ශ්‍රී ලංකාව බෙදීමට ලක්කෙරෙන ආකාරයේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඊට විරුද්ධව සටන් කිරීමට සූදානම් බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. මහින්ද රාජපක්ෂ මහතා මේ බව කීවේ අද (1 වැනිදා) කොළඹ ගාලු මුවදොරදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය අමතමිනි. 
 
“රට බෙදන ව්‍යවස්ථාව ගේනකොට තමයි ජනතාව පාරට බහින්නේ කියන එක අපි පැහැදිලිව කියනවා. එදාට තමයි බටහිර උපසෙද් අනුව වැඩ කරන බෙදුම් වාදීන් ජාතිවාදීන් සතුටු කරන මේ ආණ්ඩුවට අපි පාඩං උගන්වන්නේ“
 
“අපි රට පාවා දෙනකම් බලං ඉන්නවාද? අපි ඒකට විරුද්ධව මොනවද කළ යුත්තේ? ඔව් සටන් කරන්න අපි සූදානම්“ යයි මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 
 
“ඡන්දෙ දුන්නේ ත්‍රිකුණාමලය වරාය විකුණගෙන කන්න නොවෙයි. වරාය විතරක් නොවෙයි, තෙල්ටැංකි විතරක් නෙමෙයි මුළු සාම්පූර්ම විකුණගෙන කන්න. මේකට කියනවා වෙන්දේසි සහ බන්දේසි ආණ්ඩුවක්..මෙයාලා රටේ ජාතික සම්පත් රැසක් විනාශ කරමින් සිටිනවා. අපේ ආණ්ඩුව මේ රටට දායාද කළ වරාය දෙන්න යනවා. මාදුරුඔයෙනුත් දෙන්න යනවා. තව තැන් කිහිපයක් මෙයාලා හදුනගෙන තියෙනවා දෙන්න. දකුණෙ විතරක් නෙමෙයි උතරෙත් දෙනවා. එතොකට තමයි උතුරෙ අයටත් මතක් වෙන්නේ“ යයි කී හිටපු ජනාධිපතිවරයා....
 
“අපේ වටිනාම වස්තුවක් ත්‍රිකුණාමල වරයා. ඒ භූමිය සම්පූර්ණයෙන්ම දෙනවා. එස්ඩබ්ලිව් ආර්ඩී බණ්ඩාරනායක මහත්තයා බ්‍රිතාන්‍ය ගිවිසුම කැන්සල් කරලා රැක ගත්ත ත්‍රිකුණාමලය පාවා දෙන්නද ශ්‍රීලනිප ජනතාව ඡන්දය දුනනේ?“ යයිද විමසීය. 
 
ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය. 
 
“මේ රටේ කම්කරු ජනතාවට වැඩ කරන ජනතාවට ඓතිහාසික මැයි දිනයක් බවට මේ මැයි දිනය පත් වෙලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන මැයි දිනයක් අද පවත්වන්නේ“
 
“වෙන්දේසි කාර කොන්ත්‍රාත්කාර ආණ්ඩුවේ අවසානය තීන්දු කරන මහා මැයි දිනය අදයි. රට වනසන හොර නඩය පන්නා අලුත් ආණ්ඩුවකට පාර කපන මැයි දිනය අදයි.  ඔබ මේ රැස්වී සිටන ගෝල්ෆේස් පිට්ටනිය වටවී තිබෙන්නේ අලුතින් එකතු වූ භූමියකින්. වරාය නගරය අද වෙනකොට වැඩ අවසන්, වැඩ අතරමග නතර කළේ නැති නම්. අපෙන් පළි ගන්න ඒ ව්‍යාපෘතිය නතර කළා.
 
බලපෑම නිසා අයෙත් පටං අරං“
“වැසිකිලියට යන්න ඕන වුණාමත් මේ කට්ටිය ණය බර කිය කිය යන්නේ. මේවා හැදුවට පස්සේ අපි හදපුවා කිය කියා විවෘත කරයි.“
“මෙච්චර දෙයක් රටට කළ අපට අභියෝග කළා ගෝල්ෆේස් පිට්ටනිය  පුරවන්න කියා. මට 4.00 ට විතර කතා කරලා කිව්වා අපිට යන්න අවසර කියලා. මොකද මේකේ හිරවෙලා හුස්ම හිරවෙලා මැරෙයි කියලා“
 
“මේ පැත්තෙන් කොල්ලුපිටිය ඉන්න අයට එන්න බෑ. මොන මර්දනය හමුවේ වුණත් අපි මේ අභියෝගය බාර ගත්තා. මීට වඩා ලොකු අභියෝග අපි බාර අරගෙන තියෙනවා. විමල්ලව, මහින්දානන්ද, ජොනී, ගම්මන්පිල අපේ සහෝදරවරුන් රිමාන්ඩ් කරලා බය කරනවා. බිරින්දෑවරු අරගෙන යනවා. රාජ්‍ය නිලධාරීන් ගෙනුත් ප්‍රශ්න කරනවා. සිල් රෙදි බෙදුවයි කියා ජනාධිපති ලේකම් ඇතුළු පිරිසට නඩු දාලා. බුද්ධි අංශ නායකයන් හිරේ දාලා“
 
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධයන්ගේ ආසන සංවිධායක කම් නැති කළා. හැකියාව තියෙන අය පන්නලා නොහැකියාව රජ කරන යුගයක්“
 
“හැබැයි මේ රැළියෙන් පේනවා නේද පන්නන්න පන්නන්න කොතනටද එකතු වෙන්නේ කියලා. එක මයිලක්වත් හොලවන්න පුළුවන් වුණේ නෑ. අපි භියෝගය බාරගත්තා වගේ නෙමෙයි අපි කරන අභියෝගයත් බාර ගන්න ඕනෑ. 
 
“අපි උඹලගේ අභියෝගය බාර ගත්තා. අපි උඹලට කියනවා පුළුවන්නම් පළාත් පාලන මැතිවරණය තියලා පෙන්වපං කියලා. ඡන්දය කියනකොට මේ ආණ්ඩුවේ කකුල් ගැහෙනවා. ඒ නිසා ඡන්දය කියන එක මතක් කරන්නවත් එපා. දැන්නං ඉතිං තියන්නෙම නැත. එතොටක තමයි විමල්, වාසු කිව්ව වැඩේට අපි බහින්නේ කියන එකත් අපි බොහොම පැහැදිලිව කියනවා“
 
“2015 අගෝස්තුවේ කළ දේශපාලන පාදඩ වැඩේ ආයෙත් වතාවක් කරන්න බැහැ කියා එයාලා දන්නවා“
“2015 අපිට ඡන්දෙ දුන්නේ යූඇන්පී ආණ්ඩුවක් හදන්න නෙමයි. ඒකාබද්ධයේ කකුලෙන් අදිද්දි, අපිට ඡන්දෙ දීලා දිනපු මිනිස්සු ටික වෙනුවෙට පෝලිමේ ඉන්නේ නැතිව පැරදිච්ච මිනිස්සුන් ආණ්ඩුව ඇතුළට අරගෙන ඇමැතිකං දීලා මේ අය කටයුතු කළා.“
 
“දින 100ක් කාලය තුළ කරපු මහ බැංකුව මංකොල්ල කාලා. අපි ගත්ත ණය නිසා නෙමෙයි අර මංකොල්ලය නිසයි අද රට දුක් විඳින්නේ. ජනාධිපති බලය යොදවලා කළේ මෙව්වා නේද? ඒ හොරකං කළ අය ආරක්ෂා කළා. ජනතාවට එපා වුණු මිනිස්සු ලැයිස්තුවෙන් ගත්තා. මොකක්ද ශ්‍රීලනිපයට වෙලා තියෙන්නේ? ජනමතයත් අයිතියත් තුච්ච විදියට පාගලා දැම්මා“
 
“කවුද මේ රටේ ජනතාවට ද්‍රෝහි වුණේ? කවුද? මේ රටේ ඡන්දය ජනතාවගෙන් මංකොල්ල කෑවේ“
“ලේකම්ගේ සිට ඔක්කොම අස් කරලා. විරුද්ධ පක්ෂෙවත් දුන්නේ නෑ. විරුද්ධ පක්ෂේ දුන්නේ 16 කට. සංවිධායක කම දුන්නේ 6 කට. අපිට 52 ක් ඉන්නවා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය“
 
“ඡන්දෙ දුන්නේ ත්‍රිකුණාමලය වරාය විකුණගෙන කන්න නොවෙයි. වරාය විතරක් නොවෙයි, තෙල්ටැංකි විතරක් නෙමෙයි මුළු සාම්පූර්ම විකුණගෙන කන්න. මේකට කියනවා වෙන්දේසි සහ බන්දේසි ආණ්ඩුවක්“
 
“මෙයාලා රටේ ජාතික සම්පත් රැසක් විනාශ කරමින් සිටිනවා. අපේ ආණ්ඩුව මේ රටට දායාද කළ වරාය දෙන්න යනවා. මාදුරුඔයෙනුත් දෙන්න යනවා. තව තැන් කිහිපයක් මෙයාලා හදුනගෙන තියෙනවා දෙන්න. දකුණෙ විතරක් නෙමෙයි උතරෙත් දෙනවා. එතොකට තමයි උතුරෙ අයටත් මතක් වෙන්නේ“
 
“අපේ වටිනාම වස්තුවක් ත්‍රිකුණාමල වරයා. ඒ භූමිය සම්පූර්ණයෙන්ම දෙනවා. එස්ඩබ්ලිව් ආර්ඩී බණ්ඩාරනායක මහත්තයා බ්‍රිතාන්‍ය ගිවිසුම කැන්සල් කරලා රැක ගත්ත ත්‍රිකුණාමලය පාවා දෙන්නද ශ්‍රීලනිප ජනතාව ඡන්දය දුනනේ?“
 
“මේ මහා පාවාදීමට හවුල් වෙන එකටද සංහිඳියාව කියන්නේ. පිටරට විජාතිකකරණය කරන්න, රට විකුණන එකටද සංහිඳියාව කියන්නේ“
 
“මේ වැඩබිම විනාශ කරලා. ගොවියෙක් ඇවිත් හිටියා මං දැක්කා. ගොවියා ඉවරයි. පෝර ටික නෑ. මව්බිම විකුණලා දාලා. මහබැංකුව, රේගුව, වරාය අධිකාරිය, විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාවට මොනවද කරන්න යන්නේ?
 
“අපේ රටේ ජනතාව තියා මේ ආයතන බාර ඇමැතිලවත් ද්නනේ නෑ මේවට මොනවද වෙන්නේ කියලා. සඟ වෙද ගුරු ගොවි කම්කරු රණවිරු විතරක් නොවෙයි ශිෂ්‍ය අරගල, ස්වයං රැකියා කරන අය මේ ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයෙන් බැට කනවා. උන්ට පන්දං අල්ලන්නේ නැති ජනමාධ්‍යයටත් අද තර්ජනය. ඒක තමයි ඇත්ත“
 
“අයිතිකාරයන්ට ගෙන්වලා බනිනනවා. තර්ජනය කරනවා. අපේ කාලයේ නම් එල්ටීටීඊ තර්ජන තිබුණු නිසා වෙඩි නොවදින වාහන ගෙනාවා. ඇත්ත. අගමැති ජනාධිපති සිරිසේනලා ඔය ඔක්කොමටම දුන්නා මම කාර්. නොදුන්නේ නෑ. මෙතනට ආපු ආබාධිත රණවිරුවන්ට ගහලා පන්නකොට ඇස් පොට්ට වෙන්න ගනකොට ගේන්න වෙන්නේ වෙඩි නොවදින කාර් නොවෙයි.  වැහි නැති හෙන නොවදින කාර්. ඒකයි මේ ආණ්ඩුවේ වෙනස“
 
“නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරනු කියා බෝඩ් එකක් තියෙනවා මං දැක්කා. අද අධිකරණය මනසින් නෙමෙයි වැඩ කරන්නේ කියා විනිසුරුවරයෙක් කියනවා“
 
“සමහර අධිකරණවල තීන්දු ගන්නේ අධිකරණ මනසකින් නොවන බව ඉහළ අධිකරණවල විනිසුරන්ගේ මතය. මේක අපි කියන්න ඕනා. අධිකරණ මනසෙන් කරුණාකරලා තීන්දු ගන්න. දුරකතනවලට බලපෑම්වලට යට වෙන්න එපා කියලා අපිට මතක් කරන්න ඕනෑ.“
 
“උතුරු නැගෙනහිර දෙපළාත අරගෙන බලන්න. උතුර විතරක් තියෙන ටීඑන්ඒ එකටනේ විපක්ෂය තියෙන්නේ. උතුරට දුම්රිය දුන්න එක ගැන පරීක්ෂණ කරනවා. අපේ ලේකම්තුමාගෙන් පැය තුනක් ප්‍රශ්න කළා. මේවා අපි කළා. මේ යටිතල පහසුකම් සීඝ්‍රයෙන් වර්ධනය කළා. ඒත් අපි ජාතිවාදයෝ. මේ බොරු ප්‍රචාර වලට එදා කොටසක් යට වුණා. අයෙත් රැවටෙන්නේ නෑ. උතුරේ ජනතාවට මොනවද ලැබුණේ? දුන්නු පොරොන්දු ඉටු කළාද? ඔවුන්ට නිදහස දුන්නේ අපි“
 
යයි කී මහින්ද රාජපක්ෂ මහතා දෙමළ භාෂාවෙන්ද සිය අනුගාමිකයන් ඇමතීමට අමතක නොකළේය. 
 
“අද විදේශ ඇමැතිවරයා ගිහින් පොරොන්දු දෙනවා. අතුරුදන්වූවන් ගැන පනතක් ගෙනාවා. අතුරුදන් වුණු කෙනා හම්බුණොත් එයාගෙන් අවසරයක් නැතිව එයා ජීවත් වෙලා කියලා අපට තහවුරු කරන්න බැහැ කියලා“
 
“දැන් 07 වැනිදා තවත් පනතක් ගෙනල්ලා. වෙඩි තියපු කෙනාට පමණක් නොවෙයි, බලං හිටපු, අණදුන්නු අයට විතරක් නෙමෙයි අන්තිමට මටත් වග කියන්න වෙනවා. එයාලා කියනවා අපි රෝම ප්‍රඥප්තියට අත්සන් කළේ නෑ කියලා. ඒ රට අත්සන් කරලා තියෙනවා නම් අපිව ගෙන්වන්න ඒ රටට පුළුවන්. අපිව පන්නන්න මේ රටට පුළුවන්“
 
“කොහොමද ආණ්ඩුවේ ටිකිරි මොළේ? මේකට ඉඩ දෙනවද? රණවිරුවන් යුද අපරාධ අධිකරණයට ගෙනියන් ඉඩ දෙනවද? ඒක තමයි අද තියෙන්නේ“ 
 
“මේ පනත ගේන්න දෙන්න බෑ දිනේෂ්. මේක නතර කරන්න. අපි නායකයන්ට කියනවා මේ පාවාදීම කරන්න එපා. එයාලට පිනුම් ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රට නිදහස් කර ගන්න නිසාය කියා අමතක කරන්න එපා සිරිසේන.“
 
“දැන් හනුමා පාලමක් දානවා. හනුමා පාලමක් ගැන කතා කරනවා. පාලමක් හදනවාද ඇහුවාම අනං මනං විහිලු කරලා උත්තරේ මග අරිනවා.“
 
“ඉන්දියාවේ මහා මාර්ග ඇමැති කියනවා අපි සාකච්ඡා කළා කියලා. මම කියනවා මේ ආණ්ඩුවට 99 අවුරුද්දකට මිනිස්සුන්ට බන්දලා නෑ. නූපන් දරුවන්ට අයිති දේපොළ රාජසන්තක කරලා අනුන්ට විකුණන්න කිසිම අයිතියක් මේ ආණ්ඩුවට නෑ. බලය දීලා නෑ“
 
“අවුරුදු පහකට බලය අරගෙන ඒ අවුරුදු පහ තුළ අවුරුදු ගණනාවකට ඉපදෙන පරම්පරාවකට ඒ අයිතිය උදුර ගන්න මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ. භූමිය විකුණනවා විතරක් නෙමෙයි එට්කා ගිවිසුම, මේ රටේ උපාධිධාරියාට, ශිෂ්‍යයට කම්කරුවට අයිති රැකියා ටික සේවා ආර්ථිකය බරපතල අනතුරක හෙලන්න මේ ආණ්ඩුව සැරසෙනවා. ආණඩුවේ නායකයන් විදේශගතවන වාරයක් පාසා අපේ ජනතාවගේ හදවත ගැහෙනවා බයේ. මොකද මොන හෝ ගිවිසුමක් ගහලා කොයි වෙලාවේ රට පාවා දෙයිද කියා හිතෙනවා“
 
“ඩීඑස් සේනානායක මැතිතුමාගේ නායක්තවය එක්ක ඉදිරි ගමනක් රටට නැහැ කියලා තමයි බණ්ඩාරනායකලා ඩී.ඒ. රාජපක්ෂලා මැද මාවතේ ශ්‍රීලනිපයක් හැදුවේ යූඇන්පියත් එක්ක ගමනක් නෑ කියලා. ඒ හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් එක්ක ගිහින් එකතු වෙලා ඉන්න දේශපාලන විහිළුව ගැන අපට කණගාටුයි“
 
“මේ ආප්පයා තමයි ඒවා කරන්නේ. මම ඉතිං එතුමාට එහෙම මුකුත් එහෙම කියන්න යන්නේ නෑ. එතුමාට ඕනෑ ජනාධිපති වෙන්න නම් මොනවා හරි දීලා වෙන්න එපායැ ඉතිං“
 
“එහෙම තනතුරක් ගන්න කෑදරකමක් ආවම මොනවද පාවලා දෙන්න බැරි? අපේ ගම්වල තියනවානේ කියමනක් ‘පාවා දෙයි‘ කියලා. ඒවගේ තමයි“
 
“ඒවා ගැන මම දැං කියන්නේ නෑ.  දැවැන්ත පක්ෂයක් හතර ගාතෙන් වට්ටලා ඉවරයි සිරිසේන උන්නැහේ. මේ පක්ෂය විනාශ කරලා බලය පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ කාටද? මේක කාගේ උවමනාවද?“
 
“මේ රත්වත්තේලා, ජනකලා  ඊයේ පෙරේදා අස් කළා. මොකක්ද මේ කරන්නේ? මේ කාගේ උවමානවද? සිරිකොතේ උවමනාව මිසක් වෙන මොකක්ද? මේ පූට්ටු ආණ්ඩුවේ ලැගලා ඉන්නේ නැතිව අපිත් එක්ක එකතු වෙන්න කියා මම කියනවා“
 
“රට බෙදන ව්‍යවස්ථාව ගේනකොට තමයි ජනතාව පාරට බහින්නේ කියන එක අපි පැහැදිලිව කියනවා. එදාට තමයි බටහිර උපසෙද් අනුව වැඩ කරන බෙදුම් වාදීන් ජාතිවාදීන් සතුටු කරන මේ ආණ්ඩුවට අපි පාඩං උගන්වන්නේ“
 
“අපි රට පාවා දෙනකම් බලං ඉන්නවාද? අපි ඒකට විරුද්ධව මොනවද කළ යුත්තේ? ඔව් සටන් කරන්න“
“අපි උතුරු නැගෙනහිර එක්සේසෙත් කරලා ගම් නියංගම් කළමනාකරණය කළා. මිනිස්සුන්ට පිරිසිදු දියුණුවන රටක් දුන්නා. මේ ආණ්ඩුවට කුණුටිකවත් කළමනාකරණය කර ගන් බැහැ“
 
“අහලා තියෙනවද කුණු කන්දක් කඩාගෙන වැටිලා මිනිස්සු මැරුණු රටක් ගැන. එහෙම එදයක් වෙච්ච ලෝකයේ එකම රට මේ ශ්‍රී ලංකාවයි. මේ ආණ්ඩුවයි. ඒක කරගන්න බැරි ආණ්ඩුව අපට අභියෝග කරනවා සෙනඟ ගෙනත් පෙන්වන්න කියලා“ යයි කී මහින්ද රාජපක්ෂ මහතා “මේ ආණ්ඩුව ඉතාම ඉක්මනින් ගෙදර යවන වැඩ පිළිවෙළ වඩ වඩාත් ශක්තිමත් කර ගනිමු“ යයි කියමින් සිය කතාව අවසන් කළේය.