ඇත්ත කියා දෙකක් නැත. එහෙත් අන්දවීම් නම් බොහොමයක් ඇත. ඒ අය සිතන්නේ අප මෝඩයන් කියාය. එබැවින් අපිට ඇත්ත කියන්නෙ කවුද ? යන්න ගැන අදහසක් ගැනීමට මෙම කිර්ති වර්ණකුලසුරිය මහතා විසින් ඉදරිපත් කරන ජගත් කනහැර ආරච්චි මහතා සංස්කරණය කල දිවයින පත්‍රයේ ඇති මෙම ලිපිය කියවීම හොදය .
සමරසේකර
සංස්‌කරණය-ජගත් කණහැරආරච්චි
ජිනීවා හෙළිදරව්ව අද
ජිනීවා හෙළිදරව්ව ඇත්ත සහ බොරුව නමැති සම්මන්ත්‍රණය මැයි 3 දා සවස 3.00 ට කොළඹ හෙක්‌ටර් කොබ්බෑකඩුව පර්යේෂණායතනයේදී පැවැත්වේ. බෙංගමුවේ නාලක හිමියන් මුලසුන උසුලන මෙම සම්මන්ත්‍රණය අමතා රියර් අද්මිරාල් සරත් වීරසේකර කථිකාචාර්ය රාජා ගුණරත්න සහ නීතිවේදී කනිෂ්ක විතාරණ දේශන පවත්වනු ඇත. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මෙහෙයවන මෙම සම්මන්ත්‍රණයේ අරමුණ ජිනීවාහිදී මානව හිමිකම් කවුන්සිලය සිදු කළ මගඩිය හෙළි කිරීමයි. එහෙත් ජිනීවා මානව හිමිකම් සමුළුව ශ්‍රී ලංකාවට ජිනීවා යෝජනාව ඉටු කිරීම සඳහා කල්දීමට එකඟවීම ශ්‍රී ලංකාව ලත් ජයක් බවට විවිධ පාර්ශ්ව තර්ක කරති. එහෙත් සැබැවින්ම සිදුවූයේ තම රටේ හමුදාව යුද අපරාධ කළ බවට රජය පිළිගෙන ඊට එකඟවීමයි. ඒ අනුව ජිනීවා යෝජනාවලියට අනුග්‍රාහකයා ලෙසද රජය කටයුතු කළේය. එසේ වුවත් එහි ප්‍රතිඵලය කුමක්‌ද? ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වැය වන මුදලින් කොටසක් ගෙවීමට ශ්‍රී ලංකාවේ ජනතාවට සිදුවීමයි. මේ ඇත්ත තත්ත්වය රජය ජනතාවට පවසන්නේ නැත. මේ හැර රජය පත් කළ සංහිඳියා බළකායට සම්බන්ධ හිටපු ලේකම් ජිනීවා ගොස් එම සංහිඳියා වාර්තාව ජාත්‍යන්තරකරණය කළේය.
මානවහිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් එය පිළිගත්තේය.
එහෙත් මානව හිමිකම් කොමසාරිස් වෙනුවට රජයේ විවිධ පාර්ශ්ව සහ ජනාධිපති මාධ්‍ය අංශයට රිංගාගෙන සිටින එන්. ජී. ඕ. ක්‍රියාකාරිකයකු රියර් අද්මිරාල් සරත් වීරසේකර වරදකරු කිරීමට උත්සාහ කළේය.
එසේ වුවද සත්‍ය වසන් කළ හැකිද? ලොව කිසිදු රටක් තම රටේ හමුදාව යුද අපරාධ කළ බවට පිළිගෙන හමුදාවට එරෙහි වූ යෝජනාවක් පිළිගත්තේ නැත. එහෙත් ශ්‍රී ලංකාව ඊට එකඟ විය. මෙය ෙද්‍රdaහිකමක් නොවන්නේද?
එහෙත් 30 වසරක් පුරාවට මෙරට ජනතාවගේ ජීවිත විනාශ කරමින්, ආර්ථිකය සියවස් ගණනාවකට ආපසු ඇද දැමූ ලෝකයේ භයානකම ත්‍රස්‌තවාදීන් ලෙස නම් කළ එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කළ මෙරට වීරෝධාර රණවිරුන්ට ලැබුණු ත්‍යාගය කුමක්‌ද?
එල්. ටී. ටී. ඊ. මිනීමරු කුරිරු හස්‌තයට බිළිsවූ ලක්‍ෂ තුනකට ආසන්න දෙමළ ජනතාව බේරා ගැනීමේ මානුෂික මෙහෙවරට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයෙන් ලැබුණු ගෞරවය කුමක්‌ද?
2009 සිට ජිනීවාහිදී ඉදිරිපත් වූ සියලු වාර්තා හා යෝජනාවල හරය වූයේ කුමක්‌ද? ශ්‍රී ලංකාවේ රජයේ හමුදා විසින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කරමින් යුද අපරාධ කළ බවයි. යුද්ධය අවසාන වූ මොහොතේ සිට ජාත්‍යන්තරයේ දෙමළ බෙදුම්වාදයට ගැති කම් කරන බටහිර රටවල්වලට අපේ පිළිතුර වූයේ මෙම මානුෂික මෙහෙයුම ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක් බවයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ තැනුම් ඒකකය රාජ්‍ය වන අතර ඉන් රාජ්‍යයේ පැවැත්ම පිළිනොගෙන තහවුරු නොකර එයට පැවතිය නොහැක.
එක්‌සත් ජාතීන්ගේ ප්‍රගතියේ 2 වගන්තියේ 7 වන අනු වගන්තියේ පිළිගෙන ඇත්තේ ස්‌වෛරී රටක අභ්‍යන්තරයට එබෙන්නට වෙනත් රටකට හෝ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩක් නොමැති බවය. අනෙක් අතට තමන්ගේ රාජ්‍යයේ පැවැත්මට සහ එරට ජනතාවට බලපාන ත්‍රස්‌වාදී ව්‍යාපාරයකට එරෙහිවීමට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ රජයකට ඇති සුජාත අයිතිය ප්‍රශ්න කළ නොහැක. යුද අපරාධ චෝදනා පිළිබඳව මෙම මූලික විරෝධතාව එසේ පැවැතියද එල්ල කරනු ලබන මෙම චෝදනා පිළිබඳව යමක් කිව යුතුය. එම චෝදනා කුමන තොරතුරක් පදනම් කරගෙන කරන ලද්දක්‌ද, එම තොරතුරු විශ්වාස කළ හැකිද ඒවායේ මූලාශ්‍ර එවැනි චෝදනාවක් ගෙන ඒම සඳහා යොදා ගැනීමට තරම් විශ්වාසවන්තද? දැනට තිබෙන චෝදනා කිරිමට පෙර අවම වශයෙන් සියලු තොරතුරු හෝ ප්‍රසිද්ධව තිබෙන කරුණු සලකා බැලීමක් වීද? එවැනි යුද අපරාධ චෝදනා ගෙනඒමට එ.ජා. මානවහිමිකම් කොමසිමට බ ලයක්, වරමක් ඇත්ද?
"විරුවන්ගේ විත්තිවාචකය" මෙයට පිළිතුරයි. මවුබිමට සැබැවින්ම ආදරය කරන බුද්ධිමතුන් පිරිසකගේ මූලිකත්වයෙන් ජාත්‍යන්තරය නීතිය පිළිබඳව හසලත්වය සහිත නීතිඥ මඩුල්ලක් විසින් මෙය සලකා බැලිනි. විරුවන්ගේ විත්තිවාචකයෙන් කියන්නේ මේ අභූත චෝදනාවල පදනම් විරහිත කරුණු පිළිබඳව සොයා බලන ලෙසයි. එය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට මෙරට ඇතුළු වීමට බලපත්‍රයක් ලෙස හැඳින්වීමට කලබල විය යුතු නොවේ. "එව බලව" කියූ විට එය කාලා බලලාම රස දැන ගැනීම අවශ්‍ය නොවේ. විරුවන්ගේ විත්තිවාචකයේ ඉදිරිපත් කරන කරුණු, සාCසි සහ ලේඛන නිව්යෝර්ක් හෝ ජිනීවා නුවර සිටම පරීක්‍ෂා කළහැකි අතර මේ මවුබිමේ කූඩාරම් ගැසීම අවශ්‍ය නැත.
මානව හිමිකම් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ පරීක්‍ෂණ වාර්තාව ද ඇතුළු දේශීය හා විදේශීය වාර්තාවන් 6 ක් මෙහිදී ගැඹුරුව විශ්ලේෂණය කරන ලදී. එකී මානව හිමිකම් සභා පරීක්‍ෂණ වාර්තාව මගින් ඉස්‌මතු කරන ලද චෝදනා හතක් මෙමගින් අධ්‍යයනය කර ඇත. ඉන් චෝදනා තුනක් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේද අනෙක් චෝදනා හතර ජාත්‍යන්තර මානුෂීය නීතියට යටතේද විමර්ශනයට ලක් කර ඇත. දෙමළ බෙදුම්වාදීන්, බටහිරයන් නිරන්තරයෙන් ම චෝදනා කරන්නේ මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී සිවිල් වැසියන් 40000 ක් මිය ගිය බවයි. මෙම චෝදනාව පුස්‌සක් පමණක් බව මෙම විරුවන්ගේ විත්තිකවාචකය මොනවට තහවුරු කර ඇත.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2011 නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛන අනුව 2005 සිට 2009 දක්‌වා උතුරේදී මිය ගිය සියලුම ගණන 23329 කි. ඉන් අඩක්‌ම එනම් 11172 ක්‌ම 2009 වසරේදී සිදුවූ බවත් ඉන් 2523 ක් ස්‌වාභාවික මරණ ලෙසද වාර්තා වේ. මරණ 7934 ක් 2009 වසරේ මුල භාගයේදී සිදු වී ඇති බවත් එවකට පැවැති විශේෂ තත්ත්වය යටතේ වර්ෂයේමුල භාගයේදී එනම් මානුෂික මෙහෙවර පැවැති යුගයේදී ඉන් 71% ක් සිදුව ඇත. ඒ අනුව එම සංඛ්‍යාව 8000 කට ආසන්න වේ. දැනට තිබෙන තොරතුරු අනුව අවසන් අදියරේදී මියගිය ත්‍රස්‌තවාදින් සංඛ්‍යාව 5000 ක් පමණ වේ. එනම් මෙම විශ්ලේෂණයේ තර්කානුකූළ අවසාන නිගමනයවන්නේ දෙපාර්ශ්වයේම ගැටුම්වලින් මියගියා යෑයි සැලකියහැකි ප්‍රමාණය උපරිම වශයෙන් 3000 ක් විය යුතුය.
තවත් සාහසික විහිළුවක් සහ රැවටීමක් වන්නේ යුද අපරාධ චෝදනා ඒකපාර්ශ්වික වීමයි. මානව හිමිකම් සභාව එල්. ටී. ටී. ඊ. යට යම් යම් චෝදනා කිහිපයක් එල්ල කරමින් උත්සාහ කරන්නේ තමන් අතිශය සාධාරණ ආයතනයක් බවයි. නමුත් පෞද්ගලිකව දැරිය යුතු අපරාධ වගකීමට ඉතිරිව සිටින්නේ කවුද? ප්‍රභාකරන් ද? චාල්ස් ඇන්තනි ද, තමිල් සෙල්වන්ද, ගෝඨාභය රාජපක්‍ෂ, සරත් 'dන්සේකා ද ශවේන්ද්‍රද කමල් ගුණරත්න ද? අපරාධ නඩුවක් ඉඩම් නඩුවක් මෙන් තාත්තාගෙන් පුතාට පැවරෙන්නේ නැත. එනම් අවසානයේ විත්තිකරුවාත් වැරදිකරුවාත් වන්නේ ජීවත්ව සිටින අපේ රණවිරුවන් පමණි. මෙවර එජා මානව හිමිකම් සංවිධානයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව තවත් දෙවසරකට කල් දා ගැනීමට තොප්පිගල අල්ලා ගැනීම මෙන් තලු මරමින් රසවිඳිය හැකි ජයග්‍රහණයක්‌ද?
කීර්ති වර්ණකුලසූරිය
No comments:
Post a Comment