Thursday, April 27, 2017

දත් මැදලා දමන දැහැටි දණ්ඩක් සේ මෙන - සැලකුම ලබන රණවිරුවෝ


උවමනා වෙලාවට පමණක් කැදවන ඉන්පසු හත්පොලේ  ගසන නින්දා අපහාස මෙන්ම විව්ධාආකාරයේ අසාධාරණ  චෝදනා ලබන අපේ රටේ එකම රාජ්‍ය සේවය වන රණවිරුවන් ගැන බෙන්ගමුවේ නාලක හිමියන් දිවයින පත්‍රයෙන් දක්වා ඇති  අදහස  කියවීම සුදුසුය. 

සමරසේකර  

රණවිරුවන්ට
ඇයි මේ හිරිහැර හා නොසැලකිලි ?





මෙරට අද දේශපාලකයින්, වෘත්තිකයින්, ශිෂ්‍යයන් හා ගුරුවරුන්, ව්‍යාපාරිකයන්, ගොවියන් හා කම්කරුවන් යන සියලු දෙනාම බියෙන් සැකෙන් තොරව තම තමන්ගේ කටයුතු කරගෙන යනුයේ තිස්‌ අවුරුද්දක්‌ පුරා පැවති බිහිසුණු දෙමළ ත්‍රස්‌තවාදය නිමාකළ නිසයි. 2009 මැයි 19 වන දා ප්‍රභාකරන් ද ඝාතනය කර ත්‍රස්‌තවාමින් පරාජය නොකළා නම් රටේ කිසි කෙනෙකුට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට ඉඩ නොලැබේ. සියලු දෙනාට එසේ ජීවත් වීමට මග හැදුවේ රණවිරුවන්ය. ඔවුන් අතරින් 30 000 ක්‌ පමණ දෙනා ඒ වෙනුවෙන් ජීවිත පූජා කළහ. ඉන් අඩක්‌ පමණ පිරිසක්‌ ආබාධිත තත්වයට පත් වූහ. මේ හේතුවෙන් අසරණ වූ රණවිරු පවුල් 50 000ක්‌ පමණ වෙති.

එදා රණවිරුවන්ට සිංහල අවුරුදු හා වෙනත් උත්සව කිසිවකටත් සහභාගී වීමට නොහැකි වූයේ ඔවුන් යුද බිමෙහි රැකවල් ලා ගෙන සිටි නිසයි. උත්සවවලට ගෙදර ආවා නම් කොටියා මහ විනාශක්‌ කරනු නියතය. තම බිරිඳට දරුවකු ලැබෙන අවස්‌ථාවක හෝ පැමිණිය නොහැකි වූ රණවිරුවන් බොහෝය. ඔවුන් එදා ඒ සා විශාල කැපවීමක්‌ කළේ මුදලට නොවේ. රට හා ජනතාව රැක ගැනීමේ උතුම් අරමුණින්ය. ඒ බව වටහා ගත් භික්‌ෂූන්වහන්සේ හා සමාන්‍ය ජනතාව රට පුරාම විහාරස්‌ථාන වල බෝධි පූජා ආදී පිංකම් පවත්වමින් රණවිරුවන්ට ආශීර්වාද කළහ. රණවිරුවන්ගේ අගය වටහා ගත් අපි 1985 සිට ත්‍රස්‌තවාදය අවසන් වූ අවස්‌ථාව දක්‌වා වසර 24ක්‌ පුරා යුධ බිම් හා ඒ ආශ්‍රිතව සිටිමින් ත්‍රස්‌තවාදය මැඬලීමට අපට දිය හැකි උපරිම සහාය ද ලබා දුනිමු. ඒ නිසාම රණවිරුවන්ගේ කැපවීම් හා එහි අගය ද අන් බොහෝ දෙනාට වඩා අපි ඉතා හොඳින් දනිමු.

එදා කොටි ත්‍රස්‌තවාදය නිසා සිංහල අවුරුද්දට දෙමාපියන් අඹුදරුවන් සමග ගෙදරට පැමිණ සතුටු වීමට නොහැකි වූ රණවිරුවන් අතරින් ඇතමෙකුට අද බන්ධනාගාරගතව සිටීම නිසා ඒ සතුට විඳගැනීමට නොහැකි වී ඇත. එහිදී රණවිරුවිරුවන් තනි නොකළ යුතු බවත් ඔවුන්ගේ දරු පවුල්වලට ද සැලකිය යුතු බවත් වටහා ගත් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හා ජාතික හිමිකම් සංවිධානය වැනි සංවිධාන සිරගත කොට සිටින රණවිරුවන්ගේ නිවෙස්‌ වලට ගොස්‌ තෑගි භෝග පිරිනමා අලුත් අවුරුද්දට ඔවුන්ට ආශීර්වාද කිරීමට ද කටයුතු යෙදූහ.

එහෙත් බොහෝ දෙනාට විශේෂයෙන් රණවිරුවන්ගේ ස්‌වාමියා වන රජයට එසේ කිරීමට සිතක්‌ වත් පහල වූයේ නැත.

අවුරුදු දිනවල මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමෙන් සිදු කෙරුණේ ස්‌වභාවධර්මයා විසින් ආණ්‌ඩුවට අනතුරු ඇඟවීමක්‌ කිරීම දැයි විටක සිතේ. එම සිද්ධිය මුල්කරගෙන රජය තම නොහැකියාව පිළිගෙන කටයුතු කරනු වෙනුවට උසාවි නියෝග පවා ගෙන විරෝධතා කරුවන්ට හිරිහැර කරන්නට විය.

මේවා හමුවේ රංජිත් මැල්කම් කාදිනල් හිමිපාණන් විසින් රජය සියදිවි නසා ගැනීමක්‌ කරගනිමින් සිටින බව ප්‍රකාශ කිරීම ද ආණ්‌ඩුව තදින් සිතට ගත යුතු කරුණකි.

මෙසේ කුණු කන්ද කඩා වැටීමෙන් පීඩාවට පත් වූ ජනතාවට පිළිසරණ වූයේ ද රණවිරුවන්මය. ඉදිරියේදී රජයට එරෙහිව ඇති විය හැකි විරෝධතා මැඬලීමට සරත් ෙµdන්සේකාගේ නායකත්වයෙන් බලකායක්‌ පිහිටුවීමට ද ජනාධිපති නියෝග කර ඇති බව මාධ්‍ය වල පලවී තිබුණි. මෙය බලකායක්‌ නොව බලුකායක්‌ යෑයි හැඳින්වීමට ජනතාව පෙළඹුනොත් එහි අරුමයක්‌ නැත. එවැන්නකට රණවිරුවන් යොමු කළ විට ජනතාව තුළ ඔවුන් පිළිබඳව දැනට තිබෙන ගෞරවය ද නැතිව යනු ඇති අතර රජය කෙරෙහි ද තව තවත් අප්‍රසාදය ඇති වීම වළක්‌වාලිය නොහැක.

ආණ්‌ඩුවේ දුර්දාන්ත වැඩ වලට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යොදා ගන්නා විට එය ආණ්‌ඩුවට පාරා වළල්ලක්‌ වීමට ද ඉඩ ඇති බව අණ්‌ඩුව වටහා ගත යුතුය. රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ත්‍රස්‌තවාදීනට එරෙහිව සටන් වැදුණේ ආණ්‌ඩුවේ නියෝගයෙන් වුවත්a එම නියෝගයට ද වඩා රට ජාතිය වෙනුවෙන් ජීAවිත පූජා කිරීමේ උතුම් පරමාර්ථය ඔවුන් තුළ පැවති බව අපි ඉතා හොඳින් දනිමු.

එවන් උතුම් පරමාර්ථයකින් කටයුතු කළ රණවිරුවන්ට සැළකීම වෙනුවට නොසළකා හැර දමා හ§රිහැර කිරීම ද වත්මන් ආණ්‌ඩුවේ ආශීර්වාදය මත සිදුවන බව මැනවින් පැහැදිලි වන්නකි.

ආණ්‌ඩුව මේ අන්දමින් රණවිරුවන් ඔප්පු කළ හැකි පැහැදිලි චෝදනාවක්‌ නැතිව ඇප නොදී බන්ධනාගාර ගත කර හිරිහැර කරනුයේ කාගේ වුවමණාවටද? පැහැදිලි උත්තරය නම් දෙමළ බෙදුම්වාදීන්ගේ හා ඔවුන්ට සහාය වන බලවතුන්ගේ වුවණාවටය යන්නයි. ආණ්‌ඩුව එසේ කරන්නේ ඇයි? 2015 මහින්ද පැවති පරාජය කොට යහපාලනය බිහි කළේත් ඉන් පසුව හවුල් ආණ්‌ඩුව පවත්වාගෙන යැමට උපකාර හා උපදෙස්‌ ලබා දෙන්නේත් දෙමළ බෙදුම්වාදීන් හා ඔවුන්ට සහාය වන බටහිර බලවතුන් හා ඉන්දියාව නිසයි. ඔවුන් කියන ලෙස කටයුතු කරනු විනා වෙනත් දෙයක්‌ කිරීමට රජයට හැකියාවක්‌ නැත. ත්‍රස්‌තවාදය පෝෂණය කොට වර්ධනය කළේත් දෙමළ බෙදුම් වාදීන් හා ඉන්දියාව ඇතුළු බටහිර රටවල්ය. ත්‍රස්‌තවාදය පරාජය කිරීම ඔවුන්ට රුස්‌සන්නේම නැත.

ඒ නිසා ත්‍රස්‌තවාදය පරාජය කළ රජය බිඳ දැමූ ඔවුහු ඒ සදහා කැප වී ක්‍රියා කළ රණවිරුවන්ට ද දඬුවන් දීමට පෙළඹී සිටිති. කටුනායකට පහර දී විශාල විනාශක්‌ කළ කොටියා නිදහස්‌ කර කිලෝ 1200ක බෝම්බයක්‌ පුපුරවා මුළු කොළඹම විනාශ කිරීම වලක්‌වා ලු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා සිරගත කොට තබා ඇත්තේ මේ පසුබිම යටතේය.

රණවිරුවන්ගේ ගෞරවය රැක දී ඔවුන් පෝෂණය කළ යුතු මෙන්ම ඔවුන්ගේ පවුල් වලට ද සැලකිය යුතු රජය රණවිරු දරුවන් 80 දෙනෙක්‌ පමණක්‌ තෝරාගෙන ජනපති අතින් ඔවුන්ට තෑගි භෝග දී රණවිරුවන්ට සලකන බව රටට පෙන්වා දීමට උත්සාහ කළ ද ආණ්‌ඩුව රණවිරුවන්ට නොසලකන බව හා ඔවුන්ට හිරිහැර කරන බව අද මුළු රටම දනිති. ඒ හමුවේ අද අපට සදහන් කිරීමට ඇත්තේ Ñ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව යන සිංහල උපහැරනය පමණි.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි.
ජාතික හිමිකම් සංවිධානය - සභාපති.
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණ - ලේකම්.

No comments: