Tuesday, March 14, 2017

රටට මොකකද මෙි වෙන්නෙ


ද ජිනීවා යෝජනාව
කර තබාගෙන යන්නේ
ඇමරිකාව නොව
ශ්‍රී ලංකා ආණ්‌ඩුවයි
-හිටපු ජනපති මහින්ද
රාජපක්‍ෂගෙන් නිවේදනයක්‌

ඔබාමා පාලනය සහ යුරෝපීය බලවතුන් විසින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවට අදාළ භයානක ලියෑවිල්ලේ වගන්ති වෙනස්‌ කර ගැනීමට වත්මන් ආණ්‌ඩුව කිසිදු උත්සාහයක්‌ ගන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි.

2015 ඔක්‌තෝම්බර් මාසයේදී ආණ්‌ඩුවේ උදව් සහ සම අනුග්‍රාහකත්වය ඇතිව ගෙනා මෙකී යෝජනාව අද කර තබාගෙන යන්නේ ශ්‍රී ලංකා ආණ්‌ඩුවෙන්ම යෑයි ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටී.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවත්, රාජ්‍යයේ ව්‍යහයත්, නීති පද්ධතියත් වෙනස්‌ කිරීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහයන් ඉදිරි කාලයේදී කරළියට එන ලක්‍ෂණ දැන් පහළ වී තිබේ. පසුගිය නොවැම්බර් මාසේ සිට එක්‌කො නිල වශයෙන් එළි දක්‌වනු ලැබූ, නැතිනම් වෙනත් මාර්ගයකින් මාධ්‍යයට හෙළි වූ ලියවිලි කිහිපයකින් ආණ්‌ඩුවේ අභිමතාර්ථය පැහැදිලි වේ. ව්‍යවස්‌ථාදායක සභාවේ අනුකමිටු හයේ නිල වාර්තා පසුගිය නොවැම්බර් මාසයේ එළිදක්‌වනු ලැබීය. අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව හා සංක්‍රාන්තික යුක්‌තිය පිළිබඳ කාර්යසාධක බළකායේ වාර්තාව ජනවාරියේ පළවිය. ඨීඡ+ බදු සහනය නැවත ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය පැනවූ කොන්දේසි 58ත්, ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත වෙනුවට අගමැතිවරයා යෝජනා කරන නවනීති කෙටුම්පතත් ඒ අතරතුර මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්විය.

මේ ලියවිලි සියල්ලේම පදනම වන්නේ 2015 ඔක්‌තෝබර් මාසයේදී ලංකාවේ යහපාලන ආණ්‌ඩුවේ උදව් සහ සම අනුග්‍රාහකත්වයද සහිතව ඔබාමා පාලනය සහ යුරෝපීය බලවතුන් විසින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවයි. අද වන විට මහා දේශපාලන පෙරළිsයක්‌ සිදුවී ඔබාමා පාලනය අතුගෑවී ගොස්‌ තිබුණද, ඇමරිකාවේ අලුත් ආණ්‌ඩුවට කතා කොට, මේ භයානක ලියවිල්ලේ වගන්ති වෙනස්‌ කරගැනීමට ලංකාවේ ආණ්‌ඩුව කිසිදු උත්සාහයක්‌ දරා නැති බව මෙහිදී ජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි. 2015 දී යහපාලකයෝ මේ යෝජනාවට ලංකාවේ සම අනුග්‍රාහකත්වය ලබා දුන්නේද විදෙස්‌ රටවල බලපෑමටම නොව, තමන්ගේද නෛසර්ගික දේශෙද්‍රdaහී න්‍යාය පත්‍රය අනුවය. අද වන විට, 2015 දී ගෙනා යෝජනාව කර තියාගෙන යන්නේ ඇමරිකානු ආණ්‌ඩුවෙන් නොව ලංකාවේ ආණ්‌ඩුවෙන්ම බව පැහැදිලිය. මෙහි සඳහන් කළ ලියවිලි පහෙන් හෙළිවෙන සමස්‌ත සැලසුමේ අංගෝපාංග පහත දැක්‌වෙන ආකාරයට සම්පිණ්‌ඩනය කර දැක්‌විය හැක.

ෆ අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබඳ කාර්ය සාධක බලකායේ නිර්දේශ අනුව ශ්‍රී ලංකා රජය මෙරටේ ඇතිවූ සන්නද්ධ ගැටුම් වල zවින්දිතයන්ගෙන්Z සමාව ගත යුතුය. නමුත් ත්‍රස්‌තවාදී සංවිධාන හෝ ඔවුනට උඩගෙඩි දුන් වෙනත් දේශපාලන සංවිධාන කිසිවෙකුගෙන්වත් සමාව ගතයුතු නොවේ. ඒ අනුව ත්‍රස්‌තවාදය මර්දනය කිරීමෙන් ශ්‍රී ලංකා රජය කර ඇත්තේ වරදක්‌ය යන අදහස ලෝකයට කියවේ.

ෆ කොටි සංවිධානයේ සුසානභූමි පෙර තිබූ ආකාරයට නැවත සකස්‌ කරදිය යුතු බවත්, කොටි මහවිරු දිනය සැමරීමට අවශ්‍ය අයට ඒ සඳහා ඉඩදිය යුතු බවත්, කොටි සාමාජිකයන්ගේ ඥාතීන්ට මියගිය කොටි සාමාජිකයන්ගේ ඡායාරූප කොටි නිල ඇඳුමද සහිතව තම නිවෙස්‌වල ප්‍රදර්ශනය කිරීමට අවසර දියයුතු බවටද අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබඳ කාර්ය සාධක බලකාය නිර්දේශ කර ඇත. නමුත් ත්‍රස්‌තවාදයට එරෙහි සටනේ දිවි පිදූ රණවිරුවන් සැමරීමට වැඩපිළිවෙලක්‌ හෝ ඔවුන් ලැබූ ජයග්‍රහණ සැමරීමට වැඩපිළිවෙලක්‌ ගැන හෝ මේ එක ලියවිල්ලකවත් සඳහන් වන්නේ නැත.

ෆ චෝදනා ගොනු කරනු නොලැබූ සියලුම කොටි සැකකරුවන් වහාම නිදහස්‌ කළ යුතු බවත් අපරාධ සිදු කළායි සැක කරන සන්නද්ධ හමුදා සාමාජිකයන් සිරභාරයට ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබඳ කාර්ය සාධක බළකාය කියයි. සංහිඳියාව ඇති කිරීමට මෙය අත්‍යවශ්‍ය සාධකයක්‌ හැටියට ඔවුන් හුවා දක්‌වයි.

ෆ 2015 ඔබාමා ආණ්‌ඩුවේ මානව හිමිකම් යෝජනාව හා යුරෝපා කොමිසමේ ඨීඡ+ කොන්දේසි මාලාවට අනුව යමින්, අපේ රණවිරුවන්ට එරෙහිව විදේශීය සහභාගීත්වයද සහිතව යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියා කාර්ය සාධක බලකාය නිර්දේශ කර තිබේ. කොටි සාමාජිකයන් මේ වන විට එක්‌කො පුනරුත්ථාපනය ලබා තිබෙන නිසා, නැතිනම් පවතින නීතිය යටතේ ඔවුන්ට නඩු පවරා තිබෙන නිසා, මේ යුද අපරාධ අධිකරණය විසින් කොටි සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක්‌ නොගත යුතු බවට යෝජනා වී ඇත. ඒ වෙනුවට කොටි සංවිධානයෙන් ඉවත් වී ආණ්‌ඩුව සමග එකතු වී කටයුතු කළ හිටපු කොටි නායකයන්ට එරෙහිව යුද අපරාධ විමර්ශන පැවැත්විය යුතු බවට අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබඳ කාර්ය සාධක බලකාය කියයි.

ෆ 2015 ජිනීවා මානව හිමිකම් යෝජනාවට අනුව යුද අපරාධ සිදු කළ බවට සැක කරන නමුත් යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් සාක්‌ෂි නැති සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කළ යුතු වේ. නමුත් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත වෙනුවට අග්‍රාමාත්‍යවරයා සම්පාදනය කර තිබෙන නව නීතියට අනුව යම් ත්‍රස්‌තවාදී සැක කරුවෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්‌ෂි නැතිනම් සමාව ඉල්ලීම, පසුතැවීම ප්‍රකාශ කිරීම, පුනරුත්ථාපනය ලැබීම, ඉදිරියේදී අපරාධ නොකිරීමට පොරොන්දු වීම, ප්‍රජා සේවයේ නියුතු වීම වැනි කොන්දේසියක්‌ මත නීතිපතිවරයාට හෝ මහ අධිකරණයට එම ත්‍රස්‌තවාදියාට එරෙහිව ගෙන තිබෙන නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවිය හැක.

ෆ යුද අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් වන සන්නද්ධ හමුදා සාමාජි¨කයන්ට කිසිදු පොදු සමාවක්‌ ලබා නොදිය යුතු බව අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබඳ කාර්ය සාධක බළකාය කියයි. නමුත් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත වෙනුවට අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කර තිබෙන නව නීතියට අනුව උසාවියක්‌ විසින් වැරදිකරුවෙකු කරනු ලැබූ ත්‍රස්‌තවාදියෙකුට වුවත් ත්‍රස්‌තවාදය හෙළාදැකීම, පසුතැවීම ප්‍රකාශ කිරීම, අදාළ අපරාධය සිදු වූයේ ඉහළින් ආ බලපෑම් නිසා බව පෙන්වීම යන කාරණා මත සිර දඬුවම් ලිහිල් කිරීමට වගන්ති ඇතුළත් කර තිබේ.

ෆ අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබඳ කාර්ය සාධක බළකාය කර තිබෙන තවත් නිර්දේශයක්‌ වන්නේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට අවශ්‍ය දිරිගැන්වීම් දී කළින් විශ්‍රාම යෑවීමයි. මේ සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් පොළඹවා ගැනීමට ඔවුනගේ ළමයින්ට හොඳ පාසල් ලබා දී, වෙනත් රැකියා සොයා දී, පිටත් කර යෑවිය යුතු වේ. මේ ආකාරයට හමුදා විසුරුවා හැර, අත්දැකීම් සහිත හමුදා නිලධාරීන් හා සෙබළුන් ගෙදර යවා, රටේ ආරක්‌ෂාව තහවුරු කරන්නේ කෙසේද කියා මේ එක ලියවිල්ලකවත් සඳහන් නොවේ.

ෆ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත වෙනුවට ගෙන ඒමට යන අලුත් නීතියට අනුව අදාළ ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථානාධිපති, මානව හිමිකම් කොමිසම හා එම පළාතේ මහේස්‌ත්‍රාත්වරයා අත්අඩංගුවට ගන්නා ත්‍රස්‌තවාදී සැකකරුවන්ගේ සුරක්‌ෂිතභාවය තහවුරු කළ යුතු වේ. රඳවා ගැනීම් නියෝගයක්‌ යටතේ සැකකරුවන් රඳවා ගැනීම මාස 03 සිට දවස්‌ 30 දක්‌වා අඩු වේ. රඳවා ගෙන සිටිය හැකි උපරිම කාලය මාස 18 සිට මාස 06 දක්‌වා අඩු වේ. සැකකරුට එරෙහිව අවුරුද්දක්‌ ඇතුළත නඩු ගොනු නොකළොත්, නැතිනම් නඩුවේ කාලය අවුරුදු දෙකකට වඩා දික්‌ ගැස්‌සුනහොත්, සැකකරු ඇප මත නිදහස්‌ කළ යුතු වේ. ත්‍රස්‌තවාදී සැකකරුවන්ට උපරිම අවකාශය සලසන අතර රාජ්‍ය හමුදාවලට උපරිම ලෙස බාධා වෙන ආකාරයට මේ යෝජනා කෙටුම්පත් කර තිබේ.

ෆ පොලිසිය, නීතිය හා සාමය අනු කමිටුවේ නිර්දේශවලට අනුව මාස තුනකට වඩා කාලයක්‌, නැතිනම් දින 180 ක්‌ තුළ දින 90කට වැඩි කාලයක්‌ හදිසි නීතිය පවත්වාගෙන යන්න නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක්‌ අවශ්‍ය වේ. හදිසි නීතිය ප්‍රකාශ කිරීම මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කර ඒවා අවලංගු කිරීමට වුවත් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරීමට මෙහි නිර්දේශ කර තිබේ. නීතිය හා සාමය බිඳ වැටීමකට සුදුසු ආකාරයට ප්‍රතිචාර දැක්‌වීමට විධායකයට ඇති බලය මෙයින් සීමා වේ. මේ ආකාරයට විධායකයත්, හමුදාවත්, පොලිසියත් දඬුකඳේ ගසා නීතිය හා සාමය රකින්නේ කෙසේද යන්න මෙහිදී සලකා බලා නැත.

ෆ ජාත්‍යන්තර සම්මුතීන් ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කරගන්නා ක්‍රමවේදය වෙනස්‌ කර ජිනීවා මානව හිමිකම් කමිටුවට ලංකාවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩදිය යුතු බව අධිකරණය පිළිබඳ අනු කමිටුව යෝජනා කර තිබේ. එයින් ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩු තීන්දු සමාලෝචනය කිරීමට ජිනීවාහි මානව හිමිකම් කමිටුවට බලය ලැබෙන නිසා ශේ්‍රෂ්ඨාධිකරණයට ලංකාවේ ඉහළම උසාවිය හැටියට ඇති තත්ත්වය අහිමි වේ. රටක අධිකරණය ජාත්‍යන්තර අධිකරණයකට යටත් කිරීම යනු ස්‌වාධිපත්‍ය අහිමි වීමකි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කළේද යුරෝපා අධිකරණයේ ආධිපත්‍යයෙන් ගැලවීමටය.

ෆ ලංකාව නිර්ආගමික රාජ්‍යයක්‌ බවට පත් කිරීමේ යෝජනාව සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයාගේ සංහිඳියාව පිළිබඳ කාර්ය සාධක බලකාය නිර්දේශ කර තිබේ. බුදු දහමට ඇති විශේෂ තත්ත්වය නැති කරන්නේ නැතෙයි කීවද එයත් මේ සමස්‌ත සැලසුමේ කොටසක්‌ බව මේ ලියවිලිවලින් පෙනේ.

ෆ පළාත් ආණ්‌ඩුකාරවරුන්ගේ සියලු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිළිබඳ අනුකමිටුව යෝජනා කර තිබේ. ඒ අනුව ආණ්‌ඩුකාරවරුන් අදාළ මහඇමතිවරුන්ගේ අභිමතය පරිදි පත්කිරීමටත්, මහ ඇමතිවරයාගේ හා ඇමති මණ්‌ඩලයේ උපදෙස්‌ පරිදි ආණ්‌ඩුකාර වරයාට කටයුතු කිරීමටත් සිදුවේ. පළාත් සභා තුළ මධ්‍යම ආණ්‌ඩුවේ අණසක පවත්වාගෙන යන්නේ ආණ්‌ඩුකාරවරුන්ය. ඒකීය රාජ්‍ය රැකෙන්නේ ආණ්‌ඩුකාරවරුන්ගෙන්ය. ඒ තනතුරේ බලය හීන වුවහොත්, ලංකාව ඉබේටම ෙµඩරල් රාජ්‍යයක්‌ වෙනු ඇත.

ෆ ඒකීය රාජ්‍යය නැති කිරීමේ පියවරක්‌ ලෙස ව්‍යවස්‌ථාවේ සමගාමී බලතල ලැයිස්‌තුව අහෝසි කිරීමට නිර්දේශ වී තිබේ. ඒ අනුව දැනට මධ්‍යම ආණ්‌ඩුවට හෝ පළාත් ඒකකවලට අයත් නොවන සියලු බලතල පළාත් ඒකකවලට දිය යුතු බවට මධ්‍ය හා පර්යන්තය පිළිබඳ අනුකමිටුව යෝජනා කර ඇත. එපමණක්‌ද නොව දිස්‌ත්‍රික්‌ ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුත් පළාත් ඒකක යටතට පත් කිරීමටත් නිර්දේශ වී තිබේ. මෙය අදියරෙන් අදියර ඒකීය රාජ්‍යයේ ආණ්‌ඩුව දිය කර දැමීමේ වැඩ පිළිවෙළක්‌ බව පෙනේ.

ෆ ජාතික පොලිස්‌ සේවයේ රාජකාරිය ජාත්‍යන්තර අපරාධ වැනි කාරණා කීපයකට සීමා කර, සියලුම එදිනෙදා පොලිස්‌ රාජකාරී පළාත් පොලිස්‌ සේවාවන් 9 කට පවරා දීමට නිර්දේශ වී ඇත. පළාත් පොලිස්‌ සේවාවන්වලට පදිංචිය හා කතා කරන භාෂාව මත බඳවා ගැනීම් සිදු කිරීමටත්, ඔවුන් භාවිත කරන ගිනි අවි හා ලබන පුහුණුවද ඒ පළාත් බලධාරීන් විසින්ම තීන්දු කිරීමටත් නියමිතය. එමෙන්ම, මේ සංශෝධන වලින් පසු පළාත් පොලිස්‌ සේවාවන් අදාළ පළාතේ පොලිස්‌ කොමිසමට මිස ලංකාවේ පොලිස්‌පතිවරයාට හෝ මධ්‍යම ආණ්‌ඩුවට වගකීමට බැඳී සිටින්නේ නැත.

ෆ මධ්‍ය හා පර්යන්ත පිළිබඳ අනුකමිටුවේ යෝජනාවලට අනුව සියලු ඉඩම් බලතල පළාත් ඒකකවලට පැවරිය යුතු වේ. ජාතික ආරක්‌ෂාව වැනි මධ්‍යම ආණ්‌ඩුවේ කටයුත්තක්‌ සඳහා ඉඩම් අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක්‌ අදාළ පළාත් සභාවට ඉදිරිපත් කළ යුතු වේ. මෙවැන්නකට උතුරු නැගෙනහිරෙන් ලැබීමට ඉඩ තිබෙන ප්‍රතිචාරය කුමක්‌දැයි අපිට කල් තියාම සිතාගැනීම අපහසු නැත.

යහපාලන ආණ්‌ඩුව ව්‍යවස්‌ථාවත්, නීතියත් වෙනස්‌ කිරීමෙන් බලාපොරොත්තු වෙන දේ ඉහත සඳහන් කාරණාවලින් පැහැදිලි වේ. යුද්ධය දිනපු නිසා සන්නද්ධ හමුදාවන්ට දඩුවම් දීම, මධ්‍යම ආණ්‌ඩුවක්‌ හෝ ඒකීය රාජ්‍යයක්‌ නැති වන තරමටම බලය බෙදීම, නීතිය හා සාමය බිඳවැටීමකට ශ්‍රී ලංකා රජයට මුහුණ දීමට නොහැකි වන තැනට වැඩ සැලසීම, ලංකාවේ බහුතර ප්‍රජාවගේත් සන්නද්ධ හමුදා වලත් ජීවගුණය හා චිත්ත ධෛර්ය බිඳ, බෙදුම්වාදීන්ට හැකි තරම් වාසිදායක වාතාවරණයක්‌ නිර්මාණය කරදීම මේ වැඩපිළිවෙලේ අරමුණ වේ. අප මෙහි සඳහන් කළ ලියවිලිවල නිර්දේශ ක්‍රියාත්මක වුවහොත්, ඉතුරු වන්නේ ෙµඩරල් ප්‍රාන්ත නවයකට බෙදූ ශ්‍රී ලංකාවකි. අභ්‍යන්තර කැරැල්ලකට මුහුණ දිය නොහැකි ආණ්‌ඩුවකි. එතැන් සිට වෙනම රාජ්‍යයකට ඇත්තේ තව එක්‌ පියවරක්‌ පමණි.

දේශීය හා විදේශීය ඊළාම්වාදී පිරිස්‌ ඇතැම් විදෙස්‌ බලවතුන්ද සමග එකතුවී 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය විකෘති කරනු ලැබුවේ දශක හතරක ත්‍රස්‌තවාදයෙන් ලබා ගැනීමට බැරි වූ දේ ඒ අයට ලබා දීමට සූදානම් ආණ්‌ඩුවක්‌ බලයට ගෙන ඒමටය. ආණ්‌ඩුව තුළ සිටින සියලුම ශ්‍රිලනිප සාමාජිකයන්ටත්, එජාප මන්ත්‍රීවරුන්ටත් මා මෙහි සඳහන් කළ ලියවිලි පහ කියවා බලන ලෙස මම ආරාධනය කරමි. මෙවැනි දේශෙද්‍රdaහී වැඩපිළිවෙළකට එකඟ වී රටත්, ජාතියත් පාවා දෙනවාද නැද්ද යන්න පක්‌ෂ භේද පසෙක තබා සෑම මන්ත්‍රීවරයෙකුම තනි තනිව ගත යුතු තීරණයක්‌ වන්නේය. පසුගිය ජනාධිපතිවරණය සමයේ යහපාලකයෝ රටට දුන් ප්‍රධානම ව්‍යවස්‌ථාමය ප්‍රතිඥා දෙක වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත්ය.

ජනතාවට දුන් මේ පොරොන්දු දෙකම සම්පූර්ණයෙන්ම පසෙක ලා, ඉහත සඳහන් වැඩපිළිවෙළ මේ තරම් උනන්දුවෙන් ඉදිරියට ගෙන යැමට මේ ආණ්‌ඩුව පෙළඹී ඇත්තේ, ඔවුන්ට මේ රටේ ජනතාවට වඩා වැදගත් වෙනත් හාම්පුතුන් පිරිසක්‌ සිටින නිසා නොවේදැයි මහජනතාව කල්පනා කර බැලිය යුතුය.

මහින්ද රාජපක්‌ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
Post a Comment