම්රිය පොළට වී දැඩි දුක්ඛිත ස්වරූපයෙන් එකල මෙකල වෙමින් සෑම මගියෙකුම නෙත් දල්වා බලා සිටින්නේ කැන්සර් එක්ස්ප්‍රස් එනතුරුය. එම වේලාවට එහි පැමිණ සිටින මගීන් අතරින් බහුතරයක් පිළිකා රෝගයෙන් පෙළනේනෝ සහ ඔවුන්ගේ ඥාතීහු වෙති. දිනකට 75-100 ත් අතර පිළිකා රෝගීන් සංඛ්‍යාවක් බතින්දාවෙන් මෙම දුම්රියට ගොඩ වී කිලෝ මීටර 350 ක් දුරින් පිහිටි රාජස්ථානයේ බිකානර් (Bikaner) නගරය දක්වා යෑම නිසාම මෙම දුම්රියට කැන්සර් එක්ස්ප්‍රස් නාමය ලැබී ඇත. පුරා රැයක් මග ගෙවා ඔවුන් මේ යන්නේ බිකානර්හි ඇති රජය මගින් පාලනය කෙරෙන ප්‍රාදේශීය පිළිකා මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගැනීම සඳහායි. මේ ‘කැන්සර් එක්ස්ප්‍රස්’ පසුපස ලියවී ඇත්තේ බතින්දාවේ මිනිසුන් විසින්ම ඔවුන්ගේ ජීවිත තුළ ලියාගත් ඛේදජනක ඉරණමයි.
“සෑම රාත්‍රියකම සියයකට ආසන්න මිනිස්සු මේ දුම්රියට ගොඩ වෙන හැටි මම දකිනවා. ඔවුන් හරිම අසරණයි. එක පැත්තකින් රෝගය. අනික් අතින් දුප්පත් කම. මේ විදියට වද විඳිමින් හරි මේ ගමන යනවා හැර ඔවුන් වෙන මොනව කරන්නද? අපිට ආසන්නම රෝහල තියෙන්නෙත් කිලෝමීටර 150 ක් විතර දුරින්. ඒත් ඒකෙත් පිළිකාවලට ප්‍රතිකාර හොඳින් කෙරෙන්නෙ නෑ. මේ නගරයේ හැම වීදියකම පිළිකා රෝගීන් ඉන්නවා. මේක මුළු පළාතටම ශාපයක්. හරිම අවාසනාවන්ත තත්ත්වයක්” බතින්දා දුම්රියපොළේ තේ අලෙවිසලෙහි විකී කුමාර් පවසන්නේ එසේය.
රෝහලට යාමට දුම්රිය පොළේ රැඳී සිටි එක පවුලක් පැමිණ තිබුණේ කිලෝ මීටර 10 ක් එපිටින් පිහිටි ගමක සිටය. ඔවුන්ගේ රෝගියා 17 හැවිරිදි පිරිමි ළමයෙකි. ගලනාලයේ පිළිකාවකින් පීඩා විඳින එම තරුණ දරුවා පිළිබඳව ඔහුගේ  මව පැවසූවේ මෙවැන්නකි. “මගේ දරුවට මෙහෙම වුණේ ඇයි කියල අපිට තේරෙන්නෙ නෑ. පුතා කිසි දවසක දුම්කොළ, මධ්‍යසාර පාවිච්චි කරල නෑ. මගේ දරුව විතරක් නෙවෙයි. අපේ ගමේ මේ වයසේ දරුවො හුඟක් ඉන්නවා මේ විදියට ලෙඩ වෙලා”

මේ ආකාරයට පිළිකා දුම්රියක් නිර්මාණය වීමට තරම් බතින්දාවට සිදුවී ඇති විපත කුමක්ද?

අතීතයේ මෙන්ම අදටත් සශ්‍රීක කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙස සැලකෙන බතින්දාව ඉන්දියාවේ විශාලතම ධාන්‍ය ආහාර නිෂ්පාදන ප්‍රදේශය ලෙසත් විශාලතම කපු වෙළඳපොළ සහිත ප්‍රදේශය ලෙසත් සැලකේ. කෘෂිකර්මාන්තයට අමතරව අද එම ප්‍රදේශය දැඩි කාර්මීකරණයට නතු වූ ප්‍රදේශයක් වී ඇත්තේ තාප විදුලි බලාගාරයක්, ගල් අඟ=රු විදුලි බලාගාර දෙකක්, පොහොර නිෂ්පාදනාගාරයක්, සිමෙන්ති කර්මාන්ත ශාලා කිහිපයක් සහ අතිවිශාල තෙල් පිරිපහදුවකින් සමන්විත වෙමිනි. මේ සියලූම කර්මාන්ත ශාලා පිළිකා කාරක කෘත්‍රිම රසායන ගණනාවක් පරිසරයට මුදා හැරෙන චක්‍රීය ක්‍රියාවලීන් සහිත වූ ඒවා බව අමුතුවෙන් කිව යුතු නැත. මේ හැරුණු විට අද එම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයද සම්පූර්ණයෙන්ම පාහේ කෘත්‍රිම රසායන ද්‍රව්‍ය භාවිතයෙන් සිදුකෙරේ. ගොවීන් විසින් ඉවක් බවක් නොමැතිව කෘමිනාශක භාවිතයට හුරු වීම නිසා එම ප්‍රදේශවල ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමද කලක සිටම සිදුවන්නකි. 2007 වසරේදී වසංගත රෝග පිළිබඳව සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ බතින්දාවේ මතුපිට ජල ස්ථර ආසනික්, කැඩ්මියම්, ක්‍රෝමියම්, සෙලේනියම් සහ රසදිය ආදි විෂ රසායනයන්ගෙන් දූෂිත වී ඇති බවයි. එපමණක් නොව, අනාරක්ෂිත කෘමිනාශක භාවිතය නිසා මේ ගොවීන් බොහෝ දෙනෙකු විවිධ වූ සෞඛ්‍ය ගැටලූ රැසකට මුහුණ පා ඇති බවද අනාවරණය කරගෙන ඇත.
කලෙක සිට පරිසරය පිළිබඳව මිනිසුන් දැක්වූ නොසැලකිලිමත් කමේ ප්‍රතිවිපාක බතින්දා වැසියන් වර්තමානයේදී යහමින් අත්විඳිමින් සිටී. දුප්පත් පොහොසත් බේදයකින් තොරව පිළිකා රෝග, ස්වශන ආබාධ, විවිධ චර්ම රෝග, මළදරු උපත්, නොමේරූ දරු උපත්, ගබ්සා වීම් ආදියට මොවුහු ගොදුරු වෙමින් සිටිති. මෙම රෝගවලට ගොදුරු වීමෙන් පසු ධනවතුන් සහ දුප්පතුන් අතර ඇති එකම වෙනස, ධනවතුන් සඳහා සුපිරි පෞද්ගලික රෝහල් බතින්දාව අවට තිබීමත් දුප්පතුන්ට සැතපුම් ගණන් මග ගෙවා රාත්‍රී නිදිවරමින් දුම්රියක ගාල් වී ආණ්ඩුවේ පිළිකා මධ්‍යස්ථානවලට හෝ රෝහල්වලට යාමට සිදුවීමත් පමණි.

බතින්දාවේ පවතින මෙම තත්ත්වය ලෝකයේ කෘෂි රසායනයන්ට සහ කාර්මීකරණයට දැඩිව ගොදුරු වූ බොහෝ රටවල්වල අද වන විට දක්නට ලැඛෙන පොදු තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ උතුරු මැද කලාපයේ පැතිර ගොස් ඇති වකුගඩු ආබාධය මීට හොඳම උදාහරණයකි. කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන කෘමිනාශක හේතුවෙන් ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමත් එයින් පවුල්


 
පිටින් වකුගඩු ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරු වීමත් නිසා තව තවත් සෞඛ්‍ය හා සාමාජයීය ගැටලූ රාශියක් හට ගෙන තිබීම අද අප රට තුළ දක්නට ලැඛෙන ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. ආර්ථීකමය අතින් ලෝකයේ හිණිපෙත්තේ සිටින චීනය අද මුහුණ පා ඇති උග්‍ර පාරිසරික ගැටලූවද මීට හොඳ උදාහරණයකි. මිනිසා විසින් පරිසරයට එරෙහිව සිදුකළ කි්‍රයාකාරකම් වලට දෙස් දෙමින් අද එරට ප්‍රධාන නගර බොහොමයක් දහවල් කාලයේ පවා සිහින් මීදුමක් වැනි පටලයකින් වැසී පවතී. සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහා අවශ්‍ය පිරිසිදු වායු පොදක් සහිත හුස්මක් ගැනීම පවා අද චීන නාගරිකයන්ට සිහිනයකි. ඇතැම් අවස්ථාවල මුළු නගරයම අඩපණ කිරීමට තරම් එරට වායු දූෂණය බලවත් වී ඇත. පිළිකා, ස්වශන රෝග, චර්ම රෝග, මළ දරු උපත් බහුලව සිදුවන අතර මේ වන විට චීන නාගරිකයන්ට එළිමහනේ තබා ඔවුන්ගේ නිවෙස් තුළ වත් සිටිය නොහැකි තරමට පරිසර දූෂණය ඉහළ ගොස් පවතී.
ලෝකයේ පරිසර තත්ත්වයන් පිළිබඳව නිරතුරුව අවධානය යොමු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 දී නිකුත් කළ වාර්තාවකට අනුව එම වසරේ ලොව වැඩිම පරිසර දූෂණය සහිත ස්ථාන ලෙස පිළිවෙළින් ඉරානයේ අහ්වාෂ් (Ahvaz) චීනයේ ලින්ෆෙන් (Linfen) යුක්‍රේනයේ චර්නෝබිල් (Chernobyl)  නම් කර තිබුණි.
මේ සෑම නගරයක්ම මෙලෙස දූෂිත නගර ලෙස නම් වීමට පෙර ගහකොළ නිල්ල පිරුණු, පක්ෂීන් නිරන්තරව ගැවසුණු ප්‍රදේශ විය. ගංගා ඇළදොළෙහි නිල් දියෙහි මත්සයින් බහුල විය. එහෙත් ඉවක් බවක් නොමැතිව ගස්වැල් කපා දමමින් කර්මාන්ත පුර ඉදිකිරීමත්, කෘමිනාශක භාවිතයත් සමග ඒ ප්‍රදේශවල තත්ත්වය සහමුලින්ම වෙනස් විය. පරිසරය තුළ සිදුවන වෙනස මිනිසාට කලින් සතා සීපාවුන්ට දැනේ. ඒ නිසාම එම ප්‍රදේශවල සිටි පක්ෂීන් ඇතුළු සතුන් වහ වහා උන්ගේ වාසස්ථාන හැර දා පළා යෑම පළමුව සිදුවිය. එසේ පළා යෑමට නොහැකි වූ සතුන් විවිධ වූ ව්‍යසනයන් හේතුවෙන් විනාශ වී ගියහ.
මේ තත්ත්වයට අපූරු උදාහරණයක් අප ඉහත සඳහන් කළ පන්ජාබ් ප්‍රාන්තයේ බතින්දාවෙන් දැක්විය හැක. එම පරිසරයට සිදුවන ව්‍යසනය මිනිසුන්ට දැනෙන්නට පෙර සතුන්ට දැනී තිබුණි. ඉන්දියාවේ ජාතික පක්ෂියා ලෙස සැලකෙන මොණරා පන්ජාබ් ප්‍රාන්තයේ ගොවිබිම් තුළද ඉතාමත් සුලභව දක්නට ලැබුණු සතෙකි. එහෙත් ක්‍රම ක්‍රමයෙන් එම ගොවිබිම්වල සිටි මොණරුන් අඩුවීමට පටන් ගෙන තිබුණු අතර අද වන විට එම පළාත්වල මොණරුන් නැතිම තත්ත්වයකට පත්වී ඇත. දියකඩිතිවලට විෂ මුසුවීමත් සමග ඒවායේ විසූ මත්සයින් විනාශ වී යාමට පටන් ගැනුණු අතර එම මසුන් ආහාරයට ගැනීමට හුරු වී සිටි පක්ෂීන්ගේ පැමිණීමද ඒ නිසා නැවතී ඇත.
පරිසරය විනාශ කරමින් මිනිසා විසින් සිදුකරන නොනවතින අනර්ථකාරී ක්‍රියා නිසා අද පන්ජාබ වැසියන්ට පිළිකා දුම්රියක් ලැබී ඇත. දුම්රිය මගින් පිළිකා රෝගීන් නොගෙනිච්චද ලොව පුරා බොහෝ තැන්වල තත්ත්වයෙහිද මීට වැඩි වෙනසක් නොමැත. ලොව දස දෙසින්ම දිනෙන් දිනම පිළිකා රෝගයට ගොදුරු වූවන් සහ එයින් මරුමුවට පත්වූවන් පිළිබඳව අසන්නට ලැබේ. එය කෙතරම් ඛේදවාචකයක් වී ඇත්ද යත්, පිළිකා රෝගයට ගොදුරු වූ ඥාතියකු නොමැති නිවසක් සොයා ගැනීම ‘කිසිවෙකු නොමළ ගෙයකින් අබ සොයා යෑම’ මෙන් දුෂ්කර වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව ලෝකයේ බහුතරයක් මරණ සිදුවීමට ප්‍රධානතම හේතුව ලෙස දැක්වෙන්නේද පිළිකාවයි. ඊට අනුව ලෝක ජනගහනයෙන් 20,000 ක් දෙනා දෛනිකව පිළිකාව නිසා මරු වැළඳ ගනී. එය කෙතරම් දරුණු තත්ත්වයක්ද යත්, ඒඩ්ස්, ක්ෂයරෝගය හා මැලේරියාව යන රෝග තුන නිසා දිනකදී මිය යන රෝගීන්ගේ එකතුවට වඩා පිළිකාව නිසා මිය යන රෝගීන් සංඛ්‍යාව වැඩි බව පැවසේ. වර්තමානයේදී වසරකට අලූතින් පිළිකා රෝගයට ගොදුරු වන්නන් එක් කෝටි හතලිස් ලක්ෂයක් පිළිබඳව වාර්තා වන අතර 2025 වන විට එය එක් කෝටි අනූ ලක්ෂය දක්වාත් 2035 වන විට දෙකෝටි විසිහතර ලක්ෂයක් දක්වාත් වැඩි විය හැකි බව WHO  පෙන්වා දේ.
මේ ඛේදජනක ඉරණමට වැඩි වශයෙන් ගොදුරු වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බව දැක්වෙන අතර එහි සත්‍යතාවක් පවතින බව ලොව අඩු ආදායම් ලබන සහ වැඩි ආදායම් ලබන රටවල්වල ජනතාව පිළිකාවට ගොදුරු වීමේ ප්‍රවණතාව සොයා බැලීමේදී පෙනී යයි. වර්තමානයේ ඒ පිළිබඳව ඇති සංඛ්‍යාත්මක ප්‍රතිශතයන්හි දැක්වෙන්නේ, වැඩි ආදායම් ලබන රටවල 8% ක් දෙනාද අඩු ආදායම් ලබන රටවල 28% ක් දෙනාද පිළිකාවට ගොදුරු වන බවයි.
මානව ඉතිහාසය තුළ හඳුනාගත් දරුණුම රෝග පීඩා අතරින් එකක් ලෙස සැලකෙන පිළිකාව මිනිස් සිරුරේ හටගන්නේ ඇයිද යන්න තවමත් අවිනිශ්චිත කරුණක් වුවත් මිනිස් ක්‍රියාකාරම් මීට ඍජුවම බලපාන බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත. ඒ අනුව මෙය බොහෝ දුරට අප විසින්ම හාරා කපා ගත් වළෙකි. ඉන් ගොඩ ඒමද කළ යුත්තේ අප විසින්මය. ඒ වෙනුවෙන් අද ලොව පුරා විවිධ සංවිධාන රැසක් පෙරමුණ ගෙන සිටින අතර එහි මූලික පියවරක් ලෙස විෂ ද්‍රව්‍යවලින් තොර, කෘෂි රසායනවලින් තොර ආහාර පාන ලබාගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇත. මේ සඳහා බොහෝ දෙනෙකු දක්වන උනන්දුව කාබනික පොහොර යොදාගනිමින් නිෂ්පාදනය කරන ආහාර සඳහා අද වෙළඳපොළ තුළ ඇති ඉල්ලූම දෙස බැලීමෙන් පෙනී යයි. ඒ සමගම වායු දූෂණය වැළැක්වීම සඳහාද විවිධ රටවල් ඉතාමත් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙනී යයි. විශේෂයෙන්ම ගල් අඟුරුවලින් විදුලිය උත්පාදනය කෙරෙන බලාගාර සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කිරීමත්, ඉන්ධන බලය වෙනුවට විදුලියෙන් දුවන මෝටර් රථ ප්‍රචලිත කිරීම සඳහා විශේෂ පෙළඹවීම් සිදුකිරීමත් බොහෝ දියුණු රටවල් ආරම්භ කර ඇත.
කලකට පෙර ගත යුතුව තිබූ පියවරවල් කල් ගත වී හෝ ගැනීමට කටයුතු කිරීම සැනසිල්ලක් දනවන්නක් වුවත් දියුණු වෙමින් පවතින ඇතැම් රටවල් මෙම තත්ත්වයෙහි ඇති බරපතල බව තවමත් තේරුම් ගෙන නොමැති බවද පෙනී යයි. ඊට හොඳම උදාහරණයක් ලෙස නුදුරේදී ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට පිඹුරු පත් සකසන සාම්පූර් ගල් අඟ=රු බලාගාරය දැක්විය හැක.
රටට, රටේ ජනතාවට ආදරය කරන කිසිම පුද්ගලයෙකුට පරිසරයට හානියක් සිදුකළ නොහැක. පරිසරය රැකීමෙන් ගහකොළ, සතා සීපාව මෙන්ම අප සියල්ලන්ද රැකෙන බව සෑම විටෙකම සිහි තබා ගත යුත්තකි. ‘පරිසර දිනය’ එක් දිනකට පමණක් නොව සෑම දවසකටම වලංගු වන බව මිනිසා තේරුම් ගතහොත් පන්ජාබයේ සිට රාජස්ථානයට යන අංක 339 දරණ ‘කැන්සර් එක්ස්ප්‍රස්’ වෙනුවට එරට දුම්රිය දෙපාර්තමේන්තුව එම දුම්රියට තැබූ සැබෑ නම මිනිසුන්ට සිහියට එනු ඇත.

සටහන – චමරි අබේසිංහ

Tuesday, August 2, 2016

බිමත් කමේ අදිනව

බීමත්කම ගැන පලවන ලිපි  බොහොමයකි. බොහෝ ඒවායින් කියවෙන්නේ බිමත් කමෙන් ලැබෙන ආශ්වාදය ගැනය. ඉතා කෙටි ලිපි කිහිපයක් පමණක් බීමත්කම නිසා අප සමාජය වෙලා ගෙන ඇති ශෝකාකුල තත්වය පෙන්නුම් කෙරේ. පහත සඳහන් ලිපිය එවැන්නකි. එය පළවුයේ  ලංකාදීප පත්‍රයේය.එය උපුටා පළකිරීම ගැන එය ලියු රචක මහතා  සහ ලංකාදීප කතෘ තුමා උරණ නොවනු ඇතැයි සිතමි .   





"පදවිය රෝහලට පොලිස් කොස්තාපල්වරයෙක් පැමිණියේ පසුගිය සිකුරාදා උදේ වරුවේය.

උදව්වට පැමිණ තිබුණේ ඔහුගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් කෙනෙකි.

සර් මාව බිම වැටුණ. ඒ බිම වැටිච්ච වෙලාවේ මගේ ඔළුව බිම වැදිලා ඔළුව තුවාල වුණා.

රෝහලේ ඕ.පී.ඩී. එකේ ඒ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයා සමග කොස්තාපල්වරයා පවසා ඇතැයි කියන්නේ එහෙම කතාවකි.

වෛද්‍යවරයා ඔහු හොඳින් පරීක්‍ෂාකර බලා පවසා ඇත්තේ වාට්ටුවේ නතරකර තබාගෙන ප්‍රතිකාර කළ යුතු බවකි.

“මට එච්චර අමාරුවක් නැහැ. ඩොක්ටර්. මගෙ ඔළුවේ තියන තුවාලයට බේත් ටිකක් දාගෙන ගෙදර යන්නම්. වාට්ටුවේ නවතින්න ඕනෑ නැහැ.”

කොස්තාපල්වරයා එහෙම පවසා ඇත්තේ වෛද්‍යවරයාගේ කීමට අකැමැත්ත ප්‍රකාශ කරමින්ය.

වෛද්‍යවරයා කොපමණ කීවත් ඔහුව වාට්ටුවේ නතරකරගෙන ප්‍රථිකාර කිරීමට එකඟකර ගැනීමට නොහැකි වී ඇත.

අවසානයේ කොස්තාපල්වරයා යන්නට ගියේ ඕ.පී.ඩී. එකෙන් ප්‍රතිකාර ලබාගෙනය.

30-page1-S2-2


කොස්තාපල්වරයා පදිංචිව සිටියේ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ පිහිටි බෙල්ලන්කඩවල බෝගහවැව ප්‍රදේශයේය. 

ඔහු රාජකාරි කළේ පදවිය පොලිසියේය. 

වැඩට ආවේ ගියේ යතුරු පැදියෙනි.

පදවිය ඉස්පිරිතාලයේ ඕ.පී.ඩී. එකෙන් බෙහෙත් අරගෙන ආ රන්බණ්ඩාගේ උපසේන දිසානායක රාලහාමිගේ රෝගී තත්ත්වය එදා සවස් වන විට හොඳටම වැඩිවී තිබිණි.

දිසානායක රාලහාමි ගෙදර ඇඳක් මත ඉතා අමාරුවෙන් වැතිර සිට ඇත. 

ඔහුගේ කටින් සෙමද පිටවී තිබිණි.

දිසානායක රාලහාමිගේ සුව දුක් බැලීමට ගෙදර ආ ඔහුගේ මිතුරෙක් මේ බව දැක තවත් යහළුවෙකුට කතා කර මේ බව දැනුම්දී තිබේ. 

ඒ යහළුවා ද පණිවිඩය ලැබුණු මොහොතේම නිවසට ආවේ තම මිතුරා වන දිසානායක රාලහාමි ගැන සොයා බැලීමටය.

මචං, රාලහාමිට හොඳටම අමාරු පාටයි පෙනෙන්න තියෙන්නේ. අපි ඉක්මනට මෙයාව ඉස්පිරිතාලෙට අරගෙන යමු.

දිසානායක රාලහාමිව ත්‍රීරෝද රථයක දමාගෙන පදවිය රෝහලට අරගෙන ගොස් තිබුණේ ඔහුගේ ඒ මිතුරන් දෙදෙනාය.

පදවිය රෝහලෙන් මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදී දිසානායක රාලහාමිව ගිලන් රථයකින් රැගෙන ගියේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතය.

අනුරාධපුර රෝහලට ඔහු රැගෙන එන විට රාත්‍රී 9.00 පමණ වී තිබී ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පරීක්‍ෂාකර බලන විටත් ඔහු ජීවිතයට සමුදී අවසන්ය.

දිසානායක රාලහාමි මියගොස් සිටි නිසා ඔහුගේ සිරුර කෙළින්ම ගෙන ගියේ මෘත ශරීරාගාරය වෙතය.

මේ මරණය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් කළ කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය මගින් ඉදිරිපත් කළේ කැබිති ගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් රංග සුජීව මහතා වෙතය.

අනුරාධපුර  වැඩ බලන මහේස්ත්‍රාත් අරවින්ද හබග්ගල මහතා දිසානායක රාලහාමිගේ සිරුර පරීක්‍ෂාකර බලා මූලික මහේස්ත්‍රාත් පරීක්‍ෂණයක් පවත්වනු ලැබීය.

30-page1-S2-3


වැඩබලන මහේස්ත්‍රාත් අරවින්ද මහතා විසින් ලබාදුන් නියෝගයක් මත සිරුර කපා පරීක්‍ෂා කරනු ලැබුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්. ඒ. කරුණාතිලක මහතා විසිනි.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වුණේ පසුගිය 23 වැනි සෙනසුරාදාය.

මොට ආයුධයකින් පහරදීම නිසා හිස් කබලට හානි සිදුවී ශරීර අභ්‍යන්තරයට ලේ වහනය වීමෙන් මෙම මරණය සිදුවි ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී කරුණාතිලක මහතා විසින් සිරුර කපා පරීක්‍ෂාකර බලා ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබිණි.

දිසානායක රාලහාමි රෝහලට ගිය අවස්ථාවේ ඕ.පී.ඩී. එකේ සිටි වෛද්‍යවරයාට පවසා තිබුණේ බිම ඇද වැටීම නිසා තමාගේ හිසට තුවාල සිදුවූ බවය.
අධිකරණ වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව එවැන්නක් සිදුවී නොමැත.
Untitled-2
පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව දිසානායක රාලහාමිගේ මරණය සිදුවී ඇත්තේ ඔහු රෝහලේ වෛද්‍යවරයාට කී ආකාරයට නොවේ.

මෙය මිනීමැරුමක් නිසා එසේනම් දිසානායක රාලහාමි මරා දැමුවේ කවුද? කියන උභතෝකෝටික පොලිසිය හමුවේ තිබූ විසඳාගත යුතු ප්‍රශ්නයක් විය.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. එම්. ආර්. රත්නායක මහතා ප්‍රධාන කණ්ඩායමට දිසානායක රාලහාමිගේ අබිරහස් ඝාතකයා සොයා ගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දුන්නේ උතුරුමැද හා වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත, අනුරාධපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ සහ තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරී පරාක්‍රම ඒකනායක යන මහත්වරුන්ය.

දන්නා කියන කාලයක සිටම දිසානායක රාලහාමි අරක්කු බීමට ඇබ්බැහිවී සිටි අයෙකු බවත් පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.

නිතර අරක්කු බීගෙන වෙරිමරගාතේ ගෙදර එන දිසානායක රාලහාමි තමන්ගේ බිරිඳට විතරක් නොව සමහර අවස්ථාවල දරුවන්ට පවා පහරදීම් කර ඇතැයි එහිදී හෙළිවිය.

බිරිඳට හා දරුවන්ට පහරදීමෙන් නොනැවතුණු ඔහු වෙරි මරගාතේම ගෙදර තිබුණු බඩු මුට්ටු පවා පොළවේ ගසා කුඩු පට්ටම්කර දැමූ අවස්ථාද එමටය.

දිසානායක රාලහාමිගේ ගෙදරින් දවල් රෑ කියා වෙනසක් නැතිව නිතර ඇසෙන අඩ දබර අසල්වාසීන්ට එතරම් අරුමයක් නොවේ.

වෙරි හිඳුණු පසු ඔහු තරම් අහිංසකයෙක් මුළු ගමටම නැත.

මේ පොලිසිය දිසානායක රාලහාමි ගැන සොයාගත් තොරතුරුය.

දිසානායක රාලහාමි බිම ඇදගෙන වැටුණා යැයි කියමින් ප්‍රථිකාර ගන්න පදවිය ඉස්පිරිතාලයට ගිය දවසට කලින් දවසේ රාත්‍රියේද ඔහු අරක්කු බීගෙන ඇවිත් වෙරි මර ගාතේ බිරිඳට හොඳ හැටි පහරදී ගෙදර තිබුණු බඩු මුට්ටු පවා පොඩි පට්ටම්කර දමා ඇති බව පොලිස් නිලධාරීන්ට දැන ගැනීමට ලැබී ඇත.
පොඩි පුතාගේ යතුරු පැදියට ද දිසානායක රාලහාමි පහරදී අලාභහානි සිදුකර තිබිණි.

කැබිතිගොල්ලෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගිය දිසානායක රාලහාමිගේ බිරිඳ සැමියා තමාට හොඳ හැටි පහරදී ගෙදර තියෙන බඩු මුට්ටු පවා පොඩි පට්ටම් කර දැමූ බවට පැමිණිල්ලක් කළේය.

දිසානායක රාලහාමි මරා දැමීමට ගෙදර කාගේ හෝ සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි සැකකළ පොලිසිය ඒ සැකය ඔස්සේ පරීක්‍ෂණ ආරම්භ කළේ ඝාතකයා ගැන කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමටය.

ගමේ දේවාලය ළඟ වැටී සිටි දිසානායක රාලහාමි ඔහුගේ ඥාති පුතෙකු විසින් වත්තම්කරගෙන ගෙදරට ගොස් ඇරලවා ඇති බවත් ඔහු වැටී සිටි ස්ථානයේ ඔහු පැදගෙන ආ යතුරු පැදිය ද තිබුණ බවත් පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඒ තොරතුරු ඔස්සේ තව දුරටත් පරීක්‍ෂණ මෙහෙවා ඇත.

දේවාලය ළඟ දිසානායක රාලහාමි වැටී සිටියදී ඔහුගේ හිසේ ලේ ගලන තුවාලයක් තිබූ බව පොලිසිය දැනගත්තේ ඔහුව වත්තන් කරගෙන ගෙදරට ගෙන ගිය තරුණයා සොයාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදීය.

දිසානායක රාලහාමි පදිංචිව සිටි නිවෙස සිට ඔහුවැටී සිටි තැනට මීටර් 500ක් පමණ දුරක් ඇත.

ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වා හෙළිකරගත් තොරතුරු මත අවසානයේ දිසානායක රාලහාමිගේ වැඩිමල් පුත්‍රයා අත්අඩංගුවට ගනු ලැබීය.

දිසානායක රාලහාමිට පුතුන් දෙදෙනෙක් සහ එක් දියණියක් සිටී.

වැඩිමල් පුතාගේ වයස අවුරුදු 20ක් වන අතර දෙවැනි පුතාගේ වයස අවුරුදු 18කි. දියණිය අවුරුදු 15ක තරම් වයසේ පසුවන්නීය.

වැඩිමහල් පුත්‍රයා වන ප්‍රභාත් බැකෝ යන්ත්‍ර රියැදුරෙකු ලෙස දඹුල්ල ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර දෙවැනි පුතා සඳරුවන් පාසල් සිසුසැරිය බස් රථයක සහායකයෙක් වශයෙන් රැකියාවක් කරයි.

ඔහුගේ දියණිය තවමත් පාසල් යන දැරියක වූවාය.

සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරී පරාක්‍රම ඒකනායක මහතාගේ මග පෙන්වීම යටතේය. 

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙසේ පවසා ඇති බව දැන ගැනීමට ඇත.

“මම දඹුල්ලේ ඉන්නකොට අම්මා මගේ හෑන්ඞ්ෆෝන් එකට කතා කරලා කිව්වා. තාත්තා බීගෙන ඇවිත් මට හොඳටම ගහලා ගෙදර තිබුණ බඩු මුට්ටුත් පොඩි කරලා දැම්මා කියා. අපි දන්නා කියන කාලෙක ඉඳලා තාත්තා බීගෙන ඇවිත් අම්මාට හරියට කරදර හිරිහැර කරනවා. පහර දෙනවා. තාත්තාගේ මේ හැසිරීම නිසා මගේ හා මල්ලිගේ අධ්‍යාපන කටයුතු පවා කඩා කප්පල් වුණා.
අම්මා තාත්තාගෙන් නිතර සිද්ධවෙන කරදර හිරුහැර හැම දෙයක්ම ඉවසාගෙන විඳදරාගෙන අපිව හදාවඩා ගත්තා. තාත්තාත් එක්ක හොඳින් පවුල් කන්න අම්මා නොගත් උත්සාහයක් නැහැ. ඒත් වැඩක් වුණේ නැහැ’‘

අම්මා හඬ හඬා තාත්තා ගහපු විදිහ කියද්දී මගේ හිත වාවන්නේ නැතිව ගියා. මම ඒ කතාව අහපු  වෙලාවෙම අම්මා බලන්න ගෙදර එන්න තීරණය කළා. මම දඹුල්ලේ ඉඳලා බස් එකක නැගලා ගෙදර එන්න පිටත්වුණා. බස් එකේ එද්දී මට හොඳටම නින්ද ගොස් තිබූ නිසා බහින තැනත් පසුකරගෙන ගොස් තිබුණා. ඒ හින්දා මම බස් එකෙන් බැහැලා පයින්ම ගෙදර ආවා. මම ගෙදර එනකොට රෑ බෝවී තිබුණා. අම්මා නංගීත් එක්ක අල්ලපු ගෙදරට වී සිටියා.
මල්ලි ගේ ඉස්සරහට වෙලා හිටියා. මම ගේ ඇතුළට ගිහින් බලද්දී තාත්තා නිදාගෙන ඉන්නවා දැක්කා. අම්මයි නංගියි අල්ලපු ගෙදර නිදාගන්න ගියා. මමයි මල්ලි ඥාතියෙකුගේ ගෙදර නිදාගන්න ගියා. තාත්තා ගෙදර තිබුණ බඩු මුට්ටු හා මල්ලිගේ මෝටර් බයිසිකලයට පවා පහරදී අලාභ හානි සිදුකර තිබුණා. ඒත් තාත්තාට ඒ ගැන දොස් කියන්න ගියේ නැහැ.

ඥාතියාගේ නිවස ඉදිරිපිටට වෙලා පහුවදා උදේ ඉන්නකොට තාත්තා එයාගේ මෝටර් බයිසිකලයෙන් අපි ඉන්න තැනට ආවා. තාත්තා පැමිණි මෝටර් බයිසිකලයේ පසුපස අසුනේ විකට් කූරක් ගැට ගසාගෙන ඇවිත් තිබුණා. තාත්තා ඒ විකට් කූර අරගෙන මල්ලිට ගහන්න පටන්ගත්තා. තාත්තා මල්ලීව මරා දමාවි යැයි කියා මට හිතුණා. ඒ නිසා මම තාත්තා අතේ තිබුණ විකට් කූර උදුරලා අරගෙන පහරවල් දෙකක් ගැසුවා. එක පාරක් තාත්තාගේ පිට කොන්ද පැත්තට අනිත් පහර ඔළුවටත් වැදුණා. මරන්න හිතාගෙන මම තාත්තාට ගැහැව්වේ නැහැ. 

පොලිසිය පවසන ආකාරයට දිසානායක රාලහාමිගේ පුතුන් දෙදෙනා ඇතිවූ සිද්ධිය අකුරක් නෑර සිය මව සමග පවසා ඇත.

රාලහාමිගේ බිරිඳ පොලිසියට ගොස් සැමියා තමාට පහරදී ගෙදර තිබූ බඩු මුට්ටු වලට පවා පහරදී අලාභහානි සිදුකළ බවට පැමිණිල්ලක් කර ඇත්තේ ඉන්පසුවය.

පියා ඝාතනය කිරීමට යොදාගත් බවට සැලකෙන විකට් කූර ද පොලිසිය සොයාගත්තේ එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටය.
කාකි නිල ඇඳුමක් හැඳගෙන ධර්ම චක්‍රය සහිත පොලිස් ලාංඡනය උරහිසේ පැලඳගෙන නීතිය හා සාමය රැකීමට දිවිහිමියෙන් කැපවී සිටින මේ පොලිස් නිලධාරියාගේ ක්‍රියා කලාපය හා හැසිරීම කිසිසේත් පොලිස් නිලධාරියකුට උචිත වූවක් නොවන බව අමුතුවෙන් කිව යුතුව නැත.

“අපි දන්නා කියන කාලේ ඉඳලම තාත්තා අරක්කු බීගෙන ඇවිත් අම්මාට නිතර කරදර හිරුහැර කරනවා. තාත්තා නිසා අම්මා පුදුම  දුකක් වින්දේ. තාත්තා නිසා අයියාට හිරේ යන්න වුණා” යැයි කියා දිසානායක රාලහාමිගේ දෙවැනි පුතා සහ දියණිය කීවේ හැඬූ කඳුළින් යුතුවය.

කෙසේ වෙතත් පියා මරා ලොකු පුතා කරගත්තේ අනන්තරීය පාපකර්මයකි.

අත්අඩංගුවට ගත් සැකකාර ශිරන්ත ප්‍රභාත් දිසානායක නැමැත්තා කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පී.ජේ. ප්‍රභාකරන් මහතා හමුවට පසුගිය 25 වැනිදා ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ තැබීමට නියෝග කළේය.

සැකකරු පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවශ්‍ය බව කියා සිටි නිසා. ඒ අවස්ථාවට සහභාගි කරවීම සඳහා නිවසට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද කර ඇත.

පුතා තමාට විකට් කූරකින් පහර දුන් බව එදා රෝහලට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා සමග නොකියා බොරුවක් ගොතා කියන්නට ඇත්තේ වෙන කිසිම දෙයක් නිසා නොව ඇත්ත කිව්වොත් පුතා අමාරුවේ වැටෙන බව පොලිස් නිලධාරියෙක් වශයෙන් ඔහු හොඳටම දන්නා නිසාය.

මේ සේරටම මුල වෙන කිසිම දෙයක් නොව බීමත් කමය. තාත්තාගේ බීමත්කම නිසා භද්‍ර යෞවනයේ පසුවූ තරුණ පුතෙකුගේ මුළු ජීවිතයම වැටුණේ අඳුරු අගාධයකටය.

පොලිස් නිලධාරියකු වශයෙන් පමණක් නොව දරුවන් තිදෙනක් සිටින ආදරණීය පියෙක් වශයෙන් පිතෘත්තවයේ වටිනාකම වගකීම හරිහැටි වටහාගෙන කටයුතු කළේ නම් මේ පොලිස් රාලහාමි අදටත් ජීවතුන් අතරය. ඔහුගේ පුතාට මෙවැනි අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පෑමට සිදුවන්නේ නැත.

කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හේරත්, පොලිස් සැරයන්වරුන් වන පද්මප්‍රිය දිසානායක (950) කොස්තාපල්වරුන් වන ශාන්ත (29862) උපුල් (46384) සහ නවරත්න (47987) යන මහත්වරුන්ද මෙම පරීක්‍ෂණවලට හවුල්වී ඇත."


මත්වතුර  පානය කරන්නන් මට පෙනෙන්නෙ මෙසේය .





Monday, June 20, 2016

අපේ කාලේ වීරයෙක් - සෝමවංශ අමරසිංහ මහතා.



අභාවප්‍රප්තවූ සෝමවංශ  අමරසිංහ මහතාගේ  ගුණ සැමරුමක්  අද divaina පත්‍රයේ වෛද්‍ය කේ.එම් .වසන්ත  බණ්ඩාර  මහතා විසින් ලියා ඇත.  එම ලිපියේ වැදගත්කම නිසාම එය මගේ වෙබ් පිටුවේ පල කිරීමට සිතුවෙමි. දිවයින කතු තුමා සහ වෛද්‍ය කේ.එම් .වසන්ත  බණ්ඩාර  මහතා එයට උරණ නොවනු ඇතැයි සිතමි.
සමරසේකර 



සෝමවංශයන් නැවත කියවමු

පවතින දේශපාලන තත්ත්වය තුළ ඔහුගේ භූමිකාව පිළිබඳවද පළකළ හොඳ නරක දෙකටම අදාළ කියාපෑම් ද ඔහුට බලවත් මානසික පීඩනයක්‌ එල්ල කළ බව මා හට වැටහිණි. ටික දිනක්‌ කතා නොකර සිටිය යුතු යෑයි මා තීරණය කළේ එබැවිනි. ඒ ටික කලට ඔහු අප සැමට සමුදෙනු ඇතැයි නොසිතුවෙමි. එහෙත් ඔහු වැඩිකල් ජීවත් නොවන බවට ඔහු තුළ වූ අවබෝධය මා වටහාගෙන සිටියෙමි.

සෝමවංශ අමරසිංහ නම් වූ සුන්දර මිනිසා, මිත්‍රයා පියාණන් සහ ගුරුවරයා වසර 46 ක දේශපාලන ජීවිතයට හෙවත් තම අධ්‍යාත්මයට සහ භෞතික ජීවිතයට එකවිට සමුදී ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකුට තම අධ්‍යාත්මයට සහ භෞතික ජීවිතයට එකවිට සමුදීමට ඉඩ ලැබෙන්නේ කැස්‌බෑවා විය සිදුරින් අහස දකින්නා වූ තරම් කලාතුරකිනි. එයට හේතුව දේශපාලනඥයෝ අති බහුතරය තම භෞතික ජීවිතයට සමුදීමට බොහෝ කලකට පෙර දේශපාන අධ්‍යාත්මයට සමුදීමය. ඒ අතින් සෝමවංශයන් විඡේවීරයන් සේම වාසනාවන්තයෙකි. නමුත් විඡේවීරයන්ට සේම ඔහුටද ඉතිහාසය කිසිසේත්ම සාධාරණ වූයේ නැත. ඒ ඔවුන් දෙදෙනාම ඉතිහාසයට සරදම් කළ ඉතිහාසය වෙනස්‌ කළ උඩුගං බලා පිහිනූ දැවැන්තයින් වූ බැවිනි. විඡේවීරයන්ට ඉතා ප්‍රචණ්‌ඩ සහ කෘර මරණයක්‌ හිමිකර දීමට තරම් ඉතිහාසය ඔහුට අකරුණාවන්ත විය. සෝමවංශයන්ට ඉතිහාසය කෙසේ වෙතත් සොබාදහම විසින් වේදනාවෙන් තොර නිහ`ඩ, සාමකාමී මරණයක්‌ හිමිකරදීමට කරුණාවන්ත විය.

එහෙත් ඔහු පසුගිය වසරකට ආසන්න කාලය තුළ විඳින ලද දුක්‌ කරදර, විශේෂයෙන්ම මානසික පීඩා ඊට පෙර වසර 45 ක්‌ තුළ අත්දුටු සියලු පීඩාවන්ට වඩා බරපතළ විය. ජීවිත කාලයක්‌ තම දිවි දෙවැනි කොට ගොඩනැගූ පක්‍ෂයෙන් පිටමං වීම තරම් වේදනාවක්‌ ඔහුට තවත් නොවීය. විශේෂයෙන්ම තම මෑතකාලීන දේශපාලන සගයින් විසින් එල්ලකළ ද්වේශ සහගත නින්දා අපහාස දරාගැනීම ඔහුට පහසු නොවීය. ඒ විශේෂයෙන්ම ඔහු ඊට පෙරළා ප්‍රතිප්‍රහාර දීමට කල්පනා නොකිරීම නිසාය. අනුකම්පා විරහිතව ප්‍රතිප්‍රහාර දෙන්නන්ගේ සිත් සැහැල්ලුවේ. එහෙත් මැදිහත් සිතින් ඒවා දරාගැනීමට සහ එම ප්‍රහාර මැද තම ප්‍රතිපත්ති මත නොසැලී සිටීමට උත්සාහ දරන්නා බරපතළ මානසික පීඩනයකට ගොදුරුවේ. සෝමවංශයන් වැනි දේශපාලන සදාචාරය ''අකුරට රැකීමට'' වෙර දරන්නන්ට එය වඩාත් බරපතළ වේ.

පසුගිය අ`ගහරුවාදා (14) දා රාත්‍රීයේ මා මුණගැසුණු ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා යම් පිරිස්‌ සිරි අයියාගේ (සෝමවංශ අමරසිංහගේ) කීර්තිමත් අතීතයටද මඩ ගැසීමට උත්සාහ කරන බව පැවසීය. එම අවලාද නිෂ්ප්‍රභ කෙරෙන යම් අතීත සිදුවීම් පිළිබඳ විස්‌තර ප්‍රමාණයක්‌ මා වෙතින් දැනගැනීමට ඔහුට අවශ්‍ය විය. සෝමවංශයන්ගේ අන්වර්ත නාමය සිරි අයියා විය. ඔහුගේ කිට්‌ටුවන්තයින් සිරි අයියා යන ගෞරව නාමයෙන් ඔහු ඇමතීමට කැමැත්තක්‌ දැක්‌විය. කෙසේ වෙතත් සිරි අයියාගේ අවසරය නොමැතිව කිව හැකි දේ සහ මා ජීවත්ව සිටින තුරු කිසි දිනෙක කිසිවකුට නොකියනවා යයි තීන්දු කොට ඇති දේ හැර අනෙක්‌ විස්‌තර ඔහුට ලබාදුනිමි. ඔහු ඉන් සෑහීමකට පත්විය. එම කතාබහ අවසානයේදී මා ඔහුට එක්‌ ඉල්ලීමක්‌ ඉදිරිපත් කරන්නට යෙදුනි. මගේම වචනයෙන් කිවහොත් ''සිරි අයියාට ඉතිහාසය විසින් සාධාරණය ඉටු කළේ නැහැ. ඔහුගේ පක්‍ෂය ඔහුට සාධාරණය ඉටුකළේ නැහැ. ඔබලා වැනි ඔහු ගැන දන්නා මාධ්‍යවේදීන්වත් ඔහු මිය යන්නට පෙර ඒ යුතුකම ඉටුකළ යුතුයි'' යනුවෙන් මම ඉල්ලා සිටියෙමි.

පසුදින උදෑසන දුරකථනයෙන් මා ඇමතූ ධර්මන් ''ඔබ කිව් යුතුකම මට දැන් ඉටුකරන්න ලැබෙන්නේ නැහැ සිරි අයියා දැන් මිය ගිහින්'' යනුවෙන් ඒ වනවිටත් මා දැන සිටි ආරංචිය ඔහු මට දැනුම් දුනි. සිරි අයියා වැනි මමායනය හෙවත් මමත්වය ප්‍රහීන කළ අයෙකු ගැන ලියන්නට මා ගැනත් කියන්නට සිදුවීම පිළිබඳව පාඨකයන්ගෙන් සහ සිරි අයියාගෙන් සමාව අයදිමි. පියෙක්‌, මිත්‍රයෙක්‌, ගුරුවරයෙක්‌ එකවිට මියගිය විටෙක දැනෙන මහා වේදනාවක්‌ සිත්හි දරාගෙන මේ ලියවිල්ල ලියන්නට වෙනත් ආකෘතියක්‌ මාගේ සිතට දැන් වැටෙන්නේ නැත. සිරි අයියා ජනතා විමුක්‌ති පෙරමුණ හැර යැමෙන් පසුව ගතවූ වසරක කාලය තුළ සතියකට අවම වශයෙන් දෙවතාවක්‌ ඔහුට කතාකොට සුවදුක්‌ විමසීමට මා අමතක කළේ නැත. එහෙත් පසුගිය සති දෙකක කාලය තුළ සිතාමතා ඔහුට කතා නොකර සිටියෙමි. ඒ පිළිබඳව මම දැන් දැඩි ඇවත් සිතකින් පීඩා විඳින්නෙමි. ඒ පිළිබඳව ඔහුගෙන් සමාව ඉල්ලීමට දැන් ඉඩක්‌ නැතත් ඊට හේතු වූ කරුණ පාඨකයන්ට වැදගත් වනු ඇත. ජීවිත කාලයෙන් ලබාගත් අත්දැකීම් ප්‍රත්‍යාවලෝකණය කොට අනාගතයට ම`ගපෙන්වන ස්‌වයං චරිතාපදානයක්‌ ලියන ලෙස මම ඔහුට නිතර ඇවටිලි කළෙමි. අහස කඩා වැටුණ විට අස්‌කරන්නට පටන් ගන්නේ කොතනින්ද? දිනෙන් දින එම කර්තව්‍ය ආරම්භ කිරීම පමාවන විට මගේ බලකිරීමද වැඩි විය. ඊට අමතරව පවතින දේශපාලන තත්ත්වය තුළ ඔහුගේ භූමිකාව පිළිබඳවද පළකළ හොඳ නරක දෙකටම අදාළ කියාපෑම් ද ඔහුට බලවත් මානසික පීඩනයක්‌ එල්ල කළ බව මා හට වැටහිණි. ටික දිනක්‌ කතා නොකර සිටිය යුතු යෑයි මා තීරණය කළේ එබැවිනි. ඒ ටික කලට ඔහු අප සැමට සමුදෙනු ඇතැයි නොසිතුවෙමි. එහෙත් ඔහු වැඩිකල් ජීවත් නොවන බවට ඔහු තුළ වූ අවබෝධය මා වටහාගෙන සිටියෙමි.

පසුගිය විරු සමරු උත්සවය ඉහළින්ම පැවැත්විය යුතු යෑයි ඔහු තුළ බලවත් අදහසක්‌ තිබුණි. ඒ පිළිබඳව කතා කරන විටෙක ඔහු සිනාමුසු මුහුණින් ලබන සැරේ මම ඉඳියි ද යනුවෙන් මා දෙස බැලීය. අපේ ආයුෂත් අරගෙන අයියා තව අවුරුදු 10 ක්‌ ජීවත් විය යුතුයි යනුවෙන් මම පිළිතුරු දුනිමි. "එතෙක්‌ කල් අපට රටත් තියේවිද'' යනුවෙන් ඔහු පෙරළා ප්‍රශ්න කළේය. ''ඉතිහාසයේ අපට වැරදුණු සෑම විටම ඒවා නිවැරදි කරන්න අපට ඉඩ ලැබුණා. ඒත් මේ සැරේ එහෙම වෙයිද කියා මට සැකයි. මේ ඉතිහාසයේ අවසානයක්‌ද විය හැකියි'' ජනතා විමුක්‌ති පෙරමුණ නැතිව මේ සැරේ අධිරාජ්‍යවාදී මෙහෙයුම ආපසු හරවන්න බැහැ'' කිසි දිනෙක නිශේධනාත්මක දේ නොකියන සිරි අsයා පසුගිය නොවැම්බර් මාසයේදී කතා කළේ එසේය.

සිරි අයියා රෝහණ විඡේවීරනම් වූ ගුරුවරයා සේම උපාය මාර්ගික විශේෂඥයකු වන්නේ ඔහු සතුරාගේ සපත්තු දමාගෙන සතුරාගේ මේසයේ වාඩි වී ප්‍රශ්නය දෙස බැලීමට ඉගෙන ගෙන තිබූ බැවිනි. ඒ නිසා අන් සැමට වඩා ඔහුට දුර දැකිය හැකි විය. එදා 2003 දී ධර්මපාලතුමාගේ අධිරාජ්‍ය විරෝධි බලවේගය සහ රෝහණ විඡේවීරයන්ගේ අධිරාජ්‍ය විරෝධි බලවේගය එකට එකතු කොට නෝර්වේජියන් බෙදුම්වාදී මෙහෙයුම පරාජය කිරීමට අවශ්‍ය තත්ත්වයක්‌ නිර්මාණය කිරීමට ඔහුට හැකිවන්නේ ඒ උපාය මාර්ගික ඥානය තුළිනි. ඔහු එම උපාය මාර්ගික මෙහෙයුම නම් කළේ රතු කොඩිය හකුලා සිංහ කොඩිය දිග හැරීම යනුවෙනි. ඔහු විසින් සිදුකළ උපාය මාර්ගික තේරීම් නොවන්නට සටන් විරාම ගිවිසුම, තාවකාලික ආණ්‌ඩු යෝජනාව සහ සුනාමි සහන මණ්‌ඩල යෝජනාව පරදවා මහින්ද රාජපක්‍ෂයන් බලයට ගෙනවිත් යුද්ධය නිමා කරන්නට අවශ්‍ය පසුබිම සකස්‌ වන්නේ නැත. ඒ සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ උපාය මාර්ගිකව ස්‌ථානගත කරන්නේ ඔහු විසිනි. ඔහුගේ උපාය මාර්ගික දැක්‌ම මත ක්‍රියාකළ ජනතා විමුක්‌ති පෙරමුණ රටට පමණක්‌ නොව තම පක්‍ෂයටද ජයග්‍රහණ රැසක්‌ හිමිකර දුනි. ''නෝර්වේජියන් සාම මෙහෙයුම'' හරහා සුඩානය දෙකඩ වන විට ශ්‍රී ලංකාව ඒ මෙහෙයුමෙන් ගැලවෙන්නේ ඔහුගේ නායකත්වයෙන් ජ.වි.පෙ විසින් ඉටුකළ යුතුකම් කොටස නිසාය. ඒ කොටස නොතිබෙන්නට අනෙක්‌ කොටස්‌වලින් අපේක්‍ෂිත සමස්‌ත ප්‍රතිඵලය ලැබෙන්නේ නැත. ඒ නිසා අප රටේ ජනතාව සෝමවංශ අමරසිංහයන්ට සදාකල් ණය ගැති විය යුතු යයි මම නොබියව පවසමි. ජනතා විමුක්‌ති පෙරමුණේ දරුවන් තම මහ ගෙදරින් එලවා දමන්නේ එසේ තම පක්‍ෂය නම් වූ දරු පවුලට පමණක්‌ නොව රටටද පියෙකු වූ සෝමවංශ පියාණන්ය. එවැනි වූ පියෙකුට දැනෙන වේදනාව කොපමණ දැයි මැනිය හැකි ජගතෙකු මේ මිහිපිට සිටීද? සෝමවංශයන් වසරක්‌ තිස්‌සේ දරා සිටියේ ඒ වේදනාව නොවේද? මොළයේ එක්‌ නහරයක්‌ නොව ශරීරයම පුපුරා යන වේදනාවක්‌ ඔහු තනිව දරා සිටි බව මම ඉතා හොඳින් දැන සිටියෙමි.

ඒ වේදනාවේ අවසන් ප්‍රතිඵලය කුමක්‌ දැයි ඔහු ඉතා හොඳින් දැන සිටි බවටද සාක්‍ෂි ඇත. ඔහුගේ කාර්යාලය සහ නිවස ලෙස ඔහු භාවිතා කළ බැද්දගානේ නිවස ආපසු බාරදීමට සිදුවීමෙන් පසුව මෝටර් සයිකලයක නැගී වැස්‌සේ තෙමෙමින් රාජගිරියේ තම සොයුරාගේ නිවසට ගමන් කරන විට ඔහු පැවසූ දේ සිත් කම්පාකරවන සුළුය. බයිසිකලය පැදවූ තම විශ්වාසවන්ත සොයුරාට ඔහු පවසා ඇත්තේ මා මියගියහොත් මටත් රටටත් හතුරුකම් කරන අයට මගේ මිනිය විකුණන්න ඉඩ දෙන්න එපා යනුවෙනි'' ඒ ඔහු මරණය බාර ගැනීමට සූදානම් වූ අයුරුයි.

ඊට වසර 13කට පෙර ඔහුට ''බයිපාස්‌'' හෘද සැත්කමක්‌ සිදුකළ අවස්‌ථාවේදී ඔහුගේ අන්තිම කැමතිපත්‍රය ලියුම් කවරයක බහා එය ඇලවීමෙන් තොරව මා වෙත බාරදුනි. කිසිදිනෙක එය විවෘතකර බැලීමට සිදු නොවේවා යයි පතමින් එහි තිබෙන්නේ කුමක්‌දැයි මම විමසා සිටියෙමි. එවිට ඔහු සිනා මුසුව පැවසුවේ කිසිවෙකුට දෙන්නට මට දේපළක්‌ නැහැ. මේ තිබෙන්නේ දේශපාලන ඉල්ලීම් ඔබ ඊට සාක්‍ෂිකරුවකු වන්න යනුවෙනි. ඔහුට සුවය ලැබූ සැනින් මහා බරකින් සැහැල්ලු වුවාසේ මම එම ලිපිය තිබූ පරිදිම ඔහුට බාරදුනිමි. එහි තිබුණේ කුමක්‌ දැයි දැන සිටියේ ඔහු පමණි. එදා බෙදන්නට දේපළ කිසිවක්‌ නොතිබූ සෝමවංශයන්ට වසර 13 කට පසුව බැංකු ගිණුමක්‌වත් තිබුණේ නැත. ඉහත සඳහන් කළ විරු සමරුව සඳහා ජපානයේ ජීවත් වූ ඔහුගේ තවත් සටන් සගයකු එවූ ලක්‍ෂ 2 බැරකිරීමට ඔහු සතුව බැංකු ගිණුමක්‌ තිබුණේ නැත.

බැංකු ගිණුමක්‌ නැති ඒ මහා දේශපාලන නායකයා බැද්දගාන කාර්යාලයේ ජීවත් වූ කාලයේදී දහවල් ආහාරයට ගත්තේ උදේ ආහාරයෙන් ඉතිරිවූ දෙයකි. මා ඔහු මුණ ගැසුණු එක්‌ විවේකී දිනෙක අපි අපේ වසර 33ක මිත්‍රත්වය පිළිබඳ අතීත ආවර්ජනයක යෙදුනෙමු. 1983 දී ජනතා විමුක්‌ති පෙරමුණ තහනම් කළ පසුව ඔහු සහ මම බත්තරමුල්ලේ කුලී නිවසක වාසය කළෙමු. ඔහු කොළඹ සිටින සෑම දිනකම තේ හැදීම ඔහුගේ වගකීම වූ අතර කෑම පිසීම මාගේ වගකීම විය. රසවත් කෑමක රස හඳුනන ඔහු මාගේ කෑම තවදුරටත් ඉවසා සිටිය නොහැකි වූ විට කෑම පිසීමේ වගකීමද කැමැත්තෙන් භාර ගත්තේය. බැද්දගාන නිවසේදී ඔහු එදා මෙන් රසවත් තේ එකක්‌ සාදා මට පිළිගැන්වූ නමුත් අප දෙදෙනාට ආහාරයට තිබුණේ ඔහු උදේ ආහාරයට ගෙන ඉතිරි කළ පරිප්පු සහ සම්බෝල පමණි. අතීත ආවර්ජනය නිසා පමණක්‌ නොව ඔහුගේ දුෂකර ජීවිතය පිළිබඳ මාගේ දෑසට ඉනූ කඳුළු මට සැ`ගවිය නොහැකි විය. එවිට ඔහු සිනහ මුසුව පැවසුවේ දැන් මෙහෙම තමයි යනුවෙනි. ඒ පිළිතුර තුළ බොහෝ යථාර්ථයන් සැ`ගවී තිබිණි. ඔහුගේ සුපුරුදු ක්‍රමයට අනුව මේවා මොනවාද? මේවා ඉවසිය හැකියි. රටට සිදුවන දේ මට ඉවසිය නොහැකියි යනුවෙන් ඔහු තමාගේ දුක ස`ගවා දේශපාලන කතාවට ප්‍රමුඛතාවය ලබාදුනි.

ඔහුට සහ ඔහු විසින් ගොඩනැගූ කුඩා පක්‍ෂයට පසුගිය වසරක කාලය තුළ බරපතළ ආර්ථික අමාරුකම් තිබුණා වුවත් ඒවා පිළිබඳව ඔහු කිසිවිටෙක දුක්‌ ගැනවිලි ඉදිරිපත් කළේ නැත. ඔහු කිසිවිටෙක තණකොළ නොබුදින සිංහයෙකි. එහෙත් මිත්‍ර සමාගමේදී අහිංසක පූස්‌ පැටියෙකි.

ඔහු පස්‌පවින් වැලකී සිටි සිල්වත් උපාසකයෙකි. එහෙත් ඒ උපන්ගෙයි ගුණය ඔහුගේ නායකත්ව ගුණය දියාරු කළා. යෑයි මම සිතමි. දැඩිව සිටිය යතු තැන්වල ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව තම පහළ සාමාජිකයාට ඇහුම්කන් දීමේ ගුණය සීමාව ඉක්‌මවා රැකීමට උත්සහා කළ නිසා එවැනි ගුණ නොදන්න වුන්ගේ කඩු පහරට ඔහු ලක්‌වීය. තදින් සිටියුතු තැන්වල ඔහු තදින් සිටියා නම් අද ඔහු මෙන්ම රටටද මෙවැනි ව්‍යසනයකට තල්ලු වන්නේ නැත. දෙවිදත්තරලාට බෝධිසත්ව ගුණ වැටහෙන්නේ නැත. ඔහු දෙවිදත්තරලාට සමාව දුන් නමුත් ඔවුහු පෙරළා ඔහුට පහර දුනි. දරුවන් විසින් පියා මහ ගෙදරින් එළවා දමනු ඇතැයි ඔහු කිසිවිටෙක සිතුවේ නැත.

ඔහු බෝධිසත්වයකු වීමට පෙරුම්පිරූ ආකාරය මම අත්දැක ඇත්තෙමි. මා 2006 දී ඔහු බැලීමට ලන්ඩන් නුවරට ගියෙමි. ඔහු, අක්‌කා සහ පුතා සම`ග මම දින ගණනාවක්‌ ගත කළෙමි. 1971 දී සිරගත වූ ඔහු නිදහස්‌ වී පැමිණෙන තුරු අක්‌කා ඉවසීමෙන් බලා සිටි අයුරු සහ ඉන් පසුව 1989 මර්දනය හමුවේ ඇයට විඳින්නට සිදුවූ දුක්‌ගැහට ගැන ඔහු දීර්ඝ අතීතාවර්ජනයක යෙදුණි. අක්‌කා යසෝදරාවක්‌ දැයි මා විමසූ විට එහෙම වෙන්න අයියා බුදු වෙන්න ඕන නේද යනුවෙන් විහිළු කළ අක්‌කාට අයියා කියා සිටියේ තව පෙරුම් පුරන්න කොච්චර තිබෙනවාද යනුවෙනි. ඉන් ටික කලකට පසු පිළිකා රෝගයෙන් බරපතළ ලෙස රෝගාතුර වූ අක්‌කාගේ කැත කුණු සියල්ල අතගාමින් වසර කිහිපයක්‌ ඇය තනිවම බලාගත්තේ ඔහු විසිනි. ඒ දුක්‌ විඳින අතරතුර සෑම විටම මා වෙත ලියා එව්වේ අක්‌කා ඔහු වෙනුවෙන් කළ පරිත්‍යාගවල ණය ගෙවා නිම කළ නොහැකි බවය. ඔහු ඒ ණය ගෙවා අවසන් වීමට පෙර අක්‌කා මිය ගියේය. ඔහු වැනි බෝධිසත්ව ගුණ ඇති අන් අයකු මා ඇසුරු කොට නැත්තෙමි. ඔහුගේ ඒ ගුණ සුවඳ නොදත්තවුන් මොන තරම් අවාසනාවන්තයින්ද?

ඔහු අපෙන් සමුගන්නේ ඔහු වැනි උතුම් මිනිසුන් සහ උපාය මාර්ගික ඤාණය ප්‍රගුණ කළ දේශපාලන නායකයන් වඩ වඩාත් රටට අවශ්‍ය කාලයකය. ඔහු තමාට වැරදුණු තැන් පිළිබඳව නැවත මෙනෙහි කරන්නට පසුගිය වසරක දුක්‌ බරිත කාලය යොදාගත් බව මම දනිමි. එහෙත් ඒ දැනුම දැන් ඔහු සම`ගම වැළලී යනු ඇත. මා ඔහුට දුරකථනයෙන් කතාකළ අවසන් අවස්‌ථාවක මා කියූ දෙයකට ඔහු දුන් පිළිතුරකින් මෙම ලිපිය අවසන් කරමි. ''අපට වැරදුනු තැන් ගැන මතක්‌ කරනවානම් හැම දවසකම උදේට පැයක්‌ අ`ඩලා වැඩ පටන් ගන්න ඕන. ඒත් එහෙම කළා කියලා ඒවා නිවැරදි කරන්න ඉතිහාසය අපට ඉඩ දෙනවාද?''

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර

Sunday, January 3, 2016

පිස්සු දිවයින පත්‍රයටද නැත්නම් අපිටද?

මා අන්තර්ජාලයේ නිදහසේ සැරිසැරීමට මාසෙකට බදු රහිතවම ගෙඩි රුපියල් 1600 ක් ගෙවන්නේ මුලික වශයෙන් දිනපතා පුවත්පත් බැලීමටය. අද ඉරිදා දිවයින පුවත් පතේ දේශපාලන ලිපිය   කියවීමේදී මට හිතුනේ එක්කෝ එම ලිපිය ලියු සමන් ගමගේ මහතාට පිස්සුය  නැත්නම් මේ පත්‍රය බලන අපිට පිස්සුය කියාය. ඒ ගැන සාකච්චා කිරීමට සුදුසුම  තැන වෙබ් අවකාශය බැවින් එකී ලිපිය  පහතින් ඉදිරිපත් කරමි. ගමගේ මහතාගේ සහ  කතෘ තුමාගේ අනුදැනුමකින් තොරව මෙය උපුටා දැක්වීම ගැන මේ දෙපළ  උරණ නොවේ යයි වැඩිදුරටත් සිතමි.

සමරසේකර 

 අවුලක්‌ නෑ... වරද පිළිඅරන් අපි හිරේ යන්නං
කළු ජීප් ඉදිරියේ ඇඹරෙන ශ්‍රී ලංකා පොලිසියට ආදරයෙන් ලියමි..

මීට කලකට ඉහත මෙරට ජනතාව කම්පනයට සහ ඇතැම් අවස්‌ථාවල ප්‍රකෝපයටද පත් කළා වූ අසමඡ්ජාති සිදුවීම් පෙළක්‌ අපේ පොලිසිය තුළින් වාර්තා විය.

දොම්පේ පොලිසියේදී තරුණයකු මිය යැම, අඟුලාන පොලිසිය තරුණයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ ගල්කිස්‌සේදී උම්මත්තකයකු පොලිස්‌ පහරදීමට බියේ වැඳවැටෙමින් මුහුදේ ගිලී මිය යැම වැනි දේ ඒ අතරින් ප්‍රධාන තැනක තිබිණ.

මෙකී සිදුවීම් හමුවේ එකල කෝපයට පත්ව සිටි රටේ ජනතාව පොලිසිය කෙරෙහි වූ සිය ආවේගය පිටකරනු ලැබුවේ "පොලිසිය දැං බල්ලට ගිහින්" යෑයි සඳහන් කරමිනි. එලෙස පොලිසියට නම්බුනාම දෙන සමාජ මතවාදයක්‌ ගොඩනැගෙද්දී පොලිසිය වෙනුවෙන් පෙනී සිටි එවකට පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් ගුණසේකර මහතා අපූරු ප්‍රකාශයක්‌ කළේය.

"සිදුව ඇත්තේ පොලිසිය බල්ලට යැම නොව බල්ලන් දෙතුන් දෙනකු පොලිසියට රිංගීම" යෑයි හේ මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රසිද්ධියේම කීවේය. රංජිත් ගුණසේකර මහතාගේ එම ප්‍රකාශයත් සමග එදා අපි පොලිසියට එක්‌ කරුණක්‌ මතක්‌ කර දුන්නෙමු.

ඒ පොලිසියට බල්ලන් රිංගාගෙන සිටින්නේ නම් වහා උන් අල්ලා බැඳ දමා නගර සභාවේ "බලු වෑන් එකට" භාර දෙන්න යෑයි කියාය. නමුත් අප එසේ කීවද පොලිසියට එය වැටහුණේද යන්න පිළිබඳ මේ මොහොතේ මතුව තිබෙන්නේ බරපතළ සැකයකි.

පොලිසිය අද දවසේ බල්ලන් බැඳ දමනු වෙනුවට "බල්ලෝ නාවමින්" සිටීම අපේ ඒ සැකයට හේතු වී තිබේ. මේ දිනවල එකී බල්ලෝ නෑවීමේ අලුත්ම පොලිස්‌ නාඩගමේ ප්‍රධාන භූමිකා රඟමින් සිටිනුයේ රහස්‌ පොලිසියේ සහ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ඇතැම් නිලධාරිහුය.

සීඅයිඩීයේ එක්‌තරා පොලිස්‌ ලොක්‌කකු ඇතුළු කණ්‌ඩායමක්‌ එක්‌ව මෙකී කාර්යය ආරම්භ කරනු ලැබුවේ ඉකුත් ආණ්‌ඩු පෙරළියත් සමගිනි. ලක්‌ මාතාව හඬා වැළපෙද්දී රට බේරාගත් රණවිරුවන් මිනීමරුවන් යෑයි පවසා දඟ ගෙට යවමින් ඔවුහු ඒ කාර්යය ඇරඹූහ. දැනුදු එය සිදු කරන්නාහ. මෙහිදී රටට වින කළ එන්ජීඕ කාක්‌කෝ අත්පොළසන් දෙමින් පොලිස්‌ ලොක්‌කාට හුරේ දාන්නට වූහ.

අමුණෙ වැලි සිර වුණත් එන්ජීඕ කාක්‌කෝ සිටිනුයේ කෙසේ හෝ කුඹුර කොටවන තැනක වන්නාහ. උන්ට ඕනෑ "රණවිරුවන් එකායි.. දෙකායි" කියමින් ඒ විරුවන් මිනීමරුවන් කරමින් අස්‌වැන්න නෙළන්නටය. ඉතින් උන් පොලිස්‌ ලොක්‌කාට හුරේ දැමීය.

ඒ චියර් එකත් සමග තවත් උද්දාමයට පත් වූ සීඅයිඩීයේ පොලිස්‌ ලොක්‌කා "ශාහ් නියමයි" කියමින් බල්ලෝ නාවන අතරේ තෙමේ ද නාගන්නේය. ආණ්‌ඩුවද නාවන්නේය.

අපි ඒ පිළිබඳ ඉකුත් සතියේ මැනවින් රටට හෙළි කළෙමු. අද බල්ලෝ නාවන සීඅයිඩී ලොක්‌කා ඒ වතුරින් තමාද නාගන්නා අතරේ ආණ්‌ඩුවද නාවන අන්දම පැහැදිලිවම පෙන්වා දුන්නෙමු.

සීඅයිඩීයේ කතාව එසේ වෙද්දී දැන් ඊළඟ නෑවිල්ල අරඹා ඇත්තේ කොළඹ අපරාධ කොට්‌ඨාසය ය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ තගරිය ඉදිරියේය.

දෙමටගොඩ ගුවන් පාලම යට වෙළෙඳ සැළේදී පසුගියදා තරුණයකු පැහැරගෙන ගියේ හිරුණිකාගේ මිනිස්‌සුය. ඔවුන් තමාගේ පෞද්ගලික ආරක්‍ෂකයන් බව හිරුණිකාම පැවසුවාය. එසේම ඇගේ ආරක්‍ෂකයන් යෑයි කියන ඒ මැරයන් තරුණයාව බෙල්ලෙන් ඇදගෙන ගොස්‌ දමාගත් කලු ඩිෙµන්ඩරයද හිරුණිකාගේය. ඒ බවද ඇය පිළිගත්තාය.

පැහැරගත් තරුණයා රැගෙන ගොස්‌ තිබුණේද කොලොන්නාවේ පිහිටි ඇගේ කාර්යාලයකටය. අවසානයේ පැහැරගැනීමට ලක්‌ වූ තරුණයා මැරයන්ගෙන් බේරී පැමිණ පොලිසියට පැමිණිල්ලක්‌ කරමින් පැහැදිලිවම කියා සිටියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන කාර්යාලයේ මේසයක්‌ මත හිඳගෙන තමන්ට බැණවදිමින් මරණීය තර්ජන එල්ල කළ බවකි.

මෙම තත්ත්වය හමුවේ රටේ බොහෝ දේශපාලනඥයන් සේම රට පිළිගත් නීතිවේදීන් පවා තාර්කිකව කරුණු පෙන්වා දෙමින් කියා සිටියේ එකී තරුණයා පැහැර ගැනීමේ සිද්ධියේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද පැහැදිලිවම සැකකාරියක වන බවකි.

එහෙත් ඔවුන් එසේ කියද්දී හිරුණිකා අරබයා පොලිසිය කීවේ වෙනෙකකි. ඇයට චෝදනා නඟන්නට සාක්‍ෂි නොමැති බව සීසීඩීය කීවේය. ඔවුන් එසේ කීවේ පැහැර ගැනීමට ලක්‌වූ තරුණයා හිරුණිකා තමාට මරණීය තර්ජන කළ බව පැහැදිලිවම කියා සිටිද්දීය. හිරුණිකා පිළිබඳ සාක්‍ෂි නැතැයි යන පොලිසියේ කියමනට අනුව එසේ නම් දැන් ඒ තරුණයා කර ඇත්තේ අසත්‍ය පැමිණිල්ලක්‌ද? එය අපට මතුවන ගැටලුවය.

ඇස්‌පනාපිට සිද්ධියක්‌ සිදුවී මෙසේ ගැටලු මතු වන කල්හි කොළඹ අපරාධ කොට්‌ඨාසය හෙවත් සීසීඩීයත් "බල්ලෝ නාවනවා" කියනු හැර අප වෙන කුමක්‌ කියන්නද? කෙසේ වෙතත් දැන් ඒ කතාව සීසීඩීය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

තරුණයා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනකුම අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියදී පොලිසිය මෙසේ හිරුණිකා පිළිබඳ පමණක්‌ නීතිපති විමසනුයේ කෙසේද? ඒ කුමක්‌ නිසාද? මෙය ඉකුත් ආණ්‌ඩුව සමයේ නොතිබුණේ යෑයි කී සහ යහපාලනයෙන් පසු සැමට එක හා සමානව ක්‍රියාත්මක වන්නේ යෑයි කියන රටේ නීතිය විය යුතුය.

අට දෙනකුම පොලිස්‌ බලතල යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරෙද්දී තරුණයා පැහැරගත් ඒ අට දෙනාට රැකවරණ දුන්, ඔවුන් තමන්ගේ ආරක්‍ෂකයන් ලෙස තබාගත්, පැහැරගැනීම සිදු කළ ජීප් රථයේද හිමිකාරිය වූ සහ ඒ තරුණයාව රැගෙන ගිය දේශපාලන කාර්යාලයේ අයිතිකාරියද වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබඳ පොලිසිය නීතිපති විමසන්නේය. එය අපූරු ක්‍රමයකි.

ලෙනාඩ් වුල්µaට අනුව අතීතයේ බැද්දේගම සිටි සිලිඳු සුදු උසාවියට ගොස්‌ "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" යෑයි කීවේ මේ ක්‍රමයට එරෙහිවය. ඒ සිලිඳු අද සිටියා නම් මෙකී සීසීඩීයේ නාඩගම දැක "නඩුත් ආණ්‌ඩුවේ බඩුත් ආණ්‌ඩුවේ" කියනු සිකුරුය.

අද හිරුණිකා සම්බන්ධයෙන් මෙසේ කටයුතු කරන පොලිසිය පසුගිය කාලයේ සිටියේ ඊට හාත්පසින්ම වෙනස්‌ම වූ තැනකය. එහිදී රටම හිනස්‌සමින් සිදු කළ මඤ්ඤං විමර්ශනද බොහෝ විය. එසේ වූයේ කුමකටද කාගේ වුවමනාවකටද යන්න අදටත් අභිරහසකි. පොලිසියේ ඒ යටගියාව පිළිබඳ කතා කිරීමේදී කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතන විමර්ශන තිබෙන්නේ ඉහළම තැනකය.

සේයා ඝාතනය කෙරිණි. එහිදී මුලින්ම පාසල් ශිෂ්‍යයකු සහ එක්‌ දරු පියකු කොටදෙණියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඔවුන් අත්අඩංගුවට ගැනීමේදී සාක්‍ෂි නැතැයි කියමින් හිරුණිකාට මෙන් නීතිපති විමසන්නට පොලිසිය ක්‍රියා නොකළේය. එක්‌දරු පියා සහ ශිෂ්‍යයා අත්අඩංගුවට ගත් කොටදෙණියාව පොලිසිය ඔවුන් දෙදෙනාට හොඳහැටි පහර දී ප්‍රශ්න කළේය. පසුව අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ඒ කොතැනකදීවත් පොලිසිය නීතිපති විමසුවේ නැත. එහිදී පොලිසිය කීවේ යම් යම් තොරතුරු මත ඇති වූ සැකය හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව පමණකි. සේයා සිද්ධියේදී එසේ කටයුතු කළ පොලිසියට අද හිරුණිකා පිළිබඳ අබමල් රේණුවක තරම්වත් සැකයක්‌ ඇති නොවීම පුදුම සහගත නොවේද?

ඊළඟට ආවේ කොණ්‌ඩයාගේ කථාවය. දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්‌ඩයා අත්අඩංගුවට ගනු ලැබුවේ රහස්‌ පොලිසිය මගිනි. එසේ අත්අඩංගුවට ගැනුණු දුනේෂ්ට හෙවත් කොණ්‌ඩයාටද රහස්‌ පොලිසියේදී අම්බානකට කන්න සිදු විය. "මට හොඳටම ගහලා වැඩේ භාර ගනින් කිව්වා" චෝදනාවෙන් නිදහස්‌ වීමෙන් පසු කොණ්‌ඩයා ඒ පිළිබඳ මාධ්‍යයට පාපොච්චාරණය කරනු ලැබුවේ එසේය.

නමුත් කොණ්‌ඩයා අත්අඩංගුවට ගෙන පහරදී සේයා ඝාතනය ඇඟේ ගහන්නට ගත් උත්සාහයේදීත් පොලිසියට නීතිපති නම් මතක්‌ නොවුණි. පොලිසිය කීවේ සාධාරණ සැකය මත අත්අඩංගුවට ගත් බව පමණි. එසේ ක්‍රියා කළ පොලිසියට අද හිරුණිකා පිළිබඳ සැකයක්‌ මතු නොවීම විශ්මයකි.

මේ වන විට දේශපාලන බලය ඉදිරියේ අපේ පොලිසිය නිකම්ම නොව කොන්ද කඩාගෙන "බල්ලෝ නාවන" බව පෙන්වා දීමට ඇති අනෙක්‌ කතාව වන්නේ ඉකුත් මැතිවරණ සමයේදී සිදුවූ බ්ලූමෙන්ඩල් වෙඩි තැබීමය. බ්ලූමෙන්ඩල් වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී ඇත්තේ දෙමටගොඩ චමින්ද පාර්ශ්වයටය.

මේ චමින්ද පාර්ශ්වය යනු හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දැඩි වෛරයට පාත්‍ර වූවෝය. ඇය ඉකුත් මැතිවරණ සමයේ දේශපාලන වේදිකාවල මෙන්ම මාධ්‍ය ඉදිරියටද පැමිණ ජනතාවගේ සාතිශය අනුකම්පාව දිනා ගත්තේ චමින්දලා ගැන සඳහන් කරමිනි.

ඒ අතරේ කොළඹ දේශපාලනඥයකු විදේශගතව සිටි පාතාලයන් පිරිසක්‌ යළි මෙරටට ගෙන්වා කිරි පොවද්දී කෙසේ හෝ බ්ලූමෙන්ඩල් වෙඩි තැබීම සිදු විය. එය සිදු කළේ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකි. වෙඩි ප්‍රහාරය එල්ල වූයේ කොළඹ දේශපාලනඥයාගේ ප්‍රචාරක රැස්‌වීමකදීය.

නමුත් අවසානයේ ඒ පිළිබඳ විමර්ශන සිදු කළ රහස්‌ පොලිසිය බ්ලූමෙන්ඩල් වෙඩි තැබීමට පැමිණි සිව් දෙනා වෙනුවට චමින්දගේ අයියා වන දෙමටගොඩ රුවන් ඇතුළු පුද්ගලයන් දහතුන් දෙනකුම අත්අඩංගුවට ගෙන ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කළේය.

අද හිරුණිකා සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලදී නීතිපතිවරයා විමසන පොලිසිය එසේ සිව් දෙනකු පැමිණ කළ වෙඩි තැබීමක්‌ හමුවේ දහතුන් දෙනකු අත්අඩංගුවට ගැනීමේදී නීතිපතිවරයා නොවිමසීය. සියලු පොලිස්‌ බලතල යටතේ ඒ විමර්ශනය සිදු කළේය. මෙහිදී නීතිපතිවරයා නොවිමසුවාට දේශපාලනඥයන් විමසුවේදැයි පොලිසියෙන් ඇසිය යුතුය.

කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමග අද තමන් ඇතුළු දරුවන් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ ඉකුත් සතියේ දෙමටගොඩ රුවන්ගේ බිරිඳ "දිවයින" ට පැමිණ මෙලෙස සඳහන් කළාය.

"එදා ඔය වෙඩි තැබීම සිදු වෙනකොට මගේ මහත්තයා රුවන් හිටියේ ගෙදර.. සිද්ධියට එයාගේ මල්ලි චමින්ද ගැන කියවෙනකොට රුවන් ගොඩක්‌ බය වුණා.. එයා මට කිව්වා ෂුවර් එකටම මේකට මාවත් පටලවයි කියලා..

"මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්‌.. මේ රටේ ආණ්‌ඩුවට නිවැරදි විදිහට බදු ගෙවලා සේවකයෝ හතළිහකට පමණ රැකියා දීලා එයා ව්‍යාපාර කටයුතු කළා. මේ සිද්ධියෙන් පස්‌සේ සීඅයිඩී එකෙන් අපේ ගෙදරට ආවා.. රුවන් කෝ කියලා මගෙන් ඇහුව්වා.. මම කිව්වා එයා ගෙදර නැහැ කියලා.. ඒ වෙනකොට මගේ මහත්තයා බයටම වෙන තැනක නතර වෙලා හිටියේ..

"පස්‌සේ කොහොම හරි සීඅයිඩී එකෙන් එයාව අත්අඩංගුවට ගත්තා.. ඊට පස්‌සේ ගෙදරට ඇවිත් අපේ ගෙදර තිබෙන සීසීටීවී කැමරා පද්ධතිය ගලවගෙන ගියා.. ඒ ගිහින් ඒක පරීක්‍ෂා කරලා මගේ පාසල් යන දරුවවත් ගෙනල්ලා පැය හතරක්‌ සීඅයිඩී එකේ තියාගෙන ප්‍රශ්න කළා.

"ඔවුන් කිව්වේ අපි සීසීටීවී කැමරාවල තිබුණු දර්ශන මකලා කියලා.. ඒක කැඩිලා තිබුණේ.. කිව්වට පිළි ගත්තෙම නැහැ.. පස්‌සේ පොලිසිය කොළඹ විශ්වවිද්‍යාලයට යවලත් ඒක පරීක්‍ෂා කළා.. මොකුත්ම තිබුණේ නැහැ.. ඒත් අන්තිමට සීසීටීවී කැමරා දර්ශන මැකුවයි කියලා මගේ මහත්තයව බ්ලූමෙන්ඩල් සිද්ධියට පටලවලා බන්ධනාගාරගත කළා..

"දැන් මාස තුනක්‌ වෙනවා.. එයා නැතුව අපේ ව්‍යාපාර සියල්ල කඩා වැටිලා.. සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක්‌ උදා වෙලා.. නිවස හදන්න ගත්ත ණය ගෙවා ගන්න බැරුව ගේ බැංකුවට අයිති වෙන්න යනවා.. වාහනවල µsනෑන්ස්‌ ඇරියස්‌ වෙලා.. මහත්තයා බේර ගන්න මේ වෙනකොට ලක්‍ෂ ගාණක්‌ වියදම් කරන්න වුණා.. අපි අද අන්ත අසරණ වෙලා ඉන්නේ.. මේ සිද්ධිය නිසා දරුවන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක්‌ උදා වෙලා තියෙන්නේ.."

බ්ලූමෙන්ඩල් වෙඩි තැබීම සම්බන්ධයෙන් සිව් දෙනකු වෙනුවට විමර්ශන සිදු කළ සීඅයිඩීය දහතුන් දෙනකුම ඇතුළට යෑවීමේ අමුතු කතාවේ අසිරිය අද ඇසෙමින් තිබෙන්නේ එසේය.

දෙමටගොඩදී තරුණයකු පැහැර ගැනීම සම්බන්ධයෙන් ඇස්‌ ඉදිරියේ බොහෝ දේ තිබියදී සාක්‍ෂි නැතැයි කියමින් හිරුණිකා සම්බන්ධයෙන් නීතිපතිවරයා විමසන පොලිසියේ කෙරුවාව ඇත්තේ එතැනය.

ඉතින් මෙවන් තත්ත්වයක්‌ හමුවේ පොලිසිය කාගේ හෝ බහට බල්ලෝ නාවනවා යෑයි කියනු හැර අපට කියන්නට අන් යමක්‌ නැත. මන්ද පෙනෙන්නට තිබෙන්නේ එය වන නිසාය. සියල්ල මෙසේ වෙද්දී අවසන් වශයෙන් කියන්නටද අපට පුංචි කතාවක්‌ ඇත.

අතීතයේදී බැද්දේගම සිලිඳු සුද්දන් ඉදිරියේ කීවේ "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" කියාය. එහෙත් අද පොලිසියේ මේ අරුම පුදුම විමර්ශන දෙස බලා අපට කියන්නට සිදු වන්නේ "නඩුවත් ආණ්‌ඩුවේ බඩුවත් ආණ්‌ඩුවේ කියාය.

සමන් ගමගේ