Wednesday, May 17, 2017

බලෙන් අමතක කරන්න හදන අතීතය , ප්‍රභාකරන් පරදවා අට වසරයි - කීර්ති වර්ණකුලසූරිය

කිර්ති  වරනකුලසුරිය මහතාගේ  දිවයින පත්‍රයේ ඇති මෙම ලිපිය අපේ ඇස්  අරවයි. එහෙත් බොරුවට නිදා ගෙන සිටින අය කෙසේ නම් ඇස්  අරින්නද 

සමරසේකර 

ප්‍රභාකරන් පරදවා අට වසරයි
කීර්ති වර්ණකුලසූරිය















ප්‍රභාකරන් පරාජය කර මැයි 19 දාට වසර අටකි. එහෙත් මෙරට බොහෝ පාර්ශ්වවලට මේ රුදුරු යක්‍ෂයාගේ භීෂණය අමතකය. වසර කීපයකට පෙර එක්‌ දේශපාලනඥයෙක්‌ ප්‍රභාකරන්ගේ ශක්‌තිය අවතක්‌සේරු කිරීමෙන් වළකින ලෙස පවසනු ලැබීය.

වේදිකාවල අතපය විසි කරමින් වෛරක්‌කාරී ස්‌වභාවයෙන් හඬනගන තවත් දේශපාලනඥයෙක්‌ කොටි සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ නොවේ යෑයි පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මෑතකදී දේශපාලන කරළියට පැමිණි නවක දේශපාලනඥයකු පුරසාරම් දොඩන අයුරු අපට රූපවාහිනි නාළිකාවලින් දැකගත හැකි විය.

එම දේශපාලනඥයන්ගෙන්a එක්‌ අයකුගේ පියා කොටින්ට අවි ආයුධ සහ මුදල් ලබා දුන්නේය. තවත් අයකුගේ පියා කොටින්ට ස්‌ලින් ගුවන් යානා ගෙන ආ කොටියාට ගමන් බලපත්‍රයක්‌ ලබාගැනීමට සහාය විය. මේ අතීතය අද අමතක කර ඇත.

2009 මැයි 19 දා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි මිනීමරුවන් කණ්‌ඩායම විනාශ නොකළේ නම් අදටත් මෙරට දේශපාලනඥයන් සිටින්නේ මරබියේ බව සිහිපත් කළ යුතුය.

එදා ප්‍රභාකරන්ට එරෙහිව වන්නි මෙහෙයුම ආරම්භ වූ අවස්‌ථාවේ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රභාකරන්ගෙන් ඉල්ලන් කනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ.

මෙය පුදුමයක්‌ නොවේ. මහින්ද රාජපක්‍ෂ රජයේ ප්‍රධාන ඇමැතිවරු දෙදෙනෙක්‌ ජිනීවා ගොස්‌ පැවසුවේ හමුදාව පරදින බවයි.

වන්නි මෙහෙයුමින් හමුදාව පරදින බවට කියා සිටි පිරිස මෙසේය.

1. ඉන්දීය ලේකා ඇනීටා ප්‍රතාප්

2. ඉන්දීය රෝ සංවිධානයේ හිටපු ප්‍රධානියා

3. ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානී කර්නල් හරිහරන්

4. නෝර්වේ සටන් විරාම ගිවිසුමේ ප්‍රධානී එරික්‌ සෝල්හයිම්

5. කොටි පොලිස්‌පති නඩේෂන්

6. දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන

7. කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පත්

8. කොටි ඩයස්‌පෝරාව

මේ හැර නාගර්කෝවිල් ප්‍රදේශයේ සංචාරයක යෙදුණු හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ හමුදාපතිව සිටි ලයනල් බලගල්ලද කොටි පරාද කළ නොහැකි බව මේජර් ජනරාල් කමල් ගුණරත්නට පවසා තිබිණි.

එසේම වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළ පිරිස

1. බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ්

2. ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි

3. හිටපු දකුණු අප්‍රිකානු අගරදගුරු ඩෙස්‌මන්ඩ් ටුටූ

4. ඇමරිකානු දේවගැති ජෙසී ජැක්‌සන්

5. හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌

මෙයට අමතරව නෝර්වේ අරමුදල් ලබන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ජාතික සාම මණ්‌ඩලයද කොටි රූකඩය වූ ද්‍රවිඩ සංවිධානද වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ දැරීය.

මේ අතර 2009 අප්‍රේල් මස මැද භාගයේදී ඇමරිකානු හිටපු තානාපති රොබට්‌ බ්ලේක්‌ සහ නෝර්වේ තානාපති ටෝරේ හැට්‌රන් එකතු වී ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි 270 ක්‌ බේරා ගැනීම සඳහා දියත් කළ මෙහෙයුමට ඉන්දියාව එරෙහි විය.

ඇමරිකානු හා නෝර්වේ අරමුණ වූයේ ප්‍රභාකරන්ට ඉදිරි කාලයේදී නැවතත් යුද වැදීම සඳහා ඉඩ ලබාදීමයි. මේ රහස්‌ මෙහෙයුම සඳහා ඇමරිකානු යුද නැවක්‌ මුලතිව් වෙරළට ඔබ්බෙහි ජාත්‍යන්තර මුහුදේ නතර කර තිබිණි.

වන්නි මෙහෙයුමේ අවසාන සතියේ හිටපු හමුදාපති සරත් ෙµdන්සේකා මෙරට සිටියේ නැත. ඔහු චීනයේ සංචාරයක යෙදී සිටියේය.

එසේම ජනතාවට හෙළි නොවූ ගැටුම්ද හමුදාව තුළ මතු විය.

මුලතිව් වෙරළේ සිටි නාවික හමුදාවට ආහාරපාන ලබාදීමෙන් වැළකිය යුතු බවටද උසස්‌ හමුදා නිලධාරියකු ගෙන් 58 වැනි සේනාංකයට නියෝගයක්‌ ලැබිණි.

එසේම මෙරට ආරක්‍ෂක විශ්ලේෂකයන් යෑයි හඳුන්වා ගත් දෙදෙනෙක්‌ යුද්ධය ජයගත නොහැකි බව පවසනු ලැබීය.

යුද මහාචාර්ය යෑයි හඳුන්වා ගත් අයෙක්‌ කොටි සමඟ කරන යුද්ධයෙන් ජයගත නොහැකි බව ප්‍රකාශ කර තිබිණි.

මෙලෙස වන්නි මෙහෙයුමින් කොටි පරජය වී අට වසරක්‌ සපිරෙන අවස්‌ථාවේ මෙරට යුද ජයග්‍රහණය සමරන්නේ නැත. එහෙත් ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් සහ ත්‍රිකුණාමල කොටි හමුදා නායකයා වූ එලිලන්ගේ බිරිය ඇතුළු පිරිසක්‌ එක්‌වී කොටි සැමරුම පවත්වා ඇත.

ප්‍රභාකරන් පරදවා වසර අටක්‌ සපිරෙන අවස්‌ථාවේ අපේ ගෞරවණීය සෙබළුන් දිවිපුදා අල්ලාගත් කොටි පාලන ප්‍රදේශ දැන් බන්දේසියේ තබා ලබාදීමට රජයේ බලධාරීන් ක්‍රියාකර ඇත.

එසේම බිහිසුණු කොටින්ද නිදහස්‌ කර තිබේ. වාන්පුලිගල් කොටි නියෝජ්‍ය ප්‍රධානී කුශාන්තන්ද නඩු පැවරීමකින් තොරව නිදහස්‌ කර ඇත.

ඊළාම් සංවිධාන කීපයකද ඊළාම් කොටි ක්‍රියාකාරීන් රැසකගේද තහනම ඉවත් කර තිබේ.

ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කළ කොටි පාලන ප්‍රදේශය වූ පරවිපන්ජාන් ද නිදහස්‌ කර ඇත.

මේ හැර විදේශගතව සිටි කොටින්ට යාපනයට ඒමට දොර විවෘත කර ඇත.

කැනඩාවේ ප්‍රභාකරන් ලෙස හැඳින්වූ නේතන් ශාන් සහ බෙදුම්වාදී ගැරී ආනන්ද සංගරි මෙන්ම වසර 30 ක්‌ තිස්‌සේ කොටින්ට අරමුදල් සැපයූ කැනඩාවේ ස්‌ටැන් මුතුලිංගම්ද යාපනයට පැමිණ රිසිසේ සැරිසරා තිබේ.

එපමණක්‌ නොවේ වන්නි මෙහෙයුමට උපරිම ලෙස දායක වූ හමුදා බුද්ධි සේවාවේ ප්‍රධානියකු වූ බ්‍රිගේඩියර් සුරේෂ් සැලේද ධුරයෙන් ඉවත්කර ඇත.

මෙම පසුබිම මැද රජය ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව පිළිගෙන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ජිනීවා යෝජනාවට එකඟවූ අතර එම යෝජනාවේ සම අනුග්‍රාහකයා විය.

තක්‌කඩි දේශපාලනඥයන් විසින් ත්‍රස්‌තවාදීන්ව සාදරයෙන් පිළිගෙන ඇති බව පැවසුවේ ධවල මන්දිරයේ හිටපු කතා රචක ඩේවිඩ් ප්‍රොම්ය. අද මෙරට දියත් වී ඇත්තේ එම ක්‍රියාදාමයයි.

එදා කොටින්ගේ රූකඩය වූ ද්‍රවිඩ සංධානය අද උතුරට පෙඩරල් පාලනයක්‌ මෙන්ම යුද හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඉල්ලා සිටී.

එසේම ප්‍රභාකරන්ට එරෙහි නඩුව ඇසීම පුද්ගලික හේතුවක්‌ මත ප්‍රතික්‌ෂේප කළ විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැති වී උතුරින් හමුදාව ඉවත් කිරීමේ මෙහෙයුමක යෙදී ඇත.

No comments: