Tuesday, April 25, 2017

මෙන්න යාපනේ උසාවියේ තීන්දු - නඩු නැතිව නිදහස්‌ වූ කොටි ගුවන් බළකායේ දෙවැනියා කුශාන්තන්



දිවයින  පත්‍රයේ පලවූ මෙම ලිපිය ගැන රජය මෙන්ම අනෙකුත්  ජනමාධ්‍ය තවමත්   නිහඩව සිටින්නේ මේ කරුණු ඇත්ත නිසා නොවේ  නම් වෙන මොන කෙන්ගෙඩියකටද? කිර්ති වර්ණකුලසුරිය මහතා විසින් ලියා ඇති මෙම ලිපිය උතුර  අනාගත යුද්ධකට මුලපුරන හැටි කදිමට කියා පායි.  මට ඇති ගැටලුව නම් මේ අපේ රටේ ජනතාවගෙන් වැටුප් ලබන ත්‍රස්ත මර්දන ඒකකයද  නැතහොත් ත්‍රස්ත වර්ධන ඒකකයද ? එහෙම නැත්නම් මුන්ට අමු කැවිලද?  

සමරසේකර



නඩු නැතිව නිදහස්‌ වූ
කොටි ගුවන් බළකායේ දෙවැනියා කුශාන්තන්











2014 වසරේ අග භාගයේ දිනයක බොරැල්ලේ මැගසින් ත්‍රස්‌ත රැඳවුම් සිරමැදිරිය වෙත සැකකරුවෙක්‌ ගෙන ආ ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ඔහුව එහි රඳවා තැබීමට ක්‍රියා කළහ. මේ සැකකරුවා කවුදැයි ත්‍රස්‌ත මර්දන නිලධාරීන් හෙළි කළේ නැත. එම සිරමැදිරියේ ත්‍රස්‌ත චෝදනා එල්ලවූ සැකකාර පොලිස්‌ අධිකාරිවරයකු ද සිටියේය.

මේ සැකකරුවා වෙනින් කවුරුවත් නොව කොටි සංවිධානයේ වාන්පුලිගල් නමින් හඳුන්වන ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් සුන්දරලිංගම් හෙවත් කුශාන්තන් මාස්‌ටර් හෙවත් දර්ශන් ය.





දර්ශන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ කුශාන්තයන්ට පැවරී තිබූ මෙහෙයුම වූයේ කටුනායක අනුරාධපුරය කොළොන්නාව සහ පලාලි වෙත බෝම්බ දැමීම ක්‍රියාත්මක කිරීමයි.

ඒ වනවිට කොටි සංවිධානය සතුව චෙක්‌ නිෂ්පාදිත ස්‌ලින් - ඉසඩ් 143 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ තිබුණි. 2007 මාර්තු 20 දා මෙම කොටි ගුවන් යානා දෙක කටුනායක ගුවන් හමුදා කඳවුරට බෝම්බ දැමීමෙන් ගුවන් භටයන් තිදෙනකු මරුමුවට පත් වූහ. ඉන්පසු 2007 අප්‍රේල් 23 දා පලාලි වෙත බෝම්බ දැමීමෙන් ගුවන් භටයන් තිදෙනකු මරුමුවට පත් විය. ඉන්පසු 2007 අප්‍රේල් 23 දා පලාලි අසළ හමුදා බංකරයකට හෙළු බෝම්බවලින් සෙබළුන් 6 ක්‌ ජීවිතක්‍ෂයට පත් වූහ. 2007 ඔක්‌තෝබර් 22 දා කොටි ගුවන් යානාවක්‌ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරටද බෝම්බ දැමීය.



2008 වසරේ අගෝස්‌තු 26 දා කොටි ගුවන් යානාවක්‌ ත්‍රිකුණාමලයේ නාවික කඳවුරටද බෝම්බ දැමීම නිසා නැවියන් සිවුදෙනෙක්‌ මියගියහ.


එම වසරේම සැප්තැම්බර් 9 දා වවුනියාව හමුදා කඳවුරටද බෝම්බ දමනු ලැබීය. එම බෝම්බ ඉලක්‌ක වූයේ ඉන්දියාව විසින් වවුනියාව කඳවුරේ ස්‌ථාපිත කර තිබූ ඉන්ද්‍රd රේඩාර් පද්ධතිය වැනසීමය.

මේ ඉන්ද්‍රd රේඩාර් පද්ධතිය එම අවස්‌ථාවේ අක්‍රියවී තිබූ බව වාර්තා විය. පසුව රජය චීනයෙන් ත්‍රිමාන රේඩාර් පද්ධතියක්‌ ගෙනැවිත් මීරිගම ප්‍රදේශයේ ස්‌ථාපිත කරනු ලැබීය.

අනතුරුව කොටි සංවිධානය 2008 ඔක්‌තෝබර් 28 දා මන්නාරම තල්ලඩි හමුදා කඳවුරට බෝම්බ දැමූ නමුත් ඉලක්‌කය වැරදුනි. එම දිනයේම කොළඹ කැලණිතිස්‌ස විදුලි බලාගාරය වෙතද බෝම්බ දැමීමෙන් බරපතළ හානියක්‌ සිදු විය.

මෙම ත්‍රස්‌ත මෙහෙයුම්වලින් පසුව 2009 පෙබරවාරි 20 දා කොටි ගුවන් ඒකකය ජපන් කමිකාසේ හෙවත් මරාගෙන මැරෙන ක්‍රමයේ ප්‍රහාරයක්‌ කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයට එල්ල කළත් ඉලක්‌කය වැරදී කොටි ස්‌ලින් යානාව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ ගැටී විනාශ විය. එම අවස්‌ථාවේම තවත් කොටි ගුවන් යානාවක්‌ කටුනායක ගුවන් කඳවුර වෙත ප්‍රහාර එල්ල කළත් ඉන්දියාව සපයා තිබූ බෝෆොaර් ගුවන් යානා නාශක අවි ප්‍රහාරයකට ලක්‌වී එම යානාවද කඩා වැටී විනාශ විය.

මේ ප්‍රහාර සියල්ල මෙහෙයවූ වාන් පුලිගල් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් අසුවූයේ නැත. ක්‍රම ක්‍රමයෙන් කොටි පරාජය වී කුශාන්තන් පිළිබඳව අමතක විය.

එහෙත් මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩුට කුශාන්තන් අමතක වූයේ නැත. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තම ගමන් බලපත් අළුත් කිරීම සඳහා ක්‌වාලාලාම්පූර් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයට සිය ගමන් බලපත් ලබා දුන් පිරිස අතර කුශාන්තන් සුන්දරලිංගම් නමැත්තකු ද සිටින බව දුටු මේජර්ජනරාල් වරයා මැලේසියාවේ බූකින් අමාත් ත්‍රස්‌ත මර්දන ඒකකයේ සහයෙන් දියත් කළ වැටලීමකදී සැකකටයුතු තිදෙනෙක්‌ අසු විය. ඉන් එක්‌ අයෙක්‌ වූයේ කුශාන්තන්ය.

මේ වනවිට එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය කුශාන්තන්ට සරණාගත හැඳුනුම්පතක්‌ ලබාදී තිබුණි.

කුශාන්තන් අසුවූ බව මැලේසියාවේ කොටි ඩයස්‌පෝරාවට වාර්තා විය. ඔවුහු කොටි හිතවාදියකුවූ මැලේසියාවේ පිනැන් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පලනිසාමි රාමසාමිගේ මෙහෙයවීම මත අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරමින් එක්‌සත් ජාතීන්ගේ සරණාගතයකු මැලේසියාවෙන් පිටුවහල් කිරීමට උත්සාහ කරන බවත් එය නතර කරන ලෙසත් නියෝග කරන්නැයි ඉල්ලීමක්‌ කළහ.

කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායකයා ව බේරා ගැනීමට මැලේසියා කොටි ඩයස්‌පෝරාව උත්සාහ කරන බව මැලේසියා පොලිසියෙන්ම මේජර් ජනරාල්වරයාට ද වාර්තා විය.

මේ නිසා දැඩි කලබලයට පත් මේජර් ජෙනරාල් මානවඩු 2014 මැයි 29 දා කුශාන්තන්ව මෙරටට එවීමේ කටයුතු ලහි ලහියේ සූදානම් කරනු ලැබීය.

ඒ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානාවක්‌ ක්‌වාලලාම්පූර් සිට කොළඹ බලා ඒමට සූදානම් වී තිබුණි. මේ අතර ක්‌වාලාලාම්පූර් අධිකරණය රාමසාමිගේ අයදුම්පත පිළිගනිමින් කුශාන්තන්ව ශ්‍රී ලංකාවට යෑවීම වහාම අත්හිටුවන ලෙස දක්‌වමින් ආගමන විගමන බලධාරීන්ට නියෝගයක්‌ නිකුත් කරනු ලැබීය.

මේ නියෝගය වහාම දුරකථනය මගින් ක්‌වාලාලාම්පූර් ගුවන් තොටුපළේ ආගමන විගමන ප්‍රධානියා වෙත දන්වන ලෙසද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබුණි.

හෙත් ආගමන විගමන ප්‍රධානියාගේ මේසයේ තිබූ දුරකථනය කීපවතාවක්‌ම නාද වුවත් රිසිවරය අතට ගැනීමක්‌ සිදුවී නැත. එම පසුබිම මැද කුශාන්තන්ව ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ගොඩ කිරීමට කොළඹින් ගිය ත්‍රස්‌ත මර්දන නිලධාරීන්ට හැකි විය.

කොටි යුද්ධය අවසන්වී පස්‌ වසරකට පසු කුශාන්තන් අසුවීම ගැන ශ්‍රී ලංකා රජය ලත් විශාල ජයක්‌ බව කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ වූවෙක්‌ පවසා තිබුණි. කොටි සංවිධානයේ වඩාත්ම වටිනාකමක්‌ ඇති කුශාන්තන් හෙවත් දර්ශන් අසුවීම කොටි ඩයස්‌පෝරාව ලත් පරාජයක්‌ බව එම ඩයස්‌පෝරා ක්‍රියාකාරියා තවදුරටත් පවසා තිබුණි. මේ වනවිට මෙරට බුද්ධි අංශවලට වාර්තා වී තිබුණේ සිවරාසා පිරුන්තබන් හෙවත් අච්චුදන් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා බවයි. කුශාන්තන් මෙන්ම අච්චුදන් ද ගුවන් නියමුවෙකි. අච්චුදන් ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය කරන අයකු ලෙස රතු වරෙන්තුව ප්‍රකාශයට පත් වී තිබුණත් කුශාන්තන්ට එරෙහිව රතු වරෙන්තුවක්‌ නිකුත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කර නොතිබුණි.ඒ වනවිට අච්චුදන් හා බිරිය ප්‍රංශයට පැනගොස්‌ ඇති බවට වාර්තා විය.

එහෙත් කොටි ගුවන් ඒකකයේ මෙහෙයුම් සැලසුම් දියත් කළේ කුශාන්තන් බව අනාවරණය විය. මුල්ලිවයික්‌කාල් බංකරයක තිබී හමුවූ කොටි ගුවන් ඒකකයේ ඡායාරූපවලින් අච්චුදන්ගේ සහ කුශාන්තන්ගේ සියලු තොරතුරු අනාවරණය විය.

කුශාන්තන්ගේ ගුරුවරයා වූයේ ශංකර්ය. 2001 සැප්තැම්බර් 27 දා පුදුකුඩියිරිප්පු මාර්ගයේ අටවා තිබූ බිම් බෝම්බයකින් ශංකර් මරුමුවට පත් විය. මෙම බිම්බෝම්බය අටවා තිබුණේ ශ්‍රී ලංකා හමුදාවේ දිගු දුර විහිදුම් බළකාය බවට වාර්තා විය.මේ අතර කුශාන්තන් ශංකර්ගේ ඥාති දියණියක්‌ වූ රෝහිනී විවාහ කර ගත්තේය. එම විවාහ මංගල්‍යය පැවැත්වූයේ ප්‍රභාකරන් සහ ඔහුගේ බිරියගේ ප්‍රධානත්වයෙනි.

මෙලෙස කොලොන්නාව තෙල් ටැංකිය, කටුනායක ගුවන් හමුදා කඳවුර ඇතුළු ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන කීපයකට කොටි ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් දියත් කළ කුශාන්තන් හෙවත් දර්ශන් වැඩි කලක්‌ බොරැල්ලේ ත්‍රස්‌ත රැඳවුම් මධ්‍යස්‌ථානයේ සිරගත වී සිටියේ නැත.

ඔහු දිනක්‌ තම සිරමැදිරියේ සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයකු අමතා මෙලෙස පැවසීය."මම හෙට නිදහස්‌ වෙනවා. මට නඩු පැවරීමට චෝදනා නැහැ. මම නිදහස්‌ වන්නේ ඔබලාගේ නීතියෙන් යෑයි ඔහු කියා සිටියේය.

කුශාන්තන් කීවේ සැබෑවකි. ත්‍රස්‌ත මර්දන ඒකකය ඔහුට අධි චෝදනා මත නඩු පැවරුවේ නැත. චෝදනා ගොනු කළේ ද නැත. බූස්‌ස සිරකඳවුරේ ද සිටි කුශාන්තන් එකවරම නිදහස්‌ විය. කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා නිදහස්‌ වූයේ කෙසේ දැයි රජයේ බලධාරීන් පවා පැවසුවේ නැත.

ත්‍රස්‌ත සිරකරුවන් රඳවා සිටි මධ්‍යස්‌ථානයෙන් නිදහස්‌ වීමට පැය 24 කට පෙර කුශාන්තන් තමා සමඟ එහි සිටි හිටපු සහකාර පොලිස්‌ අධිකාරිවරයකුට පැවසුවේ එම පොලිස්‌ නිලධාරියාට එරෙහිව රජයේ සාක්‌කිකරුවකුවී සාක්‍ෂි දෙන්නේ කොටි බුද්ධි අංශයේ ප්‍රබලයකු වූ සේරා අම්මාන් බවයි.

කුශාන්තන් නිදහස්‌ වී යන අවස්‌ථාවේ ඔහුව අල්ලා ගැනීමට මහත් වෙහෙසක්‌ දැරූ මේජර් ජනරාල් මානවඩු ජීවතුන් අතර සිටියේ නැත. මේජර් ජනරාල්වරයා ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලකින් එල්ලවූ පරාලයක්‌ හිසේ වැදීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තා විය.

එහෙත් ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසුවේ කලකට පෙර මාතරදී පැවැති හමුදා ආචාර පෙළපාලියක්‌ නරඹමින් සිටි අවස්‌ථාවේ ප්‍රබල තරුණියක්‌ "බලා ගනින් නුඹට වන දේ" යෑයි ඔහුට තර්ජනය කර තිබූ බවයි.මේජර් ජනරාල් මානවඩු කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන්ගේ දෛවයේ දොර වසා දැමීමට ගත් උත්සාහය අසාර්ථක විය.

මේ පසුබිම මැද රටේ ස්‌ථාන කීපයකට බෝම්බ දැමීමේ මෙහෙයුම් දියත් කළ කුශාන්තන් නිදහස්‌ වීම ද මවිතයට තුඩු දෙන සිද්ධියකි.

මගේ බිරිය බ්‍රිතාන්‍යයේ සිටිනවා - මම බ්‍රිතාන්‍ය වෙත යනවා ත්‍රස්‌ත රැඳවුම් භාරයෙන් නිදහස්‌ වූ කුශාන්තන් අවසන් වරට තමා සමඟ සිරමැදිරියේ සිටි පිරිස අමතා කියා සිටියේය.

ඔහු සිර මැදිරියෙන් යනවිට සිනාසුණේය. ඒ සමච්චල් සිනාවකි. මේ කොටි ත්‍රස්‌තයා නිදහස්‌ වූ බව රටේ ජනතාවට පවා වසන් විය. එසේ නම් කොටි ගුවන් යානාවල බෝම්බ ප්‍රහාරවලට ලක්‌වී මියගිය සෙබළුන් වෙනුවෙන් යුක්‌තිය ඉටු වූයේද?

මැලේසියානු ත්‍රස්‌ත මර්දන පොලිසියේ සහයෙන් අල්ලා ගත් කුශාන්තන්ගෙන් මේජර් ජනරාල්වරයා ප්‍රශ්න කිරීමේදී පැවසුවේ තම මෙහෙයුම් මධ්‍යස්‌ථානය ඉරණමඩු සිට ක්‍රියාත්මක වූ බවත් ස්‌ලින් යානා දෙක ගුවන් ගත වූයේ ඉරණමඩු කොටි ගුවන් ධාවන පථයේ සිට බවයි. 2007 දී තමාව ප්‍රභාකරන් විසින් කොටි ගුවන් ඒකකයට පත් කළ බවද කුශාන්තන් තවදුරටත් අනාවරණය කර ඇත.

මෙලෙස ශ්‍රී ලංකා රජය කුශාන්තන් අත්අඩංගුවට ගැනීම සහ පසුව නිදහස්‌ කිරීම ගැන ද්‍රවිඩ සංධානය ද නිහඬ විය.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන කොටි අවතාර විටින් විට මතුවේ. මින් එක්‌ කොටි අවතාරයක්‌ ලෙස එස්‌. වී. කිරුබාහරන් නමැත්තා දැක්‌විය හැක. මොහු පසුගිය සතියේ දිනෙක රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මානව හිමිකම් සමුළුවේදී කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව හඬ නැඟූ ජෙගන් යුද අපරාධකරුවන් බවට ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවට සහය වූ සංජෝයි නමැති මානව හිමිකම් ක්‍රියාකාරියාට ද ඔහු දොaෂාරෝපණය කර ඇත. එහෙත් කිරුබාහරන් කවුද?

කැනඩා පොලිසියේ විමර්ශන නිලධාරී ස්‌ටිම් ඩුබ්රෝව් කිරුබාහරන්ට ද චරිත සහතිකයක්‌ දී තිබේ. ඔහු එම චරිත සහතික වාර්තාව කැනඩා නීතිපති වෙතද ඉදිරිපත් කර තිබේ.ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සෑම තැනකම සැරිසරන කිරුබාහරන් නමැති තක්‌කඩියා පිළිබඳව ඩුම්රෝව් තම වාර්තාවේ මෙලෙස දක්‌වා ඇත.

2004 ජුලි 20දා සිට 30 දක්‌වා කාලය තුළ වන්නියේ පැවැති විදේශ ක්‍රියාකාරීන් සඳහා වූ කොටි සම්මන්ත්‍රණයට කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලය විසින් කොටි ක්‍රියාකාරීන් රැසකට ඇරයුම් කර තිබුණි.

මේ කොටි ක්‍රියාකාරීන් අතර වී. කිරුබාහරන් (ප්‍රංශය) යන නමද සඳහන් වී තිබුණි. ඊට අදාළ රහසිගත ලැයිස්‌තුව කැනඩාවේ මොන්ටි්‍රයල් නුවර ලෝක ද්‍රවිඩ සංවිධාන කාර්යාලයේ තිබී කැනඩා පොලිස්‌ විමර්ශකයා සොයාගෙන තිබුණි. වී. කිරුබාහරන් යනු එස්‌. වී. කිsරුබාහරන් නමැත්තායි.

මොහු ඇතුළු අනිකුත් විදේශ කොටි ක්‍රියාකාරීන්ට දේශන පවත්වා ඇත්තේ කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලයේ ප්‍රධානි මනිවන්නන්. කොටි නායක ප්‍රභාකරන්, නීලවන් (කළු කොටි පිළිබඳව) මුහුදු කොටි නායක සුසෙයි. කොටි කාන්තා බලඇණියේ විදුෂා, කොටි හමුදා නායක බානු , කොටි දේශපාලන නායකයාව සිටි තමිල්සෙල්වන් යාපනය කොටි හමුදා නායකයාව සිටි බාල්රා-, ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ බාලකුමාරන් සහ කොටි මූල්‍ය අංශයේ නායකයාව සිටි වෙට්‌ටිවරායන් ඇතුළු කොටි හමුදා නායකයන් පිරිසකි.

කැනඩා පොලිසියේ විමර්ශක ස්‌ටිව් ඩුප්රොවල් තම වාර්තාවේ මෙලෙස දක්‌වා ඇත. කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලය වැඩමුළුව මැයෙන් සකස්‌ කළ පොත පිළිබඳව මම පූර්ණ නිරීක්‍ෂණයක්‌ කළෙමි. එම පොතේ සඳහන් කර ඇත්තේ කොටි විදේශ ක්‍රියාකාරීන් පුහුණු කිරීම සඳහා වැඩමුළුව පැවැත්වෙන ආකාරයයි.

This booklet describes a training workshop given to LTTE Foreign Activitists.

ඩුබ්රෝව්ගේ මෙම වාර්තාව තුළින් කිරුබාහරන් කොටි ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරිකයකු ලෙසට තහවුරු කර ඇත. එසේ නම් තවත් සාක්‍ෂි කුමකටද?

එහෙත් කිsරුබාහරන් කොටි ත්‍රස්‌තයා මානව හිමිකම් ගැන හඬ නඟමින් මානවහිමිකම් කවුන්සිලයේ සැරිසරයි. කැනඩා පොලිසියේ මෙම විමර්ශන වාර්තාව අපි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සහ ඔහුගේ සහායක ඇන්ඩ්රු ගිල්මෝ වෙත යොමු කරන්නෙමු.

එසේම කොටි ත්‍රස්‌තවාදීන්ට මානව හිමිකම් සමුළුවේ දොර විවෘත වී ඇති බව අපි අනාවරණය කළේ මෙවන් කොටි ත්‍රස්‌තයන් "වීරයන්" ලෙසින් මානව හිමිකම් කවුන්සිලය තුළ සැරිසරන නිසාය.

කිරුබාහරන් කොටියා නටන නාඩගම අවසන්වී නැත. ඔහුගේ සහයට ඩැනී ලෙස කටයුතු කරන්නේ 1971 වසරේ ආයුධ බලයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දැමීමට උත්සාහ කර අසාර්ථක චරිතයක්‌ වූ සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත්ය. මෙවන් පසුබිමක්‌ මැද ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැති සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව විදේශ රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ සාවද්‍ය වාර්තා 13 ක්‌ ඉදිරිපත් කර තිබූ බව අනාවරණය විය.

ටර්නර් ලා පේ- සහ භාරති සෙන්ටර් නමැති රාජ්‍ය නොවන සංවිධාන දෙක ඊට දායක වී ඇත. ඉන් සාවද්‍ය වාර්තා නවයක්‌ ම ඉදිරිපත් කර ඇත්තේ ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන භාරති සෙන්ටර් නමැති සංවිධානයයි. මේ සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මොහන්රා- මරියද්‍රdස්‌ නමැති ඊළම්වාදියායි.

මේ අතර ද්‍රවිඩ සංධානය උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා යුද්ධය ඉවරයි. තවදුරටත් හමුදාව උතුරේ රැඳී සිටින්නේ කුමකටද යන තර්කය ඉදිරිපත් කර ඇත. මෙය ප්‍රයෝගකාරී සංකල්පයකි.

උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන්, මාවයි සේනාධිරාජා ඇතුළු පිරිස ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

එම සාකච්ඡා පැවැත්වීමෙන් පසු මන්නාරම, යාපනය, මාර්ගයේ පිහිටි නයාරු හමුදා කඳවුර ඉවත් කර ගෙන තිබුණි. සිංහලයනට සතියක්‌ ගත වනවිට සියලු දේම අමතක බව පැවසුවේ ප්‍රභාකරන් ය. අද එම ප්‍රකාශය ඉදිරියට ගෙන යන්නේ ද්‍රවිඩ සංධානයයි.

එහෙත් ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කේන්ද්‍රස්‌ථානවල ඉඩම් මුදාහැරීමට ත්‍රිවිධ හමුදාපතිවරු සම්පන්දන්ලා සමග සාකච්ඡා පවත්වන්නේ කුමකටද? 

එසේම තවත් හාස්‍යජනක සිද්ධියක්‌ වාර්තා විය. ඒ මුලතිව් ප්‍රදේශයේ රජයේ ඉඩම්වලින්ද හමුදාව ඉවත් කළ යුතු බවට විරෝධතාකරුවන් විරෝධතා පවත්වද්දී හමුදාව සිංහල, දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඔවුන්ට ආහාර පාර්සල් ලබාදීමයි.

 මේ අතර කුශාන්තන් සමග මැලේසියාවේදී අත්ඩංගුවට ගත් කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්- මොහමඩ් ද නිදහස්‌ විය. ඔහු පොට්‌ටුඅම්මාන්ට තොරතුරු සැපයූ බව හෙළිවිය.ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කපිතාන් ඉන්දික සංජීව යොමු කර තිබුණේ යාපනයේ අධිකරණය වෙතයි. ඔහුගේ පාපොච්චාරණය අධිකරණය පිළිගත්තේ නැත.

No comments: