Friday, May 5, 2017

නිජබිම් අයිතිය තහවුරු කරන්නට මලබාර්වරු 'ලංකා දෙමළ' කිරීම

මහින්ද කුමාර මහතා විසින් මහත් පරිශ්‍රමයෙන් ලියා ඇති මෙම ලිපියද පළවුයේ දිවයින පත්‍රයේය . අද රටේ වර්තමාන තත්වය ගැන අදහසක්  ගැනීමට මෙම ලිපියද ඉවහල්වේ,

සමරසේකර 

යාපනය මලබාර් ද්‍රවිඩයන්ගෙන් පිරීයයි නිජබිම් අයිතිය තහවුරු කරන්නටමලබාර්වරු 'ලංකා දෙමළ' කිරීම
අවසන් කොටස
ටික්‌කම මහින්ද කුමාර







කේරළයේ මලබාර් සංස්‌කෘතික උත්සවයක අවස්‌ථාවක්‌.........ක්‍රි.ව. 1682 පෙර යාපනේ ද්‍රවිඩ මලබාර්වරුන්ට යාපනේ භූමිය තුළ පාරම්පරික ඉතිහාසයක්‌ නැත. ඕලන්ද ජාතික පිලිප්ස්‌ බැල්දියස්‌ ක්‍රි.ව. 1682 පසුව සඳහන් කරනු ලැබුවේ A True and Exact Description of the Island of Ceylon පොතෙන් සඳහන් කර ඇත්තේ ප්‍රථම මලබාර් ද්‍රවිඩයන් කේරලයන් ගොඩ බැස්‌ස බවත්ය. බැල්දියස්‌ යාපනයේ ජීවත්ව සිටිය කාලයේ දී ඕලන්දයන් තමිල්නාඩු හා නාගපට්‌ටන්වලින් 10,000ක්‌ මලබා_ ද්‍රවිඩ වහලුන් ලෙස යාපනයට ගොඩ බැස්‌ස බව සඳහන් කර ඇත. ඒ ක්‍රි.ව. 1682 පසුවය. මේ අය විල්ලාවර් හා විල්ලාලර් හා විල්ලාහල නම් ද්‍රවිඩ ජනවර්ගවලට වැඩි දෙනෙක්‌ අයිති විය.










දේවාල භූමියක පිහිටි පැරැණි මලබාර් ජනවාසයක්‌.......මෙසේ පැමිණෙන ද්‍රවිඩ වහලුන් සමඟ එකට ජීවත්වීමට සිංහල වැසියන් අකමැති විය. ඒ අනුව ක්‍රි.ව. 1695 වන විට සමස්‌ත යාපනයේ අර්ධ ද්විපයේ ජනගහනය 150,000 පමණ විය. සිංහල 27% මුස්‌ලිම් 41%, ද්‍රවිඩ 32% පමණ විය. මෙසේ පැමිණෙන ද්‍රවිඩ වහලුන් යාපනයේ පදිංචි කිරීමට යොදාගත්තේ ජර්මනියේ භාවිතා කල "ජූස්‌ මැන්ඩාස්‌ ට්‍රයිබල්" නීතිය එවකට ඕලන්දයේ භාවිතා කර පසුව ද්‍රවිඩ මලබාර් යටත් විජීතවලට හඳුන්වා දුන් ක්‍රි.ව. 1707 දී මලබාර් ද්‍රවිඩ දේශවල නීතිය ලෙසට ඕලන්දයන් විසින් හඳුන්වා දුන් නීතියට යාපනයේ බලහත්කාරයෙන් ක්‍රියාත්මක කර ද්‍රවිඩයන් යාපනේ පදිංචි කළේ එම නීතියම (තේසාවලම් නම්) බලයෙන් ක්‍රියාත්මක කරගෙනය.



 







ලංකාවට මලබාර් ද්‍රවිඩයන් ගෙන ආ පනත හා ඊට විරුද්ධ වූ සිංහල රජ පවුලේ උරුමකරුවන්ගේ කැරැල්ල.


බ්‍රිතාන්‍ය රජයේ පාර්ලිමේන්තුව විසින් 1807 මාර්තු 25 අනුමත කරන ලද 1807 වහලුන් වෙළෙඳාම් කිරීමට පනතට අනුව දකුණු ඉන්දියාවෙන් දුම්කොළ වගාව සඳහා මලබාර් රටින් විල්ලාහල කුල වහලුන් ගෙන්වන ලදී. ඊට විරුද්ධව උඩරට I විමලධර්මසූරිය රජුගේ සහ ලේනව පරපුරේ දෝන කැතනා කුසුමාසන දේවියගේ පුත් කුමාරසිංහ කුමරුගේ පරපුරෙන් පැවත ආ කෝරලගේ සින්නෝ අප්පෝ සහ හල්පිට ටික්‌කමගේ ඕවිට සිටි කුමාරයා සහ තුඩුගලගේ ඒබ්‍රහම් සේනාරත්න ඇතුළු කැරලිකරුවන් විසින් ක්‍රි.ව. 1796 -97 දී පාතරට ප්‍රදේශවල සිංහල ආධිපත්‍ය තහවුරු කරගත් කැරැල්ලට හේතු වූයේ සිංහල නිලධාරීන්ගේ තනතුරුවලට මලබාර් ද්‍රවිඩයන් පත්කිරීමත්, ඒ අනුව මලබාර් නිලධාරීන්ගෙන් රට පිරීයාම හා බදු බර සිංහලයන් පිට පැවරීමයි. ක්‍රි.ව. 1998 දී හල්පිට ටික්‌කමගේ ඕවිට අවට පැවති නිවාස 104 ගිනිබත්කර පිරිස පලවා හරින ලදී.

ක්‍රි.ව. 1805 වන විට යාපනේ වැඩිම ජනගහනය මුවර් ජනයාය. ක්‍රි.ව. 1807 පසුව දෙමළ වහලුන් යාපනේ පැලපදියම් වීම නිසා යාපනේ මලබාර් වඩුකර් ජන සංඛ්‍යාව මුස්‌ලිම්වරු අභිබවා ක්‍රමයෙන් වැඩි විය. ක්‍රි.ව. 1818 තන්ජූර්වල බදු එකතු කරන ප්‍රධානියා විසින් වහලුන් ගෙන්වන කොන්ත්‍රාත්කරුවන් 150 ලවා වැඩට සුදුසු දෙමළ වහලුන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලදී. ක්‍රි.ව. 1823 සිට මෙම දෙමළ මලබාර් වහලුන්ගේ සංක්‍රමණය වැඩිවිය. යාපනේ දුම්කොළ හා උඩරට කෝපි වගාව පදනම් කරගෙන සිදුවූ සංක්‍රමණය අද රට කොටස්‌වලට කඩා ඔවුන්ට නිජබිම් අයිතිය ලබාදීම දක්‌වා වර්ධනය වී ඇත. බ්‍රිතාන්‍ය යටතේ වූ ඉන්දීය රජය යටතේ පනත් අංක 14 යටතේ ක්‍රි.ව. 1839 විශාල වශයෙන් දෙමළ කම්කරුවන් ලංකාවට ගෙන්වන ලදී. 1823-40,000 ක්‌ ද, 1837-10,000 ක්‌ ද, 1839- 70,000 ක්‌ ද, 1842-13,935 ද, 1843-31,201 ද, 1844 - 71,173 ද, ගෙන්වූ බවට වාර්තා ඇත. 1845-67,278, 1846-34,971, 1847-46,140, 1848-32,000, 1867-46,407. දෙමළ වහලුන්ගෙන් ලංකාව පිරී ගියේය.

මේ වන විට 350,000 වඩා වැඩි ගනණය කළ නොහැකි වහලුන් ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ බවට ලිත සංඛ්‍යාලේඛන ඇත. මේ අනුව 1871-203,300, 1881-320,200, 1891-313,300, 1901-497,900, 1911-563,800, 1921-635,700, 1931-854,800, 1964 - 816,200 දක්‌වා ශ්‍රී ලංකාවේ මලබාර් හා වතු දෙමළ ජනගහනය වැඩිවිය.

ක්‍රි.ව. 1869 වසරේ ජූලි 5 වන දින ඉන්දියානු මලබාර් කුලී (culi/ coolies) වහලුන් පිළිබඳව බ්‍රිතාන්‍ය පරිපාලන ආගමන වාර්තාවට අනුව Correspondence
of Malabar coolies in Ceylon - National Archives Deparment kew Landon පසුගිය 25 වසරක්‌ ඇතුළත්ව ( ක්‍රි.ව. 1843-1867) ලංකාවට ගෙන් වූ ද්‍රවිඩ වහලුන් 1,446,407 රැගෙන ආ බවත් එයින් 839,897 නැවත තම මවුරට බලාගිය බවත් 356,510 මගදී මියයන්නට ඇති බවත් දල වශයෙන් 250,000 පමණ දිවයිනේ නොයෙක්‌ රැකියා කරමින් ස්‌ථිරවම පදිංචි වූ බවත් පැවසේ.

පොන්නම්බලම් අරුනාචලම්ගේ පුතුන් වූ පොන්නම්බලම් රාමනාදන් (උපත 1851) සර් පොන්නම්බලම් අරුනාචලම් ද, පොන්නම්බලම් පද්මනාදන් ද විය. දියණිවරු ද සිටියා. මේ අයගේ මස්‌සිනා වූයේ ඉංග්‍රීසි භාෂාව උගත් සෙල්ලප්පා සභාපති මුදලියාර් විය. පුලෝලිවලට වහල් කම්කරුවකු ලෙසට මලබාර් රටින් පැමිණි නල්ලන් ගේ දියණියක්‌ වූ තයිවනා පිල්ලායි සෙල්ලප්පා සින්නතංගච්චි හා විවාහ වූ සෙල්ලයියා සභාපති ගේ පුත් වූ සෙල්ලප්පා සභාපති කනක සභාපති විය. (උපත ක්‍රි.ව. 1880) ඔහු කනගම සෙල්ලප්පා දියණිය සමඟ විවාහ වි ලැබූ පුතුන් වූ කනක සභාපති විශ්වලිංගම් විග්නේෂ්වර (උපත ක්‍රි.ව. 1939) වර්තමානයේ උතුරු පලාතේ මහ ඇමැති වූ සී. වී. විග්නේශ්වර විය. අවුරුදු 235 නොවැඩි මලබාර් දෙමළ ඉතිහාසයක්‌ ශ්‍රී ලංකාව තුළ ගොඩනන්වන්නේ මලබාර් වෙල්ලාහල කුල විග්නේශ්වරන් ගේ පරපුරයි.

බ්‍රිතාන්‍යයන් විසින් 1807 මාර්තු 25 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ද්‍රවිඩ වහලුන් වෙළෙඳාම් කිරීමේ පනත අනුව ගෙන ආ දෙමළ මලබාර් වහලුන් යාපනේ දුම්කොළ වගාවට හා නැගෙනහිරට පදිංචියට පැමිණි ගල්ඔයට ගෙන ආ දෙමළ වහල් කම්කරුවන්ගෙන් පැවත එන ඒ රාජවරෝතියන් ගල්ඔය ව්‍යාපෘතියේ ගබඩා ප්‍රධානියා විය. ඔහුගේ පුත් ආර්. සම්බන්ධන් මලබාර් විල්ලාහල කුල ද්‍රවිඩයා අද ලංකාවෙන් උතුරු නැඟෙනහිර වෙන්කර ද්‍රවිඩ ඊලාම් ෙµඩරල් රාජ්‍යයක්‌ කර සිංහලයාගේ රාජ්‍යයෙන් ඊලාම් ද්‍රවිඩ රාජ්‍යයක්‌ බෙදා වෙන් කිරීමට ව්‍යවස්‌ථාදායක කමිටුවට යෝජනා ඉදිරිපත් කරයි.

ඊළාම් රාජ්‍යයේ බලයට පොරකන ද්‍රවිඩ විල්ලාහල, විල්ලාලර්, විල්ලාවර්, නලවර් කුල හා කරෙයියර් සටන.

කේරලයේ කෝලම් ගමට ආසන්නව ඇති පුන්තාලතස්‌නම් ගමේ ද්‍රවිඩ කරෙයියර් නම් කුලහීන තිරුමිනියාර් පවුලෙන් ඕලන්දයන් විසින් ලබාගත් වහලුන්ව නාවික භාණ්‌ඩ ප්‍රවාහනයට යොදාගත්හ. ඔවුන්ගේ එක්‌ අයකු වූ (උපත ක්‍රි.ව. 1775 පමණ) අයියම් පිල්ලායි වද කුඩා කාලයේ සිට වහලකු ලෙසට තම පියා (උපත ක්‍රි.ව. 1740) සමග නාවික භාණ්‌ඩ ඉන්දියාවේ වෙරලබඩ සිට යාපනය දක්‌වා භාණ්‌ඩ ප්‍රවාහනය කිරීමට ඕලන්දයන් විසින් ක්‍රි.ව. 1795 දක්‌වා යොදාගත් බවට ලිත සාක්‍ෂි ඇත. අයියම් පිල්ලායි විසින් යාපනයෙන් දුම්කොල නිෂ්පාදන හා වෙනත් භාණ්‌ඩ වරින් වර ඕලන්ද නැව් හරහා ඉන්දියානු වෙරළට භාණ්‌ඩ ප්‍රවාහනය කළ ද්‍රවිඩ වහල් කුලී කම්කරුවකු විය. ඔහුගේ පුත් (උපත ක්‍රි.ව. 1830) වේලායුධම් ද තම පියාගේ අඩිපාරේ යමින් බ්‍රිතාන්‍යයන් සමඟ එකතු වී වෙළඳාමේ භාණ්‌ඩ ප්‍රවාහනය කල හා ගබඩා පාලකයකු ලෙසට සිටි වෙළෙන්දෙක්‌ බවට ධනවත් කමින් උසස්‌ වූ බවට සාධක ලැබේ. ඔහුගේ පුත් (උපත ක්‍රි.ව. 1875) වෙන්කට සාලම් තමාගේම භාණ්‌ඩ ප්‍රවාහන වෙළඳාමින් දකුණු ඉන්දියාව හා යාපනය වැල්වැටිතුර අතර සිදුකළ බවට සාධක ඇත. ඔහු බුරුමය, මලයාසියාව අතර වෙළඳාම සිදුකළ ධනවත් වෙළෙන්දෙක්‌ බවට පත්වී සිංහල වැසියන් විසින් අත්හැර දමන ලද වැල්වැටිතුරේ ඉඩම් විශාල ප්‍රමාණයක්‌ ක්‍රි.ව. 1940 පමණ බ්‍රිතාන්‍යයන්ගෙන් මිලදී ගත් බවත්, එහි ශිවන් දේවාලයක්‌ ද ආරම්භ කළ බවට සාධක ඇත. ඔහුගේ එකම පුතු (උපත ක්‍රි.ව.1920 පමණ) කේරලයේ දී උපත ලබා තම පියා සමග අවුරුදු 22 දී වැල්වැටිතුරේට පැමිණ අතීත සිංහල ජනයා ඉවත් වී ගිය ඉඩම් ඉංග්‍රීසීන්ගෙන් එසේ මිලදී ගත් ඉඩම්වල පදිංචි විය. ඔහු යාපනේ මිෂනාරි ඉංග්‍රීසි පාසල් ගුරුවරයකු වූ අතර එහිදී විවාහ විය. එම විවාහයෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන් උපත ලැබීය. ප්‍රභාකරන්ගේ මවගේ පස මාමා වල්ලිපුරම් වේලුපිල්ලායි ද තුරුනෙවල්ලී කෘෂි පාසලක ගුරුවරයක්‌ විය. ප්‍රභාකරන්ගේ පිය පාර්ශවයේ නෑනා වන ජානකී අම්මායි කෝරලයේ තම ඥාතීන් අතර අද දක්‌වා ජීවත් වෙති. ප්‍රභාකරන්, තමිල්නාඩුවේ උපන් මධිවතාන් හා ක්‍රි.ව. 1984 දී විවාහ විය. මෙවැනි දකුණු ඉන්දියානු කේරල ද්‍රවිඩ උරුමයක්‌ ඇති ප්‍රභාකරන් යාපනේ නිජබිම් උරුමයක්‌ ඉල්ලමින් ඊළාම් රාජ්‍යයක්‌ පැතීමට සාධාරණ අයිතියක්‌ ඇති බවත්, එය ආක්‍රමණයක්‌ නොවන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. (ඒ කොටි අල්ලස්‌ නිසාය.) යාපනේ මිෂනාරි ආගමට බැදුණේ වේලුපිල්ලේ නම් ප්‍රභාකරන්ගේ පියාය. මේ අය විසින් උතුරේ ද්‍රවිඩ රාජ්‍යයක්‌ සෑදීමේ ඊළාම් යුද්ධය 1983 සිට 2009 දක්‌වා අවුරුදු 26 පවත්වාගෙන ගියහ. ඒ සඳහා නෝර්වේ/ ඕලන්ද රාජ්‍යයේ ආධාර හා මිෂනාරීන්ගේ ආධාර බිලියන ගණනක්‌ ලංකාව ආක්‍රමණය සඳහා යෙදවීය. අද ද එම නෝර්වේ වෑයම ඉදිරියටත් කරගෙන යනු ලැබේ. ඊළාම් ද්‍රවිඩ රාජ්‍යය ලබා ගැනීමේ දී වෙල්ලාහල හා කරෙයියාර්වරු මරා ගත්හ. යාපනේ නගරාධිපති වෙල්ලාහල දොරේ අප්පා ඝාතනය කළේ කරෙයියාර් ප්‍රභාකරන් විසිනි. කරෙයියාර් ප්‍රභාකරන් හා මඩකලපුවේ මුක්‌කර ගෝත්‍ර කරුණා අම්මාන් ගැටුම, ඩග්ලස්‌ දේවානන්දා හා ප්‍රභාකරන් අතර ගැටුම තවත් දෙමළ කුල අතර සටනකි.


 

No comments: