Thursday, April 20, 2017

යොහෝවා සාක්‍ෂිකරුවෝ රුසියාවෙන් පන්නා දැමෙති...අපි කුමක් කරමුද


ක්‍රිස්තියානි orthodox රටක් වන රුසියාවටත් එපාවූ යොහොවාගේ ශාක්ෂි කරුවන් අපි ඉඹලා පිළිගන්නේ මන්ද කියා බැලීමට චතුර පමුණුවා මහතා විසින් දිවයින පත්‍රයට  ලියා ඇති මෙම ලිපිය බැලීම සුදුසුය.

සමරසේකර 



යොහෝවා සාක්‍ෂිකරුවෝ
රුසියාවෙන් පන්නා දැමෙති...

චතුර පමුණුව

යොහොවා සාක්‍ෂිකරුවෝ ලංකාව පුරා ද විසිර සිටිති. මොවුන් උත්සහ කරනුයේ තම ආගමික විශ්වාසවන්තයන් ප්‍රමාණය වැඩි කිරීම සඳහාය. මෙය සැබවින්ම ක්‍රිස්‌තියානි මූලධර්මවාදී කල්ලියකි. මෙරට කාදිනල්තුමා ද මූලධර්මවාදී කල්ලි ගැන අප්‍රසාදය පළකර සිටියේ එක්‌ වරක්‌ නම් නොවේ. ආගම්වලට හැරවීම නැවැත්වීමේ පනත වහා ඉදිරිපත් කළ යුතු බවත් එතුමා ප්‍රකාශ කර තිබිණි.

යොහෝවා සාක්‍ෂිකරුවන් ගැන අපට සිහි වූයේ රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය ගත් වැදගත් පියවරක්‌ නිසාය. පසුගියදා පැවැති නඩු විභාගයේදී රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර සිටියේ මෙම සංවිධානය අන්තවාදී සංවිධානයක්‌ බවයි. මේ තීන්දුව අනුව ශාන්ත පිටර්ස්‌බර්ග් නුවර පිහිටි මෙම සංවිධානයේ ප්‍රධාන කාර්යාලය වසා දැමෙනු ඇත. රුසියානු ආණ්‌ඩුව ඉවැන්ජලිකල් ආගමික කණ්‌ඩායම් සම්බන්ධව කිසිම ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නේ නැත. පසුගිය වසරේදී ඉවැන්ජලිකල් පූජකයන් හයදෙනකු පිටුවහල් කර දැමීමට රුසියානු රජය ක්‍රියා කළේය. 1997 සම්මත කරනු ලැබූ විශේෂ පනතකට අනුව රුසියානු රජය පිළිගනු ලබන්නේ ඩර්නඩොන්ස්‌ ක්‍රිස්‌තියානි, මුස්‌ලිම් යුදෙව් හා බෞද්ධ යන ආගම් හතර පමණි. නමුත් රුසියාවේ සිටින යොහෝවා සාක්‍ෂිකරුවන්ගේ ප්‍රමාණය 175,000 කි. යොහෝවා සාක්‍ෂිකරුවන්ගේ ආගමික නිකායේ ඉතිහාස 1870 දක්‌වා ඈතට යයි. මෙම ආගමික කල්ලිය ආරම්භ වූයේ ඇමරිකාවේ පෙන්සිල්මේනියා හිදීය. ඔවුන් පවසන ආකාරයට ලොව පුරා මෙම ආගමික නිකායට අයත් මිලියන 8.3 ක්‌ විසිර සිටිති. කතෝලිකයන්, ප්‍රොතෙස්‌තන්තීහු ආගමිකයන් ඩර්නඩොන්ස්‌ ක්‍රිස්‌තියානීන් දෙවියන් වහන්සේ ඡේසුස්‌ හා ශුද්ධ ආත්මය පිළිගත්තද යොහෝවා සාක්‍ෂිකාරයෝ ශුද්ධාත්මය පිළිනොගනිති. ඔවුන් පිළිගන්නේ දෙවියන් වහන්සේ හා දෙවියන්ගේ පුත් ඡේසුස්‌ බවයි.

අවදිවව් යන ලිපි ලේඛන ලොව පුරා බෙදාහරින්නේ යොහෝවා සාක්‍ෂිකරුවන් විසිනි. අවදිවව් ලේඛන සිංහලෙන් ද ලක්‍ෂ ගණනින් බෙදාහැර එමෙන්ම මොවුහු නත්තල් උත්සවයට පාස්‌කුව සමරන්නේද නැත. යුද හමුදාවට බැඳී සේවය කිරීම ප්‍රතික්‍ෂේප කරන මේ කණ්‌ඩායම ලේ දීමද ප්‍රතික්‍ෂේප කරති.

චාල්ස්‌ මාසේ රසල් විසින් ආරම්භ කරන ලද මෙම ආගමික කණ්‌ඩායමට බොහෝ විවේචන එල්ල වී තිබේ. බයිබලය වෙනස්‌ කිරීම මෙන්ම මෙම ආගමික කණ්‌ඩායමේ සිදුවූ ලිංගික අපචාර සැඟවීම ගැන ද බලවත් විවාදයක්‌ පවතී, මේ ආගමික කල්ලිය විසින් සිය රහස්‌ දැඩිව රකී. රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යොහෝවා සාක්‍ෂිකරුවන් අපරාධකරුවන් ලෙස හුවා දැක්‌වීම ගැන මෙම සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රකාශක ඩේමියන් සෙමෝනියම් විසින් දැඩිව විවේචනයට ලක්‌ කර ඇත. තමන්ට එරෙහිව දේශපාලන පීඩනයක්‌ එල්ල වන බව මෙම ප්‍රකාශකයා කියයි.

රුසියානු ඩර්නඩෙන්ස්‌ පල්ලිය නම් මේ තීරණය පිළිබඳ සතුටු වන බව රහසක්‌ නොවේ. 2015 දී ඇමරිකානු සයන්මොලොජි ආගමික කල්ලිය ද රුසියානු ආණ්‌ඩුව විසින් තහනම් කරන ලදී. මෙම කල්ලිය ප්‍රධාන අනුගාමිකයකු වන්නේ ප්‍රකට හොලිවුඩ් නළු ටොම් කෲස්‌ය.

විවිධ ඉවැන්ජලිකල් කල්ලි හරහා විදේශ අතපෙවීම් සිදුවන බව රුසියානු රජය හොඳින් අවබෝධ කරගෙන ඇත. එනිසාම යොහෝවා සාක්‍ෂිකරුවන් ද රුසියාවෙන් පැන්නීමට සියලු කටයුතු යොදා ඇත. එහෙත් ලංකාවේ සිදුවන්නේ කුමක්‌ද? වෙනදාටත් වඩා ක්‍රිස්‌තියානි මූලධර්මවාදී කල්ලි කණ්‌ඩායම් පැතිරීම නොවේද? මේ ගැන හඬනගන්නේ කවරෙක්‌ද? කිසිවෙක්‌ නැත.



 

No comments: