Monday, April 3, 2017

පත්තර වලින් තොරතුරැ බලා තීරන ගන්නා අය මෙි පත්තර කෑල්ල නොබැලුවොත් .... ජාතික අාරක්ෂාව ජලාහුටානා වෙයිද

පත්තර වලින් තොරතුරැ බලා තීරන ගන්නා අය මෙි පත්තර කෑල්ල නොබැලුවොත් .... ජාතික අාරක්ෂාව ජලාහුටානා වෙයිද
සමරසේකර

විරුවන් මදිවට බිරියන්ද කැඳවන
රණවිරු දඩයමේ අලුත්ම කලාව


බුලත්වත්තට තවම ඇප නෑ
සුමිත් රණසිංහටයි මාපාටයි කුමක්‌ වෙයිද?

එක්‌ පැත්තකින් රට බේරාගත් රණවිරුවන් යුද අපරාධකරුවන් කර අප උපන් මේ මාතෘ භූමිය බෙදුම්වාදයෙන් වනසා දැමීමට සැරසෙන විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ ජිනීවා වියරුවය. තවත් පැත්තකින් එල්ටීටීඊයේ ම්ලේච්ඡත්වය හමුවේ දිවි පරදුවට තබා අප සහ රට බේරා ගත් රණවිරුවන් දඩයම් කෙරෙන ආණ්‌ඩුවේ පොලිස්‌ වියරුවය.

අපට නම් දැනෙන්නේ එය හරියට ඉතිහාසයේ දිනෙක දුටුගැමුණු කුමරුන්ට වකුටුව නිදන්නට හේතු වූ කාරණා වැනි යෑයි ලෙසිනි. මේ හමුවේ ආණ්‌ඩුව අද සිටින්නේ කාවන්තිස්‌ස න්‍යායේය. ඉතින් ජනතාවට දැන් කරන්නට ඉතිරිව ඇත්තේ යහපාලනයේ ඇතැම් උත්තමයන්ට මාල, වළලු, කරාබු පමණක්‌ නොව අන්තිම එකේ සිට ලිප්ස්‌ටික්‌, ක්‍යqටෙක්‌ස්‌, අයිබ්‍රොa ආදී ලෙසින් වූ සියල්ල සමඟ ස්‌ත්‍රී වස්‌ත්‍රාභරණ යෑවීමටය.

අද රට ගැන කතා කිරීමේදී කියන්නට ඇති කතාව එය වුවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් යළිත් වරක්‌ දැන් රට බේරාගත් රණවිරුවන් අරබයා එක්‌ වැදගත් ප්‍රකාශයක්‌ කර ඇත. ඉකුත් 29 වැනිදා කුරුණෑගල ආරක්‍ෂක සේවා විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක්‌ විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ලැබීය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ කවුරුන් කුමක්‌ කීවත් ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කළ රණවිරුවන් විත්තිකරුවන් කිරීමට තමන් කිසිසේත්ම ඉඩ නොතබන බවකි. ජනාධිපතිවරයාගේ එකී ප්‍රකාශයට මුලින්ම අපි අපේ ප්‍රණාමය පුද කරන්නෙමු.

එසේම ජාතික ආරක්‍ෂාව පසෙක තිබියදී පෞද්ගලිsක අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වී අපරාධ කළ අය සිටීනම් ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරන බවක්‌ද ජනාධිපතිවරයා එහිදී පැවසීය. අපි එයද අගය කරන්නෙමු.

මෛත්‍රිපාල සිරිසේන රජයේ එකී ප්‍රතිපත්තිය ඉතාම නිවැරදිය. අපරාධ කළ වුන් සිටී නම් ඔවුන්ට දඬුවම් දීම අනිවාර්යයෙන් සිදු විය යුතුය. එහෙත් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරද්දී අද සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද?

ජිනීවා ගිය විදේශ ඇමැති මංගල සමරවීර මහතා යුද අපරාධ විමර්ශනය සඳහා රණවිරුවන්ට එරෙහි විදේශීය අධිකරණ ක්‍රියාවලියකට අත ඔසවද්දී ජීවිත පරදුවට තබා මේ රට බේරාගත් බුද්ධි අංශ රණවිරුවන්a සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සීඅයිඩීය ආණ්‌ඩුවේ රණවිරු ප්‍රතිපත්තියට පයින් ගසා නින්දිත පාවාදීමක්‌ සිදු කරමින් නොසිටින්නේද?

ජනාධිපතිතුමනි, මේ මොහොතේත් සිදු වෙමින් තිබෙන්නේ ජාතික ආරක්‍ෂාව සහ රට වෙනුවෙන් පෙනී සිටි යුද සහ නාවික හමුදා රණවිරුවන් අමානුෂික ලෙස දඩයම් කිරීමක්‌ බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. එකී දඩයම හමුවේ අද බිඳ වැටී තිබෙන්නේ නම් ජනාධිපතිවරයා කියන ජාතික ආරක්‍ෂාවය.

පොලිසිය මෙසේ රණවිරු දඩයමක යෙදී සිටිද්දී ජාතික ආරක්‍ෂාව බිඳ වැටී ඇතැයි කියමින් ඒ පිළිබඳ අද රජයට අනතුරු අඟවන්නේද පොලිසියම ය. අප එසේ පොලිසියේ ක්‍රියාවලිය තුළ සිදු වෙමින් තිබෙන්නේ බුද්ධි අංශ දඩයමක්‌ යෑයි කියනුයේ කුමක්‌ නිසාද? ඒ විමර්ශන මුවාවෙන් සිදුවන ඇතැම් දේ හමුවේය.

විවිධ එන්ජීඕ නඩ මෙන්ම ඉකුත් කාලයේ ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවට ගොස්‌ අමු අමුවේ රට සහ රණවිරුවන් පාවාදුන් ෙද්‍රdaහීන්ට මාධ්‍යවේදියකු වූ ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය යනු 2015 ජනවාරි 8 වැනිදායින් පසු බුද්ධි අංශ රණවිරුවන්ට චෝදනා කරමින් රහස්‌ පොලිසිය ආරම්භ කළ මුල්ම විමර්ශනය විය.

එහිදී සිදු වූයේ කුමක්‌ද? මළ මිනියක්‌ නැති මිනී මැරුමකට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් නව දෙනකු සිරගත කෙරිණ.

එක්‌නැලිගොඩ මැරුණාද, මැරුවාද සහ ඔහුට සිදු වූයේ කුමක්‌ද එක්‌නැලිගොඩ ජීවත් වන්නේද යන්න අදටත් විමර්ශකයෝ නොදන්නාහ. එහෙත් ඔවුන් එසේ අසමතුන් වුවද අපට කැකිල්ලේ කතාව සිහි ගන්වමින් දණ්‌ඩනීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ එම බුද්ධි නිලධාරීන්ට මිනී මැරුම් චෝදනා එල්ල කර ඇත.

එසේ කලු කපුටා සුදු කරන අයුරින්a එක්‌නැලිගොඩ විමර්ශනය ආරම්භ කළ ඔවුන් ඒ සම්බන්ධයෙන් අද සිදු කරමින් සිටින්නේ කුමක්‌ද? එක්‌නැලිගොඩ විමර්ශනයට අනුව ඔවුන්ට දැන් බරපතළම ගැටලුවක්‌ වී තිබෙන්නේ සිරගත කළ බුද්ධි අංශ නිලධාරීනA බන්ධනාගාරගතව සිටි කාලය තුළදී ආහාර ගත්තේ කෙසේද සහ කෑවේ මොනවාද යන්නය.

එක්‌නැලිගොඩ කතාව පැත්තක තිබියදී එසේ ආහාර ගත් ආකාරය පිළිබඳ පුළුල් විමර්ශනයක්‌ අරඹා ඇති ඔවුන් ඉකුත් දිනක එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ හිටපු ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්නගේ බිරිඳව ද සීඅයිඩීයට කැඳවා ප්‍රකාශයක්‌ ගනු ලැබීය.

