Saturday, April 29, 2017

මේ පත්තරේ මම දැක්කෙ නැහැ ඒ නිසා මම බබා, දැක්කානම් මේකටත් ගැසට් එකක් ගහනවා හිටන්


විදෙස් ගත ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් කල ඉල්ලීම හරිද නැත්නම් වැරදිද  කියා බැලීමට දිවයින පත්‍රයේ කිර්ති වර්ණකුලසුරිය මහතා විසින් ලියු ලිපිය අපිදු සලකා බැලිය යුතු යයි හැගෙන නිසා ඉදිරිපත් කරමි.
සමරසේකර  



මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා 
ප්‍රතික්‌ෂේප කරන්න ඉදිරිපත් වෙන්න
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපතිගෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා නිෂ්ප්‍රභ කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්‌ කරයි.

එම සංවිධානයේ සම සභාපති සුනිල් චන්ද්‍රකුමාර මහතා ඇතුළු සම සභාපතිවරු හය දෙනකු යෑවූ සංදේශයක මෙම ඉල්ලීම කර ඇත.

ම සංදේශයේ මෙසේද සඳහන්ය.

ශ්‍රී ලංකාව සම සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයකදී සම්මත කර ගන්නා ලද සහ 34 වන සැසිවාරයේදී තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කල් සහ බලාත්මක කරගන්නා ලද ප්‍රඥප්තියේ (OISL - Office of the
High Commissioner for Human
Rights and the Report of the
OHCHR Investigation on Sri
Lanka) සාවද්‍යභාවය හෙළි කරන වාර්තාවක්‌ ශ්‍රී ලාංකික විද්වත් මණ්‌ඩලයක්‌ මගින් පිළියෙල කරන ලදුව එම 34 වන සැසිවාරයට විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් විරසේකර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද බව ඔබතුමා මේ වනවිට දන්නේ යෑයි අප, ශ්‍රී ලාංකික ගෝලීය සංසදය, විශ්වාස කරමු. මෙම වාර්තාව, ශ්‍රී ලාංකික රණවිරුවන්ගේ නිදොස්‌භාවය විදහා දැක්‌වීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරන ලද එකම සහ ප්‍රථම වාර්තාව බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

එම වාර්තාව හෙවත් විරුවන්ගේ විත්ති වාචකය  (OISL - Office of the High Commissioner for Human Rights and the Report of the OHCHR Investigation on Sri Lanka) මගින් OISL හි අන්තර්ගතය සාවද්‍ය සහ පක්‍ෂග්‍රාහී කරුණුවලින් ගහන බව සහ OISL වාර්තාව සැකසූ ක්‍රියාපටිපාටිය ලෝකයේ සියලුම පිළිගත් ආචාර්ය ධර්මයන්ට අනුකූල නොවන බව හේතු සාධක සහිතව පෙන්වාදී ඇති බව අප ඉතා වගකීමෙන් යුක්‌තව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. මෙම වාර්තාව සර් ඩෙස්‌මන්ඩ් ද සිල්වා, මහාචාර්ය DM ක්‍රේන්, සර් ජෙµs්‍ර නයිස්‌, රොඩ්නි ඩික්‌සන්, මහාචාර්ය මයිකල් නිව්ටන් සහ මේජර් ජනරාල් ජෝන් හොලමස්‌ ආදීන්ගේ වාර්තාද පාදක කරගෙන සකසා තිබෙන අතර ඔබතුමා විසින්ද නායකත්වය දෙන ලද අවසාන සටනේදී සිදුවූවා යෑයි චෝදනා කරන ඉවක්‌ බවක්‌ නොමැතිව සිවිල් ජනතාව වෙත කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කිරීම. යුදබිම ආශ්‍රිතව සිටින සිවිල් ජනයාට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නොයෑවීම, සාපරාධී මනුෂ්‍ය ඝාතනය. බලෙන් අතුරුදන් කිරීම, කෲර වධ හිංසා පැමිණවීම හා ලිංගික අතවර කිරීම ආදී සියලුම චෝදනා කරුණු සහිතවම නිශ්ප්‍රභ කර ඇත.

ඉතා මෑතකදී ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී µලිල් ෂෙට්‌ටි මැතිතුමා විසින්ද එක්‌සත් ජාතින්ගේ සංවිධානයේ අනුසංවිධාන බොහොමයක්‌ නිකුත් කරන ලද බොහෝ වාර්තා පක්‍ෂග්‍රාහී සහ අසත්‍ය කරුණු ඇතුළත් බවට සඳහන් කරන්නට යෙදුන බව ඔබතුමා මැනවින් දන්නා බව අප විශ්වාස කරමු. එසේ බලන කල විරුවන්ගේ විත්ති වාචකය තුළින්ද µලීල් මහතාගේ ප්‍රකාශය තහවුරු කරනු ලබන බව පෙන්වාදීමට අප කැමැත්තෙමු.

උක්‌ත කරුණු සැළකිල්ලට ගැනීමේදී පෙනී යන භයානක කරුණක්‌ වන්නේ ඊළාම්වාදී ඩයස්‌පෝරාව හා යුරෝපාදී සියලුම රටවල් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වශාල රැවටිල්ලකට භාජන කර තිබෙන අතර ශ්‍රී ලකාවේ ද ඊළාම්වාදී සහ දේශ ෙද්‍රdaහී දේශපාලකයින් විසින් ඔබතුමාවද එවැනිම වූ රැවටිල්ලකට භාජනය කර රුසියාව, චීනය. එක්‌සත් අරාබි එමීරය හා පාකිස්‌ථානය ආදී අප රටට මිත්‍රවූ රටවලට අප රටට සිදුවෙන අසාධාරණයෙන් බේරා ගැනීමට තිබුණ අවස්‌ථාවන්ද අහිමිකර ඇති බවයි.

එබැවින් අප මාතෘභූමිය රුදුරු ත්‍රස්‌තවාදයෙන් ගලවා ගැනීම සඳහා කැපවීම කළ රණවිරුවන් හට නිරපරාදේ දඬුවම් කිරීම වැළැක්‌වීම සඳහා ත්‍රිවිධ හමුදා සේනාධිනායක වන ඔබතුමාගෙන් උතුම්වූ කාර්යභාරයක්‌ සිදුවිය යුතු යෑයි අපි විශ්වාස කරමු. එනම් මෙම ප්‍රශ්නයේ ඇති බැරෑරුම්කම සලකා බලා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ විශේෂ සැසිවාරයකට "විරුවන්ගේ විත්ති වාචකය" ඔබතුමා විසින් ඉදිරිපත් කර ධෂීඛ වාර්තාවේ සාවද්‍ය භාවය එම සමුළුව තුළදීම තහවුරු කර එයින් අප රණවිරුවන්ට එල්ලකර ඇති සියලු චෝදනා නිශ්ප්‍රභ කර නිදොස්‌ කිරීමට කටයුතු සම්පාදනය කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

No comments: