Friday, May 12, 2017

දකුණේ වෙසක් උත්සවය මැද උතුරේ සිදුවන්නේ කුමක්‌ද?


සාමය සතුට පිරි  වෙසක් සිරියෙන් දකුණ ඇලලී ගියත් උතුරේ සිදුවන්නේ වෙනමම කෙලියක් බව පෙනෙන්නේ කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් දිවයින පත්‍රයේ  පළකර ඇති මෙම ලිපිය දැකීමෙන් පසුවය. මෙය දේශපාලන කන්නාඩි ගලවා බැලිය යුතු ලිපියකි.
සමරසේකර 



උතුරේ සිදුවන්නේ කුමක්‌ද?

කීර්ති වර්ණකුලසූරිය මහතා










උතුරේ සිදුවන්නේ කුමක්‌ද? මෙරට බහුතරය මේ සිදුවන ක්‍රියා නොදනී. උතුරු පළාත් සභාව මේ සතියේදී යෝජනාවක්‌ සම්මත කරමින් පලාලි ගුවන්තොටුපළ ඉන්දීය රජයේ සහයෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ කරන ලෙස ඉල්ලීමක්‌ කළේය.

එහි අරමුණ කුමක්‌ද? පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ කිරීමෙන් උතුරේ බෙදුම්වාදී පාර්ශ්වවලට සෘජුව විදේශ රටවලට යා හැකිය. එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පලාලි වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම ද අහිමි වන්නේ එම ගුවන්තොටුපළ සිවිල් ගුවන්තොටක්‌ බවට පත්වීමෙනි.

මේ පසුබිම මැද උතුරේ වෙසක්‌ සැරසිලි නොකරන ලෙස පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනකුද ඉල්ලා ඇත. ඊට සමගාමීව ස්‌විස්‌ටර්ලන්ත රජයෙන් පිංපඩි ලබන එන්.ජී.ඕ. ඩොලර් කාක්‌කෙකු වූ සුනන්ද දේශප්‍රිය නමැති හිටපු කැරලිකරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ටි්‍රවිටර් පණිවුඩයක්‌ එවමින් බෞද්ධයන් කිළිනොච්චියේ නැති බවත් වෙසක්‌ සැරසිලි හමුදා කඳවුර තුළ සිදුකළ යුතු බවත් දන්වා ඇත.

මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් ජනාධිපතිට උපදෙස්‌ දීමට මොහු කවුද යන්නයි.

එසේම මුලතිව්හි පළාත් සභා මන්ත්‍රී රවිහරන් නමැත්තාද ප්‍රකාශයක්‌ කරමින් මුලතිව් ජනතාවගේ දුප්පත්කමට හේතුව හමුදාව බවත්, හමුදාව මුලතිව් ප්‍රදේශයෙන් පිටව යායුතු බවත් පවසා ඇත.

මෙවන් ඉලලීම්වලින් සනාථ වන්නේ උතුරෙන් හමුදාව ඉවත් කිරීමේ යටි අරමුණයි.

එවන් තොරතුරු මැද ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනයේ පැවැති මැයි දින රැලියට මුල්ම කළු කොටි ත්‍රස්‌තවාදියා වූ මිලර්ගේ මව ගෙන්වා පහනක්‌ දැල්වීමට පියවර ගනු ලැබීය.

ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ද මෙවර කොටි සමරුවට ඉදිරිපත් වී ඇත. ඔහු මැයි 18 දා ද්‍රවිඩ ජන සංහාර දිනය ලෙස නම් කර තිබේ. එදින සමරුව පැවැත්වෙන්නේ උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙනි.

එහෙත් කොටි ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩදිය යුතුද?

මේ අතර යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතමින් ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ ලේකම් කඡේන්ද්‍රන් පවසා ඇත්තේ උතුරේ බෞද්ධ සැරසිලි කිරීමට ඉඩදිය නොහැකි බවයි.

කඡේන්ද්‍රන් තවදුරටත් මෙලෙස ප්‍රකාශ කර ඇත. මැයි මස කළු මාසයක්‌ ලෙස හැඳින්විය හැකියි. එහෙත් වෙසක්‌ සැරසිලි උතුරේ ස්‌ථාන රැසක තිබෙනවා. මින් තහවුරු වන්නේ උතුර බෞද්ධකරණය කිරීමට ක්‍රියාකිරීමයි.

මැයි 18 දා මුල්ලිවයික්‌කාල් වෙත පැමිණීමෙන් වළකින ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

කඡේන්ද්‍රන් යනු සිංහල භටයන් 10,000 ක්‌ පෙට්‌ටිවලින් කොළඹට එවන බවට පාර්ලිමේන්තුවේදී තර්ජනය කළ පුද්ගලයායි.

මේ අන්දමට උතුරේ කොටි හිතවාදී පාර්ශ්ව විවිධ ඉල්ලීම් රජය වෙත ඉදිරිපත් කර ඇත.

කොටි මෝටාර් ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළේ මයිලඩ්ඩි වරායයි. එහෙත් එම වරායද නිදහස්‌ කරන ලෙස ඉල්ලා තිබේ.

මයිලඩ්ඩි සිට පලාලි වෙත මෝටාර් ප්‍රහාර එල්ලවීමෙන් ගුවන් ගමන් නතර වූ සමයක්‌ ද විය. මේ අතීතය අමතක කළ යුතුද?

අවි පුහුණුව ලත් කොටි 12,000 ක්‌ උතුරේ සිටී. එසේම පුනරුත්ථාපනය නොවූ කොටි 460 ක්‌ද, යාපනයේ සිටින බව අනාවරණය වී ඇත.

මේ සැබෑව අමතක කළ යුතුද?

රජයේ ත්‍රස්‌ත මර්දන නව පනතට පවා ද්‍රවිඩ සන්ධානය එරෙහි වීමෙන් උතුරේ මීළඟ ඉලක්‌කය තේරුම් ගැනීම අපහසු නොවේ.

කීර්ති වර්ණකුලසූරිය



No comments: