Sunday, April 19, 2015

19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් කාඩ් කුට්ටම අනමින් සෙල්ලම් කරන 305 game එකටත් බලපාන්නේ එකම නිතියද?

කාඩ් පැක් එකෙන් කරන බොහෝ ක්‍රීඩාවන් තිබුනත් ඒක සාමාන්‍ය ජනයා අතර ප්‍රසිද්ධවී ඇත්තේ බුරුවා කුට්ටම සහ බුරුවා ගහනවා වැනි පදයන් ගෙනි. ඇත්තෙන්ම  කොළ 52කින් සපිරි කාඩ් පැක්  එක පුදුම නිර්මානයක් මෙන්ම එය භාවිතා කරමින් කරන විවිධ ක්‍රීඩාවන්ගෙන්ද විවිධ ආශ්වාදයන් සාමාන්‍ය ජනතාවට ගෙන දෙයි. මළ ගෙදරකදී සවසට එකතුවන තරුණ පිරිස මිනිය තනි නොකර අවදියෙන් සිටීමට පාවිච්චි කරන එක් උත්තේජනයක් වන්නේ කාඩ් පත ආධාරයෙන් ඕමි අතක් බැලීමයි. සමහර තැන් වලදී මළගම හේතුවක් කර ගෙන බුරුවා ගහන අවස්ථාද නැත්තේ නොවේ. 

ඕමි අතක් බැලීමෙන් දිනීම 305 සෙල්ලම් කිරීමෙන් ලැබෙන දිනුමට වඩා  වෙනස් වන්නේ ඕමි අතක් බැලීමේදී තම පිලට එන ගොඩ වැඩි කිරීමෙන් දිනුම ලැබෙන අතර,ආරම්භයේදීම තුරුම්පුව හෙළිදරව් කෙරේ. සාමාන්‍යයෙන් 305 සෙල්ලමේදී තුරුම්පු හෙළිදරව්  කරන්නේ නැත. එසේ කරන්නේ තමන්ට හොඳින්ම ජයග්‍රහණය විශ්වාසවූ විටය. එමෙන්ම  තම පිලට එන ලකුණු වැඩි කර ගැනීමට   මෙන්ම අනෙක් පිලට වාසි වෙන අවස්තාවකදී එම පිලට අඩු ලකුණක් ලැබෙන පරිදි උපායශීලිව කටයුතු කිරීමක් සිදු කෙරෙන නිසා 305 සෙල්ලම් කිරීම ඕමි සෙල්ලම් කිරීමෙන් පැහැදිලිවම වෙනස් වෙයි. මේ සෙල්ලම් දෙකේදීම සෙල්ලම් කරන්නන්ගේ ඉහට උඩින් සිට දෙපැත්තේම කොළ බලා සිටින මධ්‍යස්ථ ප්‍රේක්ෂකයෝ මෙන්ම තම පිලේ ජයග්‍රහණය අපේක්ෂා කරමින් විවිධාකාර මට්ටමින් උපදෙස් දෙන ප්‍රේක්ෂකයෝද සිටිති.  
 අද අප රටේ සාකච්චා කරන 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ශන්ශෝධනයද මට නම් පෙනෙන්නේ හරියට 305 ක්‍රීඩාව සෙල්ලම් කිරීමක් ලෙසටය. ගේම සිදු කරන්නේ පාර්ලිමේන්තුව තුලය. මේ  රටේ ජිවත්වන සියලුම මහජනයා ප්‍රේක්ෂකයෝය. සාමාන්‍යයෙන් මල ගෙදරකදී එහි රැඳී සිටින සියලුම දෙනා කාඩ් සෙල්ලම ගැන උනන්දුවක් නොදක්වනවා මෙන්ම රටේ  සියලුම ජනතාව  අඩුවැඩි වශයෙන් මේ ව්‍යවස්ථා ශන්ශෝධනය ගැන උනන්දුවක් දක්වන්නේ නැත. හැබැයි ඕමි ගහනවා කියල පෙන්නලා බුරු පොලක් එතන පැවැත්වුවොත් ඒ බුරු පොලට පනින පොලිසිය එතන සිටින සියලුම දෙනා කුදලා ගෙන යන්නේ බුරු ගැහැව්වා හෝ නැතා තමන් එතන සිටීම හේතුකොට ගෙනය. ඒවාගේම තමන් උනන්දුවක් දැක්වුවත් නැතත් දැනට කිරීමට උත්සාහ කරන  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ශන්ශෝධනය කෙරුනොත් ඉන් සිදුවන බලපෑමට නම් මේ  රටේ ඉන්නා සියළුම දෙනා යටත්විය යුතුය.

මේ සෙල්ලමේ ආරම්භයේ සිටම එහි තුරුම්පු හංගා ඇත්තේ ව්‍යවස්ථා සම්පාදනය භාරව සිටින්නේ කුමන ඇමති වරයාටද යන්න ජනතාවගෙන් හැන්ඟීමෙනි.මට නම් සිතුනේ මේ ව්‍යවස්ථා ශන්ශෝධනය  සම්පාදනය කල  ලොක්කාට  ජනාධිපතිගේ ව්‍යවස්ථා සම්පාදක ලෙසින් උපදේශක පදවියක් ලැබූ නිසා මෙම 19 වන    ශන්ශෝධනය පිටු පසින් ඉන්නේ මෑත කාලයේදී 62 ලක්ෂයක ජන වරම ලැබූ ජනාධිපති බවය. නමුත්   එය එසේ නොව ව්‍යවස්ථා සම්පාදන විෂයය භාරව සිටින්නේ අගමැතිවරයා බව මේ ශන්ශෝධනය කෙටුම්පත් කල නිතිඥ ලොක්කාගෙන් ඊයේ අහම්බෙන්  එළිදරව් විය. (වර්තමාන  අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නොමැතිව එම අගමැති  තනතුර ලැබුන සැටි කව්රුත් දන්නා දෙයකි. එතුමාගේ මදක් ඈත අතීතය දෙස බැලුවොත් එකල සිටි ජනාධිපති තුමියටත් නොදන්වා 2002 වසරේ සාම ගිවිසුම ගහපු හැටි සහ ඒකෙන් රටට සිදුවූ අබග්ගය මෙන්ම ඊයේ පෙරේදා මහ බැංකුවට අධිපති කෙනෙක් පත් කරලා රටට රුපියල් බිලියන 40 ක පාඩුවක් සිදු කර මොකුත් නොදන්නා බබා වගේ ඉන්න හැටි රටම දනී.) 

පුරෝහිතයෝ සෙට් එක තම පිලේ වාසියට පාස් කල දෙවෙනි ඉහල කොලේ නම් මේ ශන්ශෝධනය හදිසි පනතක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමයි. මේ වෙලාවේ හෙළ උරුමය තුරුම්පු කොලයක් භාවිතා කර එම අතේ වාසිය තමන්ගේ අතට ගත් නිසා පුරෝහිතයන් විසින්  මුලින් තම වාසියට පාස් කල ලොකු කොලයෙන්  පලක් වුයේ නැත. මේ අනුව 19 ව්‍යවස්ථා ශන්ශෝධනය සාමාන්‍ය පනතක් ලෙසින් ගැසට් කර, එය පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද යන විමසීමට  අධිකරණයට ගිය අතර එය පක්ෂ විපක්ෂ පෙත්සම් 19ක් අනුව විභාගයට ගෙන අධිකරණයේ මතය ප්‍රකාශ විය. අධිකරණයේ මතය මහජනයාගේ දැනගැනීමට එලියට ආවේ පාර්ලිමේන්තුවේදීය. මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුවේ 2/3 කේ චන්දයෙන් සම්මත වීමෙන් පසු  ජනමත විචාරණයකට යා යුතුය යන අධිකරණයේ මතය දැක්වෙන වගන්ති ඉවත් කර, 2/3 කේ චන්දයෙන් සම්මත විය යුතු ඉතිරි වගන්ති පමණක් ව්‍යවස්ථා ශන්ශෝධනයට ඉදිරිපත් කරන බවය.

මෙතැනදී පුරෝහිතයෝ තුරුම්පුව මේක යයි නොපෙන්වා නමුත් තුරුම්පු කොලයක් ඇද්දේය.එසේ කලේ තමන්ට අවාසියට තියෙන තුරුම්පු එලියට ගැනීමට යයි මට සිතේ. එය 305 ගේම් එකකදී සාමාන්‍යයෙන් කරන දෙයකි. එනම් මුලින් කී ගැසට් පත්‍රයේ නොමැති,පිටු 12කින් යුත්ජනාධිපති වරයාගේ බලතල අගමැතිවරයාට පවරන කරුණු අඩංගු වාර්තාවක් අධිකරණයට යවා එහි පිටපත් පාර්ලිමේන්තුවේ ඒ ගැන උනන්දුවක් දක්වන මන්ත්‍රී වරුන්ට පමණක් උත්සාහයෙන් ලබා ගත හැකි විධියට එළි දැක්වීමයි. ඒ ගැන පාර්ලිමේන්තුවේදී මතුවූ ප්‍රශ්න කිරීම් වලදී අගමැතිවරයා උත්තර දුන්නේ පනතක් ඉදිරිපත් කිරීමේදී එවැනි අතිරේක මතුවීම ස්වභාවික බවත්,අධිකරණය විසින් එම කරුණුද සලකා ඇති බවත්ය. තවදුරටත් එදින අගමැතිවරයා කියා සිටියේ අධිකරණයේ සිටි නීතිඥ මහත්වරු කිසිවෙකු ඒ ගැන විරුද්ධ වුයේ නැති බවය. නීතිය සාමාන්‍ය දැනුමක් ඇති මා අගමැති වරයා පාර්ලිමේන්තුවට දැක්වුයේ සත්‍යයක් යයි සිතිමි. 
එහත් පසුව අදාළ කරුණ අධ්‍යයන කිරීමෙන් පසු මට තේරුම් ගියේ අධිකරණය පසුව ඔවුන්ට ඉදිරිපත් කල ලියවිල්ල ගැන නිහඬවී ඇති බවය. මන්ද ඒ ගැන මතය පල කිරීමට ඔවුන්ට පැවරුන බලයක් නැති නිසාය.මේ පිටු 12කින් සමන්විත ලියවිල්ල ගැසට් කල එකක් නොවන නිසා සාමාන්‍ය මහජනයා එහි ඇත්තේ මොනවාද කියා හරියටම දන්නේ නැත. කනින් කොනින් ඇසෙන්නේ අධිකරණය 2/3කේ චන්දයට අමතරව ජනමත විචාරණයට යා යුතු යයි කියා ඇති සියලුම කරුණු එනම් අගමැති වරයාට  සුවිශේෂ  බලයක් ලැබෙන කරුණු එහි ඇති බවය. එය 2/3 කේ චන්දයට සහ ජනමත විචාරණයට නොගොස් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ශන්ශෝධන ලෙසින් ඉදිරිපත් කර එය සාමාන්‍ය   වැඩි චන්දයෙන් පමණක් සම්මත කිරීම සැහේ යයි දැන මුත්තෝ තර්ක කරති. තවත් සමහරු පවසා ඇත්තේ කාරක සභා අවස්ථාවේදී ශන්ශෝධන කල හැක්කේ පනතේ මුලික හරයට බධාවක් නොවන කරුණු නිසා එය කල නොහැකි බවත්,කලයුත්තේ නව එකතුව ගැසට් කර එය ගැන අධිකරණයේ අභිමතය විමසිය යුතු බවය.

  මට තේරෙන අන්දමට පසුගියදා නියෝජ්‍ය කතානායක තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීම තීරණයකට නොපැමිණ ප්‍රශ්නය අද දිනට කල් ගියේ ඒ නිසාය. අද දින  දැනගැනීමට ඇත්තේ මේ ගැටලුව හෙට දින එනම් 20 දා  සොයා බලන බවය. 

ඉතින් 305 ගේම් එක ඉවර නොවී තවම සෙල්ලම් කරන මටමේ තිබෙන නිසා මේකෙන් දිනන්නේ කවුද කියා දැන්මම අනාවැකි පල කරන්න බැරිය. 

සමරසේකර              



   

8 comments:

රසිකොලොජිස්ට් said...

පුදනකොටම කාපි යකා.

සමරසේකර 304 කාඩ් සෙල්ලමට 305 කියා ටපලවා ගෙන.

මුළු බිත්තරේම නොකෑවත්, එය කුණු වී ඇති බව එයින් තේරුණි.

Anonymous said...

කකා,
ඇඟිල්ල නොවේ එය යොමුවන දිශාව බලන්න. ඔබේ බිත්තර දෙකම කුණුවී ඇති බව පෙනේ.

Unknown said...

19 ට හදිස්සි වෙනවට වඩා පාර්ලිමෙන්තුව විසුරුවන එකයි වෙන්න ඕනේ. 19 රනිල්ගේ යටිකූට්ටු ප්ළෑන් එක්කයි එලියට එන්නේ.

කල්‍යාණ මිත්‍ර said...

සමරසේකර මහතා කාලෙකින් 304ක් සෙල්ලම් කර නැති බව සිතෙයි.. ඒත් 19 ගැන කී කතා නම් නිකම්ම බැහැර කල නොහේ..

DE said...

රනිල් සියලු බලතල අගමැතිවරයාට පවරා ගත් පසුව මහින්ද මාමා ඊලඟ මැතිවරනෙන් අගමැති උනාම සැප නේද?

samarasekara sithuvili said...

@ ක.කා.
අඩුපාඩුව පෙණු එකටගොඩක් ස්තුතියි. මා ඒක නිවැරදි කර ගන්නම්.
@කල්‍යාන මිත්‍ර,
ඇත්තෙන්ම මා 1968 වසරින් පසු 304 සෙල්ලම් කර නැහැ. අපේ බැචෙක් හිටියා එයාට පුළුවන් කම තිබුනා. අනෙක් අයගේ අතේ තිබෙන කොළ මොනවාද කියා ගෙස් කරන්න. එහෙම ගෙස් කල දිනක ඇතිවූ අමිහිරි සිදුවීමකින් පසු මා සිතා ගත්තා නැවත කිසි දිනෙක 304 සෙල්ලම් කරන්නේ නැහැ කියල.

samarasekara sithuvili said...

@ පකිස් පෙට්ටිය,@Sarasa,
tv ඒකෙ 91 චැනල් එක තියෙන නිසා පාර්ලිමේන්තුව රැස්වන දිනයන්හි එහි සිදුවන දෑ සාමාන්‍ය ජනයා වන අපිට සජිවම දැක බලා ගන්න පුලුවන්නෙ.අද දින මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම ඉදිරියට කැඳවීමේ ගැටලුව සාකච්චා කල අන්දම මා සජිවම දැක ගත්තා.මට එහිදී ඇතිවුණු අදහස නම් මේ අය මහින්ද රාජපක්ෂ මහතාට නැවත බලයට ඒමට කිසිදු ඉඩක් නොදෙන බවයි. හැබැයි හෙට පාර්ලිමේන්තුව තුල මොනවා වේවිද දන්නේ නැහැ.

Ajith Dharma. said...

http://nelumyaya.com/?p=2028