Thursday, March 16, 2017

මහින්දගේ ලිපියට මන්ගලගේ උත්තරය ගැලපේද?


ජාත්‍යන්තර පරීක්‍ෂණයකට
රට තල්ලු කළේ මහින්දයි
මහින්දගේ නිවේදනයට මංගල පිළිතුරු දෙයි

කොටි ත්‍රස්‌තවාදය නිම කිරීමට ඇති අවසන් විසඳුම යුද්ධය නොවන බවත් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කොට දිගු කාලීන සාමය හා සංහිඳියාව ශ්‍රී ලංකාවට ලබාදීම පිළිගන්නා බවට 2009 වසරේ පැවැති මානව හිමිකම් කොමිසමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යෝජනාවක්‌ ඉදිරිපත් කර සම්මත කර ගත්තා. පසුව ඊට හාත්පසින්ම වෙනස්‌ පියවරක්‌ අනුගමනය කරමින් ජාත්‍යන්තර මිතුරන් සමඟ ගැටුම් ඇතිකරගෙන මුළු රටට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ වෙත තල්ලු කළා යෑයි විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයට පිළිතුරු ලෙසින් හෙතෙම මෙම නිවේදනය නිකුත් කර ඇත.

එහි මෙසේද සඳහන් වේ.

1. 2015 ඔත්තෝබර් මාසයේදී ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් සම්මත කරන ලද යෝජනාව.

* ඉහත යෝජනාව අප වෙත සමඅනුග්‍රහය දක්‌වන්න කියලා බලෙන් පටවන එකක්‌ නෙමෙයි. අප විසින් සහයෝගය දක්‌වලා 2015 දී සම්මත කරන ලද මානව හිමිකම් යෝජනාව ක්‍රියාත්මක කිරීමට මේ මාසය මුලදී මානව හිමිකම් කොමිසමේ 34 වන සැසියේදී තවත් අවුරුදු 02 අතිරේක කාලයක්‌ ලබා දුන්නා. එම යෝජනාවට අපි අනුග්‍රහ දැක්‌වූයේ මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, අයිතිවාසිකම් සීමාකරමින් ඔවුන්ට පීඩා කිරීම අත්හැර දාලා ඒ වෙනුවට ඔවුන්ට තව තවත් අයිතිවාසිකම් ලබා දීලා තමන්ගේ ජීවිතය උපරිම සතුටකින් ගත කිරීමටයි. අතීතයේදී විඳපු දුක්‌ වේදනා අමතක කරන්න හැකි වන්නේ ඒවා පිළිබඳ සොයා බලා විවෘතව කතා බහ කොට ඒවා පිළිබඳ සිතා බැලීමෙන් සහ යුක්‌තිය ඉටු කිරිමෙන් මිසක්‌ ඒවා ස`ගවා සදාකාලයටම වළ දැමීමෙන් නෙමෙයි.

* අපේ සමාජයේ දිගටම සිදුවූ ප්‍රචණ්‌ඩ ක්‍රියා ආයෙත් නොවීමට ක්‍රියා කිරීම තමයි අපේ පරම යුතුකම. එයින් අපිට ප්‍රෙෘඩ, එක්‌සත් දේශයක්‌ ගොඩනගා ගන්න නියත වශයෙන්ම පුළුවන්. සත්‍ය සොයා බැලීම, අපරාධයන්ට ලක්‌ වූවන්ට හානි පූර්ණය වගේම යුක්‌තිය පසිඳලීම අත්‍යාවශ්‍ය කාරණා. ඒ වගේම බරපතල අපරාධ ගැන රට අභ්‍යන්තරයේ අපිටම යුක්‌තිය පසිඳලීමට අසමත් නම් පමණයි ජාත්‍යන්තර නීතී රීතී අපට බලපාන්නේ.

* ඒක නිසා මානව හිමිකම් කොමිසමේදී යෝජනාව සදහා සම අනුග්‍රහය දැක්‌වීම මගින් වගවීම වෙනුවෙන් විශ්වාසනීය විදිහට ක්‍රියා කිරීමට අපට හැකි බව අපි මුළු ලෝකයා ඉදිරියේම පෙන්වා සිටියා. ඒක වග කිව යුතු රටක්‌ ලෙස අපේ ජාතික හැකියාව ජාත්‍යන්තරයේ සිටින අපගේ මිතුරන් හා පාර්ශවකරුවන් සම`ග එකට එකතුවී ක්‍රියා කළ හැකි බව පෙන්නුම් කර දීමක්‌. අප විසින් බලාපොරොත්තු වන සංක්‍රාන්තීය යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාදාමය එක කණ්‌ඩායමක්‌, එක ජන වර්ගයක්‌ අනෙකාට වඩා ඉහළින් ඔසවලා තියන්න ගන්න උත්සාහයක්‌ නොවෙයි. අපේ හමුදාව තනි කරලා කොටු කර ගන්න ඔවුන්ව තනි කරන්න මාන බලන උත්සාහයක්‌ද නෙමෙයි.

* අප සියල්ලෝම ශ්‍රී ලාංකිකයන්. ප්‍රතිසන්ධානය සමගින් යහපත් ප්‍රතිඵල අත්වන්නේ අපි සියල්ලන්ටම. ඒක 5000 ට වැඩියෙන් අතුරුදහන් වෙලා ඉන්න හමුදා නිලධාරීන්ගේ පවුල් වලටත් අදාළයි. එසේම අතුරුදහන්වී සිටින සිය ගණනක්‌ වූ පොලිස්‌ නිලධාරීන්ගේ පවුල් වලටත් අදාලයි. එබැවින් ඒ සියල්ලන් වෙනුවෙන් අපි අතුරුදහන්වූවන් සෙවීමේ කාර්යාලය නිර්මාණය කළා.

* විදේශ විනිසුරුවන් පිළිබද සංකල්පය හුදු අතිශෝක්‌තියට නැ`ගූ කතාවක්‌. ඒම`ගින් මහජනතාව බැරෑරුම් ලෙස නොම`ග යෑවිය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා හොදින් දන්නවා. එතුමාගේ කාලයේදී විවිධාකාර සංක්‍රාන්තීය යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාදාමයන් ක්‍රියාවට න`ගන්න හැදුව බව අපට අමතක කරන්න බැහැ. ජාත්‍යන්තර නීතීඥ සහයද එතුමාගේ විවිධ කොමිෂන් සභා වලට නොඅඩුව ලබා ගත් බව සැවොම දන්නවා. ඒ අතරින් ෂෂඨෑ හෙවත් ස්‌වාධීන ප්‍රමුඛ පුද්ගලයින්ගේ ජාත්‍යන්තර කණ්‌ඩායම තුළ ඕස්‌ටේ්‍රලියාව, කැනඩාව, යුරෝපා සංගමය, එක්‌සත් රාජධානිය, එක්‌සත් ජනපදය, ජපානය, නෙදර්ලන්තය සහ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය වගේම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයේද සාමාජිකයින් සිටියා. ඒ වගේම රාජපක්‌ෂ මහතා පත් කළ පරණගම කොමිසමේ ජාත්‍යන්තර නීතිඥ සාමාජිකයන් සිටි බව නොරහසක්‌.

* 2009 මැයි මාසයේ මානව හිමිකම් කොමිසම ජිනීවාහිදී සම්මත කළ යෝජනාවේ මෙසේ සදහන් වෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් නැවත වතාවක්‌ අවසන් විසඳුම වශයෙන් හමුදා විසඳුමක්‌ පිළිනොගන්නා බවට ලබා දුන් ප්‍රතිඥාවද එසේම දේශපාලන විසඳුමක්‌ ලබා දෙමින් 13 වෙනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කොට දිගු කාලීන සාමය හා සංහිඳිsයාව ශ්‍රී ලංකාව වෙත ලබා දීම පිළිගනිමු.

* තම උද්ධච්ඡකම නිසා රටේ පුරවැසියන් වෙත තිබූ වගකීම පැහැර හරිමින් හිටපු ජනාධිපතිවරයා මුලු රටම ජාත්‍යන්තර පරීක්‌ෂණයක්‌ වෙත තල්ලු කළා. එය ජිනීවා හිදී අන්තවාදී ලෙස ජාත්‍යන්තර මිතුරන් සමග ගැටුම් ඇති කර ගනිමින් මානව හිමිකම් කොමසාරිස්‌වරයාගේ කාර්යාලයට ලංකාවේ දොර හැර දුන්නා. රටේ වාසනාවකට මෙන් ජනාධිපති සිරිසේන මැතිතුමාගේ සහ අගමැති වික්‍රමසිංහ මැතිතුමාගේ දූරදර්ශි ක්‍රියා කලාපය නිසා අප රට වෙත ජාත්‍යන්තර විශ්වාසය නැවත දිනා ගනිමින් සංහිඳියාව සහ වගවීම අපේ ජාතික වගකීමක්‌ බවට නැවත හරවා ගත්තා.

* අතීතය හදිසියේම අමතක වෙලා වගේ හිටපු ජනාධිපති රාජපක්‌ෂ ජිනීවා යෝජනාව ඉතා අතාර්කික අන්තගාමී විදිහට විග්‍රහ කරලා සමාජය බිය වද්දන, සමාජය බෙදා වෙන් කරන ප්‍රකාශ සිදු කරනවා. මේ ඔක්‌කොම ප්‍රොaඩාවල්. ඔහු කරන්නේ 2016 දෙසැම්බර් මසදී විදේශ වාර්තාකරුවන්ගේ සංගමය ඉදිරියේ එතුමා කිව්වා වගේ නැවත හැකි ඉක්‌මනින් බලය ඩැහැගැනීමේ කෑදරකමින්.

2. එතුමා අවධානය යොමු කරන දෙවන ලියවිල්ල නම් 2016 නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ කමිටුවේ උප කමිටු 06 විසින් ඉදිරිපත් කළ වාර්තා.

* හිටපු ජනාධිපති රාජපක්‌ෂ මහතා සිතා මතා අමතක කරන කාරණය වෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා වාර්තා, කමිටු වාර්තා සියල්ල සැකසුනේ සියලු දේශපාලන පක්‌ෂවල සහභාගීත්වය ඇතුව කියලයි. එසේම රටේ පිළිගත් දේශපාලන පක්‌ෂ එකතු වෙලා හදපු වාර්තා මහජනයා වෙත විවෘතව එළි දැක්‌වීම සිදු කළේ අපේ රජයේ විනිවිදභාවය රැක ගැනීමේ වගේම හැම පාර්ශවයක්‌ එක්‌කම සාකච්ඡා කිරීමේ විවෘත පදනම මත පිහිටා බව කියන්න කැමතියි. හිටපු ජනාධිපතිතුමා ඔක්‌කාටම හංගලා ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවට 18 වන සංශෝධනය ගෙනාපු විදිහ කාටවත් අමතක නැත. නිල කාල 02 ක්‌ සේවය කරලා ඉවර වෙලා ජීවිත කාලයටම ජනාධිපති තනතුර රැක ගන්න තියන කෑදරකමට ගෙනාපු සංශෝධනවලට බලෙන් අනික්‌ අයගේ අත් ඔසවා ගත් විදිහ හැමෝටම මතකයි.

* ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා කමිටු වාර්තා තවමත් සම්පූර්ණයෙන් එක`ගතා ඇති කරගත් ඒවා නෙමෙයි. සමහර සංවේදී කරුණු හැමෝම එක`ගවු ඒවා නොවෙයි. ඒවා සාකච්ඡා සඳහා තාමත් විවෘතයි. ඒ සඳහා සියලුම පාර්ශව හා ජන වර්ග එක්‌ක විවෘතව කතා කරලා අපේ රටේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කර ගත යුතු බව ජනාධිපති සිරිසේන මැතිතුමා 2016 ජනවාරි 08 වන දා පාර්ලිමේන්තුවේදී කියා සිටියා. රටේ ජනතාව අවසානයේදී ආණ්‌ඩු ක්‍රම ප්‍රතිසංස්‌කරණ යෝජනා ඒවායේ ඇති වැදගත්කම බලලා භාර ගන්නවාද නොගන්නවාද කියලා තීරණය කරන්න ඕනේ. ඒ තියා ඉදිරිපත් වෙලා තියන සියලු යෝජනා පැහැදිලිව විග්‍රහ කරගෙන අවංකව මහජනතාව ඉදිරියට ගෙන යනවා මිසක්‌ ඒවා පිළිබඳව විකෘති චිත්‍ර මවාපාමින් ජනතාව කොටවන - බෙදා වෙන් කරන ප්‍රකාශ කර කර නැවත වතාවක්‌ රටත් ජනතාවත් මුලාවේ දාන්න අපි සූදානම් නෑ.

3. 2017 ජනවාරි මාසයේදී එළි දක්‌වපු සංහි`දියාව පිළිබඳ කාර්ය සාධක බලකායේ වාර්තාව පිළිබඳ රාජපක්‌ෂ ජනාධිපතිතුමා දක්‌වා ඇති අදහස්‌ ගැන කිව යුතුයි.

* සාමාජිකයන් 11 න් සමන්විත සංහිඳියා කාර්ය සාධක බලකාය 2016 ජනවාරි මාසයේදී පත් කරන ලද්දේ අග්‍රාමාත්‍යතුමායි.

* එහිදී කාර්ය සාධක බලකායේ බලාපොරොත්තුව වූයේ සංහිදියා ක්‍රියාදාමයක්‌ සදහා අදාළ ආයතනික ව්‍යQහයක්‌ එනම්, සත්‍ය ගවේෂණ ක්‍රමවේදයක්‌, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක්‌ වගේම සත්‍ය කොමිසමක්‌ සම`ග හානි පූර්ණය කිරීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමයි. ඒ වගේම යම් විශේෂ නීතීඥ සහය ඇති අධිකරණ පද්ධතියක්‌ ඇති කර ගැනීමත් ඇතුළත් වුණා.

4. යුරෝපා සංගමය විසින් අප වෙත ලබා දීමට අපේක්‌ෂිත ඨීඡ සහනය පිළිබඳව එතුමා අදහස්‌ දක්‌වලා තියනවා.

* ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මැතිතුමන්ලා යටතේ වර්තමාන සම්මුතිවාදී ආණ්‌ඩුව අපේ රටටත් ජනතාවටත් හිමිවිය යුතු වාසි සහගත ජාත්‍යන්තර වෙළදාම් උපරිම ලෙස ලබාදීමට ක්‍රියා කරමින් ඉන්නවා. අපට කලින් හිමිවී තිබ්බ ඨීඡ සහනය නැති කොට අහිමි කොට දැම්මේ ජනාධිපති රාජපක්‌ෂගේ අත්තනෝමතික පාලන කාලයේදීයි.

5. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අලුත් ත්‍රස්‌ත විරෝධී නීතියක්‌ බවට පත්කිරීම හිටපු ජනපතිතුමාගේ චෝදනාවට ලක්‌ වෙලා තියනවා.

* පළමුවෙන්ම කියන්න ඕන ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉතා ජුගුප්සාජනක විදිහට, ඒ වගේම සමහර අත්තනෝමතික කෲර අය වැරදියට අහිංසකයින් හිංසාවට පත් කරන්න අතීතයේ යොදාගත් නීතියක්‌ බව. ඒක වැඩිය සමීප වෙන්නේ අරාජික පාලන ක්‍රමයක සංකේතයක්‌ විදිහට ලෝකයට අපිව පෙන්වා දීමටයි. රාජපක්‌ෂ මහතාත් එතුමාගේ ගේ සහචරයනුත් එවැනි අතීතයක්‌ තියන අනුන් පීඩාවට පත් කරන දර ද`ඩු නීතී රීති අනුකම්පා විරහිතව යොදා ගත්ත අය බව කවුරුත් දන්නවා.

No comments: