Friday, July 12, 2013

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධා ඇත්තේ. .4 කොටස

සතිපට්ටානය තුල භාවනාවට කොහේදෝ බාධාඇත්තේ. .4 .කොටස 

  4  .කොටස මුළු කය ගැන දැනගනිමින් භාවනා කිරීම 

සිරිදාස දැන් සැනසිල්ලේ තම ආනාපානසති  භාවනාව ඉදිරියටම ගෙන යන්නේය. තරමක් දුරට සිත කීකරුවූ සැටියකි. දැන් භාවනා වැකි සිතින් මිමිනිය යුතුය.

"හුස්ම ගනිමි. හුස්ම ගනිමින් සිටිමි. හුස්ම ගැනීම අවසන් කරමි."
 "හුස්ම හෙළමි. හුස්ම හෙළමින් සිටිමි. හුස්ම හෙලීම අවසන් කරමි." 

ආශ්වාසය හා ප්‍රශ්වාසය තරමක් දුරට සිතට දැනෙනවා වාගේය.

"නාසයේ මුල මැද හා අග ස්පර්ශය සිහි කරමින්  හුස්ම ගනිමි." 
"නාසයේ මුල මැද හා අග ස්පර්ශය සිහි කරමින්  හුස්ම හෙලමි." 

එහෙත් සිරිපාලට ස්පර්ශය දැනෙන්නේ නාසයේ අග හුස්ම දැවටෙනවා පමණි. එහෙත් නාසයේ අග  හෝ මැද හුස්ම දැවටෙනවා පොඩ්ඩක් වත්ම දැනෙන්නේ නැත. හරියටම මුල් පියවරේදී කෙටි හුස්ම ගැනීම  දැනුනේ නැතිවා වගේමය. එහෙත් ඒ ගැන කලබල නොවී ඉදිරියටම යායුතු යයි සිරිපාලට සිතින.  

"සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමි පජානාති"   
"සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමි පජානාති"   

"සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමි පජානාති"   
"සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමි පජානාති"   

"සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමි පජානාති"   
"සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමි පජානාති"   

"මුළු කය දැනුවත්ව හුස්ම ගන්නා බව දනිමින් හුස්ම ගනිමි "
"මුළු කය දැනුවත්ව හුස්ම හෙලන  බව දනිමින් හුස්ම හෙළමි" 

ඊළඟට කල යුත්තේ මුලු කය වර්ගිකරණය කරමින් ආශ්වාස හා ප්‍රශ්වාස අභ්‍යාසය කිරීම බව සිරිපාල සිතිය.  

5 comments:

සෙන්නා said...

ඔබ අදියරෙන් අදියර ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒත් මම හිතනවා ඉදිරියේදී ඔබ විස්තර කරන්න යන්නෙ සති පට්ටානය ගැන කියලා..

තාමත් වර්ඩ් වෙරිෆිකේශන් ඉවත්වෙලා නෑ සමරසේකර මහත්මයා.

samakayawate said...

ඉතාමත් අගය කළ යුතු බ්ලොග් අඩවියක්. ඒ වගේම මේකේ ෆලෝවර් ගැජට් එක එල්ලන්න. එවිට එන අයට පහසුයි.
ඒ වගේම වර්ඩ් වෙරිෆිකේෂෙන් අයින් කරන්න.

samarasekara sithuvili said...

ස්තුතියි මිත්‍රයා,
මම උත්සාහ කරන්නේ චිත්තානුපස්සනාව අනුව මා ආනාපානසති භාවනාව වැඩීමේදී ලද අත්දැකීම කියන්නයි.(සතර සතිපට්ඨානය ගැඹුරු ව්ෂයයක් මට ඒක ගැන තියෙන අද්දැකීම ලිපියක් ලියන්න තරම් ප්‍රමාණවත් නැහැ) එතකොට මට වැරදුන තැන් ඇතොත් ඒක කවුරුහරි යාලුවෙක් මට කියල දෙයිනෙ.

samarasekara sithuvili said...

@සෙන්නා/නලින්

උපදෙස් දුන්නට ගොඩක් ස්තුතියි. ඔබ දෙදෙනාගේම උපදෙස් අනුව මා එම වෙනස්කම් කළා.මා හොඳ ගෝලයෙක්දයි නැවතත් මෙහි පැමිණ විමසා බලන ලෙසින් ඉල්ලා සිටිනවා.

සෙන්නා said...

testing word verification..