Wednesday, March 29, 2017

අපව රවටන්නේ කවුද අැත්ත කියන්නේ කවුද

මානව හිමිකම් කොමිසමෙි මෙවර තීරනය ගැන ගමිමන්පිල මහතාගේ මතය

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය.
ආණ්ඩුව සතුටු කදුළු වගුරුවමින් සිටිනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාවට 2015 සැප්තැම්බර් මාසයේ ගෙන එන ලද යෝජනාවෙන් ඉටුකරන ලෙස පවසන ලද කාරනා ඉටුකිරීමට තවත් වසර දෙකක දිගුවක් ලැබීම ආණ්ඩුවේ රාජ තාන්ත්‍රික ජයක් විදිහටයි ඔවුන් දකින්නේ. අපේ ජනපතිතුමන්ගේ භාෂාවෙන් මටනම් කියන්න තියෙන්නේ බම්බුව තමයි කියලයි.
මේ දෙවසරක කාලයක් ලබාදීලා තියෙන්නේ ඉතාම කූට යටි අරමුණක් සහිතවයි. ආණ්ඩුවට තවම නොතේරෙන මේ බටහිර රටවල යටි අරමුණ අපි තේරුම් ගන්න ඕනෑ.
ලංකාවේ ආර්ථිකය සීඝ්‍රයෙන් කඩා වැටීම දැන් රටටම දන්න තිත්ත ඇත්තක්. මහබැංකු අධිපතිවරයා මේක මාධ්‍ය හමුවක් තියලා සනාත කලා. එතුමන්ගේම වචන වලින් කියනවනම් ජාතිය සතු ලොකුම සම්පත වන මාගම්පුර වරාය චීනයට විකුනුවේ නැත්නම් ලංකා ආර්ථිකය කඩා වැටෙනවා. ඒම ගණුදෙනුවෙන් ඩොලර් බිලියනයක් ආවේ නැත්නම් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙනවා කියන එක එතුමන්ම ප්‍රකාෂකොට තියෙනවා.
මේ ආර්ථිකය කඩා වැටීමත් මානව හිමිකම් යෝජනා දෙවසරකින් කල් දැමීමත් අතර පවතින සම්බන්දය කිසිම කෙනෙක් පැහැදිලි නොකල නිසා පත්තරවලින් තොරතුරු දැනගන්න ආන්ඩුවේ නායකයින් මේ ගැන දන්නෙත් නෑ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටෙනකොට මේ ආණ්ඩුව බලාපොරොත්තු තැබුවේ ඇමරිකාව ඉන්දියාව සහ යුරෝපීය සංගමය ආණ්ඩුවට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න උදව් කරයි කියලා. රාජපක්ෂ ලේබලය අලවා ආණ්ඩුව විසින් පහර දුන් චීනයෙන් ලද උදව්වවත් බටහිරින් මේ ආණ්ඩුවට ලැබුනේ නැහැ. ඒකට එක් ප්‍රබල හේතුවක් තියෙනවා. ඔවුන්ට අවශ්‍යයි නව ව්‍යවස්ථාව සහ යුධ අපරාධ අධිකරණය මේ මහ පොලවේ ස්ථාපිත කරන්න. නමුත් දැවැන්ත ජනතා විරෝධය හමුවේ නව ව්‍යවස්ථාව හා යුධ අපරාධ අධිකරණය කල් දැමීමට ආණ්ඩුවට සිදුවුනා. මේ හරහා බටහිර දැක්කා තවමත් ජනතාවට ශක්තිය තියෙනවා මේ යුධ අධිකරණ වලට නව ව්‍යවස්ථාවට එරෙහි වන්නට. මේ නිසා බටහිර රටවල් තව දුරටත් අපේ රටේ ආර්ථික අර්බුදයට උදව් නොකර ඉන්නවා. මොකද අපේ රටේ ජනතාව බඩගින්නේ තියලා සමස්ථ ජාතියම දනගස්වා ඉන්පසු ලෝක බැංකුව උදව් කිරීමේ කොන්දේසියක් බවට පෙඩරල් ව්‍යවස්ථාව සහ යුධ අපරාධ අධිකරණය පත්කර ගන්න.
මේක අළුත් උපක්‍රමයක් නොවේ. 1997 වන විට බටහිර රටවල දැඩි බලපෑමක් ආවා ඉන්දුනීසියාවෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්වෙන්න නැගෙනහිර ටිමෝරයට ඉඩ දෙන්න කියලා. ජනපති සුහර්තෝ ඉතා පැහැදිලිව ලෝක ප්‍රජාවට කිව්වා මම ජනපති ලෙස සිටින තුරු නැගෙනහිර ටිමෝරයට වෙනම රටක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ අතර 1997 ඇමරිකානු සුප්‍රකට ආයේජක ඒ වගේම මේ ආණ්ඩුව ලංකාවටත් ගෙනාපු සෝරෝස් විසින් තමන්ගේ ආයෝජන සියල්ල එකවර ඉන්දුනීසියාවෙන් ඇදල ගත්තා. මේ නිසා දැවැන්ත ආර්ථික අර්බුදයකට ගිය ඉන්දුනීසියාවේ මුදල් ඒකකය කඩා වැටුනා. රටේ උද්දමනය කෙතරම් වැඩි වුනාද කියනවනම් උදෑසන බස්එකෙන් වැඩට එද්දී ගෙවු බස් ගාස්තුවට වඩා වැඩි බස් ගාස්තුවක් වැඩ ඇරී සවස ගෙදර එද්දී ගෙවන්නට වුනා. මේ දැවැන්ත ආර්ථික අර්බුදය අස්සේ ජනතාව අපිට කන්න දියව් කියා පෙළපාලි යනකොට ලෝක බැංකුව ඉන්දුනීසියාවට කිව්වා අපි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න උදව් කරන්න ලෑස්තියි. නමුත් ඒ සදහා නැගෙනහිර ටිමෝරයට නිදහස ලබාදිය යුතුයි. ඉන්දුනීසියානු ජනතාව ඊටපස්සේ පාරට බැහැලා පෙළපාලි යනවා නැගෙනහිර ටිමෝරයට නිදහස දී අපිට කන්න දියව් කියලා.
නමුත් තමන්ගේ හෘද සාක්ෂියට එකගව මේ දේ කල නොහැකි නිසා ජනපති සුහර්තෝ 1998 දී ඉල්ලා අස්වුනා. ඉන් පසු ආ ජනපතිවරයා නැගෙනහිර ටිමෝරයට නිදහස දුන්නා. අචේ ප්‍රාන්තයට ස්වයං පාලනය දුන්නා. ඉන්දුනීසියාවට සල්ලි ලැබුනා. එරට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගියා.
1998 දී බටහිර රටවල් ඉන්දුනීසියාවේ අත්හදා බලපු උපක්‍රමය තමයි 2017 දී ලංකාවට පාවිචිචි කරන්නේ. වසර දෙකක් කල් දීම හරහා මේ අය බලාපොරොත්තු වෙනවා බටහිර රටවල් ලංකාවට කිසිම උදව්වක් නොකර සිටීමෙන් ලංකා ආර්ථිකය සීඝ්‍රයෙන් කඩා වැටීම හරහා ඉන්දුනීසියාවේ ඇතිවු අර්බුදය ශ්‍රී ලංකාවේත් ඇති කරන්න. එවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට පුළුවන් ලංකාවට ඇවිත් කියන්න පුළුවන් අපි ලෑස්තියි ඔබට උදව් කරන්න. නමුත් ඒ සදහා ෆෙඩරල් ව්‍යවස්ථාව ජනතාව සම්මත කරන්න ඕන. යුධ අපරාධ අධිකරණය ලංකාවේ ස්තාපිත කරන්න ඕනි.
එවිට අර බඩගින්නේ ඉන්න ජනතාවට තමන්ට කුස ගින්න දැනෙන කොට රට ජාතිය ආගම ස්භාවයෙන්ම බොහෝ ජනතාවට අමතක වෙනවා. එවිට ලංකාවේ අපි මෙතෙක් නොදැක්ක පෙළ පාලි දකින්ට ලැබේවී. දෙමළ ඊලම උතුරට දී අපිට කන්න දියව්. රණවිරුවන් දන්ගෙඩියට යවා හෝ අපිට කන්න දියව් කියන පෙළපාලි අපිට දිකින්ට ලැබෙවි. එතනට ලංකාව තවමත් ඇවිල්ලා නැති නිසා තමයි, ආර්ථිකය තවමත් ඒ මට්ටමට පිරිහිලා නැති නිසා තමයි තවත් දෙවසරක් මේ යෝජනා සදහා ආණ්ඩුවට කල් දුන්නේ. මොකද තවටිකක් ආර්ථිකය වට්ටලා ජනතාව දණගැස්සීම අත්‍යවශ්‍යයි කියල බටහිර පාලකයන් සිතනවා.
ආණ්ඩුවටත් මේ දේ විග්‍රහ කරගන්න බැරිනිසා තමයි සතුටු කදුළු වගුරවමින් තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් විදිහට මේ දෙවසරක් කල් ලබාදීම දකින්නේ. ඇත්තම රාජතාන්ත්‍රික ජයග්‍රහණය විය යුතුව තිබුනේ විදේශිය විනිසුරුවන් විදේශිය නීතිඥයන් විදේශිය අභිචෝදකයන් විදේශිය විමර්ෂකයන් 2015 සැප්තැම්බර් යෝජනාවෙන් ඉවත්කරගන්න මේ ආණ්ඩුව කටයුතු කිරීමයි. ආණ්ඩුව ලංකාවේ සිංහනාද කරනව අපි විදෙස් විනිසුරුවන්ට එන්න දෙන්නේ නෑ කියලා. නමුත් එසේනම් තමුන් කලින් දුන් පොරොන්දුව ඉල්ලා අස්කර ගතයුතුයි. මෙවර ඉදිරිපත් කල යෝජනාවට සංශෝධන දැමිය යුතුයි විදේශිය විනිසුරුවන් විදේශිය නීතිඥයන් විදේශිය අභිචෝදකයන් විදේශිය විමර්ෂකයන් ලංකාවට අවශ්‍ය නෑ. මේ ක්‍රියාදාමයන් ලංකා අධිකරණ පද්ධතිය තුල ඉටුකරගත යුතුයි කියලා. එහෙම සංශෝධනයක් නොමැතිව මෙවැනි විදේශ විනිසුරන් ගේන් නෑ කියන එක ලංකාවේ කියලා වැඩක් නෑ ජිනීවා වලයි කිව යුත්තේ. නමුත් ජිනීවා වල නොකී නිසා ලංකාවේ ජනපති වේවා අගමැති වේවා කරන කිසිම ප්‍රකාශයක කිසිම වැදගත් කමක් නෑ. මේ සම්බන්දයෙන් ලංකාවේ පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයට වඩා වැදගත් වෙන්නේ ජිනීවා මාණව හිමිකම් මඩුල්ලේ දී කරන ප්‍රකාශයන්.
මේ වසර තුළ 1953 දී සිදු වුණු හර්තාලයට වඩා සමස්ථ රාජ්‍යය ත්‍රන්ත්‍රයම ඉද්ද ගැසුවා වගේ නතර වන හර්තාලයක් වැනි දැවැන්ත ජනතා විරෝධයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා තව දුරටත් මැතිවරණ කල්දැමිමට ආණ්ඩුව කටයුතු කළොත්. රොටිය පුච්චන්න තැටිය රත්වෙන්න ඔනේ වගේ අපි මේ රට රත් කරගෙනයි යන්නේ නුගේගොඩින් පටන්ගෙන. දෙවැනි රැස්වීම අපි හබරාදූවේ පැවැත්තුවා ඊළග එක අපි නැගෙනහිරට ගෙන යනවා. මේ වගේ රට වටේම රැස්වීම් මාලාවක් පවත්වලා මසකට එකක් හෝ දෙකක්. රට රත්කරලා විරෝධතා රොටිය පුච්චන තමයි බලාපොරොත්තු වෙන්නේ.

1953ට පසු මෙවැනි හර්තාලයක් කරලා නෑ. ජවිපේ කළේ ජනතා සහභාගිත්වය ගත්තේ 
ස්වේච්ඡාවෙන් නෙවෙයි ඔළුවට පිස්තෝලේ තියලා. එහෙම නැතුව 1953ට වඩා සාර්ථක හර්තාලයක් කරනවා. 1953 හර්තාලයෙන් තමයි පාරජය කරන්න බෑ කිව්ව එජාපයේ පාරාජයේ ආරම්භය සිදු වුණේ. එවගේ මුළු රාජ්‍යය ත්‍රන්ත්‍රයම සම්පුර්ණයෙන්ම නතර වන හර්තාලයක් බදු විරෝධතාවක් අපි මේ වසර තුළ කරනවා. සර් ජෝන් මහත්තයාගේ ආණ්ඩුව නම් ජනතාව ඇවිත් ඇමතිවරු කනෙන් ඇදලා එළියට දාවි කියලා නැවක රැස්වීම් පැවැත්තුවා කියලා තමයි ඒ කාළේ කතාව තිබුණේ. මේ පාර ආහසේ හරි මුහුද යට තමයි රැස්වීම් පවත්වන්න වෙන්නෙ. මොකද අපිට වඩා කෙන්තියෙන් ඉන්නේ ආණ්ඩුව ගැන හංසයාට කතිරය ගැසු අය නිසා. ඒ අයට අවස්ථාව ලැබෙනවා ආණ්ඩුව පලවා හරින්න අපි කරන හර්තාලය නිසා. ආණ්ඩුවේ ඇමතිවරු හිසට හෙල්මට් පිටට ටකරන් දාගෙන හැංගෙන්න සබ්මැරින් සොයා ගත්තොත් හොදයි කියලයි මම දකින්නේ. දැන් කියයිද දන්නේ නෑ ප්‍රචණ්ඩ බලයෙන් ආණ්ඩු බලය අපි ගන්න හදනවා කියලා එහෙම කිසි සේත්ම නෑ. සාමකාමිව ජනතාව සියළුම වැඩ වලින් ඉවත් වෙලා සැබෑ ආණ්ඩු වීරෝධි නොනගතයක් රටේ උදාකරන්නයි බලාපොරොත්තුවෙන්නේ.
– අරවින්ද අතුකෝරල

No comments: