Tuesday, April 18, 2017

රණවිරුවන් අපරාධකරුවන් කර රටට කරන අපරාධය

අස්ගිරිය  මහා විහාරයට  රණවිරුවන් පෙනෙන අන්දම කියවා බැලිය යුතුමය 

සමරසේකර 


රණවිරුවන් අපරාධකරුවන් කර රටට කරන අපරාධය

ආචාර්ය ගොඩගම
මංගල නායක ස්‌ථවිර
රංගිරි දඹුළු රජමහා විහාරාධිපති,
අස්‌ගිරි මහා විහාරය, මහනුවර.

වසර තිහක්‌ පුරාවට මුළු රටම භීතියෙන් ඇළලී ගිය උතුරේ බිහිසුණු ත්‍රස්‌තවාදී තත්ත්වය පිළිබඳ දකුණේ සිංහල ජනතාවට අමුතුවෙන් මතක්‌ කළ යුතු නොවේ. එකල මාපිය දෙපළ තම රැකියාවට හෝ වේවා වෙනයම් කටයුත්තකට හෝ වේවා එකවර නිවසින් බැහැර වුවත් ගමන් කළේ වෙන් වෙන්වමය. ප්‍රවාහන පහසුකම් ලබා ගත්තේ වෙන් වෙන්වමය. එA තම දරුවන්ට මව හෝ පියා යන දෙදෙනාගෙන් කවරකු හෝ රැකවරණයට ජීවත්ව සිටිය යුතුය යන තීරණය මතය. මෙසේ එකල නිවසින් බැහැර වුවහොත් නැවත ආපසු එAම පිළිබඳ ජීවිත විශ්වාසයක්‌ මේ රුදුරු ත්‍රස්‌තවාදය ඇතිකර නොතිබුණි. පාසල් ගිය දරුවාගේ ආරක්‌ෂාවට පාසල් ගේට්‌ටුව මුර කළ සමයක්‌ ද දෙමාපියන්ට තිබිණි.

බිහිසුණු හා අනපේක්‌ෂිත අයුරින් මිනිස්‌ ඝාතන සිදුකළ මේ ත්‍රස්‌ත ක්‍රියාව වරෙක ජයග්‍රාහී මාවතකට ද තවත් වරෙක සටන් විරාමයන්ට ද ලක්‌වෙමින් තිස්‌ වසරක්‌ පුරාවට ඇදී ගියේ රන්ජන් විඡේරත්න, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි අද සිටිය යුතු සිංහල දේශපාලන නායකයන් හා ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි හමුදා නායකයන් මිනිස්‌ බෝම්බවලට හෝ කාල බෝම්බවලට හසුකරමින් ඝාතනය කරමින්ය. මේ බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාව "මාවිල්ආරු" සටනින් පසු අවසන් කිරීමට අප රටේ එවකට සිටි සේනාධිනායකයාට හා රණවිරුවන්ට හැකි විය. එහිදී රණවිරුවෝ 30000 ක ගේ පමණ ජීවිත අහිමි වූහ. තවත් 14000ක්‌ පමණ පිරිසක්‌ ආබාධිත වූහ. තවත් පිරිසක්‌ අතුරුදන් වූහ.

අපේ රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර ජයග්‍රාහීව අදියරෙන් අදියර යුද්ධය අවසන් කරන විට රණවිරුවන් යුද්ධයක්‌ නොකරන බවත් කරන්නේ මවා පෑමක්‌ බවත් එය මායාවක්‌ බවත්, ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් බවත්, තොප්පිගල කියන්නේ මහ වනයක්‌ බවත්, අලිමංකඩ කියා පාමංකඩ ගිය බවත්, කිලිනොච්චි කියා මැදවච්චි ගිය බවත් කියමින් උපහාස කළ නඩය අද රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැම සඳහාත් රට දෙකඩ කිරීම සඳහාත් මානව හිමිකම් කවුන්සලයෙන් දෙපා නමැද වසර දෙකකින් නිම කිරීමට අවසර ලබාගෙන සිටිති.

ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් දෙමුහුන් අධිකරණයක්‌ ලංකාවේ පිහිටුවා අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් වශයෙන් ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් නොකරන බවට ලාංකිකයන්ට පුන පුනා කීවත්, (මෙසේ කිව යුත්තේ අපට නොව ජිනීවාහි මනව හිමිකම් කවුන්සලයට) ජිනීවා හි මානව හිමිකම් කොමිසම ලංකා රජය දෙමුහුන් අධිකරණයකින් එසේ කළ යුතුය කියා ඉදිරිපත් කළ නිර්දේශයන්ට පාර්ලිමේන්තුවෙන් හෝ ජනාධිපතිතුමාගෙන් හෝ නොවිමසා මංගල සමරවීර නම් වූ විදේශ අමාත්‍යවරයා එකඟතාව පළකර ඇතැයි සැළයි. එමෙන්ම මෙහිදී අතුරුදන් වූවන් සුරැකීමේ පනතට සංශෝධන ගෙනැවිත් විදෙස්‌ රටවල සිටින කොටි ත්‍රස්‌තයන්ට අපේ හමුදාවන්ට එරෙහිව සාක්‌ෂි දීමට අවස්‌ථාවන් ලබා දිය යුතු බව "යස්‌මිත් සුකා" නම් තැනැත්තියක විසින් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇති අතර එයට ද ලංකා රජයේ අනුමැතියක්‌ ලබා දී ඇත. රණවිරුවන් පෙළීමට මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව දේවත්වයෙන් පිළිගන්නා රජය එහි ඇති බලය බෙදාහැරීමේ කොන්දේසිවලට යටත්ව "ජනරජය" යන්න ඉවත් කර ලංකාව දෙකඩ කර ස්‌වයං රාජ්‍යයන් බිහිකිරීමේ ක්‍රියාවලියක ද අද නිරතව ඇති බවට ද ව්‍යවස්‌ථා සම්පාදන මෙහෙයුම් කමිටුවෙන්ම තොරතුරු ලැබී ඇත.

2014 මැයි මාසයේ දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් කාර්යාලයට ලංකා හමුදාව දරුණු යුද අපරාධ කළේ ද යන්න පිළිබඳව වාර්තාවක්‌ සකසා 2015 මාර්තු වන විට මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලෙස නවනීදන් පිල්ලේ මහත්මියට නියම කෙරිණ. එA සඳහා ඇය 2014 ජූලි පළමු දින සිට එහි කටයුතු අරඹා 2015 වැනි විට පරිච්ඡේද 16 කින් යුතු වාර්තාවක්‌ සකසා අපේ හමුදාව දරුණු යුද අපරාධ සිදු කළා යෑයි කියමින් ප්‍රධාන චෝදනා 11 ක්‌ ඇතිව සහ ඉන් අටක්‌ සහ ප්‍රාසාංගික චෝදනා කීපයක්‌ ද ඇතිව මේ වාර්තාව ඉදිරිපත් කර ඇත. එAවා අතර Ñහිතා මතාම නීති විරෝධී මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, දෙමළ ජනතාවට මානුෂීය ආධාර ලබා නොදීම, කාන්තාවන්ට හා පිරිමින්ට ලිංගික අතවර කිරීම, හිතා මතාම පුද්ගලයන් අතුරුදන් කිරීම, මිනිසුන්ට දරුණු වදහිංසා පමුණුවාලීම හා රෝහල්වලට මෝටාර්වලින් පහර දීම, යන චෝදනා බරපතළ අපරාධ බව එහි සඳහන් වේ.

යථෝක්‌ත චෝදනා ගොනු කිරීම සඳහා උපයෝගී කරගෙන ඇති දත්තයන් වන්නේ, ලංකා රජයේ යම් යම් වාර්තා, රාජ්‍ය නොවැනි සංවිධානවලින් ලබා ගත් තොරතුරු, සිවිල් සංවිධානවලින් ලබාගත් වාර්තා, ගැටුම් නිරීක්‌ෂණය කළ නිලධාරීන්ගෙන් ලබාගත් වාර්තා, දරුස්‌මාන් වාර්තාව, සාම විමර්ශන මණ්‌ඩලයෙන් ලබාගත් වාර්තා, යනාදියයි. නමුත් බැලූ බැල්මටම පෙනෙන්නේ මේ වාර්තා තෙවන පාර්ශ්වයක වාර්තා මිස ක්‍රියාදාමය තුළ සිටි පාර්ශ්ව දෙකෙන් ලබාගත් වාර්තා නොවන බවය. මේ සාක්‌ෂි ලබා ගැනීමේ ක්‍රමවේදය නීතිය ඉදිරියේ දෝෂ දර්ශනයට ලක්‌ කළ හැකිය. එසේ තිබියදීත් අපේ විදේශ අමාත්‍යවරයා අපේ යුද විරුවන්ට කරන චෝදනා සහිත වාර්තාව හා එහි නිර්දේශ මානව හිමිකම් කොමිසම හමුවේ අගය කරමින් පිළිගැනීම සිවිල් වැසියන්ගේ අවධානයට යොමුවී සමාජ කතිකාවක්‌ ගොඩනැඟිය යුතුව තිබුණත් මේතාක්‌ එය සිදු නොවීමෙන් රණවිරුවන්ගේ පෞරුෂය බිඳවැටීමටත් රටේ එAකීයභාවයට අනතුරක්‌ ඇතිවීමටත් හේතුවක්‌ව ඇතැයි නොසිතන්නේ මන්දැයි විශේෂයෙන්ම සිංහලයන්ගෙන් ඇසිය යුතුව ඇත. එසේ මා ඇසීමට පෙළඹුණ හේතුව වන්නේ හිටපු ජනාධිපතිනිය චෙල්වනායගම් අනුස්‌මරණ දේශනයේදී කියනු ලබන "19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හඳුන්වා දෙනු ලැබූයේ මහා ජාතියේ පාලන අධිකාරය ඉවත් කිරීමට ගනු ලැබූ ප්‍රයත්නයක්‌ ලෙසය." යන ප්‍රකාශයෙන් සිංහලයන් බෙලහීන ජාතියක්‌ කිරීමට ජාතියක්‌, ජන්මයක්‌ නැති අයවලුන් සේ කටයුතු කරන අපේම නායක නායිකාවන් යම් උත්සාහයක නියෑළී ඇති නිසාවෙන්මය.

අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් වන්නේ කිනම් ක්‍රමවේදයකට අනුව ද? යන්න විමර්ශනය කළ යුත්තේ යුද අපරාධ පිළිබඳ විශේෂඥයන්ය. අන්තර්ජාතික නීතිය යටතේ යුද අපරාධයක්‌ නිර්ණය වන්නේ අන්තර්ජාතික මානුෂීය නීති යටතේය. එA අනුව, අරන්තලා භික්‌ෂු ඝාතනය, කාත්තන්කුඩි දේවස්‌ථානයේ මුස්‌ලිම් ඝාතනය, ඩොනල්ඩ් µdම් හා කෙන්ට්‌ µdම් මිනිස්‌ සංහාරය, ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත සිල්මාතාවන් ඇතුළු බැතිමතුන් ඝාතනය, ශ්‍රී දළදා මාලිගයට කළ ප්‍රහාර හා ඝාතන ආදිය නිරායුධ සිවිල් වැසියන්ට එල්ල කළ දෙමළ ඊළාම්වාදීන්ගේ ප්‍රහාර යුද අපරාධයන් නොවන්නේ දැයි විමසිය යුතුය. එනමුත් අපේ රණවිරුවන් යුද අපරාධ නොකළ බවට ශ්‍රීමත් ජෙµaරිතායිµa, ශ්‍රීමත් ඩෙස්‌මන් ද සිල්වා, රාජ නීතිඥ රොඩ්නි ඩික්‌සිත්, මේජර් ජෙනරාල් ජෝන් හොµaස්‌ යන යුද අපරාධ විශේෂඥයන්ගේ එකදු වාර්තාවක්‌වත් පාදක සටහන් වශයෙන් නොගෙන මංගල සමරවීර තම අනුග්‍රහය ජයග්‍රාහී ලංකා හමුදාවන්ට එරෙහිව පරාජිත දෙමළ ඩයස්‌පෝරාවේ හා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් අනුව කටයුතු කිරීමට පොරොන්දු වීම සිංහලයන් අසරණ කිරීමට ගත් කූට ප්‍රයත්නයකි. මේ ගිවිස ගැනීමත් සමඟම, ලංකාවේ අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලයක්‌ පිහිටුවීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ගෙන එAම, එම ප්‍රඥප්තියට පාර්ලිමේන්තුවට නොකියාම අත්සන් කිරීම, යුද අපරාධ සෙවීමට ක්‍රියාකාරී සැලැස්‌මක්‌ සඳහා උපදේශක කමිටුවක්‌ පිහිටුවීම, යන කරුණු දැන් සිංහලයන්ට එරෙහිව සම්පූර්ණ කර ඇත.

මේ උපදේශක කමිටුව පිහිටුවා ඇත්තේ හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙනි. එA අනුව මේ කමිටුව, ජිනීවා යෝජනාවලියේ ඇති 39 වැනි නිගමනය ක්‍රියාත්මක කළ යුතුය යන මතයේ සිට එහි 20 කාරණය වන දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවා යුද අපරාධ කළ හමුදා නිලධාරීන් මේ අධිකරණය ඉදිරියට ගෙනැවිත් නඩු විභාග කළ යුතුය. 36 කියවෙන්නේ දෙමුහුන් අධිකරණ විමර්ශනයෙන් වැරදිකරුවන් වන නිලධාරීන්ට ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කොට දඬුවම් පැමිණ විය යුතු බවය. තව නොබෝ දිනකින් අපේ රණවිරුවන් දෙමළ ජාතිකයන්ගේ දිවුරුම් ප්‍රකාශන මත මේ අධිකරණවල පෙනී සිටිනු ඇත. ඇප නොලබමින් සිරගත වනු ඇත. රණවිරුවන් මෙන්ම සිංහල ජාතියම පාවා දුන් මේ නවනීදන් පිල්ලේගේ 2015 මාර්තු ලියවිල්ල පිටුදැකිය යුතුය. මෙවැනිම වාර්තාවක්‌ මීට වර්ෂ දෙසීයකට මත්තෙන් එනම් 1815 මාර්තු මාසයේ උඩරට වැසියන්ට සුදු පාලකයන් ඉදිරිපත් කරන විට එය එදා සිංහලයන් භාර ගත්තේ සංශෝධනය කිරීමකින් පසුව බව මතක්‌ කළ යුතුය. එවැනි සංශෝධනයක්‌ 2015 ලියවිල්ලට පසුව හෝ ඉදිරිපත් කිරීමට හැකි නම් එය සිංහලයන්ගේ ජයග්‍රහණයක්‌ වනු ඇත.

2015 මාර්තු මාසේ නවනීදන් පිල්ලේ ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ රට පවරා ගැනීමේ වාර්තාවත් 1815 මාර්තු මාසයේ උඩරට සුදු අධිරාජ්‍යයට පවරාදීමේ වාර්තාවත් අතර වෙනසක්‌ ඇත. එනම් 1815 උඩරට ගිවිසුම උඩරැටියන් විසින් සංශෝධනය කරමින් සකස්‌ කර බටහිරයන් කොන්දේසි ගණනාවකට යටත් කර අත්සන් ගැනීමය. නමුත් 2015 ගිවිසුම ඇමරිකන් ගැති නවනීදන් පිල්ලේ වැනි බටහිරයන් සහ දෙමළ ඩයස්‌පෝරාව එAක පාක්‌ෂිකව සකස්‌ කර එයට යටත්වන බවට අපෙන් අත්සන් කරවාගෙන ඇත. මේ වාර්තාවේ කොන්දේසි ක්‍රියාත්මක වුවහොත් දේවානම්පියතිස්‌ස මහ රජු බෞද්ධ රාජ්‍යයක්‌ බවට පත් කළ මේ සිංහලය, දුටුගැමුණු හා මහා පරක්‍රමබාහු යන වීරෝදාර මහ නරවිරුවන් විසින් එක්‌සේසත් කළ මේ සිංහලද්වීපය, මහාමාන්‍ය ඩී. ඇස්‌. සේනානායක වැනි උපක්‍රමශීලී නායකයන් විසින් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් මුදවා ගත් මේ ලංකාව සිරිමාවෝ ඩයස්‌ බණ්‌ඩාරනායක මැතිනිය ජනරජයක්‌ බවට පත් කළ මේ ශ්‍රී ලංකාව, කලාප රාජ්‍යයන් ඇති බෙදුණු රටක්‌ වනු ඇත. එවැනි කලාප රාජ්‍යයන්ගෙන් තොර එAකීය ශ්‍රී ලංකා ජනරජයක්‌ වශයෙන් පවත්වාගෙන යැමේ භාරධූර වගකීම පැවරී ඇත්තේ ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටය. එතුමා එය අධිරාජ්‍යවාදී ගැත්තන්ගේ හෝ දෙමළ ඩයස්‌පෝරාවේ බලපෑමට යටත් නොවී අපේ රට හා රණවිරුවන් ආරක්‌ෂා කරනු ඇතැයි අපේ දෘඪතර විශ්වාසයයි. 1818 වර්ෂයේ ඇති වූ නිදහස්‌ අරගලය මෙන් සිංහල අරගලයක්‌ 2018 වර්ෂයේදී ඇති නොවේවායි ප්‍රාර්ථනය කරමි.

තෙරුවන් සරණයි!
 

No comments: