පූජ්‍ය මාලේවන ධර්මවිජය හිමියන් විසින්ලියුදිවයිනපත්‍රයේ පලවූ අපවත්වි වදාළ අතිපුජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහනාහිමියන්ගේ රාජ්‍ය ආදාහනඋලෙලෙදී මහා සංඝ රත්නයට සිදුවූ අපහසුතාවය පිළිබද ලිපිය සැලකිල්ලෙන් බැලිය යුතු එකකි.
සමරසේකර
උතුම් හර පිරිපුන් දවුල්දෙන උත්තරීතර මහනාහිමියන්ගේ ආදාහන උත්සවයේදී සිදුවූ වරද නිවැරැදි කරමු
අති පූජ්‍ය දවුල්දෙන ඤාණිස්‌සර මහනාහිමියන්ගෙන් සිදුවූ ලෝක ශාසන සේවාව මහාර්ඝය. එය මුළු රටම දන්නා සත්‍යයකි. උත්තරීතර මහනාහිමියන් අපවත් වන්නට මාස හතරකුත් සත් දිනකට පෙර මා පැවිදි වූ අවස්‌ථාවේ මගේ උපාධ්‍යාය හිමියන් ලෙස මට සිවුරු පිරිකර පිළිගන්වමින් "සබ්බදුක්‌ඛ නිස්‌සරණාධී" ගාථා කියන්නට මා මෙහෙයවූ අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්‌සර ස්‌වාමිපාදයන් කෙරේ මා තුළ ඇත්තේ කියා නිම කළ නොහැකි ගෞරවාදරයකි. අති පූජ්‍ය දවුල්දෙන ඤාණිස්‌සර මහනාහිමිපාණන් වහන්සේගේ උතුම් ගුණ සමුදාය පිළිබඳ ගැඹුරු හැඟීමෙන් යුතුව ආදාහන උත්සවයට සහභාගි වූ අප වැනි බොහෝ දෙනකුගේ සිත් වේදනාවෙන් මිරිකුණේ උත්තරීතර මහනාහිමියන් විසින් ඉටුකරන ලද මහා මෙහෙවර ඉදිරියට ගෙන යන්නට කෙනෙක් නැතැයි කියමින් මහනාහිමිපාණන් වහන්සේගෙන් ඇතිවූ හිස් තැන පුරවන්නට කෙනෙක් නැතැයි නැවත නැවතත් කියමින් එයම අවධාරණය කළ ජනාධිපති සිරිසේන මහතාගේ කතාව ඇසීමෙනි. උත්තරීතර මහනාහිමියන්ගේ අපවත් වීමෙන් ඇති වූ හිස් තැන පුරවන්නට කෙනෙක් නැතැයි කියමින් කළ සිරිසේන මහතාගේ කතාව අවසානයේ කළ ප්‍රකාශය හරසුන් කියමනක් වන්නේ එය ආදාහන උත්සවයට සහභාගි වූ සේවයට කැපවුණු අග්ගමහා පණ්‌ඩිත, ආචාර්ය, මහාචාර්ය හිමිවරුන්ටත් ලෝක ශාසන සේවාවන්හි යෙදී සිටින සියලු භික්‍ෂූන් වහන්සේලාටත් කළ නිග්‍රහයක් ද වන හෙයිනි. ආදාහන උත්සවයට සහභාගි වූ උතුම් සමාජ මෙහෙවරකට හැඩගැසෙමින් දීප්තිමත් අනාගතයකට හිමිකම් කිව හැකි සිය ගණන් ළමා, තරුණ භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි කිසිම විශ්වාසයක් බලාපොරොත්තුවක් නැතැයි කීමක් වැනි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය භික්‍ෂූන් වහන්සේලා නොවන සේවයට කැපවුණු බුද්ධිමතුන්ටත් කළ නිග්‍රහයක් බඳුය. සිය ගණන් සාමනේර හිමිවරුන් සිය ගුරු හිමිවරුන් සමඟ ආදාහන උත්සවයට සහභාගි වන්නට වැඩම කළේ මහනාහිමියන්ගේ ජීවිත කතාවෙන් තම ඉදිරි ගමනට වැඩදායක වන්නා වූ අදහස් සමුදායක් රැගෙන යන්නට බවට සැකයක් නැත. එහෙත් බොහෝ භික්‍ෂූන් වහන්සේලාට රජය වෙනුවෙන් අසන්නට ලැබුණේ හිස් මොළ දෙදරවන ශ්‍රවනේJද්‍රියට හානි පමුණුවන කාලතුවක්‌කු වෙඩි හඬ පමණකි.
උත්තරීතර මහනාහිමියන්ගේ ආදාහන උත්සවයට සහභාගි වන්නට සිය ගුරු හිමිවරුන් සමඟ පෙළගැසී වැඩම කළ ශිෂ්‍ය භික්‍ෂූන් කාලතුවක්‌කු වෙඩි හඬින් තිගැස්‌සෙන අයුරු මේ ලිපිය ලියන මම අත්දුටුවෙමි. වෙඩි හඩින් කම්පනයෙන් ඇතැම් හිමිවරුන් අත වූ කුඩා හා වට අතු පවා බිම වැටෙනු මම දුටුවෙමි. එක් වයෝවෘද්ධ හිමිනමකගේ අතින් ගිලිහුණු වට අත්ත අහුලා දුන් මට උන්වහන්සේ තුණුරුවන් සරණ පැතුවේ කාලතුවක්‌කු වෙඩි හඬ නිසා ඇති වූ තිගැස්‌සීමෙන් සසල වූ ස්‌වරයෙනි. බුදු දහම ගැන අවබෝධයක් තබා හැඟීම් සහගත සංවේදී බවක් පවා නැති රාජ්‍ය නායකයන් තමන්ගේ හිස් බව වසාගන්නට භාවිත කළ කාලතුවක්‌කු හඬින් තිගැස්‌සුනේ ළමා, තරුණ, වැඩිහිටි භික්‍ෂූන් වහන්සේලා පමණක් නොවේ. විප්ලවවාදී තරුණ වියේදී බෝම්බ හඬට පුරුද්දක් තිබූ මගේ සිත ද කාලතුවක්‌කු වෙඩි හඬින් තිගැස්‌සිණි. කාලතුවක්‌කු වෙඩි හඬ නැගුණු වාරයක් පාසා සිය ගණන් ගිරවුන්, මයිනන් හා කවුඩන් බියපත් වූ ආකාරය හඟවන හඬ නගමින් නිදහස් චතුරස්‍රය අවට පරිසරය හැර යන අයුරු ආදාහන උත්සවයට සහභාගි වූ බොහෝ දෙනාට දැක ගන්නට ලැබිණි. නිදහස් චතුරස්‍රය අවට පරිසරයේ ලේණුන්, වඳුරන් හා බල්ලන් නොසිටීම ඒ සතුන්ගේ වාසනාවකි. එහෙත් ලක්‍ෂ ගණන් මීමැසි, කණමී මැසි, බඹරාදී කුඩා කෘමි සතුන් කාලතුවක්‌කු වෙඩි හඩින් කම්පනයෙන් මියගිය බවට සැකයක් නැත. උත්තරීතර මහ නාහිමියන්ට රාජ්‍ය ගෞරවය දැක්‌වීම සඳහා දේහය ඔසවාගෙන යන මග දෙපස පෙළගැසී සිටි ත්‍රිවිධ හමුදා සෙබළුන් අවි බිමට පහත් කර හිස් නමා උපහාරය පළ කිරීම හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් ඊනියා රාජ්‍ය ගෞරවයේ නාමයෙන් රාජ්‍ය නායකයන්ගේ හිස් බව ප්‍රකාශ වූ පළමු අවස්‌ථාව දවුල්දෙන ඤාණිස්‌සර මහ නාහිමියන්ගේ ආදාහනයේදී කාලතුවක්‌කු හඬින් පරිසරය ගිඟුම් දෙවීම නොවේ. මේ ලිපිය ලියන මා භික්‍ෂූන් වහන්සේ නමකගේ ආදාහනය නිමිත්තෙන් කාලතුවක්‌කු වෙඩි හඬ නගනු ඇසූ පළමු වැනි අවස්‌ථාව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහනය වෙනුවෙන් කාලතුවක්‌කු හඬින් පරිසරය කම්පණය කිරීමයි. මිනිසුන්ගේත් සිව්පා සතුන්ගේත් ශ්‍රවනේJද්‍රියට හානි පමුණුවන හිතකර කෘමි සතුන් ලක්‍ෂ ගණනින් මිය යන කාලතුවක්‌කු වෙඩි හඬින් උපහාර දැක්‌වීම ගැඹුරු නිහඬතාවය මගින් අවසන් ගෞරව දක්‌වන බෞද්ධකමට නොගැලපෙන්නකි. එයින් පෙනී යන්නේ බෞද්ධ වීරෝධී බටහිර අනුකරණයයි.
සිරිසේන ජනාධිපතිවරයා අති පූජ්‍ය දවුල්දෙන ඤාණිස්‌සර මහනාහිමියන්ගේ අපවත් වීමෙන් ඇතිවූ හිස් තැන පිරවිය නොහැකි යයි අවධාරණය කළ ද ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද හිමියන්ගේ පරිනිර්වාණයෙන් පවා බුදු සසුන හිස් වූයේ නැත. අපේ රටේ ලෝවැඩ සඟරා හා බුදුගුණාලංකාර කළ වීදාගම මෛත්‍රිය හිමියන්ගේ අපවත්වීමෙන් හෝ ශඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අපවත් වීමෙන් හෝ සංඝරාජ සරණංකර හිමියන් අපවත් වීමෙන් හෝ මහා ප්‍රභූ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ අපවත් වීමෙන් හෝ බුදුසසුන හිස් වූයේ නැත. එය බුදු සසුනට හෝ බුදු දහමට පමණක් විශේෂ වුවක් ද නොවේ. මහා විද්‍යාඥ අයින්ස්‌ටයින්ගේ අභාවයෙන් විද්‍යාත්මක චින්තනය හෝ විද්‍යා පර්යේෂණ ක්‍රියාමාර්ගය අවසන් වූයේ නැත. විද්‍යා ක්‍ෂේත්‍රය හිස් වූයේ නැත. ලොව නන්දෙසින් බොහෝ විද්‍යාඥයන් බිහිවී විද්‍යාවේ නව යුගයක් උදාවීමට අයින්ස්‌ටයින්ගේ සේවය අගයමින් කළ විද්වත් දේශන හා අනුස්‌මරණ ලිපි ලේඛන ඉමහත් ආලෝකයක් විය. අයින්ස්‌ටයින් නමැති මහා විද්‍යා චින්තකයාගේ අභාවයෙන් දශක කීපයක් ගතවන විට ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන් ශ්‍රී ලංකාවෙන් ද සිරිල් පොන්නම්පෙරුම, නාසා ආයතනයේ විශාල සේවාවක යෙදෙන සිංහල විද්‍යාඥ ගුණපාල මහත්මා වැනි විද්‍යාඥයන් මෙන්ම ලෝක ප්‍රකට කොන්ක්‍රීට් කුලසිංහ වැනි මහා ඉංජිනේරු ශිල්පීන් ද බිහිවූ බව රහසක් නොවේ. විප්ලවීය සමාජ සංවර්ධනය සඳහා වූ සමාජවාදී චින්තනය කාල්මාක්‌ස්‌ගේ අභාවයෙන් අවසන් වූයේ නැත. මාක්‌ස්‌වාදය ප්‍රායෝගික සමාජ යථාර්ථයක් බවට පත් කිරීමට නායකත්වය දුන් ලෙනින්ගෙන් පසුව ආසියාවටත් ලොවටත් ශක්‌තියක් වූ මාඕ සේතුං, චෞඑන්ලායි හා චූටේ වැනි සිය ගණන් වීරයන් චීනයෙන් බිහිවූ අතර වියට්‌නාමයෙන් හෝචිමිං, වොන්ගියාප් වැනි වීරයන් බිහිවූ බව රහසක් නොවේ. මාක්‌ස්, ලෙනින් හා මාඕසේතුංගේ ආදර්ශය ලතින් අමෙරිකාවේ ක්‍රියාවට නැංවූ පිදෙල් කස්‌ත්‍රොa අමෙරිකා එක්‌සත් ජනපදය ඇතුළු බටහිර සමාජයට අභියෝගයක් විය. චිත්‍ර ශිල්පය, අජන්තා සිතුවම් හා සීගිරි සිතුවම් කළ ආසියානු කලාකරුවන්ගෙන් හෝ ලියනාඩෝ ඩාවින්සි හා මයිකල් ඇන්ජිලෝ වැනි යුරෝපීය කලාකරුවන්ගෙන් අවසන් වූයේ නැත.
අති පූජ්‍ය දවුල්දෙන ඤාණිස්‌සර මහනාහිමියන්ගේ අපවත් වීමෙන් ඇති වූ හිස් තැන පුරවන්නට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි, මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි හා තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමි වැනි ආචාර්ය, මහාචාර්ය, පණ්‌ඩිත හිමිවරු සිය ගණනක් බිහිවී සිටිති. මීට මාස හතරකුත් දින ගණනකට පෙර අති පූජ්‍ය දවුල්දෙන ඤාණිස්‌සර උත්තරීතර මහනාහිමියන් වෙතින් පැවිදි බව ලැබූ මමද මගේ උපාධ්‍යායන් වහන්සේ බවට පත් වී මහා ජාතික ආගමික සාමාජික මෙහෙවරක යෙදෙන්නට වාසනාව උදාවේවා යයි මනා සිහි නුවණින් යුතුව මට ආශිර්වාද කළ මහ නාහිමිපාණන් වහන්සේගේ උතුම් අපේක්‍ෂාව ඉටුකරන්නට කැපවී සිටිමි. වයස එකසිය දෙකක් සම්පූර්ණ කර සිටි උත්තරීතර මහ නාහිමියෝ හැත්තෑපස් වැනි වියේ පසුවූ මා පැවිදි කර මට ආශිර්වාද කළේ සියවසක් ඉක්‌මවා වැඩවෙසෙමින් මහා සමාජ මෙහෙවරක යෙදෙන්නට වාසනාව උදාවේවා· යයි ඉතසිතින් ප්‍රාර්ථනා කරමිනි. පැවිදි වීමේදී මගේ ආචාර්යවරයාණන් වහන්සේ වූ අති පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන් සමඟ මා පැවිදි කරනු ලැබූ පිංකමට සහභාගි වූ අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමි, අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි, අති පූජ්‍ය පිඹුරේ උදිත මහනාහිමි, පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, බෙල්ලන ධර්මපාල පරිවේනාධිපති පූජ්‍ය මාලේවන පුඤ්ඤරතන නාහිමි, බුලත්සිංහල ඥනාලෝක පරිවේනාධිපති නාහිමි, හිත්තැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය අග්‍රහැරෙ කස්‌සප හිමි, පූජ්‍ය හල්වතුරේ අස්‌සජි නාහිමි හා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ආදී කොට ඇති සිය ගණනක් වූ භික්‍ෂූන් වහන්සේලා මට ආශිර්වාද කරමින් පැවසුවේ අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්‌සර මහ නාහිමියන්ගේ ආදර්ශය ඔස්‌සේ ඉදිරියට යන්නට කැපවන ලෙසයි. මා පැවිදි වූ අවස්‌ථාවට සහභාගි වූ ලාබාල වියේ පසුවූ සාමනේර හිමිවරුන් පවා මට ආශිර්වාද කරමින් වජිරාරාම භූමියෙන් පිටවී ගියේ අනාගතය පිළිබඳ සුවිශාල අපේක්‍ෂා, අරමුණු, පැතුම් හිස දරාගෙන බව මගේ විශ්වාසයයි.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
පූජ්‍ය මාලේවන ධර්මවිජය හිමි
|
|
|
|
|
|
No comments:
Post a Comment