Friday, May 19, 2017

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් දඹර අමිල හිමියන්ට පිළිතුරක්‌ - වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර


මව්බිමට ද්‍රෝහිවුවෝ  අද පමණක් නොවේ අතීතයේ පටන්ම මෙරට සිටියහ. සමහර අය නම් කියන්නේ  එය  කුවේණිගේ ශාපය නිසා සිදුවූ  බවය. එහෙත්   රාවන රජුගේ මල්ලි වන විභුෂනද රාම ඉදිරියේ ජාතිය පාවා දුන් බව ඉතිහාසය පවසන නිසා කුවේණිගේ ශාපයේ  ක්‍රියාකාරිත්වය  ගැන සැකයක් ඇතිවේ. කෙසේ උවත් දඹර අමිල හිමියන් ගේ මෙම වෙස් පෙරලිය ගැන  වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර මහතා විසින්  කරන ලද  දිවයින පත්‍රයේ පලවූ ලිපිය සිත්ගන්න සුළුය. මන්ද මිඉට පෙර මාදුළුවාවේ  සෝභිත හාමුදුරුවන් තුලින්ද මෙවැනිම වෙස් පෙරලියක්  අප අද්දැක තිබෙන නිසාය 

සමරසේකර 

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන්
දඹර අමිල හිමියන්ට පිළිතුරක්‌
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර









මැයි මස 3 වැනි බදදා දිවයින පුවත්පතේ "දේශපාලනයේ මෙතෙක්‌ කථාව" තුළින් පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් ඉතිරිපත් කළ අදහස්‌ පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ලෙස යම් මතයක්‌ පළකරන ලෙස දිවයින පාඨකයන් පිරිසක්‌ විසින් එම ව්‍යාපාරයේ වර්තමාන ලේකම්වරයා වන මෙම ලියුම්කරුගෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීමට සාධාරණය ඉටුකිරීම සඳහා දිවයින කතුතුමා විසින් අවස්‌ථාව ලබාදෙනු ඇතැයි යන අපේක්‌ෂාවෙන් මෙම අදහස්‌ ඉදිරිපත් කරමි. පූජ්‍ය දඹර අමිල හිමියන් මීට අවරුදු 15 කට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ ප්‍රබල භූමිකාවක්‌ අත්පත්කර ගන්නේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මෙහෙයුම් මණ්‌ඩල සාමාජිකයෙක්‌ ලෙසය. ඒ වන විට උන්වහන්සේ ජනතා විමුක්‌ති පෙරමුණට අනුබද්ධ භික්‌ෂු සංවිධානයේ ප්‍රමුඛ වැඩ කොටසක්‌ ඉටු කළ ද මහා සමාජය උන්වහන්සේගේ භූමිකාව සැබෑ ලෙසම හඳුනාගන්නේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය තුළිනි.

එවකට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම්වරයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ සම සභාපතිවරුන් වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර වැනි ප්‍රබල චරිත අතුරින් දඹර අමිල හිමියන් කැපී පෙනුණේ උන්වහන්සේ සතු වූ චතුර කථිකත්වය නිසාම පමණක්‌ නොවේ. උන්වහන්සේ නිර්භීත වීථි සටන්කරුවෙක්‌ ද වූ බැවිනි. මෙම ලියුම්කරු උන්වහන්සේ නියෝජනය කළ ආරම්භක මෙහෙයුම් කමිටුවේ සාමාජිකයකු වූ බැවින් එම සංවිධානය තුළ උන්වහන්සේගේ භූමිකාව පිළිබඳ සාක්‌ෂි දැරීමට සදාචාරාත්මක අයිතියක්‌ සහ හැකියාවක්‌ ඇත. එදා සුනාමි සහන මණ්‌ඩලයට විරුද්ධව මාරාන්තික උපවාසයකට වාඩිවීම සඳහා උන්වහන්සේ ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පසු අප උන්වහන්සේගේ දෙපා මුල කඳුළු පිරි දෙනෙතින් වාඩි වී සිටියෙමු. නමුත් උන්වහන්සේ තමා විසින් එසේ අත්පත්කරගත් සදාචාර බලයට මුවා වෙමින් ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම තීන්දු කරන කරුණක්‌ පිළිබඳව මහා සමාජය නොමඟ යෑවීමට කටයුතු කිරීම කෙතරම් කනගාටුදායකද? එහෙත් ඒ තුළින් ඕනෑම යකඩ මල්ලකට ගුල්ලන් විදීමට ඉඩ ඇති බව උන්වහන්සේ අපට පසක්‌කර දී ඇත. මීට පෙර පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේද ඒ බව අපට සකස්‌ කර දුනි.

පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් තමා වසර 15ට පෙර පිළිගත් සහ ප්‍රචලිත කළ මතය අදට වලංගු නොවන බවට හුවා දක්‌වන්නේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ යුදමය පෙරමුණ මේ වන විට සම්පූර්ණයෙන්ම පරාජය කොට ඇත යන පදනමිනි. උන්වහන්සේගේ වචන වලින් කියනවා නම් "දැන් කොටි නැහැ. ඒ නිසා අපට ඊළාම් අනතුරක්‌ නැහැ" යන පදනමිනි. හුදකලා තර්කයක්‌ ලෙස සහ බෙදුම්වාදී මාර්ග සිතියමේ උපාය මාර්ගික ප්‍රවේශයෙන් ව්‍යqක්‌තව ඒ දෙස බලන විට එම පදනමේ යම් සත්‍යතාවක්‌ ඇති බවක්‌ පෙනේ. උන්වහන්සේගේ එම මතය වඩා භයානක සහ zනොම`ග යවන සුලුZ වන්නේ ඒ නිසාමය. උන්වහන්සේගේ පැරණි සතුරන් වූ සහ දැන් උන්වහන්සේගේ මිතුරන් බවට පත්වී ඇතැයි උන්වහන්සේ විසින්ම සඳහන් කරන පිරිස්‌ එසේ මිතුරන් බවට පරිවර්තනය වන්නේ එම මතය ඉදිරියට ගෙනයැම සඳහා බවට කිසිදු සැකයක්‌ නැත.

උන්වහන්සේ නම් වශයෙන් සඳහන් නොකළ ද උන්වහන්සේගේ එම නව මිතුරන් යනු එදා යුද්ධයට එරෙහිවීමේ නාමයෙන් ප්‍රභාකරන්ට පක්‍ෂපාතීව හඬ නෑඟූ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන් බවටද අපට නම් සැකයක්‌ නැත. ඔවුහු අද දෙමළ ජනතාවට අයිතීන් දීම සඳහා බලය බෙදිය යුතු බව කියති. එහෙත් එදා ප්‍රභාකරන් විසින් එම ජනතාවගේ අයිතීන් අමු අමුවේ උදුරාගන්නා විට ඔවුහු කටවල් තද කරගෙන සිටියහ. ප්‍රභාකරන් අතින් බෙදුම්වාදී "රිලේ බැටන්" එක අතටගත් සම්බන්ධන්ලාට පොලිස්‌ බලය දීමෙන් අහිංසක දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලැබෙන බවට අමිල හාමුදුරුවන්a සහතික දෙන්නේ කෙසේද? බෙදුම්වාදී කප්පම්කරුවන්ට දේශපාලන බලතල දීම සහ ජනතාවට සම අයිතිවාසිකම් දීම අතර පවතින අහසට පොළොව මෙන් වූ වෙනස අවංකවම අමිල හිමියන්ට වැටහෙන්නේ නැතැයි උන්වහන්සේගේ ඉතිහාසය දන්නා අයෙක්‌ ලෙස කිසිසේත්ම පිළිගත නොහැක. ජාතිකත්ව අනුව බලය බෙදිය යුතු යෑයි කියන අයට වඩා ඊට විරුද්ධ වන්නන් ජාතිවාදී වන්නේ කෙසේද? උන්වහන්සේ අද සැබෑ ජාතිවාදීන්ට ජාතිවාදීන් යෑයි ඇඟිල්ල දිගු කිරීමට බිය වන්නේ කුමක්‌ නිසාද? ඔවුන්ට ව්‍යාජ සහතික දෙන්නේ කුමක්‌ නිසාද?

