බුලිත ප්‍රදීප් කුමාර මහතා දිවයින පත්‍රයට ඉදිරිපත් කල මේ සාකච්චාවෙන් මනාව පැහැදිලි වන්නේ අද අප රටට ජාතික නායකත්වයක් නොමැතිවීමේ කරුමය නොවේද? හින්දු භක්තිකයෙකු වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙසට කැදවීමෙන් පෙනෙන්නේ වත්මන් පාලකයන්ගේ නිවට නියාලුකම මිසක් වෙන මොකක්ද?
සමරසේකර
මේ තෙල් ටැංකි තාමත් මහ රැජිනගේ...
ඇමැති සුසිල් කියයි
ආණ්‌ඩු පක්‍ෂයෙයි විපක්‍ෂයෙයි
හොඳ හිත පලුදු කළේ ඡේ. ආර්.
මැතිනි කවදාවත් ඉන්දියාවට බයවුණේ නෑ...
ත්‍රිකුණාමලය තෙල් ටැංකි හා වරාය ආශ්‍රිත ප්‍රදේශය ඉන්දියාවට බදු දීම මහ අපරාධයක් යෑයි කියන දේශපාලනඥයන් අපේ රටේ බොහෝය. ඒ අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අපට වැදගත් වන්නේ රජයේ ඇමැතිවරයකු ලෙස සිටිමින්ම තම මතය අභීතව ප්‍රකාශ කරමින් එම ගනුදෙනුව සිදුකරන පාර්ශ්වයට ප්‍රබලව අභියෝග එල්ල කරන අමාත්‍යවරයකු හැටියටය. අමාත්‍ය සුසිල් 'දිවයින' සමඟ කතා කරමින් පසුගිය සතියේ තවත් වැදගත් අදහස් කිහිපයක් ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ රජය අද ඉන්දියාවට යටත්ව කටයුතු කරන ආකාරයත් එදා ගරු මැතිනියගේ යුගයේ කටයුතු කළ ආකාරයේත් වෙනස පැහැදිලි කරමිනි.
ප්‍රශ්නය - ඔබ ගරු සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඉතාම අගය කරන කෙනෙක් ඇය. ඉන්දියාව සමඟ කටයුතු කිරීමේදී පෙන්නුම් කළ එදා නායකයන්ට තිබූ අද නැති සුවිශේෂතා මොනවාද?
පිළිතුර - සුවිශේෂතා රැසක් මම දකිනවා. එකක් තමයි ඇය රට සම්බන්ධ විශේෂ තීන්දු තීරණ ගන්නකොට විපක්‍ෂයේ මතයට දැක්‌වූ ගෞරවය හා සැලකිල්ල. ඕ විදේශයන් සමඟ කටයුතු කරද්දී නිතරම රටේ විපක්‍ෂයේ මතය මොකක්‌ද කියල අසමින් විපක්‍ෂය දැනුවත් කරමින් කටයුතු කළ බව අපි දන්නවා. එදා පැවැති විපක්‍ෂයත් වෛරී දේශපාලනය අතහැරලා රට සම්බන්ධයෙන් සුබවාදී ආකල්පවලින් බලන දේශපාලනයක සිටි නිසා මැතිනියට තම කටයුත්ත පහසු වුණා කිව්වොත් නිවැරදියි.
ප්‍රශ්නය - ඉන්දියාව සමඟ තිබූ පළමු ප්‍රශ්නය ඔබට මතකද?
පිළිතුර - එකක් නෙමෙයි. රාශියක් තිබුණා. එහිදී මට මුලින්ම මතක් වෙනවා 1964 දී එතුමිය ඉන්දියාව සමඟ සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම අත්සන් කරපු ආකාරය. ඉස්‌සර බ්‍රිතාන්‍ය යුගයේ වතු වගාව සඳහා ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්නලා මෙහේ පසුකාලීනව "නොරැටියන්ස්' කියල ජාතියක් හැදිල හිටියා. එහාටත් අයිති නෑ මෙහාටත් අයිති නෑ. මේ වගේ අය 5,25000 ක් හිටියා. රටවල් දෙකටම ප්‍රශ්නයක් වුණා. මැතිනිය ගියා. මේ ප්‍රශ්නය විස¹ ගන්න ඉන්දියාවට ගිහින් සාකච්ඡා කළා. ලාල් බහදූර් ශාස්‌ත්‍රී අගමැතිවරයා සමඟ 2,75000 ක් ඔවුන් නැවත ඉන්දියාවට යවන්නත් ඉතිරි අයට මෙහි පුරවැසිකම දෙන්නත් මැතිනිය එකඟතාවකට ආවා. ඉන්දියාවේදී මේ සාකච්ඡාව පරක්‌කු වුණා කියලා මැතිනිය ඉතා තදින් දෝෂාරෝපණය කළා. මේක කරනවා නම් කරමු නැතිනම් අපි යනවා කියලා ඕ කිව්වා. වැදගත්ම දේ තමයි මේ එකඟතාවයට ආපු ගමන් ඕ කෙලින්ම ලංකාවේ විපක්‍ෂ නායක ඩඩ්ලි සේනානායක මහතාට කතා කරලා කිව්වා. මෙහෙම එකඟතාවකට ආවා. අපි මේක කරමුද කියලා. එතුමාගේ එකඟතාව මත තමයි ගිවිසුම අත්සන් කළේ.
ප්‍රශ්නය - ඉන්දියාව සමඟ විතරද එතුමිය මේ විදියට හරි කෙළින් ගනුදෙනු වලට ගියේ.
පිළිතුර - නැහැ.... ලෝකයේ ඕනම රටක් සමඟ මැතිනිය ගනුදෙනු කළේ එහෙමයි. හොඳ කොන්දක් තිබුණා. 1962 අපේ රටේ හිටපු කැල්ටෙක්‌ස්, ලෙසෝ, ෂෙල් වගේ විදේශීය තෙල් සමාගම් ගණනාවක් ආපසු හරවලා යවලා තමයි ඇය ඛනිජ තෙල් සංස්‌ථාව බිහි කළේ. එවිට මේ සමාගම්වල හිමිකාරිත්වය තිබුණ බටහිර රටවල් අපට තහංචි ගණනාවක් පැනෙව්වා. අපට තිබුණ ශිෂ්‍යත්ව නැති කළා. වෙළෙඳ හා ආර්ථික සහනාධාර නැති කළා. සම්බාධක පැනෙව්වා. මොනවා නැති කළත් එතුමිය රටේ ආරක්‍ෂාව වෙනුවෙන් මේ බිමේ අඛණ්‌ඩතාවය වෙනුවෙන් නොබියව නොපැකිලව තීන්දු ගත්තා. ඒ වගේම පටු වාදභේද දේශපාලනය නිසා අමතක කරල එදා හිටපු ශ්‍රේෂ්ඨ විපක්‍ෂ නායකයා ඇයට ඒ කටයුතුවලට සහයෝගය දුන්නා. එහෙමයි එදා නායකයෝ රට ගැන හිතලා කටයුතු කළේ. හොර රහසේ මොනවත්ම කළේ නෑ.
ප්‍රශ්නය - ඇයි අද මේ කාරණාව ඔබ මතු කරලා කියන්නේ.
පිළිතුර - වෙනස පෙන්නලා දෙන්න. එදා ඒ නායකයෝ ඒ පියවර නොගත්තා නම් අද අපේ රට කොහේද තියෙන්නේ. එදා එහෙමයි කටයුතු කළේ. අනිත් එක මතකද ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා රජීව් ගාන්ධිත් එක්‌ක 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ හැටි. රටේ ඒකට මොන තරම් විරෝධයක් මතුවුණාද? ෙ-. ආර්. තමයි විපක්‍ෂයේ මතයට ගරු නොකළ පළමු එජාප නායකයා. ගිවිසුම අත්සන් කරද්දී රට පුරාම ලොකු විරෝධයක් මතුවුණා. මතකද පිටකොටුවේ විරෝධය. ඒකට මැතිනියත් ගිහින් වාඩිවුණා නේ. අද එසේ නොවෙයි. එදා ඉන්දියානු නායිකා ඉන්දිරා ගාන්ධි මැතිනිය සමඟ මැතිනියගේ පවුල දැඩි මිත්‍රත්වයකින් හිටියා. එතුමියගේ පුතා රජීව් අත්සන් කරන්න ආවේ. නමුත් මැතිනිය එතනදී තම පවුලේ සම්බන්ධතා, හිතවත්කම් ගාව ගත්තේ නෑ. රට වෙනුවෙන් හිතලා විරුද්ධව වැඩ කළා.
ඒ වගේම හිතවත්කම පාව්චිචි කරලා මැතිනිය රටට වාසි ලබාගත්තා. එහෙම තමයි 1972 දී ඉන්දිරා ගාන්ධි සමඟ සාකච්ඡා කරලා මැතිනිය කච්චතිව් දූපත ශ්‍රී ලංකා රජයට ලබාගත්තේ. මේවා රටේ නායකයන්ට හොඳ පාඩම්.
ප්‍රශ්නය - අද සමහර නායකයන්ට නැති, මැතිsනියට එදා තිබූ දේශමාමක බව ඇයට ආවේ කොහෙන්ද?
පිළිතුර - ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පදනම. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එස්. ආර්. කුමාරස්‌වාමි, බදියුදීන් මොහොමඩ් වගේ අන්‍ය ජාතික නායකයෝ හිටියා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙ පදනම වුණේ සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන පංචමහා බලවේගය. මේ අය තමයි ග්‍රාමීය ජනතාව සහ වැඩකරන ජනතාව. මේ ටික එකතු කරලා එයාලගෙ ආකල්ප තමයි ක්‍රියාවට නැගුවේ. එයාලා තමයි සංවිධානය කළේ. ඒගොල්ලා වෙනුවෙන් කොච්චර දේවල් කළාද?
ප්‍රශ්නය - ඒ මොනවද කියල ඇහුවොත්?
පිළිතුර - එදා සමාජයේ සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන ජන බලවේගවලට ලොකු පිළිගැනීමක් තැනක් තිබුණේ නැහැ. මේ අයට සැලකිලිමත් ගෞරවයක් දීල රටේ බලවේගයක් විදියට පිළිගත්තේ ශ්‍රීලනිපයයි. රටේ දේශීය ආහාර නිෂ්පාදනය ඇති කළා. කම්කරුවාගේ අයිතිවාසිකම් දෙන්න මැයි දිනය නිවාඩු දිනයක් කළා. සේවක අර්ථසාධක අරමුදල බිහි කළා. සේවක වන්දි පනත ඇති කළා. කම්කරුවාට විශාල සේවාවක් කළා නේ. ගොවියාටත් එහෙම නේ. ඊළඟට සඟ පරපුරට පිරිවෙන් තුළින් කළ සේවය. විෙද්‍යාදය විද්‍යාලංකාර පිරිවෙන් බිහිකරලා ඒවා විශ්වවිද්‍යාල තත්ත්වයට ගෙනාවා. උගත් බුද්ධිමත් ස්‌වාමීන්වහන්සේලා බිහිවුණේ එහෙම නේ.
වෙද මහත්තුරුන්ට නාවින්න ආයුර්වේදය, ආයුර්වේද රෝහල බිහි කළා. මේ හැම එකක්‌ම දේශීයත්වය නේ. ශ්‍රී ලංකා එකේ පදනම දේශීයත්වය. මැතිනිය ඒක ප්‍රායෝගිකව කළා. යූ. ඇන්. පී. එකෙත් මුල් කාලයේ දේශීයත්වය තිබුණා. ෙ-.ආර්. නේ ඒවා නැති කරලා මැතිනියගෙනුත් පළි අරන් පලි ගැනීමේ කලාව ලෝකෙට හඳුන්නලා දුන්නේ. අද ඉන්න අය ඒ පළිගැනීමේ ප්‍රතිපත්තිය හොඳට අරන් යනවා. රටෙනුත් පළිගන්නවා.
ප්‍රශ්නය - 77 දී මේ රටේ දේශපාලන ක්‍රමයේ පෙරළියක් වුණා ඔය හැම දෙයක්‌ම වෙනස් කරමින්.
පිළිතුර - ඔව්. 77 දී විවෘත ආර්ථිකය ඇවිත් සමාජයට මහා විශාල විනාශයක් කළා. මැතිවරණ ක්‍රමය වෙනස් වෙලා. 1978 දී අනුපාත ක්‍රමය ආව නේ. එතනින් පස්‌සේ රටේ ප්‍රභූන් වැදගතුන් උගතුන් බුද්ධිමතුන් රටට ආදරය කරන්නන් පමණක් හිටපු දේශපාලන ක්‍ෂේත්‍රයට කූට ව්‍යාපාරිකයන් සල්ලිකාරයන් හොරුන් තක්‌කඩින් ජාවාරම්කාරයන් ඔක්‌කොම එන්න ගත්තා. සල්ලි වියදම් කරල ඡන්ද පවත්වන දේශපාලනයට අද වුවමනා සල්ලි විතර නේ. අද ඔය නරක දේවල්වල ප්‍රතිඵල නේ සමාජය භුක්‌ති විඳින්නේ. 77 න් පස්‌සේ සල්ලි වියදම් කරලා ඡන්ද ගන්න පුළුවන් සල්ලිකාර ජාවාරම්කාරයෝ දේශපාලනයට ආවා. උන් එතන ඉඳල මන්ත්‍ර්‍රSකමෙන් ඊළඟ ඡන්දෙටත් සල්ලි හොයන ජාවාරම් කරන්න පටන් ගත්තා. මේ තත්ත්වය උඩ ඉඳල පහළටම ගලාගෙන ගියා.
ප්‍රශ්නය - දේශපාලනඥයෝත් කාකොටා ගන්නා වෛරක්‌කාරයන් බවට පත්වුණා.
පිළිතුර - ඒක වෙනව නේ... බලන්න දේශපාලනඥයෝ එදා කළේ තම පරම්පරාවේ තිබුණ සල්ලි දේශපාලනයට වියදම් කරපු එක. දේශපාලනයෙන් සල්ලි හම්බ කරන්න ආවේ නෑ. ඩඩ්ලි - බණ්‌ඩාරනායක වගේ අය මැරෙනකොට කීයද එකවුන්ට් එකේ තිබුණේ. ඔබේසේකරලා බණ්‌ඩාරනායකලා කොච්චර සල්ලි තිබුණ අයද? නමුත් 1956 ඡන්දෙට බණ්‌ඩාරනායක රොස්‌මිඩ් වලව්ව උකස් කළා. ඉන්දියානු බැංකුවට. කවුද අන්තිමේ මැතිනිට උගස බේරලා දුන්නේ. එජාප නායක සර් ජෝන් කොතලාවල තමයි ඒක බේරලා දුන්නේ. අන්න එහෙමයි එදා දේශපාලනඥයන්. ඊළඟට ලලිත් ඇතුලත්මුදලිට එදා කවුද ඔක්‌ස්‌ෆර්ඩ් යන්න උදව් කළේ. බණ්‌ඩාරනායක. ඕවා තමයි 77 ඉඳලා ෙ-. ආර්. වෙනස් කරල මේ අද ඉන්න අය උපරිම තලයට ගනත් රටම විකුණන ජාවාරම්කාර පරපුරක් තත්ත්වයට පත්කළේ. අද එජාප දේශපාලනඥයන්ට රට විකුණනවා හැර වෙන විකල්පයක් නෑ.
ප්‍රශ්නය - අපි ආයෙත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන කතා කරමු. දැන් මොකක්‌ද එහි අලුත් තත්ත්වය.
පිළිතුර - අලුත් තත්ත්වය තමයි රජය සූදානම් තෙල් සමාගම සතුව තියන ත්‍රිකුණාමලයේ සම්පත්. රජය සතු සම්පත් සංවර්ධන ඉලක්‌ක ඉදිරියට දාල ඒවායේ නාමයෙන් ඉන්දියානු තෙල් සමාගමකට බද්ද ලියලා පවරන්න. ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණා ඉන්දියාවත් මේ රජයත් අතර.
ප්‍රශ්නය - කුමක්‌ද ඒ සමාගම....
පිළිතුර - අපි දන්නේ නැහැ. එතනයි තියන ප්‍රශ්නය. කුමක් හෝ සමාගමක්. මම කිව්වේ මෙහෙ තෙල් සම්පත් ගනුදෙනු දියුණු කරන්න ඕන නම් මේ සම්පත් ටික අපි ඉන්දියාවට දෙන්න ඕන නැහැ. දැනට තියනවා C.P.S.T.L. කියලා ඉනදියාවයි ලංකාවයි හවුලේ පවත්වාගෙන යන සමාගමක්. අපි ඒකට මේ සම්පත් බදු දෙමු කිව්වා. මොකද මේ සමාගමේ කොටස්‌වලින් 1/3 ක් ඉන්දියානු ඔයිල් සමාගමට. ඉතිරි 2/3 රජයට. මේ සමාගම ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකාවේ නීතියට අනුවයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ගිවිසුම්වල හවුල් ව්‍යාපාරයක් ඇති කරනවා කියන නිසා සමාගම මොකක්‌ද කාගෙද කොහෙන්ද ඉන්නේ කවුද කියන එක පැහැදිලි නෑ. ඒකයි තියන ප්‍රශ්නය.
ප්‍රශ්නය - ඔබ කිව්වා මේ කරන්න යන්නේ 2003 දී බැරිවුණ දේ ඉන්දියාවට කරල දෙන්න කියලා.
පිළිතුර - ඔව් පැහැදිලිවම... 2003 දී මේ CP STL සමාගම හැදුවා තමයි. හැබැයි වෙනම යෝජනාවක් තිබුණා. තෙල් ටැංකි 103 ම ඉන්දියන් ඔයිල් එකට බදු දෙන්න. චරිත රත්වත්තේ ගිවිසුම අත්සන් කළේ. නමුත් ක්‍රියාත්මක තලයට එනකොට ඇමැති මම. මම තර්කයක් ගෙනාවා. තෙල් සමාගමට මේ ටැංකි 103 යි භුක්‌තිය විතරයි තියෙන්නේ. අයිතිය රජයට. ඉතින් භුක්‌තිය විතරක් තියන කෙනා කොහොමද විකුණන්නේ කියලා. නීතිපති ඒ තර්කය පිළිගත්තා. ඒ නිසා මේ තෙල් ටැංකි 99 හෝ රැකුණා. එහෙමයි අපි ඕවා රැකගත්තේ.
ප්‍රශ්නය - මෙවර ගිවිසුමේ කරුණු 10 ක් තියෙනවා. තෙල් ටැංකි විතරක් නොවෙයි කියලයි ආරංචි.
පිළිතුර - ඔව් මාධ්‍යවල වාර්තා පළවුණා. මාධ්‍යවල පළවූ අයුරින් තෙල් ටැංකි එන්නේ 4 වන කරුණු ලෙස. ඊට පෙර තියෙනවා. LNG ප්ලාන්ට් එකකට යෝජනාවක්. 'ලික්‌විඩ් නැචුරල් ගෑස්' හදන්න. ද්‍රව වායුව ගෙනල්ලා සිලින්ඩර්වල දාලා තබාගෙන උෂ්ණත්වය වැඩි කරනකොට ද්‍රවය ගෑස් බවට පත්වෙනවා. ඒ වායුවෙන් විදුලිය උපදවන්න වාහන දුවන්න ගෙදර දොර උයන්න ආදී දේවල්වලට හැකියාව තියෙනවා. අන්තිමේ යූරියා හදන්න පුළුවන්.
මේක අද ලෝකයේම ජල විදුලිය ගාවට තියන වඩාත් පිරිසිදු බලශක්‌තිය බවට පත්වෙලා ඉවරයි. මේක හොඳයි නමුත් විශාල භූමි ප්‍රදේශයක් මේකට ඕන. ඒකයි අපි කියන්නේ භූමියයි ඉන්දියාවේ ඉලක්‌කය.
මොකටද LNG ප්ලාන්ට් එකත් ත්‍රිකුණාමලයේ ඇති කරලා. ඒකෙන් මොනවද කරන්නේ. විදුලිය හදනවද? වාහනවලට දෙනවද? උයන්න ගෙවල්වලට යවනවද...? මේ කිසි දෙයක් පැහැදිලි නෑ.
එතකොට පාවෙන බලාගාර ගෑස්‌වලින් ක්‍රියාත්මක කරල රටට විදුලිය දෙනවලු FSRU කියලයි මේකට කියන්නේ.
ඊළඟට තව යෝජනාවක් ගෙනාවා නිදහස් වෙළෙඳ කලාපයකට. ත්‍රිකුණාමලය නගර සංවර්ධනයටත් යෝජනාවක් තියෙනවා. උතුරට පාරවල් 3 කුත් හදනවලු. මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරමට. මේවා ඉන්දියාව ඇයි අපට කරන්න එන්නේ. ඉන්දියාව දියුණු වෙලා ඉවරද? එහේ ඔක්‌කොම දියුණු වෙලා ඉවරද? එහේ ඔක්‌කොම හරිද? ඒවා හරිගස්‌සලාද මේ ඉන්දියාව ඇවිත් ත්‍රිකුණාමලය දියුණු කරන්න හදන්නේ. මේවා තමයි බරපතළ ප්‍රශ්න. ඊළඟට ඇයි අපි වෙනත් රටවල් එක්‌ක කරන්න තියන ගනුදෙනු පවා වහල දාල මේ ඔක්‌කොම ඉන්දියාව එක්‌ක විතරක් කරන්නේ. අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් නිසාද?
ප්‍රශ්නය - ඒ කියන්නෙ තවත් රටවල් මේ පෝලිමේ එනවද...
පිළිතුර - නෑ.... මම කියන්නේ අපි කිසි රටකට ඕනෑවට වඩා නතු වෙන්න ඕන නෑ. අපේ නොබැඳි පිළිවෙත ආරක්‍ෂා කරගන්න ඕන. ඔක්‌කොම ගනුදෙනු ටික ඉන්දියාවට ලියල දීල ඉන්දියාව විතරක් යාළු කරගත්තාම මේ තරගකාරී ලෝකයේ අපි කොහොමද වෙන රටක් එක්‌ක වාසිදායක ගනුදෙනුවකට යන්නේ...
බණ්‌ඩාරනායකවරු එදා කාටවත් යටත් වුණේ නෑ. නොබැඳි පිළිවෙත රැක්‌කා. හැම රටක් එක්‌කම සුබවාදී ගනුදෙනු කළා. එයාලා එදා ජනසතු ව්‍යාපාර ඇති කරල වරායන් දෙක ජනසතු නොකළා නම් තෙල් ටැංකි ටික පවරා නොගත්තා නම් මොනවද මෙයාලා මේ විදියට විකුණා ගන්න යෝජනා කරන්නේ. එදා ඒවා නොකළා නම් ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි තාමත් අයිති බ්‍රිතාන්‍යයට. ඒක මතක තියාගන්න.
ප්‍රශ්නය - අද වන විට ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට ඇවිත් ජාත්‍යන්තර වෙසක් උත්සවය සමරනවා. අපි තාමත් ක්‍රියාත්මක වී නැති අවබෝධතා ගිවිසුමක් අල්ලගෙන ඉන්දියානු විරෝධයක් නිර්මාණය කරනවා. මේක හරිද කියල කවුරු හරි ඇහුවොත්...
පිළිතුර - නෑ... නෑ... නෑ.... ඉන්දියානු විරෝධයක් නොවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. අපි ඇත්ත හංගන් කතා කරන්න ඕන නැහැ නේ. අපි බලමු. අගමැති රනිල් 2003 දී මේක කරන්න ගියේ ඇයි? ඉන්දියාව සතුටු කරන්න නොවෙයිද..... එදා ලාබ ලබපු ව්‍යාපාරයක් වෙනත් රටකට පවරා දුන්නාම අපිට තියෙන වාසිය මොකක්‌ද?
අද මේ කරන්නේ එදා බැරිවුණු ගනුදෙනුව එදාට වඩා හොඳින් ක්‍රමවත්ව කරන එක. ඇයි අද මේක කරන්නේ. ඉන්දියාවේ හොඳ හිත තියාගන්න. ඇයි ඉන්දියාවේ හොඳහිත අගමැති රනිල් තියාගන්නේ. ඔන්න ඕවා නේ අපි බලන්න ඕන....
ප්‍රශ්නය - ඔබ හිතන විදියට ඇයි ඉන්දියාව සතුටු කරලා හොඳ හිත තියාගන්නේ...
පිළිතුර - මේවයි විවිධ තේරුම් තියෙන්න පුළුවන්. අපේ රටේ උතුරේ ඡන්ද ඉතාම වැදගත්. නැගෙනහිර ඡන්දත් ඉතාම වැදගත්. වතුකරයේ ඡන්දත් ඉතාම වැදගත්. මේ කොටස් තුනම අද විවිධ බැඳීම් හරහා ඉන්දියාවට මෙහෙයවන්න පුළුවන් කියන කාරණාව අද රහසක් නොවෙයි නේ. ඉදිරි මැතිවරණයකදී තීරණාත්මක අවස්‌ථාවක ඉන්දියාව ලවා මේ කොටස් තුනම වාසියට මෙහෙයවා ගැනීමේ ඉලක්‌කයක් මේ වෑයම තුළ තියෙනවා වෙන්න පුළුවන්. ඉන්දියාව මීට පෙරත් ඒ වගේ මැදිහත්වීම් කළ බව අපි දන්නව නේ.
කොටින්ම පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ පරදවන්න විදේශ බලවේග උදව් කළා. ඔක්‌කොම එකතු කරලා ජනතා විමුක්‌ති පෙරමුණේත් ලක්‍ෂ 5 ක් අරගෙන නේ ඡන්ද ලක්‍ෂ 4 කින් විතර මහින්දව පරාජය කළේ. හැබැයි ජවිපෙ ලක්‍ෂ 5 ඒ ගොඩෙන් ඉවත් වුණ ගමන් එහි ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැනේ. ඕක තමයි මම පසුගිය මහ මැතිවරණයේදී පෙන්නුවේ. ඔය සියලු බලවේග එක්‌කරගෙන එජාපය ඡන්ද ලක්‍ෂ 52 ක් ගත්තා මුස්‌ලිම් දෙමළ වතුකරය ඔක්‌කොමත් තියාගෙන. සන්ධානය ලක්‍ෂ 48 ක් ගත්තා අර බලවේග කිසිවක් නැතිව තොණ්‌ඩමන්ගේ ඡන්ද ටිකත් විතරක් එකතුව. නමුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු ආවේ එජාපයෙන් 82 යි. ශ්‍රීලනිපයෙන් 82 යි. මෙන්න මේකයි හිතට ගන්න ඕන. එදා සන්ධානයට ඡන්ද ලක්‍ෂ 10 ක් අඩුවුණා. මිනිස්‌සු ඡන්ද පොළට ගියේ නැති නිසා. ඒ ඡන්ද ලක්‍ෂ 10 ත් ඡන්ද පොළට ගිහින් තිබුණා නම් ආණ්‌ඩුව පිහිටුවන්නේ අද කවුද? නමුත් ඒක එදා වුණේ නෑ. හැබැයි මේ පාර මැයි දිනයේදී ඒක අනාගතේ වෙනවා කියල තමයි ගෝල්ෙෆaස් ආපු සෙනඟයි ගැටඹෙට ආපු සෙනඟයි පෙන්නුම් කළේ. වෙන මොනවද....
සාකච්ඡා කළේ - බුලිත ප්‍රදීප් කුමාර
No comments:
Post a Comment