Monday, April 18, 2016

න්‍යෂ්ටික සිංහල පවුලක අවුරුදු උත්සවයකට සහභාගී වීමි


මෙවර අලුත් අවුරුදු සමයේදී හැටන් ප්‍රදේශයේ තේ වත්තක දින තුනක් ගත කිරීමේ අවස්ථාව ලැබුනේ ඥාති දියණියකගේ ඇරයුමක් නිසාය.වත්තේ නම නම් මතක නැහැ. ඒක ingestri වාගේ දිව උලුක්වෙන ඉංග්‍රීසි වචනයක්.අපේ රටේ තේ වතුවල පුරෝගාමී වැවිලි කරුවන් මෙ රටට ආවේ ස්කොට්ලන්තයේ   ඉඳලයි. ඒ නිසා වෙන්නැති skotish උරුවේ ඉංග්‍රීසි නමක් තියෙන්නෙ. ලස්සන පරිසරයක ඇති වත්තේ බංගලාව සතුව සිත්කළු ගෙඋයනක්ද තිබුනා මේ එහි දර්ශන තුනක්.    


















මා මේ  සංචාරයේදී දුටු වැදගත්ම දර්ශනය ගැන ලියන්නයි දැන් යන්නෙ. ඒ තමයි සිරීපාද කන්ද. මා කොතෙක් මෙ රටේ කඳු දැක තිබුනත් සිරීපාද කන්ද වාගේ පුජනියත්වයකින්  යුත් වෙනත් කන්දක් නම් දැක නැහැ. රටේ එක එක තැන්වලට සිරීපාද කන්ද පෙනෙනවා. ඒ  කොයි තැනක සිට බැලුවත් සිරීපාද කන්දේ ඇති පුජනීයත්වය එලෙසම පෙනෙනවා.  මේ වතු බංගලාව හදන කොට එකෙ  ප්‍රධාන නිදන කාමරය හදලා තියෙන්නෙ  සිරීපාද කන්ද මැනවින්  පෙනෙන  ආකාරයටයි.

 මේ උදේ මිහිදුම් සළුව ඇඳීමට පෙර මගේ කැමරාව දුටු සිරීපාද කන්ද.

























වලාකුළු වලින් වැසීම නිසා දිවා කාලයේදී සිරීපාද කන්ද පෙනෙන්නෙ නැහැ. නැවතත් සැඳෑඅඳුරත් සමග වලාකුළු ඉවත් වෙන්නේ මහමළුවේ ඇති පහන් පෙළ පෙන්නන්න වාගෙයි. මහමලුව මෙන්ම විදුලි පහනින් මග මේ යයි පෙන්වූ හැටන් මාවත සහ රත්නපුර මාවත මගේ ඇස ගැටීමට තරම් මා නෙත්  පිංකර තිබුනා.

මේ  සිරීපාද  කන්ද සන්ධ්‍යා සමයේදී   මා දුටු අන්දමයි. හොඳින් බැලුවොත් සිරීපාද කන්ද මුදුනේ ඇති මහ මළුවත්  පෙනෙනවා.


















මා සතු කැමරාවේ දුබල කම මෙ ෆොටෝ වලින් මැනවින් පෙනෙනවා. මාලඟ දැනටමත් එකක් තියෙන නිසා තවත් කැමරාවක අවශ්‍යතාවයක් මීට පෙර දැනුනේ නැති උනත්, දුර තිබෙන දර්ශන මැනවින් රූ ගත කිරීමට මගේ කැමරාව පොහොසත් නැති බව අද මට වැටහුනා. ඒ නිසා  හොඳ කැමරාවක් මිලට ගෙන මටත් මේ කැමරාව ලැබුණු විධ්යටම  මේක කාට හරි නිකම් දෙන්න හිතුවා.  ඒකටත් හැබැයි ඉස්සර වෙලාම  ගෙඩි රුපියල් 70,000ක් විතර හොයා ගන්න ඕනෑ.

මේ පහල තියෙන ෆොටෝ එකේ මොකුත් නොපෙනුනාට උඩින්ම පෙනෙන පුංචි ආලෝක තිත එන්නෙ  මහ මලුවෙන්. 









උදේම අපි ගියේ තේ පැක්ටෙරිය  බලන්නයි. පවුල් දෙකකටම යන්න එක කාරයක ඉඩ මදි  නිසා පැට්ටෝ ටික ඩිකියට දැම්මා. බංගලාවෙ තිබුන මෝටර් බයිසිකලයේ දෙදෙනෙක් ගමන් කළා. මේ පැට්ටෝ ටික සතුටින් ඩිකියේ ඉන්න අන්දමයි.පවුල් දෙකකටම පැට්ටෝ හිටියේ තුන් දෙනයි. ඒක නිසා මම මේ පවුල් දෙක න්‍යෂ්ටික  පවුල් දෙකක් විදියට හඳුන්වලා දෙන්නම්. 














මේ අපේ පවුල් දෙකේ කුමාරියන් දෙදෙනා. ලොකු මිනිබිරිට වයස අවුරුදු 9යි. පොඩ්ඩිට  අවුරුදු 6යි. 










මෙ තමයි අපි තේ නිෂ්පාදනය වෙන හැටි බලපු තේ කර්මාන්ත ශාලාව. 







සෞඛ්‍ය ආරක්‍ෂිත හා අන් ආරක්‍ෂිත හේතු නිසා අමු තේ දළු අඹරන ආකාරය නම් අපට පෙන්නුවේ නැහැ. අපට පෙන්නුවේ ඇඹරූ  තේකොල වලට ඉන්පසුව සිදුකරන කටයුතු විතරයි. 




















මේ තේ නිෂ්පාදනය කරන ආකාරය ගැන අපට තොරතුරු කියා දෙන කර්මාන්තශාලා කළමනාකාර තුමා.
























අක්කා නංගිට තේ ගැන පාඩමක් කියලා දෙනවා.




තේ කම්හලේ අවසානයට අප බැලුවේ තේ රස පරික්ෂා කරන කොටසයි.





































තේ කම්හලේ තිබු ට්‍රැක්ටරයක නැගිලා රවුමක් යන්නත් පැට්ටෝ තුන්දෙනාට අවස්ථාව ලැබුනා. මෙ ජිවිතයේ පළමු වරට ඔවුන් ට්‍රැක්ටරයක නැගී  ගිය ගමනයි.

























ඊට පස්සේ තිබුනේ අමාරුම කොටසයි. ඒ තමයි පැට්ටෝ තුන් දෙනෙකුට අවුරුදු උත්සවයක් පවත්විමයි.  අඬගහ ගන්න වෙන පොඩ්ඩො පළාතක වත් නැහැ.ඒත් වැඩේ අතහැරියේ නැහැ. 



මේ කණා මුට්ටිය බිඳීමේ තරඟයයි.
























පැට්ටෝ නැති නිසා ලොකු අයටත් සෙල්ලමට සහභාගී වෙන්න සිදු උනා.



















අවුරුදු කුමාරිය තේරීමේ තරඟය තිබ්බත් තරඟ කාරියන් දෙදෙනක් පමණක් සිටීම නිසා ඒ දෙන්නාම තරඟයෙන් දිනුවා. මේ අත්තම්මා සමග සිටින අවුරුදු කුමාරියන් දෙදෙනා. 




අන්තිමට අවුරුදු උත්සවයට සහභාගිවූ තරඟ කරුවන් සහ ප්‍රේක්ෂකයෝ.

මෙතන ඉන්නේ ලොකු අත්තා ,අත්තම්මා සහ මුනුබුරා සහ මිනිබිරියෝ දෙදෙනා. 











මෙතන පවුල් දෙකේ අම්මමලා දෙන්නාත් ඉන්නවා  













මෙතන ඒක පවුලක අප්පච්චි කෙනෙක් විතරයි ඉන්නෙ. වතු අධිකාරි කමක් කියන්නෙ යකා බැඳ ගත්තා වාගේ වැඩක්. වතු අධිකාරි අනික් අප්පච්චි සේවකයන්ට මොකක්දෝ ගෙවීමක් කරන්න කම්හලට ගිහින් .





















Post a Comment