එසේම ඝාතනයට ලක්‌වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ රියෑදුරා පැහැර ගත්තේ යෑයි කියමින් ඇල්ලූ ප්‍රේමානන්ද උදලාගම සහ ඔහුගේ බිරිඳවද කැඳවීය.

තම සැමියන් එදා රට රැකුමට ගොස්‌ සිටියදී දූ දරුවන් රැක බලාගෙන ජීවිත සටනට මුහුණ දුන් විහාරමහා දේවී පරපුරට අයත් මේ අම්මලා එසේ පොලිසියට කැඳවද්දී එකී නිවෙස්‌වල ඇතිවූයේ කුමන තත්ත්වයක්‌ද? විමර්ශකයෝ මේවා නොදන්නාහ.

එහෙත් ඔවුන් එසේ සීඅයිඩීයට කැඳවද්දී ඔවුන්ගේ දරුවෝ හඬා වැළපෙන්නට වූහ. පියාට කළ දේම මවටත් කරනු ඇතැයි යන භීතියෙන් එම දරුවෝ නොකා නොබී දවස ගෙවූහ. එය මොනතරම් පාපයක්‌ද? කාලකණ්‌ණි වැඩක්‌ද?

මේවා හමුවේ නම් අද මේ විමර්ශන සිදු කරන ලෝකල් ෂර්ලොක්‌ හෝම්ස්‌ලාට කියන්නට දෙයක්‌ද අපට ඇත. ඒ නුඹලා හිතුවක්‌කාරී ලෙස සිදු කරන මෙවන් දේ අනාගතයේ දිනක නුඹලාටත් පාරාවළල්ලක්‌ වනු ඇතැයි කියා අපට නිකමට මෙන් කල්පනා වන්නේ යෑයි කියාය.

ජනාධිපතිතුමනි, ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූවේයෑයි කියන සිද්ධිය අදාළ වන්නේ ඉකුත් 2010 වසරටය. අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් බන්ධනාගාරයේ සිට ආහාර ගන්නේ ඉකුත් 2015 මැද සිට 2016 මැද භාගය දක්‌වාය. එසේ නම් රහස්‌ පොලිසිය සිදු කරන එක්‌නැලිගොඩ විමර්ශනයට මෙකී ආහාර කතාව සම්බන්ධ වන්නේ කුමන පදනමකින්ද? අප එසේ විමසන්නේ සේනාධිනායකයා ලෙස රණවිරුවන් විත්තිකරුවන් කරන්නට නොදෙන්නේ යෑයි ඔබතුමා පවසන නිසාය.

මේ දෙක අතරේ කිසිදු සම්බන්ධයක්‌ නැත. එසේ නම් විමර්ශකයන් මෙසේ කටයුතු කරනුයේ බුද්ධි නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් පීඩාවට පත් කර සමස්‌ත යුද හමුදා බුද්ධි නිලධාරීන් තුළ කලකිරීමක්‌ ඇති කරවා ඔවුන් අධෛර්යයට පත්කරමින් කාගේ හෝ කොන්ත්‍රාත්තුවක්‌ ඉටු කිරීමට විය නොහැකිද?

බුද්ධි අංශ නිලධාරීන් සිරගතව සිටියදී ගනු ලැබූ ආහාර ගැන විමර්ශන සිදුකරන අයට මෙහිදී වැඩේ පහසු කරගනු සඳහා දෙන්නට පුංචි ඉඟියක්‌ නම් අප සතුව ඇත. ඒ හැකි විගස ගොස්‌ වැලිකඩ බන්ධනාගාරයේ වැසිකිළි වළ පිළිබඳ විමර්ශන කරන්නට යෑයි කියාය. මන්ද හිරේ සිටි බුද්ධි නිලධාරීන් ඒ දිනවල අනුභව කළ සියල්ලේ අවසන් ප්‍රතිඵලය තිබෙන්නේ එතැනය.

එසේ කර අවශ්‍ය නම් එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් පිරිසක්‌ සමඟ ත්‍රිකුණාමලය නාවික කඳවුරට ගොස්‌ භූගත වධකාගාරයක්‌ යෑයි කී ස්‌ථානයක්‌ පරීක්‍ෂා කර එහි තිබූ සුනඛ ඇටසැකිල්ලක්‌ මිනිස්‌ සිරුරක කොටස්‌ යෑයි පවසා රජයේ රස පරීක්‍ෂක වෙත යෑව්වා සේ වැලිකඩ වළෙන් සාම්පලයක්‌ ගෙන පරීක්‍ෂණයකට යෑව්වේ නම් වැඩේ හරියටම හරිය.

එක්‌නැලිගොඩ විමර්ශනය අස්‌සේ සිරගත කළ නිලධාරීන්ට ආහාර යෑවූ අන්දම සොයමින් අද මොවුන් මේ කරන්නට සැරසෙන්නේ කුමක්‌ද? ඒ යම් හමුදා සෙබළෙක්‌ ඒ දිනවල කෑම රැගෙන බන්ධනාගාරයට ගියේ නම් ඔහු කඳවුරෙන් පැන ගිය අයකු බවට චෝදනා කිරීමට සහ එසේ කෑම රැගෙන යැමට හමුදා වාහන භාවිත කළේ නම් රජයේ දේපළ අවභාවිත කළ බව කියමින් එකී බුද්ධි නිලධාරීන්ට තවත් චෝදනාවක්‌ එල්ල කිරීමට විය නොහැකිද?. සිදු වෙමින් තිබෙන්නේ එය නම් ඒක මොනතරම් තුට්‌ටු දෙකේ වැඩක්‌ද?

එක්‌නැලිගොඩ විමර්ශනය ඒ අන්දමට සිදු කරමින් සිටින මොවුන් අද වැල්වත්තේදී තරුණයන් පස්‌දෙනකු පැහැරගෙන ගොස්‌ කප්පම් ගත්තේ යෑයි පවසමින් නාවික හමුදා බුද්ධි නිලධාරීන්ට එරෙහිව කරන විමර්ශනයේදී කටයුතු කරමින් සිටින්නේද ඒ ආකාරයටම ය.

ජනාධිපතිතුමනි, මේ තරුණයන් පැහැර ගත්තේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ ආරක්‍ෂක නිලධාරියකු ලෙස යුද සමයේ කටයුතු කළ ලුතිනන් කමාණ්‌ඩර් සම්පත් මුණසිංහ ඇතුළු පිරිසකි. ඒ බව තහවුරු කරන්නේ අප නොව සීඅයිඩීයම ය.

පොලිසියට අනුව සම්පත් මුණසිංහ ඇතුළු පිරිස මේ තරුණයන් පැහැරගෙන ගොස්‌ මාස හයක්‌ පමණ කොළඹ නාවික හමුදා මූලස්‌ථානයේ තැනක රඳවා තබාගෙන පසුව ත්‍රිකුණාමලය නාවික කඳවුරට ගෙන ගොස්‌ කප්පම් ඉල්ලා මරා දමා ඇතැයිද පැවසෙන්නේය..

එහෙත් දැන් ඒ සම්බන්ධයෙන් දණ්‌ඩනීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මරුම් චෝදනා එල්ල කරමින් සිරගත කර ඇත්තේ කාවද? සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් හෝ අන් කිසිවකුත් නොව, ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානියාව සිටිමින් මේ රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක්‌ ඉටු කළ කමාණ්‌ඩර් සුමිත් රණසිංහවය.

මෙහිදී ඔහු කළ එකම වරද වී තිබෙන්නේ (පොලිසිය අධිකරණයට කියා ඇති අන්දමට) වැල්ලවත්තෙන් තරුණයන් පිරිස පැහැර ගන්නා නේවි සම්පත් ඇතුළු කණ්‌ඩායම එම තරුණයන් ත්‍රිකුණාමලය නාවික කඳවුරට රැගෙන ආ කාලයේ ත්‍රිකුණාමලය නාවික බුද්ධි ප්‍රධානියාව සිටීමද?

එසේ නම් එය හතරබීරි කතාවක්‌ම නොවන්නේද? එහෙත් සීඅයිඩීය එසේ හතරබීරි වැඩ කරද්දී අද සුමිත් රණසිංහලා වැනි සැබෑ රණවිරුවන්ට සිදුව ඇත්තේ සිරගතව දුක්‌ විඳින්නටය. එසේ වන්නේ කුමන අවාසනාවකටද?

තරුණයන් පැහැර ගත්තේ නේවි සම්පත් ඇතුළු පිරිසක්‌ බව අනාවරණය වී තිබියදී ඔවුන්ට දඬුවම් නොකර මෙසේ වටේ යමින් සැබෑ රණවිරුවන් එයට පටලවන්නේ කුමක්‌ නිසාද? මේ ඉටු කෙරෙමින් තිබෙන්නේ විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ වුවමනාවක්‌ද?

දැනට මේ ආකාරයෙන්ම සිරගත කර සිටින යුද සමයේ දකුණ රැක ගන්නට සුවිශාල මෙහෙයක්‌ කළ නාවික හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කමාණ්‌ඩර් අනිල් මාපාට සිදුව ඇත්තේද එවන්ම වූ අසාධාරණයකි. ඔහුට එල්ල කර ඇති චෝදනාව වන්නේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ ඝාතනය කළේ යෑයි යන්නය.

එම පැහැර ගැනීම කළ බව කියන කපා දැමු වෑන් රථයක්‌ද වැලිසර නාවික කඳවුරේ තිබී සොයා ගත්තේ යෑයි පොලිසිය සඳහන් කර ඇත. එහෙත් මේ වෑන් රථය කුමක්‌ද? එය ඉකුත් යුද සමයේ කොළඹ ප්‍රහාරයකට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඒමේදී සැකපිට නාවික හමුදාව අත්අඩංගුවට ගත්තකි.

ලුතිනන් කමාණ්‌ඩර් අනිල් මාපා ඇතුළු බුද්ධි නිලධාරීන් එය කැබලිවලට කපා පරීක්‍ෂා කරනු ලැබුවේ එහි අසුරා තිබූ පුපුරණ ද්‍රව්‍ය සොයන්නටය. එහෙත් පොලිසිය කියන්නේ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස්‌ වෑන් රථය කපා දැමුවේ යෑයි කියාය. පැහැරගත්තේ යෑයි කියන ව්‍යාපාරිකයන් පිළිබඳ කිසිදු සාක්‍ෂියක්‌ නැත. එසේ වුවද පොලිසිය කියන කතා හමුවේ අනිල් මාපලා වැනි රණවිරුවන්ට සිදුව ඇත්තේ හිරේ තපින්නටය.

මාධ්‍යවේදී කීත් නොයාර් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් බුලත්වත්ත ඇතුළු රණවිරුවන් පිරිසටද අද සිදුව ඇත්තේ මෙවන් ම වූ අසාධාරණයකි.

රහස්‌ පොලිසිය බුලත්වත්ත ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දුරකථන දත්ත පරීක්‍ෂාවකට අනුවය. කීත් නොයාර් පැහැරගත් දිනයේ ඔහුගේ දුරකථනය ක්‍රියාත්මක වූ ප්‍රදේශයේම බුලත්වත්තගේ දුරකථනයද ක්‍රියාත්මක වී ඇති බව ඔවුන් කියන්නේය.

බුලත්වත්ත යනු බුද්ධි නිලධාරියෙකි. බුද්ධි නිලධාරීන් යනු ලිං මැඩියන් සේ එක තැනකට වී රාජකාරි කරන්නන්ද නොවේ. ඔවුහු තොරතුරු ඔස්‌සේ විවිධ තැන්වලට යති. එය කෙසේ වෙතත් බුලත්වත්තලාට එරෙහිව එසේ චෝදනා ගොනු කර හඳුනා ගැනීමේ පෙරට්‌ටුවකට යොමු කර තිබුණද දැනට ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටින කීත් නොයාර් ඔවුන් හඳුනා ගන්නට මෙරටට නොපැමිණියේය.

එහෙයින් ඉකුත් බ්‍රහස්‌පතින්දා (30 වැනිදා) එකී චෝදනාව යටතේ බන්ධනාගාරගතව සිටි බුලත්වත්තලාට ඇප ලබා දෙන්නට ගල්කිස්‌ස අධිකරණය ක්‍රියා කළේය. එහෙත් ඒ සමගම සිදු වූයේ කුමක්‌ද? බුලත්වත්තලා රිවිර කර්තෘව සිටි මාධ්‍යවේදී උපාලි තෙන්නකොන් පැහැරගැනීමටද සම්බන්ධයෑයි පවසමින් සීඅයිඩීය ඔවුන්ට තවත් චෝදනාවක්‌ එල්ල කළේය.

එකී චෝදනාව පිළිබඳ කතාව අයත් වන්නේ ගම්පහ අධිකරණයට බැවින් අවසානයේ ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත්වරයා බුලත්වත්තලාව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට දැනුම් දෙමින් ඔවුන්ව යළි රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.

මේ ආකාරයට ඉදිරියේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේද මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස යෑයි රහස්‌ පොලිසිය කියන්නට බැරි නැත. අද මේ විමර්ශන සිදු කෙරෙනුයේ එතරම්ම නින්දිත ආකාරයට ය.

පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතනය කළේ යෑයි චෝදනා එල්ල කර අධිකරණය මගින් නිදොස්‌ කොට නිදහස්‌ කරනු ලැබූ නාවික හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කමාණ්‌ඩර් හෙට්‌ටිආරච්චිවද වැල්ලවත්තේදී තරුණයන් පැහැරගත් නේවි සම්පත්ලාගේ සිද්ධියට අදාළව යළි සීඅයිඩීයට එන ලෙස දැනටමත් දැනුම් දී තිබීමෙන්ද පැහැදිලි වන්නේ ඔවුන් අද සිදු කරන අසාධාරණ විමර්ශනවල තරමය.

එක්‌නැලිගොඩ සිද්ධියේ සිට මේ දක්‌වා සිදු කෙරුණු සියලු විමර්ශනවලදී අත්අඩංගුවට ගනු ලැබූ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධය සිරිවර්ධන ඇතුළු පිරිස, මෙන්ම දැනට සිරගතව සිටින නාවික හමුදා බුද්ධි අංශයේ කමාණ්‌ඩර් සුමිත් රණසිංහ, ලුතිනන් කමාණ්‌ඩර් අනිල් මාපා, ඇතුළු පිරිස සහ මේජර් බුලත්වත්ත සහ පිරිස ඇතුළු මෙකී සියලු රණවිරුවෝ මේ රටේ නිදහස වෙනුවෙන් උපරිම කැපකිරීම් කෙරුවෝ වන්නාහ.

ඔවුන් එල්ටීටීඊයට එරෙහිව සටන් වදිමින් ජීවිත පරදුවට තබා ඉටුකරනු ලැබුවේ යුගමෙහෙවරක්‌ බව අපි දැන සිටින්නෙමු. ඔවුන් ඒ මෙහෙවර තුළ රැක ගත්තේ මේ රටේ ජාතික ආරක්‍ෂාවය. ජනාධිපතිතුමනි, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කැප වූ රණවිරුවන් රැක ගන්නෙමියි ඔබතුමා රට හමුවේ සපථ කරද්දී අද රහස්‌ පොලිසිය මේ අන්දමට ඔවුන් පෙළන්නට සැරසෙන්නේ කුමන බලයක්‌ ඇතිවද?

මේ සිදුවෙමින් තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමද? එසේ නැතහොත් කොන්ත්‍රාත්තුවක්‌ ඉටු කිරීම සඳහා නීතිය නැවීමද?

* සමන් ගමගේ

No comments: