Friday, April 22, 2016

සමුපකාරිකයන්ටත් මැයි දිනයක අවශ්‍යතාවය දැනිලා



Image result for cooperative flag













සමුපකාර වෘතිකයන්ගේ මැයිදින රැස්වීමක්. 

ආර්ථික සංවර්ධනය වෙනුවෙන් රාජ්‍යඅංශය පෞද්ගලික අංශය මෙන්ම සමුපකාරඅංශයද දායකවියයුතු බව ලෝකයම පිළිගත් මතයක්. එබැවින් බටහිර ධනවාදී ආර්ථික ක්‍රම ඇති එංගලන්තයේ, ඇමරිකාවේ පමණක් නොව ධනවාදී ජපානයේද ආර්ථිකය හසුරුවන එක් වැදගත් සාධකයක් වන්නේ සමුපකාර වියාපාරයයි. 

ඉෂ්රාලය ඉන්දියාව චීනය ආදී රටවල්වල පමණක් නොව අද අපි අනුගමනය කරන්නට සිහින මවන සින්ගප්පුරුවේද ආර්ථික සංවර්ධනයේදී සමුපකාරය සතු කාර්ය භාරය අමතක කර නැහැ. ඒත්  තියෙන දෙය සංවර්ධනය නොකර ඒවා විනාශ කරන්නට තැත් කරන  අති පණ්ඩිතයෝ ටිකක් නිසා අපේ රටේ තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් වෙලා තියෙනවා . 

 අද දිනය වන විට අපේ රටේ සමුපකාර ව්‍යාපාරය නැත්තටම නැතිවෙන්නට පිරිහී ගොස් ඈති බව අවිවාදිත කරුණක්. මේ පිරිහීමට රජයේ  ප්‍රතිපත්ති සම්පාදකයන්, රාජ්‍ය නිලධාරින්, සමුපකාර නිලධාරින් දේශපාලන අභිමතාර්ථ  මුදුන් පත් කිරීමට සමුපකාරය  පාවිච්චි කල දේශපාලකයන්  ආදී විවිධ පාර්ශව කරුවන් වගකිව යුතු උනත් අද ඒ ඔක්කොම සමුපකාරයේ සාරය උරා බිවාට පස්සේ නිහඬ වෙලා. අද අපේ රටේ සිටින ජනාධිපති තුමාත් ඒක කාලයක විව්ධ සේවා සමුපකාර සමිතියක සැපයුම් නිලධාරියෙකු ලෙස තම ජිවනෝපාය රැක ගත්තත් කලෙක තමන්ට සෙවන සැලසු සමුපකාර වියාපාරය පිරිහී ගොස් රටේ පොදු ජන ජීවිතය අඩාලවී ඇති ආකාරය දැක දැකත්  එතුමත් නිහඬයි.

 මෙ අතර පෙරේදා කෑගල්ලේදී සමුපකාර වෘතිකයන් කිහිප දෙනෙක් විසින් කල සුහද සාකච්චාවකට සහභාගිවීමට මටත් වාසනාව ලැබුනා. මහජන බැංකු සේවයේ යෙදි සිටියදී සමුපකාර ග්‍රාමීය බැංකු ක්‍රමය වර්ධනය කිරීමට වෙහෙස ගත් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඇරඹි මේ හමුවට තවමත් මාවනැල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති වරයා ලෙස කටයුතු කරන අපේ රටේ සමුපකාර වියාපාරය සමග 40 වසරකට අධිකව සජීවීව දායකත්වයක් ලබාදී ඇති කප්පාගොඩ මහතා මෙන්ම ජනසවිය වියාපාරය තුල අරනායක විවිධ සේවා සමුපකාර සමිතිය ඉහලටම නැංවූ සමුපකාර නායකයෙකුව සිටි  ඊ. විජේසිංහ මහතාද සිටීම දැකීමට තරම් මගේ දෑස පින්කර තිබුනා. එමෙන්ම තවමත් සමුපකාර වියාපාරය හා සමග සජිවව සම්බන්ධවී සිටින රඹුක්කන ඉඩම් සංවර්ධන සමුපකාර  බැංකුවේහිටපු  සභාපති ගංගා මිල්ලව මහතාද  සුහද හමුවට  පැමිණ සිටියා.මෙ ත්‍රිමුර්තිය  එකතු කර ගෙන අපි අපේ දේශපාලන මති මතාන්තරයන් පසෙකලා, හඬක් නැගීමට නොහැකිව අද අසරණව සිටින සමුපකාර සාමාජිකයන්, සමුපකාර සේවකයන් මෙන්ම සමුපකාර රාජ්‍ය නිලධාරියන් වෙනුවෙන් නැගී සිටිමු. හොරට නිදාගෙන ඉන්නා රාජ්‍ය සහ නිල සමුපකාර බලධාරීන් ඇහැරවීමේ පුළුල් වැඩපිළිවෙලකට අත්තිවාරම දමමු. සමුපකාර ප්‍රජාව මෙන්ම සහයෝගීතාවට කැමති මානව දයාව ඇති විවිධ තරාතිරමේ පුද්ගලයන් සමුපකාර ධජය තුල ඒකරාශී කිරීමට ප්‍රයත්න දරමු. .   

 සමුපකාර හැඟීමෙන් යුතුව සමුපකාර මැයි දිනයකට එක් වෙමු.


 විවිධ බඩ ගෝස්තර වාදීන් විසින් සාරය උරා බි හපකර දමා ඉවතට විසිකර ඇති සමුපකාර වියාපාරය නැවත ගොඩ නැංවීමේ ආරම්භක පියවරට එක්වෙමු.

සමරසේකර 



12 comments:

Kawindu Jayasinghe said...

සමුපකාරයෙන් තමයි ඉස්සර අපි බඩු ගන්නේ... ටිකක් පෝලිමේ යන්න එහෙම තියෙනවා ඉතින්.... දේශීය රෙදි පිළි එහෙමත් විකුනන්න තිබුනා මතකයි . ජයවේවා !!!

සමරසේකර said...

කවිඳු,
ඔබේ දිරි ගැන්වීමට ස්තුතියි. අපේ රටේ සමුපකාර ව්‍යාපාරය පිරිහීම නිසා අසරණවූ හඬක් නැංවීමට නොහැකි ප්‍රජාව වෙනුවෙන් හඬක් නැංවීමට සමුපකාර ධජය යටතේ එකතු වෙමු. අපිට ඉර හඳ තාරකා තරම් ආලෝකයක් විහිදුවන්නට ශක්තියක් නැති උනත්,ඉටි පන්දමකින් දෙන ආලෝකය තරම් ආලෝකයක් දෙන්න පුලුවන්නෙ. එවැනි ඉටිපන්දම් ආලෝක දෑස දහස් ගනිනින් දැල්වීමට සුදානම් වෙමු.

සමරසේකර

vicharaka said...

අපි පුංචි කාලේ හාල්පොතට හාල් ගත්ත කාලේ තමයි සමූපකාරය හඳුනාගත්තේ. බඩු හිගයක් වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ හරි බඩු ගන්න පුළුවන් තැන වුනෙත් සමූපකාරය. නමුත් එදා සිට අද දක්වා මා දැක නැහැ, තරගකාරීව සමූපකාරය වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඇතිකරන්න, ඇත්තම උනන්දුවක්, කිසිම රජයකට තිබෙන බව.

සෙන්නා said...

මටත් තිබුනා සමූපකාරෙ ගිය, ඒ ගිහින් කූපන් වලට බඩු ගත්ත අතීතයක්..ලංකාවේ සමූපකාරය බංකොලොත් වුනාට (කෙරුනට ) වෙන රටවල ජයටම නැගලා යනවා.. ජපානයේ එංගලන්තයේ විතරක් නෙමේ ඒකාධිපති මැදපෙරදිග රටවලත් සමූපකාරය විශාල ව්‍යාපාරයක්...

ලොකු පුතා said...

මටත් මතකයි ඉස්සර කාඩ් වලට බඩු ගත්ත හැටි...

ඇණයා Nut Man said...

හ හා මීයන්ගේ මැයි දිනය.

සමූපාකාරයේ මොටෝ එක “ජනතාවට සොරකම, වංචාව පුරුදු කරමු“

MPP Gunasinghe said...

සමූපකාරය පුංචිම පුංචි මිනිසුන්ට ප්‍රයෝජනවත් වන ආයතනයක් විදිහට බොහොම බාධක මැද්දෙ වුනත් තවම තියනවා. සමූපකාරය යන්නේ ඉතාම පුළුවල් අර්ථයක් තිබිණත් සාමාන්‍ය පට නිතරම සිහිවෙන්නෙ කඩයක්. සමරෙලා වගේ කැක්කුමක් තියන අය මේක දියුණකරන්න දරන ප්‍රයත්නයට සුබ පතන්න මාත් එකතුවෙනවා

Kawindu Jayasinghe said...

මගේ ගෝලයෙක් ඉන්නවා කෑගල්ලේ එයාට අපි කිව්වේ පුවක් බාස් කියලා.. පුවක් ගැන මගේ "මගනැගුම " බ්ලොග් සීරිස් එකේ හරියට ලියවිලා තියෙනවා . නියම "සමුපකාරික මිනිහෙක්" මෑන්ස් එවන්නද මයි දිනේට?

samarasekara sithuvili said...

@ විචාරක තුමා

ඔබගේ උනන්දුව මා දිරිමත් කරනවා.සශ්‍රික පලාතක්වූ වයඹ පළාතේ දියුණු සමුපකාර ක්‍රමයක් තිබුනත් ඒක දැන් පොදු ජනතාව අතරට ගිහින් නැහැ. පොදු ජනතාව අතරින් සොරා ගත් සමුපකාර වියාපාරය නැවත සාමාන්‍ය ජනතාවට පත් කිරීමට ඔබත් එකතු වන්න. 1 දා කෑගල්ලට එන්න.

@ කවිඳු,
ඔබගේ උනන්දුව අගෙයි. ඔබේ මිත්‍රයා මුණගැසෙන්න මා ආශාවෙන් බලා ඉන්නවා.
@ ගුණසිංහ මහතා,
සමුපකාරය මිය අදුනොත් පුංචිම පුංච් මිනිසුන් විඳින පිඩාව තවත් වැඩි වේවි. ඒක නිසා බුද්ධිමටෙහැ හැටියට ඔබෙත් මැදි හත්විම මෙ වෙලාවේ උවමනාමයි.

@ ඇනයා
සමුපකාරය කියන්නෙ කඩයකට වඩා ඉහලට පැතුරුණු දෙයක්. ඒකෙ දර්ශනයක් තියෙනවා. ඒ නිසා තමයි ධනවාදී, සමාජවාදී, මිශ්‍ර ආදී සියලුම රටවල ආර්ථික සංවර්ධනයේ එක් උපමානයක් ලෙස සමුපකාරය ක්‍රියාත්මක වෙන්නෙ. ඒක අපේරටේ හරියට නොකෙරුනේ මන්ද කියා අපක්ෂපාතව විමසා බලමු. සිදුවූ වැරැද්ද සොයා බැලීමට තවම්ත් පරක්කු නැත.

සමරසේකර

ඇණයා Nut Man said...

/ඒක අපේරටේ හරියට නොකෙරුනේ මන්ද කියා අපක්ෂපාතව විමසා බලමු. සිදුවූ වැරැද්ද සොයා බැලීමට තවම්ත් පරක්කු නැත. /
සමාජවාදී රටවල තියෙන්නේ නම් ලංකාවේ වගේම සමූපකාර,අවුල තියෙන්නේ cooperative කියන්නේ ‘සම උපකාර‘ නෙවෙයිනේ, ‘සහයෝගීතාව‘. සමාන මට්ටමේ කට්ටියක් එකට එකතුවෙන එකනේ, යුරෝපයේ සමාන මට්ටමේ ගොවියෝ එකතු වෙනවා විශාල පරිමාණයේ යන්ත්‍ර‍ සූත්‍ර, ගබඩා පහසුකම්, කාර්යක්ෂමව භාවිතාකරන්න නැතිනම් වෙළඳපලේ ලොකු තොග වලට හෙට්ටු කරන්න, කෝපරේටිව් එකක් නම් හැම සාමාජිකයාම යම් වත්කමක් ඇති අදාල ක්ෂෙත්‍රයේ ක්‍රියාකාරියෙක් වෙන්න එපෑයි.

මම හිතන්නේ නවසීලන්තයේ නෙස්ලේ එකවත්, ලංකාවේ කිරි සම්පකාරවත් නිසම කෝපරේටිව් නොවේ ඒවා කොම්පැනි. ලංකාවේ සම්පකාර සාමාජිකයේා සම මට්ටමේ අය නොවේනේ, මූලික සිද්ධාන්තයටම පටහැනියි, එවායින් කෙරුනේ ආන්ඩුවේ ඩෝල් එක බෙදා හැරීම නේ, රජයකට කෝපරේටිව් හදන්න පුළුවන් වෙන රටන රජයක් එක්ක නම්,රට වැසියොත් එක්ක?

සනසේ නම් සාමාජිකයෝ බොහෝදුරට යම් සමාන වත්කමත් තිබූ (පැන්ෂන් ගිය රජයේ සේවකයෝ) නමුත් දැන් එය ලෝකය රවටා මුදල් ගොඩගැසූ දුප්පතුන් හූරාකන මූල්‍ය කොම්පැණියක්, මූල්‍ය කොම්පැණි වලට කෝපරේටිව් කියන්න බෑනේ.

Aruna Perera said...

එංගලන්තයෙත් කෝපරේටිව් සොසයිටීස් බොහොමයක් තියෙනවා. නමුත් මේවා රජය හා සම්බන්ධ නොවේ. මේවා සමාගම් ලෙස තමයි පවතින්නේ. මේවා ඉහල අදායම් ලබන ආයතන.

ඇණයා කියන ""///////කෝපරේටිව් එකක් නම් හැම සාමාජිකයාම යම් වත්කමක් ඇති අදාල ක්ෂෙත්‍රයේ ක්‍රියාකාරියෙක් වෙන්න එපෑයි.//// "මේ කතාව ටිකක් අපැහදිලියි. කෝපරේටිව් කියන සමාගමක සාමාජිකයෙක් වෙන්න ඔය ආකාරයෙන්ම විය යුතුද? රටින් රටට වෙනස් වෙනවාද කියා මම නොදනිමි. නමුත් ඒංගලන්තයේ The co-operative group කියන ආයතනයේ සාමජිකයෙක්වීම ගැන කියන්නේ මෙහෙමයි. Voluntary and Open Membership
"Co-operatives are voluntary organisations, open to all persons able to use their services and willing to accept the responsibilities of membership, without gender, social, racial, political or religious discrimination."


අපි කුඩා කාලයේ නම් සමුපකාරය නොතිබුනා නම් අප වැනි කුඩා මිනිසුන් ඒ කාලෙම සෙත්තපෝච්චි තමයි.හැබැයි මට මෙහෙමත් හිතෙනවා. ලංකාවේ සමුපකාර කඩ සාප්පු තව දුරටත් පෞද්ගලික ව්‍යාපාර හා තරඟ කිරීමට තරම් සංවිධානාත්මකද? රජයෙන් මිදී එංගලන්තයේ the co-op group වැනි තොග ගෙන්වීම්, තොග පාලනය කිරීම් බෙදාහැරීම් වැනි දේ ස්වාධීනව පවත්වා ගෙන යා හැකිද? සමුපකාර බ්‍රෑන්ඩ් එකට ෆුඩ්සිටි, කීල්ස් වැනි බ්‍රෑන්ඩ් එකක් හදාගන්න පුලුවන්ද? එහෙම හැකි නම් සතොස ජාලයට මොකද වුනේ ආදී දේ හිතෙනවා. මම මේ සබ්ජෙක්ට් එක හෑදෑරු කෙනෙක් නෙමේ. නමුත් මේ ප්‍රශ්න මතුවුනා සමරේගේ මේ ලිපිය කියවන විට,

samarasekara sithuvili said...

@ ඇනයා,

ඔබේ උනන්දුව හොඳයි. ඔබේ හිතේ තියෙන සමුපකාර සමිතියක් සාර්ථකව තවමත් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ දුනගහ පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතියයි . ඒකේ සාමාජිකයෙක් වෙන්න පොල් අක්කර 5ක අයිතිකාරයෙක් වෙන්න ඕනෑ.හැම වසරේදීම ලාභ ලබනවා. සාමාජිකයන්ට ලාබත් බෙදනවා. සමිතිය අමු පොල් වලින් දිසිදි පොල් නිපදවලා අපනයන කරනවා. නව කොටස් නිකුතුවක් කරන්නේ නැහැ. දැනට නිකුත් කරලා තියෙන කොටස් මුදල් ගෙවා පවරා ගන්න නම් පුළුවන්. රුපියලේ සාමාජික කොටසක වෙළඳ පලේ පැවරුම් අගය රුපියල් 15000 ඉක්මවනවා.

අපේ රටේ තනි පරමාර්ථ සමිති බොහොමයක් 1956ට පෙර ක්‍රියාත්මක උනත් විවිධ සේවා සමුපකාර ක්‍රමය ඇතුලත් සමුපකාර ප්‍රතිසංවිධානය සිදුවුයේ 1971 දිය., යුද්ධයෙන් පසු පිරිහී ගිය ජපානයේ ආර්ථික ශක්තිය නැවත වර්ධනය කිරීමට රාජ්‍ය අංශය,පෞද්ගලික අංශය සහ සමුපකාර උර දුන්නා . කෘෂිකර්මය පදනම් කරගත් ජපන් විවිධ සේවා සමුපකාර සමිති ක්‍රමය අධ්‍යනය කල පිලිප් ගුණවර්ධන ඇමති තුමා 1956 විවධ සේවා සමුපකාර සමිති ක්‍රමය අපේ රටට හඳුන්වා දුන්නත් ජපානයට හරි ගිය විවිධ සේවා සමුපකාර ක්‍රමය අපේ රටේ ගලපු ප්‍රතිසන්විධානයේ වරද නිසා අපිට වැරදුනා. ඒ ගැන වෙනමම පත්‍රිකාවක් මා ලියමින් ඉන්නවා.