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බෙදා වෙන්කළ රටවල් 26 ක බෙදුම්වාදී මාර්ග සිතියම් අධ්‍යයනය කිරීමේදී යම් පොදු සූත්‍රයක්‌ ගොඩනැඟීම යනු මහා බුද්ධිමය ව්‍යායාමයක්‌ නොවේ. අප රටේදී අසාර්ථක වූ සහ සුඩානයේදී සාර්ථක වූ "සටන්විරාම" ගිවිසුම් සහ තාවකාලික ආණ්‌ඩුZZ උපාය මාර්ගය අධ්‍යයනය කිරීමේදී වුවද තමන්ට සිදුවූ වරද නිවැරදි කිරීම සඳහා බෙදුම්වාදීන් විසින් තේරීමට නියමිත ඉදිරි පියවර තක්‌සේරු කළ හැක. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයේ පශ්චාත් යුද නව උපායමාර්ගය තුළ සම්ප්‍රදායානුකූල යුද්ධයට නැවත ඉඩක්‌ නැති බවට සහ එවැන්නක්‌ අවශ්‍ය නොවන බවට අමිල හාමුදුරුවන් සම`ග අපට විවාදයක්‌ නැත. නමුත් කේවල් කිරීමේ උපාංගයක්‌ ලෙස ප්‍රචණ්‌ඩත්වය විවිධ ප්‍රමාණයෙන් සහ ගුණයෙන් ඉදිරියේදීත් යොදාගන්නා බවට අපට නම් කිසිදු සැකයක්‌ නැත. අමිල හාමුදුරුවන්ගේ නව මිතුරන් බවට පත්වී ඇති රාජ්‍ය නොවන සංවිධානවල නායකයන් උන්වහන්සේට කිට්‌ටු වීමට පෙර උන්වහන්සේට ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී මාර්ග සිතියම සහ ඊට අදාළ ජත්‍යන්තර මැදිහත්වීම් පිළිබඳ ඉතා හොඳ අවබොAධයක්‌ තිබුණි.

උන්වහන්සේගේ මුවින් වදාරා ඇති සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ නිල ප්‍රකාශනය වූ මුරගල සඟරාව මගින් සමාජගත කොට ඇති ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ව්‍යාපාරයේ ගමන් මඟ ආශ්‍රිත න්‍යායාත්මක පැහැදිලි කිරීම්වල පියා රෝහන විඡේවීරයන් සහ මව සෝමවංශ අමරසිංහයන් බව උන්වහන්සේට නැවත මතක්‌ කර දිය යුතුද යන්න පැහැදිලි නැත. උන්වහන්සේ විසින් අවිවාදිතව පිළිගත් රෝහණ විඡේවීරයන් විසින් දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්‌ද යන පර්යේෂණ කෘතිය මගින් පළ කළ මතය උන්වහන්සේගේ මතකය අලුත් කිරීම සඳහා මෙසේ දැක්‌විය හැක. "ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය ඉන්දියානු සහ ඇමෙරිකානු අධිරාජ්‍යවාදී බලවේග විසින් මෙහෙයවනු ලබන කුලී හමුදාවකි. එය කිසිසේත්ම ජාතික විමුක්‌ති ව්‍යාපාරයක්‌ ලෙස හෝ ජාතික ප්‍රශ්නයට විසඳුම් ගෙනෙන ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක්‌ ලෙස හැඳින්විය නොහැක. බෙදුම්වාදය විසින් ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තිය බේද භින්න කරන අතර එය සමාජවාදයට හතුරු, අධිරාජ්‍යවාදීන්ට මිතුරු සහ පොදුවේ මානව සංහතියට හතුරු ප්‍රවණතාවකි.

කෙසේ වෙතත් බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා තමා විසින් සහාය දැක්‌වීම නිවැරදි බව උන්වහන්සේ විසින් පිළිගෙන ඇත. ඒ නිසා ඇත්ත වශයෙන්ම උන්වහන්සේ එදා පිළිගත් මූලික ඉගැන්වීම් පිළිබඳ උන්වහන්සේට ප්‍රබල න්‍යායාත්මක ගැටුමක්‌ තිබිය නොහැක. නමුත් උන්වහන්සේ දැන් ඉතා සූක්‍ෂ්ම ලෙස පෙන්වීමට උත්සාහ කරන්නේ "තමා එදා නිවැරදි දේ කළා අදත් කරන්නේ නිවැරදි දේ" යනුවෙනි. වෙනත් වචන වලින් කියනවානම් එදා ප්‍රභාකරන්ගේ සන්නද්ධ ව්‍යාපාරය තිබූ නිසා බලය බෙදීමට විරුද්ධ වුණා. නමුත් අද එය තමාගේ ද මැදිහත්වීමෙන් පරාජය කොට ඇති බැවින් බලය බෙදා දුන්නාට ප්‍රශ්නයක්‌ නැත යනුවෙනි. උන්වහන්සේ වැනි එදා යුද්ධයට පක්‍ෂපාත වූ අයෙක්‌ගේ මුවින් එවැන්නක්‌ කියවා ගැනීමට හැකි වීම බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත් විට විශාල ජයග්‍රහණයකි. ඒ අනුව දැන් උන්වහන්සේගේ නව මිත්‍රයන් වන බෙදුම්වාදීන්ට කුලී වැඩ කරන ඩොලර් කාක්‌කන්ට නම් උන්වහන්සේ යනු විකිණිය හැකි ඉතා වටිනා භාණ්‌ඩයකි.

බෙදුම්වාදී බලවේග ප්‍රභාකරන්ගේ යුද්ධය පරාජය වීමෙන් පසුව යොදා ගන්නා නව උපාය මාර්ගික ප්‍රවේශය පිළිබඳව සම්බන්ධන් මහතා විසින් 2012 මැයි 25 වැනි දින මඩකලපුවේදී පැවැත්වූ ටී. එන්. ඒ. පක්‍ෂයේ මහා සමුළුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කළේය. ඊට අනුව ඔවුන් තම ඊළාම් අරමුණ අත්හැර නැත. නමුත් ඔවුන් ඊට ළඟාවීම සඳහා යොදාගත් යුද්ධය වෙනුවට ගාන්ධිවාදී මහජන වීථි සටන් හඳුන්වාදෙනු ඇත. එම අවස්‌ථාවේදී ඊට සහාය පළකරන ලෙස සම්බන්ධන් මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන්ද ඉල්ලා සිටියි. එසේ වුවත් ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව ඊළාම් අරමුණ මියගියා යෑයි ප්‍රචලිත කිරීම නව ඊළාම් මාර්ග සිතියමට අදාළ මූලික මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයකි. ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග ප්‍රභාකරන්ගේ මරණය භාර ගන්නේ ඔහුගේ කාලතුවක්‌කු වෙනුවට "මානව හිමිකම් කසය" ආදේශ කරමිනි. ඒ නිසා දැන් ප්‍රචණ්‌ඩත්වය අවශ්‍ය වන්නේ සම්බන්ධන් මහතා කියන වීථි සටන් මාත්‍රාවම අවශ්‍ය ප්‍රමාණයට පමණි. ඒ නිසා දැන් zකාලතුවක්‌කු යොදා ගන්නා යුද්ධයක්‌ අවශ්‍ය වන්නේ නැත. එදා කාලතුවක්‌කු පෙන්වා සිදුකළ කේවල් කිරීම අද මානව හිමිකම් 'කසය' පෙන්වා සිදුකිරීමට හැකිවී ඇත. ඒ සඳහා ජාත්‍යන්තර සහාය නිර්ලෝභීව ලැබෙමින් ඇත. ඉතින් කාලතුවක්‌කු කුමකටද?

බෙදුම්වාදීන්ට දැන් අවශ්‍ය වන්නේ එම කසය යොදා ගනිමින් යහපාලන ආණ්‌ඩුව බිය වද්දා වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ව්‍යවස්‌ථානුකූලව බලය ලබාගැනීමටය. එම ක්‍රමවේදය ඉතාම සාර්ථක සහ ප්‍රතිඵලදායක බව යහපාලන ආණ්‌ඩුව දැන් ඉතා හොඳින් පෙන්වමින් ඇත. මහින්ද රාජපක්‍ෂ පරාජය කොට නව පාලනය ස්‌ථාපිත කරන්නේ එම ව්‍යවස්‌ථා ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා බවට ඇති තරම් සාක්‌ෂි ඉදිරිපත් කළ හැක. අමිල හාමුදුරුවන්ට අවශ්‍යනම් කළු සුදු අකුරින් ලියවී ඇති එම ලේඛන තොගයක්‌ තැපෑලෙන් ලැබීමට සැලැස්‌විය හැක. කෙසේවෙතත් ඉදිරි මාස කිහිපය තුළ යෝජිත බෙදුම්වාදී ව්‍යවස්‌ථා සංශෝධනය 20 වැනි සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන බවට කිසිදු සැකයක්‌ නැත. ආණ්‌ඩුව දැන් මුහුණ දෙන අභියෝගය වන්නේ එම කාලය පියමන් කරගන්නා තෙක්‌ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය අහිමිවන කිසිවක්‌ සිදු නොවන බවට වගබලා ගැනීමය. එනම් මන්ත්‍රීවරුන්ගේ මනස අවුල් කෙරෙන මහජන පෙළඹවීම්වලට ඉඩක්‌ නොතැබිය යුතුය. මානසික යුද උපක්‍රම අවශ්‍ය වන්නේ එම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහාය. අමිල හාමුදුරුවන් වැනි නැවත ඉපදීමට මනෝභාවයක්‌ සහිත පිරිස්‌වලට වෙළෙඳපොළ වටිනාකමක්‌ හිමිවන්නේ එම අවශ්‍යතාව තුළය.

ඒ ආකාරයට අමිල හාමුදුරුවන් වැනි පිරිස්‌ යොදාගනිමින් මහජනයා අන්දමන්ද කිරීම සඳහා භාවිතාකරන මානසික යුද උපක්‍රම 10ක්‌ පමණ හඳුනාගත හැක. පළමුවැන්න, අමිල හාමුදුරුවන් මූලික වශයෙන් මතුකරන තර්කයයි. එනම් දැන් ප්‍රභාකරන් නැති තත්ත්වයක්‌ යටතේ උතුර නැඟෙනහිරට බලය බෙදීමෙන් රට බෙදීමේ අනතුරක්‌ මතුවන්නේ නැති බවයි. ඒ සමගම මතු කෙරෙන දෙවැනි උපක්‍රමය වන්නේ අනතුරුදායක සංශෝධන ඉදිරිපත් කළහොත් ඊට පළමුව විරුද්ධ වන්නේ තමන්වහන්සේ බව ප්‍රකාශ කිරීමය. ඒ මගින් රට අනතුරට වැටෙන දෙයක්‌ කිරීමට අමිල හාමුදුරුවෝ ඉඩ දෙන්නේ නැති බැවින් දැන් අනතුරක්‌ නැති බවට සමාජ මතයක්‌ ගොඩනැඟේ. නමුත් ඇත්ත තත්ත්වය වන්නේ අනතුරුදායක සංශෝධනයට එනම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට උන්වහන්සේ දැනටමත් එක`ගවී ඇති බවයි.

මෙම මානසික යුද උපක්‍රම සමාජගත කිරීමේදී බෙදුම්වාදී බලවේග විසින් එදා යුද්ධයට එරෙහිව යොදාගත් පැරණි රාජ්‍ය නොවන සංවිධාන බල ඇණිය යොදා ගන්නේ නැත. දැන් ඒ සඳහා අමිල හාමුදුරුවන් වැනි නව මුහුණු හෙවත් zපුනරුත්ථාපනය වූ ජාතිකවාදීන්Z පිරිසක්‌ ඔවුන් විසින් සෙයාගෙන ඇත. එසේ මුහුණු මාරු කිරීම ද ප්‍රබල මානසික යුද උපක්‍රමයකි. කෙසේවෙතත් තුන්වැනි උපක්‍රමය වන්නේ මහජනයා කලබලයට පත්වන එහෙත් සැබෑ ලෙසම සංශෝධනයට ලක්‌නොවන සංශෝධන යෝජනා කිරීම සහ පසුව ඊට කිස්‌සේත්ම ඉඩ නොදෙන බවට සහතික ලබාදීමය. උදාහරණයක්‌ ලෙස බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය සහ ඒකීය වගන්තිය වෙනස්‌ කිරීම වැනි යොජනා ගත හැක. බෙදුම්වාදීන්ට එම ලේබල් වලින් වැඩක්‌ නැත. පොදු මහජනයාට ලේබල් ගැන සටත් කිරීමට ඉඩදී එම ඝෝෂාව තුළ තමන්ට අවශ්‍ය දේ ලබාගැනීම බෙදුම්වාදීන්ගේ උපක්‍රමයයි. ඒ තුළ ආණ්‌ඩුවටද එවැනි දේට ඉඩ නොදෙන බවට සහතිකයක්‌ ලබාදී මහජනයාගේ කපටි ආරක්‍ෂකයා බවට පත්වීමේ අවස්‌ථාව උදාවේ.

හතරවැනි මානසික යුධදඋපක්‍රමය වන්නේ "ඉබ්බා විසින් තමා දියේ දමන්නට එපා කියන්නා සේ" 13 න් එහාට නම් අඟලක්‌වත් නො යුතු බවට තර්ජනය කිරීමය. ඊට පහසුකම් සැලසීම සඳහා විවිධ ඔත්තුසේවාවලට සේවය කරන ඊනියා විද්වතෙක්‌ ප්‍රකාශ කරන්නේ 13 වැනි සංශෝධනය මත ගොඩනැඟීම වරදක්‌ නොවූවත් ඉන් එහාට යැම වරදක්‌ බවය. නමුත් බෙදුම්වාදීන්ට සැබෑ ලෙසම තම මාර්ග සිතියම ඔස්‌සේ ඉදිරියට යැම සඳහා තාක්‍ෂණිකව අවශ්‍ය වන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කර ගැනීම පමණි. මෙම උපක්‍රමය තුළ 13 වැනි සංශෝධනයෙන් එහාට යැමට විරුද්ධ වන්නන් රටේ ආරක්‍ෂකයන් බවට පත්වේ. එවිට ඉතා පහසුවෙන් ඔවුන්ගේ නිර්දේශය වන 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ යෝජනාව ආරක්‍ෂාකාරී යෝජනාවක්‌ බවට පත්වේ. දැන් බලය බෙදුවාට ප්‍රශ්නයක්‌ නැත. යනුවෙන් අමිල හාමුදුරුවන් ගොඩනඟන තර්කය මෙම ව්‍යාජ ආරක්‍ෂාකාරී ප්‍රවේශය සම`ග බැඳී ඇත.

පස්‌වැනි මානසික යුද උපක්‍රමය වන්නේ පලාත් වලට බලය බෙදනවා නම් මධ්‍යය ශක්‌තිමත් කළ යුතු බවට තර්ජනය කිරීමය. ඒ මගින් මධ්‍ය ශක්‌තිමත් කරනවා නම් පළත්වලට බලයදීම හරහා අනතුරක්‌ සිදු නොවන බවට ව්‍යාජ ආරක්‍ෂාකාරී මනෝභාවයක්‌ ඇතිකෙරේ. නමුත් පළාත්වලට පරමාධිපත්‍යයේ බලය ලබාදී මධ්‍යය ශක්‌තිමත් කළ නොහැක. එසේ ව්‍යාජ ලෙස ශක්‌තිමත් බවක්‌ පෙන්නුවද ජාත්‍යන්තර මැදිහත්වීම මත ඊළම ප්‍රකාශයට පත් කිරීමේදී එම ඊනියා බලය ප්‍රායෝගිකව භාවිත කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. ජාත්‍යන්තර මැදිහත්වීම් මත කොසෝවෝ රාජ්‍යය බෙදා වෙන් කිරීමේදී සර්බියානු මධ්‍යම රජයට යම් ව්‍යවස්‌ථානුකූල බලතල භාවිතා කිරීමට ඉඩ ලබාදුන්නේ නැත.

අමිල හාමුදුරුවන් වැනි නව සගයින් යොදාගනිමින් බෙදුම්වාදීන් විසින් ප්‍රචලිත කරන හයවැනි මානසික යුද උපක්‍රමය වන්නේ ෙµඩරල් දෙනවාට අප විරුද්ධයි යන්නයි. එහි යටි අර්ථය වන්නේ ෙµඩරල් වචනය නොමැතිව බෙදුම්වාදීන්ට අවශ්‍ය දේ ලබා දුන්නාට අප විරුද්ධ නැත යන්නයි. එවැනි ප්‍රකාශ මගින් තමා ජීවත්ව සිටිනතුරු "ෙµඩරල්" දෙන්න ඉඩ දෙන්නේ නැහැ වැනි තර්ජනයක්‌ පෙන්වුවත් ඔවුන් සැබෑ ලෙසම කරන්නේ ෙµඩරල් වචනය නොමැතිව දැනටමත් ලබාදී ඇති ෙµඩරල් බලතල සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එකඟවීමය. ඔවුන් ෙµඩරල් යනුවෙන් හඳුන්වන්නේ ව්‍යවස්‌ථාවෙන් "ඒකීය" වචනය ඉවත් කිරීමය. ඒ සඳහා ජනමත විචාරණයක්‌ අවශ්‍ය වේ. ඒකීය වචනය ව්‍යවස්‌ථාවේ තිබියදී ශ්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා ෙµඩරල් බලතල සහිත රාජ්‍යයක්‌ බවට පත්කිරීමට 13 වැනි සංශෝධනය සමත් වූ බවට හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා ප්‍රකාශ කොට ඇත. ඒ නිසා ඒකීය වචනය ඉවත්කර ගත නොහැකි නම් එය එසේ තිබීම බෙදුම්වාදීන්ට තාක්‍ෂණිකව ප්‍රශ්නයක්‌ නොවේ.

එක්‌ පැත්තකින් ජනමත විචාරණයක්‌ අවශ්‍ය වන සංශෝධනවලට විරුද්ධ වන අතර අමිල හාමුදුරුවන් වැනි මානසික යුද උපක්‍රම ප්‍රචලිත කරන පිරිස්‌ අනෙක්‌ පැත්තෙන් බල කරන්නේ ජනමත විචාරණයකට යොමුකොට නව ව්‍යවස්‌ථාවක්‌ සම්මත කරන ලෙසය.ඒ තුළින් පවතින ව්‍යවස්‌ථාවද විවේචනය කෙරෙන අතර කෙසේ හෝ ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතුය යන මතය තහවුරු කෙරේ. එසේම ඒ මගින් වර්තමාන ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය සහමුලින්ම පරාජය කළ යුතුය යන සටන් පාඨය අභියෝගයට ලක්‌කෙරේ. ඒ හා බැඳුණු අටවැනි මානසික යුද උපකත්‍රමය වන්නේ මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා යොදාගත් මූලික සටන් පාඨය වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය නැවත මතු කිරීමය. යහපාලන ආණ්‌ඩුව විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බව දැන් ඉතා පැහැදිලිව පෙනේ. එහෙත් එම සටන් පාඨ මතු කිරීම මගින් ව්‍යාජ ඝෝෂාවක්‌ මතුවන අතර බෙදුම්වාදීන්ට දැන් ලබාදීමට එකඟ වී ඇති 20 වැනි සංශෝධනය ඉතා සුළු සංශෝධනයක්‌ ලෙස අවතක්‌සේරුවට ලක්‌කෙරෙයි. එසේම බරපතළ ඉල්ලීම් ඉදිරිපත් වුවත් ආණ්‌ඩුව ඒවාට ඉඩ නොදුන් බවට ඒ මගින් මහජනයා අතර මනෝභාවයක්‌ ඇතිවේ. ඒ මගින් ආණ්‌ඩුව එන්.ජී.ඕ. කාරයන්ට යට නොවූ බවටද යහපත් පින්තූරයක්‌ ගොඩනැඟේ. එවිට එන්.ජී.ඕ. කාරයින් ඉල්ලන එක්‌ දෙයක්‌ ලබා නොදී අනෙක්‌ වැදගත් දේ ලබාදී ඇති බව මහජනයාට අමතක වේ.

නව වැනි මානසික යුද උපක්‍රමය වන්නේ දෙමළ බෙදුම්වාදීන් දැන් වෙනම රාජ්‍ය සංකල්පය අතහැර දමා ඇත යන මතය තහවුරු කිරීමයි. එය මතුපිටින් බොළඳ උත්සාහයක්‌ ලෙස පෙනුනත් බෙදුම්වාදී බලවේග විසින් එම උපක්‍රමය අමිල හාමුදුරුවන් වැනි අය භාවිත කරමින් ඉතා සාර්ථකව ප්‍රචලිත කරන බව පෙනේ. ඒ සමඟ බැඳුණු දසවැනි උපක්‍රමය වන්නේ දෙමළ ජනතාවට යමක්‌ දිය යුතුය යන මතුපිටින් සාධාරණ බව පෙනෙන තර්කය මතු කිරීමයි. එහිදී ඉහත සඳහන් කළ පරිදි අමිල හාමුදුරුවෝ ජනතාවගේ අපේක්‍ෂා සහ බෙදුම්වාදී නායකයන්ගේ අපේක්‌ෂා අතර පවතින අහසට පොළොව මෙන් වූ වෙනස ස`ගවා සම්ප්‍රදායානුකූල වමේ පක්‍ෂ 1987 ඉන්දු ලංකා ගිවිසුම සාධාරණීකරණය කිරීම සඳහා යොදාගත් ප්‍රලාප නැවත ප්‍රතිනිර්මාණය කරති. දැන් විවිධ ඔත්තුසේවා විසින් ගොඩනඟමින් යන වාමවාදී සංහිඳියා පෙරමුණ විසින් ඉදිරියේදී එම ප්‍රලාප උස්‌ හඬින් ගයනු ඇත.

අවසන් වශයෙන් කිව යුත්තේ අමිල හාමුදුරුවන් වැනි "පුනරුත්ථාපනය කළ" ජාතිකවාදීන් යොදාගනිමින් මේ වන විට දියත්කොට ඇති මහා මානසික යුද සංග්‍රාමය පරාජය කළ හැක්‌කෙ,a ජනතාව විසින් ඔවුන්ට නිසි පාඩම් කියාදීම මගින් බව පමණි. ජනතාව ඊට අසමත් වේ නම් සිංහල දෙමළ මුස්‌ලිම් සියලු ජනතාව එකිනෙකා මරාගන්නා කනගාටුදායක සන්ධිස්‌ථානයකට ඔවුන් විසින් මේ රට රැගෙන යන බවට දැන් නම් කිසිදු සැකයක්‌ නැත.

Post a Comment