Thursday, July 4, 2013

සති පට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .2.කොටස



සතිපට්ටානය තුල සතියෙන් භාවනාව වැඩිම පටන් ගත් විට , භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .



2 .කොටස - පෙර කටයුතු කිරීම 



සිරිදාස හරියටම අලුයම 3ට පිබිදුණේය.රාත්‍රියේදී නින්දට ඇඳට යන   වෙලාවේදී උදේ කුමන වෙලාවට   අවදිවිය යුතුදැයි   සිතා  නින්දට ගිය විට හරියටම ඒවෙලාවටම පිබිදීමේ හැකියාවක් ඔහුට තිබිණ. එසේ අවදි වීමට  බධාවකට ඇත්තේ ඔහුගේ කම්මැලි කමය. සිරිදාස ස්වභාවයෙන්ම  උපන් ගෙයි කම්මැලියෙකි. නොහොත් වැඩ කල් දැමීමේ රුසියෙකි. ඉතින් වීර්ය පෙරට නොගෙන අදාළ වැඩය කිරීම නොපමාවම පටන් නොගත්තොත් නම් ඔහුගේ වැඩ නොකිරීමට ඇති  කම්මැලිකම ජය ගැනීම වලක්වන්නට මෙලෝ රුසියෙකුටවත් නොහැකිය. එබැවින් කම්මැලිකම පසෙක තබා  සිරිපාල ඉක්මනින්ම ඇඳෙන් නැගිට්ටේය. කට සෝදා ගැනීමට,   වැසිකිලි, කැසිකිලි කිරීමට හා සිරිත් පරිදි පානය කරන වතුර විදුරු 4 පානය කිරීමටත් විනාඩි 15ක් පමණ කාලයක්  වැය කරණ අතරම කුමන  භාවනාවක් වැඩිය යුතුද යන්න ගැනද කල්පනා කළේය. විවිධ භාවනා වර්ග සිතට ගලා ආවත් ඒ අතරින් ආනාපානසති භාවනාවේ චිත්තානුපස්සනාව  වැඩිමෙන්ම කාර්ය ඇරඹිය යුතුය යයි අවසානයට තීරණය කලේ ගැටලුව මතුවුනේ චිත්තානුපස්සනාව අනුව ආනාපානසති භාවනාව වැඩිම නිසා බැවින්ය. අතරමගදී බාධාවක් නොපැමිණියහොත් අලුයම 4.15ට  භාවනාව වැඩිම අවසන් කලයුතු යයි සිරිදාස තවදුරටත් තීරණය කලේ  සතියේ දිනවල හැර අන් දිනවලදී ගෙදර නිවැසියන් උදේ 4.30ට අවදි කරවීමට සකස් කර ඇති හොරා යන්ත්‍රයේ නාදය ඇසෙන නිසාය. තමන් භාවනා කරන බව අන්‍යන් දැනගන්නවාට සිරිදාස තුල කැමැත්තක් නැත.


"අරඥ ගතොවා රුක්ඛමුල ගතෝවා  සුන්‍යා ගාර ගතෝවා" 


 සිරදාස තම සයනාගාරය ශුන්‍යාගාරය ලෙස තෝරා ගත්තේය.කාමරය බඩු බඩුබාහිරාදීයෙන් පිරි නැත. එහි වසන්නේ ඔහු පමණකි. ගෙදර නිවැසියන් පසුවන්නේ නින්දෙනි.සතියේ දිනවලදී  ඔවුන් අවදි වීමට පටන් ගන්නේ පෙරවරු 4.3 ට  පසුවය. උදෙන්ම තේ සැදීමට පුතා පලමුවන්ම අවදි වන අතර, දවසේ ආහාර පිසීමේ කටයුතු  වෙනුවෙන් යෙහෙලිය සහ බිරිඳ  අවදි වන්නේ තේ පානයෙන් පසුවය.  පාසලට යාම සඳහා සුදානම් වීමට කුඩා  මිනිබිරි අවදි කරන්නේ පෙරවරු 5.00ටය. මෙම කාරනා ඉටු කිරීමට ගෙදර සාමාජිකයන් අලුවම පිබිදවිමේ කටයුතු වෙනුවෙන් හොරා යන්ත්‍රය මහා හැඳින් හඬ දෙන්නේ පෙරවරු 4.15ටය. මෙම කාල සටහන සෙනසුරාදා සහ ඉරිදා වෙනස් වෙන අහර එදින සිරිදාස හැර නිවසේ සෙසු සාමාජිකයන්උදෙන්ම අවදි වන්නේ නැත. ඉතින් උදැසන 3.30 සිට 4.15 වන තුරු කාලය සම්පුර්ණයෙන්ම සිරිදාසට නිදහසේ තම කාමරයේ ගත කල හැක. එබැවින් එම කාලය තුල  තම සයනාගාරය සිරිදාසට භාවනා කිරීම සඳහා   කදිම ශුන්‍යාගාරයක් ලෙස පාවිච්චි කල හැක. 


ඔහු ඉන්පසු භාවනාව පිරිම  සඳහා සුදානම්වී   අදාළ පෙර කටයුතු ඇරඹිය. කාමරයේ මෙතෙක් වෙලා දැල්වුණු විදුලි පහන නිවූ හෙතෙම  වසා දැමු ජනේලයට මුහුණලා ,ඇඳ අද්දර වාඩිවී දෙපා පාපිස්ස මත තබා ගති. එවිට පොලවේ ශීතල දෙපා වලට නොදැනේ. නිරුවත් උඩුකය පොරෝනයෙන් වසා ගත්තේ අලුයම කාලයේදී ඇති ශීතලෙන් බේරිමටය. මදුරුවන්ගෙන්  විය හැකි බාධා මැඩිම සඳහා මදුරු දැල  ඉවත් කලේද නැත. 


අලුයම 3.20 ටපමණ තිසරණ සහිත පන්සිල් සමාදන්වූ සිරිදාස ඉතිපිසෝ ගාථාවෙන් අරඹා සුපටිපන්නෝ ගාථාවෙන් අවසන් වන පරිදි තෙරුවන් නැමදීමද අවසන් කළේය. දැන් පරිස්සම් විය යුත්තේ කනට ඇසෙන ශබ්ද අනුව සිතිවිලි පහල නොවීමට වගබලා ගැනීමය. වහලයේ දඟලන මියෙකු හෝ හුනෙකු නගන සියුම් ගබ්දය නැත්නම් ඈතින් ඇසෙන බල්ලෙකුගේ උඩු බිරීම  හෙන හඬක් මෙන් අසුන බවත්, එමගින් තම සිතේ සමතුලිතය බිඳී ගොස් භාවනාව පිරිම අසාර්ථකවූ බවත් දැක්වෙන පැරණි මතකයන් රැසක් සිරිපාලට ඇති බැවින් එකී ශබ්ද මගින් තම භාවනාව වැඩිමට සිදුවන බාධාවලින් තමන් ආරක්ෂා කරන මෙන් දෙවියන් යැදීය.















4 comments:

සෙන්නා said...

ඔබ අපූරුවට ලියලා තියනවා.. මමත් කිහිප වරක් උත්සහා කරලා තියනවා. අසාර්ථකයි.. ඒක නිසා අල්ලලා දැම්මා..එක නිමේෂයකටවත් සිත එකඟ කරගන්න මට බැරි වුනා..

වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න. ඒක කමෙන්ට් කරන අයට අපහසුවක්..

Settings >> Posts and comments >> Show word verification >> select NO

samarasekara sithuvili said...

ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි සෙන්නා. මමත් මුලදී අසාර්ථක වුනා.ඒ ගැන ලියපු post එක ඔබ දකින්න ඇතිනේ. මේ ගමන මම සාර්ථක උනා. ඒක සතුටක් මට ඕන ඒක අක අනික් මිත්‍රයන්ටත් දෙන්න. එකයි මම මුල ඉඳලාම සිහිය පෙරටු කරගෙන අනාපානසති භාවනාව වඩපු හැටි ලියන්න හිතුවේ.

samarasekara sithuvili said...
This comment has been removed by the author.
samarasekara sithuvili said...

ඔබේ උපදෙස් අනුව කටයුතු කරමින් word verification ඉවත් කළා. මග පෙන්නුවාට ස්තුතියි.