Sunday, April 30, 2017

මතක තියා ගත්තොත් හොදයි ඔබ මේ රටේ අයිතිකාරයා නෙමෙයි අවුරුදු 5 කට රට බලාගන්න ආවකුලී කාරය - සහජීවනයේ දෝර ගලනවා හිටන්






කොටින්ට තොරතුරු සැපයූ හමුදා කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහමඩ් නිදහස්‌










කඩුවෙල හේවාගම පදිංචි අඟුරුකංකානම්ලාගේ ඉන්දික සංජීව 1991 වසරේදී ශ්‍රී ලංකා හමුදාවට බැඳී මාස කීපයක්‌ යාපනයේ හමුදා කඳවුරේ සේවය කර හිටිහැටියේම අතුරුදන් විය. 2005 වසරේදී හමුදා බුද්ධි සේවාවට වාර්තා වූයේ මොහු කොටි බුද්ධි ප්‍රධානියකු වූ චාල්ස්‌ සමඟ එක්‌ව උතුරු ප්‍රදේශයේ සැරිසරා ඇති බවයි.

කොළඹ පිහිටි යුද හමුදා කඳවුරු මෙන්ම මාර්ග බාධක ගැන ද හමුදාවේ උතුරේ සිටි බුද්ධි නිලධාරීන් ගැන ද, පොට්‌ටු අම්මාන්ගේ ටොසි බුද්ධි සේවාවට තොරතුරු ලබාදී ඇති කපිතාන් සංජීව අල්ලා ගැනීමට හමුදා බුද්ධි සේවාවටද නොහැකි විය. එහෙත් 2014 වසරේ අප්‍රේල් මස දිනෙක මැලේසියා ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් මැලේසියාවේ කුවාලාලම්පූර් නගරයේ සමීපයේ පිහිටි සෙන්තුල් නමැති ප්‍රදේශය වටලා සැකකටයුතු කීපදෙනෙක්‌ අත්අඩංගුවට ගනු ලැබීය. මේ සිව්දෙනාගෙන් එය අයෙක්‌ තමා ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ජාතිකයකු බවත් නම සාන්ඡ් මොහමඩ් අබ්දුල්ලා බවත් මැලේසියානු ත්‍රස්‌ත මර්දන නිලධාරීන් වෙත පවසනු ලැබීය. මැලේසියා පොලිස්‌පති මෙම සිව්දෙනා ගැන එවකට කුවාලාලම්පූර් ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්‌වරයා වූ මේජර් ජනරාල් සුමිත් මානවඩු ට දැනුම් දුන්නේය.

මැලේසියා ත්‍රස්‌ත මර්දන කාර්යාලයට පැමිණි මේජර් ජනරාල්වරයා සාන්ඡ් අබ්දුල්ලා කවුදැයි හඳුනා ගත්තේය. "ඉන්දික කවදද මැලේසියාවට පැන්නේ" යෑයි මේජර් ජනරාල්වරයා සිනහවෙමින් සාන්ඡ් අබ්දුල්ලාගෙන් ප්‍රශ්න කිරීම නිසා තම අනන්‍යතාවය හෙළි කිරීමට ඔහුට සිදුවිය. සාන්ඡ් අබ්දුල්ලා මොහමඩ් යනු වෙනින් කවුරුවත් නොව කපිතන් ඉන්දික සංජීව බව අනාවරණය විය.

කොටින්ගේ ටොසි බුද්ධි සේවය සමඟ එක්‌ව කටයුතු කළ කපිතන් සංජීව 2022 තෙක්‌ ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබුණේ මීගමුවේ පදිංචිකරුවකු ලෙසිනි. එහෙත් එය ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ වුවත් කටුනායක ආගමන හා විගමන නිලධාරීන්ට එය අසුවී තිබුණේ නැත.

කපිතන් ඊට පෙර සිය සත්‍ය නමින් 2016 දක්‌වා ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබුණි. මේජර් ජෙනරාල් මානවඩු කපිතාන් සංජීවගේ 704 3293983 දරණ සාන්ඡ් මොහමඩ් නමින් වූ ගමන් බලපත්‍රය පරීක්‍ෂාවට ලක්‌ කිරීමෙන් පසු හෙළි වූයේ එය කොළඹ කොටහේනේ ද්‍රවිඩ කාන්තාවකට අයත් වූවක්‌ බවයි.








ඊට පෙර ඔහු 2006 වසරේ සැප්තැම්බර් 25 දා මෙරට ආගමන විගමන බලධාරීන්ගෙන් ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබිණි.

කපිතන් ඉන්දික සංජීව සමඟ මැලේසියාවේදී අසුවූ සෂි, ඊසන් සහ පුවනේශ්වරන් යන තිදෙනා ඉහළ පෙළේ කොටි ත්‍රස්‌තයන් වේ. මොවුන් මැලේසියාවේ සිට රහස්‌ සැලසුමක්‌ දියත් කර තිබුණි. ඒ මෙරට ප්‍රභූන් දෙදෙනකු ඝාතනය කිරීමයි.

මෙම සැලසුම අනුව එම ප්‍රභූ දෙදෙනා ගමන් කරන යානාවලට මිසයිල මගින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් විය. ඒ සඳහා කොටි ඩයස්‌පෝරාවෙන් අරමුදල් ලබා ගැනීමටද ඔවුන් කටයුතු කර තිබුණි.

කපිතන් ඉන්දික සංජීව ඇතුළු කොටි තිදෙනා බේරා ගැනීම සඳහා සුරායා රක්‌සස්‌ මැලේසියා නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානි තේවරාජන් කාමසායි නැමැත්තා ඉදිරිපත් විය.

සෂි සහ කපිතන්වරයාව වහාම ක්‌වාලලාම්පූර් සිට කොළඹට එවීමට මේජර් ජනරාල්වරයා ක්‍රියා කරන අවස්‌ථාවේ සෂිව පිටුවහල් කිරීමෙන් වළකින ලෙස අධිකරණය මැලේසියා බලධාරීන්ට නියෝග කරනු ලැබීය.

මේ නිසා සෂීව ශ්‍රී ලංකාවට එවීමට නොහැකි විය. මැලේසියානු අධිකරණ තම දෙවැනි නියෝගය කපිතන්වරයා වෙනුවෙන් ක්‌වාලාලම්පූර් අධිකරණය වෙත එවන අවස්‌ථාවේ කපිතන් රැගත් ශ්‍රී ලංකන් යානාව පිටත්ව තිබුණි.

ශ්‍රී ලංකාව යානාව කටුනායක ගුවන්තොටුපළට පැමිණිමෙන් පසු ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කපිsතන් ඉන්දික සංජීව අත්අඩංගුවට ගනු ලැබීය.

ත්‍රස්‌ත මර්දන කාර්යාංශයේදී කපිතාන්වරයා සිය කැමැත්තෙන්ම පාපොච්චාරණයක්‌ කර ඇත.

2018 ජනවාරි මස දිනෙක ත්‍රස්‌ත මර්දන නිලධාරිනී කපිතන් ඉන්දික සංජීව හෙවත් සාජන් මොහමඩ් අබ්දුල්ලා කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත යොමු කරනු ලැබීය.

මැලේසියාවේදී මුස්‌ලිම් ආගම වැළඳගත් බවත් ඊට පාකිස්‌තාන් ජාතිකයකු සහය වූ බවත් කපිතන්වරයා තවදුරටත් සඳහන් කර ඇත.

මාස කීපයකට පසු ත්‍රස්‌ත මර්දන ඒකකය කපිතාන්වරයාව යාපනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ක්‍රියා කළේය. එහිදී යාපනය අධිකරණය කපිතාන්වරයා ත්‍රස්‌ත මර්දන අධිකරණයට කළ පාපොච්චාරණය පිළිගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත.


















මෙයට සමානව කොටි ගුවන් ඒකකයේ ත්‍රස්‌තයකු ත්‍රස්‌ත මර්දන ඒකකයට කළ පාපොච්චාරණය ද යාපනය අධිකරණය ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. එහෙත් රජයේ නීතිපතිවරයා ඊට එරෙහිව අභියාචනයක්‌ ගොනු කිරීමට ක්‍රියා කළේ නැත. මාස 1 1/2 ක්‌ බූස්‌ස කඳවුරේ සිsටි කපිතාන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහමඩ් අබ්දුල්ලා පසුව කොළඹ වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත මාරු කරනු ලැබීය. එහෙත් ඔහු එහි සිටියේ ස්‌වල්ප කාලයක්‌ පමණකි. යාපනය අධිකරණය කොටින්ට තොරතුරු සැපයූ කපිතාන්වරයා නිදහස්‌ කරද්දී විවිධ ත්‍රස්‌ත චෝදනා මත මැගසින් සිරගෙයි සිටි අනිකුත් සැකකරුවන් විස්‌මයට පත් වූහ.

සිරෙන් නිදහස්‌ කරනු ලැබූ මේ කොටි චරපුරුෂයා ආපසු මැලේසියාව බලා පිටත්ව ගිය බව අනාවරණය විය. පොට්‌ටු අම්මාන්ගේ ටොසී බුද්ධි සේවාවට තොරතුරු සැපයූ කපිතාන් ඉන්දික සංජීවට හමුදාව හැර යැම ගැන හමුදා අධිකරණයෙන් ද දඬුවම් හිමි වූයේ නැත. ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ සන්තකයේ තබා ගැනීම ගැන චෝදනා පවා ඉදිරිපත් වීමක්‌ නොවීය. එහෙත් විස්‌මිත ලෙස ඔහු නිදහස්‌ විය.

මේ පසුබිම මැද මීතොටමුල්ලේ කසල කන්දේ ෙ€දවාචකය ගැන දේශපාලන පාර්ශ්ව එකිනෙකා චෝදනා එල්ල කර ගනිද්දී උතුරේ බෙදුම්වාදීන් සිය ඉලක්‌ක වෙත ක්‍රම ක්‍රමයෙන් යැම අරඹා ඇත. ඊට හොඳම නිදසුන මියගිය කොටි ත්‍රස්‌තයන් හෙවත් මහා විරුවන් සැමරීමේ දිනය යෙදී ඇති මැයි 16 දා වින්ස්‌ ඔෆ් ෆයර් හෙවත් අග්නිපත් පාපන්දු සමාජය ත්‍රස්‌තයන් සැමරීමට පාපන්දු තරගයක්‌ සැලසුම් කිරීමයි. ත්‍රස්‌ත මර්දන ඒකකය මෙම පාපන්දු සමාජයේ සභාපති ආනන්දවර්මන් සෙල්වනායගම්ගෙන් ප්‍රශ්න කර ඇතත් ඔහුව අත්අඩංගුවට ගත්තේ නැත.

ද්‍රවිඩ භාෂාවෙන් අග්නිසිරා ගූගල් යනුවෙන් හඳුන්වන මෙම පාපන්දු සමාජයට එම තරගාවලිය පැවැත්වීමසඳහා කොටි ඩයස්‌පෝරාවෙන් අරමුදල් ලැබෙන බවට වාර්තා වී තිබුණි.

මියගිය කොටි අනුස්‌මරණය කිරීම සඳහා මේ පාපන්දු තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ උතුරු නැගෙනහිර පාපන්දු කණ්‌ඩායම් අතරය. මුල්ලිවයික්‌කාල් අනුස්‌මරණ පාපන්දු තරගය ලෙසින් මෙය හඳුන්වා ඇත.

මේ පාපන්දු තරගය පිළිබඳව රජය තහනමක්‌ පනවා නැත. මෙම වාතාවරණය මැද උතුරේ කොටි පාලනය යටතේ පැවැති ඉඩම් වරායන් සහ ජැටි නිදහස්‌ කර ගැනීම සඳහා ද්‍රවිඩ සංධානය මෙහෙයවනු ලැබූ විරෝධතාකරුවන් පිරිසක්‌ දිගින් දිගටම උද්ඝෝෂණ ආරම්භ කර ඇත.

පලාලි ගුවන් හමුදා කඳවුර සමීපයේ ඇති මයිලඩ්ඩි වරාය මුදා ගැනීම එම විරෝධතාකරුවන්ගේ ප්‍රධානතම ඉලක්‌කය වී තිබේ. කොටි සංවිධානය ගුවන් යානා ගොඩබැසීම වැළැක්‌වීම සඳහා විටින් විට මෝටාර් ප්‍රහාර එල්ල කළේ මයිලඩ්ඩි වරායේ සිටය. මයිලඩ්ඩි වරාය අවට කලාපය මුදා හැරීමට ආරක්‍ෂක හමුදාව විරෝධය දක්‌වා තිබූ අතර රජය ද ඊට එකඟ විය.

එහෙත් අද සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ දෙයක්‌. මයිලඩ්ඩි වරාය මුදාහරින ලෙස ආරක්‍ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සමග පැවැති සාකච්ඡාවේදී ද්‍රවිඩ සංධානය දැඩි බලපෑම් එල්ල කර ඇති බවට වාර්තා විය. එසේම උතුරේ ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ වලිකාමම් උතුර අවතැන්වූවන්ගේ සංවිධානය යනුවෙන් අටවා ගත් සංවිධානයක්‌ මෙහෙයවන ගුණපාලසිංහම් නමැත්තා ඇතුළු පිරිසක්‌ මයිලඩ්ඩි වරාය අවට ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදී ඇත. මෙහිදී ගුණපාලසිංහම් නමැත්තා දක්‌වා ඇත්තේ මයිලඩ්ඩි වරාය අවට ජනතාව ජීවත් වූ බවයි. එසේ නම් පලාලි ගුවන් ධාවන පථයට මෝටාර් එල්ල කළේ සිවිල් වැසියන් ද? මයිලඩ්ඩි වරාය කොටි උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌ විය. එහි සිට විනාඩි පහෙන් පහට පලාලි ගුවන් ධාවන පථයට මෝටර් ප්‍රහාර එල්ල කිරීමට කොටි ක්‍රියා කළහ. මේ අතීතය උතුරේ ආණ්‌ඩුකාරවරයා නොදන්නා බව පැහැදිය.

උතුරේ බෙදුම්වාදී පාර්ශ්ව මයිලඩ්ඩි වරාය ආරක්‍ෂක හමුදාවෙන් මුදා ගැනීමේ මෙහෙයුම කුරුනගර්යට පන්සායිපුර් ප්‍රදේශ දක්‌වාද ව්‍යාප්ත කර ඇත. එම ප්‍රදේශවල ධීවරයන් ප්‍රකාශයක්‌ කරමින් ඉහත කී ප්‍රදේශවල ඇති හමුදා කඳවුරු නිසා තමන්ට දුෂ්කරතා ඇතිවී තිබෙන බව දක්‌වා ඇත.

එම ප්‍රදේශවල ධීවරයන් ප්‍රකාශයක්‌ කරමින් ඉහත කී ප්‍රදේශවල ඇති හමුදා කඳවුරු නිසා තමන්ට මසුන් වියළා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇති බව දක්‌වා තිබේ.

මේ හමුදා කඳවුරු ස්‌ථානගත කර තිබීම ගැන යාපනයේ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අවධානයට ලක්‌වී ඇත.

මේ ධීවරයන් තවදුරටත් පවසා ඇත්තේ හමුදාව එම ප්‍රදේශවල වෙරළ කලාපයේ සිටීම නිසා දැල් වියළා ගැනීමට නොහැකි බවයි.

අනතුරුව මුලතිව්හි ගෝඨාභය නාවික කඳවුර පුළුල් කරලීමේ ව්‍යාපෘතියට ද විරෝධතාකරුවන් එරෙහි වී ඇත. කොටින්ගේ පාලන සමයේ පැවැති නන්දිකඩාල් කලපුව අවට මුහුදු කොටි බලකාය සිය ත්‍රස්‌ත මෙහෙයම් දියත් කරද්දී ද්‍රවිඩ සංධානය හෝ සිවිල් ජනතාව යෑයි හඳුන්වාගත් පිරිස්‌ ඊට එරෙහි වූයේ නැත.

එහෙත් උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌වූ මුලතිව්හි ගෝඨාභය නාවික කඳවුර 2013 සැප්තැම්බර්Êසිට ස්‌ථානගත වී තිබිණි.

නන්දි කඩාල් කලපුවට සම්බන්ධ වට්‌ටුවයික්‌කාල් කලාපය මුහුදු කොටි බෝට්‌ටුවල කේන්ද්‍රස්‌ථානයක්‌ වූ අතර නාවික හමුදා ප්‍රහාරක යාත්‍රාවලට ප්‍රහාර එල්ල වූයේ එහි සිට බව හෙළි විය. මෙය වඩාත්ම තහවුරු වූයේ මුහුදු කොටි බෝට්‌ටුවල ආගමනය ගුවන් හමුදාවේ නියමුවන් රහිත යානාවක කැමරාවට අසුවීමයි.

මුලතිව් මුහුදේ සිට එන කොටි බෝට්‌ටු සඟවන ලද්දේ ද නන්දිකඩාල් කලපුවේයි.

එසේම මුහුදු කොටින්a පුහුණු කිරීම සහ විදේශ රටවල සිට ගෙන ආ බර අවි ගොඩ බාන ලද්දේ ද මුලතිව් වෙරළේයි. මේ හැර ඉන්දුනීසියාවේ සිට ගෙන ආ ස්‌ලින් වර්ගයේ යානා දෙක (කැබලිබවට පත් කර) නන්දිකඩාල් කලපුව වෙත ගෙන අවුත් එතැන් සිට ඉරණමඩු ධාවන පථයට ගෙන යැමටද කොටි ක්‍රියා කළහ.

මේ පසුබිම මැද ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන් ප්‍රමුඛ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ත්‍රිවිධ හමුදාපතිවරු හා ආරක්‍ෂක ලේකම් සමඟ පැවැති සාකච්ඡාවේදී අපූරු තර්කයක්‌ ඉදිරිපත් කර ඇත. ඒ කොටි සංවිධානය නැති නිසා ආරක්‍ෂක හමුදාවට සිය ආරක්‍ෂක කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවයක්‌ මතුවී නැති බවයි. එහෙත් ආරක්‍ෂක හමුදා ප්‍රධානීන් කොටි රූකඩයකු ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සංධානයේ උගුලට හසුවිය යුතු ද? අවි පුහුණුව ලත් කොටි 12000 ක්‌ උතුරේ සිටිති. ඊට අමතරව පුනරුත්ථාපනය නොවූ 260 කට අධික පිරිසක්‌ යාපන අර්ධද්වීපයේ සිටින බව හෙළි වී ඇත.

ඊටත් අමතරව පැනගිය කොටි හමුදා නායකයන් රැසක්‌ බටහිර රටවල වාසය කරති. මොවුන් අවස්‌ථාව එනතුරු බලා සිටී.

නාවික හමුදාව මුලතිව් සහ නන්දිකඩාල් ප්‍රදේශයේ ඇති වැදගත්කම මැනවින් දන්නා නිසා එම නාවික කඳවුර ස්‌ථානගත කර අක්‌කර 617 ක ප්‍රදේශයක්‌ පුරා ව්‍යාප්ත කිරීමේ සැලසුමක්‌ දියත් කර තිබුණි.

ද්‍රවිඩ සංධානය දැන් ඊට එරෙහි වී ඇත. ඔවුන් කොටින්ගේ පාලනය යටතේ පැවැති ඉරනමඩු ගුවන් ධාවන පථය පවා මුදා හරින ලෙස ඉල්ලීමෙන් ඉදිරි යටි අරමුණු පැහැදිලි නොවන්නේද?

මෙයට අමතරව කෝකිලායි ප්‍රදේශයෙන් දකුණේ ධීවරයන් පන්නා දැමීමේ තවත් මෙහෙයුමක්‌ දියත් වී ඇත. මේ ප්‍රදේශවල පමණක්‌ නොව මුහුදු කලාපය ද තමන්ට අයත් මුහුදක්‌ ලෙස ද්‍රවිඩ සංධානය හඳුන්වා ඇත.

මේ වාතාවරණය මැද උතුරු නැගෙනහිර ජාතික ආරක්‍ෂාව සම්බන්ධව ක්‍රියාකිරීමේදී සම්බන්ධන්, මාවයි සේනාධිරාජා, සිවමෝහන්, රවි කරන් වැන්නවුන්ගේ අදහස්‌ විමසිය යුතු ද යන ප්‍රශ්නය පැන නැගී ඇත.

අපේ සෙබළුන් 29000 ක්‌ තම වර්තමානය හා අනාගතය පිදුවේ උතුරේ හා නැගෙනහිර කොටි පාලන ප්‍රදේහ මුදා ගැනීමටය. තවත් සෙබලුන් 16000 ක්‌ ආබාධිත වී ඇත.

එහෙත් මියගිය 29000 කට අධික ගෞරවණීය මළවුන් අමතක කර ද්‍රවිඩ සංධානය හෙවත් කොටි රූකඩයින්ගේ ඉල්ලීම් ඉටු කිරීමට රජය ක්‍රියා කළ යුතුද? ද්‍රවිඩ සංධානයේ මේ යටි අරමුණු වැඩිදුරටත් සනාථ වන්නේ උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් උතුරට එන විදේශ තානාපතිවරුන් අමතා පෙඩරල් පාලනය ඉල්ලීමයි. පසුගිය සතියේ ගී්‍රක්‌ තානාපති කුන්හා ඔස්‌කාර් යාපනයේ පිහිටි මහ ඇමැති නිලනිවසේදී විග්නේස්‌වරන් සමග සාකච්ඡාවක්‌ පවත්වා ඇත. මේ සාකච්ඡාවේදී විග්නේශ්වරන් මෙලෙස ප්‍රකාශ කර තිබේ.

"රට තුළ කලබලකාරී තත්ත්වයක්‌ ඇතිකර සුළු වාර්ගිකයන් පළවා හැරීමේ උත්සාහයක්‌ පවතිනවා. එහි අරමුණ මුළු රටම සිංහල රටක්‌ කිරීමයි. මේ නිසා අපිට පෙඩරල් පාලනයක්‌ අවශ්‍යයි. අපේ ජනතාව බෙදුම්වාදයට මුල් වූයේ රටේ සියලු කරුණුවලින් ද්‍රවිඩ ජනතාව ඉවත් කිරීමයි."

උතුරු මහා ඇමැතිවරයා උතුරට එන විදේශතානාපතිවරු අමතමින් අභූත චෝදනා එල්ල කරද්දී රජයේ යාන්ත්‍රණය තවමත් මීතොටමුල්ලේ කුණු කසළ ප්‍රශ්නයේ රැඳී සිටී.

මේ අතර ඉරණමඩු ප්‍රදේශයේ ඉඩම් අක්‌කර 2439 ක්‌ මුදා හැරීමට හමුදාව එකඟත්වය පළ කර ඇත. 2009 මැයි 19 වැනිදා කොටි පරාජයට පත්වීමෙන් පසු කිලිනොච්චියේ ඉඩම් අක්‌කර 24000 ක ප්‍රදේශයක පාලනය හමුදාව සතුවී තිබුණි. එහෙත් අද එය අක්‌කර 783 කට අඩු වී තිබේ. එම ඉඩම් ප්‍රදේශය ද ක්‍රම ක්‍රමයෙන් නිදහස්‌ කරන බව ප්‍රකාශ කළ බව ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. සුමන්තිරන් හෙළි කර ඇත. මේ අතර ඩෑෂ් නමැති බිම්බෝම්බ ඉවත් කිරීමේ සමාගම මුහමලෙයි ප්‍රදේශයේ තිබී බැරලයක බහා තිබූ ටී 56 අවි 82 ක්‌ සොයාගෙන ඇත. මේ අවි පලාලි පොලිසියට බාර දී ඇති බව වාර්තා විය.

රෝමයේ වතිකානු ගුවන් විදුලියද මේ සතියේදී ප්‍රකාශයක්‌ කරමින් මන්නාරමේ මුල්ලිකුලම් ගම්මානය කතෝලික ද්‍රවිඩ ගමක්‌ බවත් ඉන් නාවික හමුදාව ඉවත් විය යුතු බවත් සඳහන් කර ඇත. මෙම ද්‍රවිඩ කතෝලික ගම්මානයේ වෙසෙන ධීවරයන් 200 කට අධික පිරිසක්‌ මනනාරම රදගුරු කිංස්‌ලි ස්‌වාමිපිල්ලේ ඇතුළු පූජකවරු 60 ක්‌ ද එම ඉල්ලීමට සහය දක්‌වා ඇති බව වතිකානු ගුවන් විදුලිය තවදුරටත් සඳහන් කර තිබේ.

මොවුන් මුල්ලිකුලම් ගම්මානයේ නාවික හමුදාව ඉවත් විය යුතු යෑයි ඉල්ලන්නේ වසර නවයකට පසුවය. කොටි සංවිධානය මුල්ලිකුලම් පාවිච්චි කරන ලද්දේ උතුරේ නාවික හමුදා යාත්‍රා නිරීක්‍ෂණය කිරීම සඳහා බව අනාවරණයවී තිබුණි.

මේ සෑම ඉල්ලීමකින්ම හෙළි වන යථාර්ථය නම් ද්‍රවිඩ සංධානයේ දිගුකාලීන මෙහෙයුමයි. ඒ කොටින්ගේ උපායමාර්ගික කේන්ද්‍රස්‌ථානවලින් ආරක්‍ෂක හමුදාව ඉවත් කර ගැනීමයි.

මෙම තත්ත්වය මැද ව්‍යාජ ගමන් බලපත්‍රයකින් බ්‍රිතාන්‍යයට ගිය ශ්‍රී ලාංකික ද්‍රවිඩයකු එරටට දේශපාලන රැකවරණ ලබාගැනීමට දැරූ උත්සාහයක්‌ ව්‍යාර්ථ විය. මොහු අධිකරණයට පවසා තිබුණේ ශ්‍රී ලංකා හමුදාව තම පිට ගිනියම් කළ යකඩ කූරුවලින් පිළිස්‌සූ බවයි. එහෙත් අධිකරණය තුළ විමර්ශනයකින් හෙළි වූයේ ලන්ඩන් නුවර සිටින වෛද්‍යවරයකු ලවා ඔහු පිටේ තුවාල සිදු කරගෙන ඇති බවයි.මොහු වේලාසුදපිල්ලේ රේනුකරුබන් නමැත්තෙකි.








යුද හමුදාව මෙලෙස ඔහුට වධහිංසා පැමිණවූවා නම් පිටේ ඇතිවූ තුවාලවලට විෂබීජ ඇතුළුවිය යුතුව තිබූ බවත් එවැන්නක්‌ සිදු නොවීමෙන් මොහු තුළ තක්‌කඩිකම හෙළි වී ඇති බවත් අධිකරණය ප්‍රකාශ කර ඇත.

මේ අතර මෙරට ත්‍රස්‌ත මර්දන කටයුතු සඳහා ඉමහත් සේවාවක්‌ සිදු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු හදිසි අකල් මරණයකට ගොදුරු වී මැයි 5 දාට වසරක්‌ ගත වේ. ඔහු මියගොස්‌ වසරක්‌ සපිරෙන අවස්‌ථාවේ කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් මෙන්ම පොට්‌ටු අම්මාන්ගේ තොරතුරු සැපයූ කපිතාන් ඉන්දික සංජීව නිදහස්‌ වී ඇත. මේ දෙදෙනාම මැලේසියාවේ සැඟවී සිටියදී අල්ලා ගැනීමට මුල් වූයේ මේජර් ජනරාල් මානවඩුය.
Post a Comment