Wednesday, April 12, 2017

මෙහෙමද අවුරුද්ද සමරන්නෙ

අපිට ඇත්තටම අමු කැවිලද කියල මට හිතුනෙ අද දිවයින  පත්තරේ තියෙන සමන් ගමගේ මහත්තයාගේ ලිපිය බලල. ඔබත් බලන්න  ඇත්තටම අපිට අමු කැවිලද කියල 

සමරසේකර 






රණවිරු - සංස්‌කරණය ; සමන් ගමගේ
රටටම කිරිබත රණවිරුවන්ට සිරබත
වීරයන් සිරගත කෙරුණු සුබ නව වසරක්‌ වේවා...!

ලොවම එළිය කරන හිරු දෙවියෝ මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමට සුදානමින් සිටිති. ඒ සුබ නිමිත්ත මුල් කරගෙන දැන් මුළු රටම සිටින්නේ අවුරුදු අසිරිය විඳින්නට සැරසෙමිනි. මෙවර අලුත් අවුරුද්දට අනුව නොනගතය අප්‍රේල් 13 වැනිදාට යෙදී ඇත. අලුත් අවුරුද්ද උදා වන්නේ අප්‍රේල් 14 වැනිදාය.

ඒ අනුව අප්‍රේල් 14 වැනිදා නව වසර උදාවෙද්දී අද සාමකාමී රටක ජීවත්වන ශ්‍රී ලංකා වාසීහු එය සතුටින් සමරනු ඇත්තාහ. මන්ද කිසිවකුගේත් සිතට බිය ගෙන දෙන බෝම්බ බිය, මරබිය ආදී ලෙසින් වූ කිසිදු භීෂණයක්‌ දැන් රටේ නැති නිසාය. 

එහෙත් රටේ මිනිසුන් මරබියෙන් තොර වූ රටක එසේ අවුරුද්ද සමරද්දී ඒ නිදහස ජනතාවට දිනා දෙන්නට දිවිහිමියෙන් කැපවූ රණවිරුවන් කී දෙනකු මේ උදාවන නව වසරේදී අඳුරු කුටියක සිරවී නැකතට පිසෙන කිරිබත වෙනුවට සිරබතේ රස බලනු ඇතිද?

කෘතගුණ දන්නා මිනිසුනේ සිතන්න. එය ගණනින් විසිපහකට ආසන්නය. එයිනුත් දසදෙනකුම යහපාලනයත් සමග ආරම්භ කෙරුණු සීඅයිඩී විමර්ශන හමුවේ මේ මොහොතේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින යුද සහ නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවෝ වන්නාහ.

අද සීඅයිඩීය නඟා ඇති චෝදනා හමුවේ ඔවුනට රැකියා අහිමිව ඇත. යුද සමයේදීත් අහම්බයෙන් දිනක දුටු තමන්ගේ තාත්තා දකින්නට ඒ දරුවන්ට අදත් නොහැකිව ඇත. ඔවුන්ගේ රැකියා අහිමිවීම නිසා එකී දරුපවුල්වලට අදායමක්‌ද නැත. එහෙයින් මේ වීරයන්ගේ දරුවනට අද සිදුව ඇත්තේ උදාවන නව වසරේ රසට කාබී සතුටු වනු වෙනුවට කඳුළු බොන්නටය. 

එසේම මේ අසාධාරණය දෙස බලා ඔවුනට සාධාරණය ඉටු කරන්නට කෙනකුද කොතැනකවත් නැත. අපි රණවිරුවන් රකින්නෙමැයි කියනා පූචානම් කතා නම් ඕනෑ තරම් ඇසෙන්නේය. සත්‍ය මෙසේ වෙද්දී සාමය හතර කොනේ තිබුණද සෑබෑ මිනිසකුට නම් මේ අවුරුද්ද සතුටින් භුක්‌ති විඳිය නොහැකිය. අපේ හැඟීම නම් එය වන්නේය.

ඉකුත් කාලයේ රටත් රණවිරුවනුත් පාවා දෙමින් ලක්‌ මාතාව විජාතික කුමන්ත්‍රණකරුවන්ට වෙන්දේසි කිරීමට සැරසුණු ෙද්‍රdaහී එන්ජීඕ සහ සිවිල් සංවිධාන මුවාවෙන් පෙනී සිටින කාලකණ්‌ණින්ට මෙන්ම ප්‍රභාකරන් එදා කී අන්දමේ සතියෙන් සියල්ල අමතක වන අපතයන්ට නම් මේ උදා වන නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක්‌ වනු ඇත.

එහෙත් රටට ආදරය කරන මිනිසුන්ට නම් එය එසේ විය නොහැකිය. රටට සාමයත් ජාතියට රටත් දිනා දෙන්නට දිවි හිමියෙන් කැප වුණු රණවිරුවන් පලිගැනීමක සහ කොන්ත්‍රාත්තුවක ස්‌වරූපයෙන් සිදු කෙරෙන පොලිස්‌ විමර්ශන හමුවේ සිරගතව සිටියදී අපට නව වසරේ සතුට භුක්‌ත් විඳිය හැකිවේද?

අද මෙසේ ඇපත් නැතිව සිරගත කර සිටින බුද්ධි අංශ රණවිරුවන් වන්නේ කවුරුන්ද? නාවික හමුදාවේ ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානියාව සිටි කොමාණ්‌ඩර් සුමිත් රණසිංහ සහ බස්‌නාහිර බුද්ධි ප්‍රධානියකු ලෙස කටයුතු කළ අනිල් මාපා ඇතුළු තිදෙනකුත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් බුලත්වත්ත ඇතුළු හත්දෙනකුත් එසේ සිරගතව සිටින්නාහ.

ඔවුන් බන්ධනාගාරගතව සිටිනුයේ කුමකටද? සුමිත් රණසිංහට චොද්නා එල්ල වීමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ නාවික හමුදාවේ එවකට ලුතිනන් කමාණ්‌ඩර්වරයකුව සිටි සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් ඇතුළු පිරිසක්‌ එක්‌ව වැල්ලවත්තේදී තරුණයන් පස්‌දෙනකු පැහැරගෙන ගොස්‌ ත්‍රිකුණාමලය නාවික කඳවුරේ තබාගෙන සිට අතුරදන් කිරීමේ සිද්ධියේදී සුමිත් රණසිංහ ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානියාව සිටීමය.

මේ පැහැරගැනීම සිදු කළේ සම්පත් මුණසිංහ ඇතුළු පිරිසක්‌ බව සීඅයිඩීය පැහැදිලිවම අධිකරණයට කරුණු වාර්තා කර ඇත. එහෙත් අද සම්පත් මුණසිංහ එළියේ සිටියදී මිනී මැරුම් චෝදනා එල්ල වී ඇත්තේ සුමිත් රණසිංහ ඇතුළු දෙදෙනකුටය. 

අනිල් මාපාට එල්ල වී ඇත්තේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ ඝාතනය කළේය යෑයි යන චෝදනාවය. එයට සම්බන්ධ බව කියමින් කැබලි කර තිබූ වෑන් රථයක්‌ද පොලිසිය සොයා ගත් අතර එකී වෑන් රථය අනිල් මාපා විසින් කැබලි කරනු ලැබුවේ එහි සඟවා තිබූ එල්ටීටීඊයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්‌ සෙවීමේ විමර්ශනයකට අනුවය. 

එහෙත් අනිල් මාපාටත් සිදුව ඇත්තේ පොලිසිය කියන කතාව හමුවේ බන්ධනාගාරගතව සිටින්නටය. යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නේ මාධ්‍යවේදී කීත් නොයාරර පැහැරගෙන ගොස්‌ පහරදුන් බවට චෝදනා කරමිනි. චෝදනව එය වුවද නඩුවාර හතරකදීම බුලත්වත්ත ඇතුළු පිරිස හඳුනාගන්නට කීත් නොයාර් පැමිණයේ නැත.

මේ අනුව ගල්කිස්‌ස අතිරේක මහෙස්‌ත්‍රාත්වරිය බුලත්වත්ත ඇතුළු හයදෙනකුට ඇප ලබා දුන් අතර එසේ නීතියේ සාධාරණය ඔවුන්ට ඉටු කිරීම හමුවේ පසුගිය දිනවල එක්‌තරා වෙබ් අඩවියක්‌ මගින් මහෙස්‌ත්‍රාත්වරියට එරෙහිව දැඩි ලෙස අපහාසාත්මක ප්‍රචාරයක්‌ද ගෙනෙ ගොස්‌ තිබිණ. මහෙස්‌ත්‍රාත්වරියගේ ඇප නියෝගය කොළඹ මහාධිකරණය මගින් අහෝසි කළ බවක්‌ද එහි සඳහන් විය. 

ඒ රහස්‌ පොලිසිය නීතිපති හරහා මහාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය. ඒ අනුව ඔවුන්ව ලබන මැයි මස හය වැනිදා මහාධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත. 

කෙසේ වෙතත් ඔවුන්ට මෙසේ කීත් නොයාර් සිද්ධියට ඇප හිමිවෙද්දී බුලත්වත්ත ඇතුළු පිරිස මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියටද සම්බන්ධයෑයි කියමින් සීඅයිඩීය චෝදනා කළ අතර ඒ අනුව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ව යළි බන්ධනාගාරගත කෙරිණ.

එකී නඩුව පසුගිය හත්වැනිදා ගම්පහ අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව තිබියදී එයිනුත් බුලත්වත්ත ඇතුළු පිරිසට ඇප නියම වන තත්ත්වයකත් නිර්මාණය වී තිබුණු අතර ඒසැණින් පොලිසිය කළේ මේ බුද්ධි අංශ රණවිරුවන් පිරිස මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහරදීමේ සිද්ධියටද සම්බන්ධ කරමින් ඔවුන්ට එරෙහිව කොළඹ අලුත්කඩේ මහේස්‌ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමය. 

උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඉකුත් හත්වැනිදා ගම්පහ අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබියදී ඉකුත් හය වැනිදා ඔවුන්ව මෙසේ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී තවත් සති දෙකක පමණ කාලයක්‌ බන්ධනාගාරගත වන්නට ඔවුන්ට සිදුවිය. 

මාධ්‍යවේදී නාමල් පෙර්රාට පහරදුන්නේ යෑයි කියමින් ඉදිරිපත් කෙරුණු චෝදනාවට අනුව මේජර් බුලත්වත් ඇතුළු පිරිස එසේ බන්ධනාගාරගත වෙද්දී හත්වැනිදා ගම්පහ අධිකරණය හමුවේ කැඳවුණු උපාලි තෙන්නකෝන්ට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ අධිකරණය මේ විරුවන්ට ඇප ලබා දුන්නේය. 

මෙසේ එකක්‌ අවසන් වන විට තවත් එකක්‌ ලෙසින් මේ අන්දමට බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව සීඅයිඩීය චෝදනා මතු කරද්දී එසේ සිදු වන්නේ කිසියම් කුමන්ත්‍රණයකට හෝ වෙනත් කිසිවකුගේ වුවමනාවකට යෑයි අප කල්පනා කිරීම වරදක්‌ද? බොහෝවිට හෙට ඉදිරියේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සිද්ධියටද මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස සම්බන්ධයෑයිද සීඅයිඩීය කියනු ඇත. ඒ අනුව තවත් බොහෝ කාලයක්‌ සිරබතේ රස බලන්නට ඔවුන්ට සිදුවනවාද ඇත. එහෙත් එසේ කටයුතු සිදුවීම කොතරම් දුරට සාධාරණද සහ යුක්‌ති යුක්‌තද?

බුලත්වත්ත ඇතුළු පිරිස සමඟ සිටින මාණ්‌ලික සැරයන් ජයසූරියගේ කතාව මෙහිදී අසන්නට ලැබෙන අපූරුම කතාව බවද මෙහිදී සඳහන් කළ යුතුය. යුද්ධයෙන් පසු ජයසූරිය රට ගියේය. ඒ තෙවරක්‌ම සීඅයිSය වෙත ගොස්‌ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුවය. 

ඔහු එසේ විදේශගත වීමත් සමඟ රහස්‌ පොලිසිය ඔහු පිළිබඳ සැක කළේය. ඒ කවුරුන් විසින් හෝ ඔහුව විදේශගත කළා යෑයි යනුවෙන් විය හැකිය. එහෙත් එහු රට ගියේ පෞද්ලික ආරක්‍ෂක සමාගමක රැකියාවකටය. කෙසේ වෙතත් රට ගොස්‌ කනිවාqවකට ලංකාවට පැමිණ සිටි ජයසූරිය අවසානයේ කීත් නොයාර්ට පහරදීමේ සැකකරුවකු ලෙස අත්අංගුවට ගැනිණි. දැන් ඔහුද බන්ධනාගාරගතව ඇත.

නව අවුරුදු උදාවේ රට වෙනුවෙන් සතුරා අතරට යමින් රහසිගත මෙහෙයුම් සිදු කළා වූ බුද්ධි අංශ රණවිරුවන්ට අත්වී තිබෙන ඉරණම එසේ වෙද්දී අද අඳුරු සිරකුටියක සිරවී උදාවන අවුරුද්දේ සිරබතේ රස බැලීමට නියමිතව සිටින අනිකුත් රණවිරුවන් වන්නේ කවුරුන්ද? 

මිරුසුවිල් ඝාතනය හමුවේ මරණ ¸වම නියමවි සිටින කෝප්‍රල් සුනිල් රත්නායක ඉන් එක්‌ අයෙකි. එදා බෝම්බ තබා මිනිසුන් පොකුරු පිටින් ඝාතනය කළ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් අද සිරගෙදරින් පිටව යද්දී සුනිල් රත්නායකලා තවමත් සිරගතව සිටින්නාහ.

කලකට ඉහත සිදුවූ චෙම්මනි ඝාතනය හමුවේ මරණීය දණ්‌ඩනය හිමිවී මේ වන විට දහනව වසරක්‌ තිස්‌සේ සිරගතව සිටින කෝප්‍රල් රාජපක්‍ෂ ඇතුළු රණවිරුවන් හය දෙනාටද අත්ව ඇත්තේ ඒ ඉරණමම ය.

ඔවුන්ට හිමි වූයේ මරණ දඬුවමය. එහෙත් මෙරට තුළ එකී දඬුවම මළ දඬුවමක්‌ව තිබෙන නිසා එය ක්‍රියාත්මක නැත. එහෙයින් ඔවුහු දහනව වසරක්‌ තිස්‌සේ සිරගතව සිටින්නාහ. පසුගිය කාලයේ මරණීය දණ්‌ඩයට යටත්ව බන්ධනාගාරගත කර සිටි ඇතැම් සිරකරුවන්ට විවිධ කමිටු ඔස්‌සේ සහනයක්‌ ලැබුණද මේ දක්‌වා කෝප්‍රල් රාජපක්‍ෂධ ඇතුළු පිරිස දෙස බලන්නට කිසිවකු කටයුතු කර නැත.

ඔවුන්ගේ කතාව එසේ වෙද්දී ඉකුත් කාලයේ තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි නාරාහේන්පිට පොලිසියේ හිටපු අපරාධ අංශ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුමිත් පෙරේරාගේ කතාවද මේ වන විට ඉතාම ශෝචනීය එකක්‌ බවට පත්ව තිබෙන්නේ නින්දිත අන්දමටය. 

කිසිවකු හෝ වරදක්‌ කර ඇත්නම් ඔහුට දඬුවම් දීම අනිවාර්යයෙන් සිදු විය යුතුය. එහෙත් පොලිසියට හිතෙන හිතෙන ලෙස මෙසේ රණවිරුවන්ට චෝදනා ගොනු කෙරෙද්දී ඔවුන් වරදකරුවන් වීමටත් පෙර දඬුවම් විඳින තත්ත්වයක්‌ නිර්මාණය වී තිබෙන්නේ නම් එතන ඇති සාධාරණය කුමක්‌ද?

සුමිත් පෙරේරාට ඇප හිමි වූයේ ඉකුත් පෙබෙරවාරි 16 වැනිදාය. එහෙත් මේ දක්‌වා ඔහුට යළි රැකියාව හිමිවී නැත. සාමාන්‍යයෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සිදුවන අන්දමට වැටුපෙන් අඩක්‌ ලබා ගැනීමේ අයිතියද පොලිස්‌ පරික්‍ෂක සුමිත් පෙරේරාට අහිමිව ඇත. 

මේ නිසා උදාවන අවුරුද්දේ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන්ට අඳින්නට අලුත් ඇඳුම්ද නැත. කුසට හරිහමන් අහරක්‌ද නැතිවනු ඇත. ඔහු පමණක්‌ නොව අද සිරගතව සිටිනා යුද සහ නාවික හමුදා ඇතුළු සමස්‌ත රණවිරුවන්ගේ කතාව ගත් කල ඒ විරුවන්ගේ දරුවෝ දුක්‌විඳින්නාහ.

යහපාලකයනි, රට බේරාගත් රණවිරුවන්ට මේ අන්දමින් එකක්‌ පසුපස එකක්‌ ලෙසින් පොලිසිය චෝදනා මතුකරද්දී තව කොතෙක්‌ කලක්‌ ඔවුන් සිරගතව සිටිය යුතුද? මේ විරුවන්ට සහ ඔවුන්ගේ දරුපවුල්වලට මෙසේ දුක්‌ දෙන්නේ කුමක්‌ නිසාද? නූතන පොලිස්‌ රාජ්‍යය තුළ මේ ඉටුකෙරෙමින් තිබෙන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්‌ද?

තවදුරටත් සියල්ල මෙසේම සිදු වන්නේ නම් උදාවන නවසරේදී අපට යහපාලනය දෙස බලා කියන්නට ඉතිරිව ඇත්තේ "රණවිරුවන් සිරගත කෙරුණු සුබම සුබ නව වසරක්‌ වේවා"යි කියාය.

සමන් ගමගේ 

No comments: