Monday, May 15, 2017

රණවිරුවා දංගෙඩියට යවා බාල් නැටීම හෙවත් ආණ්‌ඩුවේ රණවිරු සුබසාධනය - රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර


රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා දිවයින පත්‍රයේ පල කල මෙම ලිපිය බලමු. අපේ සල්ලි වලින් පඩි ගෙවන්නේ මෙහෙම බලු පොලිසියකටද ?

සමරසේකර 







රණවිරුවා දංගෙඩියට යවා බාල් නැටීම හෙවත්

ආණ්‌ඩුවේ රණවිරු සුබසාධනය
පසුගියදා ජනාධිපතිතුමා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා ප්‍රගති සමාලෝචනයක්‌ පැවැත්වූ බවත් එහිදී හමුදා, පොලිස්‌, සිවිල් ආරක්‍ෂක බලකා සුබ සාධනය ගැනද සාකච්ඡා කළ බවත් පුවත්පත්වල පළවී තිබුනි .




ඇත්තෙන්ම සේනාධිනායක ජනාධිපති සිරිසේන, තමන් බලයට පත්වූදා සිට සහ වර්තමාන රජය බලයට පත්වූදා සිට රට බේරාගත් රණවිරුවන් නිර්දය ලෙස දඩයමට ලක්‌වන ආකාරය නොදැන මෙවන් රැස්‌වීම් පවත්වන්නේද? එසේ නැතහොත් ඒ බැව් හොඳාකාරව දැනගෙන ජනතාව රැවටීමට එසේ කරන්නේදැයි නොදනිමි.








මන්ද සත්‍ය තත්ත්වය, එනම් යථාර්ථය වනුයේ අද, විශේෂයෙන්ම ත්‍රස්‌තවාදීන්ට එරෙහිව කළ යුද්ධයේ ජයග්‍රහණයට දායක වූ හමුදා, පොලිස්‌ සාමාජිකයන් ඉතාම පිළිකුල් සහගත ලෙස පාවාදීමට ලක්‌වීම සිදුවන බැවිනි. තත්ත්වය එසේ තිබියදී ජනපති විසින් වරින්වර රණවිරුවන්ට එම දරුවන්ට ඉඩම් ශිෂ්‍යත්වයන් ප්‍රදානය කරන විට එම ක්‍රියාවලිය උක්‌ත යථාර්ථය වසන් කිරීමට ගන්නා බාල වෑයමක්‌දැයි කෙනෙකුට සිතීමට ඉඩ තිබේ.

එසේම ඉහත සඳහන් රැස්‌වීම්වලදී ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්‌පති විසින් තම තමන්ගේ ආයතනවල සාමාජිකයන්ට වන අතිශය බරපතළ අසාධාරණය ගැන ජනාධිපතිතුමා දැනුවත් නොකිරීමද බරපතළ වරදක්‌ සේ දකිමි. එසේ නොකරන විට හමුදා/පොලිසිය තුළ අසහනය වර්ධනය වීමට ඉඩ තිබෙන අතර පසුගියදා සිරිකොතේ දේශපාලන ලාංඡනයට වෙඩි තබන පොලිස්‌ කොස්‌තාපල්වරයා හෙට දින දේශපාලනඥයාට වෙඩි තැබීමට ද ඉඩ තිබේ. එවන් දෙයක්‌ වැළැක්‌වීමට නම් රණවිරුවාගේ සුබසාධනය කළ යුත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙනි.

රණවිරු දඩයමේ මෑතම සිද්ධිය වනුයේ යාපනයේ ඉහළ උසාවි විනිශ්චයකරු විසින් පොලිස්‌ නිලධාරීන් 6 කට මැයි 4 වන දින වසර 10 ක සිරදඬුවම් දීමයි. 2011 වර්ෂයේදී චුන්නාකම් පොලිසියට අනුයුක්‌තව සිටි මෙම පොලිස්‌ නිලධාරීන් ලක්‍ෂ 30 පමණ සොරකමක්‌ අනාවරණය කොට එයට සම්බන්ධ සැකකරුවන් 5 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් එකෙක්‌ අත්අඩංගුවෙන් පැන යද්දී වැවක ගිලී මියගොස්‌ ඇත. මොහු එල්ටීටීඊ ක්‍රියාකාරිකයෙකු යෑයි සනාථ වනුයේ එදා මහා වීර දිනයක කෙරුණු අවමඟුලේදී ඔහුවද වීරයෙකු සේ සලකා අවසන් කටයුතු කළ බැවිනි.

මේ සම්බන්ධ නඩුව 2012 දී මල්ලාකම් විනිසුරුකරු විසින් අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සාක්‍ෂි සහ රහස්‌ පොලිසිය විසින් ගන්නා ලද සාක්‍ෂි 28 ක්‌ද සලකා බලා මෙය ස්‌වාභාවිකව දියේ ගිලී වූ මරණයක්‌ බවට තීන්දු කොට නඩුව අවසන් කොට ඇත.

නමුත් වර්තමාන රජයේ රණවිරු විරෝධී ප්‍රතිපත්තිය නිසාදොa එම සිද්ධිය නැවත මල්ලාකම් උසාවියේදී මතුකොට නීතිපති වෙතට යොමු කිරීමෙන් පසුව සති 2 ක්‌ වැනි ඉතා කෙටි කාලයක්‌ තුළ කුමාර් රත්නම් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් දෙන ලද උපදෙස්‌ පරිදි ගිය වසරේ ඔක්‌තෝබර් මස එම පොලිස්‌ නිලධාරීන් අත්අඩංගුවට ගෙන මේ වසරේ මැයි 4 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇප නොදී රඳවා එදින ඉහත සඳහන් ලෙස වසර 10 ක සිරදඬුවමකට යටත් කරන ලදී.

තීන්දුවක්‌ දී අවසන් කළ නඩුවක්‌ නැවත මේ රජය යටතේ මතු කරන්නේ රජයේ රණවිරුවා පාවාදෙන ප්‍රතිපත්තිය නිසා නොවේනම් වෙන කුමක්‌ නිසාද?

ත්‍රිවිධ හමුදාවට නායකත්වය දෙන සේනාධිනායක ලෙස ජනාධිපතිතුමාට අප මීට පෙර වරින්වර ලිපි මගින් අද රණවිරුවා පත්වී ඇති ෙ€දනීය තත්ත්වය පෙන්වාදී තිබේ. මේ රජය බලයට පත්වූ වහාම ත්‍රස්‌තවාදය මැඬලීමට ඉතා සුවිශේෂී මෙහෙවරක්‌ කළ රණවිරු බුද්ධි බළකායේ නිලධාරීන් 11 ක්‌ අභූත චෝදනාවක්‌ මත මාස 13 කට අධික කාලයක්‌, වේතනය පවා අහිමිකොට, අත්අඩංගුවේ තබන ලදී.

ඔවුන්ව පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ වන අතර දින 60 කට අධික කාලයක්‌ කිසිදු ඥතියෙකුට බැලීමටවත් නොදී රඳවා ප්‍රශ්න කොට ඇත. ත්‍රස්‌ත විරෝධී පනත යටතේ මොවුන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යෑයි පෙන්වා දුන් විට පොලිසිය විසින් එම වරද පිළිගන්නා ලදි.

එහෙත් ඒ වන විට හානිය සිදුවී හමාරය. රණවිරු සුබසාධනය ගැන උනන්දු වන ජනාධිපතිවරයා විසින් මේ බව දත යුතුවේ. ඒ බැව් ජනපතිට දන්වා එය නිවැරදි නොකිරීම සම්බන්ධ වගකීම ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් භාර ගත යුතුවේ. මේ සම්බන්ධයෙන් සිදුවූ තවත් පිළිකුල් සහගත දෙයක්‌ තිබේ.

මෙම බුද්ධි නිලධාරීන් සිටියේ රක්‍ෂිත බන්ධනාගාරයේය. එනම් ඔවුන් සැකකරුවන් පමණි. ඔවුන්ගේ සමහරක්‌ සිටියේ බන්ධනාගාර රෝහලේය. ඒ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මතය. එවිට රහස්‌ පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ මොවුන් රෝහල්ගත වීමට මුල්වූ රෝගය කුමක්‌ද කියා විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසන ලෙසය. මෙය කෙතරම් පහත් දෙයක්‌ද? රක්‍ෂිත බන්ධනාගාරගත කළ පසු සැකකරු අයත් වන්නේ බන්ධනාගාර නිලධාරීන්ට මිස පොලිස්‌ නිලධාරීන්ට නොවේ.

ඔවුන් සිටින්නේ රෝහලේද කූඩුවේද යන්න පොලිසියට අදාළ කරුණක්‌ නොවේ. රට වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කළ රණවිරුවන්ව මෙලෙස පීඩනයට පත් කරන්නේ කාගේ වුවමනාවටද? මේවා ජනාධිපති දන්නේ නැතිද?

පෙබරවාරි 17 වන දින මාධ්‍යවේදී කීත්නොයාර්ට පහරදුන් චෝදනාව මත හමුදා බුද්ධි අංශයේ මේජර් බුලත්වත්ත ඇතුළු නිලධාරී පිරිසකට ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩු පවරන ලදි. පිට පිට දින 4 ක්‌ ඔවුන්ව හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කළද කීත්නොයාර් පැමිණියේ නැත. තුන්වන දින මහෙස්‌ත්‍රාත්තුමිය තීරණය කළේ සිවුවන දිනයටත් කීත්නොයාර් මහතා නොපැමිණෙන්නේ නම් සැකකරුවන්ට ඇපදෙන බවයි. හතරවන දිනද කීත්නොයාර් නොපැමිණුනු බැවින් ඔවුන්ට ඇපදෙන විට එදිනම ගම්පහ මහෙස්‌ත්‍රාත් උසාවියේ නියෝගයක්‌ මත ඔවුන්ව නැවත අත්අඩංගුවට ගනී.

මන්ද තුන්වන දිනයේ ඔවුනට විරුද්ධව උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියටද ඔවුන් සම්බන්ධ බැව් පොලිසිය උසාවියට දන්වා ඇති බැවිනි. ගම්පහ උසාවියේ පැවැත්වූ හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවට උපාලි තෙන්නකෝන් මහතා පැමිණි අතර ඔහු සැකකරුවන් කිසිවෙකුත් හඳුනාගෙන නොමැත.

ඉන්පසු ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මට පහර දුන්නේ මේ කිසිවෙකුත් නොව සරත් ෆොන්සේකාගේ පිරිසක්‌ බවයි. නමුත් ඒ සම්බන්ධයෙන් පොලිසිය පියවරක්‌ ගන්නා බව පෙනෙන්නට නැත. ඉන්පසු කීත්නොයාර් නඩුවේ ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත්වරිය බුද්ධි නිලධාරීන්ට ඇපදීම වැරදි යෑයි පවසමින් රහස්‌ පොලිසිය මහාධිකරණයේ නඩුවක්‌ පවරා එයට තහනම් නියෝගයක්‌ ගෙන තිබේ.

මෙසේ සහෝදර හමුදා නිලධාරීන්ට අධිකරණයෙන් ඇප ලබාදීමට එරෙහි වන නරුම පොලිස්‌ නිලධාරීන් ඉන්නේ අපේ රටේ පමණක්‌ විය යුතුය. මෙයින් තේරෙන්නේ කුමක්‌ද? හමුදා නිලධාරීන්ට පන්න පන්නා පහරදෙන බව නොවේද? එවිට ප්‍රීති ප්‍රමෝදයට පත්වන්නේ දෙමළ සන්ධානය, බෙදුම්වාදී දෙමළ ඩයස්‌පෝරාව සහ යුද ජයග්‍රහණය අගය නොකළ රට බෙදීමට උඩගෙඩි දෙන දේශෙද්‍රdaහී සිංහලයන් ය.

කාගේ වුවමනාවට එසේ කළත් එයින් දේශප්‍රේමී ජනතාවගේ දොaෂාරෝපණයට ලක්‌ වන්නේ සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාය. ජනාධිපතිට මේ තත්ත්වය ආරක්‍ෂක මණ්‌ඩලයේදී හෝ දැනුවත් නොකරයි නම් එසේ නොකරන්නේ ඔහුව හිතාමතාම ජනතාවගේ දොaෂාරෝපණයට ලක්‌ කිරීමටද?

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව සම්බන්ධයෙන් අද වන විට හමුදා බුද්ධි නිලධාරීන් 244 කගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඇත. ඊට අමතරව ඔවුන්ගේ සියලුම විස්‌තර වාර්තා ලබාගෙන ඇත. මෙය මහත්වූ පාවාදීමකි. බුද්ධි නිලධාරීන්ගේ අනන්‍යතාවය ලොවට හෙළි කිරීමකි. මිලේනියම් සිටි පාවාදීමටත් අන්ත මෙවන් පාවාදීම් කරනුයේ වර්තමාන රජයේ රණවිරු විරෝධී ප්‍රතිපත්තිය නිසාය. එවන් තත්ත්වයක්‌ යටතේ රණවිරුවන්ගේ සුබසාධනය ගැන කවර කතාද?

අද වන විට නාවික හමුදාවේ අති දක්‍ෂ බුද්ධි නිලධාරීන් පවා රක්‍ෂිත බන්ධනාගාර ගත කොට ඇත. ඉහත සඳහන් සිද්ධීන් හේතුකොට ගෙන යුද හමුදාව, නාවික හමුදාව සහ පොලිසියේ සාමාජිකයන් තුළ අසහනයක්‌ ජනිත වීම පුදුමයට කරුණක්‌ නොවේ.

ඉහත සඳහන් කරෙeණේ දැනට රණවිරුවන්ට එරෙහිව පුද්ගලිකව කෙරෙන්නාවූ දේවල්ය. නමුත් වර්තමාන රජය බලයට පත් වූ වහාම අතුරුදන්වීම් කාර්යාල පනත සම්මත කර ගන්නා ලදී. එම පනතට අනුව එකී කාර්යාලයට නිලධාරීන් පත්කරන්නේ ව්‍යවස්‌ථාදායක සභාව මගිනි.

එම සභාවෙහි ආධිපත්‍යය පතුරන්නේ විපක්‍ෂ නායක සම්බන්ධන් සහ අගමැති රනිල්ය. දෙදෙනාම ඉන්නේ කොතැනද කියා අද රට්‌ටු දන්නේය. සාක්‍ෂි ආඥ පනතට පටහැනි සාක්‍ෂිද වීඩියෝ තාක්‍ෂණය මගින් ගනු ලබන සාක්‍ෂිද ලබාගත හැකි එම කාර්යාලයට තමන්ට අවශ්‍ය යෑයි හැඟෙන ඕනෑම යුද, දේශපාලන නායකයෙක්‌ට විරුද්ධව චෝදනා ගොනුකොට අදාළ සාක්‍ෂි මත වරදකරු කළ හැක.

සාක්‍ෂි දෙන්නන්ගේ අනන්‍යතාවය වසර 20 ක්‌ යනතුරු හෙළි නොකරන අතර චූදිතයාට සාක්‍ෂිකරුගෙන් හරස්‌ ප්‍රශ්න ඇසිය නොහැක. චෝදනා ලද විගස, පරීක්‍ෂණ අවසන් වනතුරු, හමුදාවේ සිටීනම් හමුදාවෙන් නෙරපා හරිනු ලබයි. මේ කාර්යාලය මගින් වරදකරු කොට එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට යෑව්වහොත් එසේ යෑවෙනුයේ ලංකාවේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ කාර්යාලයකින් කරන ලද "සාධාරණ" පරීක්‍ෂණයකින් තීන්දු කරන ලද තීරණයක්‌ ලෙසිනි. එවිට එම නිලධාරියා ඕනෑම රටකදී අත්අඩංගුවට ගැනීමට හැකිවේ. මෙන්න යුද ජයග්‍රහණය කළ රණවිරුවාගේ සුබ සාධනය බලන සැටි.

මීට දින කිහිපයකට පෙර "බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත" පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියටද රජය මීට මාස කිහිපයකට පෙර අත්සන් කර ඇත. මෙහි ඇති භයානක තත්ත්වය ඒකාබද්ධ විපක්‍ෂයද දනීදැයි සැක සහිතය. මෙම පනත සම්මත වුවහොත් යම් වරදකට සෙබළෙක්‌ වරදකරු වන විට එම සෙබළා සේවය කළ ආයතනයේ ප්‍රධානියාද, එම වරද කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් වරද කරුවේ. එසේ නම් මෙම පනත ගෙනැවිත් තිබෙන්නේ යුද්ධයට නායකත්වය දුන් ජෙනරාල්වරු, ආරක්‍ෂක ලේකම් සහ සේනාධිනායකව දංගෙඩියට යෑවීමටය. මෙම පනතට අනුව යම් රටකින් ඔවුන්ට විරුද්ධව නඩු පැවරුවහොත් ඒ රටට අදාළ පුද්ගලයා පිටුවහල් කිරීමට සිදුවනු ඇත.

එසේම මින්පසු අපේ රටේ යම්කිසි යුද්ධයක්‌ ඇතිවුවහොත් එවිට යමෙක්‌ බලහත්කාරයෙන් අතුරුදන් වීම් සිදුවේ යෑයි පැමිණිලිකළහොත් එය විභාග කිරීමට යෑයි පවසා විදේශිකයන්ට මෙහි පැමිණ එම යුද්ධයට බලපෑම් කළ හැක. ත්‍රස්‌තවාදයට විරුද්ධව වසර 30 ක යුද්ධය අපට අවශ්‍ය පරිදි කළ හැකි වූයේ කිසිම රටක්‌ එයට විරුද්ධව ඇඟිලි ගැසීමට නොආ නිසාය.

එහෙත් මින්පසු අපට ඒ දේ කිරීමට නොහැකි වනු ඇත. මෙය අපේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ නොවේද? අපේ රණවිරුවා පාවාදීමක්‌ නොවේද? තත්ත්වය මෙසේ තිබියදී රණවිරුවන්ට ඉඩම් ටිකක්‌ ලබාදුන් විට මෙම තත්ත්වය මග හැරේද? එය රැවටීමක්‌ නොවේද?

අද අප රටට විරුද්ධව ජිනීවා යෝජනාවක්‌ ඉදිරිපත් කොට තිබේ. ඊට සම අනුග්‍රහකත්වය දක්‌වා ඇත්තේ අපේම රටේ විදේශ ඇමැති මංගල සමරවීරයි. ලෝකයේ මොනම රටක විදේශ අමාත්‍යවරයෙක්‌වත් තමන්ගේ රටේ හමුදාවත් යුද අපරාධ කළා යෑයි පිළිගෙන තම රටට එරෙහි යෝජනාවකට පැනලා කැමැත්ත දී නොමැත.

මංගල සමරවීර එසේ කර ඇත්තේ ජනපතිගේ හෝ කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතියකින් තොරවය. එසේ නම් ඔහුට විරුද්ධව ක්‍රියා නොකරන්නේ ඇයි? මෙම යෝජනාවේ අඩංගු කරුණු ක්‍රියාත්මක වන විට රණවිරුවා පෝරකයට ගොස්‌ රට පෙඩරල්වී අවසාන වේ. එසේ නම් මෙය දෙමළ බෙදුම්වාදීන්ගේ යෝජනාවක්‌ නොවේද? ජනාධිපතිගේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ රැස්‌වීමේදී මේවා පිළිබඳ කතා වුණේ නැත්තේ ඇයි?

පසුගියදා පැවති මැයි දින රැලියේ සරත් ෆොන්සේකා විසින් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂව එතුමාගේ සාටකයෙන් එල්ලා මැරිය යුතු යෑයි පවසා තිබේ.

ඒ ප්‍රකාශය හමුවේ කීමට ඇත්තේ ඒ නිසා සරත් ෆොන්සේකා කට පරෙස්‌සම් කරගත යුතුයෑයි යන්නය. යුද්ධයේ සිටි නායකයෙකු ලෙස ඔහු දැන් කළ යුත්තේ මහින්දව සාටකයේ එල්ලීම නොව තම හමුදා සාමාජිකයන්ට වන අසාධාරණය ගැන හඬක්‌ නැඟීමය. අදටත් අතුරුදන් වීමේ කාර්යාල පනතට හෝ බලහත්කාරයෙන් අතුරුදන් පනතට එරෙහිව ඔහු වචනයකුදු පවසා නොමැත. බුද්ධි නිලධාරීන් ඉතා අසාධාරණ ලෙසින් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව හඬක්‌ නැඟුවේ නැත.

එලෙස හැසිරෙන ඔහු යුද්ධය ජයගත් මහින්ද රාජපක්‍ෂව සාටකයෙන් එල්ලා දැමිය යුතු යෑයි පවසයි. ජනතාව ඔහුගෙන් අසන්නේ එකම එක ප්‍රශ්නයයි. එනම් ජාතිය ගලවාගත් නායකයා සහ ජාතිය ගලවාගත් රණවිරුවා එසේ පාවාදීමට දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාව ඔහුට ඩොලර් මිලියන කීයක්‌ ගෙවා ඇත්ද යන්නයි. ඔහු යුද හමුදාවට පමණක්‌ නොව ටික කලක්‌ හෝ අධ්‍යාපනය ලත් ආනන්ද විදුහලටත් නින්දාවක්‌ වී අවසාන බැව් කිව යුතුමය.

* රියර් අද්මිරාල්
ආචාර්ය සරත් වීරසේකර

No comments: