Wednesday, April 5, 2017

දුසිල්වත් යයි අපහාස ලබන භික්ෂූන් වහන්සේ නමක් උවත් සාමාන්‍ය ගිහියෙකුට වඩා ගුනවත්ය






භික්ෂූන් වහන්සේලාගේ චර්යාවන් ගැන මේ දිනවල බොහෝ කතා බස්  ඇසේ . ඒවායෙන්  වැඩිහරියක්ම උන් වහන්සේලාගේ හොද නොව නරක ගැන ලියන ඒවාය. එනම් උන්වහන්සේලාට  උදව් කිරීමට නොව දැනට තිබෙන උදව්වත්, උපකාරයත් නැති කරන ඒවාය. මේවා කරන්නේ අහම්බෙන් හෝ ආවට ගියාට නොව සැලසුම් සහගතව  බව මට වැටහෙන්නේ  ඒ දෙස ටිකක් විමසිල්ලෙන් බලන විටය .

භික්ෂුන් වහන්සේලාගේ චර්යා යනු  විවේචනය නොකළ යුතු ශුද්ධ වස්තුන් යයි මෙයින් මා අදහස් කරන්නේ නැත. අද වනවිට අපේ රටට ශාශන ශෝධනයක අවශ්‍යතාවයක් ඇති බව අවිවාදිත කරුණකි.  එහෙත් මෙම විවේචකයෝ  ශාසන ශෝධනයක අවශ්‍යතාවයක් හෝ එය කලයුතු ආකාරය ගැන හෝ  කිසිදු  කතාවක් නොකරති. උනන්දුවක් නොදක්වති. එබැවින් මට සිතෙන්නේ බුදු සසුනේ හරය විනාශ කිරීම මොවුන්ගේ අරමුණ බවය. මෑතකදී එයට අලුතෙන්ම එකතු වුනේ වෛද්‍ය  රුවන් ජයතුංග මහතාය. එතුමාගේ වෛද්‍ය වෘතියේ අද්දැකීම් ගැන විවාදයක් නැත. එහෙත් සංඝ සමාජය ගැන එතුමාට ඇත්තේ මද දැනුමකි. මා ඔහු මෙන් තමන්ට අවාසි මත කපා දමන්නේ නැති නිසා අනෙනෙකු ඉදිරියේ කියවීමට හැකි අන්දමට ලියන්නේ නම්  ඒ   මහතාටද සිය මතය මෙහි පල කල හැක.

මගේ තර්කය කුමනාකාරයෙන් හෝ දුසිල්වත් යයි සමාජය ඉදිරියේ ප්‍රසිද්ධ  වුවත්, එහෙත් තම භික්ෂුත්වය තවමත්රැක ගැන සිටින එනම් පාරාජිකා 4න් එකකට හෝ නොවැටුන භික්ෂුන් වහන්සේ නමක්  සාමාන්‍ය ගිහියෙකුට  උසස් බවය.  මෙම කරුණ  හැදෑරීමට මා සොයා ගියේ අප කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා රෙනුකානේ නායක හාමුදුරුවන්ගේ පොත්ය. උන්වහන්සේ 1957 වසරේදී  ප්‍රසිද්ධ කල ශාසනාවතරණය පොතේ මේ කරණය මැනවින් සාකච්චා කර ඇත. එතැනදී උන්වහන්න්සේ තම මතය ඉදිරිපත් කිරීමට පාදක  කර ගත්තේ මිලින්ද ප්‍රශ්නය නම් පොතය.

අද අපිට කියවීමට තිබෙන මිලින්ද ප්‍රශ්නය කුරුනෑගල සමයේදී ලියවුනු එකකි. (ඊට පෙරද මිලින්ද ප්‍රශ්නය ගැන ලියවුනු සිංහල පොත් ඇතත් ඒවා සොයා ගැනීමට නොහැකිවූ බව මේ පොතේ දක්වා ඇත) මිලින්ද ප්‍රශනය යනු බටහිර උගතෙකුවූ මිලිදු රජු (daris ) හා නාගසේන  හිමියන් සමග බුද්ධාගම   ගැන ඇතිවූ ප්‍රශ්න හා  ඒවාට ලැබුණු උත්තර ඇති පිටු 660 කින් යුත් ලොකු පොතකි. 

එහි 354 - 356 පිටුවල ශ්‍රමණ දුශ්චරිත ප්‍රශ්නය නමින් දුශ්ෂිල යයි සම්මත භික්ෂුන් වහන්සේලා ගැන සාකච්චා කර  කරුණු 10 ක් නිසා   එම භික්ෂුන් වහන්සේලා ගිහියන්ට වඩා උසස් යයි දක්වා ඇත,

දුශ්ෂිල යයි සම්මත භික්ෂුන් වහන්සේලා

1.      බුදුන් වහන්සේ කෙරෙහි ගෞරව  දක්වති .
2.      ධර්මය   කෙරෙහි ගෞරව  දක්වති .
3.      සංඝයා   කෙරෙහි ගෞරව  දක්වති .
4.      තමන් සමග සිටින සග ගුරුවරුන්ටගෞරව                  දක්වති .   
5.      පෙළ හා අටුවා ඉගෙන ගැනීමට උනන්දු වෙති.
6.      බොහෝ කොට බන අසන්නෙක් වේ 
7.      බිඳුණ සිල් තිබුනත් පිරිස් මැදට ගියවිට භික්ෂු                ආකල්පයෙන්ම සිටියි .
8.      ගර්හාවට බියවී කය සහ වව්නය රකි.
9.      භික්ෂු සංඝයා අතරම සිටියි 
10.    පවක් කරන විට එය රහසින් කරයි.

මෙම කරුණු සාමාන්‍ය ගිහියන් තුල නැත. එබැවින් සතර පාරාජික වන්  ගෙන් එකකට හෝ නොපැමිණි භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීම හෝ  චීවර ධාරියා යයි ඇමතීම නුසුදුසුය. වෛද්‍ය  රුවන් ජයතුංග මහතා විසින් කල යුත්තේ තමන් අතට පත් ගලබොඩ ඇත්තේ ඥානසාර හාමුදුරුවන් නිවන් මග නමින් ලියා ඇති පොතේ වැරදි කරුණු ඇත්නම් එය ලිවිම මිස ඥානසාරගේ නිවන නමින් අන් අය‍ට හැපීමට කටගැස්මක් ඉදිරිපත් කිරීම නම් නොවේ.    
(මිලින්ද ප්‍රශ්නයේ සහ ශාසනාවතරන පොතේ අදාළ පිටු පසුව මෙම ලිපියට එකතු කරමි. )

සමරසේකර    

No comments: