Thursday, May 18, 2017

රට බෙදීමට පොරොන්දු වූයේ කවුරුද - මතුගම සෙනෙවිරුවන්


සෙනවි රුවන් මහතා පා කරන්නේ ඉතා  වැදගත් අදහසකි. එනම් මේ රටේ භාරකාරයෝ කටයුතු කරන්නේ සෙසු ජනතාව මෝඩයන් ලෙස සලකා ගෙනය.  මේකට සිංහල භාෂාවෙන් කියන්නෙ හැක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් කියාය.

සමරසේකර 

රට බෙදීමට පොරොන්දු වූයේ කවුරුද
මතුගම සෙනෙවිරුවන්














සමස්‌ත පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාදායක සභාවක්‌ බවට පත් කර නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීමට එක්‌සත් ජාතික පක්‌ෂ රජය ගත් උත්සාහය දැන් සියයට අනූවක්‌ පමණ අවසන් වී ඇත. නව ව්‍යවස්‌ථාවට අදාළ කමිටු වාර්තා හයක්‌ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. ඒ අතර ව්‍යවස්‌ථාදායක සභාවේ අතුරු කමිටු වාර්තාව ද අනුමැතිය සඳහා ඉදිරිපත් ව තිබේ. මේ සියලු වාර්තා අවසාන වශයෙන් යොමුව ඇත්තේ උතුරු සහ නැඟෙනහිර පළාත් සඳහා ස්‌වයං පාලනයක්‌ ලබා දීමේ දිසාවටයි. දෙමළ ජාතික සන්ධානය වත්මන් රජයට විපක්‌ෂයේ සිට ආවඩන්නේ මේ අරමුණු ඉටුකර ගැනීමටයි. ඒකාබද්ධ විපක්‌ෂය ද සෑහෙන කලක්‌ මේ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයේ කල් මරනු දක්‌නට ලැබුණි. තොරතුරු ලැබුණ ද රට බෙදීමට විරුද්ධව ඔවුන්ට කළ හැකි දෙයක්‌ පෙනෙන්නට නැතිය.


එක්‌සත් ජාතික පක්‌ෂය හැටේ දශකයෙන් පසු සෑම අවස්‌ථාවකදීම උත්සාහ දරනු ලැබූවේ බෙදුම්වාදය ශක්‌තිමත් කරලීමටයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ශක්‌තිමත්ව රටේ ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමට කටයුතු කරන කල්හි එක්‌සත් ජාතික පක්‌ෂය චෙල්වනායගම් ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන් දේශපාලන තීරණ ගනු ලැබූහ. ඉන්දියාවට යෑවිය යුතුව තිබූ වතු කම්කරුවන් මෙහිම නවත්වාගෙන පුරවැසිකම් දෙන්නට කටයුතු කරන ලද්දේ ඔවුන්ගේ ඡන්ද බලාපොරොත්තුවෙනි. හැත්තෑව දශකයෙන් පසුව නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ බලගතුම දේශපාලන ප්‍රධානියා බවට පත්වන තොණ්‌ඩමන් එක්‌සත් ජාතික පක්‌ෂයේ පිහිටෙන් ඡන්ද පදනම දමාගෙන ඉහළට පැමිණියෙකි. නුවරඑළියේ සිංහලයන් පදිංචි කිරීමට එරෙහිව මේ කංකානියා බලවත් කිරීම ඔවුන්ගේ අරමුණ විය. වර්තමානය වන විට කඳුකර ගම්මාන අමාත්‍යංශයක්‌ ඇති කොට වතු දෙමළ ජනතාවට පමණක්‌ ඉඩම් සහ නිවාස ලබා දෙන්නට එක්‌සත් ජාතික පක්‌ෂ රජය කටයුතු කරති. මේ සියල්ල ඡන්දය ලබා ගැනීම පිණිසය.

මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව සමඟ උරණ වූ විදේශීය බලවතුන් ඔහු බලයෙන් පහකිරීම පිණිස කීපදෙනකු උපයෝගී කරගත්හ. එක්‌සත් ජාතික පක්‌ෂයත් මහින්ද කෙරෙහි කලකිරී සිටි ශ්‍රී ලංකා පාක්‌ෂිකයනුත් සඳහා යොදාගත් ව්‍යාපෘති එකිනෙකට පටහැනි විය. අනෙක්‌ අතින් ජාතික හෙළ උරුමය මෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණ සඳහා යොදා ගත් උපක්‍රමයන් ද සුවිශේෂී විය. පිවිතුරු හෙටක්‌ ජාතික සභාව හරහා නව දේශපාලන සංස්‌කෘතියක්‌ ගොඩනැන්වීමට උත්සාහ කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වටා නව ලිබරල් කණ්‌ඩායමක්‌ ඒකරාශි කිරීම පළමු පියවර විය. රාජිත සේනාරත්න මහතා ජාතික හෙළ උරුමයට ප්‍රතිවිරුද්ධ පිලේ සිටිය ද ඔහුගේ පුත්‍රයා නැවුම් දේශපාලනඥයකු වශයෙන් රතන හිමියන්ට කිට්‌ටු කරන ලද්දේ කවුරුන් විසින් දැයි නොදනිමි. එහෙත් ජාතික හෙළ උරුමයේ ජාතිකත්වය දරන පිරිස යම් අවස්‌ථාවකදී මේ නව කණ්‌ඩායම සමඟ ගැටීමක්‌ ඇතිකර ගන්නට උත්සාහ දරන විට ව්‍යාපෘතියේ එක්‌ කොටසක්‌ සම්පූර්ණව තිබුණි. පිවිතුරු හෙටක්‌ ජාතික සභාව විසින් දහනව වන ව්‍යවස්‌ථා සංශෝධනය යන මැයෙන් ඉදිරිපත් කළ යෝජනා මාලාව බණ්‌ඩාරනායක සමුළු ශාලාවේදී එවකට විපක්‌ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයන්ට පිළිගැන්වීය. ඒ අවස්‌ථාවේදී රතන ස්‌වාමීන් වහන්සේ රනිල් වික්‍රමසිංහ මහතා අසුන්ගෙන සිටි ස්‌ථානයටම පැමිණ එම පත්‍රිකාව පිළිගැන්වූ ආකාරය තුළින් ගම්‍ය වූයේ ප්‍රශ්නාර්ථයකි. භික්‌ෂූන් වහන්සේ නමක්‌ ගිහියකු ඉදිරියේ සාමාන්‍යයෙන් එලෙස ක්‍රියා නොකරයි. එම පත්‍රිකාවේ තිබුණේ කුමක්‌ද. එහි මෙසේ සඳහන් වේ.

zනව රාජ්‍ය පාලන ක්‍රමය ජනාධිපති අගමැති ව්‍යවස්‌ථාමය සන්ධානයක්‌ වේ. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර අගමැතිවරයා ආණ්‌ඩුවේ නායකයා වේ. ජනතාව විසින් ජනාධිපතිවරණයකින් වසර හයක්‌ සඳහා ජනාධිපතිවරයකු පත් කරනු ලැබේ. එම පත්වීම ලද විට ජනාධිපතිවරයා තව දුරටත් දේශපාලන පක්‌ෂයක සාමාජිකයෙක්‌ නොවන අතර නැවත එම ධුරයට පත් වීමටද නුසුදුස්‌සෙක්‌ වන්නේය. ජනාධිපති සන්නද්ධ හමුදාවන්හි විෂයට සීමාව වූ ආරක්‌ෂක ඇමැති වනු ඇත. ජාතික සමඟිය හා එකමුතු බවද ආගමික සංහිඳියාවද ප්‍රවර්ධනය කිරීම ජනාධිපතිවරයා වෙත පැවරෙන කාර්යයන් වේ. ඒ අනුව රටේ ඒකීයභාවයට හෝ ස්‌වාධිපත්‍යයට හෝ හානිකර තත්ත්වයක්‌ උදාවන අවස්‌ථාවන්හිදී රට සුරක්‌ෂිත කිරීමේ වගකීම හා බලය ජනාධිපතිවරයාට පැවරේ.

පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණකින් ලබා ඇති මන්ත්‍රීවරයා අගමැති වශයෙන් පත්වේ. කැබිනට්‌ මණ්‌ඩලයේ ඇමැතිවරුන් සංඛ්‍යාව 20 සිට 25 අතර සංඛ්‍යාවට සීමා වන අතර නියෝජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව ද 35 ට නොවැඩි වේ. අගමැතිවරයාගේ යෝජනාවෙන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්‌ඩලය සඳහා මන්ත්‍රීවරුන් අතරින් පත් කරනු ලබේ. මහ මැතිවරණයකින් පසුව අගමැති සහ ඇමැතිවරුන් පත් විට ඔවුන් නැවත මහ මැතිවරණයකින් අවසන් වන තෙක්‌ තනතුරු දරනු ඇත. ඇමතිගේ කාර්ය සාධනය අගැයීමකින් පසුව අගමැතිගේ ද අනුමැතිය සහිතව ඇමතිවරයකු තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක්‌ ඇත.Z

ජාතික හෙළ උරුමය විසින් නිරන්තරයෙන් කතා බහ කළ බුදු දහම පිළිබඳ ප්‍රමුඛතාවය අන්‍යාගම් පිළිබඳ ප්‍රශ්නය ඒකීය රටක්‌ යන මාතෘකා එහි නොවීය. නමුත් රාජ්‍ය නොවන සංවිධාන සහ පෙරකී ලිබරල් කණ්‌ඩායම් විසින් නිරතුරු මැතිරූ ව්‍යවස්‌ථාදායක සභාව විධායක කාරක සභා ජනපති ක්‍රමය දුර්වල කිරීම ආදී ප්‍රතිසංස්‌කරණ සියල්ල එහි විය. සැබවින්ම වර්තමානයේ අප අත්දකින කටුක යථාර්ථය නිර්මාණය වන්නේ එතැන් සිටය. ජනාධිපතිවරයා සතු බලතල අග්‍රාමාත්‍යවරයා වෙත පවරා ගැනීම මගින් ජනාධිපතිවරයා නිහඬ කොට අවශ්‍ය අරමුණට ළඟාවීම සිදුව ඇත. පසුව එක්‌සත් ජාතික පක්‌ෂය මැතිවරණයෙන් ජයග්‍රහණය කළ 2016 න් පසු දහනව වන ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ශක්‌තිමත් කරන ලද්දේ මේ යෝජනාවයි. වසර හතරක්‌ කල් ඉකුත් වන තෙක්‌ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීම වැනි කාරණාවලට වත්මන් ජනාධිපතිවරයා එකඟ වීම රවට්‌ටා ගැනීමක්‌ යයි මම නොසිතිමි. එය මෙම කුමන්ත්‍රණයට සභාගි වූ සෑම දෙනම කතිකා කොට සකස්‌ කරන ලද්දකි.

ඔස්‌ලෝ සම්මුතිය අනුව ද්‍රවිඩ නිජබිම පිළිගත් වත්මන් අගමැතිවරයාව එදා රතන හිමියන් ඇතුළු හෙළ උරුමය ප්‍රතික්‌ෂේප කළහ. (2005 හැන්සාඩ්) නමුත් මහින්ද රාජපක්‌ෂ මහතා හෙළ උරුමය හා එකඟවූයෙන් සන්ධානයට සහයෝගය දීමට ඉදිරිපත් වූහ. සන්ධාන රජයට යුද්ධය දිනා රටට සාමය උදා කිරීමට අවශ්‍ය සමගිතාවය උදා වූයේ එලෙසයි. නමුත් ඔස්‌ලෝ එකඟතාවයට ද එහා ගොසින් සිංගප්පූරු එකඟතාවය මත රට ෙµඩරල් කිරීමට සහ අනාගමික රාජ්‍යයක්‌ කිරීමට ව්‍යවස්‌ථාවන් සදන එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ සන්ධාන ගත වීමට හෙළ උරුමය ඇතුළු ජාතිකවාදී යයි කියාගන්නා කණ්‌ඩායමට සිදු විය. නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා මහජන අදහස්‌ විමසීම සඳහා පත්කළ කමිටුව පළ කළ පත්‍ර දැන්වීමෙන් පැහැදිලි වූයේ මධ්‍ය දුර්වල කොට පළාත් සභාවලට පළාත් ආණ්‌ඩු පිහිටුවීමට අවශ්‍ය ව්‍යවස්‌ථාව සැකසෙන බවයි. පිවිතුරු හෙටක්‌ යෝජනාවෙන් ගම්‍ය වනුයේ මධ්‍ය දුර්වල කිරීමේ ක්‍රමවේදයයි. දැන් ව්‍යවස්‌ථාදායක සභාවේ අතුරු කමිටුවෙන් මේ මධ්‍ය බලය දුබල කිරීමේ සියලු යෝජනා ඉදිරිපත්ව ඇත. රට කැබලි කරලීම පිණිස බටහිරයන්ට දුන් පොරොන්දු වත්මන් රජය ඉටු කරමින් සිටී.

පසුගියදා පැවති මහ ඇමැතිවරුන්ගේ සම්මේලනයේදී විග්නේශ්වරන් මහතා දෙමළ බසින් තමන්ගේ බෙදුම්වාදී යෝජනා ඉදිරිපත් කළ පසු කිසිම සිංහල මහ ඇමැතිවරයෙක්‌ ඒවාට විරුද්ධ වූයේ නැත. එම කතාව අසා සිටි ජනාධිපතිවරයාද එය අනුමත කරමින් දකුණේ නැගිටීමට හේතුවද උතුරේ නැගිටීමට හේතුවද එකලෙස සම කරමින් එම ගැටලුවට එකම පිළියම බලය බෙදීම බව ප්‍රකාශ කර තිබේ. ඔහු වරක්‌ අස්‌ගිරි මල්වතු මහනාහිමියන් ඉදිරියේ තමන්ගේ දුක්‌ගැනවිලි දක්‌වා ඇත. නමුත් ඉහත කී ප්‍රකාශය කියවන විට අගමැති මෙන්ම ඔහුද බලයට පත් වීමට ප්‍රථම දුන් පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය පරිසරය සකස්‌ කරන්නකු බව හෙළිදරව් වෙමින් පවතී. පළාත් සභාව වැනි නාස්‌තිකාර ආයතනයක්‌ තවත් සවිබල ගැන්වීමට මේ දේශපාලකයන් කැසකවන්නේ මුළු මහත් රටත් ජාතියත් බිල්ලට දීමෙන්ය. ඒ බැව් ජනතාව වටහා ගන්නේ කවදාද.

No comments: