"දන්නෝ දනිති අර කොල්ලෝ තමයි අපි
ත්‍රයිලෝක පුජිත විද්‍යොදේ
බල්ලෝ මරා හරි සල්ලි සොයා ගෙන ඩිග්රි ගහන්නේ කෙල්ලෝ නිසයි අපි
ඩිග්රි ගහන්නේ කෙල්ලෝ නිසයි "
අදින් අවුරුදු 46ක පෙර නිතරම පාහේ අපේ කටින් මහහඬින් කියවුනු සින්දුවක් අද නැවතත් හෙමින් කිව්වේ අද අපේ විද්‍යෝදයේ කඳුරට මිතුරන්ගේ දෙවන වාර්ෂික හමුව අද (එනම් 14.07.2013) දින මහනුවර kandy lake club එකේදී තිබුන නිසයි. මේම මිතුරු හමුවට මිතුරු මිතුරියන් 67ක් පැමිණ සිටියා. ඔක්කොම වාගේ ඇත්තෙන්ම අවුරුදු 60 පන්නපු මෙන්ම විශ්‍රාමික ජිවිත ගත කරන නිරෝගී නාකි කෙල්ලෝ සහ නාකි කොල්ලො.(හැරමිටියක් පාවිච්චි කරපු එක අයෙක් විතරයි හිටියේ) වැඩි දෙනෙක් විවාහ වෙලා දරුවනුත් දීග දිල, ඉන්පසු එම දරුවන්ගේ ස්වාධින ආර්ථික ජිවිත දකිමින්,තම මුනුබුරු පරම්පරාව සමගම එකම නිවසේ අයය . පාරම්පරික උරුමයෙන් හරි, දැවැද්දෙන් හරි, එහෙම නැත්නම් නය අරමුදල් වලින් හරි සොයාගත් ප්‍රතිපාදන වලින් ගෙවල් දොරවල් හදල, තමන්ටම කියල යාන වාහන අරගෙන ඒ නය තුරුස් ටිකත් ගෙවලදාල (දැවැද්දෙ නය නම් කවම කවදාකවත් ගෙවා නිම කරනවා කියන්නේ බොරු) වගකිම් රහිතව නිදහසේ ඉන්නා අයය.
වෙන විධියකට කිව්වොත් වැඩ කරපු කාලේ පුරා මාසයක්ම කඹුරල කඹුරල අතට ගත්ත වැටුප (අන්තිම මාසයේ ගත් වැටුප) වගේ 90%ක් දැන් ගෙදරට වෙලා නිකම් ඉඳන්ම ගන්නා නිසාවෙන් එහෙමටම කියන්න ආර්ථික අමාරුවකුත් නැත. විශ්ව විද්‍යාලයේදී සොයා ගත් සහකරු/සහකාරිය ටත් එම වරප්‍රසාදයම තිබෙන බැවින් නඩත්තු කරන්නට යැපෙන්නෙක්ද නැත. එබැවින් පුර්න ආර්ථික නිදහස හිත පුරාවටම භුක්ති විඳින අයය. (මට කරන්ට තියෙන එක internet බිල ගෙවන එක විතරයි.ඉතුරු සල්ලි ඔක්කොම ටිකමගේ අතේය.හරියටම වැඩ කරන කාලේ මගේ මාසේ පඩියට මට අත තියන්න බැරි උනත් මාසික ගමන් විදයම් ලැබීම මටම අයිතිවී තිබීම වගේය) පොඩි පරහකට තිබෙන්නේ දැන් දැන් ටික ටික ලෙඩ රෝග මතුවෙන එක විතරය.
මේ ආර්ථික නිදහස හරියටම සමාන කලොත් අඩුවැඩි වශයෙන් 1967 වර්ෂයේදී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ දින අත්වින්ද ආර්ථික නිදහසට හා තරුණ ජවයට සමානය.(මා සිව් වසරක විශේෂ පාඨ මාලාවක් කිරිමට 1967 වර්ෂයේදී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන විට මගේ වයස අවුරුදු 20කි. විශ්ව විද්‍යාලයෙන් පිට වන විට වයස අවුරුදු 24 කි. එකල ගෙදරින් මසකට ලැබුනේ රුපියල් 100ක් පමණි. ඉන් බෝඩිමට රුපියල් 75ක් ගෙවූ පසු ඉතිරිවූ රුපියල් 25න් මාසයක් පුරා කුමාර ජිවිතයක් ගතකලා මතකය. දැන් විශ්‍රාම දිවියද එසේමය. ලැබෙන මුදල සම්පුර්ණයෙන් වියදම් කිරීමට නිදහස තිබේ. බැංකුවට යවන ලෙස විශ්‍රාම වැටුප හදල තියෙන නිසා පැන්ෂන් පඩිය ගෙවනදා සවස 3ට විතර විසා කාඩ් එක ගහපුවාම පඩිය ඇවිල්ලා කියා දැනගත හැකිය. මේක ලබා ගැනිම සඳහා වැඩක් ලෙසට කරන්නට තියෙන්නේ වසරකට වරක් තමන් නොමැරී ජිවත් වෙනවා කියල ග්‍රාම සේවා නිලධාරි උත්තමයා මගින් මහා ආණ්ඩුවට දන්වන එක විතරය.
1967 වර්ෂයේදී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ අයගෙන් සමහරු වසර 42කට පසු දුටුවේ අදය. සමහර කෙනෙක් දෙස බලා කතා කරන විට ඔහුගේ/ඇයගේ එකල ස්වරුපය මතකයට එන්නේ ගත වෙනස් උවත් කටහඬ වෙනස් නොවී තිබෙන නිසාය. ටික දෙනෙක් පමණක් ඒ කාලයේදී දුටු අයුරින්ම තම කාය ස්වරූප නොවෙනස්ව තබා ගෙන සිටි බැවින් ඔවුන් හඳුනා ගැනීම ලෙහෙසිය. 1960 දශකයේදී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ අප සියලුදෙනාම අධ්‍යාපන සුදුසු කම් අතින් එක සමාන උවත්විශ්ව විද්‍යාලදී අප හැදෑරු පාඨමාලා වල වෙනස්කම නිසාත් අප කල රැකියාවන්ගේ තරාතිරම්වල වෙනස්කම් නිසාත් අප විශ්‍රාම ගැනුනේ එක මට්ටමකින් නොවේ. සමහරු අධ්‍යක්ෂක වරුන්වී සිටියහ. සමහරු පරිපාලන සේවාවට ගොස්ඉනිමගේ උඩටම නැග විශ්‍රාම ලැබුහ. සමහරු බැන්කු කරුවෝව සිටියාහුය. සමහරු බදු කොමසාරිස් වරුන්ව සිටියෝය. නමුත් කථිකාචාර්ය වරයෙකුව සිට විශ්‍රාම ගොස් එතැන සිටියේ නම් මා පමණි. සමහරු විදේශයන්හි ස්ථිර පදිංචිකරුවන්ව සිටියහ. දේශපාලන අතින් බැලුවොත් හිටපු උප ඇමති වරයෙක්ද, හිටපු පළාත් සභා මන්ත්‍රී වරයෙක්ද එතැන සිටියෝය. පුරා 20 වසරක් තුල අඛණ්ඩවම දඹදිව සංචාරය කරමින් 6000ක් දෙනා වන්දනා කරවූ වන්දනා චාරිකා සංවිධායක වරයෙක්ද එහි සිටියේය. 1963දි විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් උනත් ගැහැණු ප්‍රානයන් විශ්ව විද්‍යාලය තුලට නොගැනීම නිසාවෙන් සරසවියට පිවිසීමේ වරම් අහිමිවීම ගැන සටන් කිරීම නිසාම 1967වසරේදී විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ කාන්තාවන් දෙදෙනෙක්ද වුහ.(එසේ කාන්තා පාර්ශය විශ්ව විද්‍යාලයට ඇතුළත් කලේ එහි සිටි කොල්ලන්ගේ අධි ජවය හින කිරීමට කොල්ලන්ගේ ශාරීරික පිරිසිදුකම ඉහල නැංවීමටය. එසේ නොකළේ නම් 71,සහ 88/89 අප අත්විඳි තරුණ නැගිටීම් වලසිදුවූ පහරදීම් වල ස්වරුපය මිටත් වඩා සහාසික වීමට ඉඩ තිබිණ) තවද වර්තමානයේදී උසාවියේ රඟන නිතිඥ මහතෙක්ද, වෙන්ඩ නිතිඥ මහතෙක්ද සිටියේය. මේ අයුරින් දැරූ පදවි තානාන්තර අතින් අපකණ්ඩායම තුල විවිධාකර අන්දමින් වෙනස්කම් දක්නට තිබුනත් 1960 දශකයේදී විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්වූ කාලයේදී අප අතරේ තිබු සුහදතවයේ කිසිදු වෙනසක් අදද දක්නට නොවිය.
හමුවීමේදී ඉදිරියේදී අප කුමක් කලයුතුදැයි සාකච්ඡා කළෙමු.ඉදිරි කාලයේදී මාලිගාවට ගිලන්පස පුජාවක්පැවැත්වීමටත් , මහනුවර මහා රෝහලට වෛද්‍ය උපකරණ ටිකක් පරිත්‍යාග කිරීමටත් කතිකා කළෙමු. වැදගත් කරුණ එය නොවේ. අපි එක රාත්‍රියක් නවතින trip එකක් නුදුරු දිනයකදීම යාමට කතා කර ගතිමු. මන්ද අපට "මනමේ" රඟ පාන්නට ඕනෑය. තවද, අපේම විශ්ව විද්‍යාලයේ නිර්මානයක්වූ "සක්කාය දිට්ඨි" රඟ පාන්නටත් ඕනෑය.
"ඔබේ දෑසයි ඔබේ දෑසයි නිල උත්පල සොඳුරු දෑසයි"
ආදී සින්දු මෙන්ම
"ඉතා රතු ලියක් කහවත්තේදී දැකලා
කතා නොකර ආවෙමි සරණය පතලා "
වැනි ගීත මෙන්ම කවි ගායනා කරන්නට ඕනෑ නිසාමය.එසේම අපිම හදා ගත් මෙන්ම අපිටම ආවේනිකවූ කවි සින්දුද කියන්ඩ ඇති ඕනෑකම නිසාමය.
මේක හරියට එකල අපි funeral trips ගියා වාගෙය. සුමංගල ශාලාවේ ඉස්සරහ තියෙන බෝඩ් එක දැක්කම "..... සොහොයුරාගේ/සොහොයුරියගේ මව/පියා පරලෝ සැපත් විය. අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙන අය නම් ඉදිරිපත් කරන්න"
මේ සොහොයුරාගේ/සොහොයුරියගේ නම කුමක් උවත් අපි ගමන යාමට නම් නම් දෙති. ගෙන්වනු ලබන විශේෂ බස්රියට (බොහෝවිට ඊබට් සිල්වා බස් ගමන අවසානයේදී බස් එකට සල්ලි දෙන්න පුලුවන්නෙ) සහ මල්වඩමට එක අයෙකුට බොහෝ විට වැය කිරීමට සිදු වෙන්නේ රුපියල් 10ක් වැනි මුදලක් පමණි. අදාළ මල ගෙදරට සැතපුමක් පමණ තෙක් අප මෙ යන්නේ මලගෙදරකට බව අප කාටවත්ම මතක් වෙන්නේ නැත. අපි ඉතකි සින්දු,කවි කියමින් විනෝද චාරිකාවක් යමු. මළගෙදර ආසන්නයේදී බස්රිය නවතා මෙතෙක් වෙලා සඟවා තිබු මල්වඩම එලියට ගෙන ශෝක භරිත සිසුන් මෙන් මළගෙදරට සහභාගී වෙමු. බොහෝවිට එතැනට ගියාට පස්සෙයි සමහරවිට අප අපේ ගජයා කව්ද කියල මුලින්ම හඳුනා ගන්නෙ. මල ගිය ප්‍රානකාරයා නම් දකින්නෙත් එදාමයි . එත් මිනි පෙට්ටිය ඇතුලේ. මල ගෙදර සියල්ලෝම අපේ ගුණ කියති. අප තක්කඩියන් රැලක් යයි ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිතුමා රටට කියන්නේ බොරුවක් යයිද කියති.
මෙන්න ෆොටෝ ටික දාන්න ගුරුහරුකම් කියල දුන්නේ සෙන්නා එකට ගොඩක් ස්තුතියි. හැබැයි මේ ෆොටෝ ව මම නම් නැහැ (ෆොටෝ ගත්තේ මමනෙ. මමත් ඉන්න ෆොටෝ එකක් යාලුවෙක්ගෙ කැමරාවක තිබ්බොත් ඒක පස්සේ දාන්නම්.
මෙන්න ෆොටෝටික
වමේ ඉඳන් ලුවී කැටගොඩ,(රාජ්‍ය පරිපාලනය හැදෑරු 1 වන බැච් එකේ), මංගලිකා ඩයස් (විද්යෝදයට ඇතුළුවූ පළමු කාන්තා බැච් එකේ කෙනෙක් )සහ මාපා රාජපක්ෂ(ජෙනරල් කෙරුව උනත් දැන් ඇමරිකාවේ ස්ථිර පදිංචි කරුවෙක්) ඉන්නවා.
යාලුවෝ ආපු වාහන වලින් සමහරක්
ප.ලි. විද්‍යෝදයේ කඳුරට මිතුරන්ගේ දෙවන වාර්ෂික හමුවේ ගත්ත photo ටිකකුත් තියෙනවා. ඒ උනත් එක මේ blog එකට දාන තාක්ෂනය මම දන්නේ නැහැ.(දන්නා යාළුවෙකුගෙන් උදව් ඕනෑ)
ප.ප.ලි සෙන්නගේ උපදෙස් තුලින් තමයි මේ ෆොටෝ ටික ඇතුලත් කලේ.

අපේ බැනර් එක
ඇතුලේ තියෙන්නේ අපේ ආදරණිය විද්‍යොදය විශ්ව විද්‍යාලයේ ලෝගෝ එක එකේ තියන ආදර්ශ පාඨය "විජ්ජා උප්පතතන් සෙට්ඨා " ඒකෙ තේරුම දැනීමේ උපත ශ්‍රේෂ්ඨයි කියල ඒක අපෙන්ම ඔප්පු වෙනවනෙ.
සභාපති සුරිය කුමාර සහ ලේකම් අයිරාංගනී (මේ දෙන්නම දැක්කේ අවුරුදු 46ට පස්සේ) පැත්තකට හැරිලා ඉන්නේ භාණ්ඩාගාරික සුනිල්
වමේ ඉඳන් ලුවී කැටගොඩ,(රාජ්‍ය පරිපාලනය හැදෑරු 1 වන බැච් එකේ), මංගලිකා ඩයස් (විද්යෝදයට ඇතුළුවූ පළමු කාන්තා බැච් එකේ කෙනෙක් )සහ මාපා රාජපක්ෂ(ජෙනරල් කෙරුව උනත් දැන් ඇමරිකාවේ ස්ථිර පදිංචි කරුවෙක්) ඉන්නවා.
ලුවී ගම්භිර විලාශයෙන් සභාව අමතමින්
භාණ්ඩාගාරික සුනිල් හරිම උනන්දුවෙන් සංගමයේ වැඩ කරන්නේ
අපි මුණ ගැහුණු kandy club එක
දිවා ආහාරය ගනිමින්
යාලුවෝ ආපු වාහන වලින් සමහරක්
කෑමට පෙර හොරෙන් පොඩ්ඩක් හැබැයි බෝතල්, බයිට් එහෙම හංගල ගත්තේ (ෆොටෝ එක ගන්න කොට අත ටිකක් හෙල්ලුනාට ඒක උනේ වෙන දෙයක් නිසා නම් නෙමෙයි )
ප.ලි. විද්‍යෝදයේ කඳුරට මිතුරන්ගේ දෙවන වාර්ෂික හමුවේ ගත්ත photo ටිකකුත් තියෙනවා. ඒ උනත් එක මේ blog එකට දාන තාක්ෂනය මම දන්නේ නැහැ.(දන්නා යාළුවෙකුගෙන් උදව් ඕනෑ)
ප.ප.ලි සෙන්නගේ උපදෙස් තුලින් තමයි මේ ෆොටෝ ටික ඇතුලත් කලේ.
5 comments:
හරි අපූරු හමුවක් වෙන්න අති කියලා හිතෙනවා. වසර ගනනාවකට පස්සෙ කෙරිච්ච හමුවක් ! කතාකරන්න දාහක් දේවල් තියෙන්න ඇති..
හොඳයි අපි ෆොටෝ ටික මෙහෙම දාමු.
1. ෆොටෝ ටික ඉස්සෙල්ලම කම්පියුටරේ කොහෙ හරි සේව් කරගන්න.
2. ඊට පස්සෙ පෝස්ට් එක නැවත විවෘත්ත කරගන්න. ( ලියන ස්තානය )
3. ෆොටෝ එක දාන්න ඕනා තැන ක්ලික් කරන්න.
4. පෝස්ට් එකේ උඩින්ම තියන අයිකොන් පේලියෙ Link කියලා තියන එකට දකුනු පැත්තෙ තියනInsert Image අයිකන් එකේ ක්ලික් කරන්න.
5. එතකොට එන වින්ඩොස් එකේ Choose file කියන තැන ක්ලික් කරන්න.
6. ඊට පස්සෙ එන ඩයලොග් බොක්ස් එකෙන් අර සේව් කරපු ෆොටෝ ටික හොයාගෙන සිලෙක්ට් කරන්න. මෙතනදි ඔක්කොම ෆොටො ටික සිලෙක්ට් කරන්නත් පුලුවන්, එක එක කරන්නත් පුලුවන්.
7.Open කියන එකේ ක්ලික් කරන්න. එතකොට සිලෙක්ට් කරපු ෆොටෝ ටික අදාල තැනට එනවා.
8. එතනින් ආයෙ ෆොටෝ සිලෙක්ට් කරලා add select කියන එක ඔබන්න. එතකොට ඒවා පෝස්ට් එකට ලෝඩ් වෙනවා. මෙතනදිත් එක එක කරන්නත් පුලුවන්, ඔක්කොම එක පාර කරන්නත් පුලුවන්.
9. පෝස්ට් එකේ ලෝඩ් වෙච්ච ෆොටෝ එක උඩ ක්ලික් කරාම ආයෙ පොඩි මෙනු එකක් පෙන්නයි. එතනින් ෆොටෝ එකේ සයිස් එක වෙනස් කිරීම, මාතෘකාවක් දැමීම වැඩ්නි දේවල් කරන්න පුලුවන්.
10. අන්තිමට ආයෙ පෝස්ට් එක Update කරන්න.
කරලා බලන්න. උදව්වක් ඕනා වුනොත් මට මේල් එකක් දාන්න. ඔබ මගේ මේල් එක දන්නවනේ.
මේ වැඩේ නං මාත් මේ ලගදි ඉගනගත්තා බ්ලොග හදල දුන්න යාලුවගෙන්ම. ඉපැරණි මිතුරන් හා හමුවේ සුන්දරත්වය මට මැවිලා පේනවා. ඉඳ හිට අපේ තාත්තත් තාම ඕවට යනවා.කතිකාචාර්යතුමනි ඔබට චිරං ජයතු.
අපුරුම මතකයක් ලස්සනට හිතට කාවදින සටහනක් සේ ලියලනේ. මම මේ පැත්තට ආවෙත් අදයි. මේ සටහන තදින්ම හිතට ගත්තේ මම ද මේ වයස්ගත ලෝකයට බොහොම ඉක්මනින් ළගාවෙමින් සිටින නිසයි. එන්නම් දිගටම සමරසේකර මහතා.
ස්තුතියි,
ඔබේ වචන ටිකම මට ඉදිරියට යාමට දිරිගැන්මක්.
මිතුර,
ෆොටෝ ටික දාගන්න කල් හිටිය උත්තරයක් ලියන්න.ඇත්තෙන්ම සොඳුරු මතකයක් .
Post a Comment