Thursday, April 13, 2017

ජිනීවා සමුළුවේ මරණ පරීක්ෂණ තවමත් නැවතී නැත


ජිනිවාවේදී පසුගියදා පැවැත්වුණු මානව හිමිකම් සමුළුව ගැන විවිධ මත පලවී ඇත. මේ කිර්ති වර්ණකුළ සුරිය මහතා ඉදිරිපත් කරන වාර්තාවයි. මේ ගැන අනික් අයට ඒ කියන්නෙ ජිනීවා සමුළුවෙන් අපේ රටට කීර්තියක් ලැබුනා කියල කියන අයට මේ ගැන  කියන්න තියෙන්නෙ මොනවාද?
සමරසේකර  



සරත් වීරසේකර
ජිනීවා මානව හිමිකම් සමුළුව සහ දිවයින


මානව හිමිකම් සමුළුව අමතමින් කොටි විරෝධියකු වූ ජෙගන් දැඩි ලෙස ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සිද්ධිය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් වසන් කරනු ලැබීය.

පසුගිය මාර්තු මස පැවැති ජිනීවා මානව හිමිකම් සමුළුවට උතුරේ සිට කොටි හිතවාදී කල්ලියක්‌ සහභාගි විය. එහෙත් මේ කොටි හිතවාදී තවලමට එරෙහිව රජයේ යාන්ත්‍රණය හෝ ජනාධිපති මාධ්‍ය අංශයට රිංගාගෙන සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකුගෙන් හඬක්‌ නැඟුණේ නැත.

උතුරේ හින්දු කෝවිල් මුළුමනින්ම වනසා බෞද්ධ පන්සල් හදන බවට මන්නාරමේ සභාමලෙයි පියනම මානව හිමිකම් සමුළුව අමතා පවසද්දී මෙරට දේශපාලකයන් ඊට එරෙහිව වචනයක්‌ වත් පැවසුවේ නැත.

එහෙත් ජිනීවා සිට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන තක්‌කඩියකුට හා ඔහුගේ අතවැසියකුට රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් සමුළුව අමතා කළ ප්‍රකාශය වහ කදුරු විය.

රියර් අද්මිරාල්වරයා මානව හිමිකම් සැසි වාරය දෙවතාවක්‌ම අමතනු ලැබීය. එලෙස මානව හිමිකම් සැසිවාරය 2 වැනි වතාවට අමතන වේලාවේදීම නෝර්වේ අරමුදල් ලබන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙහෙයවන පාක්‍යසෝති සවරිමුත්තුලා සහ නිමල්කා ප්‍රනාන්දුලා සමාන්තර රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය.

එම සමාන්තර රැස්‌වීම පවත්වනු ලැබුවේ සංහිඳියා බළකායේ දීන වාර්තාව ජාත්‍යන්තර කරණය කරනු පිණිසය. එසේම ශ්‍රී ලංකාවට වසර දෙකක්‌ කල්දෙන යෝජනාවද ඉදිරිපත්වූ අවස්‌ථාවේ තවත් සමාන්තර

රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය. එම තත්ත්වය මත රියර් අද්මිරාල්ට එම සමාන්තර රැස්‌වීම්වලට සහභාගි වීමේ හැකියාව අහිමි විය. මේ සමාන්තර රැස්‌වීම් පවත්වනු ලැබුවේ එන්.ජී.ඕ. බාප්පලා සහ නැන්දලා සහ ඩයස්‌පෝරාවයි.

එහෙත් මානව හිමිකම් කවුන්සිලය පැත්ත පළාතේ නොගිය පාර්ශ්ව සමාන්තර රැස්‌වීම් දෙකක්‌ පැවති බවත් එක රැස්‌වීමකටවත් රියර් අද්මිරාල්වරයා සහභාගි වී නැති බවටත් සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කර ඇත.

එසේම මානව හිමිකම් කවුන්සිලයේ අංක 15 ශාලාවේ පැවැත්වීමට යෝජිතව තිබූ සමාන්තර

රැස්‌වීම අවලංගු කර ඇති බව කල්තියා මනව හිමිකම් කවුන්සිලයේ බලධාරීන් වෙත දැනුම්දීමටද රියර් අද්මිරාල්වරයා කටයුතු කර තිබුණි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතා රියර් අද්මිරාල්වරයා කළ කතාව ශ්‍රී ලංකාවට යහපතක්‌ කිරීමට කළ කතාවක්‌ නොවන බවද ප්‍රචාරය කරන ලද්දේ ජිනීවා සිට ක්‍රියාත්මක වන 1971 කැරැල්ලේ හිටපු කැරැලිකරුවායි.

සිය කතාවේදී රියර් අද්මිරාල්වරයා පැවසුවේ මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව විමර්ශනයට ලක්‌කළ යුතු බවයි. එක්‌සත් ජාතීන්ගේ විමර්ශකයකු ලවා එය විමර්ශනයට ලක්‌කළ යුතු බව ඔහු කියා සිටියේය. එහෙත් ජනාධිපති කාර්යාලයේ සිටින රාජ්‍ය නොවන සංවිධාන අඥනයෙක්‌a රියර්Êඅද්මිරාල්වරයාගේ කතාව භයානක බවත්, ඔහුගේ එම යෝජනාව පිළිගත්තේ නම් එක්‌සත් ජාතින්ගේ නියෝජිතයෙක්‌ මෙරටට පැමිණ උතුර නැගෙනහිරටද ගොස්‌ ජනතාවගේ අදහස්‌ විමසා වාර්තාවක්‌ සකස්‌ කරන බවත් දක්‌වා ඇත. එම වාර්තාව ජාත්‍යන්තර ප්‍රජාවද පිළිගන්නා බවත් ඒ අනුව එම වාර්තාවට අභියෝග කිරීමට රජයට ඇති ඉඩකඩද සීමිත බවත් මොහු පවසා ඇත.

මුලින්ම නිරීක්‍ෂණය කළ යුත්තේ වන්නි මෙහෙයුම යටතේ මොහු සිටියේ කොහේද යන්නයි. මොහු එදා සිටම වන්නි මෙහෙයුමට එරෙහි විය. දේශපාලකයන්ට අතීතය අමතක වූවත් අපිට අතීතය අමතක නොවේ. මහින්ද රාජපක්‌ෂගේ රජය මානව හිමිකම් උල්ලංඝනය කරන බව පවසමින් එවකට සිටි මන්ත්‍රී ජයලත් ජයවර්ධනට වාර්තාවක්‌ බාර දුන්නේ මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියායි. ඊට අදාළ සාක්‌කි අප සතුව ඇත. එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම රජයේ සිටියේය.

එහෙත් ලැඡ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි යන කියමන සැබෑ කරමින් මොහු ජනාධිපති කාර්යාලයට රිංගා ගත්තේය.

උතුරු නැගෙනහිර ජනතාවගෙන් සාක්‌කි ලබා ගැනීමට මෙරටට මුලින්ම පැමිණියේ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවන් මෙන්ඩස්‌ය. මෙන්ඩස්‌ මෙරටට පැමිණියේ වෝහාරික විශේෂඥයකු සමඟය. රජය ඔහුට රහස්‌ පොලිසිය, ත්‍රස්‌ත මර්දන ඒකකය, වැලිකඩ සිරගෙය, බූස්‌ස රැඳවුම් කඳවුර, වවුනියා හමුදා කඳවුර, ත්‍රිකුණාමල නාවික කඳවුර, පුත්තලම - බොරැල්ල පොලිස්‌ ස්‌ථාන ඇතුළු ආරක්‌ෂක අංශ ස්‌ථාන රැසක දොර විවෘත කළේය. ලොව කිසිදු රටක්‌ තම පොලිස්‌ ස්‌ථාන හා ආරක්‌ෂක කඳවුරු විදේශීය නියෝජිතයන්ට විවෘත කරන්නේ නැත. මෙන්ඩස්‌ උතුරටද ගොස්‌ සාක්‌කි සටහන් කර ගත්තේය.

වැලිකඩ සිර ගෙයට ගොස්‌ කොටි හමුවී සාක්‌කි ලබා ගැනීමටද හෙතෙම ක්‍රියා කළේය. යුද්ධයේ දී සිදුවූ තුවාල පොලිsසිය හා හමුදාව වධහිංසා පැමිණවීමෙන් සිදුවූ තුවාල බවට දක්‌වමින් කොටි සාක්‌කි දුන්නේය. මේ සාක්‌කි පදනම්ව මෙන්ඩස්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක්‌ දුන්නේය. එම වාර්තාව අප සතුව ඇත. එසේම හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරීනී යස්‌මින් සූකා ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා හතක්‌ මානව හිමිකම් සමුළුවට යොමුකර තිබුණි.

යස්‌මින් සූකා සමඟ එක්‌ව කටයුතු කරන්නේ වෙනින් කවුරුත් නොව 1971 කැරැලිකරුය. එම තත්ත්වය මත ඔහු රියර් අද්මිරාල්ට එරෙහිව වාර්තාවක්‌ ජනාධිපති මාධ්‍ය අංශයේ සිටින සිය අතවැසියාට එවා ඇත. එහෙත් මේ අතවැසියා ජිනීවා වෙත පැමිණ සිටියේ නැත.

රියර් අද්මිරාල්a භයානක ප්‍රකාශයක්‌ කළ බවට පුහු තර්ක නඟන මොවුන් ජෙගන් නමැති කොටි විරෝධියා මානව හිමිකම් සමුළුව අමතමින් කොටින්ගේ හෘදය වස්‌තුවටම පහරදුන් ආකාරය හෙළිකර නැත.

ජෙගන් මානව හිමිකම් සමුළුව ඇමතීමට සූදානම් වන අවස්‌ථාවේ ඔහු අසළට පැමිණ හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කඡේන්ද්‍රන් කියන්න යන්නේ මොකක්‌ දැයි විමසීය.

ඊට ප්‍රතිචාර දුන් ජෙගන් ඇයි නුඹලා මිනිමැරුවේ නැද්ද යන්න පැවසීම නිසා කඡේන්ද්‍රන් හෙමින් සීරුවේ මාරුවිය. මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවූ සියලු දීන ක්‍රියා අපි සියෑසින් දුටුවෙමු. රියර් අද්මිරාල්වරයාට සහාය නොදැක්‌වූ ජිනීවාහි භික්‍ෂුවක්‌ රියර් අද්මිරාල්ගේ මානව හිමිකම් කතාවෙන් පසු ඔහුට ප්‍රශංසා කරනු ලැබීය. රියර් අද්මිරාල්වරයා මානව හිමිකම් සමුළුවට සහභාගි වූයේ කල්ලියක්‌ සමඟ නොවේ. වසර ගණනාවක්‌ම මානව හිමිකම් සමුළුව ආවරණය කළ අපිද මෙවර සහභාගි වූයේ තනිවමය. එහෙත් කල්ලි ගැසී ක්‍රියා කළේ මෙරටින් ගිය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහ උතුරේ ද්‍රවිඩ කල්ලියයි. මෙයට කලකට පෙර විකල්ප පුවත්පතක කතුවරයා මෙලෙස සඳහන් කර තිබුණි.

"ඇත්ත තර්ජන නිසා රටින් පළාගිය ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රමාණයට වඩා විශාල වැඩි ප්‍රමාණයක්‌ රටේ පැවැති විශේෂ තත්ත්වය හේතුවක්‌ කර ගනිමින් මවාගත් ව්‍යාජ තර්ජන මත රටින් පළාගොස්‌ ඇතැයි යන මගේ මතය සනාථ කරමින් රටින් පළාගිය ජනමාධ්‍යවේදීන්ගේ පෝළිමට අලුතෙන්ම තවත් තිදෙනෙක්‌ එකතුවී තිබුණි. සිංහල අලුත් අවුරුද්ද එළැඹීමට ආසන්න මොහොතක මෙම පෝළිමට අලුතෙන්ම එක්‌වූ තිදෙනා ලෙස ඔවුන් සැලකිය හැකිය.

මරණ තර්ජන ඇති බවට වෙබ් අඩවියක්‌ පළකල ජනමාධ්‍යවේදීන් 28 දෙනාගේ නාමලේඛනයට මේ තිදෙනාගේ නම්ද ඇතුළත්ව තිබුණි. වෙබ් අඩවියේ පළවූ එම නාමලේඛනය කූට ලෙස සකස්‌ කළ නාමලේඛනයක්‌ යෑයි කිව හැකිය.

මෙම තිදෙනාගෙන් එක්‌ අයෙක්‌ අද ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරයි. රියර් අද්මිරාල්ට පහර ගසන්නේ මොවුන්ය.

කීර්ති වර්ණකුලසූරිය



Post a Comment