Thursday, March 23, 2017

මෙිකට මාතෟකාවක් දෙන්නකො


මෙන්න තවත් කතාවක්‌
රණවිරු සේවා අධිකාරියට ගත් වැඩසටහන් නිලධාරීන්ට
පඩි ගෙවන්නේ රණවිරු සුබසාධනයට ඇති මුදලින්ලු

අද බලයේ සිටින්නේ පක්‍ෂ දෙකක සම්මුතියෙන් රජ වූ යහපාලනය ය. ඒ ආණ්‌ඩුව යටතේ මේ රට වෙනුවෙන් සටනට ගිය රණවිරුවාට සේවය කරන්නට ඇති රණවිරු සේවා අධිකාරියේ ලොකු පුටුවලට ආ බලධාරීන් අද සිදු කර ඇත්තේ අපූරු වැඩ ටිකකි.

රණවිරු සේවා අධිකාරිය ඇත්තේ රට වෙනුවෙන් සටනට ගිය රණවිරුවා වෙනුවෙන් පෙනී සිටීමටය. එය ඇති කිරීමේ මූලික පරමාර්ථය වූයේද එය ය.

එහෙත් අද රණවිරු සේවා අධිකාරිය යනු දේශලාපන පක්‍ෂ කාර්යාලයක තත්ත්වයට පත්ව ඇත්තේ රණවිරුවට සේවය කිරීම පසෙක තබා දේශපාලන හිතවතුන් පිනවීමේ කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙසින්ය.

ඒ බව මැනවින් සනාථ වන්නේ දේශපාලනඥයන් සතුටු කිරීම සඳහා ඉකුත් 2016 වසරේ වැඩසටහන් නිලධාරීන් ලෙස රණවිරු සේවා අධිකාරියට බඳවා ගත් පිරිස දෙස බැලීමේදීය.

මේ පිරිස වනුයේ එක්‌තරා පක්‍ෂයක්‌ දිනවීමට කැපවූවන් බව එකී රැකියා ප්‍රදානය තුළින්ම පැහැදිලි වන්නකි. එසේම මේ පිරිස බඳවා ගැනීම මුදල් අමාත්‍යංශයේ අනුදැනුමකින් තොරව සිදු කර තිබෙන බැවින් මේ වන විට ඔවුන්ට වැටුප් ගෙවීම සිදු කරනුයේද රණවිරු සුබසාධනයට ඇති අරමුදල්වලින් බව Rණවිරු සේවා උධිකාරියේම පිරිස්‌ සඳහන් කරති.

මෙම වැඩසටහන් නිලධාරීන් සඳහා අයෑදුම්පත් කැඳවා බඳවා ගැනීම් සිදු කිරිමේදී 6000 ක පමණ පිරිසක්‌ ඉදිරිපත් වී ඇතත් මෙහිදී කිසිදු රණවිරු දරුවකුට අවස්‌ථාවක්‌ නොදීමට තරම් රණවිරු සේවා අධිකාරිය කුහක වූ බවද ඔවුහු පෙන්වා දෙති.

සිදුව ඇත්තේ ඉතා සූක්‍ෂම ලෙස දේශපාන නාම ලැයිස්‌තු මත රැකියා ප්‍රදානය කිරීම වේ. එහෙත් සුක්‍ෂම ලෙස සිදු කළද මෙකී බඳවා ගැනීම් සිදු කරද්දී සිදු වූ දූෂිත ක්‍රියා පිළිබඳ මේ වන විට රණවිරු සේවා අධිකාරියේ සියල්ලෝම දැන සිටිති.

දේශපාලන ලැයිස්‌තුව සහ සභාපති ලැයිස්‌තුව ලෙසින් ලැයිස්‌තු දෙකක්‌ තබාගෙන ඉතා වංචනික ලෙස විභාගයක්‌ පවත්වා අදාළ දේශපාලන ලැයිස්‌තුවල සිටින්නන්ගේ උත්තර පත්‍ර වෙනම මුද්‍ර තබමින් ඔවුන්ට ඉහළ ලකුණු ලැබෙන සේ කටයුතු කෙරුණු බවද එකී සියල්ල දන්නෝ සඳහන් කරති.

මෙහිදී කැපී ගොස්‌ ඇත්තේ රණවිරු දරුවකුට රැකියාවක්‌ ලබා ගැනීමේ අවස්‌ථාවය. එසේම මේ අන්දමින් බඳවා ගත් ඇතැම් වැඩසටහන් නිලධාරීන්ට වැඩසටහන් තබා හරිහැටි ලිපියක්‌වත් සකස්‌ කර ගැනීමට නොහැකි බවද මේ පිළිබඳ සැබෑ තතු දන්නෝ සඳහන් කරන්නාහ. 

මෙකී රැකියා ප්‍රදානය පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ සිදු කර හොඳින් සොයා බැලීමක්‌ සිදු කළ හොත් දේශපාන ලැයිස්‌තුවලට සහ සභාපති ලැයිස්‌තුවට අනුව රැකියා ලබා දී ඇති අන්දම මැනවින් හෙළි වනු ඇත.

මේ අන්දමට වැඩසටහන් නිලධාරීන් 32 දෙනකු බඳවාගෙන ඇති අතර මෙකී බඳවා ගැනීමේදී ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව අනෙකුත් සියලු අයෑදුම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී තිබෙන බවද ඉහත කී පිරිස්‌ සඳහන් කරන්නාහ. 

මේ හමුවේ ආණ්‌ඩුවේ බළධාරීන්ගෙන් අප විමසා සිටින්නේ රණවිරු සේවා අධිකාරිය රණවිරුවන්ගේ සුබසාධනයටද නැතහොත් දේශපාලන හිතවතුන්ට පඩි ගෙවන්නටදැයි යන්නය.

දුකට පත් රණවිරුවන් සහ රණවිරු සේවා අධිකාරියේ පිරිසක්‌

No comments: