Monday, July 1, 2013

සති පට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .1.කොටස

සතිපට්ටානය තුල සතියෙන් භාවනාව වැඩිම පටන් ගත් විට , භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .

1.කොටස 

තම ආනාපානසති භාවනාව වැඩිම ගැන සිරිදාසට ගැටළුවක් මතුවිය. ඔහු සුත්‍රයේ සඳහන් ආකාරයට භාවනාව දෛනිකවම පාහේ වැඩිය. මෙම භාවනාව පිලිබඳ ප්‍රවීනයන් දක්වා ඇති ආකාරයට අදාළ තත්වයන් තමා තුලද වර්ධනයවී ඇත්තේද යන්න ගැන විමසිලිවත් විය.එම තත්වයන් තමා  තුලද වැඩි ඇතැයි ඔහු සිතිය. එහෙත් තම සිතුවිල්ලේ ගැටළුවක් ඇති බව ඔහුට වැටහුනේ 4 වන ධ්‍යානයේදී දෑස පියාගෙන සිටිද්දීම  පෙනෙතියයි ප්‍රවීනයන් විසින් කියා ඇති ධවල ආලෝකය තවමත් ඔහුට නොපෙනුන බැවින්ය. කොතැනක හෝ වරදක් විදුවී ඇත. 

ඔහු නැවත වතාවක් ආනාපානසති සුත්‍රය ප්‍රවේශමෙන් කියවීමට පටන් ගත්තේය. ඔහු මේ වන විට එම සුත්‍රය විසි  වතාවකට වඩා කියවා ඇත. එය වෙනත් පොතක් පතක් කියවීමේදී අනුගමනය කරන ඔහුගේ සාමාන්‍ය පුරුද්ද නොවේ. ඔහුගේ සාමාන්‍ය පුරුද්ද වන්නේ ඕනෑම දෙයක් එක වතාවක් හෝ දෙවතාවක් කියවීමය. යම්කිසි  උපටා ගැනීමක් අවශ්‍ය උනොත් පමනක් එම පොත නැවත පෙරලා අදාළ උපුටනය පමණක් බැලීම ඔහුගේ සිරිත විය. ආනාපානසති සුත්‍රය ගැන දේශනයක් කිරීමට හෝ අන් අයෙකුට කරුණු පහදා දීමට දැනටමත්  ඔහු දන්නා කරුණු හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් ඔහුගේ අවශ්‍යතාවය වන්නේ එවැන්නක් නොව සැබවින්ම ආනාපානසති භාවනාව ප්‍රගුණ කිරීමය.  යමක් කියවා ධාරණය කිරීම සහ පුහුණු කිරීම් තුලින් කුශලතාවය වර්ධනය කර ගැනීම එකක් නොව දෙකක් බව පළමු වරට ඔහුට අවබෝධ විය. 

මෙතැනදි  මතුවී ඇති  ප්‍රශ්නය වන්නේ ආනාපානසති සුත්‍රය කියවීම හෝ  ධාරණය කිරීම ගැන ගැටළුවක් නොව, ආනාපානසති භාවනාව ප්‍රගුණ කිරීමේදී අනුගමනය කලයුතු අදාළ  පියවරයන් පිලිවෙලින් අනුගමනය කලත්,  භාවනාව පිරීමේදී පිලිවෙලින් ඇතිවිය යුතු  තත්වයන් ඇත්ත වශයෙන්ම  තමාගේ  කය  විසින් ලබා  ගත්තාද යන්න  නිසැකවම දැන  ගැනීම තහවුරු කර ගන්නේ කෙසේද යන්නය. ආනාපානසති භාවනා ලාභියා නිවැරදිව එම භාවනාව කිරීමේදී ඔහු   විසින් ලබා ගන්නා තත්වයන් ගැන වියතුන් පල කර ඇති  තහවුරු කිරීම් සිරිදාස දැනටමත් විවිධ මුලාශ්‍ර ඇසුරින්  කියවා ඇත.  ඒ අනුව එම  තත්වයන් තමන් විසින් ඇත්තෙන්ම උපදවුයේද නැත්නම් ඒවා තම සිතේ  මැවුන මායාවන්ද  නිසා උපන්නක් පමණක්ද යන්න තහවුරු කරගැනීමට ඔහුට උවමනා වීය. සිතේ මායාකාරි  ස්වභාවය සහ සිතුවිලි ගලා ඒමේ අධික වේගය ගැන සිරිදාස  තම අද්දැකීම් තුලින්ම  මැනවින් දැනගෙන සිටියි. ඇත්තෙන්ම සිරිපාලට අවශ්‍ය වුයේ භාවනාවේදී තම සිතට දැනුන හැඟීම් ඇත්තෙන්ම තම කය විසින් භෞතිකවම  පසක් කර ගත්තේද යන්න සැකයකින් තොරව තහවුරු  කර ගැනීමයි.


      ආනාපානසති සුත්‍රය හොඳ හැටි කියවූ සිරිදාස එම භාවනාව ප්‍රගුණ කිරීමට සුදුසු ස්ථානය කුමක්දැයි කල්පනා කළේය. අලුයම පිබිද ඉස්තෝප්පුවට ගිය විට ආරණ්‍යක ඇති පරිසරය  ලබා ගත හැකි බව පෙනිණි. එසේ  උවත් එම පරිසරය තුල තමන් පැතු නිහඬතාවය නොමැති බව ඔහුට වැටහුනේ උදේ පාන්දරින් ඉස්තෝප්පු කෑල්ලට ගිය විටය. ඉදී  ඇති වැල ගෙඩියකට පොර කා ගන්නා වවුලන්ගේ  හඬින් පරිසරය පිරිලාය. සිරිදාසට හඳුනාගත නොහැකි  තවත් නිශාචර පක්ෂීන්ගේ නාදයන්ද ඇසේ. ඈතින් උඩ බුරලන බල්ලන්ගේ හඬද මේ ඝෝෂාව තවත් වැඩි කරවයි. වට පිටින් හමන සිත සුළඟද බාධාවක්ම ගෙන එයි. ඉතින් භාවනාවට නම් මෙතන උචිත තැනක් වන්නේ කෙසේද? හදිසියේ ගෙදර කවුරුන්හෝ අවදිවී උදේ පාන්දර එලියට වෙලා මොකද කරන්නේ කියා ඇසුවොත් එයට පිළිතුරු දෙන්නේ කෙසේද  යන්නද ප්‍රශ්නයකි.
  
මේ නිසා තම භාවනා අභ්‍යාසය ලෙස ඉස්තෝප්පු කෑල්ල යොදා ගැනීමේ අදහස අත්හල සිරිදාස ඉන්පසු ශුන්‍යාගාරය තුල භාවනාව කිරීමේ අදහස ගැන සිත් යොමු කලේ ය.  ඔහු       ශුන්යාගාරය ලෙස යොදා ගැනීමට අදහස් කලේ  තම කාමරයයි. මේ කාමරයේ නිදා ගන්නේ ඔහු පමණක් බැවින් එය පහසුය.  එවිට ගෙදර අන් සාමාජිකයන්ගේ මැදිහත්වීමකින් තොරව  භාවනාව ප්‍රගුණ කිරීම කළහැක.අලුයම 3ට අවදි උනාම අලුයම 4.30 පමණ වන තුරු කිසිදු කරදරයකින් තොරවම භාවනාව පටන් ගත හැක. ඇඳේම හිඳ දෙපා බිම ඇති පාපිස්ස මත තබා උඩු කය සෘජු කරගත හැක. එවිට පොළාවේ ශීතල දෙපා තුලට වැදීමේ බාධාව මැඩගත හැක.

ආනාපානසති සුත්‍රයේ  විස්තර වන සතිපට්ඨානයේ කුමන කොටසින් අභ්‍යාසය පටන් ගත යුතුද යන්න නිරාකරණය කර ගැනීම ඊළඟට තීරණය කල යුතුව තිබිණ. ඉස්සර නම් සිරිදාස හිතුවේ ආනාපානසති සුත්‍රයේ ඇත්තේ හුස්ම ඉහලට ගැනීම සහ පහලට දැමීම ගැන කියවෙන එකම විස්තරයක් බව කියාය. නමුත් අවසාන වරට ආනාපානසති සුත්‍රය අධ්‍යනය කිරීමේදී ඔහුට වැටහුනේ සුත්‍රයේ දක්වා ඇති  ක්‍රම 4කින් කුමන හෝ ක්‍රමයක් නිසිලෙස අනුගමනය කිරීමෙන්  සිත සමාධි ගත කල හැකි බවය. සිත අනුව බැලීමෙන්,  කය  අනුව බැලීමෙන්,  විඳීම අනුව බැලීමෙන්, සහ  ධර්මය අනුව බැලීමෙන්, සිත සමාධි ගත කල හැකි බවත්, ඒ සඳහා අනුගමනය කලයුතු මාර්ග එකිනෙකට වෙනස් උවත් අවසානයට පැමිණෙන්නේ එකම අරමුණකට බවත් එනම් සිත සමාධි ගතවිම බවත් සිරිදාස පසක් කර ගති .මෙම ගැටලුව නිරාකරණය  කර ගැනීමම සිරිදාසට මහත් පහසුවක්    සහ සැනසුමක් ගෙන දුන්නේ මිට කලින් විසින් ඔහු විසින් කිසිදු විචාර බුද්ධියකින් තොරවම අනුගමනය කල ක්‍රමය වූ   කායානුපස්සනාව,වේදනානුපස්සනාව,චිත්තානුපස්සනාව යන තුන් කොටසම  එකම කොටසක් ලෙස ගලපා භාවනාව කර,ඉන්  අපේක්ෂිත ප්‍රතිඵල නොලැබ අසරණවූ නිසාය. එමෙන්ම ඔහු ධම්මානුපස්සනාව පිළිබඳව සිතා තිබුනේවත් නැත. 

කායානුපස්සනාව වඩන්නේ නම් වැඩි බර තැබීමකින් යුක්තව කයේ අසුභය වැඩිය යුතුය. සිරිදාස කයේ අසුභ  භාවය කියවෙන පද දනිතත් කිසි දිනෙක  එම භාවනාව වඩා නැත. එබැවින් ඒ ගැන උනන්දුවක් නැත.  වේදනානුපස්සනාව වඩන්නේ නම් වැඩි බර තැබීමකින් යුක්තව කයේ   අනිත්‍ය තාවය වැඩිය යුතුය. කයේ හටගන්නා සියළුම වේදනාවන්ගේ අනිත්‍යතාවය ගැන කියවෙන පද සියල්ලම සිරිපාල  දනිතත් කිසි දිනෙක  එම භාවනාව සම්පුර්ණ වශයෙන් වඩා නැත. පොඩි නංගි  නම් පුරුද්දක් ලෙසින් සියලු    වේදනාවන්ගේ අනිත්‍යතාවය ගැන කියවෙන භාවනාව වඩන බව සිරිපාලට සිතේ.   ධම්මානුපස්සනාව වැඩිමේදී පිරිය යුතු භාවනා පද මොනවාදැයි කියා සිරිපාලට අදහසක් පවා ඇතිවී නැත. එබැවින් මේ අවස්ථාවේදී සිරිදස කැමති වුයේ  චිත්තානුපස්සනාව වැඩිමටය. එය සරලය.වැඩිම පහසුය.  







No comments: