Monday, May 1, 2017

කාලෙකට පස්සේ ලංකා e news පත්තරේ අවලාද සහ මඩගැසීම් වලින් තොරව රටටම වැදගත් වන පුවතක් පලකරලා.

කාලෙකට පස්සේ ලංකා e news පත්තරේ  අවලාද  සහ මඩගැසීම් වලින් තොරව රටටම වැදගත් වන පුවතක් පලකරලා. එකත් අප විසින් බැලිය යුතුම ලිපියක් කියලයි මට හිතෙන්නෙ . 


සමරසේකර 

මෛත්‍රී එක කුණු ඇණයක් ගලවා රටට බලපෑ කුණු කඳු භාගයක්ම ඉවත් කරයි..! බොරු වාර්තා දුන් මධ්‍යම පරිසර අධිකාරියේ දූෂිත අධ්‍යක්ෂ ජෙනරාල් ගෙදර..!!


(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.30, පෙ.ව‍.7.30)  මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ ඛෙදවාචකයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මධ්‍යම පරිසර අධිකාරිය තුල වසර ගණනක් පුරා තිබූ කුණු ඇණයක් ගලවා රටටම බලපෑ කුණු කඳු භාගයක්ම ශුද්ධ කර දමා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 
මේ කියන කුණු ඇණය නම් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.එච්. මුතුකුඩ ආරච්චි නමැති දූෂිත රාජ්‍ය නිලධාරියා ය. 
පරිසර ඇමැතිවරයාද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ව්‍යාජ වාර්තාවක් දී හසුවීම මෙකී මුතුකුඩයා ගේ කුණු කුඩය අකුලා දමා එළවා දැමීමට ආසන්න හේතුව වී තිබේ.
දොම්පේ පිහිටි කසල රඳවනයට ජනතාව එරෙහි වන විට එම රඳවනය අනුමත කළ මධ්‍යම පරිසර අධිකාරියෙන් ඒ පිළිබඳ වාර්තාවක් වහාම දෙන්නැයි ජනාධිපතිවරයා නියෝග කර තිබේ. එවිට ඒ පිලිබඳව පරිසර අධිකාරිය ලබා දුන් වාර්තාව අධ්‍යයනය කරද්දී ජනාධිපතිවරයාට තේරුම් ගොස් ඇත්තේ මෙකී වාර්තාව වැරදි රාශියකින් සමන්විත බවයි. ඒ පිලිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි විමසන ලදුව ඔහු පවසා ඇත්තේ තමන් එම වාර්තාව ගැන කිසිවක් නොදන්නා බවත් එය සකස් කෙළේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.එච්. මුතුකුඩ ආරච්චි බවයි. එසේ නම් වාර්තාවේ සඳහන් වැරදි තොරතුරු ගැන ඔහුගෙන් විමසන්නැයි ජනාධිපතිවරයා සභාපතිවරයාට පවසා තිබේ. 
සභාපතිවරයා මුතුකුඩගෙන් ඒ ගැන විමසද්දී දූෂිත මුතුකුඩයා මහාචාර්ය ධර්මසිරිට අමු තිත්ත කුණු හරුපයෙන් බැන වැදී ඇත. වැරදි වාර්තාවක් ජනාධිපතිට දීමත් සභාපතිවරයාට අමු තිත්ත කුණු හරුපයෙන් බැන වැදීමත් හේතු කරගෙන ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කේ.එච්.මුතුකුඩආරච්චි නමැති පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් දක්වා ඇණී තිබූ කුණු ඇණය ගලවා ඉවත් කර ඇත.
ජිෆී නමැති පරිසර නාශක නෝර්වේජියානු කර්මාන්ත ශාලාව විසින් දැදුරු ඔයට කැල්සියම් නයිට්‍රේට් විෂ සහිත ජලය මුදා හරින බවට සියළු සාක්ෂි සාධක සහිතව ලංකා ඊ නිව්ස් ද ඇතුළු මාධ්‍ය කලක් තිස්සේ හෙළිදරව් කරද්දී එ් සියල්ල යටපත් කිරීම සිදුකෙළේ කුරුණෑගල පරිසර ප්‍රධානියා වූ සමන් සේනානායක සමග එක්වූ මෙකී දූෂිත මුතුකුඩ ආරච්චි නමැති අධ්‍යක්ෂ ජෙනරාල් ය. ජනාධිපතිවරයා පවා සමන් සේනානායක ගැන ප්‍රශ්න කරද්දී ඔහු බේරා ගැනීමට ව්‍යාජ කතා ගොතා කීවේ මෙකී මුතුකුඩ ආරච්චිය. මහා පරිමාන කර්මාන්ත කරුවන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ ලංකාවේ කර්මාන්ත අරඹද්දී ඔවුන්ගේ අවකල් ක්‍රියා වලට අනුමැතිය ලබා දෙමින් වරදාන වරප්‍රසාද පමණක් නොව අරක්කු කාලට පවා යට වී රටට විනයක් කිරීමේ ප්‍රධාන චරිතයක් වූයේ මෙකී මුතුකුඩආරච්චිය.
සත්‍ය වශයෙන්ම මේකා ලංකාවේ පරිසරයට කළ හානිය ගැන (ජනාධිපති දැන ගැනීමට පමා වුවද) රටේ සිටිනා ගැඩවිලා පවා දන්නා බැවින් මොහු මිය ගිය කළෙක පණුවන් ගසන්නේ නැති බව නම් කැට තබා කිව හැකිය.
කුණු ඇණයක් වූ පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් මුතුකුඩ ඉවත් කළ ටියුබ් ලයිට් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ද කිව යුත්තේ පහත කරුණු පිලිබඳවද  සොයා බලා තමන්ගේ පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියේ ඉතිරි කුණු ටිකද ශුද්ධ කරන ලෙසයි. තමන් විධායක බලතල යොදවන්නේ පරිසරය ආරක්ෂා කිරීමට යයි කියා ඇති බැවින් ජනාධිපතිවරයාට මේවා කළ හැකි ය.

⦁    ජනතා මුදල් මිලියන ගණනක් වියදම් කර ක්‍රියාත්මක කළ අසාර්ථක ‘පිලිසරු ව්‍යාපෘති‘ වල් වැදීමට ඉඩ හැර සියළු කුණු  සාමාන්‍ය පරිසරයට බැහැර  කරන තෙක්  ඇස් පියා ගෙන  සිටි අනෙක් අධ්‍යක්ෂ වරුන් ගැනද සොයා බලන්න.

⦁    ‘පිලිසරු ව්‍යාපෘති‘ අසාර්ථක  කළ  අධ්‍යක්ෂවරුන්ට  බත්තරමුල්ලෙන් සුපිරි නිවාස ලැබුනේ කෙසේදැයි සොයා බලන්න
⦁    ‘පිලිසරු ව්‍යාපෘති‘ අසාර්ථක  කළ  අධ්‍යක්ෂවරුන්ට  පොළොන්නරුවෙන්  විශාල ඉඩම් ලැබන්නේ කෙසේදැයි සොයා බලන්න.
⦁    ‘පිලිසරු ව්‍යාපෘති‘ වලට සුදුසුකම් නොලත් ඉංජිනේරුවන් බඳවා ගත්තේ කොහොමදැයි සොයන්න
⦁    අදාල ඉදිකිරිම් වල කොන්ත්‍රාත් ගත්තේ කවුදැයි සොයන්න. වහලය ගැහැව්වේ කුමන  සමාගමෙන්ද ඒවා දුන්නේ කෙසේදැයි සොයන්න.
⦁    මේ කාලය තුල කසල වලට සම්බන්ධයක් නැති මානව සම්පත් අධ්‍යක්ෂ ජනරාල්  කසල කළමනා කරනයට රට ගියේ අහවල් මගුලකටද? එය ඔහුගේ විෂයට අදාල වුයේ කොහොමදැයි සොයන්න.
⦁    කසල කලමණා කරනය අධ්‍යයනය කිරීම සඳහා මහජන මුදල් කාබාසිනියා කරමින්  ජපානයට හා කොරියාවට  ගිය අය දැන් මොකද කරන්නේ යැයි සොයා බලන්න..
⦁    පොලොන්නරුව  තමන්කඩුව‍ ‍/ කැකිරාව ගනේ වල්පොල /  හොරන /  මාවනැල්ල  / අම්බුළුවාව  කුණු කන්ද / සහ නුවර  ගුහාගොඩ කසල කළමනාකරන  වැඩසටහන්වලින්  ගොඩ ගිය අය  අද සිටින්නේ කොහිද? හා එම කසල කළමනාකරන  මධ්‍යස්ථානවල වත්මන් තත්වය කුමක්දැයි සොයන්න.
⦁    සබරගමුව හා මධ්‍යම පලාත්වල  පිහිටි දිය ඇලි සියල්ල කුඩා ජල විදුලි බලාගාර සමාගම් වලට ප්‍රසිද්ධියේ විකිණූ හිටපු මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂවරු ගැන සොයා බලන්න.
 ⦁    කෑගල්ලේ  පිහිටි මධ්‍යම පරිසර අධිකාරියට එලිපිටම රු. මිලියන 3 ක් වටිනා භාන්ඩ  හා උපකරණ ලබා දුන්නේ කව්ද? ඒ අල්ලස් ලෙස නොවේද? රාජ්‍ය ආයතනයක් එලෙස අල්ලස් ලබා ගැනීම සඳහා ඇත්තේ කුමන නීතියක්ද? මේවාට දඬුවම් නැතිදැයි සොයා බලන්න.. 

No comments: