Saturday, April 22, 2017

තම පක්‌ෂයේ හොරු රකිමින් විරුද්ධවාදීන්ගේ හොරකම් සෙවීම ලැසිල් ද සිල්වා බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම්


තම පක්‌ෂයේ හොරු රකිමින්

විරුද්ධවාදීන්ගේ හොරකම් සෙවීම

මෙහෙම කියන්නෙ වෙන පුතෙක් නම් නෙමෙයි බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ඒ නිසා ඒක  බලන්නම වටිනවා, මේක පලවෙලා තිබුනෙත් දිවයින පත්තෙරේම  තමයි 
සමරසේකර  


තම පක්‌ෂයේ හොරු රකිමින්
විරුද්ධවාදීන්ගේ හොරකම් සෙවීම
 


ලැසිල් ද සිල්වා
බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම්


පසුගිය රජය මහින්ද චින්තන ඉදිරි දැක්‌ම අනුව බත බුලතින් පිරි අගහිඟකමින් තොර, විනය ගරුක - නීති ගරුක, තරුණ අපේක්‌ෂාවන්ට මුල්තැන දෙන ආසියාවේ ආශ්චර්යය බඳු රටක්‌ නිර්මාණය කරන බවට සඳහන් කර තිබුණි.


යහපාලන රජය ද 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තුව බලගැන්වීම, දූෂණයෙන් තොර, නීති ගරුක, ආචාරශීලී හා විනීතභාවය යනාදී යහගුණයන් ගෙන් පිරි ශීලාචාර රටක්‌ තැනීම සඳහා රට කරවීමේ භාරදූර වගකීම අගමැතිවරයා ශක්‌තිමත් කිරීම උදෙසා නිර්මාණය කළ සුවිශේෂී රජයක්‌ බව පවසා තිබුණි.

මෛත්‍රිSපාල ජනාධිපතිවරයාගේ හා වික්‍රමසිංහ අගමැතිවරයාගේ විග්‍රහයන් අනුව දූෂණය, ණය බර, මත්ද්‍රව්‍ය, අවනීතිය ආදිය නිසා තමන් වෙත පැවරුණු බැරෑරුම් කාර්ය භාරය සම්මුතිවාදී රජයක්‌ හරහා ජනහිතවාදී විනය ගරුක ආණ්‌ඩුවක්‌ බිහි කිරීම තුළින් සිදු කළ යුතු බැව් ද පවසා ඇත. අගමැතිවරයා ලිච්ඡවි ක්‍රමයට සමාන ක්‍රමයක්‌ පිළිබඳව ද පවසමින් ඒ සඳහා අඩිතාලම යෙදීමට කටයුතු කිරීමට අසමත් වී ඇත්තේ මන්ද?

පසුගිය රජය මෙන්ම කළ යුතු දේ නොකිරීමත් නොකළ යුතු දේ කිරීමත් නිසා යහපාලන රජය ද ජනතාවගේ ආදර ගෞරවය දිනා ගැනීමට නොහැකි වී ඇත. යහපාලන රජයට ජනතාවගේ කුසේ ගින්න මෙන්ම සිතේ ගින්න නිවීම සඳහා ද ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳව නොසලකා හැරීම අවාසනාවකි. යහපාලන රජය ද තම කුස පුරවා ගැනීමේ ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රේතයන් පිසාචයන් ආකාරයට කුහකත්වයෙන් නොසැලකිලිමත්ව අනවබෝධයෙන් කටයුතු කරන බව ඉතා පැහැදිලිව පෙනී යන්නකි.

රට සමෘද්ධිය කරා ගෙනයැම සඳහා අවශ්‍ය නායකත්ව ගුණාංග, එනම් අවංක බව, හැකියාව, කොඳු නාරටිය, පරිත්‍යාගශීලී බව, කැපවීම, උට්‌ඨාන වීර්යය ඔවුන්ට නොමැත. නූතන දේශපාලකයා කපටි කෛරාටිකයන්ය. දිගින් දිගටම යටිමඩි ගසමින් අනිකාට චෝදනා කිරීම නොව ආචාර ධර්ම ගරුකරන රටක්‌ බිහි කිරීම සඳහා සාකච්ඡාවෙන් සම්මුතියෙන් නිවැරදි කළ යුතු යෑයි සිතමි. නාඩගම් ගීයක පද - ''අප රට අර බල අන්තරාවක ..... ඉහ මොළ මඳ නැති ඊළඟ පරපුර'' යන්න සිහි ගැන්විය යුතුය.

රටක්‌ දියුණුව කරා රැගෙන යැම සදහා ආදර්ශය, නීතිගරුක බව මෙන්ම විනය ද රජයට සේම රටට ද, නායකයන්ට ද එකසේම අත්‍යවශ්‍යය. ශිsක්‌ෂණයකින් තොර පැවැත්මක්‌ හෝ දියුණුවක්‌ රටකට නැති බැව් සිහිගැන්විය යුතුය. බුදුන්වහන්සේ ශාසනයේ ආයුෂය විනය යෑයි වදාරා ඇති හෙයින් විනය නොමැති දේශපාලකයන්ගෙන් පිරුණු රටක්‌ ගැන කුමන කතාද?

1978 ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව යටතේ අග්‍රාමාත්‍යවරයාට හිමි වූයේ පියන් කෙනෙකුට නොදෙවැනි වගකීමක්‌ යෑයි ප්‍රේමදාස අගමැතිවරයා පවසා තිබුණි. යහපාලන නායකයන්ට අලුත් රටක්‌ තැනීමට නම් අගමැතිවරයා විශිෂ්ඨයකු, අතිදක්‌ෂයකු වීම අත්‍යවශයය. රටේ පරිපාලන යාන්ත්‍රනය රටටත් ජනතාවටත් හිතකර මෙන්ම ජාති ආගම් ආදී භේදයන්ගෙන් තොර රට වැසියාගේ සුභසාධනය හා සංවර්ධනය උදෙසා කැපවුණු රජයක්‌ නිර්මාණය කළ යුතුය. ඒa සඳහා ජනතාවගේ කැමැත්ත, සහයෝගය හා ආශිර්වාදය දිනා ගැනීම ද අත්‍යවශය වේ.

එහෙත් යහපාලන නමැති ඇමතිවරු නිසා යහපාලන අරමුණු ශක්‌තිමත් කිරීම අපහසු වී තිබේ. යහපාලන නායකයන් කතාවෙන් පමණක්‌ රජය ගෙන යා හැකි බව සිතන්නේ නම් එය මුලාවකි. අමාත්‍ය මණ්‌ඩලයේ සාමූහික වගකීම ගරු නොකිරීම ද කැපී පෙනෙන ලක්‌ෂණයකි. මන්ත්‍රීවරු ද බහුතරයක්‌ තම හිතු මතයේ කටයුතු කරණ ස්‌වාර්ථය පිණිස කැපවු අදක්‌ෂ, බලලෝභී දූෂිතයන් බව ක්‍රියාවෙන් ඔප්පු කරනු ලැබ තිබේ. ඒ නිසා රජය පිළිබඳව ජනතාවට ඇත්තේ දැඩි අවිශ්වාසයකි.

අගමැතිවරයා ශක්‌තිමත් පාලකයකු වීම අත්‍යවශ්‍යය. ක්‍රියාවෙන් ද දක්‌ෂ විය යුතු වේ. ජනතා කැමැත්ත දිනාගනිමින් සතා සිවුපාවා පවා සුරකින රටක්‌ ගොඩනැගීම කළ යුතුවේ. උදාහරණයක්‌ වශයෙන් පොලිතීන් නිසා ජනතාවට, ස්‌වභාවධර්මයාට මෙන්ම වන සතුනට සිදුවන හානිය තව දුරටත් සිදුවෙමින් පවතී.

ලුණුගල, බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල පාසල් සිසුන් ඇතුළු ජනතාව කුඹුක්‌කන් ඔය හරහා දමා ඇති ලී දණ්‌ඩ මතින් දිනපතා එගොඩ වීමට සිදුවන නිසා මෑතකදී ද හයදෙනකු ජල රකුසාට ගොදුරු වී ඇත. දශක ගණනාවක්‌ තිස්‌සේ මෙවැනි තවත් ගම්වාසීන්ගේ විවිධ ඉල්ලීම් මේ දක්‌වා ඉටු වී නොමැත. ලුණුගල, බඩල්කුඹුර ගම්වාසීන් ද රාජ්‍ය ආදායම උපරිමයෙන්ම තබා ගැනීම උදෙසා රටේ සෑම සියලු දෙයක්‌ සඳහාම බදු මුදල් වශයෙන් මහ මඟ ජීවිතය ගෙවන යාචකයාගේ පටන් ගොවියා, ලිපිකරුවා ආදී වශයෙන් සෑම පුරවැසියකුම රජයට අවශ්‍ය මූල්‍ය ශක්‌තිය ලබා දීම සිදු කරනු ලබයි.

එවැනි රටක පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීන් පුහුණු කිරීම සඳහා වූ සැසියක්‌ අමතමින් අගමැතිවරයා ජනතාවගේ හා රටේ සුභ සිද්ධිය සඳහා පිළිපැදිය යුතු කරුණු රාශියක්‌ පිළිබඳව අවධාරණය කරන ලදී. සෑම මන්ත්‍රීවරයකුම තම උපරිම ශ්‍රමය හා කාලය පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා කැප කළ යුතු බව පැවසූ අගමැතිවරයා අදාළ සම්මන්ත්‍රණයට සහභාගී නොවූවන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට පසුබට නොවන බව පවසා ඇතත් මේ වනතුරු එවැනි කටයුතු මඟහැරීම යහපාලන ප්‍රතිපත්තියේ යථාර්ථය තවදුරටත් තහවුරු කරමිනි.

පසුගිය රජයට නොදෙවැනි ලෙස ව්‍යවස්‌ථාපිත සීමාවන් ඉක්‌මවා සුවිශාල මැති ඇමැති සංඛ්‍යාවක්‌ සඳහා ජනතා මුදල් විශාල වශයෙන් කාබාසිනියා කරමින් නඩත්තු කරනු ලබන දේශපාලකයා අතින් රටට සිදුවන සේවාවක්‌ නොමැති තරම් වේ යෑයි සිතමි. අමාත්‍යාංශ 37 ක්‌ අපේක්‌ෂිත කාර්යක්‌ෂමතාවය රඳවා ගැනීමට අප අපොසත් වී ඇති බවට ද වාර්තා වී තිබේ. අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප්‍රතිපත්තීන් වලට අනුකූලව මැති ඇමතිවරු ඇතුළු ඔවුන්ට ලබා දෙනු ලබන වැටුප්, දීමනා, පහසුකම් ආදී වශයෙන් සියලු විය හියදම් දළ ජාතික ආදායමෙන් 7% ප්‍රමාණය ඉක්‌මවිය නොයුතු වුවද එවැනි දේ පවා නොසලකා හරිමින් යහපාලන නායකයන් පවා ඉතා අශෝභන අයුරින් රාජ්‍ය මුදල් විනාශ කිරීම අසතුටට කරුණකි. එසේම දේශපාලකයා උපයන නීති විරෝධී ධන සම්පත් ද උත්සාහයෙන් දහඩිය වැගිරීමෙන් උපයා ගත් ධනය නොවේ. ඉතා වංචනික ලෙස මහජන මුදල් ගසා කෑමකි.

ජනාධිපතිවරයා වරෙක පැවසූයේ අපේ රටේ දේශපාලනය බොහෝ විට ආණ්‌ඩුවක්‌ පත්වූ විට එම ආණ්‌ඩුව පෙරළා දමන්නේ කෙසේද යන්න බලන එකයි. රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ වචන වලින්ම කියතොත් මෛත්‍රීව ගෙනාවේ මේ කුණු වෙවී ආපු රට මේ සැරේ වෙනස්‌ කරන්නයි. මෙන්න මේ වෙනස තමයි ජනවාරි 8 වෙනිදා දිණුqවේ. ඇත්තටම කියනවා නම් මිනිස්‌සු මේ ආණ්‌ඩුවට ඡන්දේ දුන්නේ ඒa වෙනස දකින්නයි.

බුදු දහම අනුව ද රජයක්‌ විසින් ඉටු කළ යුතු යුතුකම් රාශියකි. යහපාලන රජය ද දශක ගණනාවක්‌ තිස්‌සේ දූෂිත දේශපාලකයා අනුගමනය කළ ආකාරයටම නොහැකියාව, අකාර්යක්‌ෂමතාවය, අණුවන කම මෙන්ම රට වැසියා වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් හා යුතුකම් තද බල සේ පැහැර හරිමින් දිනෙන් දින දිළිඳු භාවය, ඇති-නැති පරතරය වැඩි කිරීම තවදුරටත් සිදුවේ. පාලකයා දැහැමි වන්නේ නම් රට වැසියා සුත මුදිත වන බව බුදු දහම පෙන්වා දෙන කරුණකි. දේශපාලකයා රජයේ මුදල් සම්පාදනය, සකසුරුවම, අරපරිස්‌සම ගැන තැකීමක්‌ නැත. බුදු දහමේ දැක්‌වෙන අයුරින් වැවකට වතුර ලබා දෙන දොරටු වසා දමා ජලය පිටවන දොරටු හැර දැමීම නිසා වැවේ ජලය හිස්‌ වන්නා සේම රටේ භාණ්‌ඩාගාරය ද මුළු මනින්ම දශක ගණනාවක්‌ තිස්‌සේ හිස්‌ කිරීම තිරස්‌චීන දේශපාලකයා හරහා සිදුවිය. අද දේශපාලනයේ නියුතු බහුතරයක්‌ තිරිසනුන්, අමනයන් මෙන් කටයුතු කරන්නේ පක්‌ෂ නායකත්වය නිසා යන්න පැවසිය යුතුය.

නූතන පාලකයා මෙවැනි අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා සාමාජයීය වශයෙන් පමණක්‌ නොව ආධ්‍යාත්මික වශයෙන් රටවැසියා ද විනාශ මුඛයකට ඇද දමා තිබීම දේශපාලකයා සිදු කරන බලවත් පාප කර්මයකි. විවිධ ශිෂ්‍ය ව්‍යාපාර මෙන්ම වාමාංශික දේශපාලන පක්‌ෂ පවා ඉතා කෛරාටික ලෙස පෙන්වීමට උත්සාහ ගන්නේ ඔවුන් නොවන්නට රට විනාශ වී යනු ඇති බවකි. වමේ දේශපාලකයා මෙන්ම මහින්ද රාජපක්‌ෂ වැනි නායකයන් යුද්ධය අවසන් කිරීම වැනි කටයුතු හරහා ඉටුකළ කාර්ය භාරය අප අමතක කළ යුතු නොවේ.

එහෙත් ගැටලුව වී ඇත්තේ මහින්ද රාජපක්‌ෂ රජයේ කුණු ඉස්‌මතු කර බලයට පැමිණි නායකයන් ඊටත් අන්ත ලෙස කටයුතු කිරීම බව පැවසිය යුතුය. භාණ්‌ඩාගාර බිල් පත් නිකුතුව හරහා අගමැතිවරයා අනාගනිමින් නා ගැනීම ඉතිහාසගත වන රොබරියක්‌ බව පැවසිය යුතුය. ගොඩනැඟිලි කුලිsයට ගැනීම ඒa සඳහා රාජ්‍ය මුදල් කෝටි ගණනින් කාබාසිනියා කිරීම මහ දවාලේ සිදු කරන තදබල සොරකම් බව ද පැවසිය යුතුය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වංචාවට සුදුහුණු ගෑම නවතාලිය යුතුය. මෙම ගනුදෙනුව අතිශයින්ම දූෂිත එකකි. එම කටයුත්ත සඳහා ද ජනාධිපතිවරයා තදබල පියවරක්‌ නොගන්නේ තමාගේ පක්‌ෂයේ සොරු රැකීම සඳහා නොවේද? ඒසේ නම් යහපාලන රජය ද හොරුන්ගෙත් හොරු කම්බා හොරු බව පවසමින් ඒකාබද්ධයේ මන්ත්‍රීවරයකු කළ චෝදනාව සාධාරණ බව සඳහන් කළ යුතුය.

ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ යහපාලන සිහිනය පාර්ලිමේන්තුව හරහා මෙන්ම අමාත්‍ය මණ්‌ඩලය හරහා ස්‌ථාපිත කළ යුතු වුවද දැන් සිදුවන්නේ නගුට විසින් බල්ලා නැටවීමට සමාන දෙයක්‌ නොවන්නේද? අගමැතිවරයා නිරන්තරයෙන්ම හුවා දක්‌වන අයුරින් රටට දැරිය නොහැකි ණය උගුලක වෙලී ඇති බවත් මෙම ණය නූපන් මතු පරම්පරාවට පවරා දීම අසාධාරණ යෑයි පවසමින් රාජ්‍ය මුදල් ඉතා අරපරිස්‌සමින්, භාවිතයේ නොයෙදීම නතර කිරීම අපහසු වී ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා යථාවාදී තථාකාරී, තථාකාරී යථාවාදී නොවන නිසා බැවිනි.

පටු දේශපාලන වාසි නොවන්නට හොරුත් සමඟ හොරු විසීම යහපාලනයට වුවද නොවැළැක්‌විය හැකිය යන්න පැවසූ එස්‌. බී. දිසානායක ඇමතිවරයාගේ ප්‍රකාශය අනුව එවැනි අනුසෝතගාමී ප්‍රතිපත්තීන් හා ශක්‌තිමත් නායකත්වයක්‌ නොමැති නිසා පිරිසිදු ප්‍රතිපත්ති ගරුක යහපාලන රජයක්‌ බිහි කිරීම ද ඉතා අපහසු කාර්යයක්‌ බැව් දැනටමත් සනාථ කරනු ලැබ ඇත.

එබැවින් රාජ්‍ය පාලනය ඉතා සරල හෝ සුළු පටු කාරණාවක්‌ නොවන බවද වටහාගත යුතුවේ. පැවැති පීඩාකාරී යුද වාතාවරණය නිසා රාජ්‍ය නායකයා වශයෙන් 2005 වසරේ තේරීපත්වූ රාජපක්‌ෂ ජනාධිපතිවරයාට පැවරුණු වගකීම ඉතා අභියෝගාත්මක කාර්යය භාරයකි. ජනාධිපති ධුරයේ දිවුරුම් දී මුල් සති කිහිපය තුළ කොටි සංවිධානය විසින් හමුදා භටයන් 24 දෙනකු ඝාතනයට ලක්‌ කරනු ලැබීය. ප්‍රේමදාස ජනාධිපතිවරයා 1989 වසරේදී පැවසුවේ ඔහුට ලැබුණේa දෙකොණ ගිනිගත් විලක්‌කුවකට හා සමාන ප්‍රශ්න ගණනාවකින් යුත් රටක්‌ බවකි. ඔහු අවසානයේ කුරිරු ත්‍රස්‌තවාදයේ ගොදුරක්‌ බවට පත්විය. චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරිය ජීවිතය බේරා ගත්තේ යාන්තමිනි. එහෙත් ඇයට ඇසක්‌ අහිමි විය.

මහින්ද රාජපක්‌ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ මුල් කාලය බෙහෙවින්ම තීරණාත්මක මෙන්ම දැඩි අභියෝගාත්මක අවධියකි. ඉතා බුද්ධිමත් ලෙස ජනතා විශ්වාසය දිනාගැනීම, යුද ජයග්‍රහණය ලබා ගැනීම හරහා ආදරයට පාත්‍ර වීම තුළින් පසු ගිය රජයේ පැවැත්ම ශක්‌තිමත් කරගත් ආකාරය යහපාලන කණ්‌ඩායමට කිසියම් පාඩම් කිහිපයකි. මහින්ද රාජපක්‌ෂ රජය යුද්ධය අවසන් කිරීම තුළින් අප රටේ ගමන් මඟ තීරණාත්මකව ඉහළට නංවා තැබීමට කටයුතු කළ ද එතැන සිට තවත් ඉහළට නැංවීමේ මහඟු= කාර්යය ඉටු කිරීම පසෙක ලෑම ඉමහත් අවාසනාවකි. රට ආපස්‌සට දැමීමකි. ජනාධිපතිවරයා හා අගමැතිවරයා ද යහපාලනය ස්‌ථාපිත කිරීම වසර තිහක යුද්ධය අවසන් කිරීමට වඩා දැඩි අසීරු කටයුත්තක්‌ බැව් ඔප්පු කර ඇති බැව් ද පෙනේ. පාලකයන් වශයෙන් අප රටට බිහිවූ නායකයන් බහුතරයක්‌ම කළමනාකරණ විද්‍යාව ඉහළිsන්ම අසමත් බව මනා ලෙස සනාථ කර ඇති බව රටවැසියා සිත්හි තබා ගත යුතුය. රාජපක්‌ෂ ජනාධිපතිවරයා රට සින්න නොකළේa නම් පරාජය කිරීම සිහිනයකි.

යහපාලන රජය පවා නිසි මඟට යොමු නොවීම ලාංකීය දේශපාලනයේ චපලත්වය විදහා පාන්නකි. බලාපොරොත්තු දල්වා ගෙන සිටි ජනතාව නව රජය විසින් අපේක්‌ෂා භංගත්වයට පත්කරනු ලැබ ඇත. යහපාලනය ද පස්‌ස දොරින් බැහැර කරනුq ලැබ ඇතැයි පැවසේ. නිවැරදි තීරණ ගැනීම හා එම තීරණ ශක්‌තිමත් ලෙස ක්‍රියාවට නැංවීම, පසු විපරම යහපාලන රජයට ඉතා අසීරු කටයුත්තක්‌ බව හොඳින් ප්‍රදර්ශනය වන කරුණකි. ප්‍රශ්න දිගින් දිගටම ව්‍යාකූල කරගැනීම රට ගැටුම්කාරී මඟකට ඇද දැමීමකි.

පෙර කී රජයයන් හා සැසඳීමේදී අධික රාජ්‍ය ණය බර නොවන්නට බැරෑරුම් වූ යුද වාතාවරණයකින් තොර වීම නව ආණ්‌ඩුවට ඉතා ශුභවාදී පසුබිමකි. බොදු උගැන්වීම් අනුවද මෙරට පැවතුණු ඉපැරණි රාජ්‍යත්වය සලකා බැලීමේදී රජවරු තම වගකීම් මනා ලෙස ඉටුකළ බව ඉතිහාසයේ පටන් ජනතාව තුළ පැවතී විශ්වාසයකි. හතරවන මිහිඳු රජුගේ සෙල්ලිපියක සඳහන්ව ඇති අයුරින් අප රට පාලනය කළ යුත්තේ බෝධිසත්ත්වවරුන් යෑයිද සඳහන් කර තිබේ. අනුරාධපුරය, පොළොන්නරුව වැනි ප්‍රදේශවල අහස උසට ගොඩනැඟුණු වෙහෙර විහාර සලකා බැලීමේදී පැරණි ජනයා කෙතරම් ඉසුරුමත් ජීවිත ගතකරන්නට ඇත්දැයි සිතේ. නිශ්ශංකමල්ල සෙල්ලිපිවල පවා ආගමික බැඳියාව පිළිබඳ සඳහන්ව ඇත. මිහිඳු මාහිමියන් විසින් ස්‌ථාපනය කළ බුදුදහම අනුව එදා පාලකයන්හට බුදුදහමට පටහැනි නම් පාලනය ගෙන යැමට නොහැකි විය. කෙසේ නමුදු ජනතාව බිහි කළ යහපාලන රජය නවතම පන්නයේ ආණ්‌ඩුවකි. රාජ්‍ය තාන්ත්‍රීය බවින් තොර නොමේරූ, අලඡ්ජී, දූෂිත, ස්‌වාර්ථය පිණිස කැපවුණු වර්තමාන දේශපාලකයාට යහපාලනය සැබැවින්ම නුහුරු නුපුරුදු ක්‍රමවේදයකි. ඒ අනුව සලකා බැලීමේදී නව රජයේ සම්මුතිවාදී යන්න කුමක්‌ සඳහා ද යන්න ප්‍රශ්නාර්ථයකි. සම්මුති වාදය පැරණි දූෂිත ක්‍රමය රැක ගැනීම වෙනුවෙන් බලලෝභී උග්‍ර ප්‍රතිවාදීන් දෙකොටසක්‌ බලය ලබාගැනීම සඳහා කළ උප්පරවැට්‌ටියක්‌ පමණක්‌ නොවේද? චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය 1994දී එ.ජා.පය පරදා බලයට ඒම සඳහා ඇඹිලිපිටියේ හා මාතලේ මිනීවළවල් හෑරුවේ එදා එ.ජා.ප පාලනයෙන් පීඩාවට පත්ව සිටි ජනතාව දිනා ගැනීමට නොවේද? ජනතාව රැවටීම තුළිsන් දූෂිත දේශපාලකයා පාර්ලිමේන්තුවට නැවත පත් වී ඇත. වෙනත් වචන වලින් කියතොත් දූෂිත දේශපාලකයාගේ පැවැත්ම අපේම කැමැත්ත බැව් පැවසිය යුතුය. එබැවින් ප්‍රශ්න ගත අවස්‌ථාවක්‌ නිසා ශික්‌ෂාකාමී භික්‌ෂූන් වහන්සේලා පවා අන්තවාදී විය යුතු නැත. සාමයෙන්, කරුණාවෙන් හා සහජීවනය ගොඩනැඟීම සඳහා රට වෙනුවෙන් නායකත්වය ලබාදිය යුතුය. රට හා අහිංසක ජනතාව වෙනුවෙන් කැප විය යුතුය. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්‌වාමීන්වහන්සේ වැනි නායක තෙරුන් වහන්සේලාගේ නායකත්වය අගය කළ යුතුය.

ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දු හිස්‌ මැතිවරණ ගුණ්‌ඩු නොවේද? ජනතාව මෙසේ ඉබ්බන්ගෙන් අත්තටු පැතීමක්‌ සිදු කළේද? බුදුන් වහන්සේගේ දේශනාවට අනුකූලව තමාට නොදුන් දේ ගෙන එයින් ජීවත් වන්නා, පෙළපත රකින්නා සොරෙකි. එ.ජා. පාර්ශවයේ සුපිරිසිදු නායකයා වශයෙන් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ද මුල්බැස තිබූ ජරාජීර්ණ වී ගිය දේශපාලනය නිසි මඟට යොමු කරගැනීම අත්‍යවශ්‍ය බැව් කිහිප විටකදී පවසා තිබුණි. ඔහු බොහෝ විට පවසන දේ පැසසුමට ලක්‌ විය යුතුය. එහෙත් යහපාලන රජය නිසි මඟකට යොමු කිරීම අගමැතිවරයා ඉදිරියේ ඇති දැඩි අභියෝගය නමුqදු ඔහු අසාර්ථක අගමැතිවරයකු බව දැනටමත් සනාථ කර ඇති බව පැවසිය යුතුය. ඔහු පවසන යම් දෙයක්‌ වෙත්ද, එය සාර්ථක ලෙස රටේ ක්‍රියාත්මක කිරීම ඔහුගේ වගකීම වේ. එවැනි යෝජනා වචනයට පමණක්‌ සීමා කිරීම දැනට සිදු වන්නකි. එසේ නම් පාලකයකු වශයෙන් බැඳුම්කර සිද්ධිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුලිය වැනි විවිධ අවස්‌ථාවන් හිදී වංකභාවය රටටම හඬනඟා කියා පෑම සුපිරිසිදු නායකයා මඩ නාගැනීම නොවන්නේද? වසර දෙකක්‌ ඉකුත්ව ගොස්‌ ඇතත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ අත්‍යවශය නිවැරදි කිරීම් යථාර්ථයක්‌ බවට පරිවර්තනය කිරීමට නොහැකි වීම අභාග්‍යයකි. එය යහපාලන නායකයන්ගේද දෙබිඩි බව, චපලත්වය, මෙන්ම, අසමත් බව සනාථ කිරීම නොවේද?

ලැසිල් ද සිල්වා
බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම්

No comments: